පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි...

අපි පැට්ටො කාලේ ලෝකෙට අපිට විවරවෙන්න තිබුනේ දොරවල් දෙකයි... එකක් රේඩියෝව... අනික පත්තරේ... රේඩියෝවෙ හොඳම ගුණය තමා ඒක අහ අහා තවත් වැඩක් කරන්න පුලුවන්... සමහර වෙලාවට පාඩම් කරන්න උනත්... ඒ කාලේ ගීත, නාටක රචකයොත් අවිඥාණකව හෝ මේ දේ තේරුම් අරගෙන තිවුනා...ජීවිතයට පසුබිම් සංගීතයක් වුනා මිසක් ඔවුන් කවදාවත් ගෙඩියක් කඩාගන්න අත්තක් නවනවා වාගේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න ඔවුන්ගේ උත්සාහයක් තිවුනේ නෑ... මේ පරණ ගීත සැහෙන කාලයක් අපේ මිනිස්සුන්ගේ හිතේ අනායාසයෙන්ම තැන්පත් වෙලා ඇත්තේ ඒක වෙන්න ඇති... උදේ ඉස්කෝලේ යනකොට, ගෙදරත් මගතොටේදිත් ඇහුණු සින්දු තමා මේ බොහොමයක්... මේ සින්දුවේ අලුත් මොකවත්ම නෑ...වඩු කුරුල්ලෙක් වාගේ වට පිටාවෙ අසිරිය ලස්සනට වියල ගීතයක් ගොතලා... කියන්නේ අමිතා වැදිසිංහ... ඉස්සර අමිතා දළුගම... ඇයගේ සින්දු බොහොමයකට සංගීත නිමැවුම වික්ටර් දළුගම... ඒකාලේ සැමියා ගෙන්... මම හරිම ආස තනු ඒවා... "රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල් සරා....නිල් නුවන් යුග මා කෙරේ දෙන්න සතුටින් පුරා..." ඒ වගේ තවත් එකක්... ලංකාවෙන් බැහැර රට රාජ්ජ වල ඉන්න අය ඇස් දෙක පියාගෙන විනාඩි තුනක් විතර ලංකාවෙ අසිරිය විඳලා එන්න....

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි...
පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි

ලන්ද කොනේ වෙල අයිනේ කැන්ද ගහේ ගහ මුදුනේ
සිංදු කියන කුරුලු රෑන ගම නලවනවා... ගම නලවනවා...

බිංඳු බිංඳු රන් පිණි මුතු පුංචි පුංචි කරල් සැදී...
ගොයම් ගසේ අග ඇමිණී සුල‍ඟේ නටනවා... සුල‍ඟේ නටනවා...

සිංදු සිංදු හතර අතේ වෙල් එලියෙම එක ගීයයි...
‍රැන්ඳුනු සිනහා මැද්දෙන් ගම නැලවෙනවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...

7 comments :

  1. ආ ... මම ආසම සින්දුවක්. පුදුමෙ කියන්නෙ මම මේ සින්දුව නම් අහල තියනව. දැනටත් ඉදල හිටලා රේඩියෝවෙන් ඇහෙනව.....

    ReplyDelete
  2. හ්ම්ම්... සොඳුරු සිත කියල නම් තබල තියෙන්නේ නිකන්යෑ...

    ReplyDelete
  3. ම්ම් හරිම ලස්සන සින්දුවක්.. ඉස්සර මං පුංචිම කාලෙ උදේට ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට රේඩියෝවෙන් ඇහෙන මේවගේ සින්දු තමයි.

    ReplyDelete
  4. මේක ටිකක් අපබ්‍රංස ඊමේල් ලිපිනයක්. ඉස්සෙල්ලා මේකට ලිපියක් එවන්න. මටත් සතුටක් ඔබවගේ කෙනක් දැණගැනීම.

    lazy.frozenowl@gmail.com

    ReplyDelete
  5. කියලා වැඩක් නැහැ. ඒ සරල මෙන්ම වින්දනීය අතීතය ආයෙ කවදාවත්ම ලෝකෙ කොහේදිවත්ම කාටවත්ම විඳින්න ලැබෙන්නෙ නහැ. මචං මේ වගෙම තව ලස්සන සින්දුවක් තියෙනවා චන්ද්‍රිකා සිරිවර්ධන කියපු, "මිදුලේ මල් සූරිය ගහ මුදුනේ" කියලා. පුලුවන්නම් අප්ලෝඩ් කරපං මචෝ.

    ReplyDelete
  6. @ සිතු... ඔව් සිතූ අපේ රට එතනින් වෙනස් උනා බොහොම... එක පරම්පරාවක් දෙකක් අතුලත ඇතුලත... අපේ දරුවන්ගේ අවාසනාව...

    @Pali... පාලිත මම readers Requests කියල වෙනම page එකක්, මේකට එකතු කරන්න හිතාගෙන ඉන්නවා... ගොඩක් දෙනා ලස්සන සිංදු මට මතක් කරල එවනවා... මගේ රටාව නොබිඳ, බ්ලොග් එක කියවන්නන්ගෙ ඉල්ලීම් ඉ‍ටු කරන්න ලැබෙනවා එතකොට... මට කියපං මචෝ එහෙම හොඳා නේද..?

    ReplyDelete
  7. ඒක හොඳයි. ඇත්තටම මම ඕක උඹට යෝජනා කරන්න තමයි හිටියෙ. එතකොට උඹේ රිද්මය වෙනස් නොකර අනෙක් අයගෙ ඉල්ලීම් ඉෂ්ඨ කරන්නත් පුලුවන්නෙ.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets