Showing posts with label කේ ඩී කේ ධර්මවර්ධන. Show all posts
Showing posts with label කේ ඩී කේ ධර්මවර්ධන. Show all posts

බිඟු වැල රොන් සොයලා...

එක්දහස් නමසිය හතලිහේ ජූනි හතරවෙනි දින කොස්ගම ජුවානිස් රත්නායක හා හිල්ඩා රත්නායක දෙපලට කුළුඳුලේ ලැබුණු දරුවාට 'වින්සන්ට්' යැයි නම් තැබිණි. සෞන්දර්‍යටම නැඹුරුවක් දැක්වූ එ පුත් කුමරා පාසල් ඉගෙනුම අවසන ලක්නව් භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලයෙන්, විශාරද සනත් නන්දසිරි වැන්නවුන් හා සමකාලීනවම  විශාරද උපාධිය ලැබීය.

අමරදේවයන් හා සමලෙසට හෝ ඊටත් වඩා දක්ෂභාවයෙන් යුතුව වයලීන් වාදනයේ යෙදුණු හෙතෙම ජීවිකාව ලෙස ගුරු වෘත්තියම ‍තෝරාගති. නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය, පාදුක්ක සිරි පියරතන ආදී විදුහල් බොහොමයක දරු දැරියනට සංගීත සෞන්දර්‍ය දායාදයන් ලබා දුන් හෙතෙම, වඩාත් පුළුල් ලෙස තම ශාස්ත්‍ර ඥාණය බෙදාදෙනු වස් කැළණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්‍ය අධ්‍යපන ආයතනයට බැ‍ඳෙන්නේය.

කවුන්ට් ඔෆ්  ද මොන්ටි ක්‍රිස්‍තෝහි එඩ්මන්ඩ් දාන්තේට සිරගෙයහිදී හමුවන පූජක තැන "ජීවිතයේදී පරිස්සම් වියයුතු එක් දෙයක් නම් භයානක ජ්වර රෝගයි" ලෙස අනතුරු හඟවයි.
වයලීනයේ තත් මිහිරි හඬ මවමින් පිරිමැදි වින්සන්ට් රත්නායකයන්ගේ ඇඟිලි හිරිවැටීමක් ලෙස මුලින් පටන් ගන්නා රෝගය ඔහුගේ සිරුර වෙලාගන්නේ කිසිවෙකුටත් එයට මැදිහත් වීමට ඉඩ නොතබිමිනි.


හොරණ ශ්‍රී පාළියට මාරුවක් ලැබීම ඔහුට වධයක් වන්නේ ප්‍රතිකර්ම කිරීම සඳහා නිතරම කොළඹ ඒමට වූ නිසාය. බාහිරින් කිසිම කිසිම රෝගී තත්වයක් නොපෙන්වුවද ඇතුලතින් උග්‍ර රෝගී තත්වය මත හෙතෙම වෛද්‍ය උපදෙස් මත ‍ස්වකීය රැකියාවට සමුදෙන්නේය. ඒ වනවිට දරුවන් දෙදෙනෙකුගේ පියකු වෙන එතුමාගේ සියළු කටයුතු කෙරෙන්නේ චන්ද්‍රානී රත්නායක මහත්මිය අතිනි. දරුවන් දෙදෙනාගේ සියලු කටයුතු කර ඔවුන් පාසැල් පිටත් කරහරිනා ඇය ඉනික්බිති තම දයාබර ස්වාමි පුරුෂයාව සෝදා කවා නිවසෙහි රඳවා තබා තම වෘත්තිය පිණිස නික්ම යන්නීය.

දහසක් සිසුන්ගේ රසභාවයන් කුළුගැන්වූ ගුරුපියෙකුට, එලෙස නිවසක දෑත් දෙපය නිසොල්මන්ව, සිය ප්‍රියයන් නැවත නිවසට එනතෙක්  තනිවීමට සිදුවීම දෛවයේ කුමණ සරදමක්ද? එහෙත් එබඳු මිනිසුන්ට දෛවය විසින්ම දේව දූතයින්, දූතිකාවන් සපයා දෙන්නේය. චන්ද්‍රානී රත්නායක මහත්මිය අවුරුදු දහහතක්ම වින්සන්ට් රත්නායකයන් සුරැකිව බලාකියාගනිමින් දූ දරුවනටද ඉහල අධ්‍යාපනයක් ලබා දෙමින් කල සටන, අප කිසිවෙකුටත් අනුමානවත් කල නොහැකි එකකි. දියණිය වෛද්‍යවරියක් ලෙසත් පුතණුවන් ඉංග්‍රීසි ආචාර්‍යවරයෙකු ලෙසටත් සමාජයට දායද කල ඇගේ  භූමිකාව, අප රට මවුවරුන් අනාදිමත් කාලයක සිට නිහඬවම කරණා සේවයට කදිම සංකේතයකි. රත්නායක මහතාගේ සොයුරු සොයුරියන් චන්ද්‍රානී මැතිණියව තනි නොකරමින් ඇයට ශක්තියක් වී සිටීම ඇගේ ධෛර්‍යය වඩාත් වඩවන්නක් විය.

කොතෙකුත් නිර්මාණ කලද ඒවායේ පිටපතක් හෝ තමන් සන්තකයෙහි තබා නොගත් වින්සන්ට් රත්නායකයනට තම ගීත අවසානයේ අසන්නට වන්නේ ගුවන් විදුලියෙන් ඒවා ප්‍රචාරය කරවා ගනිමිනි. අභාවප්‍රාප්ත කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් අතින් ලියැවුණු , තමාම තනු නිමවා ගැයූ "බිඟු වැල රොන් සොයලා..." ගීතයට ඔහු ඉමහත් ලෙස ප්‍රිය කර ඇත. කුඩා කල මගේ සවන්ද පිනැවූ  ඒ ගීය, මා සිතෙහි  අනායාසයෙන්ම සටහන් වී ඇත්තේද ඒ නිර්මාණයේ අපූර්වත්වය නිසාම වන්නට ඇත. එක්දාස් නමසිය අනූහතේ දෙසැම්බර් දාහත් වනි දින අභාවප්‍රාප්ත වූ එතුමාගේ  නිර්මාණ අද ශ්‍රාවකයනට ඇසෙන්නට ප්‍රචාරයවන්නේ ඉතාම කලාතුරකිනි.

කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්ගේ දයාබර බිරිඳට ස්තූති වන්නට, අවිස්සාවේල්ලට නුදුරු කොස්ගම නිසංසල පරිසරයක පිහිටි රත්නායක නිවසේදී චන්ද්‍රානි මහත්මිය හමුවී මේ කරුණු දැන කියාගන්නට හැකිවිය. ඈ ඉතාමත්ම කරුණාවන්ත ගුරු මාතාවකි.

"වින්සන්ට් සර්ගෙ කටහඬ හැබෑවටම අහන්නට තිබ්බනම් කොච්චර හොඳද?" ඇයට සමුදීමට සුදානමින් මගේ මුවින් පිටවුණි.
"පුතාට ඒ කටහඬ තියනව, ඒත් එයා කියනව අඩුයි.." ඇගේ පිළිතුර විය.
අපිස් සතොස් ජීවිතගත කල රත්නායක යුවල යහපත් දරුවන් සමාජයට බිහිකර ඇති බවට ප්‍රත්‍යක්‍ෂය!


බිඟු වැල රොන් සොයලා
මල් ගොමු තුල සරලා
නැංවු ගී සරේ....
මගෙ සවන් තැලූ පෙලූ බඹර ගී සරේ.....

තුංමංසල අයිනේ
කිසිවෙකු නැති යාමේ
ඇගේ අඳුරු ලොවේ මාද අතරමං කලේ....
බිඳුනු ආදරේ.....

මිලිනව මද්දහනේ
රෑ පිබිදෙන දැහැනේ
මගේ සතුට ඇගේ කඳුල සමග මුසු කලේ...
බිඳුනු ආදරේ......


තුංමංසල ‍රැඳී සිටි ඇයගේ අඳුරු ලොවේ ඔබේ සතුට සොයා ගියද, ඇයද, බිඳුණු ආදරයක ලසොවින් තැවෙන්නියකි - ගීයෙහි අපූර්වත්වය විඳගන්න ඔබටත් ඇරයුම්!


bingu wala ron soyala
Read More!

මිහිරි සිහිනයක දැවටුන, මිහිරි ගීතයක් වාගේ...

මේක හරිම සරල ගීයක්... කියන්නේ විජේරත්න වරකාගොඩ...දැන් දැන් අහන්න ලැබෙන්නෙම නෑ... නමුත් හරිම සුන්දරයි... මේක ඇහෙන හැම වෙලාවකටම අපේ බැචියක් මතක් වෙනවා මට... ඇයකෙරෙහි මගේ හිතේ කොහෙත්ම ප්‍රෙමණීය හැගීමක් පහල නොවුනත් මොකද්දෝ සුන්දර මතකයක් විතරක් තියනවා... ඇගේ කතාව, හැසිරීම, ඇවිදීම, හරිම කෙලිලොල්, හුරුබුහුටියි... ඇය පිලිබඳ මතකය මිහිරි සිහිනයක දැව‍ටුන, මිහිරි ගීතයක්ම වාගෙයි... අවුරුදු 15 කට විතර පස්සේ මට ඇයව අන්තර්ජාලයෙන් මුනගැහුනා... ඒ වෙලාවේ ඇගේ මූණට එලිය වැටිල තිබුණේ නෑ... මම ඇයට කිව්වා "මට පේන්නේ නෑනේ ඔයාව... කෝ බලන්න බැච් එකේ හිටපු ලස්සනම ලමය තවමත් ඒ වාගෙමද" කියල... ඇය ගත් කටටම කියාපි... "දැන්ද කියන්නේ..." කියල හිනාවෙවී අර වාගෙම...

මිහිරි සිහිනයක දැවටුන... මිහිරි ගීතයක් වාගේ...
ඔබ මට මතකයි... ඔබ මට මතකයි...

අඳුර මැදින් ලසඳ ලෙසින්... ඔබ ආ හැටි මතකයි...
කඳුල මැදින් සුසුම් මැදින්... ඔබ ගිය හැටි මතකයි...

වැසුණු විමන් විවර වුනේ... ඔබ වෙනුවෙන් පමණයි...
කැකුලු පිපී පරව ගියා... සුවඳ අදත් මතකයි....

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න
Read More!
 
Blogger Wordpress Gadgets