හිරු ගෙනැවිල්ල පුතු ලඟ තනියට තියලා...

අමිල සඳරුවන් පුතා යන්නම ගිහින්... තමන්ට කවදාවත් ඉන්න නොලැබුනු සුවපහසු ඇඳක අසිහියෙන් වුව සතියක් ඉන්න සලස්වපු, තමන් කලු ගං දියෙන් ගොඩගත්ත ඒ කරුණාවන්ත තාත්තටවත් ස්තූති නොකරම... මගේ ජීවිතේ දෙවනි වරට මම නොපෙනෙන, නොදැනෙන බලවේගයක් වේනම් ඒ ඇත්තන්ගෙන් මේ දරුවාගේ ජීවිතේ බේරාදෙන්න යැයි ඉල්ලා හිටියා... පලමු වතාව, අප්පච්චීගේ පණ ICU එකේදී මා ඉස්සරහම ගිය වෙලාව... එදා හාස්කම සිද්දවුනා, දොස්තර මහත්තුරුන්ගේ හැකියාවටත් පින් සිද්ධ වෙන්න... ලෝකේ දේවල් ඔලුවේ දමාගෙන විඳවන්න එපායැයි මගේ යෙහෙලියක් ඉල්ලා හිටියා... නමුත්... මරන දැන්වීම දාපු දවසේ ඉඳලම මරණය යන වචනය අහල පහල හක්කලං කරනවා...මාරයාගේ හෝරාව එක්ක ඔට්‍ටුවෙන්න මාරයා මල්ලි කුප්පියක් තියන් ඉන්නවා... තවත් බ්ලොග් කරණයේ නියැලෙන සොයුරියකගේ මව ආන්ත්‍රා වෙලා... ඉස්පිරිතාලෙට ඇතුලත් කල මගේ මාමණ්ඩියගේ තත්වයත් සතු‍ටු දායක නෑ...

මම ලොකු පුතාට කුඩා කල ඉඳන්ම මරණය ගැන සරල විදිහට කියාදෙන්න උත්සාහකලත් මට හිතෙන්නෙ මමවත් ඒක හරියටම තේරුම් අරන් නෑ කියලයි...මට දරුවො දෙන්න හරියට මතක් වෙනවා... මේ ගීතය ලොකු පුතා පොඩි කාලේ මම උකුලේ තියාගෙන අහනවා...දවසක් එයා අහනවා..."ඇයි , ඒ බබාගේ තත්තා කෝ...?" කියලා... මම කිව්වා වැඩිය නොහිතාම "මැරිලා වෙන්නැති ඉතින්..." කියලා... ඔහු අහක බලාගෙනම සින්දුව අහනවා... මූණ හරවලා බැලුවහම කඳුලු ගුලි දෙකක්... පුංචි ඇස් දෙකේ... ඔහු අදටත් හරිම සංවේදීයි...
(පුංචි සඳරුවන්ට නිවන්සුව පතමු... මා ‍රැස් කරගත් පිනක් ඇත්නම් සියල්ලම ඔහුට අනුමෝදන් කරනවා.... යහපත් තැනක උප්පත්තිය ලබන්න ඊලඟ ආත්මේවත්....)

හිරු ගෙනැවිල්ල පුතු ලඟ තනියට තියලා...
උදේ ‍රැයින් පිටවීලා හවසට එන්නම්...

අහසට උසට විහිදී ගිය වතුකරයේ තේ නිල්ලේ...
බට කූඩය පිටබැඳගෙන නිය රඳවා තේ දල්ලේ...
මිහිදුම් සලු පීරාගෙන සේවය කර කඳු ‍රැල්ලේ...
අතට ලැබෙන දෙයින් ගෙනෙමි පුතාට කිරි රස ලොල්ලේ... පුතාට කිරි රස ලොල්ලේ...

පුතේ නුඹේ ලොකු අම්මා අතේ වලල්ලක් දැම්මා..
කුසේ නැගෙන ගිනි නිම්මා නිවා දමයි නුඹේ අම්මා...
පියා නොමැති මගේ පුතුගේ කුස ගින්දර නිවා ලන්න...
සැම දෙවියෝ පිහිටවෙයන් හැන්දෑවට ගෙදර යන්න... හැන්දෑවට ගෙදර යන්න

සිංදුව අහන්න... ඔන්නම් බාගන්න... හිතේ දෙයක් ඇත්නම් ලියලම යන්න...

43 ප්‍රතිචාර:

wath said...

ගොඩක් කාලෙකට පස්සෙ ලියන්න ආපු අයියව සාධරයෙන් පිළිගන්නව. මොනාකරන්නද අයියා අමිල ගෙනාව ආයුෂ ඉවරයි. මට දුක ගගේ දාපු මොහොතෙම මැරුණෙ නැතිව විදව විදව ඉන්න ඒ අසරණයට සිද්ධ වෙච්ච එකයි. දෙවියො මේ ලෝකෙ නැහැ කියල මම කියන්නෙ ඒකයි.

තිස්ස දොඩන්ගොඩ said...

එහෙනම් උණු උණුවෙම කමෙන්ට් එක දාගන්න ලැබුනා නේද?... දෙවියෝ බුදුන් ඉන්නවා නංගියේ අවිස්වාසයක් තියාගන්න එපා...නමුත් ජාති කර්ම කොහොම වලකන්නද සක්කරයවත්....

චේජනා said...

ඇති යන්තම්.. අපිට ආපහු සින්දු අහන්න ලැබෙනව... සින්දුව නම් ලස්සනයි.. ඒත් ඉතින් මුලට දුක හිතෙන කතාවක් කියල.. මොනා කරන්න ද..දුක හිතෙන දේවල් ලෝකෙ සිද්ද වෙනව නම්..

තිස්ස දොඩන්ගොඩ said...

මේ සිද්ධිය ගලවන්න ටිකකලක් යනවා දැන් ඉතින් මගේ ඔලුවෙන්.... යාන්තම් මගේ මිතුරියක් නිසා හිත තද කරගෙන විභාගය කලා... පොඩි උන් දෙන්නවත් ලඟ හිටියනම්....

Raven said...

ආහ්..කලකට පස්සෙ වෙලකට බැහැල තියෙන්නෙ...වෙල්කම් බැක් තිස්ස අයියා.

මම හොද සෙන්ටිමෙන්ටල් කමෙන්ට් එකක් ටයිප් කරල ආපහු මකල දැම්ම මරණ ගැන කතා කරල වැඩක් නැහැ කියල හිතල.

wath said...

අයියා දන්නවද . අමිලගෙ ලොකු අයියා කීව කතාව. "මල්ලි බේරල අම්මා කළු ගගට පැන්නා නම් හොදයි.මම වැඩ කරලා දවසට රු.300 ක් අම්මට ගෙනත් දෙනව.ඒත් අම්මා ගෙදර උයන්නෙ නැහැ. තාත්තටත් ගහනව."

තව තාත්තා කෙනෙක් පොලිසියට ගිහින් ඒ දරුවගෙ අයිතිය ගන්න . ඇයි දන්නවද තමන්ගෙ බිරිදගෙ හඩා වැලපීම දරාගන්න බැරිව.

අමිලගෙ අම්මාගෙ කතාව ඇහුවමත් ඇගේ ජීවිතයේ විදපුදුක් කන්දරාව ගැන පුදුමත් හිතෙනව. එහෙමයි කියල ඇය කරපු වැඩේ හරි කියල කියන්නෙ නැහැ මම.

කොහොමවුනත් අමිල නිසා ඔහුගෙ අනිත් සහෝදර සහෝදරියන්ට හොද කලක් යාවි කියල හිතන්න පුලූවන්. මොකද ඒ දරුවන් හදා ගන්න දැන් ගොඩක් දෙනා ඉදිරිපත් වෙලා තියනව.

තව ටික දවසකින් අමිලව අපි කාටත් අමතක වේවි. ඒත් අමිලගෙ අම්මාට ... ඇය මියදෙන මොහෙතෙත් ඇයට ඔහුව මතක් වේවි ..... දඩුවම කියන්නෙ අන්න ඒකයි.

කුස ගින්නෙ මා හැඩුවා එය සැබැවී
කන්දක් ඔබට දුක් දුන්නා එය සැබැවි
නින්දක් නුඹට නැති වූවා එය සැබැවි
අම්මා මගේ බුදුවනවා .........................

කිරි ඉල්ලා මම නොහඩමි සුදු අම්මේ
වද වේදනා කෙළවර වූවා අම්මේ
කුසයේ ඔබේ ඉඩ මදි වුවද අම්මේ
තරහක් මගේ නැත මගෙ සුදු රන් අම්මේ

තිස්ස දොඩන්ගොඩ said...

අහ් සොඳුරු මායාකාර දාර්ශනිකයා...!
අනේ කමක් නෑ... එවාපන් මලේ ...උඹේ බ්ලොග් එකේ ඒවා කියවන්න මට දවස් ගනන් ඕනෑ...පරන එකක් කියවන්න තාම තියනවා... ඒ තරමට ඒවා අමුතුයි....
ඇත්තටම කියපන් උඹ මනෝ විද්‍යාව වාගේ දේ හදාරනවද මලේ...? එහෙම නැත්නම් මෝහන විද්‍යාව වාගේ...? අර දරුවාවත් මෝහනය කරලද මංදා....

තිස්ස දොඩන්ගොඩ said...

@wath: හප්පොචියේ මගේ නංගියේ...
ලංකාවේ මිනිස්සුන් ගේ හිත් උණුවෙන අතරෙම මේ වාගේ දේවලුත් වෙනවානේ අප්පා...
කවියනම් පපුව හූරලම අතට දුන්නා නංගියේ...

විශ්මි said...

හප්පා ඇති යන්තම් ඇවිල්ල.......විභාගෙ හොඳට කරගත්තද අයියෙ..... :)

හිතට දැනෙන පද පෙලක් තියෙන ගීතයක් තිස්ස අයියෙ.... ගීතය දකින්න කලින් පූර්විකාව කියවල උගුරත් හිර වුනා වගේ....... අමිල ගැන හෝ ඒ දරුවගෙ අම්මා ගැන මුකුත්ම නොකිය ඉන්නම් තිස්ස අයියෙ.... ඒ ගැන හිතලම මහන්සියි....


(රහසින් තිස්ස අයියට- එක්කෙනෙක් මෝහන විද්‍යාව කෙසේ වෙතත් වශීකරණ විද්‍යාවනම් හදාරල තියෙනවද කොහෙද :D )

Raven said...

තිස්ස අයියා- හහහා..මගේ ගුණයහපත් කමට මෝහණය වෙලා තමයි ඒ දරුවට එහෙම උනේ :P

එහෙන් මෙහෙන් ඔය සිග්මන් ෆ්‍රොයිඩ්ව එහෙම කියවලා තියනවා අයියා.ඊට එහා දෙයක් නම් නැහැ මම ටිකක් උනන්දුයි ඒ විෂය ගැන.ඒ පැත්ත ගැන කතා කරන චිත්‍රපට එහෙම ආසාවෙන් බලනවා. හැබැයි කිසිම දෙයක් ගැන මට ක්‍රමවත් දැනුමක් නැහැ. තාම අපි දණගාන අවධියේ. :)

විභාග ඉවර උන එකේ ලංකාපුරයට සැපත් වෙන්නෙ එහෙම නැතැයි?

තිස්ස දොඩන්ගොඩ said...

@විශ්මි: කරගත්තා නගේ ...ප්‍රතිපල ජූනි 01... අනිවා ගොඩ...එතනින් එහාට ලැබෙන ඕනෑම දෙයක් බෝනස්... මායි මගේ බිරිඳත් මේ දැනුත් ගොඩක් වෙලා ඒ ගැන කතාකලා...
අපි එක පවුලේ කට්ටිය වගේ නේ දැන්... දුක සැප අමාරු කම් සොයාබලනවා එකිනෙකා ගේ.... thank you so much nanga

@Raven: බලපං මං උමේ හිත අඳුරගත්තා... ඒ ලියවිල්ල හරිම unique....
මල්ලියේ මං මේ රස්සාවක් කරන ගමන් ඔය additional qualification එකකට පොඩි විභාගයක් කලේ...ලංකාවට එන්නේ මාස 5 කට සැරයක්.... මගේ බිරින්දෑත් දැන් උඹලව දන්නවා.

sansarasidu said...

තිස්ස අයියගෙන් ආයෙමත් සිංදුවක් අහන්න ලැබෙන්නෙ කවදද කියලා ඇඟිලි ගැන ගැන ඉන්නකොට තමා මේක දැක්කෙ... අමිල පුතා ගැන මං දරන්නෙත් wath දරන අදහසමයි.. පවු අහිංසකයා... විඳව විඳව ඉඳල මේ ලෝකෙන් සමු ගන්න වෙච්චි එකයි මටත් දරාගන්න අමාරු...

සිංදුව නම් පංකාදුයි..
මේ වගේ සිංදුවක් ඉතින් මෙතැනින් ඇරෙන්න වෙන අහන්න තැනක් මේ සයිබර් අවකාශයේ තියෙයැ..
ස්තූතියි අයියේ මේ වගේ සිංදු අපට අහන්න සැලැස්සුවට...

තිස්ස දොඩන්ගොඩ said...

මල්ලී උඹල වාගේ එවුන්ගේ ටේස්ට් එක ගැන අපේ දවැන්ත රසිකයා "දුකා" මා එක්ක නිතරම කතා කරනවා...අපිට ඕවා ඉස්සර නිසඟයෙන්ම අහන්න ලැබුනා...නමුත් ඕගොල්ලෝ සොයාගෙන ඇවිත් රසවිඳිනවා...ඒ අතින් ඕගොල්ලෙඔ අපට වඩා ඉදිරියෙන්... හෙට දවස නියතයෙන්ම සුබ වේවි...(Banking Exam එක ඉවරද මලේ..? සමාවෙන්න විෂ් කරන්නත් බැරිවුනා...!)

මිගාර said...

මේ ගීය අපි පොඩි කාලයේදී අහපු එකක් වගේ තමයි මතක. දරු නැලවිලි කියන්නේ පොඩි දරුවන්ටම නොවෙයි. ටිකක් ලොකු දරුවන්ටත් කියන නැලවිලි ගී තියෙනවා. මේ ගීතය එවන් එකක් කියලයි මට හිතෙන්නේ. "රුක් අත්තනමල මුදුනේ", "පුතුනේ මේ අහගන්න" වැනි ගීතත් තරමක් ලොකු දරුවන් වෙනුවෙන් ගැයුණු ගීත බවයි මට හැඟෙන්නේ. මේ ගීත සමග ලමා විය ඇරඹූ ඔබත් මමත් විඳි මිහිර බාල පරපුර වෙත ගෙන් ඒමට කරන මෙහෙයට මෙන්න මගෙන් ආචාරය!

තිස්ස දොඩන්ගොඩ said...

බොහොම ස්තූතියි මිගාර...ඔබ වැනි වියතකුගේ කමෙන්‍ටුව මට ගෞරවයක්...

sansarasidu said...

ඒකට මොකද අයියෙ... අයියට කොහොමද ඒක මතක් වුණේ..? (චේජනා අක්කිගෙ බ්ලොග් පිටුවෙ නම් එහෙම දෙයක් ලිව්ව මතකයි..) තාම නෑ. කොහොමත් Exam එක මාසයක් විතර තියෙනව.. සති අන්තවලනෙ තියෙන්නෙ.. මගෙ විෂයය තියෙන්නෙ ලබන සති අන්තයෙ... ස්තූතියි අයියේ..

තිස්ස දොඩන්ගොඩ said...

මම කරුණාබර සංවරශීලී මිනිසුන් ප්‍රියකරනවා...ඔවුන් ගැන සොයාබලනවා... හැකි යමක් වෙතොත් කරනවා.... ඔබත් මගේ පවුලේ කෙනෙක් දැන්... ඉතින් කොහේ හරි පවුලේ කෙනෙක්ගේ විස්තරයක් දැක්කොත් මතකයේ ‍රැ‍ඳෙනවා... ජයවේවා....

sansarasidu said...

මං වගෙ පුංචි මිනිහෙක් ඔබේ පවුලෙ කෙනෙක් කරගත් ඒ ලෙංගතුකමට බොහොමත්ම ස්තූතියි අයියේ... ඔබ වැනි සුන්දර මිනිසෙක් සැබැවින්ම ආශ්‍රය කිරීමේ භාග්‍ය නොලැබුණත්... සයිබර් අවකාශයෙදිවත් එසේ කරන්නට ලැබීම මා ලද භාග්‍යයක්... මේ අවකාශයට තාමත් නවකයෙක් වන මට ඔබ වැනි දැවැන්තයෙකුගෙ ගුරු හරුකම් ඉතා අවැසි බවද ලියා තබමි..

රවා said...

තිස්ස අයියා ඔබ.....? නැවතත්.. තුනි වෙගෙන යන දුකත් ආපහු අවුස්සනවා.. රයිට් මම ඔබෙ පරන සින්දු ටික අහලා බැලුවා...

මගෙ සෙනෙහස.../යසොදරා.... සින්දු දෙක දැන් මෙ ටිකෙ රස විදිනවා..... හරිම ලස්සනයි...

තිස්ස දොඩන්ගොඩ said...

තව ගොඩක් ලස්සන ඒවා ඇති මලේ....ඒක නෙමේ අසනීපයි කියලා වත් කිව්වා...බේතක් හේතක් කරගත්තද...? උඹ ඉස් ඉසෙල්ලා වහින වැස්සට තෙමෙන්න ඇති...

රවා said...

එකෙන් බෙරිලා ඇවිල්ලා.. ගෙදර ලිදෙන් බාගෙට තෙමුනා... එකයි උනෙ.....

Anonymous said...

හිතවත් තිසා.....

අද මීහි මත සිදුවන සිද්ධි දාමයන් නිසා හිත ගැස්සෙනව තමයි....දන්නවද තිසා...ඔය කොලූගෙ කතාව මම බැලුවෙ එකපාරයි...ඊට පස්සෙ එන විද්‍යුත් ලිපි හැම එකක්ම මම කුණු කූඩයට දැම්මා..හිතන්න එපා මම නරුමයෙක් කියලා...මොකද මම් පොඩිකාලෙ ඉඳලම උපේක්ෂාව පුහුණු කලා.....මම අම්මගෙන් ඉර හඳ ඉල්ලුවෙ නැහැ...නමුත් එයා ආදරය කප්පරකට දුන්නා...අග හිඟ කම් මැකෙන්නත් එක්ක...අපේ පවුල ටිකක් ලොකුයි..මටම පුදුමයි අපෙ අම්ම කොහොමද හැමෝටම ආදරේ එකම හැන්දෙන් බෙදුවෙ කියලා...ඒක නෙමෙයි තිසා මට කියන්න ඔන උනේ...උඹගෙ අදහස්වල දැක්ක ස්තීරත්වය ටිකක් හෙල්ලිලා කියල දැනුනා....මේ කතාවෙ සාදාරණ අසාදාරණ කම් හොයාන ගියොත් සමාජයට වෛර කරන්න හිතේවි..අපි හිතමු...මේකයි..ලෝක ධර්මය කියලා..එහෙම නැත්නම් මට පහත තියෙන ඒවට උත්තර දීලා හිටහන්...

................................................

අහස නුඹ මෙතරම් සැඩ යැයි - දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි - හැඟුනෙ නියඟය ආවාමයි

රෑට තරු සිඹිනා අහසට - අඳුරු සිත් ලැබුණේ කොහොමද
නේක මල් සදනා පොලොවට - නපුරු සිත් කොයිබින් ලැබුණිද..

නීල ඉඳුවර පෑ අහසට කඳුළු වැසි දුන්නේ කවුරුද
පලා පැහැ ඉසිලූ මිහිමත - නියන් ඇතිරුවේ කවුරුද...

සප්තස්වර හැඬවුම ; විශාරද දීපිකා ප්‍රියධර්ශනී

ගේය පද සිත්තම ; අනේ නොදනිමි...සමා වුව මැන


මේ..

සුලා..........

තිස්ස දොඩන්ගොඩ said...

උඹ දුකාගේ සහෝදරයෙක් වගේ ලියන්නේ බං...ඒ තරමට හෘදයංගමයි...

අදහස් විතරක් නෙමේ බං අතපය වාරු නැතිවෙනවා මචං මේ පොඩි වුන් ගේ දේ දැක්කම... මමත් ඇහේ මූනේ තියාන පොඩි වුන් දෙන්නෙක්ම හැදුවා බං... අපි දෙන්න තනිවම... දෙවෙනිය ලැබෙන්න ඉන්නකොට ලොක්කට ඩෙංගු හැදුනා... ගෙදර උන්දෑ ඉස්පිරිතාලේ ලමයව දාලා යන්නෑ... හිතපන් මම පත් වෙන අමාරුව... ඔය වාගේ අනේක දුක්.. තනිවම විඳලා උස්මහත් කල නිසාම පොඩි වුන් අසරණ වෙනවා දකිනකොට මම හරිම දුරුවල වෙනවා බං... විශෙෂයෙන්ම ඒවා ගැන මට මොක්වත් කල නොහැකි කොට.... නරඹන්නෙක් වෙලා ඉන්න වෙනකොට....

මමත් ඉස්සර ඔය වාගෙම මගෙන්ම ප්‍රස්න ඇහුවා...

"මිරි වැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි...
පායුග නැති ඔබ දකින තුරා...
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි ...
නෙත් යුග නැති ඔබ දකින තුරා ..." කියලා...නමුත්...........

අපිත් එක්කම හිටපන්...අපිටත් අම්මා දුන්නු උපේක්ෂාව බෙදා දීපං....

විශ්මි said...

@තිස්ස අයිය....අනිවා ගොඩ නම් එච්චරයි අයියෙ ඕනෙ.... :).... මේ අක්ක ඉන්නෙ අපිට කිට්ටුවනෙ.... යන එන ගමන් ඒ පැත්තෙ ගිහින් බලන්නත් හිතයි ......

දිල් said...

අමිල පුතා යන්න ගියාගෙ තිස්ස අයියේ....එයා ගෙනා ආයුෂ එච්චරයි කියලා හිත රවට්ටගෙන උන්නත්, දැකලාවත් නෑති ඒ පුතාව මතක්වෙලා මම ඇඩුවා....

සැබෑ මව්පියවරුන් හා මව්පියන් අතර වෙනස මේක වෙන්න ඇති.

මේ සින්දුවත් හිතට හුගාක් දැනුනා අයියේ.....ස්තුතියි ඔයාට

තිස්ස දොඩන්ගොඩ said...

@විශ්මි: අපේ උන්දෑ, කලිසමයි කමිසෙයි, සෙරෙප්පු දෙකයි දාගෙන දුවන්න බලන් ඉන්නේ... අල්ලගන්න පුලුවන් උනොත් වාසනාව... ඔබ ඇයටත් කදිම සොයුරියක් වේවි...

@දිල්: අපිත් අර මී මැස්සෙක් ඇනලා ඉදිමුනහම වාගේ, ඒ වේදනාවෙනුත් සුවයක් ලබනවාද මන්දා නගේ....

මාරයාගේ හෝරාව said...

මාත් අහල පහළ ඉන්නවා. ඒත් කේන්ති ගිහින් ඉන්න බව දන්න නිසා වැඩි සද්ද නැහැ.

දිල් said...

කාටද තිස්ස අයියේ මේ තරහා ගිහින් කියලා මාරයියා කියන්නේ ?

නිලන්ත පියසිරි said...

මේ ලෝකේ ලස්සන වෙන්නේ තර්කාන්විත මිනිස්සුනට වඩා සංවේදී මිනිසුන් නිසයි. ඒ පුතා ගඟට විසි කිරීම තර්කයෙන් සාධාරණීය කරන්න බොහෝ දෙනා ඉදිරිපත් වුනත්, ඒ ගැන අපේ හිත කෙතරම් උණු වීද? ඒ දරුවා ගගෙන් ඔසවා ගනිත් දී ඔහුගේ හිස කඩා වැටෙන අයුරු දුටු මට එය දරා ගත නොහැකි විය. ඒ අවස්ථාව ඒ අම්මාත් දුටුවා නම්, ඒ විදවීම ම දඩුවම වෙනු නොවනුමානය.
තිස්ස, ඔබ වැනි සංවේදී මිනිසුන් නිසාවෙනි මේ ලොව ලස්සන වෙනුයේ.

Pali said...

ඔය අමිල දරුවගෙ සිද්ධිය මගේ හිත ඇතුලෙත් හොල්මන් කලා පහුගිය සති අන්තයේදි. කාන්සිය නිවා ගන්නත් එක්ක ඉරිදා හවස්වරුවෙ මමයි මගෙ බිරිඳයි දරු දෙන්නයි ගොඩවුනා අපේ හිතවතෙක්ගෙ ගෙදරකට. ඒ වෙලාවෙ ඔවුන් බොහොම අපූරු චිත්‍රපටියක් නරඹමින් හිටියෙ. ඒක මේ ළඟදි තිරගත කෙරුණු "2012" කියන 2012 දෙසැම්බර් 21 වෙනි දින පෘථිවිය විනාශ වෙන බවට කෙරුණු "මායා අනාවැකිය" පදනම් කරගෙන නිර්මාණය කළ චිත්‍රපටයක්.

භූමිකම්පා, ගිනිකඳු පුපුරා යෑම්, සුනාමි ආදී ව්‍යසනයන් ‍රැසක් හමුවේ මිනිස්සු හැසිරෙන ආකාරය මගේ හිත තදින්ම නොසන්සුන් කළා. ඇත්තටම ඒ වගේ දෙයක් වුනොත් මිනිස්සු එහෙම වෙයි නේද කියල හිතුනා. තමන්ගෙ මරණය තව පැය කීපයකින් බලපොරොත්තුවෙන් සිටින මිනිස්සු විවිධ ආකාරයෙන් හැසිරෙන හැටි, තමන්ගෙ ලෙන්ගතු අය ගැන ඔවුන්ගේ හැඟීම්, තමන්ගෙ ජීවිතය බේර ගන්න යූරෝ බිලියනයක ගුවන්පත් මිලදී ගන්නා ධන කුවේරයො, කිසිදු පිහිටක් නැතිව මරණය හා පොරබදන අහිංසකයො.....මේ සියලු දේ මාව බොහෝ සෙයින් නොසන්සුන් කළා. අපි බොහෝ දෙනෙක් තිස්ස පළකරපු මරණ දැන්වීමෙන් කලබල වූ හැටිත් මට සිහිවුණා.

අපි එදිනෙදා ජීවිතයෙ ඇසුරු කරන බොහෝ සම්මතයන් හා ස්ථාපිතයන් එක මොහොතකින් විනාශ වෙන හැටිත්, මහා මෙරක් වගෙ මිනිස්සු හිතාගෙන ඉන්න දෙවල් ක්ෂණයකින් දුහුවිලි වෙලා යන හැටිත් පෙන්වන එම චිත්‍රපටිය නැරඹීමෙන් පසු අමිල දරුවා ගැන තිබූ කම්පාව නැති වෙලා ගියා. අපි හැමෝගෙම ජීවිත අපි හිතන තරම් අපිට අයිති නැහැ කියල හිතුන නිසයි ඒ.

තිස්ස දොඩන්ගොඩ said...

@ දිල්: මට ඔය මාරයා මල්ලීත් එක්ක හොඳටම මල පැනලා ඉන්නේ....
කුප්පියක් තියන් ඉන්නවැයි කියන්නේ එයාට ඕනා වෙලාවට මාරයා නො ආවොත් ගන්න.... යන යන තැන අරනුත් යනවලු... ජීවිතයක් බේරාගන්න මිනිස්සු විඳින දුක... ජීවිතේ ගැට ගහගන්න අපි විඳින දුක හොඳින්ම දන්න මූ කරන වැඩ බලන්නකෝ නංගියේ.... ඔය මං උඩ පූර්විකාවෙත් ලියල තියෙන්නෙත් ඒකම තමයි....

තිස්ස දොඩන්ගොඩ said...

@ නිලන්ත: අයියෝ නිලන්ත ඔය දේ දැකලම තමා මගේ හිත හඬා වැ‍ටුනේ... මගේ බිරින්දෑත් හඬලා... මම ඔබේ හිතත් ආදරයෙන් වැලඳගන්නවා සොයුර... ඔබ හරියටම හරි... කෙස් පැලෙන තර්ක වාද විවාද වලට වඩා, උණු කඳුලු බින්දු නිසා තමා හොඳම නිර්මාණත් බිහිවුනේ...

@Pali: "අපි හැමෝගෙම ජීවිත අපි හිතන තරම් අපිට අයිති නැහැ කියල හිතුන නිසයි ඒ..." ඇත්ත පාලි... අවසාන විග්‍රහයෙදි ඒක එහෙම තමා, නමුත් මේ මොහොත, මේ තත්පරය සතුටින් තියන්න පුලුවන් නම් ලඟම ඉන්න කෙනාගේවත් සිත... මටනම් ඒ හොඳටම ඇති බං...

Pali said...

@තිස්ස : හරියටම හරි. ඒකම තමයි කෙරෙන්න ඕනෙ හැබැයි තමනුත් සතු‍ටු වෙන ගමන්.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

තිස්ස දොඩන්ගොඩ...
මේ ගෙවුනු දවස් කීපය අපේ බ්ලොග් සහෘදයන්ට වගේම අනිත් අයටත් කරදර ගොඩක් ආපු කාළයක්.
අපේ සහෘද Ansh Lucky Sri Jay යන්ගේ ආදරණීය අම්මා නැතිඋනා. හිතට හරිම දුකක්
ජිවිත පරාජවිම් බිදවැටීම් සිත්රිදීම් හැරයාම මේ හැමදෙයකින්ම අපිව වේලාගෙන.... දෛවය අපිට සරදම් කරන හැටි....
මොනාඋනත් අපේ බ්ලොග් සහෘදයන් ඉනන්වා නේද අපි වටේට?...

යෝගී... said...

මේපැත්තට එන පාර මතක නැතුවයි හිටියේ..
සින්ඩියේ ආදරණීය ලොකුඅයියා නැවතත් කරලියට ඇවිල්ලා.
හී හී..
සමාවෙයං තිසා. මම මේ සින්දුව අහන්නෙ නෑ.මං හිතන්නෙ වැරදිලා ඇහුනොත් මිසක් මට ඒක අහන්නත් බැරිව යයි..
කියාගන්න බැරි මොකක් දෝ හේතුවක් හින්දා නැළවිලි ගීයක් ඇහුනත් මගේ හිත හරියට හෙලවෙනව බං. මට පුංචිකාලේ ආදරේ අඩුවෙන් ලැබුන කෙනෙක් නෙමේ.හොඳටම ලැබුනා මදි නොකියන්න ම. ඒත් මට හිතාගන්න බෑ බං නැළවිලි ගීයක් ඇහුනාම දුක හිතෙන්නෙ මොකද කියලා.
මං අමිල ගැනනම් මොකුත් කියන්නෑ. කීප දෙනෙක් ම දාපු පෝස්ට් වලට comments දාන්න ඕනකම තිබ්බත් ඒක මට බෑ.
එහෙව් එකේ උඹ දාලා තියෙන පූර්විකාව කියවලා ගීතයේ පද පේලිය කියවපුවාම ආයෙත් ගීතය අහන්න පුළුවංකමක් නෑ.

උඹ ආයෙ ආපු එක සතුටක් තිසා.. සින්ඩිය පාළුවෙලා තිබ්බේ.
-ජය

තිස්ස දොඩන්ගොඩ said...

@ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය: ලංකාවේ ඉන්න ඇත්තන්ට වාගේ නෙමේ මලේ, අපිට මේ හිතවත් කම් හරිම වටිනවා... මටත් හිතෙන්නේ මේ නිතර හමුවෙන හිතවතුන් හරිම සුන්දර සංවේදී කුලකයක් කියලා... අනිවාර්‍යයෙන්ම මම ලංකාවට ආවහම ඔබ මුණගැසිය යුතුමයි....

@යෝගී: උඹයි මායි ඉතින් එක්කුස සහෝදරයෝ වාගේ නෙවෑ... පුදුමයක් නෙවෙයි...
දැන් නැලවිලි ගී අහන්න බැරුව කොහොමදෑ ඉතින්...? අහන්න විතරක් නෙමෙයි... රෑ එක දෙක වෙනකල් උරේ තියාගෙන කියන්නත් වෙනවා... (උඹටනම් ඉතින් පාන්දර තුන වෙනකල් බ්ලොග් ලියලා පුරුදුයි නේ...) දැන්මම කීපයක් කට පාඩම් කරගත්තානම් හොඳා....

Anonymous said...

හිතවත් තිසා......

හ්ම්..මන් දන්නවා...පිය සෙනෙහස ලඝු කොට සැළකුවා නොවෙයි යාළුවේ...අප්පටත් දරුවන් වෙනුවෙන් කිරි එරෙනවා...තමයි...

මේ කියන දවස්වල අපි කුලියට හිටිය කොළඹට අතේ දුරින්....මට මතක හැටියට ඒ එක්දහස් නවසිය අසූගනන්වල අග භාගය...ඒක පොල් අතු ගෙදරක්...මහා අනෝරා වැස්සෙ මම් වතුර බිoදු බේරි බේරි පොල් අතු වහලයෙන් වැටෙන හැටි බලන් හිටිය...හෝරාවක්... දෙකක්..! ඉතින් ඉස්සරහ පාරෙන් එහා පැත්තෙත් ගෙයක් තිබුණා..පුoචි ඉස්තෝප්පුවකුත් එක්ක...පුoචි පැටියෙක් දොර ගාව හේත්තු කරල තිබුණ පැදුරෙ හැoගෙනව දැක්ක...බැලින්නම් අම්මත් එක්ක හැන්ගි මුත්තන් සෙල්ලමේ..( ඔය කිව්වට මමත් ඒ දවස්වල පුoචි එකෙක් තමයි )

මට මතක් වුනා ඒ දවස්වල වෑර්ලස් එකෙන් නිතරම ඇහුන දැන් නෑසෙන සින්දුවක්..ගායිකාව නම් මතක නැහැ... (ශ්‍රීමති මහත්මියගෙ හෝ යමුනා මහත්මියගෙ )
ඒ ද්වස්වල නම් කට පාඩම්...දැන්නම් මතකයෙන් ඈත්වෙලා...දැන් ඉතින් පුත්තලන් බූරුවො දෙන්නෙකුගෙ තුන්දෙනෙකුගෙ වයස නොවැ..හෙහ්..හෙහ්..

...............................................

වැටි වැටි ඇවිදින මඟෙ පුoචිපුතා හැන්ඟුනදෝ...
ඔන්න මo අල්ලන්නට එනවා දැන් ඔට්ටුයිදෝ..

ටරර ටරර රෝ....ටාරාරෝ...ටරාරෝ......

මේ.. සුලා...

තිස්ස දොඩන්ගොඩ said...

උඹ හැබෑටම කව්ද බන්...? මෑතකදී හමුවුනු "යෝගී"ත් උඹ වාගෙමයි ලියන්නේ....හරිම කිට්‍ටුයි හිතට....
උඹේ බ්ලොග් එකක් නැද්ද මචන්....

සින්දුව ශ්‍රීමතී ගේ...මාගාව තියනවා....ඕනෑනම් කියාපන්....

Anonymous said...

හිතවත් තිසා.....

උඹ මාව අල්ලගන්නයි හදන්නේ.......ම්..මට නම් ඔය සයිබර් අඩවියක් නම් නැහැ...මට බෑ බන් ඔය සුමේ කරන්න....මම නිදහසේ ඉන්නයි වැඩිය හිත....

මo ගැන....

තෙත් බිමක....මරු කතරක වේවා
ගිණියමේ...රෑ මැදියමේ වේවා..
පාළු මාවතක....හෝ..දහසක් නෙතු අතරේ වේවා....
දනි පනියේ තනිවම .....

සමහරවිට ගීයක් මුම්ණමින්...
කුරුළු පිහාටුවක් වැටුනත් නැවතී බලා සිටිමින්..
තුන්මන් හන්දියේ ඩස්බින් එකේ අයිතිවාසිකම් ඉල්ලා
උන්ගේ ඇඹේණියන්ට තරම පෙන්වන...
අර බළල් තඩියෙක් දිහා බලාන...
තනිවම සිනහසෙන මානවකයෙක්...
කොහේදී හෝ...මේ සක්වළ ...
හමු වේවි....
නැවතී බලාපන් ඒ මමම වෙන්නැති...


මේ.....

සුලා...........

තිස්ස දොඩන්ගොඩ said...

සුලා මට සහෝදරයෝ නෑ...ඔය යෝගී, දුකා, මාරයා, රවා, සන්සරසිඳු, රේවන්, පාලිත, සිරිබිරිස් අයියා, අර ජීවිතය සොබාදහම... ලියන මල්ලි... කට්ටිය මට මගේ සහෝදරයෝ වාගේ දැන්... මම සොඳුරු මිනිස්සුන්ට ටිකක් බැ‍ඳෙනවා... මම දන්නවා උඹත් ඉන්නේ අබු ඩාබි කියලා....මමත් ඉන්නේ අබු ඩාබි.... ආසයි උඹව දැනගන්න මචෝ....

Pali said...

සුලාව හඳුනගන්න ඇත්නම් කියලා මටත් හිතුනා ලියපු දේවල් දැකලා.

Anonymous said...

How nice to see all this BEAUTIFUL people back..;

තිස්ස දොඩන්ගොඩ said...

@Ano: please stay with us... whoever you are sir...

Post a Comment

 
Blogger Wordpress Gadgets