'පාඨශාලාන්තර තරඟාවලදී ගැටුම් ඇතිවීම ස්වාභාවිකය' අතනින් මෙතනින් ඇසෙන වර්ථමාන කතිකාවක කොටසකි. සැබෑවය. පාරක තොටක සිදුවන රිය අනතුරකදී වාහන පැදවූ රියදුරු දෑත් හතර හා දෙපා හතර යහතින් නම් ගැටුමක් ඇතිවන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය. මිනිසුන් සෙමින් සෙමින් සුලු වශයෙන් හෝ අන්මත නොඉවසන තැනකට ඒම, ගැටුම් වල අවසන් ප්‍රථිපල (පුවත් මවන්නන් බහුල වුවද) අර ඉහත කී ස්වාභාවිකත්වය එහි සාමාන්‍යය ඉක්මවා යන්නට හේතු වි නොමැතිද? නිර්නායකයන් විශ්ලේෂණයන් ඉහවහා යන සමාජයක එහෙම වීම විස්මිතය. ගරුසරුව බලාපොරොත්තු වන්නේද බලහත්කාරයෙනි - එසේ නොමැතිවීම උහුලාගත නොහැකි අපෙක්ෂා භංගත්වයක් හිතේ ඇති කරයි. පෙරකී ගැටුම් වලට ආදි සිසුන් මුල් වී ඇති බවක් පෙනී යන්නේ වීඩියෝ දසුන් නැරඹීමෙනි.
මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් විසින් දියත් කල 'ධර්ම විජය පදනමේ' තේමා ගීතය අපූරු එකකි. එය පටන් ගන්නේ 'මිනිසා මිනිසට එරෙහිව එන්නේ - සිතුවිළි නපුරට හැරෙන නිසයි' යනුවෙනි. සාහිත කලා ඇත්තේ ආවේග පරිපාලනයටැයි සිතමි - ඒවා කෑමට නොහැකි නිසා ඉවතලන්නට නොවේ! කෑමට නොහැකි දේ ඉවත ලමුයැයි වහසි බස් දෙඩූ මාවතේ ඉන්දවූ පැල දැන් පල බරව අතු නැවී ඇත. 'නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී' කියන අයියලාට වඩා නංගීට ප්‍රථමයෙන් සියල්ල කඩාගෙන තමගෙට ගන්නට දැන් අයියලා උත්සුකය.
ආවේග මටසිලිටිව, සමාජයට හානිදායක නොවන මට්ටමකින් එලිදක්වන්නට ඇවැසි සාහිත කලාවන්හි නිර්මාණයන් එලි දක්වන්නට තරඟයක් තිබිය හැක්කේ එක්කෝ තරඟය අවසානයේ ත්‍යාගයක් ලැබෙන බවට තරඟ සංවිධායකයින් දැන්වූ විටය. එසේ නැත්නම් ඕනෑ කුණු කන්දලයක් සල්ලි කරගත හැකි පරසරයක් තුලදීය. "නිර්මාණ කුසලතාව" ප්‍රදර්ශනයට ඇති තරඟයන් දැකීම මෙකල බෙහෙවින් උගහටය. වික්ටර් රත්නායකයන් "වදාරන්න පෙර හදාරන්න ඕනේ" කියා නිකම් සිටියේ නැත. හදාරාම වදාරා මුලු රටක්ම කුල්මත් කලේය. රත්න ශ්‍රී විජේසිංහයන් කියන්නේ 'අලුත් දෙයක් බිහිකරමු' උදාන ගී ගයන්නන් මුලින් 'පරණ' දේ හැදෑරිය යුතු බවය. නැත්නම් 'පුටුව' හදන්නේ මොකක් කඩාදැයි යන්න තමන්ටවත් තේරුම් ගත නොහැකි වන නිසාය.
අප රට සාහිත කලා 'දියුණු' මට්ටමක එදත් අදත් තිබී නැති බව වර්ථමානයේ නොයෙක් තැනක කියැවේ. අපේ රටේ සංගීතයේ මුල් සොයා ගිය සී ද එස් කුලතිලකයන්ද ඉන්දියාවෙන් මුදුන් මුල මතු කර තම හැදෑරිල්ල කෙලවර කර ඇති බවෙක්ද කියති. පොත්පත්වල කුමක් කියවුනිද එතුමා අතින් අලංකාර අපේම යැයි කිව හැකි ගී කිහිපයක් නිර්මාණය වී ඇත්තාසේම, ඒවා සොයන්නන්ට අත්හදා බලන්නන්ට ගුවන් විදුලි සංස්ථාව හරහා විසල් මංපෙත් විවර කලේය.
සමහර සිංහල ගීත රචනා හෙමින් සීරුවේ විමසා බලද්දී, ඒවායේ තිරයෙන් එබී බලන සුරූපිනියන් සේ, මටසිලිටි සිංහල ජන කවි සාහිත කෘතීන්වල වල කොටස් සූක්ෂමව සඟවා ඔබ්බවා ඇති බවක් දැකිය හැක. මෙබඳු දස්කම් පාන්නට මහැදුරු සුනිල් ආරියරත්නයන් බෙහෙවින්ම සමත්කම් පායි. ඊලඟට මතකයට එන්නේ කේ ඩී කේ ධර්මවර්ධනයන්ය. අජන්තා රණසිංහයන්, ධර්මසිරි ගමගේ ශූරීන් අපහසුවකින් තොරවම සම අසුන් වල ගෞරවයෙන් වාඩි කරවිය හැක. මනස හෙමින් සීරුවේ දිගහැරෙන්නට සලස්වන ඒ නිර්මාණ 'දෙගොඩ තලා' යන ගංගා නොවී 'හෙළදිව රස දහරින් නලවා' හෙමින් සීරුවේ ගලා බැස යයි.
නන්දා පතිරණ ගයන මල් වනේ රෝස කැකුලු ගීය ගාමිණී විජේතුංගයන් අතින් නිමැවුණද පෙලහර පාන්නේ තනු නිමවන බන්දුල විජේවීරයන්ය.
මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් විසින් දියත් කල 'ධර්ම විජය පදනමේ' තේමා ගීතය අපූරු එකකි. එය පටන් ගන්නේ 'මිනිසා මිනිසට එරෙහිව එන්නේ - සිතුවිළි නපුරට හැරෙන නිසයි' යනුවෙනි. සාහිත කලා ඇත්තේ ආවේග පරිපාලනයටැයි සිතමි - ඒවා කෑමට නොහැකි නිසා ඉවතලන්නට නොවේ! කෑමට නොහැකි දේ ඉවත ලමුයැයි වහසි බස් දෙඩූ මාවතේ ඉන්දවූ පැල දැන් පල බරව අතු නැවී ඇත. 'නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී' කියන අයියලාට වඩා නංගීට ප්‍රථමයෙන් සියල්ල කඩාගෙන තමගෙට ගන්නට දැන් අයියලා උත්සුකය.
ආවේග මටසිලිටිව, සමාජයට හානිදායක නොවන මට්ටමකින් එලිදක්වන්නට ඇවැසි සාහිත කලාවන්හි නිර්මාණයන් එලි දක්වන්නට තරඟයක් තිබිය හැක්කේ එක්කෝ තරඟය අවසානයේ ත්‍යාගයක් ලැබෙන බවට තරඟ සංවිධායකයින් දැන්වූ විටය. එසේ නැත්නම් ඕනෑ කුණු කන්දලයක් සල්ලි කරගත හැකි පරසරයක් තුලදීය. "නිර්මාණ කුසලතාව" ප්‍රදර්ශනයට ඇති තරඟයන් දැකීම මෙකල බෙහෙවින් උගහටය. වික්ටර් රත්නායකයන් "වදාරන්න පෙර හදාරන්න ඕනේ" කියා නිකම් සිටියේ නැත. හදාරාම වදාරා මුලු රටක්ම කුල්මත් කලේය. රත්න ශ්‍රී විජේසිංහයන් කියන්නේ 'අලුත් දෙයක් බිහිකරමු' උදාන ගී ගයන්නන් මුලින් 'පරණ' දේ හැදෑරිය යුතු බවය. නැත්නම් 'පුටුව' හදන්නේ මොකක් කඩාදැයි යන්න තමන්ටවත් තේරුම් ගත නොහැකි වන නිසාය.
අප රට සාහිත කලා 'දියුණු' මට්ටමක එදත් අදත් තිබී නැති බව වර්ථමානයේ නොයෙක් තැනක කියැවේ. අපේ රටේ සංගීතයේ මුල් සොයා ගිය සී ද එස් කුලතිලකයන්ද ඉන්දියාවෙන් මුදුන් මුල මතු කර තම හැදෑරිල්ල කෙලවර කර ඇති බවෙක්ද කියති. පොත්පත්වල කුමක් කියවුනිද එතුමා අතින් අලංකාර අපේම යැයි කිව හැකි ගී කිහිපයක් නිර්මාණය වී ඇත්තාසේම, ඒවා සොයන්නන්ට අත්හදා බලන්නන්ට ගුවන් විදුලි සංස්ථාව හරහා විසල් මංපෙත් විවර කලේය.
සමහර සිංහල ගීත රචනා හෙමින් සීරුවේ විමසා බලද්දී, ඒවායේ තිරයෙන් එබී බලන සුරූපිනියන් සේ, මටසිලිටි සිංහල ජන කවි සාහිත කෘතීන්වල වල කොටස් සූක්ෂමව සඟවා ඔබ්බවා ඇති බවක් දැකිය හැක. මෙබඳු දස්කම් පාන්නට මහැදුරු සුනිල් ආරියරත්නයන් බෙහෙවින්ම සමත්කම් පායි. ඊලඟට මතකයට එන්නේ කේ ඩී කේ ධර්මවර්ධනයන්ය. අජන්තා රණසිංහයන්, ධර්මසිරි ගමගේ ශූරීන් අපහසුවකින් තොරවම සම අසුන් වල ගෞරවයෙන් වාඩි කරවිය හැක. මනස හෙමින් සීරුවේ දිගහැරෙන්නට සලස්වන ඒ නිර්මාණ 'දෙගොඩ තලා' යන ගංගා නොවී 'හෙළදිව රස දහරින් නලවා' හෙමින් සීරුවේ ගලා බැස යයි.
නන්දා පතිරණ ගයන මල් වනේ රෝස කැකුලු ගීය ගාමිණී විජේතුංගයන් අතින් නිමැවුණද පෙලහර පාන්නේ තනු නිමවන බන්දුල විජේවීරයන්ය.
"බස්මනං අසුර රජුගේ සොහොනෙ ඉපදුනේ [මල් වනේ රෝස කැකුලු මැදින් මට පෙනේ]
තිස්දහස් පිරිවර හර රජව සිටිමිනේ [නිල්වලා යහන් ගැබේ කිරි සිනා දිලේ]
ඉක්මනින් ගෝඨයිම්බර සමඟ යුදවුනේ [වන් සැනේ සෝක තැවුල් නිවාලන මෙනේ ]
දිස්වෙමින් ඔළුව නැතුව නිදිද හිමියනේ" [එනු මැනේ මගේ යහනට ඇත ලොවින්නේ]
"රුක් අත්තන මල මුදුනේ බඹරු නටන සැන්දැවේ.." ගීයද උකුසා වන්නමේ මනහර රිද්මයෙන් ගැයෙයි
- එය නන්දා මාලිනියගේ කදිම වික්‍රමයකි!!!
-----------------------------------------------------------
මර්වින් සිල්වා අමැතිතුමාගේ ගර්හාවට ලක්වුණු අඹන්වෙල නිළමේගේ කවි ගායනාද කර්ණ රසායන ගී බවට පත්ව ඇත. ඒ නිර්මාණය වී ඇත්තේ අඹන්වෙල රාළගේ දරු නැලවිල්ලක් ඇසුරෙනි.
"චන්දෝපම බිලිඳේ නුඹ නාඬන් - ඉන්ද්‍රෝ කමලක නිරිඳුට දාවු
බයි බාලොලි නාඬන් බිලිඳේ
දැන් දෙවියන් මට දුන් තුනු රූපා - චන්දන කුංද සමන් සිරි සේපා
වන් පිරිසිදු යස සිත් සු මනා පා - මන්මද දැන් දරු පෙම් බැඳි රූපා
පැන්න තැනම කුකුළන් හඬලනවා - කන්නට බත් ලැබ ඌ සැම තෑනා
ගොන්න ගහේ හිඳ හා හං ගානා - ඔන්න ඇවිත් පැනපිලු බකමූණා"
අඹන්වෙල රාළගේ තවත් ප්‍රසිද්ධ කාව්‍යමය සාක්කියක් ඇත...
රෝහණ බැද්දගේ ශූරීන් මේ මදක් කපා කොටා කදිම තනුවක් යොදා ගායනා කරත්...
"ඔහොයියා අවුල් නාද සපිරිවර්ධනේ - දින දින සපිරිවර්ධනේ...
කළුත්, සපුත්. සවුන්දරිත් - ලමිත්, කුමිත්, සුමිත්තරිත්,
කිරිත්, ගිරිත්, පවුත්තරිත් - ඇවිත් කළ රොසේ - ඔහොයියා.....
පසුත් පෙරත් දෙයත් වරත් - රකිත් සිටිත් අනිත් බනිත්
ගසත් ඉසිත් ගලුත් වැලුත් - මමත් දුටු ලෙසේ - ඔහොයියා.....
පින්නගමුවේ දුරයගෙ අඹු - පින්නමලිට බැන සරොසින්
පෙන්න කෙළිගෙ පුතෙයි කියා - ඇවිත් ලංව මා - ඔහොයියා.....
ඔන්න මෙමාගේ රඟ දැන - ගන්න කියාලා තොඟ තොඟ
තොංඟන පදයෙන් ඔලුවට - ඇන්නෙ බිම දමා - ඔහොයියා.....
ඇඹුල් දෙනියෙ කිරාගෙ අඹු - දිඹුල් මලිට ඇන්න ටොක්ක
බුබුල් නැඟිනි ඉස හැම තැන - ඇඹුල් දෙසි ලෙසේ - ඔහොයියා.....
නැඹුල් යකුට නිති පුදකොට - එකල් දියඟු දිවගෙන ගොස්
දිඹුල් දියට කඩන් පැනපි - කිඹුල් මොටෙකුසේ - ඔහොයියා.....
නල්ල ගෙදර සෙල්ලගෙ අඹු - එතැනම සිට ගුල්ලො නොවිඳ
ඉන්නක් ගෙන බල්ල කියා - ගැසී නොවලසේ - ඔහොයියා.....
ඉල්ල කකා ආඬින් වෙත - කොල්ලසේම ගොස් දියෝගු
බල්ල සේම පැනපිය ගොස් - වල්ල කැලයටා - ඔහොයියා.....
ටොක්ක නොකා ඉන්නා බඩ - බක්ක කියන එකාගෙ දුව
අක්ක නුඹත් එන්නෙද - අන්නක්ක නෙලුමටා - ඔහොයියා.....
කෙක්ක අගින් ඇන්න කලට - හක්ක දෙපිට දත් පෙනුනිය
ටොක්ක නොකා පැනපිය - ලිබ්බොක්ක ඇතුළටා - ඔහොයියා.....
වත්තල කළුවාගෙ අඹුව - තිත්ත කථාවෙන් බැණ බැණ
වත්ත මැදෙහි තිබුණු කිතුල් - පිත්ත ගණිමිනා - ඔහොයියා.....
පැත්ත පිටට දුන්නේ - සම් පොත්ත ඉගිලි හඬක් ඇසුණි
අත්තන කැලයට දිව්වේ - චිත්ත බියගෙනා - ඔහොයියා....."
---------------------------------------------------------------------------
අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියනට පිදෙන යාතු කර්මයකදී ගැයෙන කවක් ධර්මසිරි ගමගේ ශූරීන් අත මනරම් ගීයක් වන්නේය...
දෑල දිලී අළු ගෝමර රේඛා [දෑල ළමැද රන් ගෝමර රේඛා]
සලා ළමැද රන් පරදනු රේඛා
නීල පළිඟු බැඳි දුනු පට රේඛා [නීල පලිඟු කැට නෙත් මිණි රේඛා]
බාල චන්දවන් නළලත රේඛා [බාල චන්දනී නළලත රේඛා]
සවනත කිනිහිරි මල් පෙති රේඛා [දෙනෙතෙහි නිලුපුල් මල් පෙති රේඛා]
ලවනත බඳුවද දත් කොඳ රේඛා
දෙවුරත ගජ කුඹු බුජ වැල රේඛා
උදරත වද රන් රූබර රේඛා.."
---------------------------------------------------------------------------
මේ තවත් සුනිල් ආරියරත්න/ සරත් බාලසූරිය /නන්දා මාලිනී සුසංයෝගී වූ සොඳුරු ගීයකි...
ප්‍රේමයේ නියත දුක්ගින්නෙන් මිදීමට මීවිත සොයාගිය 'ඔහු' දෙස දෙස බලන දයාර්ද්‍ර බැල්මකි ඒ...
"සිරි පොද වැස්සේ රාත්‍රියේ - පහන් කණුව යට ඔබ හැමදාමත්
රැගත් සුරා පිරූ විතින් - පුවත් නොදැන බමන ගතින් - සුරත් තඹුරු පෙති සේ දෙනෙතින්
සංවේගයේ දළ රල පෙල කැළඹේ - සංසාරයේ ප්‍රාර්ථනා වැළලේ
මේ මොහොතේ ඔබ දෑස දකින්නේ - ප්‍රථම ප්‍රේමයේ ස්වප්නයදෝ
සංග්‍රාමයේ පරදුණු සෙබලකු සේ - සන්තානයේ දුක බිය සැක මතුවේ
වියෝ වියරුවෙන් සිරුර දවන්නේ - බිඳුණු ස්නේහයේ වෛරයදෝ"
ගුත්තිලයේ තැනෙක "රැගත් සුරා පිරූ විතින් - සුරත් තඹුරු පෙතිසෙ නෙතින් - පුවත් නොදැන බමන ගතින් – නටත් අයෙක් සුරා මතින්” ලෙස ඇත . පුර වැනුමක් කවියා අත ස්නේහවන්ත බැල්මක් වී ඇති සැටි!!
මා සැලළිහිණිය මුලුමනින්ම කියවා නැති වුවත් "විළිකුන් සුරත් ඵල වැනි වේ රිවි මඬල" යන්නේ කොටසක් ගෙන "දෙඅදර විළිකුන් සුරත් පලේ - පෙම් මදිරා අයදිමින් සැලේ" ගෙතී ඇතියැයි සිතමි.
"හැකිනම් විසඳන්න" යැයි මෙන් භක්ත්‍යාදරයෙන් කුහුළින් පිරිණු සරල ගී රසිකයින් වෙත පිදූ මේ ගීය පැරැණි සාහිත සංකේතයන්ගෙන් අතිශයින්ම විචිත්‍රය. සසඳාවත, කෝකිලය, ජාතක පොත, කව්සිළුමිණය ආදියෙහි තැනින් තැන ඇති යෙදුම්, මෙසේ එක් හුයෙක ඇමිණීම, සාහිත්‍යයෙහි කිසිසේත්ම වියත් බවක් නැති අප වැනි දුහුනන්ට වුවද මහත්මවූ ප්‍රමෝදය ගෙනදෙන්නකි.
"සඳැස් විදා මොණරු නටති මේඝ වලා පාවේ
වලා වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ
සහ ගුම් බිඟු පේලි සැදී නගත මධුර නාදේ
මල් ගොමු තුළ නිල් පලු දල යහන් නිබඳ සෑදේ...
ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන්එළි දැල්වේ දෙනුවන් මිණි පානේ
ලඹ දුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳ පානේ"
-------------------------------------------------------
තාරුණ්‍යයේ අසිරිය කියැවෙන මේ ගීයද සුනිල් ආරියරත්නයන්, ජයතිස්ස අලහකෝන් සංගීත වේදියානන් හා නන්ද මාලිනිය සුසංයෝගයකි...
"කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි - නෑ නෑ මෙතෙක් පෙණුනේ - නෑ නෑ මෙතෙක් දැනුනේ
පද්ම තඩාගේ පුෂ්ප සුගන්දේ - නෑ නෑ මෙතෙක් දැනුනේ - නෑ නෑ මෙතෙක් දැනුනේ
තුරු හිස ගුම් දෙන වාදන වෘන්දය - භෘංග හඬින් වයතී
ඉන්ද්‍ර දිගින් එන චන්ද්‍ර කුමරියෝ - මන්ද්‍ර සරින් ගයතී
නිර්මල ජල මත මල්වර රළ පෙල - මදන මතින් නටතී
ගගන තලාවේ කුසුම ගුලාවේ - පොපියන්නේ යෞවනයයි
ගොපලු නලාවේ දුලන නිලාවේ - පිබිදෙන්නේ යෞවනයයි
විගඟ විලාපේ කඳුළු කලාපේ - නලියන්නේ යෞවනනයි"
සැඟවී ඇති ඉඟි බිඟි දුටුවාද???
-------------------------------------------------------------------------------
මේ ඉක්මනින් මගේ මතකයට එන සිංහල ගී රචකයන්ගේ පැරැණි සිංහල සාහිත පොත පත ඇසුරෙන් බිහිව ඇති සොඳුරු නිර්මාණ ස්වල්පයක්ය.
මෙයින් නිර්මාණකරණය පැරණි සාහිතයට ගැති බවක් දැක්විය යුතු බවක් කෙසේවත් නොකියවේ. එසේ වූවානම් අරිසෙන් අහුබුදු සූරීන් අතින් සංදේශය චිත්‍රපටිය සඳහා "පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා - සතුරු රාජ මාරයා මුලු ලෝ අල්ලන්න වීරයා" වත් මහගම සේකර සූරීන් අතින් ගැටවරයෝ සිත්තම සඳහා "ගන්න ගන්න මාගෙ රූපේ මං ෆොටෝජෙනික් - හාරිච්චි බෝරිච්චි" වත් නිමවෙනු නොමැත.
සිංහල සාහිත්‍යය හා ගීය අතර සම්බන්ධේ ගැන ලොකු පාඩමක් ඉගෙනගත්තා වගේ. හැබැයි ලස්සනම සිංදු තමා අර පහලින්ම සටහන් කරපු දෙක. :D
ReplyDelete//"චන්දෝපම බිලිඳේ නුඹ නාඬන් - ඉන්ද්‍රෝ කමලක නිරිඳුට දාවු
බයි බාලොලි නාඬන් බිලිඳේ//
මේ ගීය හා ගෙතුනු මොකක් හරි ඉතිහාස කතාවක් තියනවා නේද?
නියම සාහිත්‍ය + සංගීත පාඩමක් තිස්ස අයියා.
ReplyDeleteඔය පරණ සිංදු අහල තිබ්බට ඔච්චර කරුණු දැනගෙන හිටියෙ නෑනෙ.
ඉතාමත්ම වටිනා කියන පෝස්ටුවක් මෙය මෙහෙම නොවෙයි තව වරන් නිස්කලංකව කියවිය යුතුයි. ස්තුතියි මෙවන් අගනා දේ ලබා දිම ගැන.
ReplyDeleteමගෙ ප්‍රියතම ගීතයක් චන්දෝ මා බිලිඳේ.... බාගන්න තිබ්බා නං අපූරුයි තිස්ස,,, සින්දු අහන්න ගිහින් කියවපු ටික අමතකයි ඕං..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteතිස්ස අයියා
ReplyDeleteඅවුරුදු කැවිලි පෙට්ටියක් ඇරියා වගේය මේ සටහන . පුසුඹ හැම අත පැතිරේ . ඔක්කොම එක සැරේ රස විඳීමට සිතේ . නමුත් එසේ කලොත් ඉස්මුරුතාව සැදේ . හෙමින් හෙමින් , පොඩ්ඩ පොඩ්ඩ රස විඳිය යුතුය
වරක් කියෙව්වෙමි , තව කිහිප වරක් කියවා රස විඳිය යුතුය .
" අරිසෙන් අහුබුදු සූරීන් අතින් සංදේශය චිත්‍රපටිය සඳහා "පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා - සතුරු රාජ මාරයා මුලු ලෝ අල්ලන්න වීරයා" වත් මහගම සේකර සූරීන් අතින් ගැටවරයෝ සිත්තම සඳහා "ගන්න ගන්න මාගෙ රූපේ මං ෆොටෝජෙනික් - හාරිච්චි බෝරිච්චි"". මෙය ඇසීමෙන් මම පුදුම වුනෙමි .
අර එබී බලන "ගැමි සුන්දරියන් " හඳුන්වා දීම ගැන ස්තුතියි ඔබට . මේ තාල අපේ හදට කතා කරන්නේ , එය අපේ ජානවලටම බද්ධ වී ඇති නිසා දෝ ?
චන්දෝ මා බිලිඳේ සිංදුව ගැන පොඩි විස්තරයක් මේ ලින්ක් එකේ තියෙනවා.
ReplyDeletehttp://geerasavinisa.blogspot.com/2009/08/blog-post_10.html
මේව නම් හරි අපූරු වැඩ තිස්ස අයිය.. එකක් ඔයා මේ කරන වැඩේ අනිත් එක අපේ මේ මින්ස්සු කොච්චර අපූරුවට මේ නිර්මාණ කරනවද කියන එක.. මම මේ දවස් ටිකේ ඒ.ආර් රහ්මන්, එස්.පී බාලසුබ්‍රමනියම්,ඉල්ලේරාජා වගේ ඉන්දියන් අයගේ මියුසික් අහ අහ කල්පනා කලා ලංකාවේ තියෙන අමුතු සිරා සිංදු ගැන.. සාහිත්‍යය රසවිඳීම කියන දේ හෙන ඇබ්බැහි වෙන සුලුයි නේද..හි හි.. වෙලාවට කොම්පියුටර් කියල ජාතියක් හොයා ගත්තේ.. නැත්නම් ඉඳල ඉවරයි..
ඔබ හදාරපු, හදාරන මෙහෙම දේවල් තව වදාරන්න. අපි ආසයි අහං ඉන්න (හදාරන්න). නියමයි තිස්ස. මෙහෙම ඒව ලියනවට ඔබට පිං. තව ලියන්න.
ReplyDelete-ප්‍රභංග.
හරිම වටිනා සාහිත්‍ය පාඩමක් තිස්ස මල්ලී. මට නම් සිංහල සාහිත්‍යය ඉගෙන නොගැනීමේ අභාග්‍ය කියල නිම කරන්න බැහැ. අද උනත් ඉගෙන ගන්න ඉතාම කැමැත්තෙන් ඉන්නා විශයක් කිව්වොත් නිවැරදියි. මේ නහින දෙහින කාලෙට මොන සිංහලද? කියාවි. ඒ උනාට ඒ ආසාව තාම එහෙමමයි. ආසම ගීත ටිකක් තියෙනවා. මල් වනේ රෝස කැකුලු, රුක් අත්තන මල මුදුනේ බඹරු නටන සැන්දැවේ , මේ ගීත කවදත් මම කැමතියි. බොහොම ස්තූතියි ! සටහනට.
ReplyDeleteහිමින් සැරේ කියවලා එන්නම්කෝ ආපහු..
ReplyDeleteහොඳින් හදාරා වදාරන බැවින් ලිපිය හරබරය . ගීත ටිකද මනහරය . කලබල වෙලාවක ආවෙමි . නිදහසේ ගී ටික රස විඳින්නට සිතා ගතිමි
ReplyDeleteමේ ටික ආයි පාරක් නිදහසේ කියවන්න ඕනෙ. හ්ම්ම්....අර "මල් වනේ රෝස කැකුළු" ගීතය මම දවසක් අවට වෙන කිසිම සද්දයක් නැති කරුවල රෑක තමයි මුලින්ම ඇහුවෙ. අදටත් මගේ නහර ඒ ගීය ඇහෙනකොට කම්පනය වෙනවා.
ReplyDeleteපුලා සුවඳ මලවුල් කැරැ
ReplyDeleteමේ සැළලිහිණි සංදේශයේ තිබෙන කවි තුනක්. වික්ටර් රත්නායකයන් මනරම් ලෙස සංගීතවත් කොට ගායනා කර තිබෙන අයුරු අපූරුයි.
ළමා කලයැ අකුරට හුරු
කුමරතුඟුවන්ගේ කවි පන්තිය සුනිල් එදිරිසිංහයන් මෙසේ ගීතයක් කොට ගායනා කර තිබෙනවා.
රූ රැසේ අඳිනා ලෙසේ
ගුත්තිලයේ සුරඟන රැඟුම ගීතයක් වූ හැටි.
අදනම් සුපිරිම සුපිරි පෝස්ට් එකක් තිස්ස අයියා.. කියන්ට වදන් නෑ..
ReplyDelete// මර්වින් සිල්වා අමැතිතුමාගේ ගර්හාවට ලක්වුණු අඹන්වෙල නිළමේගේ කවි ගායනාද කර්ණ රසායන ගී බවට පත්ව ඇත. ඒ නිර්මාණය වී ඇත්තේ අඹන්වෙල රාළගේ දරු නැලවිල්ලක් ඇසුරෙනි. //
මං කියවා තිබුනෙ මේක වැදි දරු නැළවිලි ගී ඇසුරෙන් ලියැවුනු එකක් කියලයි.. තිස්ස අයියා තරහ නැතුව මේ ගැන කියවන්ට මොකක් හරි මූලාශ්‍රයක් දෙනවද.??
පලිපාන මැතිනිය: හපොයි හපොයි පාඩම් උගන්නන්න තරම් අදහසක් නැ මෙතන :-) පැතුම් මල්ලී පහල දාලා තියනවා මිගාරගේ ලින්ක් එකක් - ඒකේ විස්තර තියනව නේද? ඌන ඌරණය තමා අඹන්වෙල රාල මේක කීව එක
ReplyDeleteප්‍රසා: අප මොනවද දන්නේ ප්‍රසා. පිළිවෙලකට දන්න උදවිය මක්ක හරි සිංන්හලෙන් ජාලයේ කොටනවනම් ගොඩක් දේ අපටත් ඉගෙන ගන්න තිබ්බ බං
නලීන්: පොඩි පහේ ඇඟිල්ලෙන් ඇනිල්ලක් විතරයි නලීන් මචෝ, අර වාහනේක යනකොට අතෑරිච්ච දෙයක් පෙන්නනවා වාගේ
සරත් මහත්තයෝ මේං බාගන්න
JP: බෙර සද්දේ ගැන ජේපී වරක් කීවා මතකයි ඔයවාගෙම කථාවක්! තමුන්නැහැගෙ පින්තූරගැනත් මට ඇත්තේ ඔවැනි අදහසක් - මොකක්දෝ හුරුවක්, ඇලෙන වගක් තියේ! හේතුව නොදැනී - ඔය පැත්තට කල් ඇතිවම කොවුල් නද දැනිලා වාගෙයි :-)
පැතුම්: ලින්ක් එකටනම් බොහොම ස්තූතියි පැතුම් මල්ලී - මිගාර දැන් ලියනව අඩුයි - වටින බ්ලොග් එකක් ඒක - වචනයේ අරුතෙන්ම 'ගී රස විනිසකි' - මම වාගේ සින්දුවක් දෙකක් දාල මගැරලා යන්නේ නැ. හොඳ විචාරයක් දෙනවා ගීයට.
ස්තූතියි ප්‍රභංග ඒත් මේව අර චාන්දි අක්ක කියනව වාගේ හරිහමන් විදිහට ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තු නැති එක ගැන දුකයි.
වියත් කලාකරුවන් කිහිප දෙනෙක් එකතුවෙලා 'බෘහස්පති' කියල ආයතනයක් පිහිටවල තියනවා. වෙලා තියනවනම් සොයා බලන්න චාන්දි අක්කා. යමක් ඉගෙන ගන්න පුලුවන් තැනක් වාගේ. ඔන්න ලින්ක් එකත් දැම්මා - ඒ ලිපියේ අග ඇති විස්තරේ.
රූ: "හීන් සැරේ රිදී වලාවේ..." :-)
බින්දි: එදිනෙදා ජීවිතේ හිරවුණාම ඉතින් 'කල්පයකින් අසුරු සැණක්' වත් නැතිවෙනව තමා අප්ප
ලකී විකී: නන්දා පතිරනගේ මුල් දරුව ඉපදිලා ජීවත් වෙලා තියෙන්නේ එක දවසයි. බෝම විස්සෝපෙන් ඉන්නකොට එතුමියගෙ මිතුරු ගාමිණී විජේතුංගයන්ගේ යෝජනාවකට අනුව ඒ දුක ඇසුරෙන්ම ගීයක් හදමෞ දුක තුණී වෙන්නත් එක්කල කියල තමා ඔය සින්දුව හදල තියෙන්නේ. සංවේගයක් පරිපාලනය කල හැටි!!!
කවුද බොලේ මේ රසවතා - අපේ වැම්පාවත්ද? - නමක් දැම්මනම් ආයුබෝවන්ඩ මෙව්ව ගැන තොරතුරු ඕනේ වෙච්චි වෙලාවක අහගන්නවත් තිබ්බ - මේත් මදෑ ඉතින් නේද - ඉස්තූතියි ඈ!
කවුද බොලේ මේ රසවතා - අපේ වැම්පාවත්ද? - නමක් දැම්මනම් ආයුබෝවන්ඩ මෙව්ව ගැන තොරතුරු ඕනේ වෙච්චි වෙලාවක අහගන්නවත් තිබ්බ - මේත් මදෑ ඉතින් නේද - ඉස්තූතියි ඈ!
බුරා ඔය පැතුම් ගී රස විනිසේ ලින්කුවක් දාලා ඇති - ඒ ඇරුණම මේවා ගැන සෑහෙන්න සොයා බලාපු දයා අමරසේකර මහත්තයා තමා මේක අඹන්වෙල රාළගේ දරුනැලවිල්ලක්ය කියා පොතක පතක කියා - මම කියවා තිබුණේ - ලින්ක් නම් නැත! අර බිසෝ වැදි බිසවක් නිසාත් අඹන්වෙල රාලත් වැඩ කරු නිසාත් දන්න සෙල්ලම් දාලා ඒ ආරෙටම ගැයුවාද මන්දා - දැන් ඔය සරවන්ට්ලා බා බා බ්ලැක් සීප් කියල ස්වාමිදුවගේ දරුව නලෝනව වාගේ - මොකෝ උන්දැල එංගලන්තේයෑ නේද?
අනේ තිස්ස මහත්තයෝ දයා අමරසේකර මහත්තයාගේ පොතේ නම් ප්‍රකාශයට පත් කල් අවුරුද්ද ප්‍රකාශකයා වගේ විස්තර ටික දෙන්න පුලුවන්ද?
Deleteමොනවා කියන්නද හිතා ගන්නටත් බැරි තරම් බර සාරයි.
ReplyDeleteමේ සියලු කාරනා මේවගේ පැහැදිලිව උදාහරණ සහිතව කියාපු එක ඉතාමත් වැදගත් .
එතකොට තමයි " ඇහෙන සින්දු" තව ටිකක් උනන්දු වෙලා "අහන්න" පෙළඹෙන්නේ.
මේවා අපේ පරපුරට යන්තමින් ස්පර්ශ වුණා . පසු පරපුරට සමහරවිට ආගන්තුක වුණා .
ඔය රික්තය පුරවාලන්න බෘහස්පති ඇත්තටම හොඳ උත්සාහයක් . මමත් එහි යනවා .
මේ ටික ලියුවේ හදිසියෙන් . තව යමක් කියන්නට ඕනැකම තිබෙනවා . පසුව විවේකීව ලියන්නම්
සම්පූර්ණයෙන් කියවන්න කීප වතාවක්ම එන්න වුනා.
ReplyDeleteසාහිත්‍යය, කලාව, නිපුණතාවය හා හික්මිම මොනතරම් ප්‍රබල සංයෝගයක් නොවන්නේද ලස්සනට පෙන්වන මේ ලියමන වෙනුවෙන් (අච්චර වැඩගොඩක් මැද) මිඩංගු කර කාලය හා මහන්සිය ගොඩාක් වටී. බොහෝවිට අදට වඩා ඉඩෝරය තවත් උත්සන්න වූ කාලෙක...
//වදාරන්න පෙර හදාරන්න ඕනේ// එදාට වඩා අදටත් ඉදිරියටත් ඔබින කියමනක්.
අද දෙසන්නන් බොහෝය. දුටු පමනින් අරගන්නත්, ඒ විගස බෙදන්නත් හැකි තාක්ෂණය ඇඟිලි කෙළෙවර තියෙද්දී කිරන්න මනින්න වෙලාවක් නැති තරම්. ඉවසීමක් නැති තරම්. එහෙමත් නැතිනම් ඒ ක්‍රියාව කරන්න ඇති හැකියාව මොන විදියකට හරි වේල් කරලා. ඒ දියුණු තාක්ෂණයේ ආදීනව, අඳුරු පැත්ත. ඒකම නොවෙද අර කියන //ඉඟි බිඟි// දිලීම වෙනතකට හරවන නූතන ලෝකයේ අවස්ථාවදයේ සුන්දර මෙවලම?
සිංහල බාසාව යස මෙවලමක් කරගත්තු ගල්මල් මහත්තේලට මේවා ගැන අපූරුවට තේරෙනව නොවෑ
ReplyDeleteවැඩ රාසියක් මැද සංහිඳියාවෙන් ඉන්න ඉගෙන ගන්න ඔබතුමාත් උපකාර වුණා මට
ගුවන් තොටුපලේ ඉඳලා ගෙදර යන වෙලාවක කුලී රථ රියැදුරෙක් මට මෙහෙම කීවා. [සතියේ දවසක් වූ උදේක සමාන්‍ය වේගයෙන් ගමන් කල අපේ වාහනයට හෝන් ගසමින් වෙට්ටු දමමින් ඉස්සර කර යන රියැදුරන්ගෙන් අඩුවක් වුණේ නෑ..] "පිටරට ඉඳන් මෙහේ එන පිටරටවල මිනිස්සු මේ හදිසිය දැක්කම හිතනව ඇතිනේද මහත්තය අපි හරි කඩිසර ජාතියක් කියල?" මම බ්ලූමැන්ඩල් ගන්දස්කාරය හින්ද ජනෙලේ වහගත්ත මුකුත් නොකිය.
මොළයට පෙර හයිය පාවිච්චි කරන්නට යෑම අතිශයින් ම කණගාටුදායකයි.. ඒකෙන් තමන්ටමයි අවාසිය කියා නොහිතන එක එක්තරා විදියක කර්මයක් පටිසන් දීමක් අයියා... වැඩිහිටියන්ගෙන් වැඩිපුරම ලැබෙන ආදර්ශ තරුණ පරපුර ගන්නවා.. ඊළඟට අයියගෙ මගේ පුංචි එව්වො ගන්නවා..
ReplyDeleteමනසින් උසස් වෙන්නෙ බාහිර පෙනුමෙන් විතරයි... ආවේග පාලනය කරගන්න උගන්වන්න ඕන දරුවා කුසේ ඉඳ්දි අයියා... දරුවා කුසේ ඉඳ්දි අම්මා තැන්පත් වෙන්න ඕන.. ඒකට වටපිටාව උදව් දෙන්න ඕනා.. තාත්තා විතරක් නෙමේ.. වටපිටින් අර අම්මගෙ ඔළුව බරඋනාම හිත දූෂ්‍ය වෙනවා.. කුසේ ඉන්න දරුව සංවර වෙයිද අයියා? පොතක් ලියන්න හැකි.. ඒත් වැඩක් නෑ... නවතින්නම්..
මිනිස් සිත් සතන් නිවා සනහන්ඩ තියෙන කලාව සාහිත්‍යය වගේම ආගම නිසාත් අද කොයිතරම් නම් මිනිස්සු ඇවිලෙමින්ද ඉන්නෙ තිස්ස මහත්තයො...මෙහෙම ඇවිලෙන මිනිස්සු මොනවයින් නිවෙයිද මන්දා ?
ReplyDeleteඔබ හදාරලා වදාරපු මේ ලිපිය කියවීමෙන් දැඩි හිරු රැසින් දැවෙමින් තිබ්බ ගත වගේම කර ගන්න බැරුව ගොඩ ගැහෙමින් තිබෙන වැඩ ගොන්නෙන් දැවෙන හිතද නිවා ගත්තා..ඔබේ උත්සාහය සාර්ථකයි...එයට තුති !
බොහොම පින්, තිස්ස මල්ලී ලිපියට .
ReplyDelete//Art is long but life is short යනුවෙන් ට්‍රොට්‌ස්‌කි කියන්නේ මේක යි. එනම් "කලාව දීර්ඝ යි, ජීවිතය කෙටි යි" යන්නයි. තමන් ගේ කෙටි ජීවිත කාලය තුළ දී මුළු ජීවිත කාලය ම උත්සාහ කෙරුවත් කෙනෙකුට මේ දැවැන්ත කලාවෙන් බින්දු මාත්‍රයක් පමණයි ගන්න පුළුවන්. තනි මිනිහෙකුට තමන් ගේ ජීවිත කාලය තුළ දී මුල සිටම කලාව තනිවම සොයා ගන්න බැහැ. සම්භාව්‍ය සාහිත්‍යය ඕන වෙන්නේ ඒක යි. එහි තිබෙනවා මේ තාක් හොඳ ම සාරය, එය දැන සිටියාම එතන සිට ඉදිරියට යා හැකියි. අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම සම්භාව්‍ය සාහිත්‍යය නොදන්නා කෙනෙක් කරන්නේ අලුත් යෑයි සිතා පරණ දේවල් ම නිර්මාණය කිරීමයි. //
මේ වචන ටික ඇත්තටම හරිම වටිනවා. අපිට කාලය මදි මේ දේ ඉගෙනගන්න. කොහොම හරිම උත්සාහයක් දරන්නම් ටික ටික හරි කරගන්න. මේ ටිකේ නම් අසනීප ගති නිසා විවේකයක් ඇත්තේම නෑ.
මං පරක්කු වෙලා ඇවිත් තවම කියවනවා.. රස විඳිනවා.... හි හි
ReplyDeleteසිංහල ගීත සාහිත්‍යයේ අප හිතනවාට වඩා ගැඹුරක් තියෙනවා.
ReplyDeleteමේක නම් තිස්ස සයිබර් සංගීත රීසර්ච් පේපර් එකක් වගේ...මං එහෙම කිව්වේ කරුණු හොයලා බලලා ලියලා තියෙනව වගේම උදාහරන රිෆරන්ස් කරන කොට ඔන්ලයින් මියුසික් එකත් එක මවුස් කෙටිල්ලන්ම අහන්න පුලුවන් හින්දා....
ReplyDeleteලියලා තියෙන කරුණු ගැන අදහස් දක්වන්න තරම් ඒ ගැන මගේ අවබෝදය අඩුයි..ඒත් ලිපිය නම් එක්සලන්ට් කියලා කියන්න ඒක බාධාවක් නෙවෙයි...
අද දවසට කපුගේ මිය ගිහිල්ලා අවුරුදු 10යි......දැන් කපුගේ ගේ සින්දු වැඩිය ඇහෙන්නේ නෑ...මං කියන්නේ රේඩියෝ වල නෙවෙයි....ඒවායේ කොහොමත් හරි හමං සින්දුවක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්..ඒ කාලේ වෙනස් තාලේ වෙනස් නිසා වෙන්නා ඇති....මං කියන්නේ ඉස්සර පැදුරු සාජ්ජෙකදී ට්‍රිප් එකකදී පට්ට ගහපු කපුගේ දැන් එච්චර එහෙම වෙන්නේ නෑ..මේ කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම හා මතය...
ඒත් ඒ සන්තැසසියම ජෝතිපාලට වෙලා නෑ...
ඇයි එහෙම වෙන්නේ....කපුගේ ගිහිල්ලා අවුරුදු දහයක් පිරෙන අද දවසේ මට ඒ ප්‍රශ්ණයට උත්තරයක්.....අනේ මන්දා......නෝ වන් ඉස් ඉන්ඩිපෙන්සබල් නේ නේද?
සුසර: මේව ගැන හොයන්න හොයන්න මහ බොල් ගතියක් දැනෙන්න ගන්නව මට කොච්චර දේවල් මගෑරිලාද කියල. ඒත් එක්කම කවුරු හරි ඇනල පෙන්නුවහම ටිකක් හොඳින් බලන්න උත්සුකවෙන එකත් ඇත්ත. සුසරල වාගේ අය මේ වගේ ඇවිල්ල අඩුපාඩු පුරවනවනම් කියවන කිහිප දෙනෙක් අතර හෝ පොඩි උනන්දුවක් ඇතිවේවි.
ReplyDeleteතනෝජා: "දරුවා කුසේ ඉඳ්දි අම්මා තැන්පත් වෙන්න ඕන" මෙව්වා කීවම අපහාස උපහාස තමා වින්දින්න වෙන්නේ දැන් දැන් :-)
වෙනී: සැහෙන්න වටින කථාවක් වෙනී "මොනවායින් නිවේවිද?"
ඔව් ඒ ලිපිය මගේත් සිත් ගත්තා චාන්දි අක්කා. නිර්මාණයන් කරන/කරපු කෙනෙක් හින්දා ඒ වැදෑරීමේ වටිනාකම බොහොම වැඩියි
හිරු වුණහම උදෙන්ම එන්න එපායැ! :-)
මයියා: ඒක අලුත් අදහසක් මට "සයිබර් රීසර්ච් පේපර්" . ජාලයටම විශේෂ ගුණ නේද? රේඩියෝ චැනල් දැන් දැන් mp3 වලින්ම දුවනවද කියලත් හිතෙනව - ඔරිජිනල් මියුසික් එක්ක සොයාගන්න ඕන තරම් තියෙද්දී සන්ෆ්ලවර් එකම දානවනෙ කපුගේගේ සින්දුවලත් සමහර චැනල් :-( මෙතන පොඩි හිතාගන්න බැරි කාරනයක් තියේ මයියා මටත් - මේක මතුකල එක හොඳා - ඇයි ජෝතිපාලට එහෙම නූනේ? ඇයි කපුගේට එහෙම වුනේ? - වෙනම අරගෙන බලනවද එකට අරගෙන බලනවද කියන එකත් ප්‍රස්නයක් - ඕං ඉතින් අවබෝධය අඩුයි කියල අතැරිය ගිනිගෙඩිය :-)
සුමිත්: ඒකනෙව - සොයන්න බලන්න - උත්සුක නොවී නිර්මාණයට පනින්න නෙව කල්පනාව - සමහරුන්ට සහජ හැකියාවක් තියේ - ඒව ඔපදාගන්න විශ්වකෝෂයක් වාගේ තියන පාරම්පරික දැනුම දිහාට පොඩ්ඩ්ක් ඔලුව ඔබන්නේ නෑ නෙව!
ReplyDeleteහරිම අපූරු ලිපියක්... ඉවර කරලා තියන හැටියටත් මම කැමතියි. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ලිපිය මමත් කියෙව්වා කතිකා බ්ලොගයේ තිබිලා. රත්න ශ්‍රී ත් අති දක්ෂයෙක් මේ පැරණි කලාකෘති ආශ්‍රයෙන් නව නිර්මාණ කරන්න. ගීත ටික නම් අහන්න වෙන්නේ ගෙදර ගිහින්.
ReplyDeleteමේ "සඳැස් විදා මොණරු නටති" කියන්නේ, නන්දා මාලිනීගේ ගීතයක අන්තරා කොටස් දෙකක්ද.. එහෙම මතකයක් තියනවා වගේ. ඒ වගේම මලිගිය මල් මාලේ කියන්නෙ මොකද්ද?
මම ඉවර කරලා තියන විදිහට කැමතියි කිව්වේ... අද කාලේ බොහෝ වෙලාවට මේ වගේ පැරණි දෙයක් ගැන කතා කලාම ඒකෙ එල්ලිලා දේශාභිමාන ආතල් ගන්න උදවිය වැඩි නිසා. සේකර, අහුබුදු ඒ වගේ පටු මානසිකත්වයකින් හෙබි පුද්ගලයන් නොවන බව කියන්නට කදිම සාක්ෂියක් මේක.
මේ "මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.." ගීතයේ කොටස් තිසර..
ReplyDeleteසඳැස් කියන්නේ අර අර මොණර පිලේ තියන ඇහැ වාගේ කොටසට
මලිගිය මල් මාලේ කියන්නේ ඉද්ද මල් මාලෙකට
ස්තූතියි තිසර කියන්න හැදුව දේ එයාකාරයෙන්ම ගත්තට!
Nice blog Tissa and you remembered here old and gold songs as well. Thanks sharing your thoughts with us.
ReplyDelete""ඔහොයියා අවුල් නාද සපිරිවර්ධනේ - දින දින සපිරිවර්ධනේ..."
ReplyDeleteපුංචි කාලෙ මතක් වුනා. දැන් ගොඩක් අඩුයි මේ වගෙ කවි අහන්න කියවන්න ලැබෙන එක. ස්තුතියි.
මැණික්
හිතවත් තිස්ස මහත්මයෝ,
ReplyDeleteහරිම අපූරුයි නෙව...මේ වගේ රසවින්දනයක් ඔබතුමාගේ අඩවියෙන් මිස ....
ඔබට ජය...
සුලා...
ස්තූතියි ඔබතුමාට මෙච්චර රසවත් දේවල් අපිත් එක්ක බෙදාගන්නවට...
ReplyDeleteනන්දා පතිරණගෙ සින්දුව මං හරිම ආස සින්දුවක්... ආසාවෙන් අහලා පහතට කියවන් ගියාමයි දැක්කෙ පසුබිම් කතාව.... ඒක කියවලා ආයෙ සින්දුව අහනකොට සෑහෙන සංවේදී බවක් දැනිලා ඇහැට කඳුලකුත් ආවා....
ReplyDeleteනන්දා මාලිනීගෙ රේඛා, කුරවි කෙවිල්ලන් සින්දු දෙකත් ගොඩාක්ම ප්‍රිය කරන සින්දු... සැඟවී ඇති ඉඟි බිඟි දුටුවා නේන්නම්.... සෑහෙන කාලෙකින් මේ සින්දු ඇහුවෙ....
වෙනදා වගේම ලස්සන වගේම වැදගත් පෝස්ට් එකක්.... බොහොම ස්තුතියි...
පොස්ටුවෙන් වගේම හරබර කොමන්ටු වලින් මතක අලුත් වුනා වගේම අලුත් දේවල් ද දැන ගත්තෙමි, හැමෝටම බොහෝම ස්තුතියි.
ReplyDeleteමේ වගේ පැරණි ගී ගොඩක් තියෙද්දි මම කල්පනා කලේ මෑත කාලයේ මේ වගේ ගී සින්දු ලියැවී/කියැවී නැත්තේ ඇයිද කියා..
ReplyDeleteඑතකොට මතක් වුනේ නෙලූ අධිකාරිගේ සුභාෂිතයේ පද එක්කොට ලියැවුනු නගේ මලේ මොනවද මේ විච්චූරන නාඩගම් ගීය..
http://www.youtube.com/watch?v=1saYJ6KdQTc
නැතුව නැතුව? ඉඟි බිඟි දැක්කා.
ReplyDeleteකාලෙකින් එන්න බැරිවුනා මචං මේ පැත්තෙ. උඹත් ලියලා නෑනෙ වැඩිය. ඒවටත් හරියන මෙනන දීලා තියනවා දොඹෙන්. ඇත්තටම මේ කරුණු ඔක්කොම එක බ්ලොග් පෝස්ට් එකකට එබුවේ මොකද බං? මේකෙ කරුණු වැඩියි ඇත්තටම. ඒ විතරක් නෙවෙයි උඹේ ආරම්භක ඡේද දෙකේම තියෙනවා නැවතිලා වෙනම සාකච්ඡා කරන්න පුලුවන් මාතෘකා කොට කීපයක්ම.
බොහොම ස්තුතියි තිස්ස බාගත්තා ඇහුවා. මීපැණි වගෙයි.. කල් ඉකුත් නොවෙන රසයක්..
ReplyDeleteතිස්ස අයියා,
ReplyDeleteමේක නම් ලස්සන වටින පොස්ට් එකක්. ඇයි දැන් හැදෙන අලුත් සින්දු මේ වගේ හොඳ පදනමක් ඇතුව හැදෙන්නේ නැත්තේ?එකයි ඒවා සෝඩා බෝතල් වගේ වෙන්නේ.
මන් ආසාවෙන් හොයන ලස්සන පරණ සින්දුවක් තියනවා.මේකේ මුල කෑල්ලයි අන්තිම කෑල්ලයි විතරයි මට මට මතක.ගායකයාගේ නමවත් ඔලුවට එන්නේ නෑ .ඒකයි සින්දුව හොයාගන්ඩ බැරිවුනේ..
මුල් පේලිය...
"රහසක්.. රහසක්... දිවිය පුරා රැකි රහසක්..."
අන්තිමට මෙහෙමත් තියනවා, " ප්‍රථම ප්‍රේමයේ විරහව අතරේ රැඳී සිටියා මිස කිසිදින මම පෙම් නොකලෙමි..."
අයියා අහල තියනවනම් ලින්ක් එකක් දාන්ඩ...
රේඛා සින්දුව අහනකොට මේ පෝස්ට් එක බලන්න මතක් වුනා අද. හොදට ලියලා තියෙනවා. තව ඔය වගේ සින්දු ගොඩක් තියෙනවා. රෝහණ බැද්දගේගෙ සින්දු ලියවෙන්නෙත් සසද කවි මල් වාරම් කවි වගේ ඒවගෙන්. නන්දා මාලිනී කියන සාර සිරි සාර කියන එක තනිකරම ටීකාවක්. දැන් මතක් වෙන්නෙ නෑ. පුලුවන් නම් මේකෙ දෙවනි එකත් ලියන්න. බොහොම ස්තුතියි.
ReplyDeleteSimilarly Nuwara Kalaviye Jnakavi by Rev Orkmankulame Chandana amply proves the influence of folk songs on contemporary Sinhala music
ReplyDeleteඔබ මතක් කල් එක හොඳයි. ඔරුමාන්කුලමෙ චන්දන හාමුදුරුවන්ගෙ පොත ගන්න ඕනෑ! ස්තූතියි!
Deleteකුරවී කෙවිල්ලන් බාගත කල හැක්කේ කෙසේද කියනවද?
ReplyDeletetissa1969@yahoo.com එකට ටෙස්ට් මේල් එකක් දමන්න මම එවන්නම් mp3 එක
Delete@තිස්ස - මචං මම දයා අමරසේකරගෙන් මේ කවිය තියෙන පොත ගැන ඇහුවා. එයා කිව්වා එයා මේ කවිය ගැන සොයා බලලා හෝ ඒක පොතක ඇතුළත් කරලා නම් නැහැ කියලා. මා ගාව තියෙන 1947 මේ හා සමාන කවිය පහතින් දාන්නම්. උඹට පුළුවන් නම් තරහ නැතිව පොඩ්ඩක් මතක් කරලා කියපං උඹේ කවි සෙට් එක කොහෙන්ද සොයා ගත්තේ කියලා.
ReplyDeleteඅමරදේව ගායනා කරන මෙම පද වැල කටවහරෙන් ආපු වැදි නැළවිලි ගීයක් ආශ්‍රයෙන් බිහි වූවක්. වැදි දරු නැළවිලි ගීයේ එක සවරූපයක් සම්බන්ධ 1947 දී එන එක ලිඛිත සාක්ෂියක් තමයි පහතින් තියෙන්නේ.
1947 කාව්‍ය සංග්‍රහව හෙවත් කව් සඟරාව (පිට 280)
“වැද්දන්ගේ දරුනැලවිලි සහ දෑකැති සිව්පද අප සඟරාවේ දෙවෙනි කාණ්ඩයේ දක්වා තිබෙන කවි හා සම්බන්ධයි”
1947. චන්ද්‍රා බා බිලිඳේ -
කෝන් ගචේ මුල ඉහලට ජානා
හීන් ගචේ ඉඳ හා හූ ගානා
[පැන්න කලට කුකුලන් හඬලන්නා]
ඔන්න බිලිඳු බකමූනු අඬන්නා
1948. වත්ත පහල ඉඳ හෙමින් අඬන්නා
අපොයි කියා බඩරුජා කියන්නා
හෙමින් ඇවිත් අගු කොනම අඬන්නා
ඔන්න බිලිඳු බෝදිලී අඬන්නා
1949. චන්ද්‍රා බා බිලිඳේ - ගඩිගිඩි ගාමින් බඩ ගොරවන්නා
මහගච පොඩිකර බිමත ලවන්නා
[වට චිටි පැටියන් ලග කැදවන්නා]
ඔන්න බිලිඳු ඇත් රැල බිඳ එන්නා
1950. චන්ද්‍රා බා බිලිඳේ - [පැන පැන අතු අග කොළ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට චිටි පැටියන් ලග කැඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන එන්නා] ගීතයේ දෙවන අන්තරා කොටසට සමාන කවිය
1951. [චන්ද්‍රා බා බිලිඳේ නුඹ නාඩන්
ඉන්ද්‍රා කොමලත් නිරිඳුට දාවූ
බාලොලින් නාඩන් බිලින්දේ
නාඩන් දැන් එත්දෑ] ගීතයට යොදා ගත් ස්ථායී කොටසට සමාන කොටස
1952. පිටනන් ඔහුගේ පත්‍ර කිතුල්ලා
කටනන් ඔහුගේ කුනුකෙල මල්ලා
කොටකම් බුච්චා ඉචුරු මහල්ලා
ගෙට පැනලා හිට ගෙනියති අල්ලා
(දෙවැනි කාණ්ඩයේ කවි මෙහි පල නොකරන මුත් එහි ඇති සටහන මෙසේය - පිට 31)
“ලුවිස් ද සොයිසා මහමුදලි තුමා වන්නි හත්පත්තුවට ගිය කාලෙදි වැද්දන්ගේ කව්, සිලෝ, ගීතිකා, දරුනැලවිලිද ඔවුන් විසින් ඔප්පු කර තිබේ. එයින් වැදගත් කීම් එකොළොසක් මෙහි අන්තර්ගත කර ඇත්තේය.”
ඉහත තොරතුරු අනුව ලුවිස් ද සොයිසා වන්නි හත්පත්තුවේ වැද්දන්ගෙන් එකතු කළ කවි පන්තියක් බව සාධාරණ නිගමනයකට එළඹිය හැකි වුනත් ඒ ගැන හරියටම නිගමනයක් කරන්න බැහැ.
තිස්ස පල කළ කවියට කිට්ටුම කවිය මට හම්බු වුනේ 1966 දේවාර් සූර්ය සේන පල කරපු "ලංකා ගීතාවලිය" පොතේ. ඔහුට අනුව කවියේ මෙම වර්ෂන් එක එකතු කර ගෙන ඇත්තේ 1931 දී හෝ 30 දශකයේ මුල උඩුනුවර ගෙලිඔය ආශ්‍රිතව ඇති හන්දෙස්සේ පදිංචි ජී.ජී. මුදියන්සේ ගේ ගායනයකින්. මේ පොතේ පෙරවදන අනුව දේවාර් මේ කවි පද සටහන් කරගෙන ඇත්තේ පොත පල කිරීමට අවුරුදු 35කට පෙර ඒ කියන්නේ 1931 වසරේ විතර ලංකාවේ නොයෙක් පිටිසර ගම් පෙදෙස් වල සැරිසරා ගැමි ගී ගැමියන්ගෙන්ම අසා සටහන් කර ගැනීමෙන්. දේවාර් ලියලා මේක දාලා තියෙන්නේ "අඹන්වෙල නිලමෙගේ දරුනැලවිල්ල" කියන හෙඩිම යටතේ. මෙම පොතේ මේ කවියේ ස්වර ප්‍රස්තාරයත් සටහන් වෙනවා. ඔහු පෙර වදනේ දී කියන්නේ "මගේ බිරිඳ වන නෙළුම් දේවියගේ ස සහාය ඇතිව, ... ආදී ගැමි ගී ප්‍රධාන නගරවල පවත්වනු ලද විවිධ ප්‍රසංග වලදී ගැයුවෙමි.... අනතුරුව බ්‍රිතාන්‍යයේද, යුරෝපයේද, ඇමරිකාවේද, ආසියාවේද, සිංහල සහ ඉන්දීය ගැමි ගී ගයමින් සංචාරය කළෙමු" කියලා. ආචාර්ය පියසෝම මේදිස්ට අනුව ඔහු මෙම ගීය දේවාර් සූරියසේන ගේ හඬින් අහලා තියෙනවා. දේවාර් ගයන ගීතයේ පිටපතක් හෝ ඒ ගැන තහවුරු කර ගැනීමට නොහැකි වුනත් මෙම ගීය හෙන්රි ජයසේන හෝ අමරදේව ගායනා කරන්න ඉස්සර මෙම පොතේ සටහන් තනුවට අනුව දේවාර් ගයන්න ඇති කියලා සාධාරණ නිගමනයකට එන්න පුළුවන්. මෙම පොත පළකරන්නේ 1966 වුනත් මේ අනුව පෙනෙන්නේ කාලයෙන් වැහිලා තිබ්බ මෙම කවි පන්තිය සොයාගෙන ගායනා කිරීමේ මුල් ගෞරවය දේවාර්ටත් හිමි වෙන බවයි මට හිතෙන්නේ.
ReplyDeleteචංදෝපම බිලිඳේ නුඹ නාඩන්
චංදෝපම බිලිඳේ
ඉන්දෝ කමලක නිරිඳුට දා වූ
බයි බාලොලි නාඩන්න බිලිඳේ
දැන් ඒවිය නාඩන් පා
දැන් දෙවිඳුන් මට දුන් තුනු රූපා
චන්දන කුන්ද සමන් සිරි සේ පා
වන් පිරිසිඳු යසසින් සුමනාපා
මන්මද දැන් දරු පෙම් බැඳි රූපා
කොක්කන පයියක් උරයක එල්ලා
දික් සැඩ පළු දසඅතට අවුල්ලා
සක් ගෙඩියක් පිට ඇවිද තුමුල්ලා
ලක්ගල ආඬි ගුරුන් යයි අල්ලා
චංදෝපම...
බඩ නම් ඔහුගේ පොතු කොල මල්ලා
පිට නම් ඇද මහ පත්‍ර කිඳුල්ලා
කෝඩි සබුක් සහ විසුලු මහල්ලා
ගෙට ඒ විය දැන් පැන යයි අල්ලා
චංදෝපම...
පැන්න තැනම කුකුළන් හඬලානා
කන්නට බත් ලැබ ඌ සැම තෑනා
ගොන්න ගැහෙ ඉඳ හා හූ ගානා
ඔන්න ඇවිත් පැනපි ලු බකමූණා
චංදෝපම...