දිය පිට ඈන්දා ආදර සිතුවම්...

ඇයි සොයුර ඔබ එහෙම කලේ... ? තමන්ගේ දෝතින්ම ගෙනල්ලා, මලානිකව තිබිච්ච ඒ ලදලු පැලය, ඔබම නේද අලුත් පසක ඉන්දෙව්වේ...? ඔබටත්, සැමටත් සෙවන දෙන, අතුපතර විහිදුන, ඩිඩාවෙන් බරවූ විට හිස තියා හාන්සි විය හැකි, මහා වෘක්ෂයක් වෙනකල් ඉවසන්න බැරි වුනේ ඇයි...? එය ලස්සන මල් පොහොට්‍ටු පුබුදුවාලූයෙත් ඔබ වෙනුවෙන්මයි...! අන් කිසිවෙකුටවත් නොවේ... ගස මෝරන්නටත් කලින්ම එහි පලයම ඉල්ලා හඬන්නට තරම් ඔබ සැහැසි වූයේ ඇයි සොයුර...? නියගයටත්, වරුසාවටත් එකසේ ඔරොත්තු දී තිබු ඒ ගස සුවඳැති මලින් තොර කලේ ඔබමයි....! අසලින් යන මගී අපටත් ඔබ ඒ සුන්දරත්වය අහිමි කලා... ඔබට සාප වේවා...
(එක් බෙරයකින් තවත් බෙරයකට...! ගායනය නිරංජලා සරෝජීනී ගේ සුමියුරු හඬින්)

දිය පිට ඈන්දා ආදර සිතුවම්...
කල්ප විනාසය තෙක් පවතින්නට, වෙරලේ ලිව්වා දහසක් පෙම් කවි...
ඉරහඳ පායන තෙක් නොමැකෙන්නට....

ලොවම අසිරිමත් වී නෙත් පියවී අන්ධ වුනා මා අන්ධ වුනා...
සුමිහිරි ගීයෙන් දෙසවන් පිනවී බිහිරි වුනා මා බිහිරි වුනා...

අනියත කිසිවක් නොදිටිමි ලොව තුල පාරාදීසෙක මා සිටියේ...
නටබුන්වත් නෑ රුසිරු සිහිනයේ ධූලි වලා සේ බිඳී ගියේ....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න

34 comments :

  1. මේ ලෝකයේ පවතින සියළු දේහි අස්ථීර බව මොනවට පෙන්වන ගීතයක්..... බලන් හිටියට පාඩු නෙහැ අප්පා.... හොදම හොදම හොදම ගීතයක් ...........

    ReplyDelete
  2. වාව්.. හැඳින්වීමම කවියක් වගේනෙ. කියලා වැඩක් නෑ.
    පද පෙළ කියෙවුවා..දැන් අහන්නම්.

    ReplyDelete
  3. @වත් ...උණු උණු කෝපි....! බොහොම ස්තූති... මොනිටර් එක මොකද කරගත්තේ...?

    ReplyDelete
  4. @Raven : මට ඔලොක්කු කතා කියන්න එපා මල්ලියේ... දෛවය නිසා වෙච්චි කම්පාවක් සටහන් කලේ... මල්ලී ගේ රටාවට අහලකටවත් එන්න බෑ අපට...

    ReplyDelete
  5. අඩේ ඔන්න ඉතින්. ඇත්තටම මේ හැඳින්වීම මගේ සිත් ගත්තා අයියෙ. කම්පනයන් තමයි අපිව හොඳ නිර්මාණකරුවන් වගේම විඳින්නන් බවටත් පත් කරන්නෙ.

    ReplyDelete
  6. සාප කරන්න එපා.........

    ආලය අන්ධයි කීවෙ බොරුවට නෙමෙයි...
    මොළේ ආදරේ කරන කොටස වැඩියෙන් ක්‍රියා කරන කොට දකින කොටස අඩුවෙන්ලූ ක්‍රියා කරන්නේ. අන්තිමට ආකර්ශනය අඩු වෙලා අඩු වෙලා යන කොට දකින කොටස වැඩියෙන් වැඩ කරනව. එතකොට තමයි ඇස් ඇරෙන්නෙ.....

    ඒත් අයිය "True Love Is Never Blind" මොකද , අපි එතකොට මුලින්ම දකින්නෙ පුද්ගලයව. පස්සෙ තමයි ආදරේ දකින්නෙ. එතකොට පුද්ගලයාගේ ගති ස්වභාවය අපි තේරුම් අරන් තමයි ආදරේට මුල පුරන්නෙ. ඒ නිසා දුරස්වීම් අඩුයි....

    මම මගෙ ආදරේ ලියන්නෙ .... දිය පිට ඇදි ඉරක් වගේවත්,
    වෙරළෙවත් නෙමෙයි.... එහෙනම් කොහෙද.....!!!! ඇයි සයිබර් අවකාශයේ ....... මම ම අයින් කරොත් මිසක් කල්ප විනාශය තෙක්ම පවතීවි නේද ඒ ආදරේ .........

    ReplyDelete
  7. කල්ප විනාසය තෙක් පවතින්නට..
    පෙම් කවි ලිව්වේ ...
    වෙරලේ සුසිනිඳු වැලි මතදෝ...
    ඊළඟ රළ පෙල සෝදා හරිනා..
    වෙරලේ සුසිනිඳු වැලි මතදෝ...

    අය්යෙ.. ලස්සන ම සින්දුවක්..

    ReplyDelete
  8. @Raven : උඹෙන් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා මලේ...

    @වත්: ඒක හරි... නමුත් ආදරේ හොඳින් බලා කියා ගන්න ඕනෑ නේද?...අමු පේර ගෙඩි කනවා වගේ ලපටි ගහට නැගලා ගහත් විනාස කරලා...
    දෙවෙනි කාරණයට සම්පූර්ණයෙන්ම එකගයි....
    මෙන්න අලුත්ම නිමිත්තක් ගීයකට... සයිබර් අවකාශයේ ඇඳි කව්....

    ReplyDelete
  9. @චේජනා: බොහොම ස්තූතියි නංගී...

    ReplyDelete
  10. තිස්ස අයියා ඔයාට වෙන දෙ පෙනවද..... වැරදි වැටහිම් හින්දා මිනිස්සු ආතරමං වෙනවා.... හිතට තරහව ආපුහාම හරි දෙ මොකද්ද වැරදි දෙ මොකද්ද කියලා පෙන්නෙ නැහැ....

    ReplyDelete
  11. ඇත්තටම රවා උඹේ විස්වාසය නිසා හා වත්සලාගේ කතාව නිසයි මම කුමාරට කෝල් නොකරන්න තීරණය කලේ... මදෑ ඔයින් ගියා නේද...?.

    ReplyDelete
  12. තිස්ස අයිය මං දාපු සින්දුවට දුන්න පිං මං දෙගුණයක් කරල අයියටම දුන්න.... දැන් ඒක ආයෙමත් දෙගුණයක් කරන්න හිතෙනව ආසම කරන ගීත මෙහෙම අපූරු සටහන් එක්ක අපිට අහන්න සලස්සනවට.....

    ReplyDelete
  13. @විශ්මි: එහෙමනම් මට අද ඔබව විශ්මයට පත් කරන්න බැරි වුනා....?

    ReplyDelete
  14. මොකෝ නැත්තෙ අයියෙ.... දැන් නිතර ඇහෙන්නෙ නැති ආස කරන ගීතයක් අහන්න ලැබීමම විශ්මයක්නෙ..... :)

    ReplyDelete
  15. ඔන්න හැමදාම වගේ පරක්කු වෙච්චි බස්එකෙං මාත් ආවා ලොකුඅයියේ.උඹ දන්නවනේ ඉතිං මොකද මං හැමදාම පරක්කු කියලා.

    පරණ සිංදු කියලා කියන්ඩ බෑ බං මේවට.. මේවා කවදාවත් පරණ වෙන්නේ නැති සිංදු.අර විශ්මි කිව්ව වගේ උඹට පිං අපිට මේ ‍බෙදලා දෙන හිතේ සැනසිල්ලට.
    -ජය

    ReplyDelete
  16. thank you mauchan---a song I like most...takes me to the careless past...I like the හේවිසි බෙර sound in the back ground.... and rapid shifting of the drum music..

    your friend

    ReplyDelete
  17. Thanks my friend...I also very much fond of the drum beat at the back ground...
    mmm...craeless... hope you were able to compensate at least....

    ReplyDelete
  18. මම හිතන්නේ තිස්සට පුලුවන් හොදට ලියන්න පූර්විකාව අනර්ඝයි. වැඩිපුර ලිව්වානම් හොදයි කියලයි හිතෙන්නේ.. හරිම අර්ථාන්විත ගීතයක් පද ටික හිත ඇතුලටම කිදා බහිනවා....

    ReplyDelete
  19. පූර්විකාවෙන් විස්තර කළේ සත්‍ය අත්දැකීමක් වෙන්න ඇති කියල අනුමාන කරනවා. ඔය වාගෙ නොසන්ඩාලයෝ මටත් මුණගැහිල තියෙනවා මචං.

    මගෙ ආසම සින්දුවක්.....බොහොම පිං මේක දැම්මට. ගීත රචකයා ගැන එහෙම හෝඩුවාවක් තියෙනවද?

    ReplyDelete
  20. @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය: ජීවිතේටම මේ ප්‍රසිද්ධියේ ලියන්න ගත්තමයි බ්ලොග් කෙරුවාවත් එක්ක... වියත්ව ලියන ඕගොල්ලන්ගේ වගේ සයිට් වලින් තමයි අපට පාර කියන්නේ... බොහොම ස්තූතියි නොමසුරු අගය කිරීමට....

    @Pali : ජීවිතේ, ලෝකේ, ඇතිවෙන්න කරක් ගහපු උඹේ ඉව දැන් කූටප්‍රාප්තියට පැමිණිලා කියලයි මට හිතෙන්නේ... ඔව් බන් මට හරි කණගා‍ටුවක් දැනුනු සිද්ධියක් ඒක... සරල රස විඳීම් වලින් මිනිස්සු ඈත් වෙන එකේ විපාක...

    මේ සුන්දර ගස මගෙන් ඇහුව මෙහෙම ප්‍රස්නයක් "ඇත්තටම ආදරේ නම් එහෙම දෙයක් වෙයිද....?, "මම කිව්ව පණ්ඩිතකමකට " ප්‍රෙමය නම්.... සඳ එලිය සේ... " වගේ දේවල් ප්‍රායෝගික ජීවිතයේ නෑ කියල... මම එදා ඉඳලා ඒ දේ ආයේ කිසිවෙකුට නොකියන්න තීරණය කලා...

    ReplyDelete
  21. ඇත්තමයි හැදින්වීම නම් කියලා වැඩක් නෑ. නියමයි.....
    ගීතය හදවත පිරිමැද්දා වගේ දැනුනා

    ස්තුතියි තිස්ස අයියේ

    ReplyDelete
  22. හිටපු ජනාධිපතිවර විජේතුංග මහත්මයා වරෙක කිව්වා "මම මෘදුයි... එහෙත් දැඩියි..." කියලා... මම සහ ගොඩක් දෙනෙක් හිනාවුනා ඒකට... නමුත් දිල්, ඔබ දිහා බලන කොට එහෙම අය හැබෑවටම ඉන්නවා නේද කියලා හිතෙනවා...

    ReplyDelete
  23. වත් කියන කථාවට 100% එකඟයි. තේරුම් අරං කරන ආදරේ අන්ධ නැහැ. ඒ වගේම මතුපිටින් පේන දේට ආකර්ෂණය වුනාම ඒ ආදරේ තමන්ව අන්දන බව දැනෙන්න කල් යනවා.

    ReplyDelete
  24. සියලුම දේ අනිත්‍ය ලෝකයක නිස්සාර නිත්‍ය දෑ අන්ධානුභාවයෙන් සොයා යන ගමනක කෙලවර කොයිබදැයි අපිට සරලව වටහා දෙන මේ ගීය හැමදෙනාගේ දෑස් පාදන මහඟු දායාදයක් මචන් . ..

    උඹට පිං මේ ගීතය පල එකල එකට . . .

    ReplyDelete
  25. @RanDil: වසනාව තිබ්බොත්...මතුපිටයි අතුලතයි දෙකම සොඳුරු වෙනවා...

    @දුකා: පොඩ්ඩක් හිටපන්....උඹට ඔය දුක්ගන්නා රාජකාරිය තව චිරාත් කාලයක් කරන්න වෙනවා... අපි ඔක්කොම ගොඩ යනකල් පොඩ්ඩක් හිටපාන්....!

    ReplyDelete
  26. හප්පා....හරිම මහන්සියි.....මේ දිවිල්ල කවදා අහවරවෙයිද..තිසා....??

    අද කලින් ගෙදර ආවා.....ඒත් අදින් පටන්ගන්න සති අන්තය වෙනදාටත් වඩා කාර්‍යය බහුලයි.....මක් කොරන්ඩදෑ.....??

    මo හීනයක් දකිනව....හැන්දෑවක රුවැන්මැලී සෑයේ මළුවෙ ඇස් දෙක පියාන ඉන්න..උදේ පාන්දර ථූපාරාමයේ ගල් කණුවකට හෙත්තුවෙලා කිරි ආහාර පූජාවට එන පෙරහැර දිහා බලාන ඉන්න..බවුන් වඩන්න නෙවි...මට ඔනේ මේවා ගොඩනඟන්න දරදිය ඇද්ද මගේ රටේ ආදරණීය මිනිසුන්ගේ දාඩිය සුවඳට ඉව අල්ලන්න...උන්ගේ සාදුකාරයන්ට සාදු කියන්න...කොටින්ම කිව්වොත් උන් එක්ක ජීවත් වෙන්න....ආ..මට අමතකවුනා...කොත් කැරැල්ලේ වැදිලා නින්නාද දෙන හේවිසි නාදයට සවන් දෙන්න...

    ම්..තව..ඉර බැහැගෙන යනකොට පැරකුම් සමුදුරේ ඉහත්තාවෙ ගල් තලාවක ඉඳගෙන ගොවි රජවරුන්ගේ වීර කාව්‍යයන්ට..සම වැදෙන්න....නැතිව බෙල්ලේ ගලක් බැඳගෙන අර මහ ජලකඳට දිවි දෙන්න නෙවි...


    හිනා වෙන්න එපා...මූට පිස්සුද???...උඹට හිතේවි...ඒත් මගේ හීනය උඹ මා සදාකාලිකව රස විඳින මේ සින්දුවටම ලියැවුණු පුර්විකාවක් නොවෙයිද..????


    මේ...

    සුලා...

    ReplyDelete
  27. කවුද අප්පා මේ සුලා. . .
    අනේ මචං කෝල් එකක් දීපන් විනාඩි පහකට . . .(050-4514671)
    තිසා උඹේ මගෙයි ෆොටෝ කොපියක් වගේ බන් මේ සුලා . . . !

    ReplyDelete
  28. @දුකා : බලපන් දුකා මූ හූවක මානයක ඉඳන් අපි දෙන්නව හොඳටම අවුස්සනවනේ... සිරාම පොරක්... ෂහ් සෙට් වෙන්න එලම පොරක්.....

    ඇත්ත කියපන් දුකා මේ උඹමද මාව අන්දන්නේ...?

    ReplyDelete
  29. සුලා....උඹ මොකා වුනත් කමක් නැහැ.....හැමදාම ඇවිත් පලයන් කොල්ලො.

    ReplyDelete
  30. @හිතවත් දුකා.....

    මට මතක හැටියට උඹේ සයිබර් අඩවියට ගොඩවැදුනේ අර උඹ අක්කලා ගැන ලියල තිවුන අපූරු සොඳුරු ගද්‍යය කාව්‍යය දැකලා.....මම මගේ අක්කාලා ගැනත් සටහනක් තිව්වා.....නමුත් පලවුනේ නැහැ...මම උඹව අඳුන ගත්තේ එතනින්...ඒවගේම අනිත් ලිපි වලින් මම උඹව හොඳට ඇදින්නා....බැඳීම සoසාරගතයි.......ඉදින්.............


    @හිතවත් තිසා...

    හෝව්...හෝව්...උඹ මාත් එක්ක ඊයෙ ගැහැව්ව ගිවිසුමට මොකද උනේ...මේ...ඔය දුකාට දාන ගෝරනාඩුව නවත්තහන්...එකයි එකයි එකට එකතු කරපුවාහම තුනයි මිසක් දෙක නොවෙයිනෙ.....????


    හිතවත් පාලි....

    මාව හැඳින ගත්තාට සතුටුයි...උඹෙත් ඔය මොනාහරි අඩවියක් තියේ නම් කියපන් බo.....ඉඳලා හිටලා හරි ඇවිල්ලා දොඩමළු වෙන්න...

    මේ...

    සුලා...

    ReplyDelete
  31. @සුලා....අනේ මට ඔය බ්ලොග් කෙරුවාව බැහැ නෙවැ......වෙන තැන් මොකටද, මේ හද ගී පොතම මදෑ අපට හොඳට දොඩමලු වෙන්න. හඳුන ගන්න ලැබීම ලොකු සතුටක් මචෝ....සසරේ පුරුදු ඉවකුත් නොදැනෙනවම නෙමෙයි.

    ReplyDelete
  32. @සුලා: උඹ එහෙනම් මට කවදාවත් නුහුරු නුපුරුදු ඉවසිල්ල උගන්වනවා...හහ් හහ් හහ්... කමක් නෑ... ඕනෑ වෙලාවක මට හරි දුකාට හරි කෝල් එකක් දීපං මචං (050-8132826,මෙතන මම) ... අද හෙට උඹට Busy කිව්වා නේ...? හරි නිස්කලංකේ මගේ නවාතැනේදීම හමුවෙමු... උඹට නිරෝගී සුව හා ජය...

    ReplyDelete
  33. නිරන්ජලාගෙ තව නිතර නෑසෙන සින්දුවක් තියෙනවා මම ආස..."සුදු වැලි මතුපිට දිය බිඳු ඉසලා" කියලා. තියෙනවද දන්නෙ නැහෙ නේද?

    ReplyDelete

 
Blogger Wordpress Gadgets