වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්...

පොඩි පහේ තොයිලයක් නටන්නයි යන්නේ... අපේ පුංචි කාළෙන්... කොයි වයසේ හිටියත් මේකේ පදවැලත් සංගීතයත් රස විඳින්නනම් බදාවක් නෑ... යක් බෙරේ ගහනකොට පාදය සන් නොවෙන කෙනෙක් ඉන්නවද... යස අපූරුවට මේ ගීතයට පහතරට බෙරේ කළවම් කරලා තියනවා... නිර්මාණ කරුවන්ගේ ප්‍රතිභාව නම් අනර්ඝයි....

වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්...
ඉර මැදින් හඳ මැදින් ගඟ මැදින් බැස ඇවිත්...
කූඹියන් කුරුල්ලන් මැරූ වුන් අල්ලමින්...
මහ හඬින් ගොරවමින් ඔවුන් බිය කරවමින්...
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා...

මව්පියන් නොසළකා නිතර දඟ කරමිනා...
ගුරුවරුන් දෙන ඔවා බැහැර කර නටමිනා...
නිකරුණේ කල්ගෙවා නටන උන් සනහවා...
නරක ගති දුර හැරා මෙත් සිතින් ආවඩා....
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා..

නුග ගසින් බහින්නේ කලුවරේ වඩින්නේ...
යෝධයෙක් ලෙසින්නේ දැස් ගෙඩි රවන්නේ...
වේවැලෙන් තලන්නේ ගහේ බැඳ තබන්නේ
අකීකරු ළමුන්ගේ නරක දුරු කරන්නේ
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා..

වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක්... ආ ...ආ...ආ...
කූඹියන් කුරුල්ලන් මැරූ වුන් අල්ලමින්... ආ ...ආ...ආ...
එපස්වා මෙපස්වා දහස් කල් රකිත්වා..
ආයුබෝවේවා.....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලත් යන්න...

18 ප්‍රතිචාර:

wath said...

කවදාවත් අහල නැති සින්දුවක්. ඒ මදිවට දැන් වත් ඒක අහන්න බැහැ නෙව.......... ඒ මොකද. සින්දුව අහන්න වැඩ කරන්නේ නැහැත මගේ කොම්පීටරේ අවුලක්ද

චේජනා said...

කවදාවත් අහල නැති සින්දුවක් කියල කියන්නත් ලැජජයි හැමදාම වගේ සින්දුවක් අහන ගමන්.. ඒත් ඉතින් එක තමයි ඇත්ත..
@වත්.. මට නම් සින්දුව අහන්න පුලුවන්..

wath said...

පහතරට කීවම... තොයිල් පවිල් ,ගම්මඩු ,බලි තොයිල් ,යාගහෝම වල කෙළවරක් නැහැ නෙව. දැනටත් ඉදල හිටල රෑට රෑට ඛෙර හඩ ඇහෙනව අහල පහල ගෙවල් වලින්.. මම ආස දහ අට පාලිය. ඒකෙත් සළුපාලිය මරු.
අයියෝ හිනාවෙලා පණ යනව අප්පා.. යකා කියන පද පෙරළි double meaning තියන කතා... අනේ අපි හිනා වෙන්නේ අපිටම නේද කියල අන්තිමට හිතෙනව. අපේ ගමේ ඉන්නව මුළු පවුලක්ම තොවිල්පවිල් දහඅට සන්නිය කීවොත් ඉතින් තාත්තලා පුතාලා විතරක් නෙමෙයි දූත් හොද නැට්ටුවෙක්. ජනාධිපති සම්මාන ලැබුන එයාලට.

මේ සින්දුවේ පහතරට ඛෙරය වාදනය කරාට ඛෙර පද නම් තොවිල් වල ගහන ඛෙර පද වලට වඩා ටිකක් වෙනස් කියල මගේ මෝඩ මොළේට හිතෙනව....

තිස්ස දොඩන්ගොඩ said...

වෙලාවක ඔක්කොම එකතු වෙලා නටමු සන්නි යකුමක්... ආසවෙන් බලා ඉන්නවා ඔක්කොම සෙට් වෙන්න...
චේජනා සොයුරිය ජපානේ නේද...? ලංකාවට එන දවසක් නැද්ද...?
වත් ගේ වයලීනය හඬවන්නත් පුලුවන් එතකොට...
ඔව් වත් තොවිල් පදම නෙවෙයි... නිකං බලි ඇරිල්ලක් වාගේ නේද...

Raven said...

අපූරුයි අයියේ ගීතය. දවසින් දවස ගීත ඉදිරිපත් කිරීමේ විවිධත්වය අගෙයි. හැමදාම මේ වෙලාව වෙනකොට මේ පැත්තෙ ඇවිත් අලුත් ගීතයක් රසවිඳින එක අපට දැන් පුරුද්දක් වෙලා.

තිස්ස දොඩන්ගොඩ said...

ඒකනේ Raven බලන්න රේඩියෝ චැනල් කීයක් තියනවද...එකම සිංදු සෙට් එකම කරකවනවා... විවිධ වයස් වල අයට අහන්න පුලුවන් සිංදු ගොඩාක් අපේ තියනවානේ... ඉන්ටර්නෙට් පහසුකම් කීයෙන් කීදෙනාටද තියෙන්නේ....

චේජනා said...

මම ජනවාරි මාසෙ ඇවිත් ගියා අය්යෙ.. දැන් ඉතින් තව අවුරුද්දක්වත් ඉන්න වෙනව. : (

චේජනා said...

ඔයා මම ලොග් වෙන විදියෙන් මම ඉන්න තැන හොයා ගත්ත නේද?

තිස්ස දොඩන්ගොඩ said...

හපොයි... මක් කරන්නද.... එහෙමවත් බලමු ...මමත් දෙපාරක් ලංකාවට යනවා...

හා හා හා...දැන් ලොකේ දියුනුයි නේ... තරහා නෑනේ මගෙ නංගියේ...?

චේජනා said...

අපෝ නැහැ .. මොකට තරහ වෙන්නද?

wath said...

" හද ගී පොත " බලන්නත් අහන්නත් වෙන්නෙ නැහැ තව සතියකට...... ඒ සතියට ලස්සන ගී 7 ක් තියේවි නේද... ඔබට ජය.....

තිස්ස දොඩන්ගොඩ said...

මටත් නංගියේ විභාගයක් මාර්තු 20...වැඩ වැඩිවෙන්න වගේ..යන තැන ඊ-මේල් වත් තියනවද...?

විශ්මි said...

හරිම ලස්සන සින්දුවක්නෙ..... :) අහල නෑ කවදාවත්ම.... හැබැයි අහද්දි පොඩි කාලෙ මතක් වුනා..... ඇත්තටම තිස්ස අයිය මේ කරන්නෙ නම් වටින වැඩක්.... කවදහරි දවසක මෙතන හොද ගී එකතුවක් තියෙයි....

තිස්ස දොඩන්ගොඩ said...

@Wishmi : හ්ම්ම්ම්...I smell cakes....!

විශ්මි said...

කේක් දෙන්නම් සැප්තැම්බර් වල. 11 වෙන්නෙ ලියාපදිංචිය විතරයි අයියෙ :)

Chandanie said...

Thank you for posting this - took me back in years. I have been following your posts in FB - you are friend of one of my friends - Suminda Welagedara.
Just wanted to say thank you for all those songs and the posts that accompany them. They have helped to ease my tired mind many a times.
May you find the strength to continue with this.

හෂිත said...

මචන්, මේක අහන්නේ අවුරුදු 25කින්. උඹට පින්.
මගේ පිඟානේ ඉන්නා මාලු කූරියා
වැහිපොද වැටිලා බිම්මල් පිපිලා (කඩියගෙ එක )
කුරුම්බැට්ටි මැසිම
හොර පූසෙක් ඥාව් ඥාව් බටු මීයෙක් චටස් චටස්.. අනේ අහන්න තියෙනවා නම්..

තිස්ස දොඩන්ගොඩ said...

@ Chandanie: thanks sister... thanks indeed... if you are a friend of Suminda... then there is no doubt about your taste too...he is such a wonderful person...

@ හෂිත:මචං අර "රුක්මණී ගී..." ටැබ් එක දම්ම වාගේ ළමා ගී ටැබ් එකකුත් දාන්න හිතුවා විතරයි.... බලමු ටියුන් උනහම හිත් එකට වැඩ කරන හැටි...

Post a Comment

 
Blogger Wordpress Gadgets