වලා ගැබින් තරු අතරින් එබී බලා...

ඉස්සර බට නලා වාදනය කරනවා තියා, පුරුදු වෙන්නවත් දෙන්නේ නෑ හැන්දෑවේ හයෙන් පස්සේ... ඇහුවහම කියන්නේ ගෙට නයි එනවා කියලයි... නයි කෙසේ වෙතත් මේ ගීයේ අමුතුම ගුප්ත විදිහකට බටනලාව වාදනය වෙනවා.. හිතෙන හැටියට සාම්ප්‍රදායික බලි ඇරීමකට සමාන වාදනයක් කියලා හිතෙනවා... යක් බෙර වාදනය නම් කියලා වැඩක් නෑ... මේකේ මහ අපූරු විදිහට එකම පදය දෙවිදියකට ගායනා කරනවා... ඔව්... මගේ දෑසට හොරෙන් අවුත් , පුබුදු කල නීල නුවන් ආලෝකය වාගේම... අමරදේවයන්ගේ අපූරුම නිර්මාණයක්....

වලා ගැබින් තරු අතරින් එබී බලා...
රුවන් මැදුරු මා හදවත විවර කලා...
බාල චන්ද්‍ර සඳමඬලින් පහන් වෙලා...
නීල නුවන් ආලෝකය පුබුදු කලා...


සත් මුහුදින් එතෙර පිහිටි කිරිගල්පොත්තේ...
සත් රුවනින් ඔපලා සැදි සඳුන් විමානේ...
කිත් යසසින් වැජඹෙන ඔබ මෙහි ආ දවසේ...
සත් පියුමන් පිපුණා මෙනි මේ රන් වැරළේ...


හිරු අවරට ගියවිට මල් හටගන්නේ...
මලේ සුවඳ ගව් ගනනක් පැතිරෙන්නේ...
ඒ මල් නැති ලොවෙහි අඳුර පැතිරෙන්නේ...
ඒ සුවඳිනි හිරුත් සඳුත් උපදින්නේ...


පෙති ගෝමර රන් ගෝමර වඩා පිපුනු මල...
කිරි කර නැගි තරු නහදති ඉබේ පිපුණු මල...
මගේ දෑසට හොරෙන් අවුත් දෑස් හැරෙවු මල...
ලොව අලු වන දා පමණක් පරවී යන මල....



17 comments :

  1. ෂහ් නියමයි.
    මේකෙ රිද්මෙටනම් මගේ හිත එතරම් ඇදිල ගියේ නැහැ. ඒත් පදපෙළ අපූරුයි

    මගේ දෑසට හොරෙන් අවුත් දෑස් හැරෙවු මල...
    ලොව අලු වන දා පමණක් පරවී යන මල....

    නියමයි. නැවත නැවත ඇසෙද්දී හැඟුම් ඔප් නංවන පද පෙළවල් දෙකක්.

    ReplyDelete
  2. අයියෝ අයියා බටනලාව කොයිතරම් මිහිරිද? අපේ නගාට හොඳට ඈහැකි (පුළුවන් ).
    මේක ඈහෙන කොට මට වේදිකා නාට්‍යයක් (ඉස්සර වේදිකා නාට්‍ය ) මතන් වුනා.

    බටහිර වුනත් බටනලාව (flute) වාදනය හරි මිහිරියි. මතකද දන්නෙ නැහැ අයියට Titanic Movie එකේ කොයි තරම් ලස්සනට flute එක වාදනය කරනවද...

    අයියා... ඈත්තටම මේක වේදිකා නාට්‍ය ගීතයක් එහෙම නෙමෙයි ද?

    අයියා .. මාතර එන්න එපා අයියා...

    ReplyDelete
  3. අහල පුරුදු නැති ගීතයක් මචං . . . තැන්කූ වේවා මේක අහන්න සැලැස්සුවාට . ..

    ReplyDelete
  4. හප්පා කොහෙදිද එතකොට කස්ටිය එකතුවෙන්නෙ..

    වත් අක්කගෙ කස්ටියම සංගීත පවුලක්නෙ..නංගිවත් එක්කන් එන්න පාටියට.. අක්කා විණාව ගහයි , නංගි බටනලාව ගහයි.. මම මැද්දට පැනලා දෙන්නගෙ ඔලු දෙකට බෙර වලට ගහන්නා වගෙ හයියෙන් ගහනවා.. හික්..හික්..

    තිස්ස අයියා ප්ලෑන් D එක මොකද්ද ? එක එකා අදිනවා මිසක් හැබැහින් දැකලා , හිනාවෙලා , කතා බහ කරලා, Bලා ඉට පස්සෙ කාලා, කුඩුවෙලා යන්න කල්පනාවක් නැහැනෙ..

    කො සිංහයො වගෙ කැගැහැව්වට බයයි..
    මොකද තිස්ස අයියා කියන්නෙ, කාර් එකට පැස්ටොල් ටිකක් හලාගෙන ඔරලොසු කණුවක් වටෙ කැරකෙන්න වෙන්නෙ දැන් අපි දෙන්නට..

    ReplyDelete
  5. කලින් අහලා පුරුදු එකක් නම් නෙමේ අයියෙ....ඒත් අපූරු පද වැලක් එක්ක තියෙන ගීතයක්....මම ආසයි...

    අයියට පිං අපිට මේ ලස්සන සින්දු ටික ගෙනත් දෙනවට

    ReplyDelete
  6. හරිම ලස්සන සින්දුවක් හරිම සරල ආරකට ගලා යන.

    ReplyDelete
  7. ගීතය කලින් අහල තිබුනත්, පදවැල දැනගෙන හිටියෙ නැහැ. හරිම ලස්සනයි.
    සුළඟ

    ReplyDelete
  8. ජීවිතේ මුල් වතාවට ඇහුවෙ. ඉස්තුති වේ වා..!

    ReplyDelete
  9. මචෝ මේකනම් මරේ මරු. මම පොඩි කාලෙ ඉඳලම බටනලා හඬට හරිම ආසයි. අනේ ඉතිං උඹට වගේම මටත් ඕක පිඹගන්නනම් බැහැ.

    බටනලාව තරම් ප්‍රිය සංගීත භාණ්ඩයක් මට තවත් නැතිතරම්. විශේෂයෙන්ම හවස් යාමයක තරමක් ඈතින් ඇහෙන බටනලා හඬ සහිත ගීතයක් මොනතරම් අපූරුද?

    ReplyDelete
  10. @දුකා & හශිත: එහෙමනම් උඹල අහපු නැති සින්දුත් තියෙනවා ඈ...?

    ReplyDelete
  11. අපූරු පද වැලක් තිස්ස අයියෙ........ස්තුතියි කවදාවත් අහල නැති ලස්සන ගීත අපිට ගේනවට......

    ReplyDelete
  12. ස්තුතියි සහෝ.... හරිම ලස්සනයි...

    ReplyDelete
  13. මේකත් අහලා නැති සින්දුවක්. ලස්සනයි.
    තව පොඩි උදව්වක් ඕනේ, 'විරාජිතයි ලංකා' සින්දුව තියේද අයියා ගාව? මේ මගේ යාලුවෙක්ට ඕනේ වෙලා, නෙට් එකේ හොයගන්න නැහැ අයියේ. :(

    ReplyDelete
  14. වලා ගැබින් තරු අතරින් එබී බලා
    මඳ අඳුරේ සඳ සිසිලෙන් පවන් සලා
    ලෙංගතුකම හිතෙන් අරන් කවි කරලා
    හද ගී පොත සිත් යායක් පහන් කළා..

    -ජය

    ReplyDelete
  15. ගල්මල්-Coral, Pali, චතුර,විශ්මි, යෝගී, ඔක්කොටම බොහොම ස්තූතියි කොමෙන්‍ටු වලට...
    @Ansh Lucky Sri Jay : මම බලන්නම් නංගියේ....

    ReplyDelete
  16. සුලඟටත් බොහොම ස්තූතියි,... මගහැරුනා නෙව.

    ReplyDelete
  17. නියමයි. බොහොම ස්තූතියි මේ වැඩේට

    ReplyDelete

 
Blogger Wordpress Gadgets