සකුරා මල් චෙරි මල් හිනැහෙද්දී...

කාංසිය ඉවසාගන්නම බැරි තැන අර Yellow Pages වල කියන්නාවාගේ let the fingers do the walking කියලා යතුරු පුවරුවට ගොඩ වුනා... ඉස්සෙල්ලාම ආපු 802.11 බස් එකට ගොඩවුනා... ආලෝකයේ වේගයෙන් ගමන් කරන බස් රියට සත් සමුදුරින් එහාට යන්න ගතවුනේ ඇසිල්ලක් විතරයි... විද්‍යාර්ථීන් ගැවසෙන හරියකදී, පෙනුමින් එක සමාන තරුණියන් දෙදෙනෙක් බස් රියට ගොඩවුනා... දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ...! මේ දේවේන්ද්‍ර ගේ මිතුරිය නේද... ? හැරිලා බලමිදෝ නොබලමිදෝ කියලා ඉන්නකොට ඈත් සමග සිටි අනෙක් තැනැත්තිය මට මිතුරු සිනහවකින් සංග්‍රහ කලා... සිනහව අල්ලාප සල්ලාපයකට පරිවර්තනය වුනේ ඇගේ ලෙංගතුකම නිසාමයි... දෙවේන්ද්‍රගේ මිතුරිය ගැන ඇගෙන් වැඩි විස්තර අහන්න හිතුනත් මම නිහඬව හිටියා.... ... දෙවේන්ද්‍ර ගේ මිතුරිය බස් රියේම කව් ගොතමින් ‍රැඳුන නිසා, මගින් බැහගත්තු අපි බස් රියට ලෝකේ වටේ යන්න ඇරලා අවන් හලකින් උණු උණු කෝපි කෝප්ප කිහිපයක් හිස්කලා... හෙට දිනයේ ඇති වගකීම් සම්භාරය නොවන්නට අප දෙදෙනා තවමත් අල්ලාප සල්ලාපයේ.... ඇගේ කාරුණික ප්‍රඥාවන්තබව ගැනත් ඍජු ගතිගුණ ගැනත් බෙහෙවින් පැහැදුන මම නැවතත් අසලින් ආ 802.11 බසයක එල්ලුනා.... ඔහ්...! දෙවේන්ද්‍රගේ මිතුරිය තවමත් කව් ගොතමින්....!!
ගායනය අතුල සෝමසිරි ගෙන්....

සකුරා මල් චෙරි මල් හිනැහෙද්දී සීතල අතරින් ජපානයේ...
නොරිකෝ සං ගේ නෙත් යුග පත්ලේ සොඳුරු වසන්තය ‍රැදී තියේ...

කබුකි ‍රැඟුම්, නෝ ‍රැඟුම්, බැලූවෙමු රඟ මඬලේදී සැන්දෑවේ....
රස මදිරා තොල ගෑ හැටි මතකයි අවන් හලක හිඳ රෑයාමේ...

ෆූජි කන්ද හා සකුරා උළෙලයි, අප ඔරු පැද ගිය ජල ධරා...
සිහිවේ එනමුත් දෙවෙන්දොරා ගෙන් නොරිකෝ සං හට සයොනාරා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

31 ප්‍රතිචාර:

විශ්මි said...

කවදත් ආස කරපු නවකතාවක් 'මළ ගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා'... අපූරු පූර්විකාවක් තිස්ස අයියෙ...... හැමදාමත් වගේ මේකත් කලින් අහල නෑ.....

චේජනා said...

ලස්සනම ලස්සනයි සින්දුව...මම මෙහේ ඉන්න හින්ද ද මන්ද.. අමුතුම රස වින්දනයක් ඒක.. ගොඩාක් දවසකින් හුඟාක් ආසාවෙන් සින්දුව ඇහුව අය්යෙ...

බිඟුවා...! said...

ජපානෙට ගිය දවසක මේක ඇත්තද බලන්න ඕනේ

/බිඟුවා...!

wath said...

අඩේ අලි පරණ සින්දුවක් නේද.... අහල නැතේ මීට කලින්. ජපානෙ නිසා අපිට අලී කරදර අප්පා... අර පංචවිධ සංකල්ප 5S ....... අපෝ අපේ කාර්යාල වල ඉවරයක් නැහැ. 5S කියයි කයිසෙන් කියයි.

මම ලගදි දවසක මම කලින් වැඩ කරපු තැනට ගියහම එතන හිටිය JAICA එකෙන් ආව ජපන් සාන් කෙනෙක් . එයාගෙන් ඇහුම5S අපේ රටේ දැන් ඒව නැහැ කීව . ඔෂීන් ගැන ඒ ගොල්ලන් දන්නෙවත් නැහැ කීව....

Raven said...

මේ අතුල සෝමසිරි නම සහ එතුමාගේ ගීයක් අදමයි ඇහුවේ. නියමයි මේ ගීතයත්.
දවසින් දවස අපිව පුදුම කරන මේ වැඩේ මරු. පහුගිය දවස් වල දාපු ගීත හැමකක්ම මම මුල් වතාවට අහපුවා.
ජයෙන් ජයම වේවා!

රවා said...

තිස්ස අයියා හැමදාමත් වගෙ ආවා.. එත් ඉතින් මෙ සින්දු ගැන දැන්ම කියන්න බැහැ.. නමුත් මම එකක් කියන්නම්.." යසොධරා.... මගේ සෙනෙහස..." ඔන්න ඔය සින්දු දෙකත් එක්ක පොරකනවා අද හවස ආපු වෙලෙ ඉදන්..

දිල් said...

මම පරක්කුද මන්දා...දවස් 2කින් බ්ලොහ් එක පැත්ත පලාතේ එන්න බැරිඋනා...

මම ආසම නවකතාවක් මලගිය ඇත්තෝ...ලියපු නිසැදැසකුත් තියෙනවා...මගෙ බ්ලොග් එකේ දාන්න ඕනෙ.....

කලින් අහලා පුරුදු ගීතයක් නම් නෙමේ අයියේ...ටිකක් වෙනස් වගේ....ඒත් අපූරුයි

ගල්මල්-Coral said...

ලස්සන සින්දුවක්, අහන්න ලබාදුන්නාට ගොඩාක් පින්.

sansarasidu said...

පහුගිය දවස් ටිකේ තකහනියක් ඇවිත් ගියත් මුකුත් ලියල යන්න බැරි වුණා...
මුලින්ම සමාව ඉල්ලනවා ඒ ගැන...

“ලොව ඇත්තත් යාම සහ ඊමය..
නොගොස් එන්ට බැරිය...
නෑවිත් යන්ට බැරිය...”

මේ ගීතය මෙන්ම පහුගිය ටිකේ අයියා දාපු හැම ගීතයක්ම ජීවිතේ පළමු වතාවට රසවිඳපු ගීත...
අද පරපුරට මේ පැරණි ගීත රසවිඳින්නට අවස්ථාව සලසන අයියට ගොඩාක් පින්...
රසඥතාවය කියන්නේ මොකක් ද කියලවත් දන්නෙ නැති පරපුරකට රසඥතාවයේ “අ” යනු “ආ” යනු කියල දෙන ඔබට මගේ ආචාරය...

Nishacharaya said...

මම ගොඩක් පොඩි කාලේ මට ලැබුනා නැන්දා කෙනෙක් ලඟ තිබිලා පරණ පොතක් කොටින්ම පොතේ කවරෙවත් තිබුනේ නෑ. පොතේ නම හොයාගත්තේ ඒක කියවලා.
"ඉක්මනින්ම නැවත ඒවි මළවුන්ගේ අවුරුදු දා.. එවිට නැවත එන්න ඇහැකි මළගිය ඇත්තන් සමගම.."
ඔය පොතේ අන්තිමට ලියලා තිබුනා ඔය ගීය.. මම හිතුවෙ ඒක නැන්දා ලියපු කවියක් කියලා. අද තමයි දැනගත්තේ එම ගීයත් ගයන ගායකයාත් පිළිබඳව. වචන ටික තවම මතකයේ රැඳිලා තිබුනත් පළමුවරට ගීයක් විදියට අහන්න ලැබුනේ අදයි... ඔබට තුති...

තිස්ස දොඩන්ගොඩ said...

@විශ්මි: ඇත්තම කියන්න මට 'මළ ගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා'... කතා දෙක මහ අප්පිරියාවක් ගෙනෙ එන්නේ... ඊට හපන් විරාගය... තමන් කැමති දෙයක් යුද්දෙන් හරි සාමෙන් හරි දිනාගන්න වාගේ කතා වලටයි මගෙ කැමැත්ත...

@චේජනා: මම ඔයිට වැඩිය කමෙන්ට් එකක් ඔයාගෙන් බලාපොරොත්තු වුනා නංගී...

@බිඟුවා...!: උඹ මොකාටද එන්න හදන්නේ බිඟුවෝ...?

@වත්: අපිට ලූස්..මමත් වැඩ කරන්නේ ජපන්නුත් එක්ක... 5S අල බෝලේ තමයි... ඕෂින් කිව්වහම යාලුවෙක්ද අහනවා... පිස්සූ නේ..?

@Raven : ඇයි මල්ලියේ අර "සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වෙල් ලෙලදෙන...", එතකොට මම දාපු "මුතු මාල රුවන් පට සේල නැතත් මම..." සිංදු කියන්නේ එතුමානේ...

@රවා : කමක් නෑ මලේ ... නමුත් මම වාගේ depress වෙනවා නෙමෙයි හොඳේ...

@දිල්: මොනවද අප්පේ ඔච්චර වැඩ රාජකාරි....

@ගල්මල්-Coral : බොහොම ස්තූතියි ගොඩ වුනාට... සහ ඔබේ සහෘද චාරිකාවට...

@sansarasidu: බොහොම ස්තූතියි මල්ලියා... මේ ගීත හොයන් ඇවිත් රසවිඳින ඕගොල්ලන්ටත් මගෙ ආචාරය...

@Nishacharaya: ඔබේ නමේ මුල් කෑල්ල මගෙ ජීවිතේට බොහොම සමීප මට මේ ජීවිතයට මග පාදපු දෙදෙනෙක් සිහිකරනවා...
ඔබේ මතකය නම් කදිමයි... බලමු ඒ කාලේ අයගේ රසඥතාව...?

චේජනා said...

අය්යෙ, ඔයිට වැඩිය කමෙන්ට් එකක් මට ලියන්න නම් පුළුවන්.. ඒත් ඉතින් ඒක ලියද්දි ඉස්සෙල්ලම ලියන්න වෙන්නෙ අබු ඩාබිවලට මුරුංග අපනයනය නතර කරන්න ඕනෙ කියල තමයි.. ඒක අහන්න ඔයා ආස නැති වෙයි කියල මම ඒක ලිව්වෙ නෑ..
ඔයාට ආයෙ දැනගන්න ඕනෙ දේවේන්ද්‍රගෙ මිතුරිය ගැන නෙ..
මම අර දවසක් ලියල තිබුනෙ එයා ගැන.. එයා ගොෂු ජින් එක්ක වැඩට යනව මුණ ගැහුන කියල...
කොහොම වුනත් ආයෙ ඔහොම යතුරු පුවරුවට ගොඩ වෙලා ආලෝකයේ වේගයෙන් ජපානෙට එද්දි පරෙස්සමෙන්..

(මේ දවස්වල ජපානෙ සකුරා මල් පිපෙන්න ඔන්න මෙන්න..)

තිස්ස දොඩන්ගොඩ said...

හ්ම්ම්ම්.... මදෑ මමත් අහගත්තා...ඉල්ලලම...

සකුරා මල් පිපිලා...? හරි පුදුමයි...!
නිදිමත නැතිවී, හිරු පායා ඇත...
උමතු වෙසින් මහ රෑ යාමේ...

හිරු දෙවියන් කන්නලව්වට ඇහුම් කන් දුන්නාවත්ද...?

චේජනා said...

හිරු දෙවියො මගේ ලියුම බලල...
සලකා බලන්නම් කිව්ව ඉල්ලීම ගැන...
වෙන මුකුත්ම බැරි නම්

ජපානේට හැන්දෑවට
වැලි කතරට රෑ මැදියම

වෙන විදියටවත් මම ඉල්ලීම දිනා ගන්නව...

Nishacharaya said...

නමේ මුල කෑල්ල කිව්වේ......?

Anonymous said...

තිස්ස දාන සින්දු හරිම අපුරුයි. සිoහල කමට සිoහල පරන සින්දු වෙලට මමත් හරි කෑමතියි... පුර්තුගීසි වාසගමක් මට තිබුනත්...

හද ගී පොතෙ..... "හද ගී පොතේ පිටුවක් ඉරා ලියා එවමි ආදරේ".... සින්දුව තියන්නම ඔනා කියලා මට හිතෙනවා....එහෙම නේද????

Raven said...

සිංහල ජය ගීත හඬට කියන ගීතය නම් නිතර අහල තියනව. ඒත් කියන්නෙ මෙතුමා කියල දැනන් හිටියෙ නැහැ. ස්තූතියි අයියෙ දැනුවත් කිරීමට. මෙහි ලිපි සමහරක් මග ඇරිල වගෙයි මට. වෙලාවක මුල ඉඳල කියවල රස විඳින්න ඕනෙ.

තිස්ස දොඩන්ගොඩ said...

@ චේජනා: හපොයි විවියන් ගුණවර්දනගේ නෑයෙක් ද කොහෙද...?
@Nishacharaya: ඔය නිශා...කියන කැල්ල ...එක්කෙනෙක් මගේ ජීවිතයම සුවපත් කලා... අනෙකා මට ජීවිතයේ කිසිකෙනෙකුට අතනොපා ජීවත් වෙන තැනට කාරනා සලස්වලා දුන්නා....
@Anonymous: ඉතින් සබඳ ඇයි නම සඳහන් නොකලේ ...? නම මොකවුනත්, රස විඳින්න පුලුවන් නම් ඒ හොඳටෝම මදෑ... ඒ ගීයත් දාමු එහෙනම්....

wath said...

අයි අයියෝ.......... නමේ මුල කෑල්ල දන්නෙ නැද්ද ........

නිශාචර ............. නිශා

හා හා හොරේ අහුව්නා ......... නිශා .......

wath said...

සොරි අයියෝ.... මම comment කරල post කරන්න කලින් අයියා ඒ ගැනpost කරල... දන්නෙ නැද්ද අද හද පායන දවසනේ ඉතින් ටිකක් .......... සමාවෙන්න ඕනි මට....

තිස්ස දොඩන්ගොඩ said...

@Raven: you are most welcome...මටත් උඹේ පොස්ට් එකක් කියවන්න ගිලෙන්න... තියනවා....
@wath: "සොඳුරිය ඔබගේ උවන මලක් නම්...නිශා කලෙහි ඔබ සෙව් ඹමරිඳු මා..." අන්න ඒ සින්දුව කියන්නේ එයාට තමයි....

දුකා said...

පුදුමයක් නෑ තිසා උඹ දේවේන්ද්‍ර වගේ පරාජිත පෙම් වතුන්ට අකමැති වීම. නොරිකෝ ගැන දුකෙන් මම අඬපු තරම මතක් වෙද්දිත් දේවේන්ද්‍රව පන පිටින් හිටියනම් මරන්න තරම් පුලුවන් . . . . ඒත් ශෝකී රසයත් රසයක් නේ ද තිසා . . . ? ඒත් වෙලාවකාට් ශෝකී දේවල් කියවපුවාම හිත අරක් ගන්න පාලු මූසල ගතිය . . . අපේ අතක් පයක් අපිම කපාගෙන අපිට පන තියෙනවද කියලා බලන්න හිතෙන ගතිය මතක් වෙද්දී ඒ වගේ දේවල් ආයෙ නම් බලන්නේ නෑ කියලා හිතුවත් . . . හිත හයිය නැත්නම් මොකක් කරන්නද . ..

මේ ගීතය ඒ ශෝකී රසයට අලුත් කවරයක් දැම්මා වගේ . . අලුත් ඒත් අමුතු එකක් . .

තිස්ස දොඩන්ගොඩ said...

@දුකා: සමාවෙයන් මගේ මිතුරේ හිත රිදෙව්වනම්... මම සතෙක් ඔය වාගේ වෙලාවට... මට ගොඩක් දේවල් එපා... හැබැයි ඕනෑ දේ ඕනෑමයි... මම හොඳින් හරි නරකින් හරි ඒ දේ ලබාගන්නවා මචෝ... ආදරේ කරන කෙනාට වචනයකින් වත් නොරිද්දන මනුස්සකම් මාතුල නෑ... මේ ඇත්තමයි කියන්නේ... මගේ නම් මගේ විතරමයි... no one else can share it... මම මට රිද්දා ගන්නේ නෑ... මට රිද්දපු කෙනාට ජීවිතේ එපාම කරවනවා...Count of the Monte Christo මගේ ආසම නවකතාව වෙන්නේ එහෙමයි... මොටද ආයේ බොරු මවාපාන්නේ...!

Nishacharaya said...

@ තිස්ස සහ වත්,
මම ඔය නම වෙන් කරලා බැලුවෙ නෑ නොවැ... ඒකනේ මම කියන්නෙ "නිශා" හෙවත් රාත්‍රිය තමයි දවසේ සුන්දරම කාලය කියලා :D

විශ්මි said...

@තිස්ස අයිය... මම හැම ජාතියෙම පොත් කියවනව අයියෙ.. ඔය පොත් දෙකේ අවසානයට වඩා අන්තර්ගතයට කැමතියි..... විරාගයෙ අරවින්දව නම් මට මතක් කරන්නවත් එපා.... ඒත් ඒ පොතත් ආසාවෙන් කියෙවුව.... අරවින්දට බැන බැන. :D

wath said...

තිස්ස දොඩන්ගොඩ

Monte Christo ......
කියල වැඩක් නැහැ. මාරයත් ඒ ගැන කියල තිබ්බ. අන්න මිනිස්සු..... මගෙත් ප්‍රියතම චරිතයක්. සෘජු ගතිගුණ ,අවංක හදවත සැබෑ ලෝකෙ හිගයි Monte Christo ල

යෝගී... said...

සමාවෙන්න පමාවට.. දන්නවනේ අද පොඩ්ඩක් අතරමං වෙලයි හිටියේ..
උඹ කිව්ව වගේම ලොකුඅයියේ මටත් පොත් විතරක් නෙමේ කියවන බලන හැම එකකම Happy Ending එකක් තියෙන්ඩ ඕනේ.. නැත්තං ඒක බලපු වෙලාවෙනුත් වැඩක් නෑ. The Pursuit of Happyness මගේ ජීවිතේ කැමතිම Movie එකක් වෙන්නේ එහෙමයි ..
හිතෙන දේවල් , කරන දේවල් කෙළිං කියන්ඩ පුළුවං උඹේ ඔය පෞරුෂයට මං හැමදාම ගරුකරනවා ...

- ජය

තිස්ස දොඩන්ගොඩ said...

@යෝගී: වසන්ත මල් ගොමුවක නෙමේ නේද මලේ අතරමං වුනේ...?
මම ඒකනේ කියන්නේ උඹ එක්කුස සහෝදරයෙක් කියලා මගේ....

යෝගී... said...

අනේ නෑ.ඒකාලේ පහුවෙලා නේ ලොකුඅයියේ.. අතරමං වුනේ ‍මගේ මේ වැඩටිකත් එක්කලා..

සමහර post මට මඟඇරෙනවා , මොනා කරන්නද .. ඉක්මනින්ම මේ ටික ඉව‍රවෙලා ආයෙත් ඕගොල්ලන්ගේ ලෝකයට එන්න තමයි කල්පනාව .

දෙවෙනියට කියපු එකටනං මං බොහොම මනාපයි..

Grey said...

නියමයි අයියේ....කියලා වැඩක් නෑ. මම වැඩිය කොමෙන්ට් කරේ නැති උනාට නිතරම කියවනවා. දිගටම ලියන්න...ඔබට ජය!!!

තිස්ස දොඩන්ගොඩ said...

@Grey : අනේ ඔව් මලේ මට ඔය කමෙන්ට් තන්නාසයක් නෑ... ඕගොල්ලෝ විඳලා සතු‍ටුවෙනවානම් එච්චරයි... ඉතා රසවත් සිංහල සිංඳු ගොඩක් ලංකාවේ බිහිවෙලා තියෙනවා....

Post a Comment

 
Blogger Wordpress Gadgets