කඳු කපා රුවන් හිරු පායා නැගෙනවා....

වෙලාවකට හිතෙනවා ගිය ආත්මේ බෙරවායෙක්ම වෙලා ඉන්න ඇති කියලා.... හමකට තට්‍ටු කරන සද්දයක් ඇති ගීයක් වෙත් නම් සිත එයට ඇදී යන්නේ නිරාසයෙන්මයි... කුඩා කල ලහි ලහියේ පාසැල් යන්න ලක ලෑස්ති වෙද්දී ඇහිච්ච මේ ගී තාමත් මතකයේ රඳා හිටින්නේ ඒ නිසාම වෙන්න ඇති... එහෙමනම් ආලවට්ටම් නැතිවම නාලිනී රණසිංහ ගයන මේ රසාලිප්ත ගීය අහන්න "යමු ලඳේ වෙනින් කුමටද ආයාචනා....?"



කඳු කපා රුවන් හිරු පායා නැගෙනවා උදේ, රණ මතින් කෙතද කරතෙයි ආරාධනා...
සලු පවන් වැදී ගොයමද මෝරණවා, තෙතෙයි, යමු ලඳේ වෙනින් කුමටද ආයාචනා...

උඩහ ගෙදර යස මැණිකා කලු කැන්දන් එයි...
පහල ගෙදර හිච්චි නගා දෑකැති ගන්නේ...
ඇඹුල තියා මුල බැඳලාදෝ සැරසෙන්නේ...
ඉර මුදුනට එන කලියෙන් කමතට එන්නේ...

බුද්ධං සරණේ මහිමෙන් වෙලට බහිනවා...
ධම්මං සරණේ දරමින් සින්දු කියනවා...
සංඝං සරණේ සරණින් පෑ වත වෙනවා..
මේ තුන් සරණේ බලයෙන් රට සරු වෙනවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න

photo by Dominic Sansoni

35 comments :

  1. අයියා ඊයෙ දාපු සින්දුව අද තමයි මම ඇහුවෙ ... ඒ අහල බලන් හිටියෙ මොකද අද සින්සුව ප්‍රමාද කියල

    ReplyDelete
  2. උඹත් මං වගේම තමා නේ ලොකු අයියේ.. බෙර කෑල්ලක් පේන්ඩ බෑ..
    ඒක නෙවී. අපේ හාමිනේ මේ දැං ඇවිල්ලා , ෂා ලස්සනයි - අයියා දාපු සිංදුවක් ද කියලා ඇහුවා.. පේනවනේ ලොක්කගේ අනන්‍යතාවය.
    වෙන comments ඕන් නෑ නේ..
    -ජය

    ReplyDelete
  3. @වත්: අනේ අප්පෝ...

    @යෝගී: උඹ වාසනාවන්තයි මලේ... උඹට වගේම රස වින්දනයක් තියන... උඹට කරදරයක් නොවී පසෙකින් ඉන්න කෙනෙක් ලැබුනු එක.... හපොයි මං අනන්තවත් දැකල තියනවා වාත කොච්චි...හාපෝ නොපතං....

    ReplyDelete
  4. ම්ම්... බෙර සද්දෙ හොඳට ඇහෙන සින්දුවක් තමයි ඒක..ඔයා දාන සින්දු ඉතින් කොහොමත් දුර්ලභයි නෙ අය්යෙ,

    ReplyDelete
  5. Thank you very much.

    ReplyDelete
  6. කොහොමද තිස්ස අයියෙ... ඊයෙ සින්දු අහන්න වුනේ නෑනෙ.. ඔන්න අද නම් ඇහුව අද සතුටු දවසක අවසානය :)... මේ සින්දුව කලින් අහල තිබ්බෙ නෑ අයියෙ.... බෙර පද ටික නම් නියමයි....

    ReplyDelete
  7. ලස්සන සින්දුවක් තිස්ස අයියා. මම හිතන්නෙ අයියට සින්දුවක මුලින්ම ඇහෙන්නෙ බෙර සද්දෙ වෙන්න ඕනෙ..හෙ හෙ..

    ඒක නෙමෙයි ඔන්න අපි අද ඒ පැත්තේ යන ගමන් කාගෙද ගෙයකුත් හෙවුවා. අවසානයට /3 යෙදෙන අංකයකින් යුතු නිවහනයි කියලයි අපිට නම් හිතුනේ. අපි හරිද මන්ද.

    ReplyDelete
  8. @Chandanie: You are always welcome madam....

    @විෂ්මි: 11 ඉඳන් ඉතින් ඔයාගේ හිතේ සතුටම තමා...

    @Raven: බොලේ පොඩ්ඩක් ගොඩ වෙන්න එපායෑ... අරහේ ඔරේන්ජ් බාර්ලි බෝතල් තියන් බලං ඉන්නවා..... ඒක තමයි ගේ....

    ReplyDelete
  9. තිස්ස අයියා- අද බෙල්ලන්විල ගිහින් එන ගමන් ඒ හරියෙන් නැවතිලා ටිකක් විපරම් කලේ. අපේ අම්මත් කිවුවා සුන්දර ගේ පොඩ්ඩ කියල. වෙලාවක යන්නම්කෝ අපි අක්කණ්ඩිවත් මුණ ගැහිලම එන්න.

    ReplyDelete
  10. අනේ දෙයියනේ.....මට වෙලාවකට මා ගැනම ලැජ්ජයි. මම හිතන් උන්නේ මම හුගාක් සින්දු අහලා තියෙනවා කියලා. තිස්ස අයියගෙ අඩවියට ආවම තමා හිතෙන්නේ අහලා නැති සින්දු කොයිතරම් තියෙනවද කියලා....ස්තුතියි අයියේ.....

    ReplyDelete
  11. අන්න අන්න වැරදි වැඩ .. ඇයි අපි ආස නැද්ද ඔරෙන්ජ් බාර්ලි බොන්න. අනික අපි එනවනම් එන්නෙ අත්දෙක පිරෙන්නම තෑගි බෝග අරන්.. හොද කිතුල් පැණි බෝතලයක් කිරි හට්ටි 2, 3 ක් එහෙම....... හා හා හා ගගග

    ReplyDelete
  12. @Raven: ෂහ් කෝලිකුට්‍ටු ඇවරිය දැන් ඉතින් ඉවරත් ඇති...
    මම ගෙදරට කියලත් තිබුනේ එයි කියලා....

    @දිල්: ඇලඩින් ගේ පියාඹන පලස වගේ දුක් කම්කටොලු බිම තියල නගින්න හද ගී පොතට... විනාඩි තුනක සුන්දර චාරිකාවක්.....

    ReplyDelete
  13. @wath: හප්පොච්ච්යේ මගේ පාලු කපන එකම මදෑ... ආයේ තෑගි මොටද...

    ReplyDelete
  14. හැබෑට අයියේ මම පුංචි කාළේ අහපු ඇලඩින් සින්දුවක් තිබ්බ... දැන් නම් මතක නැහැ.... බජවු සින්දුවක්ද මන්ද හිඑියට මතක නැහැ..
    අනේ මේ පාට හුටපටේ නිසා අකුරු අරහෙ මෙහෙ වෙනව... ගනන් ලන්න එපා... ඇස් දෙකක් ගේන්න වෙයිද මන්ස

    ReplyDelete
  15. මේ සින්දුව ඉස්සර රේඩියෝ එකේ උදේ පාන්දර ඇහුවට පස්සේ මේ ඇහුවාමයි බන් . . . උඹ සිරාවට මාර ලොකූ සේවයක් තිසා කරන්නේ.

    අහ් දනන්වද උඹේ හිට් කවුන්ටර් එකේ 10,000 වෙනියට ක්ලික් කලේ මම මම හිතන්නේ . .. ! උඹේ මේ වැඩේ තව තවත් සාර්ථක වේවා

    ReplyDelete
  16. බොලේ උඹ කිව්වහමයි ඒක දැක්කේ... එයින් 5000 ම උඹ නිසා.... ! ස්තූතියි දුකා....

    ReplyDelete
  17. අහ් අපෝ නෑ මට වඩා මේ අඩවියට එන රසවින්දනය හොය හොයා එන මේ අලුත් පරම්පරාවේ කස්ටිය නිසා තමයි ඉතිං

    ReplyDelete
  18. ඒ වුනාට මෙකේ ඉන්න එවුන් වැඩි හරියක් උඹේ reference එකෙන් ආපු එවුන් බං.....

    ReplyDelete
  19. හපෝයි...හපෝයි.....දුවන කෝච්චියකට බෙල්ල තිබ්බා නේද මමත්....

    "කරුණාවෙන් සවන් දෙන්න....කරුණාවෙන් සවන් දෙන්න....
    සයිබර් අවකාශයේ තිස්ස ගොඩන්දොඩයන්ගේ හද ගී පොත දුම්රිය පළවෙනි වේදිකාවට පැමිනේ....ගොඩවුනොත් නැවතුමක් නම් නැත....සියළු දෙනාම ආරක්ෂක පටි තද කර ගත යුතුය....ඔහුගේ හදවතේ අඳුරු මුළුවල හක්කළo කරන දහසකුත් එකක් සොඳුරු පදවැල් ජීවිතාන්තය තෙක් ඔබව සනසනු ඇත....."


    මේ...


    සුලා...

    ReplyDelete
  20. අනේ බං සුලා වරෙන්කෝ එලියට... උඹ හරිම අපූරු සහෘදයෙක්... මට මේල් එකක් වත් දාපං බං... (tissa1969@yahoo.com) කැන්ගරු දේසයේ පාලිතටත් උඹව හඳුනා ගන්න ඕනැලු.... මිනිස්සු සොඳුරු මිනිසුන් ඉවකරනවා බං...දන්නේ නැද්ද...?

    ReplyDelete
  21. හිතවත් තිසා.....

    ඕන් මන් නැවතුනානෙ උඹගෙ හිතගාව.....දැන් උඹ මාව දන්නවා....මම උඹව දන්නවා...උඹගෙ හිතවත් කම මට දැනෙනවා....ඒහොඳටෝම ඇති...
    මළ ඉලව්ව..මේ නිදි මතත් එක්ක මොනවත් කරන්න බෑනේ...සින්දුව ගැන ලියන්නත් ඕන කමක් තිබුණානේ හනේ අනිච්ච්o...අර දත් හාරණ ඉරටු කෑල්ලක් වත් නෑනෙ හැබෑට..ඇස් පියන් දෙක උඩට කරල ගහ ගන්න...ඕන් ඕකයි බo කාරණය...


    මේ..

    සුලා...

    ReplyDelete
  22. හිතවත් තිසා.....

    ඕo මන් නැවතුනානෙ උඹගෙ හිතගාව.....දැන් උඹ මාව දන්නවා....මම උඹව දන්නවා...උඹගෙ හිතවත් කම මට දැනෙනවා....ඒහොඳටෝම ඇති...
    මළ ඉලව්ව..මේ නිදි මතත් එක්ක මොනවත් කරන්න බෑනේ...සින්දුව ගැන ලියන්නත් ඕන කමක් තිබුණානේ හනේ අනිච්ච්o...අර දත් හාරණ ඉරටු කෑල්ලක් වත් නෑනෙ හැබෑට..ඇස් පියන් දෙක උඩට කරල ගහ ගන්න...ඕo ඕකයි බන් කාරණය...


    මේ..

    සුලා...

    ReplyDelete
  23. හොඳා හොඳා උඹේ කැමැත්තනේ.... අඩු ගානේ හැමදාම ගොඩවෙලා වත් යමං මස්සිනේ.... ෂහ් මක්කරන්නද....

    ReplyDelete
  24. මිහිරිව ගිගුම් සර නංවන බෙර නදිනේ
    සුසරව නැගෙයි හෙල හද රිද්මය නිතිනේ
    නිබඳව ඇසෙන මිණිමුතු ගී හද පොතිනේ
    සුහදව වෙලයි එකවන් හදවත් තදිනේ

    ReplyDelete
  25. තිස්ස අයියට/
    අපිට නෑ වගේ නේද ඔරෙන්ජ් බාර්ලි ?

    වත් ගෙ කිරිපැණී කතාවට කටට කෙලත් ආවා. අයියෝ..දිල් මහ පෙරේතියක් අප්පා........

    ReplyDelete
  26. ඒ දාලා තියෙන පිංතූරේ හරිම ලස්සනයි තිස්ස... ඔය වගේ ඒවා දැන් දකින්නත් නැ...
    ගූගල් වැඩේ මොකද?

    ReplyDelete
  27. ඔන්න සමනලී කලබලෙන් ඇවිත් සින්දුව අහලා හොරෙන්ම වගේ ආපහු යනවා හැමදාමත්.... ඒත් අද නම් කලබල නැතුව නිවිසැනසිල්ලේ ඇවිත් සිංදුවත් අහලා මේ කමෙන්ට් කොටුවෙත් පොඩියක් පියාඹලා යන්න ආවා....
    සමනලිත් පැරණි සිංදු අහන්න හරිම ආසයි... හැමදාමත් අයියා ගේන මේ ලස්සන සිංදු සමනලී ආසාවෙන් අහනවා
    ස්තූතියි.....!

    ReplyDelete
  28. @දිල්: හපෝයි ඕනෑ තරම් තියනවා, රුහුණේ මීකිරි... පැණි හා කත හැකී... අපි ඔක්කොම සෙට් වෙලා වත් ලාගේ ගෙදරට Trip එකක් යමු...

    @ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය: ස්තූතියි මචෝ... මම ජූනි වල එන නිසා මැයි මාසේ වගේ ඒක සෙට් කරමු.... වේලාසන වැඩි වුනොත් interest එක අඩුවෙයි....

    @Punchisamanalee: බොහොම ස්තූතියි... රොන් සොයා, පියාඹන සමනලියක සේ... රිසි ලෙස සරනු මැන, හද ගී පොතේ....

    ReplyDelete
  29. @ Pali
    පැරකුම්, තිසා වැව් පිස එන නළ වැන්නේ...
    සිසිලයි, සුවයි, සුසරවු හිත් සකියන්නේ...
    නෑ හෙල යකුන් හිත් කවදත් ඔයවැන්නේ...
    වා ගැබ තොසින් පුරවමු සොඳ බෙර නදිනේ...

    ReplyDelete
  30. කරුණාවෙන් සවන් දෙන්න....
    සයිබර් අවකාශයේ තිස්ස ගොඩන්දොඩයන්ගේ හද ගී පොත දුම්රිය පළවෙනි වේදිකාවට පැමිනේ....ගොඩවුනොත් නැවතුමක් නම් නැත....සියළු දෙනාම ආරක්ෂක පටි තද කර ගත යුතුය....

    මේක නම් නියමම කතාව තිස්ස අය්යෙ.. ඔය දුවන කොච්චියට දැන් කී දෙනෙක් නම් බෙල්ල තියලද...
    ගොඩවුනොත් නැවතුමක් නම් නැත....

    ReplyDelete
  31. @ චේජනා: ඒ සොඳුරු වූ ස්වර්ග රාජ්‍යයට ඔබ හැම කැඳවාගෙන යාමේ වගකීම මා බාර ගතිමි.

    ReplyDelete
  32. Ichi ban sen ni Doa ga shimarimasu, go-chuui kudasai...

    ඒ දුවන කෝච්චියේ ගමනාන්තය සොඳුරු වූ ස්වර්ග රාජ්‍යය බව සහතික කරන්නේ කවුරුන්ද..?

    ReplyDelete
  33. @චේජනා: ඔබේම හෘදසාක්ෂිය මිස අන් කවරක්ද...?

    ReplyDelete
  34. හුගාක් පහුවෙලා පි‍ටුවට එකතු වීම ගැන දුකයි. ඒත් කොහොමහරි අපිපොඩිකාලෙ ආසාවෙන් අහපු සින්දු ආයෙත් අහන්ඩ ලැබීම භාග්යක්. තිස්සට පින්! ලස්සනම සින්දුවලින් ගොඩක්, මට මතක හැටියට අපි පොඩිම කාලෙ උදේ පාන්දර පිරිත් වලින් පස්සෙ ගිය 'උදය ගී' වල තිබුන. ඒව උදේම ඇහුවහම දැනෙන ප්‍රබෝදමත් ගතිය තවමත් දැනෙනව වගේ!
    මමදන්නෙ නෑ අනිත් පි‍ටුවක "ගමින් ගමට සතුට උදාවේ" සින්දුව තියෙනවද කියල.(තවම පි‍ටු ටිකයි බැලුවෙ) පුලුවන්කමක් ඇතොත් ඒ වගේ තව සින්දු, ලස්සනම පෙරවදනකුත් එක්ක දාන්න පුලුවන්නම්.......
    We enjoy your comments may be more than the songs sometimes!! Exellent work Macho!

    ReplyDelete
  35. හරියට හරි රෝහිත මාහත්ත්යෝ මගේ අරමුණත් ඒකයි... නිතර නෑහෙන සිංදු ආයේ අහන්න සැලැස්වීම... ඔබ මතක් කල සිංදුවටත් මම හරි ආසයි... පුලුවන් වුනොත් දමන්නම් හොයාගෙන... සිංදු හොයාබලන්න පුලුවන් උඩ තියන Search Box එකේ සින්දුවේ වචන කිහිපයක් සිංහලෙන් ටයිප් කරොත් බලත හැකි... ආයේ එන්න... ඔබලා වගේ වියතුන් මෙහි පැමිණ රස විඳීම මගේ සිත් සතුටටද හේතු වේ...

    ReplyDelete

 
Blogger Wordpress Gadgets