ඈත ගගනතේ පායන චන්දෝ...

ඉනෝකා සත්‍යාංගනී සහ සුදත්මහදිවුල්වැව යුවල දැනට කාලයකට උඩදී, පුවත්පත් සාකච්ඡාවක් තියලා යුගදිවියෙන් සමුගත්තා, අලුත්ම ආරෙකට.... විවාහ වෙලා දරුවන් හදා උස් මහත් කොට, දීග තලග දී, එලොවට වැඩක් කරගැනීමේ, සාම්ප්‍රදායක චින්තනයේ පිහිටා ඉන්නෙක් මම ... හරියන්නේ නැත්නම් ගලවලා දාන්නේ නැතුව එල්ලන් ඉන්නේ අහවල් එකටද...? කියන අරවාගේ විකල්පයකුත් තියනවා ඉතින්... ඒත් තමාගේ කනස්සල්ල හෝ නොඉවසිල්ල තවත් පරම්පරාවක දුක්ඛ දෝමනස්සයක් බවට පරිවර්‍තනය කරනවා නම් ඒක පවක්... මෘදංග වාදානයකින් අලංකාර වෙච්චි මේ ගීය ප්‍රේමයේ කූටප්‍රප්තිය ගැන යස අපූරුවට විස්තර කරනවා.... ගායනය ඉන්ද්‍රානි සේනාරත්න ගෙන්...

ඈත ගගනතේ පායන චන්දෝ...
දෑස පිනි සැලූ හේතුව මන්දෝ...
සීත සමීරේ මා නැලවූ ඒ...
සීත සමීරේ මා නැලවූ...

ආදර සිහිලස විඳ අප දෙන්නා...
මතකද ඔබගේ සෙවනේ උන්නා...
අතීතයෙන් ඒ කාලය ගෙවුනා...
ඔබ දුන් සිහිලස සිතට නැගෙන්නා...

දවසින් දවසට දවස ගෙවෙන්නා...
අද යුග දිවියක මිහිර මැවෙන්නා
ඒ දිවියේ තනියට ලඟ ඉන්නා...
සඳ ඔබ වැනිවූ පුතෙක් උපන්නා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න

චිත්‍රය ජයසිරි සේමගේ ශූරින්ගෙන්

9 ප්‍රතිචාර:

රවා said...

ලස්සන සින්දුවක් මගෙ කොටසකුත් තියනවා.. "....අතිතයෙන්..."
තිස්ස අයිය කො කට්ටිය.. කො වත් අක්කා.. එයානෙද මෙකට පලවෙනි කමෙන්ට් එක දාන්නෙ..

Raven said...

ෂහ්. මරු මරු. රස වින්දා උපරිමෙන්ම.

ගීතය අහද්දි මගේ මතකයට ආවෙ මගේ ගුරු පියාණන් කෙනෙක් තමන්ගෙ පළවෙනි දරුවව මුල් වරට දකිද්දි දැණුනු හැඟීම විස්තර කරපු හැටි. කියපු වචන මතක නැති උනත් ඒ වෙලාවෙ ඒ මනුස්සයගෙ මුහුණෙ තිබුණ හැඟීම විස්තර කරන්න අමාරුයි. ෂුහ්.

තිස්ස අයියටත් මතක ඇති නේද ඒ මොහොත.

විශ්මි said...

අපිටත් වඩා අපූරුවට අක්ක නම් මේ ගීය විඳියි නේද අයියෙ..... ලස්සන පද පෙලක්..... ගීතයෙ අස්සෙන් ඇහෙන බෙර පද ටිකත් නියමයි.... තිස්ස අයියට ඇහෙන්නෙම බෙර පද තියෙන සින්දු විතරයි වගේ...... :)

දවසින් දවසට දවස ගෙවෙන්නා...
අද හෙට දිවියක මිහිර මැවෙන්නා
ඒ දිවියේ තනියට ලඟ ඉන්නා...
සඳ ඔබ වැනිවූ පුතෙක් උපන්නා...


හරිම ලස්සනයි මේ යෙදුම්......

wath said...

හා අයියා.... සින්දුව නම් ඉතින් වෙනදා වගේම ලස්සනයි . මට වෙච්ච වැඩේ. සින්දුව අහන්න කියල හද ගීපොතයි එකයි Face Book open කරන් ඉන්න කොට ගෙට කඩන් පැන්නනෙ ත්‍රස්ත්‍රවාදියො දෙන්නෙක්. එක්කෙනෙක් නම් මගේ ප්‍රාණ සම මිතුරෙක් අනිකා එයාගෙ මලයා. අම්මෝ සුළි සුළගක් ගෙට ආවා වගේ තමයි... ඉතින් ඔන්න දැන් ටිකක් වෙලා ගෙහුන්.

wath said...

හරි නැහැ හරි නැහැ.... මන්ද්‍රී දේවි වගේ අක්කාත් කැටුව යවන නම් මිස වැඩේ වැරදි අයියා.....

ඔක්කෝම දේවල් ජීවිතේදි පුරා ඛෙදා හදා ගෙන ඉවර වෙලා තනියෙන් බුදුවෙන්න යන එක වැරදී.

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝධරා දේවි
වාවනු බැරි තැන රහසේ හැඩුවා පෙර සංසාරේ ඇසුර මතක් වී

ලේන කුලේ සිට ආගිය
මගතොට සිටියා නොසැලෙන පහන්ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී

තැලී සෙනේ සිත සැළී හඩන විට
වැටී දෙපා ලග යසොදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ

යෝගී... said...

තාම මගේ වෙලාවෙන් නම් එච්චර රෑ වෙලා නැති වුනත් , දවසම එකදිගට දුවපු වාහන පෝලිම නැවතිලාද කොහෙද.. එළියෙ කිසිම සද්දයක් නෑ..

වැඩ කරකර ඉන්න ගමන් ඇස් දෙක පියාගෙන මේ ගීතය රසවින්දා තුන්වෙනි පාරටත් ..
කියලා වැඩක් නෑ තිසා.

අර අන්තිම පේලිය අයිං කළානං මගෙත් ජීවිත කතාවම තමා !..

-ජය

චේජනා said...

තිස්ස අය්යෙ, සින්දුව නම් හරිම ලස්සනයි..
පහුවුනු දවස් දෙක තුනේ ජීවිතය විඳීම සහ විඳවීම සම සමව තිබුන නිසා නිදහසේ සින්දු අහල හිත පිරෙන්න කමෙන්ට් එකක් ලියල තියන්න බැරි වුනා අය්යෙ... මම නැති වුනාට ඉතින් අනිත් කට්ටිය නම් හද ගී පොතට ඇවිත් හැන්දැවෙ චැට් එක දාගෙන ඉඳල වෙනද වගේම.

Bandula - බන්දුල said...

"උඹ අපේ මූණෙ දැලි ගාන්නේ නැතුව ඕකව බඳින්න ඕනෙ"
"මට බෑ අම්ම, ඒ මිණිහ මට ගැලපෙන්නෙ නෑ"
"ගැලපෙන්නෙ නැත්නම් මොන එහෙකටද ඌත් එක්ක නිදා ගත්තෙ"
"...........
...........
..."
"මේ නෝන, ඒ ළමයට ගැලපෙන්නේ නෑ කියල මේච්චර වේලාසනම තේරෙන එක ලොකු දෙයක්නෙ"
"වේලාසන වෙන්නෙ කොහොමද මහත්තයෝ ලමයෙක් බඩට ආවට පස්සෙ"
"නෑ මම කිව්වෙ මට තේරෙනකොට ලමය හම්බවෙලත් ඉවරනෙ"
"............ ඔයාටත් ඕනෙ අවජාතක මුණුපුරෙක්ගෙ සීය වෙන්නද?"
"අවජාතක දරුවො හිටියට අවජාතක මුණුපුරෝ කියල ජාතියක් නෑ නෝනා. දුවට ඒ මිනිහත් එක්ක ජීවිත කාලයක් දුක් විඳින්න දෙන්න ඕනෙ නෑ. අපි දෙන්නට තවත් දරුවෙක් ලැබුන කියල හිතා ගම්මු"
"ඔව් දික්කසාද නඩුවකට යන වියදමනම් ඉතුරු වෙනවා තමා."
"ඔයාට ඉතින් යමක් තේරුම් ගන්න ඒකෙ වියදම හෝ ආදායම ගැන කියන්න එපෑ"
තිසා තරහ වෙන්න එපා හැමදාම උඹේ කොලේ මම ලියනවට. මේ අමූලික ඇත්ත කතාවක්!

AkasaKusum said...

A nice song, thank you.

Post a Comment

 
Blogger Wordpress Gadgets