"ගෝල් පේස් යන්නෑ... පාර වහලෝ... ගෝල් පේස් යන අය කොල්ලුපිටිය හන්දියෙන් බහින්නෝ..." උඩ ගිහිල්ල ඇහැරෙනවා... කොන්දොස්තර මල්ලි ගේ කැගැහිල්ලට.. මදෑ බම්බලපිටියෙන් සීට් එකක් හම්බවෙලා ඇලට් එකක් දාගත්තා විතරයි... අදැපන් ඉතින් පයින්ම...
කෝ මේ ලිෆ්ට් එක තාම දාලා නෑනේ ...යමං පඩි පෙලේ අටවෙනි තට්‍ටුවටම.... ඔෆිස් එකේ යතුරත් සෙකියුරිටි එකෙන් අරගෙනම... දහයට evaluation කොමිටි මීටිම... උන්ට කේක් බිස්කට් ගෙන්නවන්න කෝ මේ පෙටි කෑෂ් බාර එකා...ම්ම් ඌත් නෑ... ඒකත් පොකට් එකෙන්... මල හත්තිලව්ව... මේ මගුල් ටික වදිනවා වදිනවා ඉවරයක් නෑ... "හලෝ...පොඩ්ඩක් දෙවෙනි තට්‍ටුවට එනවද...? අහවලා කතාකරනවා..." හ්ම්ම් යමන්... දීපන් ඉතින් ටියුෂන් උදෙන්ම... එක්කෝ දන්න ක්‍රිකට් එක පරිපාලනය කරගෙන ඉන්න ඕනෑ...
"කෝ මේ මිනිට්ස් ගන්න ලමයා...." "ඇවිල්ල නෑ...?" එතකොට මමද මිනිට්ස් ගන්නත් ඕනෑ... මරු.... "එහෙනම් මිස්ටර්... ඔය ඩොකියුමන්ට්ස් ටික අනිද්දට ෆයිනලයිස් කරල ගමු නේද...? පරක්කු කරන්න බෑනේ..කැබිනට් ටෙන්ඩර් එකක් නේ...ෂෙඩියුල් එකට යන්න ඕනෑ..." "හරි හරි දෙන්නම් අනිද්දට..." තොපිට මොකද... !
ඔන්න වදිනවා...දවල් කෑම එකවත් කන්ඩ දෙන්නේ නැද්ද අප්පා... මොකක්...? " _ _ _ _ චින්තනයට අනුව පහුගිය වසරේ ප්‍රගතිය..?" මමද ඕක හැදුවේ... මගෙන් අහලවත් නෙමෙයි ඕක හැදුවේ...
"හරි හරි ඔබතුමා කියනවනම් හෙට දවස ඇතුලත දෙන්නම්..."
"ඇයි මොකද....?" "අන්න කතාකරනවා..." "ආ වාඩි වෙන්න... මේ පොඩි බිස්නස් ඩිවෙලොප්මන්ට් ප්‍රොපෝසල් එකක් තියනවා..., අහවල් තුමාගේ සම්බන්ධ කෙනෙක්ගෙන්... බෑ කියන්න හරි හා කියන්න හරි පොඩ්ඩක් බලන්න එපායෑ නේද...හෙට උදේ ඉල්ලනවා.. ගෙදර ගිහින් රිලැක්ස් එකේ මේක බලලා අරන් එනවද... ආ පෙට්‍රල් එලවන්ස් එකේ වැඩේ හරි ගියෙ නෑ නේද තාම... හරි අපි බලමුකෝ..."
ඔව් අපිට ගෑනු, දරුවෝ, නෑනේ... නොදකින්...
"ඒ පාර මොකද..." "මං පොඩ්ඩක් කලිං යන්න... අද කෝච්චි ස්ට්‍රයික්ලු..."
"එතකොට මේක වහන්නේ මමද...? හා හා... "
නැත්නම් ත්‍රී වීලර් කුලියත් මට දෙන්න වෙයි...
අප්පා බස් වලට සෙනග... "මාරු නැද්ද...?" "ඉතින් පහලොවක් ගන්න පනහක් මාරු තමයි..." "අපිත් ගෙදරින් ගෙන්නේ නෑ... බහිනකොට ඉල්ල ගන්න..."
හම්මෝ බහින්නේ කොහොමද...ඇතියන්තන්... අර තඩි මිනිහ මට කලින් සුද්ද කරගෙන බැස්ස නිසා බැස්සා... හුටා පනහේ ඉතුරු..! පොඩි එකාට බෝලයක් ගෙන්නත් කිව්වා...
අම්මා... දිව්‍ය ලෝකෙට ආවා වගෙයි..."ගෑස් ඉවරයි... ලොකු පුතාට සනීප නෑ... පොඩ්ඩගේ හෝම් වර්ක් වලට සරුංගලයක් හදන් එන්න කියලා... අම්මලාගේ ටීවී එක පෙන්නේ නෑ"
හෝව් හෝව් rewind please...
"අප්පා අදනම් හරිම මහන්සි පාටයි... කෝ දෙන්නකෝ බෑග් එක... අද මූණ සෝදන්න කලින් තේ එක බොමු නේ...? මම අලුවා හැදුවා..."
එයින් මිදෙන මං පෙත සොයනා සඳ...ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...දයා ඔබේ මුදු ගුණයට ලොබ බැඳ....සදා වෙසෙන්නෙමි ඔබේ සෙනෙහෙ යට....
යසෝදරා... යසෝදරා...
හිතේ නැගුනු කලකිරීම කුමරිය...
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට...
යසෝදරා... යසෝදරා...
එයින් මිදෙන මං පෙත සොයනා සඳ...
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...
සමාධියෙන් සිත ඈත දිවෙන විට...
පමා නොවී යලි ඇවිදින් මේ දෙස...
එයින් මිදෙන මං පෙත සොයනා සඳ...
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...
දයා සිතින් එක බැල්මක් දී නෙත...
කෙමෙන් මැකී යයි යසෝදරා වත...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න...
Sithe Nagunu Kalakireema

යසෝදරාවක සියැසින් දුටු සඳ..
ReplyDeleteඇගේ සොඳුරු සිත කෙරෙහිම පෙම් බැඳ..
සමාධියෙන් ඈ වෙතම බැඳුනු සිත..
ආයාචනයක මිහිර විඳිනු මැන...
නංගි මගේ හිත හරියටම කියෙව්වා එහෙනම්..... බොහොම ස්තූතියි නගේ...
ReplyDeleteහැදින්වීම හරිම රසවත් තිස්ස අයියෙ..... :)
ReplyDeleteබොහෝ ගැහැණු තුල යශෝදරාවක් ඉන්නව.... හැබැයි ඒ යශෝදරා හඳුනගන්න පුළුවන් සිද්ධාර්ථ කෙනෙක්ටම විතරයි...... එහෙම යශෝදරාවන් ලබන්න වගේම...... එහෙම සිද්ධාර්ථවරු ලබන්නත් පෙර පින් තියෙන්න ඕනෙ.... හුඟක් ඇළුම් කරන ගීතයක් තිස්ස අයියෙ.... බොහොම ස්තුතියි
මේක නංගි මගේ ජීවිතයෙන් බිංදුවක්... ගොතල කී දෙයක් නෙමෙයි...
ReplyDeleteඔබ තුලත් ඊට අමතරව සොඳුරු නිබ්බුත පද කියූ ඇත්තියකුත් ඇතිබවයි මටනම් හිතෙන්නේ....
හැමදාම පුරුද්දට ඔන්න දුවලා ආව අදත් වැඩ අස්සේ උනත්.
ReplyDeleteහැමදාමත් වගේ රසවින්දා මේ ගීයත්.
මේ වගේම මම ආස තව ගීයක් තමයි මෙතුමගෙ "සැන්දෑ කලුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණූ නිවෙස සොයා එමි. ඔබේ සිනා සඳ මඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි" කියන ගීතය.
විවහපත් වෙලා නැතත් එ ගීය ඇහෙද්දී මට ඇති වෙන්නෙ අනිත් ප්‍රේම ගීයන්ට නොදෙවෙනි අතිශය ප්‍රේමණීය හැඟීමක්.
අහ් කියන්න අමතක උනා. හැඳින්වීමත් උපරිමයි.මට චිත්‍රපට ජවනිකා පෙළක් වාගෙ මැවිල පෙනුන.
ReplyDeleteහපෝයි මේ වැඩ අස්සේ උඹල දෙන්නා....
ReplyDeleteවැඩ පාඩු කරගන්න එපා ලමයිනේ...
මගේ වැඩුමල් සහෝදරී මට ලියුමක් එවන්නේ අවුරුද්දකට සැරයක්......
වැඩ තිබ්බට මහන්සි ඇරින්න මේ ඉසවුවට නෑවිත් බෑ තිස්ස අයියෙ..... කොහොම හරි එනව අම්මගෙන් බැනුම් අහන්...... :)
ReplyDeleteහැඳින්වීම නම් උපරිමයි තිස්ස අයියේ...කියලා වැඩක් නෑ
ReplyDeleteසින්දුව කොයිතරම් අහලා තිබුනත් මෙතැනදි මේ වචන් පේළි උඩ ඇස් දෙක එහාට මෙහාට දුවද්දී වෙනදා නැති මොකක්දෝ වෙනසක් දැක්කා...
එයින් මිදෙන මං පෙත සොයනා සඳ...
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර...
සමාධියෙන් සිත ඈත දිවෙන විට...
පමා නොවී යලි ඇවිදින් මේ දෙස...
එතැනදී වැඩියෙන්ම දැනුනෙ මේ වචන ටික...ඒකට හේතුවක් තියෙනවා...කියන්න බැරි තිස්ස අයියේ...ඇවලින් කඳුලූ පැන්නා.....ස්තුතියි ඔයාට....ගොඩක් ස්තුතියි
බලං ඉන්න අයට, අහන් ඉන්න අයට නම් කඳුලු සොඳුරුයි තමා... හැබැයි ඉතින් හිත පාර ගන්න නම් එපා... ඒත් ඉතින් මං කිව්වට කොහොමද නේ....?
ReplyDeleteකියල වැඩක් නෑ තිසා. විශිෂ්ඨයි. මේකේ පූර්විකාව මැදක් වෙනකං මං හිතුවෙ අද මේ යෝදයා සිංදුවක් දාන්නැතුව සටහනක් ලියනව වගේ කියලා. පස්සෙ තමයි දැක්කේ යසෝදරාවත..
ReplyDeleteමං ගීතය ගැන කියන්ඩ යන්නෑ . අපේ කස්ටිය ඒක ගැන කියලා තියෙනව නේ හරි අපූරුවට.
මට මේ කියන්ඩ හිතුනේ තිසා උඹ ලියල තිබුනු පූර්විකාව හරිම ආකර්ශනීයයි.මේ බ්ලොග් අවකාශේ ඉන්න අපි හැමෝටම (මට හිතෙන විදියට)ජීවිතේ කවදහරි කාලයකදී විඳින්න ලැබුනු අත්දැකීම් වල අඩුවැඩි වශයෙන් සංකලනයක් මේක ඇතුලේ කියවෙන්නේ.විඳින කාලෙදි වේදනාවක් තමා ඒක. ඒත් ඒ අත්දැකීම් අපිව හරිහැටියට පදං කළා නේ ද තිසා.මේ දුවන ගමනේ තව ටිකක් දුර දුවපුවාම හරි සතුටක් දැනෙයි ඒ අත්දැකීම් මතක් උනාම.
උඹ මේ සීන් එකේ වැදගත්ම තැන අතපසු කරලා ආපහු rewind කරනවා .. කොච්චර අපූරු අදහසක් ද?මං දෙපාරක් ම එතන කියෙව්වා. දෙපාරම සීන් එක මට මගඇරිලා , ආයෙ rewind උනා. මට හිතෙන්නේ මේ ගීතයේ රචකයාට මේ පූර්විකාව දකින්න ලැබුනොත් මොනවා හිතෙයි ද ?අපි හැමෝටම උනා වගේ ඔක්කොම කියවලා , screen එකෙං ඇස් දෙක මොහොතකට අහකට අරගෙන ඇස් දෙක තදින් පිහදාලා "සිංදුව අහන්න... ඕන්නම් බාගන්න..." කියන තැන තියෙන play button එක click කරයි.
-උඹට ජය
ඔව් යෝගී මට කියන්න ඕනා වුනේ, අච්චර දුක් කන්දරාවක් ඔලුවට දාගෙන ගෙදර එන මිනිහට අර ලැයිස්තූව කිව්වොත් ගෙදර ආපු මෝඩ කම කියලා හිතෙනවා නේද..?
ReplyDeleteඅපේ උන්දෑ සහලෝලා හිටියත් ඕං ඉතින් මාව පිලිගන්නේ දෙවනුව කී විදිහට තමා....
"මං හිතුවෙ අද මේ යෝදයා සිංදුවක් දාන්නැතුව සටහනක් ලියනව වගේ කියලා. .." උඹ මාව හිනස්සනවයි අඬවනවයි දෙකම...
උඹ නිදි මරනවා නේද එපා කියද්දී...?.
බොරු කියන්ඩ බෑ නේ. කිව්වත් වැඩකුත් නෑ නේ. comment එකේ වෙලාව වැටෙනවනේ.උඹ කිව්වත් වගේ මං මේ බ්ලොග් කෙරුවාව හින්ද නිශාචරයෙක් ම වෙලා.ඉක්මනට මේ තියෙන අනිත් වැඩ වලිනුත් නිදහස් වෙලා පොඩ්ඩක් විවේක ගන්නවා බං.
ReplyDeleteමේ ඒක නෙමේ . "අද මූණ සෝදන්න කලින් තේ එක බොමු නේ...? මම අලුවා හැදුවා.."
- ලොක්කට අපේ අක්කන්ඩිට කියලා අළුවා හදාගෙන කන්ඩ හිතිලද කොහෙද අද..බලපං හෙට උදේම හදලා අළුව පාර්සලයක් ආවෙ නැත්තං ඉතිං මං ආයෙ සාත්තර කියන් නෑ.
විහිළුවක් කලේ අක්කේ. මේකා සිංදු ලියනවිදියට කෑම හදල එවන්ඩ ගියොත් එහෙම ඉඩකඩං විකුනන්ඩ වෙයි.
මචං මේක ගැන මුකුත්ත් කියන්න බැරි තරමට හිත ගල් වෙලා වගේ . . .
ReplyDeleteඋඹ කියනව උඹ සංවේදී වැඩී කියලා . . මාත් ඒ ජාතියෙමද කියලා හිතෙනවා . . .
මේ ගීතයට මෙතුවක් විචාරක් ලියවිලා තියෙනවා නම් ඒ හැම විචාරයකටම වැඩිය උඹේ මේ වචන පේලි ටිකෙන් උපරිම සාධාරණය ඉටු කරල තියෙනවා මචං . . .
එච්චරම පට්ට මේ විචාරය.
නියමයි....නියමයි.....අපි ආපහු එන්නම් කො.. සින්දුත් අහලා...
ReplyDeleteමේ ගීතය නම් රස විඳල තියෙනවා අනේක වාරයක්. එත් අද වගේ හිතට කා වැදිලා නැහැ කවදාවත්. මමත් උඹ වගේම වාසනාවන්තයි තිස්සයො. ඒ නිසා තමයි උඹේ අන්ර්ඝ පූර්විකාවත් මගෙම කතාවක් වගෙ දැනුනෙ.
ReplyDelete@යෝගී: මෙහේ එනකොට නොවරදින දෙකක් තමා අලුවා පාර්සලයයි, සීනි දාපු දෙල් බැදපුවයි... ගෙනාපු ඔක්කෝම අනෙක් එවුන්ට දීලා මේ දෙක මම තියාගෙන මාස එකහමාරක් විතර කනවා හෙමින් හෙමින්... පව් බං, මටයි ලමයින්ටයි එක එක කෑම ජාති හදා දීලා පුංචි ලමයෙක් වාගේ සතුටු වෙනවා බං... මේ ටිකට උඹට දිවැස් ලැබිලා...දවසක් මගෙන් ඇහුවා තමා අලුවා ඉවර නම් හදලා එවන්නද කියලා...
ReplyDelete@දුකා: කට පුරා කිව්වහැකි ...අපි එකම රෑනේ...
අපි දෙන්න සෙට් වුනොත් කොහෙන් කෙලවර වෙයිද දුකා...?
@රවා: වත් අක්කත් නැති එකේ කොහෙද හදිස්සියෙ දුවන්නේ...?
අර උඹේ කාටවත් නොපෙනෙන, උඹට විතරක් අහුවෙනදේවල් ගැනත් කියල පලයන්කෝ..
@Pali: අපි දෙන්න අවුරුදු හතරක් එකට ඉඳලත් බලපන්කෝ, මේ දුරස් වෙලා නේ මෙව්වා බෙදා හදා ගන්න වුනේ...ෂිහ් මට උඹව මගහැරුනා ඒ කාලෙදී....
මටත් ඒ මගහැරීම ගැනනම් දැනෙන්නෙ කණගාටුවක්. සුන්දර දේවල් බෙදා හදාගන්න භෞතික දුරස්ථ බව ඉතිං ප්‍රශ්ණයක් නෙමෙයිනෙ මේ තියෙන තාක්ෂණයත් එක්ක.
ReplyDeleteනිතරම හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න මිනිස්සු දිහා බැලුවම හිතෙනවා ඒ අයට ජීවිතේ ප්‍රශ්ණ නැද්ද කියලා. ඒ වුනාට සමහරවිට ඒ අයට තියෙන්න පුලුවන් නිතරම දුකෙන් ඉන්න අයට වඩා දුක් කම්කටොලු. දහසකුත් එකක් වෙහෙසකර, පීඩා ගෙනදෙන ප්‍රශ්ණ මැද සිනාසෙමින් සැහැල්ලුවෙන් සිටින මිනිස්සු පිටිපස්සෙ ඔවුන්ගෙ හෙවනැල්ල වගේ දුක සැප බෙදා ගන්න ඔවුන්ගේ හද ගැස්ම තෙරුම් ගත්ත ගැහැණියක් ඉන්නව බොහෝවිට. එහෙම නොවූ තැන සියලුම දේ තිබුණත් ජීවිතේ බරක් කරගෙන ජීවත්වෙන් අය ඔනතරම් ඉන්නවා. මේක මගෙ අත්දැකීම් තුලින් තේරුණ දෙයක්.
මම චූර්ණයකින් කියපු දේ උඹ ගුලියකින් කිව්වා...
ReplyDeleteසහතික ඇත්ත බන්... මගේ අම්ම වුනත් වෙලාවකට තොරතෝංචියක් නැතිව අප්පච්චිට දෙස් දෙවෙල් තියනව අහලා මට කසාදත් එපාවෙලා තිබුනේ...ඇත්තම කියනවානම්... ඒ දයාබර ඇස් මුණගැහෙන කම්...
හද ගී පොතේ නිරන්තර රසිකාවියන් වන අපේ අවිවාහක හෝ විවාහක නැගණියන්ටත් මෙතෙක් මේ ගීතය මුල්කරගෙන සිදුවුනු සංවාදය බොහොම හොඳ පණිවිඩයක් වේවි නේද?
ReplyDeleteදෙයියන්පා ඇත්ත...!!
ReplyDeleteමේ ටිකේ වැඩිය ප්‍රතිචාර නොදැක්කුවාට, ඔබේ ලිපි පෙල කියවන්න අමතක කලේ නං නෑ. හැදින්වීම නං උපරිමයි, කියවනකොට සම්පූර්ණ කථාවම මැවිලා පේනවා.
ReplyDeleteඔබ අපේ අග්‍රගන්‍ය රසිකයෙක්... වැඩ වැඩි ඇති නේ... ?
ReplyDeleteමක් කරන්නද...
පුලුවන්නම් පරන සිංදු මට මතක් කරල මේල් එකක්වත් දාන්න...
මෙතන මම "චමින්ද" වෙලා ඉන්නේ...
අම්මා... දිව්‍ය ලෝකෙට ආවා වගෙයි..."ගෑස් ඉවරයි... ලොකු පුතාට සනීප නෑ... පොඩ්ඩගේ හෝම් වර්ක් වලට සරුංගලයක් හදන් එන්න කියලා... අම්මලාගේ ටීවී එක පෙන්නේ නෑ"
ReplyDeleteFමේ කථාව නම් අපේ කන්තෝරුවේ සහෝදර වරුත් කියනවා.
මගේ කතාවෙදී එතන තමයි rewind වෙන තැන... මට එහෙම කවදාවත් වෙලා නෑ...ඒ වෙනුවට අලුවා, සීනි දාපු දෙල් බැදපුවා, වැලි තලප... මං එනකල් බලං ඉන්නවා...
ReplyDeleteතිස්ස, පැහැදිලි මදි මචං. 40 ඇඳිරිය නෙමේ. ම්... හරි දෙපාරක්ම පිහදා ගත්ත. ඒක දැකල යසෝදර අහනවා 'ඇයි....?' මම කියනවා 'නෑ මේ නිකං' 'නිකං' 'ඔව් මේ ඔයා ගැන තියෙනවා' යසෝදර කියනවා 'රිවයින්ඩ් කරන්න උනාට සමා වෙන්න' මම කියනවා 'ආ.. ඒක මොකක්ද, ගනන් ගන්න එපා' යසෝදරා කියනවා 'ආයෙත් කවදාවත් රිවයින්ඩ් නෑ. ප්ලේම තමා' කියල.
ReplyDelete(මූණු පොතේ වෙන දෙයක් ලිව්වෙ තිස්ස)
ඔන්න අත්දැකීම් වල වටිනාකම....
ReplyDeleteපැහැදිලි නෑ කියන්නේ අමූලික බොරු....
ගෙදරට එන මනුස්සයාගේ ඇඟට කඩා පනින ගැහෑනු මටනං හපෝ....
උඹ ආයේ ආයේ බොරු කියනවා...
උඹටත් ඒ වාගේ යශෝදරාවක් නැත්නම් හම්බ වෙයි ඔහොම කුරුල්ල වාගේ ඉන්න... rewind කෙසේ වෙතත්..
පැහැදිලි නෑ කිව්වෙ තිරය බං. ඇස් දෙකම තෙමිල ගියා!
ReplyDeleteහපෝයි... උඹත් ඔය පරිප්පු අනිවා කාල ඇති නේද මචෝ....
ReplyDeleteමේ ඒක නෙමෙයි මම ජුනි වල එනවා උඹව හම්බ වෙන්න පුලුවන් වෙයි නේ...?
පරිප්පු කිව්වේ කන් තෝරුවේ ඈ...
ReplyDeleteෂුවර්!
ReplyDeleteඅනිවාර්යයෙන්ම හමු වෙමු.
මම මග බලාගෙන ඉන්නවා.
හිතවත් තිසා........
ReplyDeleteමම් නම් උඹව තාම හරියට දන්නෑ.....දුකාගෙ සයිබර් අඩවියට ගොඩවෙලා යන්න ආහම අහම්බෙන් දැක්ක මරණ දැන්වීමක්...නිකමට වගේ එබුවා......මම උඹගෙ හිත කියෙව්වා....සුන්දර ප්‍රාණියෙක්......මම විශ්වාස කරණ දේ හරියටම හරි කියලා ඔප්පු වුණා...මේ ලෝකයේ සෑම ප්‍රාණියෙක්ම හරිම සුන්දරයි...මම් හැර.....
ඉදින් තිසා,
මව් බිමෙන් ඈත ඉඳන් පාළුව තනිකම දැණුනු වෙලාවට ආයෙත් ඇවිත් යන්න එන්නම්...
මේ
සුලා..............
ඇයි මචෝ ඔච්චර පරාර්ථ සිතක් තියාගෙන හිත කනගාටුවෙන්...?
ReplyDeleteඅපි ඔක්කොම තනිවෙච්චි මිනිස්සු තමා සුලා...සාදරයෙන් පිලිගන්නවා...
අපිත් එක්ක හිටපන් බං....
ඉතින් ඒ පරාර්ථකාමී ප්‍රාණියා සුන්දර ප්‍රාණියෙක් නොවෙන්නෙ කොහොමද?
ReplyDelete@හිතවත් තිසා...
ReplyDeleteස්තූතියි...නවාතැන් දුන්නාට...උණුසුම් පිළි ගැනීමක්......!
@ හිත්වත් පාලි,
ලෝකයේ සියල්ලක්ම...සාපේක්ෂයි.....ඉඳින් සමහරවිට..මමත්..!!!??
දහස් වාරයක් ස්තූතියි...
...................................................
යශෝ..............
මද්දහනේ....රෑ මැදියමේ....
පාළු මoමාවත් සැරිසරා........
නිදි යහනේ..සුව සිහිනයේ...
අඳුරු අහුමුළු පීරා...
සිළුමිණ..දිවයින...
පත් ඉරු පීර පීරා...
සෙව්වෙමි..සොයමි..
උඹ කොහිද..???
යශෝදරා...
මේ..
සුලා....
සුලා... මරුම කවියක් බං.... ලියමුද බ්ලොග් එකක්...? දැනටමත් තියනවද...?
ReplyDeleteහමු වේවා කියල පතනවා ඉක්මනටම උඹට ගැලපෙන යසෝදරා... පත්තර තීරු කෙසේ වෙතත්... වෙලාවක බස් එකේ ලඟින්ම ඇවිත් වාඩි වෙන්නත් බැරි නෑ... වාහනේ යන වෙලාවක අත දාලා උදව්වක් ඉල්ලන්නත් බැරි නෑ... ඇස් ඇරගෙන ඉන්න... මගේ යශෝදරා මටත් හම්බ වුනේ අහම්බයකින්... සංසාරෙම එකට ඉඳලා තිබුනත්....
ආ .. ලොකුඅයියා පනපිටිං ඉන්නව වගේ තාම.
ReplyDeleteදැං හත්දවසකුත් ගිය හින්දා මං හිතුවා දානමාන කටයුතු ඉවරයි , කතා කරලා වැඩක් නෑ කියලා..
ඒක නෙමේ .. ඉක්මනට ඉවරකරහං ඔය විභාගේ මං දැං හත් අට සැරයක්ම උඹට ලියන්ඩ හදලා , ආපහු නිකං හිටියා.
කමන්නෑ. උඹේ වැඩේ හොඳට කරං යමන් තිසා.
අපේ සුබපැතුම් !
ඉවර වුනා ඊයේ මලේ විබාගේ...මට උඹලා ගැන බොහොම ලෙංගතු කමකුත් ඇතිවුනා...මොකද කාරනේ තමන්ගේ කෙනෙක් ගැන වාගේ හිතාගෙන... ලියුමකින් වත් බාධා නොකරන්න ඕනෑ කියලා හිතපු එකට... උඹේ ලියමනක් නැතිව මටත් කාන්සිය...
ReplyDeleteOK Lasantha I see your point clearly.
ReplyDeleteThank you very much for highlighting this.
Will soon upload a better / original one.
Please continue to help me like this.
Appreciate a lot.