ගිටාරයයි, බටනලාවයි, උඩැක්කියකුයි ඉතාමත් අණර්ඝ ලෙස මුහුකොට සැදූ නිර්මාණයක්... ටී එම් ජයරත්නයන්ගේ මියුරු හඬ ඊට නොදෙවෙනි සංගීත රසයක් ගීයට එක්කාසු කරනවා...
සත් ගිරි කුලු පිට එපිටින්,
සත් මහ සමුදුරු එපිටින්,
සක්වල දේශය එපිටින්,
එන වන බමරෝ.... එන වන බමරෝ....
මලේ පියලි වරුන සලුව ගෙතුවේ නුඹටයි...
මලේ කෙමිය මල් මුවරද පිරුවේ නුඹටයි...
මලේ සුගන්ධය පිටාර ගැලුවේ නුඹටයි...
මලේ උරුම මල වට කර රඟනා නුඹටයි...
සුදු එල පෙති වියන යටින්,
ලහිරු කැලුම් පලස පිටින්,
නල රැලි පෙම් සමග තුටින්,
එන වන ඹමරෝ.... එන වන බමරෝ....
මලේ තුසර මුතු මාලය බැන්දේ නුඹටයි...
මලේ මෙලෙක සුව සයනය සැදුවේ නුඹටයි...
මලේ සුසුම වාතල පිට රැඳුනේ නුඹටයි...
මලේ හැඬුම මේ වනතුරු ඇසුනේ නුඹටයි....
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න....
සත් ගිරි කුලු පිට එපිටින්,
සත් මහ සමුදුරු එපිටින්,
සක්වල දේශය එපිටින්,
එන වන බමරෝ.... එන වන බමරෝ....
මලේ පියලි වරුන සලුව ගෙතුවේ නුඹටයි...
මලේ කෙමිය මල් මුවරද පිරුවේ නුඹටයි...
මලේ සුගන්ධය පිටාර ගැලුවේ නුඹටයි...
මලේ උරුම මල වට කර රඟනා නුඹටයි...
සුදු එල පෙති වියන යටින්,
ලහිරු කැලුම් පලස පිටින්,
නල රැලි පෙම් සමග තුටින්,
එන වන ඹමරෝ.... එන වන බමරෝ....
මලේ තුසර මුතු මාලය බැන්දේ නුඹටයි...
මලේ මෙලෙක සුව සයනය සැදුවේ නුඹටයි...
මලේ සුසුම වාතල පිට රැඳුනේ නුඹටයි...
මලේ හැඬුම මේ වනතුරු ඇසුනේ නුඹටයි....
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න....


18 ප්රතිචාර:
හන්තානට පායන සඳ ලස්සනයිද මට කියන්න...
මේක හමබුනොත් මට කියන්ඩෝ...
මගේ ප්‍රියතම සරසවි ගීතය...
/බිඟුවා...!
අදනම් හිතට වෙහෙසකාරී දවසක් තිස්ස අයියා. බලමු සින්දුවක් වත් අහලා.
තිස්ස අයියා... අද මොකද බීට් එක වෙනස් කරලා....
තොඩා තෙස්මෙ ගාඩි චලාතාහෙ......
අච්චා භයියා මෙ වාපස් ආයෙගා...තුම් සෙ බාත් කර්නෙමෙ...
අබුඩාබි වල ඉන්නවානම් හින්දිත් දැනගන්න ඔනා......
බමරෙක් ගැන කිව්ව හින්දා වෙන්නෑති පරන කාලේ මතක් වුනේ .... මෙන්න බඩු..http://www.divshare.com/download/10844298-3a8
@Raven: සින්දුව අනිවා සිත නිවාවි...
@රවා: මේ මලේ අර "මාරයා"කරන්න යන වැඩේ දැක්කේ නැද්ද...?.
සින්දුව ලස්සනයි අය්යෙ.. මම නම් අහල නෑ වගේ.. කවදාවත්.. මටත් රේවන්ට වගේ තමයි අද දවස නම්.. බාගෙට මැරිලා....ඒ හින්ද ඉතින් සින්දුවවත් අහල බලමු..
හිතට හරි නැහැ අයියේ, සින්දුව සත්තකින්ම හිත නිව්වා.
මොකද අප්පේ ඔච්චර වැඩ... ? මහවැලි ගඟවත් උතුරන්න යනවද...? හොඳයි හොඳයි තෙහෙට්‍ටුව යන්න සින්දුම තමා බෙහෙත... පුලුන් පුරවපු සතෙක් වගේ ටික වෙලාවක් ඉන්න පුලුවන්...
මාරයා ගැන මගෙ හිතෙ විස්වාසයක් තියනවා අයියා...අපි හිතන තරම් දෙයක්ට එයා අත නොතියන බවට මගෙ විස්වාසයක් තියනවා. මමත් බලන් ඉන්නෙ.. තිස්ස අයියා නොදැකපු පැත්තකුත් තියනවා මාරයා කෙලින්ම සෙට් උනෙ බ්ලොගස්පොට් එකට නෙමෙ ඉට කලින් එයාගෙ වෙනම සයිට් එකක් තියනවා... තියනවා එක කිපදෙනයි දැකලා තියන්නෙ.. මම එතනත්ට ගියා... මිනිහාට අපිව ඇස් දෙකට ගැටෙන්න තිබුනානම් හොදයි.. නමුත් මාරයා එකට බයයි.. එයාව අපිට හොයාගන්න එයා ඔනතරම් ඉඩතියලා තියනවා. නමුත් මෙතනදි එයා කරන්න යන්නෙ අතිතයෙන් අයින් වෙන එක කියලා මට හිතෙනවා.. මොකද කියන්නෙ.. බලන්න හොදට එයගෙ පොස්ට් වල තියන අන්තර්ගතය වෙනස් වෙන හැටි කාලයත් එක්ක..
කලින් අහලා පුරුදු සින්දුවක් නම් නෙමේ අයියෙ. පළවෙනි පාරට අදද කොහෙද ඇහුවෙ....
ස්තුතියි අයියට...
තිස්ස අයියෙ, දන්නෙ නෑ ඇයි කියලා....ලොකු අඩුවක් දැනෙනව හිතට. හරියට අපේ පවුලෙ එක අයියෙක් අපිත් එක්ක තරහ වෙලා වගේ. මම බැඳීම් වලට මහ පෙරේත කෙල්ලෙක් අයියෙ. මරයා අයියා තාම ඇවිත් නෑ. දැනට කී සැරයක් ඒ පැත්තෙ ගියාද? පාළුයි ගොඩක්
ගැත්තාට කමා කරත්වා... උණූ උණු comment එක දාන වේලාව එනකොට මම බස් එකේ අයියා... ඒ ඇවිල්ලා කෙළවරක් වුනා...
මම හද ගී පොත බලන කොට එකcomment එකයි තිබ්ඛෙ. ඒ අස්සෙ මෙන්න යාළුවෙක් හිත රිදෙන වැඩක් කරල. ඊට පස්සෙ comment දැමිල්ල පසෙකින් තියල ලියන්න ගත්ත. ලියල ඉවර වෙලා ඇවිත් බලන කොට මෙන්න අයියට comment ගෝනියයි............ බොරු කියන්න ඕන නැහැනෙ අයියා අද මම සින්දුව ඇහුවෙ නැහැ. හෙට අහන්නම්. මට හරිම මහන්සියි.. ගත සිත දෙකම හරිම තෙහෙට්ටුයි............ ගිහින් එන්නමි...
තිස්ස, මට උඹව අහුවෙන්නෙ ගොඩක් වෙලා ගිහිල්ල. කිසි දෙයියෙක් පිහිට වෙන්නේ නෑ මචං හැන්දෑවට ගෙදර යන්න. හුඟක් දාට පොඩි එකී බුදි. ඊළඟට මම නිදියන්නෙ එළිවෙලානෙ! උන් 'වුද්දිකාරෝ....' කියනවා ඇහෙන්නේ හීනෙන් වගේ.
'මලේ සුසුම' ඇසුනා මචං
පපුව කඩන් වැටෙනවා.
හපොයි මිත්‍රයා... ඒකවත් මදෑ මචෝ.... මට ඒකවත් නෑ... අපි හෙට ජීවත්වෙන්නද මචෝ මේ වලිකන්නේ...? එතකොට අද....
60 දශකයේ ගීතත් ටිකක් පුලුවන්නම් හොයලා දාන්නකෝ හරිම අමාරුයි ඒ වගේ ගීත හොයාගන්න..
මේ ගීතය ටිකක් වෙනස් නේද?
හරිම වෙනස්... නිකං ගුප්ත රසයකුත් එනවා මටනං... 60 ගීත ටිකක් මාගාව තියනවා සමහර ඒවා ෂුවර් නෑ හරියටම 60 මද කියලා... මලේ ඒක නෙමෙයි නිවාඩුවට ආවහම උඹලා ඔක්කොම එක්ක සෙට් වෙන බලාපොරොත්තුවක් තියනවා... උඹේ සංගීතය අපිට ඕනේමයි... මට පුලුවනම් මේල් එකක් දානවද කැමැතිනම් tissa1969@yahoo.com එකට..?
Attatama lassana geetayak ayye. mita kalin ahala na oya nisa tamai parana sindu ahanna awastawa labune.tnx ayye....
@ Anonymous: You are always welcome brother...
ලස්සන වැඩක් තිස්ස. මමත් ස්ඉන්දු දෙක තුනක් ගත්තා. තව ටිකක් ගන්නත් තියනවා. ගොඩක් ස්තූතියි !
Post a Comment