සෙනෙහස සොම්නස අතිනත ගත්විට...

මේ ගීයේ වාගේ කදිම රූපක වලින් සඟවා අලංකාර කල (සරාගී..?) ආයාචනයක් මගේ ජීවිතයටම අහලා නැති තරම්... මේක චිත්‍රපටි ගීතයක් නිසා චිත්‍රපටියේ රාමුවට ගැලපෙන්න හැදුවද මන්දා... තිසා වැව, එහි ගැවසෙන සේරුන්, අතීත රංගනයන් පවා මතක් කරමින් ඈ මේ ඉඟියෙන් පවසන්නේ කුමක්ද... ඔහු තාවකාලික අමණාපයකින්ද...? වෙනත් මලකට ආකර්ෂණය වත් වෙලාද... සොඳුරු සිතැති ඔහු වදනක් වත් දොඩන්නේ නැතිව ඉන්නේ ඇයි... එසේත් නැත්නම් ඇයගේ ආයාචනයේ ගැඹුරක් නැති බව ඔහු දන්නා නිසාද...? මල්ලිකා කහවිට "ලා දලු" චිත්‍රපටියට ගැයූවක්...

සෙනෙහස සොම්නස අතිනත ගත්විට ඉමිහිරි සුවය මැවේ...
ඉඟියෙන් පවසන සේරුන් යුවලක්, යති අර ගගන ගැබේ...
යති අර ගගන ගැබේ...

හිරු ‍රැස සිප සිප පිපි මල් කැකුලක ආදර සුවඳ හදේ...
බඹරෙක් ලැතැවෙයි මල් පැණි නොසොයා, නැතිවද සතුට හිතේ....

බොල් පිණි බිමට තලා, මල් පැණි එපා කියා....
රුදු බඹරෙකුගේ නියා, ඉගිලී යයිද කියා...

මද මද පවනින් පොදි ‍රැදි කිරණින ලස්සන තිසා වැවේ...
ගොලු බව ඔබටත් දැනිලද නොදැනේ, ඔබ මේ නිහඬ වුනේ...

පෙර පෙම්වතුන් පවා, පෙම් රජ දහන් මවා...
වැව ලඟ තුරුලු වෙලා, හිනැහී මුකුලු කලා....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න..

ගීය ගැන වැඩි විස්තර දන්නවානම් අපත් එක්ක බෙදා හදා ගන්න...
Senehasa Somnasa

25 comments :

  1. මේක අහද්දි මට අමරදේවයන් ගායනා කරන සඳ හොරෙන් හොරෙන් කියන ගීයත් සිහියට ආවා..ප්‍රේමවන්තයින් දෙදෙනෙක් සුන්දර පරිසරයක හුදෙකලාව ඉන්නකොට දැනෙන හැගීම් නියෙමට මතු කරන ගීත මේවා.

    පෙම්වතා එක්ක තනිවුන මොහොතක ඔහුගෙන් සොදුරු පහසක් පතන සහ ඔහුගේ නිහඩ ප්‍රතිචාරය නිසා හැගුම්බර වන පෙම්වතියකගේ සිතක හැගුම් පෙළක් හැටියටයි මම නම් මෙය රස වින්දේ.

    චිත්‍රපටයේ මොන අවස්ථාවක් නිරූපනය කරන්න යොදා ගත්තක්ද කියලා නම් මම දන්නෙ නෑ.

    ReplyDelete
  2. ඔව්... එහෙම ගන්නවා මමත්... ඔය චිත්‍රපටිය මමත් බලලා නෑ... මටත් හරි අදහසක් ගන්න බැරිව උන්නේ ඇත්තටම...

    ඔය වයසට ඔච්චර විනයකින්, සෞම්‍ය ලෙස, මේවා දිහා බලන්න පුරුදු වුනේ කොහොමද...?

    ReplyDelete
  3. සෙනෙහස සොම්නස
    අතිනත ගෙන ඇත..
    කුමටද ආයාචන ආයේ..
    සඳ ‍රැස් කිරණක ඇය හමුවේවා..
    පිබිදෙන හෙට දවසේ..

    (මම හිතන විදියට ඔබ දෙපල ඉන්නව ඇත්තෙ රටවල් දෙකක නේද? ඉතින් ඔබ වෙනුවෙන් මගේ ප්‍රාර්තනය මේ.. දෙදෙනා එක රටක ඉන්නව නම් මගේ නොදැනුවත්කමට සමාවෙන්න.)

    ReplyDelete
  4. තිස්ස අයියා- ඒ ගැන නම් කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම ජීවිතයෙන් මත් වීම කියන එක එක ඉහලින් අගය කරන පුද්ගලයෙක්. මධු විතකින් වගේම ගැහැණියකගෙන් හෝ කලා නිර්මාණයකින් මම ලබන්නෙ එකිනෙකෙට සුවිශේෂ සුන්දර මත් බවක්.

    ප.ලි-
    මේක දැකල මගෙ විනය ගැන එක්කෙනෙක් පස්සෙ ඇවිත් මොන මොනව හරි දොඩවයි සමහර විට. ගණන් ගන්න එපා ;)

    ReplyDelete
  5. ශහ් අපූරු උවම... ඔයා හරි... ඇය ඇගේ පැලේ... මම මගේ පැලේ... සවසට හමුවේ වෙබ් අවකාශේ... ගිහිල්ල එන දවසට ඇගේ උරිස තෙත් වෙන්න අඬලා තමා එන්නේ...

    ReplyDelete
  6. තිස්ස අයියා... හැමදාමත් වගෙ ආවා...

    රවෙන්ට
    කෙනෙක් ආදරෙන් මට බණිද්දි මම බිම බලාගෙන පොඩි එකෙක් වගෙ හිමිට උඩ බලනවා. එතකොට මට බැනපු කෙනෙගෙ මුහුනෙ හිනාව මතුවෙනවා... හැම නිර්මාණයක්ම විදින්න ඔනා.

    ReplyDelete
  7. @Raven ඔව් නැත්නම් අරවාගේ රසවත් ලිපි ලියැවෙයියෑ නේද එක අතකට... නමුත් මම හිතන්නේ ඔබ වයසට වඩා හොඳ ආත්ම දමනයකින් යුතු කෙකෙන් කියලා...

    හා හා හා...ලිපියට වඩා රසයි පසු ලිපිය....

    ReplyDelete
  8. @රවා: උඹ නැත්නම් දැන් මෙතැන පාලුයි.....

    ReplyDelete
  9. තිස්ස අයියා- පසු ලිපියේ ප්‍රතිඵල මග එනව කියල ආරංචියක් ලැබුන :o

    රවා- හිනාවෙන සීන් එක කියවලා මැවිල පෙනිල මටත් හිනා ගියා.
    අනිවා මචන්. ලෝකෙ හැම දෙයක්ම අපිට ඕනෙ විදිහම සිද්ද වෙන්නෙ නැති එකේ අපේ වින්දනය යම් යම් දේවල් කීපයකට සීමා කරගෙන කොටු වෙන එක මෝඩ කමක්.
    හැමෝටම කැමති ගායකයො, නලු නිලියො ඉන්නවා. ඒත් එහෙම කියල ඒ අයගෙ නිර්මාණ විතරක් අහල දැකල ඇසුරු කරල අනිත් ඒව අත ඇරගන්න එක තේරුමක් නැති වැඩක්.

    ReplyDelete
  10. ෂහ්... අපූරු ගීතයක්....හැඟීම් රසවත් වෙන මොහොතක පෙම්වතාගෙන් ඉඟියක්වත් නැති තැන මීට වඩා මොනව දැනෙන්නද පෙම්වතියකට....


    ප.ලි. තිස්ස අයියේ.... මේ අර එක්කෙනෙක්ගෙ විනය ගැන නම් මං මුකුත් කියන්නෙ නෑ.. මුණගැහිච්ච දවසකම බලාගන්නකො....... ;)

    ReplyDelete
  11. සිංදුව මීට ඉස්සෙල්ලා නම් අහලා තිබුනෙ නැහැ...අදමයි අහුවේ.කොහොම උනත් වචන ටික නම් පංකාදුයි

    ReplyDelete
  12. ඔන්න තිස්ස් අයියා මාත් ආවා...අනේ ඇත්තට කොහේ තිබිලද මේ සින්දු ටික අයියා හොයා ගන්නේ ? ඔයා නම් වටිනා මනුස්සයෙක් අයියේ...මේ කාලෙ අහන එක එක පුස් සින්දු වලට වඩා මොනතරම් ප්‍රේමණිය සින්දුවක්ද ? බලන්න වචන දිහා.....

    හදවතේ ඇතිඋන සියලූ ආශාවන් ඉතාම අපූරු වචනවලින්....

    ස්තුතියි අයියෙ අපිත් එක්ක බෙදා හදාගත්තට..

    ReplyDelete
  13. Raven, විෂ්මි, රවා, චේජනා, දිල්: ඕගොල්ලෝ මට කට පුරා (දැකල වාගේ නේ...?) අයියේ කියලා කතාකරනවා දැක්කම පුදුම සතුටක් ඇතිවෙන්නේ... මට මල්ලිලා නංගිලා නෑ... මට ඒ අඩුව ඇත්තමයි ඕගොල්ලෝ පුරවනවා...මම අතින් පාඩු වුනත් ලංකාවේ ඉන්න කාලේ Visiting Lectures කරා මොර‍ටුවේ, මේ තරුණ ජවයත් එක්ක තියන ආසාවට...දැන් ඒක මග හැරුනා... නමුත් දැන් මට හොඳ සංවරයක් තියන, නිහතමානී, ඒ හැමටම වඩා ඉතාම රසවත් රස විඳනයක් තියන සහෝදර කැලක් මුණගැහුණා... මම ඒ අතින් හරිම වාසනාවන්තයි... මට යන යන තැන ඒ වගේ නඩයක් සෙට් වෙනවා... තව රසවතුන් ඉන්නවා... වත්, යෝගී, හශිත, දුකා සහ මාරයා... ශහ් කට්ටිය වට කරගෙන තරු ඇති රෑක පාලු අඳුරු නිල් අහස මමයි කියන්න ඇත්නම්...ඕගොල්ලෝ හැමෝටම ස්තුති මේ චමින්දව බලලා යනවට....

    ReplyDelete
  14. @ රාජිත අනුරාධ: මෙතන තියන සිංදු ගොඩක් කට්ටිය අහලා නෑ මල්ලියේ ...ඒක තමා පරමාර්තයත්... බොහොම ස්තුතියි ඇවිත් ගියාට..

    ReplyDelete
  15. කට පුරාම අයියේ කියලා කතා කරන්න තියෙනවානම් කොච්චර හොදද අයියේ...අපි ඇස්වලින් දැකලා නැති අය උනත්.තේකෙන් බැඳිමක් ඇතිවෙනවනෙ...නේද ? හැමදාම අපේ ලොකු අයියා වෙලා ඉන්න.අපිව දිරිමත් කරන්න

    ReplyDelete
  16. සිංදුව අහන්ඩම ඕනෙ නෑ තිසා. මුල සංගීත ඛන්ඩය ඇහෙනකොටම හිතට මහ පුදුමාකාර නිස්කලංක හැඟීමක් එනවා. නිකං වැව් ඉවුරකින් හමාගෙන එන සුළඟට මැදිවෙලා ඉන්නවා වගේ. මංද , මට නං එහෙම හිතෙනවා බං. අපේ අතීතේ බිහිවුන ගීත සාහිත්‍යය කොච්චර වටිනවද .
    මේ වගේ හොයල අරං තියාගන්ඩ වටිනා මිනිහෙක් නේ තිසා උඹත්.මේ චමින්ද කිය කිය බොරුවට දැඟලුවට කවද හරි අර තිස්ස නාගොඩවිතාන ට මිනිස්සු ගරු කරන්නා වගේ මේ ඉතිහාසේ එකතු කෙරුවට උඹට මිනිස්සු ගරු කරනවා..
    ( වැඩි අමාරුවකුත් නෑනේ. නා ගොඩයි දොඩං ගොඩයි පොඩ්ඩක් එහා මෙහා කරපුවාම වැඩේ ඉවරයි නේ)
    - ජය

    ReplyDelete
  17. @දිල්: කියල වැඩක් නෑ නංගියේ...ඒ වුනාට මට ලංකාවට ආවහම ඔක්කොමලාව හම්බ වෙන්න ඕනෑමයි.....

    @යෝගී: හා හා හා...ති.නා. --> ති.දො. සිරා analogy... great යෝගී....

    ReplyDelete
  18. මම නම් ඉතින් ලෝකෙ තවත් එක අන්තයක තනියම ඉන්න නිසා මටත් මේ දේවල් ගොඩක් වටිනව.හැමදාම මුන ගැහෙනව වගෙ දැන් දැනෙන්නෙ.. මොකක් හරි බ්ලොග් එකකදි අදහස් හුවමාරු වෙන නිසා.

    ReplyDelete
  19. @චේජනා: ඇත්තමයි නංගියේ, මටත් එහෙමයි... හරිම අපූරු හැඟීමක් ඒක...ඉස්සර මේ මාස පහ ගෙවාගන්නේ පුදුම අමාරුවෙන්...කැලන්ඩරේ කො‍ටු කපනවා... ඒත් දැන් මගේ මල්ලිලා නංගිලා බලන්න ආසාවෙන් වෙබ් අවකාශයට එන්නේ....

    ReplyDelete
  20. තිස්ස අයියෙ (හැමෝම කටපුරා අයියා කියන එකේ මාත් කිව්වා ඔන්න :), අර රවෙන් මලයා කියපු කතාවටනම් මම ගොඩක්ම එකඟයි. වින්දනයට සීමා වැට කඩොලු බඳින්න හොඳ නහැ තමයි. එතකොට අපිට ගොඩාක් රසවත් දේ මග හැරෙනවා. සංගීතයම උදාහරණයකට ගත්තත්, අපිට පේනවා හැම ආරකම සංගීතයෙන් යම් රසයක් ලබන්න පුලුවන් බව. මම මේ කියන්නෙ සමහර අය කොන් කරන බැහැර කරන බයිලා සංගීතය හා අනෙකුත් ගීත ප්‍රභේද ගැන.

    ති.නා. සහ ති.දො. දෙකේ වෙනස තමයි මූල්‍යමය වාසිය.

    ReplyDelete
  21. මම අන්තිමයා හැමදාම. ලස්සන ගීතයක්, ඇත්තටම ඔයා පරණ කැසට් කඩේකවත් වැඩ කරාද? කොහෙන්ද මේ මැණික් ටික හොයාගත්තේ මට නම් හිතාගන්න බැ

    ReplyDelete
  22. එකම ප්‍රතිචාරය කීපසැරයක් වැටුනා ඒකයි මැකුවේ වේලාවකට ඔයාගේ බ්ලොග් එක ස්ලො පොඩ්ඩක් බලනවද ඒක

    ReplyDelete
  23. උවමනාව හරියට තියනවනම්.... ප්‍රස්නය මොකද්ද කියලා හරියටම අඳුරනවානම්... උත්තරය හොයන්න ලේසියි...සින්දුවලටත් එහෙමයි මලේ...

    අනේ ස්ලෝ මොකද කියලා නම් දන්නෑ මලේ... පින්තූර හින්ද්ද දන්නෑ නේද...? එහෙම නැතුව මේ වෑහෙන සෙනෙහස ජාලයටත් දරාගන්න බැරුවද....

    ReplyDelete
  24. mata me sinduwa download kraganna widiyak nadda?? methanin download kranna bane

    ReplyDelete
  25. මෙම ගීතයේ සුන්දරත්වය වචනවලින් කියා නිමකල නොහැකිය

    ReplyDelete

 
Blogger Wordpress Gadgets