ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා…

මගේ සියලු සියුම් සංවේදනයන්ගේ උල්පත ඇයයැයි සිතමි... මම ඇයට ආලය කරමි... එය ගිජු කමක්ද...? සලෙලකුට වඩා මා වෙනස් වන්නේ නීතියෙන් බැඳී ඇති නිසාද...? මා තුල ඇත්තේ සරාගයක්ද...? ඒ කෙසේ වුවත්... එයට ඉඳුරා පටහැනි, පරාර්‍ථය, කැපවීම, සෙනෙහස, මුදු ගුණය, ආලය නම්... මා අන්ත දුගියෙකි... ඒ අතින් සි‍ටු මාළිගයක වෙසෙන ඇයට, මා, වැට මායිමකට වත් නොගත යුතු වසළයෙකි...හැබෑටම මා ආදරය කරන්නේ මටම පමණද...?
වික්ටර් රත්නායකයන් හා අමරදේවයන් මේ ගයන්නේ මිතුරන් දෙදෙනෙකු අතර සංවාදයක්ද...? සොයුරන් දෙදෙනෙකු අතර සංවාදයක්ද...? නො එසේත්නම් කඩවරයා වැනි වූ මගේ සිතේ සංවාදයද...?

ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා…
සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්…
මා ඔබ දු‍ටුවා, ඇයට නොවේ…
ඔබට පමණි ඔබ ආදරේ…

වසන්ත දෙකොපුල්, මිහිරරු තොල් මල්…
දසැඟිලි තුඩු අග, පිබිදුණු රණහස…
ඇයට ආදරේ ආදරේ මම…
ඇයට ආදරේ ආදරේ…

ඇගේ සුරත ගෙණ, පිණි විල්ලුද මත…
ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු…
පෙරළා ඔබ හට පෙම් කරනා බව…
ඇය මුමුණන සඳ... ඔබ සිත සුවපත් වේ…
ඔබ සිත සුවපත් වේ…

ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ…
ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...

24 comments :

  1. kawadawath ahala naethi sindhuwak.. ada thamai issellama ahuwe..thanks..
    sindhuwa gaena nam thama comment karanna bae..
    mokada mata ara uda thiyena sanawadaya therenna nam eka thawa keepa saerayak ahanna wenawa..

    ReplyDelete
  2. මුලින්ම කියන්න ඕනෙ මේ ගීයත් මම අද තමයි මුල් වරට ඇහුවෙ.

    තනි පුද්ගලයෙක්ගේ සිතේ ඇතිවන සංවාදයක ස්වරූපයෙන් මේ ගීතය විඳින්න මම කැමතියි. සමහර විට රචකයා මේක ලියන්න ඇත්තේ එහෙම නොවෙන්න පුලුවන්. එහෙම නොවුනා කියල අර විදිහට ගීය රස විඳින්න බාධාවක් නැහැ මම හිතන්නෙ.

    බොහොම ස්තූතියි. තව තවත් මෙවන් ගී රස අපට සමීප කරන්නට ශක්තිය ධෛර්යය සහ කාලය ලැබේවා කියල පතනවා.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. අහල නැති ලස්සන සින්දු කොච්චර නම් තියෙනවද කියල තේරෙන්නෙ දැන් තමයි.

    කලින් දවසක දාපු සින්දුවක් බාගෙන රස විඳල ආයෙ මේ පැත්ත බලනකොට තව සින්දු හතරක් පහක් වැටිලා. RSS වලට අමතරව email notification gadget එකකුත් දැම්ම නම් අගෙයි.

    ReplyDelete
  5. දෝරේ ගලන හද ගී පොත
    වගෙයි නුඹේ ජීවන මග
    සොදුරු මමත් ගොඩවද්දන
    නිසල විලකි සිත නලවන

    ReplyDelete
  6. ඔබත් ඔබේ සොදුරු ලදත්
    පුන් සඳවන් ලපටි පුතුත්
    දුරස් කරත් මුහුදු හතක්
    නොසන්සිදෙයි සෙනෙහෙ හැගුම්

    හද ගී පොතේ තව ගී වැල් උතුරන්නයි
    සහෘර්දයන් ඔබ වට නිති ගැවසෙන්නයි
    තෙරුවන් සරණ නිති ඔබහට ලැබ දෙන්නයි
    මගේ පැතුම ඔබ මා සොයුරකු වෙන්නයි

    ReplyDelete
  7. @ චේජනා: බිත්තරය අන්තිමට කන්න තියාගන්නවා වාගේ...යහමින් රසවිඳිනවා නේ... ගීයේ නිර්මාපකයින් දන්නවානම් කොපමණ සතු‍ටුවෙයිද...?

    @ Raven: ඉස්සර නිතර යනවා මළේ ඕවා...රේඩියෝවේ...
    අන්න ඒක තමයි මේ සිංදුවේ ගතිය...තමන්ට රුචි විදිහට රස වින්ද හැකි...

    @ දුකා: sooooo gald to hear your voice my friend....

    @තමීර: මලේ ඔයා හින්දා තමයි මේ ටික කරදරයක් නැතිව ටයිප් කරගන්නේ... ඔයාට පින් ඒකට... ඔන්න තව මරු අයිඩිය එකක් ඔයාගෙන්... අනාගතය සර්‍වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා... දෙන ගුරුහරුකම් වලට....

    @වත්: මම සොඳුරු සිතේ පරණම රසිකයෙක්.... ඔයාලගේ සිතුවිලි වලින් ලැබූ ආස්වාදය තමා මට මේ අනුන්ගේ සිංදු හරි පෙලගැස්මට උදවු වුනේ...(ශහ් මට සංගීතය පුලුවන් වුනානම් ඔයාගේ නිර්මාණවලට තනු දාන්න තිබ්බා...)

    ReplyDelete
  8. අයියෙ ඔයා ගාව තියනවන්ම් මට ගුවන් තොටිල්ලෙ සද සැතපෙනවා කියන සින්දුව දෙන්න. මට හම්බ උන සින්දුවෙ සද්ද බද්ද ටිකක් වැඩියි. එක හින්දා අහන්න බැහැ,පරන සින්දුව ගන්න බලන්න. මෙක කිප පාරක් අහන්න ඔනා මට නම් රසය තෙරෙන්න. මම අහලා කෙමෙන්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  9. මේ දැන් බැලුවා... මාලඟ තියෙන්නෙත් අර සාස්පාන් වලට තඩි බාන වගේ එක තමයි...ත්‍රී වීලර් වලට නම් මරු... :-)මොකද කරන්නේ...

    ReplyDelete
  10. මේ ගීතය අසා ඇති බව යාන්තමට වගේ මතක වුනත් නියම විදියට රස වින්දෙ අදයි. ඒ කාලෙ මේක තේරුම් ගන්න බැරිවීම නම් ඉතිං සාධාරණයි.

    ආදරය මොන විදියෙන් අර්ථ දැක්වුවත්, එහි යතාර්ථය ඇලීම, බැඳීම හා තෘශ්ණාව නම්, මේ ගීතයේ කියවෙන විදියට එය සරාගී බවෙන් තොරවූ අති පාරිශුද්ධ දෙයක් වෙන්න බැහැ. ඒ නිසයි මේ ගීතයේ කියවෙන ආදරය මවකගෙ ආදරයෙන් වෙනස් වෙන්නෙ. මම වැරදිදත් මන්දා, එත් එහෙම තමයි මට හිතෙන්නෙ. හැබැයි අපි ආදරෙ කරන්නෙ අපිටමයි කියන එකට නම් සම්පූර්ණයෙන් එකඟ වෙන්න අමාරුයි.

    ReplyDelete
  11. ඔබට පමණි ඔබ ආදරේ..
    මාලිනියේ..
    විකසිත නයනින්..
    (ඔබේ ඇතුලු හද වැල්පෙන මොහොතෙ ලොවක කඳුලු නැත ඔබ් වෙනුවෙන්)
    මලට සුවඳ සේ යොවුන් ජීවිතේ....

    ReplyDelete
  12. ඔය එක්කම..
    ඉරුණු රුවල් අකුලා.. (අමරදේව )
    මේ ගී එදා.. (අමරදේව )
    විකසිත පෙම්.. (අමරදේව )

    මතක් වෙනවා..

    ReplyDelete
  13. daha serayak withara sindhuwa ahala ahala anthimata mamath decide kala thani pudgalayakuge hithe athiwena sanwadayaka widiyata geethaya windinna.. mokada e adahas dennek ge nam pudgalikathwaya tikak nathiwenawa wage (ekata mama kemathi nea..:) )
    kohomaunath bohoma pin. apita meka ahnna dunnata,

    ReplyDelete
  14. @ පාලි: උඹ අපිව කබලෙන් ළිපට දම්මාද...?

    @ හෂිත: "සපැමිණ ඔබ වෙණ වැයූ... මා අභියස ගී ගැයූ..."

    @චේජනා: සොයුරිය... ඔබ පිරිමියෙක් වුනානම් ඔබට ඔයිට වැඩියෙන් ඕක තේරෙයි කියලා හිතනවා... තමන්ගේ ජාගර සිත අඳුනන්නේ පිරිමි කීයෙන් කී දෙනාද...? තමන්ගේ නෙවේ වගේ අහක බලාන ඉන්නවා ....

    ReplyDelete
  15. නැහැ කබල තව ටිකක් රත් කළා. එතකොට ළිපට වැටෙන කොට වැඩි වෙනසක් දැනෙන්නෙ නැහැනෙ :)

    උඹ කිව්වා වගේ පිරිමි හා ගැහැණු අපි කවුරුත් අපි අනුන්ට පෙන්නන්න අකමැති අපේ හිත අපේ නෙවෙයි වගේ ඉන්නවා.

    ReplyDelete
  16. "නො එසේත්නම් කඩවරයා වැනි වූ මගේ සිතේ සංවාදයද...?" -
    හී හී.ඇත්ත ද ?
    මේ ගීතයේ පැති කීපයක් ගැනම ඔබ ලියා තිබෙනවා.ඔව්. විවිධ කෝණ වලින් බලපුවාම විවිධ විධියට ගීතයක් අර්ථකථනය කරන්න පුළුවන්නේ.එකම ගීතයකින් විචිත්‍රවත් අත්දැකීම් කීපයක් එකට කැටිවෙලා වගේ.
    ඹබ කෙසේ මේ සම්පත් සොයාගන්නවාදැයි මා කල්පනා කළේ. බොරුවට නෙ‍වී. ඇත්තටම මේ කරන වැඩේ ලොකු වටිනාකමක් තියෙනවා.
    විශේෂයෙන් දැං ඇහෙන දඩි බිඩි සංගීතයෙන් මංමුලාවී සිටින අපේ ඊළඟ පරපුරේ පුංචිඋන්ට උඹේ මේ අඩවිය මග කියන අරුන්දතියක් ම වේවා!...
    -ජය

    ReplyDelete
  17. ඔව් මචෝ... මං මහ අමනයෙක් වෙලාවකට...ඒ නිසා ඒක නොදැනීම ලියැවුනා... හිතේ ‍රැඳුනු ගීත ගොඩාක් තියෙනවා...දන්න සෙල්ලං දාලා කොහොම හරි හොයාගන්නවා... මා ලඟ සරු එකතුවකුත් තිබෙනවා... ඔං උඹ මට තවත් සිංදුවකුත් මතක් කලා..."අරුන්දතී තරකාව සේ දිලී දිලී...." බොහොම ඉස්තූතියි ප්‍රතිචාරයට...

    ඒක නොවේ මම මේ දවස් වල සාරි හොයනවා උමේ බ්ලොග් එකේ පාට... ඒක හරිම ලස්සන ඩිසයින් එකක් මචෝ.. මගේ අප්පච්චිගේ උපන්දිනෙත් මේ සුමානේ... උඹේ ලිපිය මටත් කඳුලු ගෙනාවා මචෝ..

    ReplyDelete
  18. තරු අරුන්දතී , නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා..
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොහි ගියේද මට සිතුනා..

    මේ පද පේලිය අහන්ඩ තියෙනවනං වෙන ‍මුකුත් ඕන්නෑ තිසා. ඒක ඒ තරම්ම ලස්සනයි.
    අරුන්දතී ගැන කිව්වාමයි මතක් උනේ.ඔන්න ඉතිං ‍මගේ ජීවිතේට ලංවෙච්ච අරුන්දතී.වැරදියට හිතන්ඩ එපා. මං කිව්වේ ගීතය ගැන...
    -උඔට ජය

    ReplyDelete
  19. ඔන්න මචෝ උඹේ සිංදුව දැම්මා "ඔබ කැමති ගී..." ටැබ් එකට..
    පරිස්සම් කරල තියාගන්න ඔයාගේ අරුන්දතියවත්...

    ReplyDelete
  20. from-lucky
    ----------

    sha: niyama meaningful song 1k.wiwida kona walin wiwida artha kathana dakinna puluwan me song eken.mokakda niwaradima konaya kiyana ekata wada ,obe jeewithaye oba labapu experience & sithuwiliwalata anuwa oba dakina konaya thulin meya wadath rasawidiya hakiyai ma sithami.bohoma pin song1 ahanna labadunnata.cu!

    ReplyDelete
  21. @lucky: අන්න හරි...තම තම දිවි පමණින් වටහා ගත යුතු ගීයක් මේක.. ඔබේ රසවින්ඳනයට මම ගරු කරනවා... ස්තූතියි ගොඩ වෙලා ගියාට...

    ReplyDelete
  22. පිං බෝයි පිං බෝයි... වෙන කියන්න දෙයක් නෑ... ආයෙ ඉතිං හැමදාම පැරණි ගී ප්‍රිය කරන්නෙක් හැටියට මේ පැත්තෙ ඇවිත් බලනව අළුතෙන් දාල තියෙන්නෙ මොනවද කියලා...

    ReplyDelete
  23. කොයි කාලෙටත් ගැළපෙන කතාවක්(සිංදුවක්) .. ඇත්ත තමා.. අනෙක් අතට මේ කාලෙ මේ වගේ සිංදු අහන්නත් ඇහෙන්නත් ලියවෙන්නත් පිං කරලා තියෙන්න ඕනෙ.... රස විඳින්න ඊටත් වඩා පිනක් තියෙන්න ඕනෙ .. පින් සිද්ද වෙන්න ඕනේ... ඔන්න.

    ReplyDelete
  24. @Srishanu ගොඩ වෙලා යමං මචෝ හැමදාම...කොමෙන්ට්ස් නැතුවටකමක් නෑ ගොඩවෙන්න... සෙට් වෙන වෙලාවක මෙයින් සිංදුවකුත් කියන්න... ජයවේවා...

    @සූ: බොහොම ස්තූතියි ඇවිත් ගියාට... එදා SBU හමුවෙදි ඔබව දැක්කට කතා කරන්න බැරි වුනානේ...

    ReplyDelete

 
Blogger Wordpress Gadgets