ආශීර්වාද කරම්...

දෙපසට හා හමක් සහ මුව හමක් යෙදූ උඩැක්කියේ දෙකෙලවර වර පට වලින් සම්බන්ධ කරලා තියනවා... වර පට වල ආතතිය අඩු කරන්න වැඩි කරන්න නිකුත්වෙන ශබ්දයේ තීව්‍රතාවය උස්පහත් වෙනවා... යොදලා තියන පාට, හිරු බැහැලා යනකොට මුහුදේ මතුවෙන පාට... ජ්‍යාමිතිකවත් උඩැක්කිය විශේෂයි... ගණිතයේ උගන්වනවා saddle point කියල එකක්... ඒ කියන්නේ අවමයක් හා උපරිමයක් (maxima & minima) හමුවෙන ලක්ෂයක්.. උඩැක්කියේ හැඩේත් එහෙමයි... මේ සේරෝම කියන්න හේතු වුනේ, වෙබ් අවකාශයෙන්ම මට මුණගැහුණු දෙදෙනෙක් ගේ ස්වයංවරය ලඟ එන ආරංචියට.... විවාහයත් අර කියාපු උඩැක්කිය වාගේමයි... ආතතිය වෙනස් වෙනකොට රස ඉහල පහල යනවා...හැබයි වර පට වලින් බැඳිලා ඉන්නකල් නිකුත් වෙන සංගීතයේ අඩුවක් නෑ... එක් අතකින් උපරිමයකුත් අනෙක් අතකින් අවමයකුත් දරාගෙන යන ගමනක් මේක... ඒ සොඳුරු හදවත් දෙකට මගේ ආශිර්වාදය ගීයකිනුත්... මාලිනී බුලත් සිංහල හා නීලා ගයන මේ ගීයත් අපූරු උඩැක්කි නාදයකින් අලංකාරවෙලා තියනවා....

ආශීර්වාද කරම්...ආශීර්වාද කරම්...
සිතින් තෙදින් දිවයුරු වෙන්ටයි...
නැණින් සුරගුරු වෙන්ටයි...
රුවින් මල්සර වෙන්ටයි....

කෙත්වතු බොල් රොඩු නැතිව පැසෙන්ටයි...
බෝග ඉසපු තැන ඵල වැඩිවෙන්ටයි...
රෝග ව්‍යාධි කිසි කළෙක නොවෙන්නයි...
සඳේ වලා සේ දුක් දුරු වෙන්ටයි...

පස මිතුරන් බිඳ ජය ලැබගන්ටයි...
මිතුරු සෙනඟ හා පෑහී ඉන්ටයි...
දෙපා ගසෙන බිම මිණි මුතු වෙන්ටයි...
හි‍ඟේ නැතිව බත සරි කර ගන්ටයි...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න...

21 comments :

  1. බොහොම ස්තූතියි අයියේ උඹේ ලෙංගතු කමට සහ මේ වටිනා තෑග්ගට. අපට හිතවත් යාලුවො ගොඩක් නෑ ඒ නිසා මේ හිතවත් කම් සහ ආශිර්වාද අපට හුඟක් දැනෙනවා සහ වටිනවා. මොකද මේවා වචන ටිකක් විතරක් නොවන වග අපි දන්න නිසා.

    ඉපදිච්ච රටේ අහස යට කවදා හරි දවසක අනිවාර්යෙන් හමුවෙමු.

    ReplyDelete
  2. අනිවාර්‍යයෙන්නම මලයෝ ... හම්බු වෙන්නම ඕනෑ.....

    ReplyDelete
  3. ඒ දෙන්නට මගෙත් ආශිර්වාදය..
    ඒ අතරෙම ගීයට ස්තුතිය..
    හැබැයි මට වැඩියෙන්ම ආස හිතුනෙ ඇයගේ ඇකයේ ඔබ හිස රඳවා කියන සින්දුවට
    මම තාම සැරින් සැරේ ඇවිත් ඒක අහනවා..

    ReplyDelete
  4. ඔව් ඒ දෙන්නා සුන්දර හදවත් ඇති දෙන්නෙක්....
    ඇයි නංගියේ ඩවුන්ලෝඩ් කර ගත්තනම් හරිනේ...?

    ReplyDelete
  5. හැමදාමත් වගෙ ආවට අහන්න දැන් බැහැ.. අහලා අපහු දවසක කෙමෙන්ට් එකක් දාන්නම් එක ගැන..

    ReplyDelete
  6. බත් කටක් කාලා, තේ එකක් නොබී ගියාට, ගොඩවෙලා ගියත් මදෑ....

    ReplyDelete
  7. i've downloaded many songs from your blog.. this is one of the wonderful songs i used to hear often when i was young..these might have helped me grow in to the person who i am today..i never thought i would be able to listen to it again and let my kids listen to it...thanks from all my heart dear brother, and may these blessings be with you and your family always...

    onna bathuth kaala theth beela pinuth dunna hode..

    Nayomi

    ReplyDelete
  8. @Nayomi: I am begining to sense that you have a very similar taste like mine... great, sister... what you are saying is very true...
    thank you very much for the blessings...

    හා හා හා... ආයේ එන්න බත් කටක් කාලා යන්න...

    ReplyDelete
  9. බොහොම ස්තුතියි තිස්ස අයියෙ මේ ආශිර්වාදයට සහ හිතවත්කමට...... රේවන් කිවුව වගෙ අපිට යාළුවො ගොඩක් නැහැ..... මේ ලෙංගතුකම හුඟක් වටිනව අපිට..... ආයෙමත් වතාවක් ස්තුතියි අයියෙ මේ තෑග්ගට වගේම උඩැක්කිය උදාහරණෙට අරන් කියල දුන්නු ජීවිත පාඩමට.....

    ReplyDelete
  10. "පිපි කුසුමෙහි මල් මුවරද වෙත එන බිඟු සේමා...
    නිති ගෙවුයන වැද රද දුන් පැණි සමනල සේනා..."

    ඔය ගොල්ලන්ගේ සමාගමය මටත් හරි අගෙයි නගේ..

    ReplyDelete
  11. දෙපා ගැටෙන බිම.........
    :-)

    ReplyDelete
  12. කමෙන්ටුවක් මෙතුවක් නොදැම්මත් මගේ ප්‍රියතම බ්ලොග් අඩවියක්. කමෙන්ටු අඩු සින්දුවක් හොයාගන මේක කියන්න හැදුවේ, නැත්නම් අයියා මගේ ඉල්ලීම නොදකීවිද දන්නේ නැති නිසා.
    :)
    අයියා ළඟ වික්ටර් රත්නායකයන්ගේ, සීගිරි ළඳකගේ ගීතය නැද්ද? තියේ නම් බා ගන්න ලින්ක් එකක් දෙන්න, බොහොම පින්.

    ReplyDelete
  13. හරි මල්ලි මෙන්න පහල බඩු... ඇවිල්ල ගියාට බොහොම ස්තූතියි...
    http://www.divshare.com/download/10749369-f2e

    ReplyDelete
  14. බොහොම ස්තූතියි අයියේ, කාලයක් හොයාපු ගීතයක්.
    මේ............. හැබැයි මම මල්ලි නෙමෙයි.
    :D

    ReplyDelete
  15. හුට්ටප්පරි රතනසාර... මේ හතර වෙනි වතාව ඕක වෙච්චි...
    ඇයි අප්පේ පිරිමි දරුවෙකුගේ පින්තූරයක් නොවැ තියෙන්නේ...
    මට 40ස් ඇඳිරිය නිසාවද්ද..?

    ReplyDelete
  16. ඒක කොහොමද පිරිමි දරුවෙක් ගෙ පින්තූරයක් වෙන්නෙ?
    :D
    හහහ්හහ්හෙහෙහ්..
    අවුලක් නැහැ..
    ඔබතුමා ඕනෙම දෙයක් කියලා ආමන්ත්‍රණය කරන්න.
    :))
    මගේ බ්ලොග් අඩවියටත් වෙලාවක් ලැබුණොත් ගොඩ වෙලා යන්න. එතකොට ඔය පුරස්නේ විසඳේවි.
    :D

    http://mitiyaawatha.blogspot.com/

    ReplyDelete
  17. හරි හරි නංගියේ ඊයේ රෑම ගොඩවෙලා අවුල නිරාකරනය කර ගත්තා...

    ඔබ හරිම Smart නොවෑ...

    ReplyDelete
  18. ඊයෙ 2012 දෙසැම්බර් මාසෙ 4 වෙනිදා උදේ 6:15ට විතර, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙ විදුල ලමා සේවයෙන් මේ ගීතය ප්‍රචාරය උනා.. කාලයක් හොයමින් සිටි ඉතාම සුන්දර ගීතයක් නිසා මම ආසවෙන් අහගෙන හිටියා..

    ඉස්සර ඉස්කෝලෙ යන්නට පාන්දර ලෑස්ති වෙනකොට උදා ගී ලෙසින් මේ ගීයත් මම අහල තියෙනවා.
    ඇත්තටම කාලයේ වැලිතලයෙන් වැහෙන නිසාම මම මේ ගීතය සොයත්දි මේ වටිනා බ්ලොග් එක හමු වුනේ... බොහොම ස්තුතියි ඔබට. හිතට අතීතයෙන් සුවඳ බිඳක් ගෙනාවාට.

    ReplyDelete
  19. බොහොම ස්තූතියි සහෘදයා - ඔබ වැනි අය වෙණුවෙන්මයි මේ කාරිය - මෙවැනි කමෙන්ටු වලින් අප බොහෝ දිරිමත් වේ

    ReplyDelete
  20. "සිතින් දිවයුරු වෙන්ටයි" යන්න "තෙදින් දිවයුරු වෙන්ටයි" සේ නිවැරදි විය යුතුය. Link doesn't work, any reason?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ ගොඩක් මුල් කාලේ කරපුවා හින්දා ගොඩක් විපරමින් කරාපුවා නෙමේ හදන්නම් ඒක
      මේ සින්දු අප්ලෝඩ් කරපු සයිට් එක දැන් ඒවා දෙන්නේ මුදලට
      එ නිසා ඒ ඔක්කොම දැන් ආයේ වෙනම තැනක අප්ලෝඩ් කරන්න ඕන
      හෙමින් කරගෙන යනවා ඒක
      ඔබට බොහොම ස්තූතියි විපරම් කරලා අඩවියේ තත්වය ඉහලට ගන්න උදව් දෙනවට

      Delete

 
Blogger Wordpress Gadgets