"කටුනායක...!"
මිහිරිම මතකයනුත් අමිහිරිම මතකයනුත් අතර අනිවාර්‍යයෙන්ම රැඳී ඇති නගරය... ලංකාවේ සිටින විට වුව ගෙදරින් බැහැර යාමට මනාපයක් නොදක්වන මට, මේ ගව් ගනනක් දුරු රටක සිරවීමට සිදුවීම කෙතරම් රුදුරුද...? තීරණය අප දෙදෙනා විසින්ම එකල තුබු කාරණා තුලනය කොට අනාගතය වෙනුවෙන් ගත්තකි... කාටවත් දොස් පැවරිය නොහැක... අවුරුදු දෙකකට හෝ අවුරුද්දකට වරක් ගම රට බලා යන්නට වුණු රැකියාවක් විණි නම් මා මෙහි නො එන්නට බොහෝ ඉඩ කඩ තිබුණි...
පොඩි හාදයා සුබ පතන්නවත් වඳින්නවත් ලඟට නාවේය... ඇඳුම් මල්ල සකස් කරන විට "මම මේකට බැහැලා ඔයත් එක්ක එන්නද...?" මගෙන් ඇසී... කෙසේ නම් ඉවසා ඉන්නද...? ඔහුගේ සිත මට තේරේ... හිතේ දුකක් ඇති කරගෙන මට සමු දීමට ඔහු නොකැමතිය... ලොකු හාදයා හිත තද කරගෙන ඉන්න පුරුදු වෙනවා වැනිය... මගේ හිසට ඈ විසින් සිඳ සකස් කෙරූ තැඹිලි තෙල් ඩිංගක් දමා කදිම සම්බාහනයක් ඔහු විසින් යනදා උදේ මා වෙත තිළිණ කරන ලදී... මා ඔහු වැලඳ ගත් විට "පරිස්සමින් ගිහින් එන්න තාත්තේ..." කියන්න තරම් දැන් ඔහු මෝරා ඇත... එය සිතට යම් සහනයකි...
"ඔන්න ඉතින් පොරොන්දු වුනා නේද...?"
ඇය තරම් මා දක්ෂ නැත... උගුරෙන් මතුවන ඉකිය මට වලක්වා ගත නොහැක... ඇයගේ ස්වරයද හැඩුම් බරය... ඉමහත් වගකීම් සම්බාරයක් ඈ මත පැටවුනද, මේ දින කිහිපය මා සතුටින් තබන්නට ඈ ගත් මහන්සියට අලගු තබන්නට වත් "සෙනෙහස ගැන සිතා, මද්දහනේ ගොස්, කර ලන්නට ගෙනා රිදී පොටට" කිසිසේත් නොහැකිය...
ලංකාවට පා තබා නිවසට ගොඩවූ සැණින් මා පිලිගන්නට ආ ඇයව, වැලඳ ලයට තුරුලු කර නිමේශයක් දෙකක්, අප එදා ගත් තීරණය නිවැරදි දයි මෙනෙහි කළෙමි...
"පව් අප්පා..."
මා අසාමාන්‍ය වේලාවක් එලෙස ගතකර ඇති බව මට මට එවෙලෙහි අවබෝධ වුනේ ඇගේ ඒ වදනත් සමගය...
ඉක්මණින්ම මේ යාම් ඊම් වලට සමුදිය යුතුය... මරණය මීලඟ මොහොතේ වුව අපකරා ලඟාවිය හැක... එහෙත්...
දුකිනි තනිවම ඉවත යන්නේ... මගේ ගම රට හැරදමා....
හරිම ආසයි යන්න ඇත්නම්... තවත් සැරයක් ඔබ බලා....
මාගේ රන්කඳ පිය ලඳේ... කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම... මුහුදු වෙරලට එන්නේ නෑ....
සුදට සුදු පෙණ සෙමර සලමින්...වෙරළ සිප එන හැටි පෙනේ....
මුහුදු රළ පෙළ බොලඳ මියුලැස... ඔබට මුතු මාලා ගෙනේ...
මාගේ රසවති සඳවතී....කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම... මුහුදු වෙරලට එන්නේ නෑ....
සුමුදු පාණී ඔබේ අත ගෙන... බඹර රැව් පෙම් ගී ගයා...
යොවුන් මල්බර වසන්තයෙ ඔබෙ... නමට බැන්දෙමි රස සොයා...
මාගෙ සිරි ළියේ පෙම් ලියේ... කාලෙකට මම එන්නේ නෑ...
කාලෙකට මම ඔබ දකින්නට මුහුදු වෙරළට එන්නේ නෑ...
ලඳේ මේකයි කදෝකෙමි නිල්.. පබලු ඉහිරෙන රසික කාලය....
මගේ මුලු ළය මඬල නලවන... ගීතවත් වුනු උමතු ආලය...
මාගේ පබසර රසවතී... කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම මුහුදු වෙරළට එන්නේ නෑ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
මිහිරිම මතකයනුත් අමිහිරිම මතකයනුත් අතර අනිවාර්‍යයෙන්ම රැඳී ඇති නගරය... ලංකාවේ සිටින විට වුව ගෙදරින් බැහැර යාමට මනාපයක් නොදක්වන මට, මේ ගව් ගනනක් දුරු රටක සිරවීමට සිදුවීම කෙතරම් රුදුරුද...? තීරණය අප දෙදෙනා විසින්ම එකල තුබු කාරණා තුලනය කොට අනාගතය වෙනුවෙන් ගත්තකි... කාටවත් දොස් පැවරිය නොහැක... අවුරුදු දෙකකට හෝ අවුරුද්දකට වරක් ගම රට බලා යන්නට වුණු රැකියාවක් විණි නම් මා මෙහි නො එන්නට බොහෝ ඉඩ කඩ තිබුණි...
පොඩි හාදයා සුබ පතන්නවත් වඳින්නවත් ලඟට නාවේය... ඇඳුම් මල්ල සකස් කරන විට "මම මේකට බැහැලා ඔයත් එක්ක එන්නද...?" මගෙන් ඇසී... කෙසේ නම් ඉවසා ඉන්නද...? ඔහුගේ සිත මට තේරේ... හිතේ දුකක් ඇති කරගෙන මට සමු දීමට ඔහු නොකැමතිය... ලොකු හාදයා හිත තද කරගෙන ඉන්න පුරුදු වෙනවා වැනිය... මගේ හිසට ඈ විසින් සිඳ සකස් කෙරූ තැඹිලි තෙල් ඩිංගක් දමා කදිම සම්බාහනයක් ඔහු විසින් යනදා උදේ මා වෙත තිළිණ කරන ලදී... මා ඔහු වැලඳ ගත් විට "පරිස්සමින් ගිහින් එන්න තාත්තේ..." කියන්න තරම් දැන් ඔහු මෝරා ඇත... එය සිතට යම් සහනයකි...
"ඔන්න ඉතින් පොරොන්දු වුනා නේද...?"
ඇය තරම් මා දක්ෂ නැත... උගුරෙන් මතුවන ඉකිය මට වලක්වා ගත නොහැක... ඇයගේ ස්වරයද හැඩුම් බරය... ඉමහත් වගකීම් සම්බාරයක් ඈ මත පැටවුනද, මේ දින කිහිපය මා සතුටින් තබන්නට ඈ ගත් මහන්සියට අලගු තබන්නට වත් "සෙනෙහස ගැන සිතා, මද්දහනේ ගොස්, කර ලන්නට ගෙනා රිදී පොටට" කිසිසේත් නොහැකිය...
ලංකාවට පා තබා නිවසට ගොඩවූ සැණින් මා පිලිගන්නට ආ ඇයව, වැලඳ ලයට තුරුලු කර නිමේශයක් දෙකක්, අප එදා ගත් තීරණය නිවැරදි දයි මෙනෙහි කළෙමි...
"පව් අප්පා..."
මා අසාමාන්‍ය වේලාවක් එලෙස ගතකර ඇති බව මට මට එවෙලෙහි අවබෝධ වුනේ ඇගේ ඒ වදනත් සමගය...
ඉක්මණින්ම මේ යාම් ඊම් වලට සමුදිය යුතුය... මරණය මීලඟ මොහොතේ වුව අපකරා ලඟාවිය හැක... එහෙත්...
දුකිනි තනිවම ඉවත යන්නේ... මගේ ගම රට හැරදමා....
හරිම ආසයි යන්න ඇත්නම්... තවත් සැරයක් ඔබ බලා....
මාගේ රන්කඳ පිය ලඳේ... කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම... මුහුදු වෙරලට එන්නේ නෑ....
සුදට සුදු පෙණ සෙමර සලමින්...වෙරළ සිප එන හැටි පෙනේ....
මුහුදු රළ පෙළ බොලඳ මියුලැස... ඔබට මුතු මාලා ගෙනේ...
මාගේ රසවති සඳවතී....කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම... මුහුදු වෙරලට එන්නේ නෑ....
සුමුදු පාණී ඔබේ අත ගෙන... බඹර රැව් පෙම් ගී ගයා...
යොවුන් මල්බර වසන්තයෙ ඔබෙ... නමට බැන්දෙමි රස සොයා...
මාගෙ සිරි ළියේ පෙම් ලියේ... කාලෙකට මම එන්නේ නෑ...
කාලෙකට මම ඔබ දකින්නට මුහුදු වෙරළට එන්නේ නෑ...
ලඳේ මේකයි කදෝකෙමි නිල්.. පබලු ඉහිරෙන රසික කාලය....
මගේ මුලු ළය මඬල නලවන... ගීතවත් වුනු උමතු ආලය...
මාගේ පබසර රසවතී... කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම මුහුදු වෙරළට එන්නේ නෑ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
මුකුත් ලියවෙන්නෙ නෑ අය්යෙ, මේක ගැන...ඒක මට කඳුළු ගේනව මිසක..
ReplyDeleteපුදුමයි මම ඔයාගේ පිටුවේ තිබුණු අන්තිම කවිය රස විඳිමින් හිටියා විතරයි....නංගීගෙන් කොමෙන්‍ටුවක්...!
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම් පරිස්සමින්..
ReplyDeleteඒ හැරෙන්නට කියන්නට දෙයක් නැත.
ඒකත් මදෑ මේ වෙලාවේ හැටියට...!
ReplyDeleteතනිකමේ දෝංකාරය....හොඳට දැනෙනවා හදවතටම කියවනකොට අකුර අකුර...........:(
ReplyDeleteකියලාම වැඩක් නෑ මචෝ...!
ReplyDeleteහරිම සංවේදී සටහනක්..
ReplyDeleteමගෙත් මතකය මීට අවුරුදු එකහමාරකට විතර කලින් මම රටින් පිටවුණු ඒ අතීතයට, ඒ රාත්‍රියට එක්කන් ගියා. ඇස් දෙකෙත් කවදාවත් නැතුව කඳුළු.
අපොයි... නංගියාට කථාවත් කරන්න ඉඩක් නොතබාම නිවාඩුව ගත වුනා... තේරුම් ගනී කියලා හිතනවා...!!
ReplyDeleteI am sorry nangi...
අවුලක් නැහැ අයියා..
ReplyDeleteඉන්න තැනක පරිස්සමින් ඉන්නකෝ..
:)
No Comment
ReplyDeleteඒක නම් අසාධාරනයි වත් නංගියෝ...
ReplyDeleteඅනේ අයියා...
ReplyDeleteකියන්න ඕනි ලියන්න ඕනි වචනෙ දැනට කිසිම භාෂාවක නැහැ.
මට සමාවෙන්න අයියා.
අයියලගේ පුංචි කූඩුව බලන්න ඉස්සෙල්ලම එන්න හිටිය මටත් එන්න බැරි වුනා...
පසු තැවීම තරම් මනුස්සයෙක්ගෙ හිත වට්ටන වෙනත් කිසිම දෙයක් නැහැ....
හරි හරි... ඉතින් අයිය දැන් ආයෙත් දිගටම හද ගී පොතට පිටු එකතු කරන්න......
ඒ ක නෙවෙන්නං... අසංකා නංගී, වැප් මල්ලි, වාසල මල්ලි, රවා, රොයිලි මල්ලී, ශකුන්තල මල්ලී හා වත් නංගී... ඔන්න හමුවෙන්න මගහැරිච්ච් කිහිප දෙනෙක්... ඊලඟ වතාවේ අනිවා බලමු නේ...
ReplyDeleteඅනේ මන්ද තිස්ස අයියේ. මටනම් ලංකාවේ බිරිදක් දරුවෙක් තියා පෙම්වතියක්වත් නෑ. නමුත් කටුනායකෙන් අම්මලා දාල එනකොට තියෙන්නේ දරාගන්න බැරි වේදනාවක්.. ආයේ අවුරුද්දක් දකින්න වෙන්නෙනෑ කියලා.
ReplyDeleteනමුත් මොනවා කරන්නද ඉතින්, බැදගත්තු බෙරේ ගහනවා. සමහරවිට තව කල් යනකොට ලොකු පසුතැවීමක් අපේ ජීවිත ගැන හිතෙයි.
මේ දෙසැම්බර්වල සති 2-3කටවත් ලංකාවට යන්න, අම්මල එකක් ගෙදර ඉන්න දැන් ඉදන්ම ඇගිලි ගැන ගැන ඉන්නේ. නමුත් ඒ කාලේ පියාබලායනවා. ඊටපස්සේ තව අවුරුද්දක්...
ඔහ් ඔබ වගේ කෙනෙකුට තවම එහෙම දෙයක් නැත්තේ මොකද...? පුදුමයි...? එහෙනම් මගේ දෙසැම්බර් ලැයිස්තුවට ඔබව අනිවා එකතුකරනවා... දෙසැම්බර් අපට හොඳ ගෙට්‍ටුවක් දමන්න පුලුවන් වේවි....
ReplyDeleteඔබ මේ දැමූ කොමෙන්‍ටුවෙනුත් මගේ බර පොඩ්ඩක් හෑල්ලු වෙනවා... පසු තැවෙන්න එපා... ඔලුවෙන් ගත්තු තීරණ නේ... පපුව බරයි තමයි... මෙහේ අවුරුදු 25 /35 ඉන්න ඉන්දියානුවෝ දකිනකොට අපේ පවුල් වලට බැඳීම කොච්චරද කියලා හිතෙනවා...
එක්ව ඉන්න කාලයක් ඉක්මනටම අපි හැමෝටම ලැබෙයි මල්ලියේ... එතෙක් එකිනෙකා ගැන බලා ගම්මු...
තාම ඉතින් අවුරුදු 27යිනේ. අනික අර ඉබ්බ කිව්වාවගේ මැලිබන් මාරි නැත්නම් මන්චි ගන්න මම කවදාවත් කැමති නෑ.
ReplyDeleteඉංදියන් නෙවෙයි මට මේ දෙසැම්බර්වල එනකොට ගුවන්යානයේ හමුවුනා මනුස්සයෙක් ලංකාවේ බිරිදයි ලමයිනුයි බලන්න යනවා. හැබැයි ටිකක් කතා කරාම තමා දැනගත්තේ මිනිහට මෙහෙත් පවුලක් ඉන්නවා කියලා. අනේ මන්දා...
අනිවා දෙසැම්බර් වල හමුවෙමු.
ඔලුවෙන් ගන්න තීරන තමයි තිස්ස අයියේ, නමුත් වෙලාවකට ඒක හරිම දුක්බරයි.
@ Grey
ReplyDeleteඅනේ අනේ... ඔන්න අළු පාට සේදිලා ගිහින්...
සුදු පාට වෙයි ඔයා තව ටිකකින්. ඒනිසා හදවතින් හිතන එක ටිකකට නතර කරල ..ආයෙත් මෙළේට ඉඩ දෙන්න....
( ඒක නෙමෙයි ...මේ අපිත් එන්නද දෙසැම්බර් වල... )තිස්ස අයිය ගෙනාව තෑග්ගත් මට නැති වුනා නේ.....
හෙහ් හෙහ් හෙහ්... මරු කථාව...හැබැයි පුතෝ ගුණ යහපත් කෙනෙක් හම්බවුනොත් මන්චි වුනත් කමන්නේ නෑ... නේද...? ඔය රූපේ තරාතිරමේ ගුණා ගුණ ඉස්මනින්ම දිරාපත් වෙනවා... ගුණ යහපත් හිතක් හමු වුනොත් ඉතින් මලයා හැබෑම වාසනාවන්තයි....
ReplyDeleteඅනේ අපොයි ඔය බහු බාර්‍යා වැඩේ කොහොම කරනවද මන්ද උන්දැලා අර කිරි සප්පයින්ගේ මූණු බල බලා... මෙහෙත් ඉන්නවා ලංකාවේ උන්දෑ කෙනෙක්...ඕං අවුරුදු පහලෝක විතර විවාහ ජීවිතේට ආයිබෝං කියලා ඊයේ පෙරෙයිදා පිලිපීන මනුස්සයෙක් කැන්දන් ආවේ...!
@වත්: නැහ්නං නැහ්නං... චේජනා නංගිත් සැපත් වෙනවා කියලා ආරංචියි... ඉතින් ඔය වැඩ රාජකාරි එක දවසකට දමා ගහලා මුණ ගැහෙමු...
බැඳීම් තාවකාලිකයි වෙන්වීම් සදාකාලිකයි....
ReplyDeleteහපොයි....! ඒ කොහොමද...?
ReplyDelete@වත්:
ReplyDeleteපාට හේදෙනවා නෙවෙයි.. අර පියෙහි විප්පයෝගෝ දුක්කෝ කියලා තියෙන්නේ ඔය නිසා තමා. මම අලු පාට මගේ හොද වගේම නරක ගතිගුනත් තියෙන නිසා.
@තිස්ස අයියා:
ඇත්ත කතාව..වඩා වැදගත් වෙන්නේ ගුන යහපත්කම තමා. නමුත් මම ටිකක් වෙන්න පර්ෆෙක්ශනිස්ට්. ඕක ගැන පොඩි ලිපියක් මගේ බ්ලොග් එකේ ලිව්වා.
http://mage-katha.blogspot.com/2010/03/blog-post_30.html
අනික තමා ඉතින් ඔය එහෙ එකයි, මෙහෙ එකයි කරන උන්ව ඉතින් හදන්න බෑ. කවදහරි එක තැනක සෙට්ල් උනොත් අනිත් පැත්ත එහෙම පිටින්ම විනාසයිනේ. එහෙම නැතත් ඔහොම කරන එක මහ කැත වැඩක්.
මට මේ වගේ අත්දැකීමක් විදල නැතත් ඒ සුදුවීමේ තියෙන සංවේදී බව නම් හදවතටම දැනුනා අයියේ.....
ReplyDeleteකතිකාව හුරු මුත්
ReplyDeleteවචනයන් හි කැටි වී, දියවී ඇති දෑ නහර වල දිවෙන මුත්
අකුරු ලොකු වී පෙනුනා...
මෙය සුලුපටු කම්පනයක් නොවේ, දනිමු
එහෙත්, වාහනයක ශක්තිමත් ෂොක්-අබ්සෝබර් "මගීන්" ගේ සෙත උදෙසා ඒ කම්පනය දැරිය යුතු වන්නේමය.
සොයුරේ දහිරිය, ශක්තිය පතනවා!
@Grey: මම හැමදාමත් මල්ලියාගේ බ්ලොග් එක හෙව්වා... ඕං බලමු නොසැලකිල්ලක මහත... අද තමා හිත පුරා කියෙව්වේ....
ReplyDelete@හසියා: ඔහ් මේ "හසී" පවුලේ ඇත්තෙක් නේද...? බැඳෙන්න බැඳෙන්න ඉතින් වෙන්වීම අමාරුයි... ඔය අපේ "මාරයාගේ හෝරාව" ආයේ මොකකටවත් බැන්දෙන්නේ නැත්තේ ඕකයි කියනවනේ...
@ගලමල්: මාත් මගේ හිතාදරයන් වෙනුවෙනුත් ඔබ දක්වන සැලකිල්ලම මට හැබෑවටම ශක්තියක්...
අයියේ මට නම් දැනෙන්නේ......
ReplyDeleteවෙන්වීම් හමුවීම් තමයි මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්නේ කියලා... ඔහොම වෙන්වීමක් නිසානේ ලඟ නැති අයගෙ අගය තවතවත් දැනෙන්නේ....
සතියකට සැරයක් ගෙදර යන්න ලැබුනත්......
මට නම් අම්මයි තාත්තයි මල්ලියි එක්ක ගෙදරට වෙලා හිටපු කාලය තරම් ලස්සන කාලයක් තවත් නෑ..... දුක් වෙන්න එපා....
වෙන්වීම් හරි තාවකාලිකයි... අනිවා ඒ පිටිපස්සෙ තවත් හමුවීමක් තියනවා....
මං හිතන්නෙ මාව මතක ඇති..... :)))))))))))
අපොයි මල්ලියේ මොකද මතක නැත්තේ... අල්ලපු පොටෝ එකත් තවම තියනවා....
ReplyDeleteකියපු කාරණා ටිකනම් සම්පූර්ණ ඇත්ත....
මටත් මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න බැරි තරම් දුකයි මචං . .
ReplyDeleteමට හිතා ගන්න පුලුවන් කොයි තරම් වේදනාවක්ද කියලා . . එත් මොනවා කරන්නද මචෝ . .
අර කිව්ව වගේ කතාවෙලා හැමෝගෙම හොඳට ගත්තු තීරණ නිසා ඉවසගෙන ඉන්න වෙනවා නේද . .
අර මම දැන් ටිකකට කලින් කියපු යෝජනාව ගැන අපි පස්සේ වෙලාවක නිදහසේ කතා කර ගනිමුකෝ . .
ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක් මචං...
ReplyDeleteඉස්සර අපි හතරදෙනා අවුරුදු ගානක් තිස්සෙ තාත්ත ගෙදරින් දොට්ට බහිනකොට තව මාස තුනකින් නිවාඩුවට මිස වෙන කිසිම විදිහකට ගෙදර එන්න නොලැබේවා කියල හිතන් කකුල් දෙක අල්ලල වැඳල සමුදුන්න. අද අපි වැඳල සමු අරන් එනකොට තාත්ත ඒ දේම අපිට කියනව.
මතක ඇතුව දෙසැම්බරේ ගියාමත් ගල්කිස්සෙ මුදට පොඩ්ඩක් ගිහිං වරෙන්...ඒ කාලෙට මූද හරි සාන්තයි...බය නැතිව ඇතිවෙන්න නාතෑකි.
තිස්ස අයියා, නියම පෝස්ට් එක. උපරිමයි.
ReplyDeleteකවුද මේ සින්දුව කියන්නෙ?
තිස්ස අයියා.. පෝස්ට් එක කියවනකොට මට මා ගැනම පොඩි දුකක් ඇතිවුනා. (මතකයිනේ මම එදා කියපුවා). මට ඉතිං මෙන්න මේ ටික තමා කියන්න තියෙන්නේ. මතක විදිහට මීට කලිනුත් මම මේ වචන ටික ඔයාගෙ පෝස්ට් එකකට දාලා තියෙනවා..
ReplyDeleteයාම හොඳය.. ගොස් ඊමද හොඳය..
නොගොස් එන්ට බැරිය..
නෑවිත් යන්ට බැරිය..
ලොව ඇත්තේ යාම් ඊම්ය..
(-මළගිය ඇත්තෝ-)
පලි: කොහොමවුනත් අයියා ආපහු ආව එකගැනනං සතුටුයි. අපට ආයෙමත් පරණ පුරුදු විදිහට වාදවිවාද කරන්න පුළුවන්..
ලෝකෙ කාලයත් සමග දියුණු වෙනවා
ReplyDeleteඒ කියන්නේ අපේ ජීවිත සංකීර්ණ වෙනවා
ඒ කියන්නෙ හදවතයි මොළෙයි අතර තියෙන විරසක බව තව තවත් වැඩි වෙනවා
ආයෙ කවදාවත්ම හදවතෙයි මොළෙයි විරසක බව නැති ලෝකයක් අපිට දකින්න ලැබෙන එකක් නැහැ තිස්ස.
සිත තැවෙයි එනමුදු සුසුම් නොහෙලමි මා
ReplyDeleteනෙතු තෙමෙයි එනමුදු නොහඬා සිටිමි මා
ඒත් නිරතුරු බලා හිදිමි මේලෙස දෑස අයා
සියලු දෙවි රැකවරනින්
එන්න හනිකට යලි කැදැල්ල සොයා...
ඉන්දික උපශාන්ත: මටත් හරිම අමාරු වැඩක් ඔය තාවකාලික හෝ සමුදීම...
ReplyDeleteගල්කිස්ස වෙරල මගේ ජීවිතේ වගේ මචං...
ඉස්කෝලේ හයේ පන්තියේ ඉඳන්ම මම එතෙන්ට යන්න පුරුදු වෙලා ඉන්නේ... පවුල් පන්සල් වුනු කාලේ හැම ඉරිදාම උදේ හතහමාරට අපි කට්ට්ටිය හිස්බඩම වෙරලේ... කට්ටියම නටලා නටලා ඉර සැඩ පරුස වෙන්න කලින් ගෙදර එනවා...
දෙසැම්බර් හමු වෙන්න බැරි වෙයිද අපට...??
@වැම්පයර්: මේක මොරිස් දහනායක කියන්නේ මල්ලී.... මුල් සින්දුව මීට වඩා ලස්සනයි ... වේගය අඩුයි... නමුත් ඒකේ හොඳ කොපියක් නෑනෙ... මේ ඔහුගේ CD තැටියෙන්....
@Buratheno: හපොයි මේ දරුවො දුවෙන්න එපා... මගේ ටිකක් අධි සංවේදීත්වයත් මෙව්වට බලපානවා...
වාද විවාද නම් මල්ලියත් එක්ක මගේ නෑ...
@Pali අපි දෙන්නට දවස් ගනන් කථා කරන්න පුලුවන් දෙයක් මචං...
@Ano: පාලුව ලැගුම් ගනී හද තුල පතුල එරි එරී...
තිස්ස අය්යා,
ReplyDeleteහැමදාම අය්යාගෙ බ්ලොග් එක බැලුවත් අද තමයි මුලින්ම යමක් ලියන්නෙ.
මේ හැම වචනයක්ම පපුවටම දැනුණා.
හරිම සංවේදියි.
මේ පින්තුරේ ඉන්නෙ අක්කා වෙන්න ඕනි මයේ හිතේ
සුමුදු
@පාලි:
ReplyDeleteඔය අදහස, පේළි කීපය ගොඩාක් සිත් ගත්තා යාළු. ස්තුතියි.
අහ් ඔව් ඔව් අපි ඉතිං "සාඩම්බර හසී පවල" නියොජනය කරන අයනේ...
ReplyDeleteඔය ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ...බැදුනා වගේ නෙවෙයි වෙන් වෙන්න වුනාමා....එතකොට හිතෙන්නේ ඇයි මේ විදිහට බැදුනේ කියලා.....
අපොයි බං අයියේ උඹට ඔනමනං අඩාපං..මෙ අපිව අඩවන්නේ නැතිව.
ReplyDelete"සොඳුරු කැදැල්ලක උණුසුම නිති විඳින..
උරුමය අහිමි වී ගිය පිය සොයුරාණ..
දරු දුක, පියඹ නැති සොව නුඹ දවාලන..
අපටත් දැනේ හඩනායුරු නුඹෙ හද.."
ඇති යාන්තං....මේ ඇවිල්ල ඉන්නෙ.....
ReplyDeleteජීවිතයෙ හැටි එහෙමතමයි සහෝදරය..... දුක,කඳුල,සැප,සතුට,හමුවීම,වෙන්වීම...මේවා කොයි මුහුණුවරකින් ආවත් අපි ඒවාට මුහුණ දෙන්න ඕනෙනෙ...ඒවා සනාතනික ධර්මයන්නෙ...ඒවාට මුහුණදෙන ආකාරය අනුවතමයි අපි ජීවත්වෙනවා කියල තේරෙන්නෙ..හිතට ධෛර්‍ය ගනින් මහත්තයෝ.....
ආ...... සිංදුවත් ලස්සනයි...
මේ..
සුලා..
ඔන්න ඉතිං කලින වගේම අදත් පරක්කුවෙලා මං ආව. මට නං ඔය අත්දැකීම නෑ. ඒත් ඔය අත්දැකීම විදින අය කීදෙනෙක් අද අප අතර ඉන්නවාද? ඇයි අපට අපේ පොළවෙ පය ගහල රස්සාවක් කරල ජීවිත ගමන ගෙන යන්න බැරි? අපේ වැරැද්දද? රටේ වැරැද්දද? කවදා මේ රට ඒ තැනට එයිද? එන්නමෙ නැති වෙයිද? ප්‍රශ්න වැලක් නේද?
ReplyDeleteඅයියගෙ වගේ තව පවුල් කීයක් කවුදෝ ඉස්සර ඉදන් කළ වැරදි වලට කදුලින් වන්දි ගෙවනවද? ඉක්මනින්ම මේ තත්වය නැතිවෙන්න කියල මම පතන්නේ.
මම කවදාවත් අහල නැති සිංදුවක්. තාම ඇහුවෙ නම් නෑ. පොඩ්ඩක් line එක slow. ලිව්වේ කියන්නේ කවුද කිව්වනම් තවත් අගේ.
ආයෙ එන්නම්.
ගල්මල් සහෝ, ඔව් මචං, උඹලා අපි කොයි දේශ දීපංකරේ හිටියත්, මොනව කෑවා බිව්වත්, මොන ආගම දහම අදහගෙන හිටියත් අකමැත්තෙන් වුනත් ඔය ලෝක සොබාවට මුහුණ දෙන්නම වෙනවා.
ReplyDeleteමොනා ලියන්නද කියා හිතාගන්නවත් බෑ....
ReplyDeleteසැමියාට සතියකට දවස් දෙකක් විතර නයිට් ඩියුටියක් හම්බවෙන එකටත් අකමැති මට...
ඔයාගෙ ස්වාමි දියණිය කොහොම මේව දරාන ඉන්නවද කියල පුදුමයි අයියා...
හැබැයි රට හැරදා ගිය සමහර මිනිස්සුන්ට වඩා ඔයා වාසනාවන්තයි... දුකේදීත්, සැපේදීත් මෙහෙම කථා කරන්න යාළු,මිතුරු කාණ්ඩයක් ඉන්න එක... සමහරුන්ට කවුරුවත්ම නැහැනෙ ඔය නොදන්න රට රාජ්ජවල...
Uni එකට ඇවිත් ගියා කියල ආරංචි වුනා... ඒත් හැබහින් දැකගන්න බැර් වුනානෙ...
@Ano: හ්ම්ම්ම්... ඈ නේන්නම්....
ReplyDelete@෴ හසියා ෴: අනේ මන්දා හසියෝ... සංසාරික තෘෂ්ණාව වෙන්ටෑ....
@මාරයාගේ හෝරාව: අද උදේ මට හිත් ගන්නාම සුලු කවි දෙකක් ලැබුනා... එකක් ගෙදර උන්දෑගෙන්... අනෙක උඹෙන් මල්ලියේ...
දමලා ගහලා මෙහේ එමුද උඹත්....? මොකද කියන්නේ...?
@සුලා: ඇත්ත ඇත්ත මල්ලියේ... නමුත් මේ ඔලුවයි පපුවයි අතර ඝට්ටනයෙන් මම හැමදාම පැරදෙනවා... අර පාලි කිව්වා වාගෙම....
@priyantha.ඒ.බී: මම ගත්තු තීරණයට මමයි වගකියන්න ඕනේ මලේ... මං ඔය ක්‍රමයටවත් රටවත් කවදාවත් දොස් කියන්නේ නෑ... කේර්ළයේ තත්වය මීට වඩා භයානකයි... උන් කියනවා එහේ ගල්ෆ් වල මිනිහෙක් නැති ගෙයක් එහේ හොයාගන්නත් නැතිලු... ඉන්දියාවේ සාක්ෂරතාවය වැඩිම ප්‍රාන්තයක් කේරළය...
ලිව්ව කෙනානම් දන්නේ නෑ මලේ.. ඕක මටත් වඩා පරනයි මගේ හිතේ ... තනුවත් බටහිර ගීයක එකක්....
@තනෝජා: මම ඇවිත් ධනික සමග ඔබව සෙව්වා... Dr. Chathura මගේ බැචා.. ඔහුගෙන් ඇහුවම කිවා ඔබ වැඩමුළුවක කියා... අපරාදේ මුණ ගැහෙන්න ආසාවෙන් හිටියේ....
අනේ බං අයියේ මට නං දාලා යන්න බැරි කිසිම කෙනෙක් අද වෙන කොට ඉතිරි වෙලා නැහැ.
ReplyDeleteඒත් දාලා යන්න තරං හේතු කාරණාවක් පේන්ටත් නැහැ.
@මාරයාගේ හෝරා: මදෑ... දුන්න නේද චතුස්කෝටික උත්තරයක්...!!!
ReplyDeleteඅපි කැමතියි උඹ අහල පහල ඉන්නවනම්... දාලා එන්න බැරි අය නැත්නම් පරිසරය ටික කාලෙකට වෙනස් කෙරුවහම මක්කද වෙන්නේ...?
අනේ ඔව් අයියා... ජුනි 28 ඉදන් ජූලි 3 වෙනිදා වෙනකම් එකසීරු conference, workshops... .lk රෙජිස්ටර් කරන්න පටන් අරන් අවුරුදු 20ක්නෙ අයියා... ඉතින් ඒකයි ඒ සුමානෙ වැඩ වැඩී...
ReplyDeleteඅපරාදෙ තමයි... ගණන් ගන්න එපා... වෙන්න තියෙන දේවල් වලක්වන්න බැහැළුනෙ... Chathura සර් කිව්වෙවත් නෑ...
හැබැයි ඔයා ඇවිත් ධනිකව හම්බවුනා කියලා ධනික නොකියා මට ආරංචි වුනා...
ඔයාලට ඉක්මනින්ම ඔයාලගෙ වහළ යට දිගටම එකට ඉන්න ලැබෙන්න කියලා පතනවා අයියෙ... ඔයා මේ බ්ලොග් එකේ ඔයාගෙ බිරිඳ ගැන ලියන ආදරණීය වදන් ඈ දකිනවද නැද්ද කියා මා දන්නේ නෑ... නමුත් ඈ හැබෑම වාසනාවන්තියක්... ඔයාලගේ කැදැල්ලට කිසිම ඇස්වහක්, කටවහක් ගන්න එපා!
මොනව කියන්නද මන්ද... ලංකාවෙන් එන හැම මොහොමතකම මගේ ඇස් රතු වෙලා... උගුරෙ මොනාද හිර වෙලාවගේ... ආයෙ තව කොයි කාලෙකින් දකින්නද අම්මල තාත්තලව.... යාලුවන්ව කියලා...
ReplyDeleteමම ඇඟිලි ගැන ගැන ඉන්නෙත් ආයෙ යන්නෙ කවද්ද කියල... ඒ ගියත්.. ආයේ එන්න එපැයි. වෙලාවකට හිතෙනව මොන කරුමයක්ද මේක කියල..
අපේ රට... අපේ පවුල... යාලුවො වගේ නැහ කොහේවත්...
ජීවිතය කියන එක හොයා ගන්න බැරි තරම් දුරක ගිහින් වගේ දැනෙනවා.
@තනෝජා: ඔව් නංගී... අපි යන කාලෙට වඩා කැම්පස් එක බොහෝම බිසී වගේ දැන්... හැමෝම හරිම කාර්‍ය බහුලයි...ළමයිනුත් එහෙමයි... දුකත් හිතෙනවා... නැතුවත් බෑනේ...
ReplyDeleteඔන්න මුං දෙන්නව කොටියාම කන්න එපායෑ... හෙහ් හෙහ් හෙහ්... සංදීප වෙන්නෑති එහෙමනම් විස්තරය කියන්න ඇත්තේ නේ....?
හ්ම්ම්ම් එයා කියවනවා... බොහොම ස්තූතියි ඉතින් තව කෙනෙක් වෙනුවෙන් හිත උණුවෙනවට....
@පිස්සා පලාමල්ල: ඕං මට හිතෙන හැටිත් දැනෙන හැටිත් මල්ලියා හරියටම විග්‍රහ කලා...
මම හරිම ආසයි මේ වචනවලට "අපේ රට... අපේ පවුල... යාලුවො වගේ නැහැ කොහේවත්... " ඔව් මොන ප්‍රස්න තිබ්බත්...
එහ්ටකොට කැරු හරි අහයි ඇයි යන්නේ එහෙමනම් කියලා නේ...? එව්වට ඉතින් නොයෙකුත් උත්තර තියනවා නේ...?
කමක් නෑ දවසක හමුවෙමු... හමුවී හිනැහෙමු... හිනැහී වැලපෙමු අපි ආයේ.....
අඩෙ අප්ප, එතකොට උඹ අපේ ගමේමද...එළ, එළ...මං නං පිරිවෙන පාරෙ...ඔය ගල්කිස්සෙ වෙරළ කියන්නෙ මගෙත් ජීවිතේ..
ReplyDeleteමේ දෙසැම්බරේටනං එන්න වෙන එකක් නෑ, ගිය අවුරුද්දෙම හතර පාරක් ගිය නිසා ගෙදර උන්දැ කිය කිය ඉන්නෙ ආයි නං ඊලඟ සමර් එකෙන් මෙහා යන්න බෑ, නැත්තං හම්බු කොරන ඒවයිං එයාර් ලයින් කාරයො තමා පෝසත් වෙන්නෙ කියල. ඒත් කවද හරි අපි ගල්කිස්සෙ හම්බ වෙමු. දුකා ගාව මගෙ නම්බර් එක තීනව,sms එකක් දාපන්, අපි කතා කරමු. ආසයි ගල්කිස්සෙ සුන්දර මතක අවධිකරන්න.
ම්.......ම්....... අනේ මොකද්ද අනේ මේ ජීවිතේ තේරුම? ඇයි ඔයාට දැන්වත් බැරි අක්කලත් එක්ක ගෙදරට වෙලා ඉන්න. මට හිතෙන විදිහට ඔයාගේ තියෙන සුදුසුකම් වලට ලංකාවේ වුනත් හොඳ වැටුපක් එක්ක රස්සාවකට යන්න පුළුවන්. මොන බනානා ෆ්ලවර් එකක්ද මන්දා. අන්තිමට නාකි වෙලා දෙන්නාට දෙන්නා හැරමිටිවලින් යන්න උදව් කරන්න තමයි ඔයාට මෙහෙ එන්න වෙන්නේ. සංසාරේ මේ ජීවිත හරිම අනියතයි. ඉතිං එහෙම කාලෙට දෙන්නාගෙන් එක්කෙනෙක් මේ ලෝකේ නැති වුනොත්......... (කැමැත්තෙන් නෙමෙයි මේ අන්තිම පේළිය ටයිප් කලේ) පැල් ලැග්ගට ගිණි තැපලත් නැහැ අන්තිමට. මට නම් තේරෙන්නේ නැහැ අයියේ. ගෙදරට ආදරේ තාත්තා කෙනෙක්ගේ සෙනෙහස දරුවන්ට හරි වටිනවා. නෝනාට වටිනවා. මම කියන්න ඕනේ නැහැනේ ඒවා දැන් අවුරුදු ගාණක් පරණ උදවියනේ. අපිටත් නානා ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. ලෝන් බරට උරහිස් පහත්වෙලා. ඒත් එක්කෙනෙක් තනියම නම් රට යන්නේ නැහැ කියන තීරණයේ තමයි අපි ඉන්නේ. මොකද්ද අප්පා පැඟිරෝ. පස්සේ කාලේ දුක් නොවී දැන් මෙහෙට වෙලා හිටපං බං අයියා.
ReplyDeleteලංකාවේ රස්සා නම් මට අරහං නංගියෝ... ඒත් බහු ජන හිතාය සහ ඕන බනානා ෆ්ලවර් එකක් කියලා එන්න පැලෑනක් ගහගෙන යනවා... මෙහේ සමහර කම්පැනීස් තියනවා නංගී 30 /30 විදිහට ... ඒකියන්නේ දවස් 30 වැඩ... දවස් 30 නිවාඩු... අපි ඉන්න Oil & Gas ක්ෂේත්‍රයේ... එහෙම එකක් සෙට් වුනොත් ගොඩ... ලංකාවේ රාජ්‍ය ආයතනයකිනුත් එන්න කියලා තියනවා ... බලමු නේ...
ReplyDeleteඅනේ වාසනාවන් අයියා. කොහොම හරි එන්න. පවුලක් වුනාට පස්සේ එකටම ඉන්න ඕනේ. ඒකටනේද පවුලක් වෙන්නේ? මිලියන්ස් ඔෆ් ප්‍රශ්න වලට මුහුණ දීලා, ඒවා ජයගෙන හදා ගන්න පැල්කොටේ බත් එක්ක සම්බෝල කාලා හරි (දැන් නම් සම්බෝල කන්න හම්බ කරන්නත් රට යන්න ඕනේ. ඒත් මේ කථාවට කියන්නේ හොඳේ) ඉන්න එක නේද හොඳ?
ReplyDeleteහෑගුම් බර සටහනක්.. තිස්ස
ReplyDeleteඑහි මරනය ගෑනත් අවසානෙදි සදහන් කරලා තිබුනා..
ජීවිතේ ඔහොම තමයි...
එත් ඒ හෑම දෙයක්ම ගෙවිලා/ඉවරවෙලා යනවා මයි...
Happiness or sadness, loneliness or intimacy...
"Every thing will pass", "Every thing will pass"
අපිට හුගක් වෙලාවට, අපිට තියන දෙවල වටිනා කමක් නෑ..
බිරින්දෑ නිතර දකිනකොට, ඈගේ වටිනාකමක් නෑ..
සල්ලි අතේ තියනකොට, ඒවායේ වගක් නෑ..
ලෙඩක් දුකක් නෑතිකොට, ඒ ගෑන තෑකිමක් නෑ..
ඈස් පේනීම තියනකොට, පෙනෙන දසුනේ සුබක් නෑ..
හුස්ම ටික වෑටෙනකොට, ගන්න හුස්මෙ අගයක් නෑ..
ජීවිතේ තියනකම්, මරනය ගෑන වගක් නෑ..
මෙ දෙවල් නෑති අයට, "හද ගී පොත"ට එන්න විදියක් නෑ මයි..
මෙ සියල්ල තියනකම්, මෙ මොහොත කොතරම් අපුරු කියා බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නෑ මයි..
මම
"මෙ මොහොත"
"The Present Moment"
@Present Moment: අපූරු කියුම...!!!!
ReplyDeleteමම පදපෙල විතරයි කියවවුවේ ලස්සනම් ලස්සනයි....සුන්දරයි..
ReplyDeleteස්තුතියි....
මම දන්න විදියට තිස්ස මේ සින්දුවෙ ඔරිජිනල් එක මේකයි
ReplyDeleteJamaican Farewell
Down the way where the nights are
And sun shines daily on the mountain tops
I took a trip on a sailing ship
And when I reached Jamaica, I had to stop
But' I'm Sad to say I'm on my way
Won't be back for many a day
My heart is down and head is turning around
I had to leave a little girl in Kingston town
තව තියෙනවා
henryblogwalker the Dude
හරියට හරි මචං.. ඒක තමා...!!!!
ReplyDeleteතිස්ස අය්යේ. මම මෑතක සිට නිතර මෙහි ඇවිත් පුදුම විදිහේ සතුටක් ලැබුවා අතීත ස්මරනයන්ගෙන්.නමුත් අද නම් මේ පොස්ට් එක මාව හුඟක් කම්පනයට පත් කළා. කවදාවත් කමන්ට් නොකලත්අවුරුදු 2 ක් විතර පරණ මේ පොස්ටුවට ගැන නම් මොකුත් නොකියාම බැහැ.
ReplyDeleteඅය්යේ දන්නවාද ? මමත් මීට අවුරුදු 30 කට විතර කලින් පුංචි කෙල්ලෙක් විදිහට , ඔයාගේ දරුවෝ ඔයා රටින් පිට වෙනකොට ලබපු ඒ අත්දැකීම කිහිප සැරයක්ම විඳලා තියෙනවා. නමුත් ඒක මගේ තාත්තා වින්දේ කොහමද කියල මට දැනුනේ අදයි. අද වගේ සන්නිවේදනය නොදියුණු ඒ කාලේ තාත්තා මොන තරම් තනිකමක් දරාන ඉන්න ඇතිද? අනේ ඒත් ඒ ගැන අහන්න තාත්තා දැන් අපි අතර නැහැ. අද මම මෙහෙම ඉන්නේ තාත්තාගේ ඒ කැප කිරීම හින්ද නේද කියලා හිතනකොට මට වාවා ගන්න බැහැ.
අවුරුදු දෙකකට පසුව කමෙන්ට් එකක් දාන්නේ.ඔබ මෙය දුටුවොත් මෙහි මුල් ගීතය ලබාදෙන්න බැරිද.පාසල් සමයේ අප මීතුරන් අතර නිතරම ගායනා කරන ලද ගීතයක්.ගුවන් විදුලියෙන් ගීතය ප්‍රචාරය වනවිගසම පෑනක් කොලයක් ගෙන පද මාලාව ලියා ගන්නවා.අද වගේ තාක්ෂණයක් ඒකාලේ නැහැනේ.ලියාගත් ගීතයේ අඩුපාඩු සකසා ගන්න නැවතත් ඒ ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙනකල්මබලා ගෙන ඉන්න ඕනී.
ReplyDeleteඉන්න තිලක් බලල එවන්නම්...
ReplyDeleteදහනායක මහත්තයගෙ පුතා සිංදු ටික සංරක්ෂණය කරන කථාවක් කීවා...
මෙතනම දාන්නම් හම්බ වුනොත් බාගන්න ලින්ක් එක