යුග යුග හද බැඳ ආවෙමි පියමැන....


මට ලස්සන, තරමක් පැරණි ටෙලි නාට්‍යයක කථාවක් අද උදේ මතක් වුනා... දුකා ගේ පොස්ට් එකත්, සොඳුරු සිත මෑතකදී දැමූ පෝස්ට් එකත්, හදිසියේම රන්දිල් නංගී මගේ මිතුරාට (පවණට සැලෙණා දොඹමල් සුවදින් පෝස්ට් එකේ කියැවුනු) වුණේ මොකද කියා ඇසීමත් යන සේරමත් නිසායි මේ කථාව මතක් වුනේ.... ප්‍රධාන චරිතය රඟපාන්නේ පාලිත පෙරේරා... ඔහුට හොඳ පෙම්වතියක් ඉන්නවා... විවාපත් වෙන්න ලංවෙලා ඔහුට කේන්දරය බැලූ කෙනා කියනවා ඔබට හරියන්නේ දෙවැනි කසාදේ, පළවෙණි කසාදේ කෙනා මැරෙනවා කියා... තම පෙම්වතියට ඉතසිතින් ආදරය කරන ඔහුට මෙය දරාගන්න බැහැ... ඔහු මාරුවක් හදාගෙන දුෂ්කර පළාතට ගොස් ගෙදරක නවතිනවා... ඒ ගෙදර තරුණිය පරණ පන්නයේ කෙනෙක් නමුත් ගුණ යහපත්... ප්‍රේමයෙන් මුසපත් වෙලා ඉන්න ඔහුගේ සිතට දරුණු අදහසක් එනවා... එනම් මේ තරුණියව විවාහ කරගන්න... ඔහුගේ සිතේ බලපවත්වන මේ දුෂ්ඨ චේතනාව නොදන්නා ඒ අහිංසකී මේ තරුණයාට බහ දෙනවා... ඔවුනාතර විවාහයත් තරුණයා ඒ ගමේදීම සිදුකරනවා ඔහුගේ පාර්ශවයේ කිසි කෙනෙකුට දැනගන්න ඉඩ නොතබාම... විවාහ වුනත් අර තරුණයා ඔහු හිටි කාමරයේම ඉන්නවා... අර තරුණියටත් එය බරපතල ප්‍රස්නයක්...හෘදය සාක්ෂිය දැඩි ලෙස කථා නායකයාට වද දෙනවා...

මේ අතරතුර අර තරුණිය රෝගාතුර වෙනවා... හිමින් සීරුවේ ඒ ලෙඩට ප්‍රථිකාර කිරීම මගහරවනා ඔහු ලෙඩේ උත්සන්න වු විටක වෛද්‍යවරයෙක් ලඟට ගෙනියනවා...සොයාගන්න අමාරු බෙහෙතක් නියම වෙනවා.... තම කාරනය මුදුන්පත් වනු දකින ඔහු ඒ බෙහෙත කොලඹින් ගෙන එන්නෙමැයි කියා එළියට බහිනවා.... ඔහු හිතන්නේ එයින්ම මේ තරුණිය මියෑදෙයි කියා... දින කිහිපයකට පස්සේ කාරණය හරියටම දැනගන්න නැවත ගමට යන ඔහු පාළමක් මතදී යහතින් ඇවිදන් එන තමන්ගේ බිරිඳව දකිනවා... සිහි මූර්ජා වෙන තරමට කළබල වෙන ඔහු ඇළට ඇද වැටී ගිලෙන්න යනකොට අර තරුණිය වහා ඇළට පැන ඔහුගේ ජීවිතය බේරා ගන්නවා... මගේ ප්‍රියතම නිලියන් තිදෙනාගෙන් කෙනෙකු වන චාන්දනී සෙනෙවිරත්න මේ චරිතය අපූරුවට කරනවා...

හැබෑ ජීවිතයත් ඉතින් මේ වාගේමයි නේද?... සහකාරයා සහකාරිය තොරාගන්න පස් මහ බැලුම් බලන අතරවාරයේ තමා දෙස ආදරයෙන් කරුණාවෙන් බලන, සොයන බොහෝ දෙනෙක් මඟහැරී යන්න පුලුවන්... ජීවිතේ ගොඩක් අවස්ථා දෙන්නේ නැහැ නෙව... සරමක් කමිසයක් ගන්නවා වාගේ fit-on කර කර බලන්නත් බෑ නෙව... දෛවය යනුවෙන් යමක් ඇත්නම් එය මටනම් බොහෝ කාරුණික වී ඇත... ඇයත් මමත් මුණ ගැසුණු ඒ පන්තියේ සිසුන් ගේ හමුවක් අවුරුදු විස්සකට පසු අපි සංවිධානය කළා... ආපහු ගෙදර ඇවිත් ඇය මගෙන් හරි අපූරු ප්‍රස්නයක් ඇහුවා... "අපි එදා මෙහෙම එකතු නොවුනානම් අද ඉතින් යාලුවෝ වසයෙන් විතරක් හම්බ වෙලා යන්න තිබුණා නේද ...?" කියා... මම මගේ මතය හොඳ හැටි අවදි කර ආපහු rewind කර බැලුවා... හැබෑටම එදා මට ඈ කැමත්ත නොදුන්නානම් මම කාට කැමැති වෙයිද....???? අරයා... මෙයා... එතකොට අර කෙනා.....ම්ම්හ්... හරියන්නේ නෑ...."අනේ මන්දා මොනවා වෙන්න තිබුනද කියලා... හිතයන කෙනෙක් හම්බ වෙලා නෑනේ ආයේ...." මම අවංකවම උත්තර දුන්නා... සතුටෙන්ද, ඔච්චමටද සිනාසුනු ඈ..."ඔව් ඔව් ඉතින් හම්බ වුනා නම් ඔය ඩෝං යන විදිහට ඒ කෙනා වැඩි කල් ඉන්න එකකුත් නෑ..." හැබෑව... නමුත් දැන්නම් ටිකක් අඩුවෙලාය...!

යුග යුග හද බැඳ ආවෙමි පියමැන, සුහදේ දෑත පතා...
සවනට ලන්වී මිහිරේ කිවමැන,අමයුරු මියුරු කතා... අමයුරු මියුරු කතා

දහසක් දෙනුවන් අතරින් රහසේ, බැන්දෙමි පෙම්හර ඔබෙ නිල් දෑසේ...
සිහිනෙන් දිවගෑ රන් රස රහසේ, යලි වින්දෙමි සුහදේ... යලි වින්දෙමි සුහදේ

නොගැයූ ගීතය හදින් ගයන්නම්, මිහිරෙන් පිබිදී දෙපා තබන්නම්...
දෙහදේ පතුමන් එක්කර ලන්නම්, පසුපස මා එන්නම්... පසුපස මා එන්නම්

සින්දුව අහන්න.... ඕන්නම් බාගන්න...

ගායනය ඉන්ද්‍රා විජේරත්න

87 ප්‍රතිචාර:

Ansh Lucky Sri Jay said...

ඔන්න, මේ ගීතය නම් අසා ඇත.

(තරහා යන එක නම් අනේ ඇත්තටම පුදුම ලෙඩක් තමයි.
කොටින්ම කියනවා නම් අද උදේ 9.30 ඉඳන් මේ තාම තරහා නිවිලා නැතුව ඉන්නෙ.)

තිස්ස දොඩන්ගොඩ said...

හප්පේ මේක හද්දා පරන එකක් නේ... නියමයි...
අපොයි... පෙනුමෙන්ම තේරෙනවා කොච්චි මිරිස් කියලා නංගියෝ....
සංසාරේ... එච්චර වෙලා අල්ලාගෙන ඉන්න එපෝ... කවුරුවත් නැද්ද අහල පහල පිටින් යවන්නවත්...?

චේජනා said...

."ඔව් ඔව් ඉතින් හම්බ වුනා නම් ඔය ඩෝං යන විදිහට ඒ කෙනා වැඩි කල් ඉන්න එකකුත් නෑ..." හැබෑව...

නමුත් දැන්නම් ටිකක් අඩුවෙලාය...! ??????????????????????

:D

තිස්ස දොඩන්ගොඩ said...

මෙච්චරකට අච්චර නම්... අච්චරකට කොච්චර තියෙන්න ඇද්ද...?

nimanthi said...

හනේයිද කියන්නේ..චේජනා..
ගහ දන්න අයට කොළ කඩා පානකොට නම් ඉතිං කටවහගෙන ඉන්න බෑ..
ඇත්තටම ඔයා කියන එක නම් හරි වගේ. දැන් ටිකක් අඩුයි වගේ තමා.මොකද දන්නේ නෑ??

තිස්ස දොඩන්ගොඩ said...

අනේ දරුවනේ සින්දුව රස විඳින්න අප්පා...(කළ කම් පල දීම...!)

Shadow/හේමලයා said...

නියම ලිපියක්.....ඔය කතාව නම් මම බලලා නෑ....:)

තිස්ස දොඩන්ගොඩ said...

මට මේ කථාවේ නම නිනව්වක් නෑ නොව මලේ...

wath said...

ඔන්න මම අත්දෙකම උත්සනව. මම බලල තියේ. බලල විතරක් නෙමෙයි විටින් විට මතකයටක් එනව. ගිය සතියෙ දවසත් ම‍ට මතක් වුනා කේන්දර පලහිලවුවක් නිසා...

අනේ මන්ද අයිය. අපි ආදරේ අය අපිට ලැබෙනව නම් හොදයි..

ජීවිතේ පුදුම දෙයක් ලු...

අයියට මතකද දන්නේ නැහැ. වාන්දනී පාලිත ඉන්න කොළඹ ගෙදරට ඇවිත් යන සිද්ධිය. හරි දුකයි...

පිරිමින්ගෙ වරදකුත් නැහැ...
ගැහැණුන්ගෙ වරදකුත් නැහැ...

මවපු බඹා තමයි වරද කරේ..

nimanthi said...

හහ් හා තේරෙනවා වගේ බණ දහමුත් ටික ටික දැන්නම්..
අපි සිංදුව රස වින්දා මාමේ..:D
සිංදුව හා ලිපිය ගැන ඉතිං හැමදාම වගේ වර්ණනා කරන්න ඕන නෑනේ.

ඔහ් මෙන්න හේමලයටත් මලේලු.. ඒ පාර තවත් මල්ලි කෙනෙක්

@හේමලයා
පරිස්සමින් ඔන්න බැනුම් අහන්න එහෙම ලැස්ති වෙන්න අයියගෙන්.

තිස්ස දොඩන්ගොඩ said...

සොඳුරු සිතට ඉතින් මෙව්වා ඇස නොගැහුණානම් තමා පුදුම... යාන්තමට මතකයේ තියනවා ඒ සිද්ධිය...

තිස්ස දොඩන්ගොඩ said...

@nimanthi: ඔය ගල්මල් මහත්තයා, සිරිබිරිස් අයියා, විහඟ ගීතය ලියන මහත්තයා, කතන්දර මහත්තයා අරුණම මෙතනට එන බොහෝ දෙනෙක් ඉතින් මයේ මලයලා, නගාලා තමා... තමන්ගේ අදහස් කොරෝදයක් නැතිව, යටි අදහස් නැතිව, බෙදා හදා ගන්න... ඉතින් එවුන්ව එහෙම අමතන එක වරදක්ද, එක්කුස සහෝදරයනුත් උන්නද මලාද නොබලන කාලෙක නංගියේ...?

wath said...

ඒ අයියා. පාලිත පෙරේරා නෙමෙයි නේද පාලිත සිල්වානේද අයියේ.

තිස්ස දොඩන්ගොඩ said...

සංදුක්කේ... උන්නැහේ සිල්වා නේන්නම්... අනෙක් කෙනා අර "අම්මට සිරි තවත් හයක්" කියපු මහත්තයා නොවෑ... ඕං පිං...!

wath said...

හිහ් හිහ් හේ...

එහෙම නෙමෙයි කීවේ... එක වචනයක් වෙනස්

nimanthi said...

වරදක් කියල මම කිව්වේ කොහෙද අප්පේයි..
මම කිව්වේ තවත් මල්ලි කෙනෙක් හම්බවෙලා කියලනේ.

ප.ලි.
ෂ්...මම මේ හිතුවා මම දැකලා නැතුවට පාලිත පෙරේරා මහත්මයත් රඟපාලා ඇති කියලා.
ස්තූතියි වත් අපේ අයියට ඒක පෙන්නලා දුන්නට.

චේජනා said...

නිමන්ති අක්කෙ

මට අර මෙච්චරකට අච්චර නම් අච්චරට කොච්චර ද කියල කැල්කියුලේශන් එක කරල බලල ඉල්ලන් කන්න ඕනෙ නැති නිසා මම ඉතින් කට පියාගෙන හිටිය..අක්කෙ

ඇයි ඉතින් කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු නෙ අහන්නෙ..

ඉස්පිරිතාලෙ යන්නෙ වෙන කවුරුවත්, බැනුම් අහන්නෙ, අමු කැවිලද අහන්නෙ ලංකාවෙ වත් නැති උන්ගෙන් නෙ.... (තමන් ලංකාවෙ ඉඳලත්)

තිස්ස අය්යෙ
සින්දුව නම් මම අහලත් නෑ, ඇහුවට මට ආස හිතුනෙත් නෑ... මඩ ගහනව තරම්..

wath said...

" සිකුරු උදාන " තමයි ටෙලි නාට්‍යයේ නම...

punchisamanalee said...

හා..... ඔන්න සමනලිත් ආවා සමනලීගේ ඔන්ලයින් මියුසික් ප්ලේයර් එක හොයාගෙන........
තවත් ලස්සන සිංදුවක්..... ස්තූතියි අයියා....

මාරයාගේ හෝරාව said...

වැදගත්ම ප්‍රශ්නයක් මිස් වෙලා කියලා හිතෙන්නේ නැද්ද අයියේ..?

අර විදියට හමු නොවුනා නම් මෙ වෙන කොට අක්කා කොයි විදියට ඉඳීද කියලා..?

ගල්මල්-Coral said...

"...අනේ මන්දා මොනවා වෙන්න තිබුනද කියලා..."
"...ඔය ඩෝං යන විදිහට..."

කාලෙකට කලින් ලියූ සටහනම තමා ආපහු ලියන්න තියෙන්නේ:

කේන්ති ගන්න එකා ළඟම ලු සෙනෙහසත් තියෙන්නේ

දෙමළ බසින් මෙහෙමයි කියන්නේ "රෝසම් උල්ලවනක්කු පාසම් ඉරික්කුම්"

ඉලංදාරියා said...

මගේ ජිවිතයත ..බොහොසෙයින් දැනෙන ...ගිතයක්....පද් අටික කිය වවුවා.....

ස්තුතියි තිස්ස අයියේ...

nimanthi said...

හී හී
චේජනා නියම් වෙලාව එනකන් තමා බලාගෙන ඉදලා තියන්නේ වෙන කිසිම කෙනෙකුටවත් කමෙන්ට් නොකර නේද??

""සින්දුව නම් මම අහලත් නෑ, ඇහුවට මට ආස හිතුනෙත් නෑ... මඩ ගහනව තරම්..""
වැඩිහිටියන්ගේ ආදර්ශයන් අරගෙන ඔන්න ඔහේ අපිත් මඩම ගහමු නේද නංගී එහෙනම්..???

තිස්ස දොඩන්ගොඩ said...

@මාරයා: හපොයි හිතන්නවත් බැරියෝ...

@ගල්මල්: හා හහ් හහ් හා..... නියමයි...! මතක් කළාට....

@නිමන්ති + චේජනා: පටිසං....!

ෆා ද බ්ලොගී said...

සින්දුව නම් අහලා නෑ.. ඒත් හයිලයිට් කරලා තියෙන ටික දැක්කම ඒහා සමාන පද පේළියක් මතක් උනා.. අර සිහාන් කොලුවගේ.
"ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබේ දැසම මා සෙව්ව තරම්"

@ගල්මල්-Coral -
මරු කතාව.. මම නම් ඒකට 200%ක් එකඟයි.

nimanthi said...

පටිසං....!????
ඒ මොකද්ද ඒ..කියන්නේ..
තේරෙන්න කියන්නකෝ අයියේ...කියන දෙයක්..
මට නම් මතක් උනේ නොරිකෝ සං :-))))

වැම්පයර් said...

මේක නම් එළ සින්දුව තිස්ස අයිය, මටත් කාලයක් හොයාගන්න බැරුව ඒක එහෙමම අමතක වෙලා ගියා. තැන්කූ වේවා!

තිස්ස දොඩන්ගොඩ said...

@වැම්පයර්: මේක නම් දැන් යන්නෙම නැති තරම්... මේ ගායිකාවත් වැඩිය සිංදු කියලා නෑ නෙව...

තිස්ස දොඩන්ගොඩ said...

@ෆා ද බ්ලොගී: දැන් සිංදු මතක හිටින්නේ නෑ නෙව... වයසට යමි වේගයෙන්...!!

RanDil said...

කෝ අර උඩ ඉන්න දෙන්නාගේ ඇඳුම්? :D

අපි දෙන්නත් කථා වෙනවා අපි අපි නොවී වෙන අය එක්ක අපි වුනා නම් එහෙම දැන් කොහොම වෙයිද කියලා.

ඔයා නම් හැමදාම වගේ ගේන්නේ හිතට ලං වෙච්ච පෝස්ට්මයි පැංග්ස්.

ආ මට අමතක වුනා ඔයාගේ නම් තව දුරටත් මොඩිෆයි කරන්නට හිතෙනවා අප්පා.

මුල ඉඳන් ගත්තොත්,

දොඩංගොඩ -> දොඩං -> පැඟිරි -> පැඟිරා/පැංග්ස් ->

දැන්,

පැඟිරා/පැංග්ස් -> පැන්+ගිරා -> WATER+PARROT

තිස්ස දොඩන්ගොඩ said...

@වත්: අන්න හරි සිකුරු උදාන තමා... කෙහොමද අප්පා මත හිටින්නේ ඕවා...?
@punchisamanalee: සමණලුනගේ ත‍ටු මුදු කුරුලු පිහාටූ....
@ඉලංදාරියා: හැඟීම් බෙදා හදා ගත්තම අමුතු සතුටක් දැනෙනවා නේ...?
@RanDil: ඔය මේ ලෝකෙට ඇඳුම් නිෂ්පාදනය කරන්න කළින් ගත්තු පොටෝ ඒකක් නොවෑ... අර්‍ධ මිනිස් අර්‍ධ තිරිසන් කෙනෙක් ලඟට එන සියුමැල්ලක පිළිගන්න හැටි තමා මයේ හිතේ... අර ඉලංදාරියා කිව්වා වාගේ හැඟීම් බෙදා හදාගත්තම සතුටක් දැනෙන්නේ මොකද ඒ...?
දැන් ඉතින් නමේ උප්පත්තියත් කිව්වා... හපෝයි...!
water parrot...??? පලා ගිරවුන් නම් අහලා තියනවා...

(බ්ලොග්ගෙර් එකේ කොමෙන්ට් display වෙන එකේ අවුලක් තියනවා.. මට ඔක්කොම කමෙන්ට් එක වර පෙන්නන්නේ නෑ... සැරෙන් සැරේ තමා උත්තර බඳින්න වෙන්නේ...)

තනෝජා රාජපක්‍ෂ said...

RanDil ට මක්වෙලාද හැබෑටම... මෙච්චර ලස්සන පෝස්ට් එක ගැන අමතක වුනා කමෙන්ටුව දැක්කම. දෙන්න හිතෙනවා දෙකක්..

අනේ ඇත්තම කිව්වොත් මම සින්දුව අහල නැද්ද කොහෙද පද වලින් පේන හැටියට. මේ අවස්ථාවෙ මට සින්දුව අහන්නත් බෑ... ඔය කියන කථාව බලලත් නැද්ද කොහෙද අප්පා... ඒ දවස්වල අපට TV" Radio තියෙන්න නැතිව ඇති...

තිස්ස දොඩන්ගොඩ said...

@තනෝජා: සින්දුව නම් බොහොම පරනයි... සමහරු අහල තියනවා කිව්වාම මට පුදුමත් හිතුනා... ලබන නිවාඩුවට රන්දිල් වත් එක්කර ගමු පොඩි පහේ සාදයකට... තව මේ පාර මග හැරිච්ච වැප්, වත්, ජීවිතය සොබාදහම..., චේජනා, වගේ කට්ටියවත් එක්කහු කරගෙන...

Anonymous said...

තිස්ස මහත්තයෝ...සිංදුව නම් අහල තියෙනව කියල මතකයක්වත් නැහැ...බොහොම පිං අපිට රස විඳින්නට සැලැස්සුවාට...

සුලා...

තනෝජා රාජපක්‍ෂ said...

හරි හරි... ඒ බලාපොරොත්තුව හිතේ තියාගමුකෝ.... ඔය කෙල්ලට ඔයාගෙ උප්පැන්නෙ මාරු කරන එක මිසක් වෙන වැඩක් නැද්ද මන්දා... පොඩි පහේ සාදයේදිත් ඔය දේම කළොත් තමා වැඩේ... :)

චේජනා said...

අය්යෙ,
ඔයාට නිවාඩු දෙනකොට පාර්ටි දාන්න අහක ඉන්න අපි ලංකාවට එන්න ඕනෙ කියලද හිතන් ඉන්නෙ...
මේක යකාගෙ ආණ්ඩුවක් නෙ...

රන්දිල් අක්ක, ඔයාට සපෝට් කරන්න මම නම් ඉන්නව...
ඒත් ඔය නම හොඳ වැඩියි...

තිස්ස දොඩන්ගොඩ said...

@චේජනා: එකසැරයක් ඔන්න ඔය කාලෙට ලංකාවේ ඉන්නවා කිව්වා වගේ මතකයි.... හොඳා හොඳා ඔන්න ලැයිස්තුවෙන් කැපුවා...

nimanthi said...

හයියෝ චේජනා ඒක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ සියඹලාණ්ඩුව ඔයා දන්නේ නැද්ද..??
මෙන්න ඒ පාර බොරුත් කියනවා ...හ්ම්ම්ම් බඳින්නේ නැතෑ උත්තර මම ලියපුවටත් කොයි වෙලේක හරි..මහත්මයාණනි....මම විමසිල්ලෙන්..:-)))
රන්දිල් මමත් උදව් කරනවා ඔන්න ඕනේ වෙලාවක කියන්න මටත්

RanDil said...

චේජනා සහ නිමන්ති,

ආ බොහෝම හොඳා. අපි සහජීවනයෙන් මේ වැඩේ කරගෙන යමු කෙල්ලනේ. අපට ජය වේවා!!!!! (තනෝජා අක්කි මොනවා වුනත් කාන්තා පාර්ශවයටනේ සපෝර්ට් නේද මෙයා ?)

චේජනා said...

ලංකාවෙ හිටියත් ඉතින් ඔයා බලන්න එන්නෙ නැ‍තෝ....
(අක්කව බලන්න තමා එන්නෙ... : D
මම ආශ්‍රයෙන් නරක් වෙලා කපටි වෙලා නම් එහෙම නෑ....)

ඔය සියඹලාණ්ඩුව විසිරුවා හරින්න ඕනෙ අක්කෙ,

ටික කාලෙකට පස්සෙ මම පැටලුනා වැඩියි නේද අය්යෙ...පුළුවන් වුණොත් දෙසැම්බර් එනව... ආවොත් යෝගිත් ඔයාවත් මුණ නොගැහි යන්නෙ නම් නෑ...

තනෝජා රාජපක්‍ෂ said...

ඔව් ඔව් ... මම ඉතින් ඔය කොයි පාර්ශවය උනත් එවෙලෙට පැරදීගෙන යයි කියල හිතෙන පැත්තට සහයෝගය දෙනවා.. අපි එහෙමයි!!

තිස්ස දොඩන්ගොඩ said...

@ all against me: හා හා හා ... තනෝජා නංගිගේ උත්තරේ කොහොමද...? එයා දැන් ඔයගොල්ලන්ගේ පැත්තේ ...හහ් හහ් හහ් හා...
නියම මොළේ තමා... කාලෙකින් ගැහැණු කෙනෙක්ගෙන් විශිෂ්ඨම තර්කයක්... තනෝජාට ජයවේවා... මොර‍ටුව වි වි දිනේවා.....

RanDil said...

ආ ඒ කියන්නේ අපි පැරදෙන පැත්තේ. එහෙම නැත්තම් අපේ පැත්ත පරදිනවා. එහෙමත් නැත්නම් පැරදෙන පැත්ත අපේ. හා බලමුකෝ. කෙල්ලනේ ඔන්න ඇහුනානේ.

nimanthi said...

සංදුක්කේ [තිස්ස අයියාගෙන් උපුටා ගන්න ලදී]
හරිම වැඩේ.
මම ලියන කිසිදු කමෙන්ටුවක් තිස්ස අයියාගේ ඇස නොගැටෙන පාටයි නේ..
හොඳයි බලාගමු මාව අර ලිස්ට් එකට දාලා තිබුනෙවත් නෑ.
හ්ම්ම්ම් චේජනා ..මම නම් දෙසැම්බර් වල ඉන්නවා. එන්නම් කෝ හොඳේ..
තිස්ස අයියේ කතා කරලා බලමුද නඩුව අපි..පැරදෙන්නේ කවුද කියලා..??
මේ ලමයිනේ ඊලඟ පාරත් ඔය අයියා ඔයාලව බලන්න එන්නේ නෑ..ඔන්න බලන්නකෝ හොදද..??

තිස්ස දොඩන්ගොඩ said...

@නිමන්ති: අප්පට සිරි.. හැබෑටම එනවද...? ඔන්න චේජනාට වෙන්කරපු පු‍ටුව, එහෙමනම් ඔබට... කව්දෑ අප්පා ඔව්වා දන්නේ... ඉතින් "යුරෝපයේ හිම වැටෙනා කාලෙට සීතල සුවය ගෙනේ... ජපානයේ පිපි චෙරිමල් සුවඳක් අප දැක තුරුලු වුනේ...." කියලයි මේ අපි කස්ටිය හිතං හිටියේ... මොනවා උනත් අසඩක් වාගේ තනෝජා නංගී ඉන්න එක මට ලොකු හයියක්... ඔය කාලෙට විශ්මි නංගිත් එන්නේ නැතෑ හති එහෙම ඇරලා... කවදාවත් ඔය බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්නේ නෑ...

RanDil said...

අනේ අයියා ඇත්තටම විශ්මියි නලිනුයි ඇයි නැත්තේ? මෙච්චර කල් නෑවිත් ඉන්නේ ඇයි? එහෙම ඉන්න පුළුවන්ද හැබෑටම?

තනෝජා රාජපක්‍ෂ said...

අසඩක් වාගෙ? මම නඩු අහන්න නෙමේ එන්නෙ... දැකල අඳුරගෙන, කථාකරල, දෙන දෙයක් කාල බීල යන්නයි.. හොදේ... :) (කන්න බොන්න පුළුවන් දෙයක් දුන්නොත්)

තිස්ස දොඩන්ගොඩ said...

@තනෝජා: ඇයි...? ඔබ නිතරම පරදින පැත්ත ‍තෝරනවානේ...

@රන්දිල්: මගුල් තුලාවකුයි, ඇට්ටෝං ගෙදරකුයි කියන්නේ සුලු ප‍ටු රාජකාරියක්ද...? කිලියෝපැතිරා වාගේ ඉන්ට හිතාන එළියට වත් බහින්නේ නෑ කියලයි ආරංචිය... මලයත් කාය සංවර්ධන සමිතියෙන් එළියට බහින්නේ කලාතුරකින්ලු...

RanDil said...

ආ ඒකත් ඒහෙමද? මං මේ කල්පනා කොලේ අපිත් ඒකාලේ එහෙමද කියලා. නැහැනේ වදේ.

තිස්ස දොඩන්ගොඩ said...

ආයේ වෙන්ට දෙයක් නෑ ඇන්නෑවේ කියා ඉන්ට ඇති...!!!

RanDil said...

ආ ඔය කියන්නේ ඔයාලාගේ අත්දැකීම වෙන්න ඇති කියලා පහන් සිතින් සිතා ගත්තා.

අපිට නම් වුනේ එහෙම පැත්තකට වෙලා නිස්කාංසුවේ ඉන්න බැරි කමයි. බොහොමයක් දේවල් සඳහා එහෙ මෙහෙ දිව්වේ අපි දෙන්නාමයි.

චේජනා said...

පු‍ටුවක් ම ඕනෙ නෑ මම ආවොත් බිම හරි වාඩි වෙනව... මොකද ජපානෙ කියල වැඩිය වාඩි වෙන්නෙම බිම නෙ...
නිමන්ති අක්ක ඔයා යන බව මම දැනන් හිටියෙ නෑ නෙ.. ශෝක් නෙ...
(ඒත් ඉතින් තාම මම නම් planning stage එකේ..)

කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු දෙකක ම විත්තිකාරය වුණ මම ආයෙ නම් ඕවට නම් නෑ..අක්ක මොනාහරි කන්න බොන්න දෙන්නෙ නැතෑ... ඒ ටික කාල බීල යනව...තනෝජ අක්ක වගෙ...

nimanthi said...

හනේයි ඉතිං චේජනාට වගේ මට එක පුටුවක් මදිනේ..
මගේ ලමයි දෙන්නා කාට බාර දෙන්නද...ඕවට යනවා කියලා?.මට ඉතිං පුටු තුනක්ම ඕනේ..දෙනවානම්...
@චේජනා
බොහෝ විට ඊලඟ මාස දෙක ඇතුලත...මම ගියා..හ්ම්ම්ම් එතකොට ඉතිං බ්ලොග්, කමෙන්ට්ස් මොකුත් නෑ කාලෙකට..
ආපහු එනකොට නම් අපිව අමතක වෙලා තියෙයි නේ.. වැඩි දෙනෙකුට ;-(

චේජනා said...

අක්ක ඔයා ගොඩක් කල් ඉන්නවද එහේ...
දෙසැම්බර් වෙනකම්ම.. :)

චේජනා said...

මට නම් අමතක වෙන්නෙ නෑ... මම මේ නෙතු අක්කත් එනකන් මගබලන් ඉන්නෙ...

මාරයාගේ හෝරාව said...

අඩෙ රණ්ඩුවක් නම් මාවත් ගනිල්ලා...
ඇයි අපි කළුද..?(කාලෙකින් කණ්නාඩියකින් මූන බැළුවෙ නැති හින්දා මට හිතෙන්නෙම සුදුයි කියලා..)

තිස්ස දොඩන්ගොඩ said...

හහ් හහ් හහ් හා... ඔන්න "ගනු සටන එනු කඩුවට...!" මගේ සහයට අමර මාරයා...!
අප්පට සිරි ඒක කිව්වහම මතක් වුනේ අපේ සන්සරසිඳු මල්ලියාට මොකද වුනේ කියලා කවුරුත් දන්නවද... (ඔය පුද්ගලිකව තැපෑලෙන් සම්බන්ධ වෙන කට්ටිය පොඩ්ඩක් සොයලා බලලා දන්වන්නකෝ, කරදරයක්ද දන්නේ නැහැ... ඇසිඩ් තටාකයක පීනනවද දන්නෙත් නෑ...)

මාරයාගේ හෝරාව said...

මොනවා කියනවද තිස්ස අයියා..
මෙ ස්ත්‍රී පරාණවලට අයියාව බයිට් කරන්න දීලා මට බලන් ඉන්න පුළුවන්ද..?
එන්ට කියන්ට බලන්න කස්ටියට..?

තනෝජා රාජපක්‍ෂ said...

අනේ අපි මාරයාට බයයි... ඔයා එකපාරට ම මහත්තයයි, කෙල්ලො දෙන්නයි එක්කම එක්ක යනවනම් ඔන්න බය නැතෝ...

@තිස්ස අයියා: දැන් ඔයාට තනියට අසඩක්ටත් නොදෙවෙනියෙක් ඉන්නවානෙ.... දිනන පැත්තෙන් නේද පාටිය?

අපි පරාද වෙමුද නංගිලා? :) නැත්නම් කවද සටන් කලත් ඕක එක්ක (මාරයා) සටන් කරන්න වෙනවනේ කියල ඉස්සරහටම යනවදෝ?

priyantha.ඒබී said...

සිංදුව නම් ඇහුවේ අද. කලින් අදල නෑ වගේ තමා මතක. කොහොමද අය්යා ඔය පැත්තට මේ දවස් වල රස්නේ එහෙම වැඩියි නේද?

තිස්ස දොඩන්ගොඩ said...

ඔව් මලේ ගොඩක් පරණ සින්දුවක්...
රස්නය නම් කියලා වැඩක් නෑ centigrade 48 විතර එලියේ...
ඊට හපන් Humidity සමහර වෙලාවට එලියේ හුස්ම ගන්නත් අමාරුයි වාගේ...

nimanthi said...

විහිලු කරන්න එපා තිස්ස අයියේ ..
සන්සරසිඳුට මම මේල් එකක් දැම්මා ඒත් උත්තරයක් නෑ..
දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න..

@චේජනා
මම යනවා නම් යන්නේ දිගටම වැඩි කාලයක් ඉන්න බලාගෙන :-))

චේජනා said...

මාරය මොකටද වලිවලට එන්නෙ, තමන්ගෙ වැඩක් බලන් ඉන්නෙ නැතිව..: D
පාටිය දිනන පැත්තෙන් නම් කමකුත් නෑ හැබැයි.. ඒත් ඉතින් අය්යව නම් ෂුවර් නෑ.. අක්ක නම් කන්න මුකුත් දෙයි යන්න පුළුවන් වුණොත්...

ශෝක් නෙ නිමන්ති අක්කෙ, ගොඩක් කල් ඉන්න ලැබෙනව කියන්නෙ.

Jeewani said...

අනේ තිස්ස අයියේ මේ සින්දුව හොයා දෙනවද?
"සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා"
ත්‍යාගා එන් එඩ්වඩ් ගේ සිංදුවක්, හෙව්වා හෙව්ව‍ා අනේ හොයා ගන්න බැරි වුනානේ,ලොකු උදවුවක්

වැම්පයර් said...

http://www.mediafire.com/?zzhymz4fj5m

ජීවනී සහෝදරී.. ඔය ලින්ක් එකේ තියනවා.. හැබැයි ලයිව් මියුසික්! ඔරිජිනල් එක තියනවනම් ඕං තිස්ස අයියා මටත් ඕන..

වැම්පයර් said...

පරණ සීඩී ගොඩක් අවුස්සල ඕඩියෝ රිප් එකක් හොයාගත්ත.. හොඳ රිපර් එකක් තිබුනෙ නෑ.. wma ෆෝමැට් එකේ තියෙන්නෙ. අවුලක් නෑ. මෙතනින් ගන්න ...

http://www.ziddu.com/download/10825905/Audio.wma.html

අවුලක් තියේ නම් කියන්න...සීඩී එක පොඩ්ඩක් පනිනවා හොඳේ.. තැන් දෙකක විතර..

RanDil said...

AT JEEWANI,

HAVEN'T YOU DONE A GOOGLE SEARCH?

http://www.filestube.com/c485d829fca9531603e9,g/SENEHASA-RAN-SINHASANA.html

http://www.youtube.com/watch?v=0cZQ0HUC4M4

තිස්ස දොඩන්ගොඩ said...

ෂහ් ආසාවේ බැහැ... එක්කුස උපන්න උන් වාගේ උදව් කරන හැටි දැක්කම...
තමන්ගේ කාලයත් ස්‍රමයත් යොදවලා මෙහෙම කරන එක කොච්චර සතුටට කාරණයක්ද...?
මම හිතන්නේ මේ අර මිහිරි හඬින් ගී සින්දු ගයන කැන්ගරු දේශයේ ජීවනී නංගි වෙන්න ඕනේ...
රන්දිල් නංගිටත් වැම්පයර්ටත් බොහොම පිං... මොකද ඇයට ලඟදී රන්කැටි පුතෙක් ලැබුනා... ඒ මොලකැටියාව නලවන්න මේ ගී ඇයට උදව් වේවි...

වැම්පයර් මල්ලියේ... පරන සිංදු තියනවනම් මටත් දෙනවද...? දන්නවනේ කෑම සුවඳකට වාගේ පරන සිංදු වලට ඉව අල්ලන්නේ මං...

RanDil said...

පැංගෝ,

මේන් මේ ලිංක් එක බලන්න

http://www.youtube.com/watch?v=88_gtPK5xKw&feature=related

වැම්පයර් said...

එහෙමට නෑ තිස්ස අයිය. මොනවහරි ඕන එකක් තියේ නං කියන්න. තිබුනොත් දෙනව අනිවා. මම ගෙදර තිබුන පරන කැසට් ටිකත් රිප් කලා සති දෙකක් විතර අරගෙන. ඒ ටික දාපු හාඩ් එක හෑන්ඩ් ලගේජ් එකෙයි මෙහෙට අරන් ආවෙ බයටම. බඩු හෑව්.

wath said...

ටොක් ටොක් ටොක්.......

හද ගී පොත ලියන තිස්ස අයියගේ ගේ මේක ද???

අම්මෝ මම කොමෙන්ටු ලියන්න ආව දුරක් හැබෑට... මේ තිස්ස අයියා .. අයියා චැට් රෑම් එකක් වගේ මේක.. ගහගන්නව රණ්ඩු වෙනවා, යාලුවෙනවා, පාටි දෙනව...

අයියා ... අද හවසට සින්දුවක් හරිනේ එහෙනම් නේද ...

ගල්මල්-Coral said...

සෙනෙහසේ රන් සිංහාසන - ත්‍යාගා එන් එඩ්වඩ්

මේක ට්‍රයි කරන්න, මං හිතන්නේ මේක පරණ වර්ශන් එකක්:

http://www.mediafire.com/file/wwprnn04w172k14/Senehasa_Ran_Sinhasana.mp3

nimanthi said...

'උදෑසනම පොඩි අපි දිව එනවා..'
සිංදුව හොයලා දෙන්න පුලුවන්ද තිස්ස අයියේ මට..??

වැම්පයර් said...

රෝහණ වීරසිංහගෙ ප්‍රින්ට් එකත් තිබුන වගේ මතකයි. දැන් රෑ 12.55යි මට. හෙට උදේ බලමු ඒක. මේක විතරයි අහුවුනෙ.
තිස්ස අයියට ආපු ඒවට මම පැනල දුන්න කියල බනින්නෙපෝ... :(

http://www.mediafire.com/file/eku9fdtfd6a2cbj/Udasanama Api.mp3

nimanthi said...

බොහෝම ස්තූතියි..!! වැම්පයර් :-))
තිස්ස අයියේ ඔන්න බනින්න එපා වැම්පයර්ට හොදේ..:-)

ගල්මල්-Coral said...

@නිමන්ති:
"උදෑසනම පොඩි අපි දිව එනවා" ගීතය හම්බවෙලා තියෙනවානේ.

තවත් සිංහල ලමා ගී එකතුවක් තියෙනවා "~ළමා ගී~" නැමැති දන්න නංගි කෙනෙක් කරන බ්ලොග් එකක. විවේකයෙ බලන්න. එයා ගොඩාක් උත්සාහයෙන් කරන වැඩක්, පුලුවන් නම් පුංචි සටහනක් තියලා එන්න.

http://sinhalalamagee.blogspot.com/

කාලෙකට කලින් අමාරුවෙන් හොයාගත්, මගේ ෆොල්ඩරයක තියෙන:
මෙ රට මගෙ රට - නන්දා මාලිනි

http://www.mediafire.com/?ym33bdmqtra


English Children's songs collection තියෙනවා ඕන නම් කියන්න.

වැම්පයර් said...

මේක කොහොමද බලන්න..

http://www.mediafire.com/?tvzhdkgtana

ජීවිතේමල් said...

හප්පේ මේ සින්දුවනම් අහල නෑ. සින්දුවට වඩා හිත ගියා කතාවට. ටෙලියට. මොකක්ද ඒ ටෙලියෙ නම?
තිසා අයියා... තවමත් හොස්ස අගින් මැස්ස යන්න බැරිද? අපොයි සංසාරෙ

nimanthi said...

@ගල්මල්-Coral
බ්ලොග් එක මම බැලුවා..
මේ දීලා තියන ඒවත් අහන්නම් ..English ඒවා නම් වැඩක් නැහැ
අහන්න නැත්තේ සිංහල ඒවනේ.සිංහල සිංදු තමා මම හොයන්නේ.ස්තූතියි අයියේ..

@වැම්පයර්
බොහෝම ස්තූතියි..!!මේවා හොයලා දුන්නට..

@ජීවිතේමල්
මැස්සා..??මැස්සා නෙවේ හලෝ හුළඟක් වත් හමන්න බැහැ :D

RanDil said...

අනේ මංදා ඕක තමයි මොහිදින් බෙග් කියන්නේ හිනාවෙන් හෝ කථාවෙන් බැහැ මනින්නට මිනිසා කියලා. ෆොටෝ වලිනුත් බැහැ. මං හිතන් හිටියේ අර මරණ දැන්වීමේ වගේ ෆොටෝ දැක්කහම සාන්ත දාන්ත තීන්ත කුප්පියක් කියලා.

මෙයාව රට යවලා තියෙන්නේ ‍දෛවය හොඳට ප්ලෑන් කරලාද කොහෙද. නැත්තම් අක්කා සමහර විට මෙයාව දාලා ගිහිල්ලා වෙන්නත් පුළුවන් මේ වෙනකොට (මං නං දන්නේ නැතෝ උපකල්පනයක් පමණී මේ කියන දේවල් දැකලා හිතපු)

තිස්ස දොඩන්ගොඩ said...

@randil: ඇත්තටම කියන්න නංගී වෙන කෙනෙක් නම් මෙලහකටත් ගිහිල්ලා... ඒකයි මම් කියන්නේ දෛවය මට අතිශයින්ම කාරුණික වී ඇත කියලා.... මගේ ජීවිතයට සිදුවූ හොඳමම දෙයනම් ඇය මුණ ගැසීමය..

@ජීවිතේ මල්: "සිකුරු උදානය " නේද...? ඔය වත් මතක් කරලා තියෙන්නේ...

@ගල්-මල් + වැම්පයර් + නිමන්ති: බොහොම ස්තූතියි මෙතන රසාස්වාදනයට සුදුසු තැනක් කලාට...

nimanthi said...

අයියට ස්තූතියි..!! අපිට මෙහෙම ඉඩක් හදලා දීම ගැන...

දුකා said...

Shaa . . . niyama sanwaada mandapaya . .. ..
deen . . meka maarai ban . .
"කේන්ති ගන්න එකා ළඟම ලු සෙනෙහසත් තියෙන්නේ
දෙමළ බසින් මෙහෙමයි කියන්නේ "රෝසම් උල්ලවනක්කු පාසම් ඉරික්කුම්"
tisaage post ekath commnets tikath appaa . .meka nam hada geepothama tamai . . . hadawathe kotasak welaane dan . . .

Pali said...

අහ්..මේ අපේ ජීවණී නංගිද ඇත්තටම ඔය ත්‍යාගගෙ සිංදුව ඉල්ලලා තියෙන්නෙ? අනේ වාසනාවන්. මේ දවස්වල එයාට ගැලපෙනම සිංදුවක් තමයි...මේ එයා නම් :)

Jeewani said...

තිස්ස අයියා,
වැම්පියර්,
රන්දිල්,
ගල්මල්,
ු සහ මට මේ සිංදුව හොයා දුන්න ඔයාලා ඔක්කොටම
බොහොමත්ම ස්තුතියි!!!

ඩ්‍රැකී said...

මාර දෙයක්නේ,
මම ඉතාම කුඩා අවදියේ මේ ටෙලිය බැලුවා. මට ඒකෙ මතක එක ජවනිකාවයි. ඒකේ පාලිත අහනවා තව කෙනෙක්ගෙන්, ‘ඒකි මැරුණද ?‘ වගේ ප්‍රශ්නයක්. එතකොට අනෙකා කියනවා. ‘උඹ මහ පුදුම මිනිහෙක්නේ. කොළඹ ඉඳන් අහනවා තමන්ගෙ ගෑණි මැරුණද කියලා‘
ඒ වගේම ඒ කාන්තාවට තමන් දාලා ගිය සැමියා ගැන දැනෙන පාළුව හොඳටම නිරූපණය වුනා කියලා මතකයි. මම සෑහෙන කාලයක් තිස්සේ කල්පනා කළා මේ මම දැකපු කතාවෙ තේරුම මොකද්ද කියලා. තිස්ස මහත්තයගෙ මේ පෝස්ට් එකෙන් මගෙ මතකයෙ පූර්වාපර සන්ධි ගැළපුනා.
ගොඩක් ස්තූතියි ඔබට.

තිස්ස දොඩන්ගොඩ said...

ඒක ලස්සන කථාවක් ඩ්‍රැකී - රසවිඳීමත් සංයමයක් ඇත්තන්ට පමණක් කල හැකි දෙයක් නේද?

Post a Comment

 
Blogger Wordpress Gadgets