මායාදුන්න පුත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර [1581 - 1592] හෙවත් සීතාවක රාජසිංහ හෙවත් පලවෙනි රාජසිංහටත්, අවුරුදු පනස් දෙකක් රජකම් කල දෙවැනි රාජසිංහටත් [1635 - 1687] ප්‍රතිකාලුන්ට මුහුණ දීමට සිදුවිය.
පුරුතුගීසීන් මෙරටට ගොඩ බහින විට රජකම් කලේ මායාදුන්නේගේ මහප්පා වූ ධර්මපරාක්‍රමබාහුය. ධර්මපරාක්‍රමබාහුගේ අවෑමෙන් එක් බිරියක් හා එකගේ කෑ ඔහුගේ සහෝදරයන් දෙදෙනාගෙන් විජයබාහු රාජ්‍යපද ප්‍රාප්ත වන්නේය. අනෙක් සහෝදරයාවන පරරාජසිංහ හා එකගේ කෑ බිරියගේ අභාවයෙන් කීරවැල්ලේ කුමරිය විජයබා මෙහෙසිය වන්නීය. කලින් බිසවගෙන් ලැබුණු බුවනෙකබා, රයිගම් බණ්ඩාර හා මායාදුන්නේ පැත්තක තබා කීරවැල්ලේ කුමරියගේ දුවගේ දරුවාට රජකම බාර දීමට විජයබාහු කරුණු කාරණා සකස් කිරීම විජයබා කොල්ලයට මග පාදන්නේය.
බුවනෙකබා රජද පියා අනුව යමින් අත්තනෝමතික වීම මායාදුන්නේව අමනාප කිරීමට මගපාදයි. පුරුතුගීසීන්ගෙන් උදව් ඉල්ලීමට තරම් නිවට වන බුවනෙකබාහුගේ ක්‍රියාවලිය එක් පසෙකින් දොන් ජුවන් ධර්මපාල නම් බෑනෙකු බිහිකිරීම දක්වා දිවගියද අනෙක් පසෙන් රාජසිංහ කෙනෙකු බිහිකිරීමට හේතු භූත වූ බව අමතක නොකල යුතුය.
ප්‍රතිකාලුන්ට එරෙහිව කල සටන්, මුල්ලේරියාව හටන, දන්තුරේ හටන, බලන හටන, රන්දෙනිවල හටන හා ගන්නොරුව හටන නමින් ප්‍රධාන වශයෙන් හතරකි. මායාදුන්නේ බුවනෙකබාහු සමග කල ගුරුබැවිල හටනට පුරුතුගීසීන් සම්බන්දවන්නේ අනියමිනි.
කෝට්ටේ රජකල බුවනෙකබාහුගේ මරණින් පසු තම ඇණි ශක්තිමත් කිරීම සඳහා ගෝවෙන් දොන් ජීවන් අරික්කු හා පොන්සි පෙරේරා නම් පාදිලිතැන සමග විසාල සේනාවක් හා ආයුධ ප්‍රමාණයක් ලැබෙන්නේ බුවනෙකබා මුණුපුරු ධර්මපාල කුමරු දොන් ජුවන් ධර්මපාල නමින් අන්දෘෂ්ඨි වැලඳ ගැනීමත් යන අවස්ථා හා සමගාමීවය.
පලවෙනි රාජසිංහ රජතුමාට මුහුණදීමට සිදුවන්නේ පුරුතුගීසීන්ට පමණක්ම නොවේ. වීදිය බණ්ඩාර නිතර ඇති කල 'වීදියේ හටන්' වලටද අනේක ලෙස මුහුණ පාන්නට සිදුවන්නේය. සවැනි පැරකුම්බාවන් [1410 - 1462] කෝට්ටේ රජකම් කරමින් ඇතිකල විභූතිය, සාහිත්‍යාලෝකය මැකී යන්නට මේ නොනවතින සටන් හේතු වූවායැයි ද සිතිය හැක. වීදිය බණ්ඩාර යනු අසීරු අවස්ථාවලදී තමනට පිහිටවූ, ගම්බිම් නවාතැන් දී සැලකූ, හත්කෝරළයේ ඉරුගල් රාජ පරපුරේ එදිරිමාන්නසූර්‍ය රජද මැරවූ කෙනෙකි.
එහෙත් සීතාවක රාජසිංහයන් සත්කෝරලේ ආක්‍රමණය කර එදිරිමාන්නසූර්‍ය රජු මැරවූ අයට දඬුවම් දී, උපකාර කල අයට කළගුණ නොසැලකූ විට සිදුවන ව්‍යසන රට වැසියනට දැනගනු පිණිස අඬබෙර ලැවීය. අවසානයේ වීදිය බණ්ඩාරට ලැගුම් වන්නේ යාපා පටුනය. එහෙත් තම රටට ව්‍යසන කල විදිය බණ්ඩාරට එහි වුසූ දෙමළ ජනයා අතින් මැරුම් කන්නට වන්නේ තනිවම නොව අඹේපිටිය නයිදේ හා විජයපාල ආස්තාන කුමාරයා ඇතුලු තවත් බොහෝ දක්ෂ සටන් කරුවන් සමගින්මය.
මායාදුන්නේගේ අවෑමෙන් ලක්දිව බලය කෙමෙන් කෙමෙන් තරකරගමින් සිටි සීතාවක රාජසිංහ සමග දරුණු සටනකට ප්‍රතිකාලුන් පිලිපන්නේ දොන් ජුවන්ගේද සහය ඇතිවය. එහෙත් නිර්භය රාජසිංහ රජු පලමුව යුදට යැවූ වික්‍රමසිංහ මැති පැරදෙනු දුටද නැවත උපක්‍රම සකසා, අතුරුගිරි කෝරලය, නව යොදුන් කෝරලය, ගිරුවාපත්තුව, තිරික්කෝවිල, තිරිකුණාමලය, පස්යොදුන් කෝරලය, අනුරපුර, හලාවත මාතර ඈ නොයෙක් පෙදෙස්වල ජනයා එක් රැස් කොට විසාල බලමුළුවක් සාදා මුල්ලෙරියාවේ වාඩිලාගත් ප්‍රතිකාලුන්ව වටකොට පහර දිනි. දෙවැනුව, ඉසුඹුවක් ගැනීමට ඉඩ නොතබා තුමූම සේනාවක් ගෙන හදිසි ප්‍රහාරයක් දියත් කොට පුරුතුගීසීන්ට දරුණු පරාජයක් අත්කර දෙන්නේය. එහිදී රජතුමා සමගින් සටන පිලිපන් 'අත්තන්හරී අබය අලහප්පෙරුම විජයවර්ධන' මැතිදුන්ට දෙනවක පස්රට තෑගි ලෙස ලැබෙන්නේය.
නිර්මාණශීලී ගැමි කවියකුද වූ අලහප්පෙරුම කවියා යුද සේවයෙන් තම මෙහෙවර නිම නොකොට 'සීතාවක හටන' නමින් සිංහලයේ මුල්ම හටන් කවි සාහිත්‍යය අරඹන්නේ කවි 1120ක් රචනා කර ඉතිහාසයේ වැලලීමට තිබූ කාරණා රැසක් සිය ඇසින් අරුත්ගන්වා ග්‍රන්ථාරූඪ කරය. අල්ලක් දැන කන්දක් විලිලන්ට දතකන අද දවස පණ්ඩිතයන් මෙන් නොව ඔහු සිය කාව්‍යය නිමකරන්නේ නිහතමානීවවත්, අදීනවත් ලෙසය.
ලංකා ඉතිහාසයේ බටහිර ආක්‍රමණයට අතිශය නිර්භවූත් සාහසික වූත් ප්‍රහාරයක් එල්ලවන්නේ සීතාවක රාජධානි සමයේය. සෑම රජෙකුටම තිබෙන්නාවූ යම් දුර්වල කමක් ප්‍රයෝජනයට ගන්නාවූ අවස්ථාවාදීන් එමටය. රාජසිංහ රජතුමාට කුඩා කළදීම මුහුණු දීමට සිදුවූ අභියෝග නිසා එතුමාට ආරෝපණය වූ සැහැසි බව තුලනාත්මකව දකිනට නොහැකි වූ සංඝරත්නය නිසා හේ මලබාරයෙන් ආ අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල්ට ලංවිය. ශිව සමයද වැලඳ ගති. තමාට උදව් කල දක්ෂ සෙන්පතියකු වූද තමනට බොහෝ ජයග්‍රහණ අත්පත් කර දුන්නාවුද වික්‍රමසිංහ මුදලිඳුට වස දී මරා දැම්මවීය.
මාන්නප්පෙරුම මොහොට්ටාල නමින් අලුත් නම් ලත් මේ අරිට්ඨකී අවසන 1593 රාජසිංහ රජුගේ මරණින් පසු නවතින්නේ දොන් ජුවන් ලඟය. රූකඩයෙකු වන දොන් ජුවන් ලවා ලංකා රාජ්‍යයේ ඔප්පු තිරප්පු තමන්වෙත ලියවා ගැනීමට ප්‍රතිකාලුන් ක්‍රියාකල අතර 1597 දොන් ජුවන්ගෙ අවෑමෙන් කන්ද උඩරට හැර අනෙක් සියලු භූමිය අත පත් කර ගැනීමටද සමත්වන්නේය.
ප්‍රතිකාලුන් සිංහලයා මත ඇතිකල අධික පීඩනයට මෙකල නායකත්වය සපයන්නේ කොනප්පු බණ්ඩාරයන්ය. බලන දුර්ගයේදී බිහිසුණු සටනකින් විසාල ජයක් අත්පත් කරගන්නා හේ විසාල යුධෝපකරණ රාශියක් අත්පත් කරගන්නේ, විමලධර්ම සූරිය [1592 - 1604] නමින් දිවයිනේ පරමාධිකාරීවරයාව, යාපාපටුන, ගාලු, කොළඹ කොටුද මුදාගෙන, දෝන කතරිනාවද පාවාද ගනිමිනි!
නැවතත් ප්‍රතිකාලුන් තමනට නැතිව ගිය භාග්‍යය ලබාගැනීමට එන්නේ ජෙරනිමෝ ද අසවේදු ගේ නායකත්වයෙනි. බලන දුර්ගයේ දී කෙරුනු නොයෙක් බිහිසුණු සටන්, පසුබැසීම්, නැවත පහරදීම් වලින් නොසෑහෙන ලෙස සමන්විත විණි. විමලධර්මසූරිය රජුගේ අවෑමෙන් දෝන කතරිනාවන්ගේ සහය ලබාගන්නා හීරළුවකු වූ සෙනරත් නැමැති දුර්වල පාලකයා රාජ්‍යත්වය ලබයි.
පලවැනි රාජසිංහ අනුගාමික නිකපිටියේ බණ්ඩාර 1616 දී සත් කෝරලේ කැරළි අරඹන්නේ මේ දුර්වල පාලනයට හා දිනෙන් දින ඉහල යන පූරුතුගීසි බලයට එරෙහිවය. Antonio Bocrro නැමැති පුරුතුගීසි ඉතිහාසඥයා පවසන්නේ ලක් දනන්ගේ අසහනකාරී මානසිකත්වයට හේ කොතරම් හොඳින් නායකත්වය දුන්න්නාද යත් දින 80කින් මුලු දිවයිනේම ජනයාගේ නතුභාවය ලබාගන්නට හේ සමත්වුණු බවයි. සෙනරත් රජුගේ සෙනාංක භාර ප්‍රධානියා ලෙස අන්තෝනි බරෙත්තු හෙවත් 'කුරුවිට රාළ' පත් කිරීම සෙනරත් රජුගේ අඥාණ භාවය ප්‍රකට කරවන්නකි. හේ පසුව නිකපිටියේ බණ්ඩාර හා එක්වන්නේ සබරගමුව දක්වා කැරළි දිග්ගැස්සවීමෙනි.
සුභාෂිතය ලියූ අලගියන්න මුකවැටිතුමා පසුව දෘෂ්ඨීන් වෙනස් කොට ලියූ 'කුන්ස්තන්තීනු හටන' හී කථා නායක කුන්ස්තන්තීනු ද සා දෙවැනි වරට මෙරටට පාතබන්නේ මේ කැරැළි මැඩ පැවැත්වීම සඳහාය. දිගින් දිගටම ලක් රාජ්‍ය කොල්ලකෑම පුරුතුගීසීන් විසින් කරගෙන යන්නේ කන්ද උඩරට ආක්‍රමණය කිරීම පෙරදැරි කරගෙනය. දෙවැනි රාජසිංහ [1634 - 1687] හෙවත් සෙනරත් රජුගේ පුත් කුමරුන්, කන්ද උඩ පස් රට බලය ලබා ගන්නේ මෙවැනි වටපිටාවක් තුලය.
1638 දී පුරුතුගීසීන්ගේ බලවත් ප්‍රහාරයකට ලක්වූ දෙවැනි රාජසිංහ රජතුමා මහනුවරින් උපක්‍රමශීලීව පැනයන්නේ නුවරට ඇතුලු වූ සතුරන්ට සතරවටින් දොරගුළු දාගෙනය. නුවර ගිනිබත් කොට කොල්ල කෑ විශාල පුරුතුගීසී හමුදාවෙන් තිස් තුන් දෙනෙකු හැරෙන්නට සියළු දෙනාම බලන කන්දෙන් පිටවී යාමට තැත්කිරීමේදී රාජසිංහ හමුදාවට අසුව මැරුම් කෑහ. පුරුතුගීසි හමුදාවේ සිටි ලස්කිරිඥ්ඥා හේවායින් හෙවත් දේශීය කුලී හේවායින්ද ඔවුනගේ පුරුතුගීසි ස්වාමියා අත්හලේ මරණයට බියෙනි. හිස්ගෙඩි ගෙලින් සිඳ රණබිමෙහි ගොඩගස්වනු ලැබීය. රාජසිංහ රජ රාජ්‍යත්වය නැවත් ස්ථාවර කරන ලදී.
රාජසිංහ රජුගේ උඩරට හමුදාව, සාමාන්‍ය හමුදාව (අතපත්තු හමුදාව), යුධ හමුදාව හා අනිවාර්‍ය සේවා කොටස්වලින් සමන්විත විය. අතපත්තු හමුදාව සාමන්‍ය ගම් වැසියන්ගෙන් සෑදුනාවූ විය. විශේෂ සේවා සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙනා අගම්පොඩි හමුදාවක්ද උඩරට බලකායේ විය. පලවෙනි රාජසිංහ සමයේ මෙන්ම කලාව, සාහිත්‍යය, ආගම පිරිහීම දෙවැනි රාජසිංහ සමයේ පැවතීම තේරුම් ගැනීම අපහසු නොවේ. ඒ වෙනුවට හටන් කවි, ප්‍රශස්ති අතරින් පතර හෝ බිහිවීම අගය කල යුත්තකි. ඒ මන්ද යත් සාහිත කලා බිහිනොවන කාල වකවානුවක ඒ යුගයේ ඇවතුම් පැවැතුම් නශ්ඨාවෂේශව පවත්නේ මේ නිර්මාණ තුල නිසාය. රජතුමාගෙන් තාන්න මාන්න බලා අතිශෝක්තියෙන් වර්ණනාවන් සිදුවීම නොවැලැක්විය හැකි කරුණකි. එහෙත් රාජ්‍යත්වය ස්ථාවර කිරීමෙහි ලා ඒ අභීත රජවරුන් ගිය ගමන් මග තුල නිමැවූ මේ නිර්මාණවල ඇති ඒ නුගුණ පමණක් ඉස්මතු කිරීම නොමනා යැයි සිතමි.
පලවෙනි රාජසිංහට මෙන්ම දෙවැනි රාජසිංහට වැරදී ගියේ පෘතුගීසීන් එලවීමට ලන්දේසී සහය පැතීම නිසාය. පසුව එය වැරැදි තීරණයක් බව පැහැදිලිව ගියද ලන්දේසීන් සමග එකඟතාව රජතුමා පාඩු දරමින්ම නොබිඳි බව ප්‍රකටය. රජතුමාගේ රණශූරත්වය ප්‍රකට කරමින් කවි, සිලෝ, ප්‍රශස්ති ලියූ වන්දිභට්ටයින් අතර බුන්නෑපාන රාළ, බිංතැන්නේ සාමි, වේවැල්දෙනියේ මොහොට්ටාල, ඌවේ මොහොට්ටා යන අය බෙහෙවින් ප්‍රකටය.
රාජසිංහ නාමය වනමින් ලියූ රචනා බොහොමයකි. ඒ අතර, පැරකුම්බා සිරිත අනුව යමින් ලියූ 'පවන' හා 'රාජසිංහ වර්ණනාව' එයින් ප්‍රකටය. අඹන්වෙල රාළ මෙහෙයවූ නිලඹේ කැරැල්ලෙන් පසු රාජසිංහ රජතුමා හඟුරන්කෙත වාසස්ථානය කර දියතිලක පුර නැංවූ [1668] කාලයෙහි ලියැවුණු 'පවන' කෘතිය අමුද්‍රිතය. කාව්‍ය සාහිත්‍යයෙන් ගීත සාහිත්‍යයට ගත හැකි ගුණාංග මේවායේ ඇති බව කියැවේ. බටහිර ගීයෙහි ඇති 'කෝරස්' බඳු මුද්‍රප්පදයක්ද මේ කවි වල රඳවා ඇත්තේ ඒවා ගායනයෙන් රජතුමා පිනවීම සඳහාමය. 'ශ්‍රී නාමය', 'රාජසිංහ විරුදාවලි', 'පරංගි හටන', 'රජසිහ සිරිත' අනෙකුත් ප්‍රසිද්ධ රචනාවේ.
ඉස්තරම් ගණයේ භාෂා ඥාණයක් තිබූවෙකු යැයි සිතිය හැකි ඌවේ මොහොට්ටාල ලියූ කවක් පහත ටී එම් ජයරත්නයන් හා නීලා ව්ක්‍රමසිංහයන්ගේ මධුර හඬින් ගැයෙයි. එහි ඇති එක් පදයක් කාව්‍යයේ එක් පෙලක් ලෙස ලියැවී ඇත්තේ මාත්‍රා 52ක් පමණ එන පරිදිය:
ගීයෙහි මුල් පද 'රාජසිංහ සිරිත' කෘතියෙන් ගත් ඒවා ලෙස පෙනේ.
යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැව් නැගිලා - පරංගි
උන්නු මුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කෙරු කිසි බිසී ගාලා - කොළඹදි
කම්පලක් නැතුව සෙනගක් මරාදාලා
ලත් දනත් කියත් මහ සෙන් රට ගන්ටා - සතුරු
මත් වෙලත් දොඩත් වෙරි මත පෙන්වන්ටා
කත් ගෙරිත් මසුත් උන්ගේ පනයන්ටා - නැමද
රත් පෙලත් ඉඳිත් සියොගත බැරි වෙන්ටා
යුදයද නැංග - නෙතුරිඳු ගුම්ද
ලෙසට දිනින්ද - ගෙන පානේ
යුදට අනංග - සරගෙන ගුම්ද
කොඩි බැඳමින්ද - එයි රුසිනේ
නොතැකුම් රුදු - විරුදු අඩම්බර
නොතරම් කර - සිරිඳු උතුම් රඟ
සැතැපුම් සැදු - මහරු විකුම් බුජ
රණ මන්දිර බූපා
සතපෙම් කොඳ කිවිඳු - පියුම් වන
හිම ගිම් රිවි විලස - උදම් සහ
තැවැරුම් කර තෙදන - කොකුම් තෙන
දිගඹුන් පර තාපා
මනරම් යස කෙහෙළි - නොහිම් ලෙස
බිහිඟුම් දිගු යටග - නැගුම් කළ
සුරඳුම් තිලිනිසුරු - සුජම්පති
මනයොන් තුනු රූපා
සදහම් තෙල කෙසර - රැඳුම් වන
රණකුම් දිසි දඹදෙණි - ගම්පොල
දැදිගම් නගරාදිප - රම්යුර
නෘපසිංහ මහීපා
ඇසුරු කල පත පොත
• උඩරට නැටුම් කලාව - ජේ. ඊ. සේදරමන්
• සීතාවක හටන - මහාචාර්‍ය රෝහිණී පරණවිතාන සංස්කරණය
• රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
• දියතිලක නුවර - සෙනර්ත් බණ්ඩාර දිසානායක
• ලංකාවේ ලන්දේසි බලය - ආචාර්‍ය එස් අර්සරත්නම්
• සතර කෝරළේ ඓතිහාසික හා සාහිත්‍ය විමර්සනය- ජී. ආර් ගුණවර්ධන බණ්ඩා
• කෑගලු වර්ථාව - එච්. සී. පී බෙල්
• සීතාවක රාජධානියේ උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විමර්ශනයක් - මහාචාර්‍ය රිසිමන් අමරසිංහ
• Battle of Randeniwela 1630 AD - Sri Lanka Military Academy
පාඨකයන්ගෙන් ලැබුණු තොරතුරු
1. පෘතුගීසීන් හා ලංකාව | පරංගි කෝට්ටේ - මහාචාර්‍ය ටිකිරි අබේසිංහ
2. ලක්දිව ප්‍රතිකාල් ප්‍රයත්නය - සෝමපාල උඩකන්දගේ
3. Fidalgos in the Kingdom of Kotte (1505-1656) - O M de Silva
4. පළමුවන රාජසිංහයන් පිළිබඳ අප්‍රකට ජනකතාවක් - එම්.පී.පී.ගුණසිංහ
5. බැරැණ්ඩි කෝවිල හා පෙතංගොඩ උයන ගැන මග විස්තර - Thanoja's Dreams
සංස්කරණය 1
යුද්දෙටත් ඇවිත් සම්පූර්ණ ගීතය
[උපුටා ගැනීම සේදරමන් ගුරුන්නාන්සේගේ උඩරට නැටුම් කලාව කෘතිය - 1962/2014- එම් ඩී ගුණසේන]
යුද්දෙටත් ඇවිදින් සිදු පිට නැවි නැගිලා - පරංගි
උන්නුමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කෙරු කිසි බිසී ගාලා - කොළඹදි
කන්පලක් නැතුව සෙනගක් මරාදාලා
ලත් දනත් තැනින් කියත් මහසෙන් රට ගන්ටා - දෙමළු
මත් වේලත් දොඩත් වෙරිමත පෙන්වන්ටා
කත් ගෙරිත් මසුත් උන්ගේ කුණුපණයන්ටා - මෙහි
නැත් කිසිත් ජයක් යුධ කෙරුමෙන් උන්ටා
[පිට - 148]
නොමදින් විකුම් පාලා
සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමගින් එ ජනරාලා
සමිඳුන්ගෙ භුවි පාලා
සියසේ අතින් මියෙමින් ගියෝ යුදයෙන් ඇනුම් කාලා
රන්නා එ ලන්දේසී
මන්නා මෙලෙස පෙන්නා බලය පන්නාලීය සීසී
ගෙන්නා ඉංග්‍රීසී
දන්නා ඔවුන් ගෙන්නා බැඳල සෙන්නා අයට දාසී
[පිට - 27]

'එළු පාලි නොමදැන
බසින් සිංහල රැගෙන
මෙ සීතාවක හටන
කව් කල පෑය මනැන පමණිය'

"නොතැකුම් රුදු විරුදු අඩම්බර නොතරම් කර සිරිඳු උතුම් රඟ
සැතැපුම් සැදු මහරු විකුම් බුජ රණ මන්දිර බූපා"

අලහප්පෙරුම කවියාගේ කවි ටිකක් දාන්නකෝ බලන්න...
ReplyDeleteමධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ප්‍රාකාශිත සීතාවක හටන කෘතියේ මේ කවි ඔක්කොම තියේ දේශ් - රුපියක් 130 කට ගත්තෙ!
Deleteඒත් එකක් දෙකක් දමන්නම්
112.
වැඩමවා රජ දෙතුන් කට්ටුව අසාලා බස නොවලසා
අපට හදිකළ ඒකනායක මුදලි කඳුරේ අය රොසා
බාර කරවා එරුපු සෙනගට කරන්නට වද එවිගසා
නෑර කරවන ලෙසට ඒ වද බලා වැඩ සිටි නොවලසා
551.
කඳුකර කොස්ගමයන
වැල්ලවා ගම්පහයන
ඌව තුන්කිඳ සොබමන
ඇර පණිවිඩ අවුල්කරමින
876.
මුදලිවරු මෙලෙසින්
මහත් සතුරන් බිඳිමින්
කඩවත් මුර කරවමින්
ඇවිත් සීතාවකට පෙනෙමින්
1053
මාරුවලිය හුදලිය නිති ගෙන්නා
සීරු කරති හරඹට උන් දන්නා
මාරු වෙමින් වම දකුණට පන්නා
පේරු වෙලා රුපු කෙටුමට දුන්නා
හෙළ සංගීතයේ මිහිර.අගෙයි.
ReplyDeleteහේළි හෙළ හැඟුම්ද ගනිවු
Deleteහේළි හෙළ බසින් සුරැකෙවු
හේළි හෙළ වතින් සැරසෙවු
හේළි හෙළ බිමේ... හෙළ බිමේ...
ඹාර ඉතිහාස කතාවක් නෙ.
ReplyDelete*මාර
Deleteඹාර ඹඩුවක්නේ ඹයා
Deleteමේ දේශ්ලාගෙන් කොහෙ ගැලවෙන්නද ප්‍රසා!
Deleteකථාවේ අඩුපාඩු එමටයි - පොත පත කියවා විමසා ග්‍රහණය කරගන්න
ඒකනම් ඹාරයි තමා
Deleteඉතිහාසය ඉතාමත් ආසාවෙන් කියෙව්වා. විශාල මහන්සියක් ගන්න ඇති නේද ගීතයේ පද ලියාගන්න නිවැරදිව. ස්තුතියි ඔබට.
ReplyDeleteඒක ඇත්ත - පද ලියාගන්න වෙහෙසක් දැරුවත් 100% විශ්වාස නෑ පද පේලි ගැන
Deleteසුපිරි විස්තර ටිකක් තිස්ස අය්යේ ....ජයවේවා
ReplyDelete"ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්"
බ්ලොග් ලියන අපි මේ විෂයන්ට ආධුනිකයෝ සින්දු ඇනෝ
Deleteවඩාත් විමසා දැනගැනීම තමා හොඳ ක්‍රමය...
කීවත් වාගේ අපට පුලුවන් හැටියට කරමු - දොස් ඇත්නම් හදාගනිමු!
තිස්ස, මං කොහොමත් ඉතිහාසය කියවන්න කැමතියි. ඒ අතරිනුත් මේ ටික ආසාවෙන්ම කියෙව්වා කියුවොත් නිවැරදියි.
ReplyDeleteමට පොඩි කුකුසක් තියෙනවා ඔබ වීදිය බණ්ඩාර ගැන සඳහන් කොට ඇති ආකාරය ගැන.. සීතාවක රාජසිංහයන්ගේ මැරකම් ගැන ලිහිල් ප්‍රතිපත්තියක් පෙන්වන ගමන් ඔබ වීදිය බණ්ඩාර ඊට වඩා අපුල ලෙස දකිනවා. මට හිතෙන්නේ මේ චරිත දෙකම බොහෝ ආකාරවලින් සමානයි නේද? දෙදෙනාම අති දක්ශ රණ සුරුවෝ.. ප්‍රතිවාදීන් බියපත් කිරීමටත් යුද්ධයට වන් කල තම දිවි නොතකා සටන් කිරීමටත් මැළි නෑ. ඒ වගේම ඔවුන් හිතක් පපුවක් ඇති උනුත් නෙවෙයි. වැරදි කරුවන්ට ද්‍රෝහීන්ට මෙන්ම පරංගින්ටද අමානුශික දඬුවම් නියම කලා.. ඒ වගේම දෙන්නට දෙන්නා වගේම දෙදෙනාම පරන්ගීන් සමගත් බද්ධ වෛරයි. බොහෝ සටන් වලදීත් ජයග්‍රහණ ගෙනත් දී තිබෙනවා. අමතක කරන්න හොඳ නෑ බුවනෙකබාහු රජතුමා තමන්ගේ දුවව මරපු බෑණා වීදිය බණ්ඩාරට සමාව දීල ආපහු ගත්තේ ඔහුගේ මේ දස්කම් නිසා. ඔබේ කතාවේදී වීදිය බණ්ඩාරට යම් අසාධාරණයක් වී ඇතැයි මා සිතනවා.. අමනාප නෑ නේද?
මටත් නිකමට එහෙම හිතුණා
Deleteඔව් තනිව තනිව ගත්තම ඒක ඇත්ත - ඔබ දෙපල එක්ක එකඟ වෙන්න පුලුවන්
Deleteඒත් බලන්න ඕනෑ විසාල චිත්‍රයේදී රාජසිංහවරු මූණ දීල තිබ්බ තර්ජන
ගෙදරට විසඝෝර සර්පයෙක් ඇවිල්ලා එහේ මෙහේ දුවද්දී දවල් කෑම ප්‍රමාද වෙනවායැයි අරගල කිරීම ගෙදර සාමාජිකයින් නොකල යුත්තකි!
අහා.. අපූරු උදාහරණයක් සමඟ අපූරු ප්‍රතිචාරයක්.. ලියන්න හිතුනා දවසක වීදිය බණ්ඩාර ගැන වෙනම පෝස්ට් එකක් ඔබේ ප්‍රතිචාරය බල ගැනීමටත් එක්කම.. හ හා..
Deleteවීදිය බණ්ඩාර කෝට්ටෙන් පැන ගිහින් නැවතුනේ පාලින්ද නුවරනෙ.
Deleteආපහු කෝට්ටෙට එනකොට කෙස් බෑව තැන - කැස්බෑව ලු....
පිළි අන්දපු තැන -පිළියන්දල ලු...
ඒ දෙක අතරතුර තැනක නාන්න ඇති...
අහා.. එහෙනම් කැස්බෑව වැවෙන් හොඳට නා ගන්න ඇති. ස්තූතියි විස්තරේට.
Deleteදැනුම හා රසින් පිරි මේ ලිවිල්ලට බොහෝම පින් !
ReplyDeleteදොරත් අගුලත් දැක්වීමයි කලේ සමන්මලී - දොර හැර ඇතුලට යාම ඇත්තේ ඔබ අතය!
Deleteසෑහෙන්න මහන්සි වෙලා ලියපු අගේ ඇති ලිපියක්. මම බොහොම කැමති ගීතයක්.
ReplyDeleteලඟදි විජයබා කොල්ලය සහ සුනේත්‍රා හෙවත් අවිචාර සමය අරන් ආවා. අපේ ඉතිහාස පොත්වල අනුරාධපුර පොළොන්නරු යුගය තරම් යහමින් කෝට්ටේ යුගය ගැන ලියවිලා නැහැ නේද. යටත් වීමේ අලකලංචි අතර කාටවත් වෙලාවක් තිබිල නැතුව ඇති.
හසිත සහ බුරා ටැග් කරමි.
ඔව් අපේ ගමේ අහල් අපහල යම් යම් විස්තරත් ඔය පොතේ තියෙනවා..
Deleteරටවල් අල්ලන්න සූරයින් ආ නිසා සවැනි පැරකුම්බා මෙහෙවර ඉදිරියට ගියේ නෑ
හසිත හා බුරාලා දැන් මේ මකුළු දැල් බැඳෙන බ්ලොග් වලට එන්නේ නෑ ;-)
අයිස් තාප්ප, ධවල යාත්‍රිකයො, කඩු ෆයිට් සහ කුමාරිහාමිලා නිස බුරාට සසර කලකිරිලා විශ්‍රාම ගත්තා :)
Deleteරාජාවලිය පුරාම කුමාරිහාමිලාගෙ කේස් ඩී ජී එම් ;-)
Deleteඅතීතය නැවත නැවතත් සිදුවෙයි..
ReplyDeleteතරමක වෙහෙසක් ගෙන ලියූ දෑ එක පෙළකින්ම ඔබ අල්ලාගෙන..
Deleteඔබට හොඳ පරිකල්පනයක් ඇත..
වැඩක් ගත්තොත් වෙතිය යහපත :-)
තිස්ස අයියා , අපේ ගෙදරත් ඉස්සර විජයබා කොල්ලය පොතක් තිබුනා . ඒක පටන් ගත්තේ පටුනෙන් (පිටු ගිලිහිලා ) අවසානයෙනුත් පිටු කීපයක් තිබ්බේ නෑ . උම්මග්ග ජාතකේකුත් තිබ්බා . ඒක නම් පටන් ගත්තේ දෙවැනි පරිච්චේදයෙන්
ReplyDeleteඔබ කියූ පරිදිම ධර්මපාල කෙනෙක් මෙන්ම රාජසිංහ කෙනෙක් බිහිකලෙත් ප්‍රතිකාලින්මය ... ධර්මපාල නොසිටියානම් රාජසිංහ ද නැති වෙන්නට තිබුණි . එහෙනම් ප්‍රතිකාලින්ට වැඩේ ලේසි වෙන්නත් තිබුණි .
මේ රචනාව , ගේය නම් කිහිප වරක් කියවීමි ..මහත් රස වින්දෙමි ..ඒ ඇයි දැයි ඔබ දනී ...
බෙර හඬ අතරේ නැලවුනෙමි ...වෙනස් වන තාල අතරේ කිමිදුනෙමි ...ඒ අතර ඇති නිහඬතාවයේ දී දිගු හුස්මක් ගත්තෙමි ..
අවසන ඔබ ඇසුරු කර ඇති පොත් ලැයිස්තුව දුටිමි ...ආයෙත් නම් "කාලෙකින් මොකුත් ලිව්වේ නෑ නේද " යයි නොඅසමි
පොත් පත් ඕනෑනම් කියන්න
Deleteතැපෑලෙන් එවන්නම් - ඔව්වා ඒ හැටි මිල පොත් නෙවෙනේ
සී අයි ඒ එකෙන් කියනව අහගෙන හිටියා ටිකක් පරන වාර්ථා වැඩ සටහනක 'අපට තව 9/11ක් ඕනෑ' කියා
රචනාව බොහෝ අසම්පූර්ණය. ඇසුරු කල පොත් පත් සටහන් කලේ වුවමණාවක් ඇති කෙනෙකුට තව දුරටත් හදාරන්නට උදව් වේ යැයි සිතාය. මා ඒ සියල්ලම සම්පූර්ණයෙන් කියවා (හදාරා) ලියූවක් නෙමේ ජේ. පී. මේ සටහන. ගීය වටා ඇති පරිසරය තරම්ක් ඉස්මතු කිරීම පමණි කලේ.
මේ ගීයේ නාද මාලා ඔබත් මාත් එකලෙස රස විඳිනා බව ඉන්තේරුවෙන්ම දනිමි.
මේ ගීතයේ සමහර වචන නියමාකාරයෙන් දැනගත්තේ අදයි.
ReplyDeleteහප්පේ දැක්ක කල්. මං හිතුවෙ ස්වර්ගස්ථ වෙලා කියලා :)
Deleteසමහර වචන වල අඩුපාඩු ඇති ඉවාන්
Deleteඔව් නේනම් මමත් දුටුවේ නෑ වැඩිය ඉවාන්ව
ස්වර්ගස්ථ වෙන්න ඔන්න මෙන්න ගිහිං යන්තං බේරුනා , අර කළු අප්පුගේ දෝණි වගේ " එලොව ගිහිං මෙලොව ආවා " හිකිස්
Deleteඅර කිව්වත් වගේ , බොහොම රසවත් සාරඝර්භ ලිපියක්. බොහෝ දේ දැණගත්තා. ස්තූතියි.
ReplyDeleteපටළැවිලි, නොගැලපීම්, මගේ දැක්ම අනුව අර්ථ දැක්වීම් එක්කයි ඩී ජී එම් මේ ලිපිය ලියා ඇත්තේ..
Deleteඋවමනාවක් ඇතිවිට මූලාශ්‍ර වලටම ගොස් බලන්න...
කදිම වැඩක්. (Y) (Y) (Y)
ReplyDeleteස්තූතියි හංසමාලි
Deleteඉතාම වැදගත් ලිපියක්, ගොඩක් මහන්සියෙන් ලියලා. ඔබතුමාගේ මහන්සියට අපි හැමෝම ණයගැතියි. ගීතයේ අවසාන කොටස් හතර මොහොට්ටලගේ එක කවියක පද හතරද? කියල දැනගන්නත් කැමතියි.
ReplyDeleteඔව් ඒ කේ එම් එහෙම තමා දැනගන්න ලැබුනේ
Deleteතව අමතර කරුණක්: මූණු පොතේ මේක පල කෙරුවම සංගීතය හොඳින් උගත් මල්ලි කෙනෙක් මෙහෙම කියා තිබුණා. සිංහල ජන ගී වලට නුහුරු මේ දීර්ඝ මාත්‍රා වලට ආභාෂය ලැබුණේ කර්ණාටක සංගීතයෙන් කියලා - කවිකාර මඩුවේදී ගායනා කරන්න පුලුවන් විදිහට.
ඒත් මේ ටී එම් / නීලා ගීයෙහි කවුරු වුණත් දක්ෂ ලෙස අපූරුවට ඒක හතරට බෙදලා ජන ගී වලට හුරු පද හතරක් ලෙස ගැයෙනවා.
මේකේ සංගීතඥයා ගැන සොයාගෙන යනවා. ඔහු කවුරු වුණත් හොඳ දක්ෂයෙක්.
මේ වාගේ ප්‍රශ්නකිරීම් මට මේ වැඩේ දිගටම කරගෙන යන්න ලැබෙන ලොකු රුකුලක් ඒ කේ එම්. බොහොමත්ම ස්තූතියි ඒ නිසා.
සී ද එස් කුලතිලක වෙන්නැති.
Deleteමමත් අපේ රටේ ඉතිහාසය කියවන්න නොසෑහෙන මනාපයි...
ReplyDeleteහරි අපුරු ලියමන තිස්ස අයියේ, මටනම් ඉතිහාසය කියන්නේ ගොඩ වෙලාවට සංවේදී මාතෘකාවක්...
ලිපිය ලියන්න වෙලා තියෙන මහන්සිය හිතා ගන්න පුළුවන් පොත් ලිස්ට් එක දැක්කම.
මමත් ලංකාවේ ගංජා තහනම ගැන හොයල ලියන්න ගිහින් සමහර කරුණු හොයා ගන්න බැරුව පොඩ්ඩක් හැක් වෙලා ඉන්නේ... :)
එහෙම බැලුවම මේ ලිපිය වෙනුවෙන් ඔයා මහන්සි වෙලා තියෙන තරම හිතා ගන්න ඇහැකි.
මගේ හිතෙත් පොඩි කහටක් ඇති උනා තිස්ස අයියා විදියබණ්ඩාර කුමරාව පොඩ්ඩක් පැත්තකට කලාවත්දෝ කියලා...
(අනික මගේ බ්ලොග් එකේ ඇඩ්රස් එකත් ඒක වෙච්චි)
මිනිහ කරපු සමහර මෝඩ වැඩ තිබුනත් එකළ සිටි හොඳම රණ විරුවන් අතරින් ඔහු ගොඩක් ඉදිරියෙන් සිටි අයෙක් නේද...
(නමුත් ඔහුව ටිකිරි කුමරු අවුරුදු 16 දී පරාජය කල බවක් ඉතිහාසයේ සඳහන් වෙනවා වගෙත් මතකයි)
යාපනේ සිද්ධිය උනේ අපේ රටේ අවාසනාව නිසා,
ඒ වෙලාවේ සිංහලු දෙමලු එකතුවෙලා පෘතුග්‍රීසි හමුදා වලට එරෙහිව යුද්ධ කරන්න ලැස්ති වෙලා හිටපු වෙලාවේ රෑ වෙඩි බෙහෙත් ගබඩාවක් ගිනි ගැනීම නිසා දෙගොල්ලො අතරේ ඇතිවූ සැකයක් එම සටනට හේතුඋනාලු, මුලික කරුණ පැත්තක තිබියදී අපේ උන් මරා ගත්තා...
කෙසේ හෝ ඔහු වැනි යුධයෙහි දක්ෂයෙක් මැරුම් කෑවේ රටේ අවාසනාවට, (එහෙම නොවී අපේ උන් එකට හිටියනම් අද අපි මේ දකින හයිබ්‍රිඩ් එළ වස්සන් අපි නොදකින්නත් ඉඩ තිබුනා.)
මුහුණට මුහුණ යුධ කර ඔහු මරන්න බැරි නිසා ඔහු එවෙලේ පිට දී සටන් කරමින් සිටි සියඹලා ගස මුදුනට නැගී දෙමළුන් දෙන්නෙක් ඔහුගේ ඔළුවට කඩුවෙන් කෙටු බවක් තමයි මම අසා ඇත්තේ...
මේ පොත්වල ඔක්කොම කරුණු කියෙව්වේ නෑ ලොකූ
Deleteඒකෙන් මේ යම් යම් චරිත වලට අසාධාරණයක් වෙන්න හැකි බව පිළිගන්නවා...
මේ මාලඟ තියන පොත් - ඒකත් සීමාවක්!
මීට වඩා හොඳ මූලාශ්‍ර තව ඇති..
"මුලික කරුණ පැත්තක තිබියදී අපේ උන් මරා ගත්තා..."
අපේ රටේ සෞභාග්‍යය නැතිවෙන්න එදත් අදත් හේතුවෙන ප්‍රධාන කාරණයක් ඕක
අනෙක් එක තමා අපේ එකාට ගහන්න පරයෙක් හා හාද වීම...
ඒ පරයා එන්නේ අපට ආදරේට නොව වැඩියමක් කොල්ලකාගන්නත් එක්ක කියන එක නොතේරීම
මෙහෙම දක්ෂයෝ අදටත් ලංකාවේ විසිරිලා ඉන්නවා
මලල ක්‍රීඩාවලින් ජය ගන්නේ, නව නිමැවුම් වලින් අපේ රට ඔසවා තබන්නේ, රටට කරදරයක් වෙලාවට ඉදිරියට එන්නේ, බොහෝ මේ විසිරිච්ච කොටස් මිසක ලොකූ කීවා වාගෙම හයිබ්‍රිඩ් වස්සන් නම් නොවේ... අනෙක් වැදගත් කාරණාව විදිය බණ්ඩාරගේ දෘෂ්ඨියේ අවුලක් හින්ද ඔහුත් එක්කම ගොඩක් දක්ෂ මිනිස්සු අකාලයේ මැරුම් කෑව එකයි... ගැමුණු කුමාරයගේත් තිස්ස කුමාරයාගේත් හටනට භික්ෂූන් මැදිහත් වෙන්නත් හේතුව ඒකමයි!!
You are a great writer! Keep up your good work dodam
ReplyDeleteස්තූතියි රෝස මලේ හිම බිංදුව ;-)
Deleteමම ඔය දොන් ජෙරනිමෝ ද අසවේදු ගේ මල්වානේ තිබුනයි කියන බලකොටුව ගැන තමයි උසස් පෙළ කරද්දී තියෙන ප්‍රොජෙක්ට් එක කලේ. ඊට කලින් අපේ අක්ක ඔය ගැන විස්තර හොයල තිබුනා මොකක් දො වැඩකට. ඒ දවස් වල නම් මම ජාතික කෞතුකාගාරේ, ඒ පළාතේ තියෙන පරණ පන්සල් වල ඇවිද ඇවිද ඔය විස්තර හෙවුවා. දැනට නම් ඒ බලකොටුව තිබුන තැන කිසිම දෙයක් නෑ. ගෙයක් තියෙනවා ඒ ඉඩමේ. හැබැයි කැළණි ගගේ වතුර අඩු කාලෙට ඒ දවස් වල බලකොටුවේ තිබුණු කණු එහෙම මතුවෙනවලු.
ReplyDeleteමේ ටික කියවද්දී ඒ දවස් වල ඔය ඉතිහාසේ හොයපු හැටි මතක් වුණා.
ඔය කම්පලක් කියන වචනේ තේරුම මොකක් ද තිස්ස අයියේ?
මාර පොරක්නේ මෙව්වා කලා කියන එක සයන්ස්කාරයෙක් ඈ?
Deleteඑක්කහු කරපුව නැද්ද අක්කයි මල්ලියි ගාව මොනවා හරි ලියාලා?
කම්පලක් කියන්නේ කර්‍මපල, පින් පව් කියන එක නැතුවනේ..
කම්පලක් නැතුව සෙනගක් මරාදාලා කියන්නේ පිනක් පවක් ගැන හිතන්නෙ නැතිව අහේතුකව ඝාතනය කලා කියන එක වෙන්නෑති
පෘතුගීසීන් බලවත් වෙන්න ඉස්සෙල්ල ඇත්තෙන්ම පෘතුගීසීන් රට අල්ලගන්න හැදුවට වඩා කලේ වෙලඳාම හා ආගම් ව්යාප්තිය. මුලින්ම වෙලඳාම විතරයි. ඒකාලෙ සිංහල පෘතුගීසි යුද්ධනෙමෙයි තිබුනෙ. ප්‍රාදේශීය හා පවුල් බල අරගලවලට පෘතුගීසින්ව යොදා ගැනීමයි වුනේ. ඔය පාර්ශවයන් දෙකම පෘතුගීසීන් යොදා ගත්ත. මුලින් වීදිය බන්ඩාර බුවනෙකබාහුගෙ හමුදා පෘතුගීසි ආධාරත් සමග මායාදුන්නෙට විරුද්ධව මෙහෙයවූව. පසුව වීදියෙ බන්ඩාරට විරුද්ධව එක කැම්පේන් එකකදි මායාදුන්න හා ටිකිරි කුමාරය පෘතුගීසීන් එක්ක එක් වුනා.
ReplyDeleteඒකාලෙ දේශපාලනය දැන් ඇසෙන් හෝ අඩු ගනනෙ පසුව ඉන්ග්‍රීසින්ට විරුද්ධ අරගල වල දෘශ්ටි කෝණයෙන්වත් මනින්න බෑ. පෘතුගීසිකාලෙ ආගම ජාතිය හෝ ජාතිකත්වයට වඩා බලපෑවෙ ප්‍රාදේශීය සහ/හෝ රජ පවුල්වල බල අරගල මුල්වූ දේශපාලනය
හොඳ ප්‍රතිචාරයක් ප්‍රාජේ
Deleteමාත් එකඟයි ඔබ කියන කරුණු වලට
ඒත් මායාදුන්න කියන්නේ නම් රාජසිංහට වඩා ගොඩාක් දූර්දර්ශී කෙනෙක් කියලයි පේන්නේ පොත පතෙහි තියන විස්තර වල අනුව
වීදිය බණ්ඩාරවාගේ කෙටි කාලීන හදිසියකින් වැඩ කලේ නෑ කියලයි තේරෙන්නේ
දැන් අපිට ඉතිරිවෙලා තියන අයිතිහාසික සාධක අනුව හිතාගන්න පුලුවන්
Deleteමායාදුන්නෙ - A cunning and highly ambitious politician/ clever and devious statesman
රාජසිංහ - A ruthless and cruel King/ brilliant strategist in war / Inspiring and tenacious general in battle
වීදියෙබන්ඩාර - A reckless, highly egoistic and brave warrior/ inspiring leader in battle
පෘතුගීසීන් - පසුව ආ ලන්දේසි හා ඉන්ග්‍රීසි මෙන් නොව මද්යතන කාලයේ පරණ ස්ටයිල් එකේ පුද්ගලික නිර්භීතබවෙන් personal bravery ( ඒ කාලයේ හුඟක් සොල්දාදුවන් මෙන් කෑදරබවෙන් හා කෲර බවෙනුත් ) ඉතා ඉහල දක්ශ සටන් කරුවන්
ඔය කිසිවෙක් ගැන අපේ කාලයේ values, දේශපාලනය, ජාතිකත්වය හෝ හැඟීම් වලට අනුව මැනල නිගමන වලට එන්න බෑ.
අයිතිහාසික පුද්ගලයින් හෝ කණ්ඩායම් ගැන පුලුවන් ඒකාලයේ context එක ගැන හිතල අදහසක් ගන්න විතරයි
හෑබෑව...
Deleteඒකාලේ context එක ගැන අද කාලෙ ඉඳන් හිතන එක තමා වැඩේ ඒත්.. :-)
අද කාලෙට වඩා වෙනස් කියලවත් හිතාගත්ත හැකිනෙ? :-D
DeleteFidalgos in the Kingdom of Kotte (1505-1656) - O M da Silva Cosme 1990
හොයා ගන්න සබ්ජෙක්ට් එකට ඇත්තටම ආසනම්
මේ ඔක්කොම ටික පෝස්ට් එකේ පහලට ආයෙම එකතු කරනවා...
Delete[මට බුරාගෙ අඩුපාඩුව මග හැරෙනවා ප්‍රාජේ හින්දා - ස්තුතියි ඈ!]
බුරාගෙ අඩුව මගෙන්නම් පිරිමහන්න බෑ තිස්ස. පොඩි කාලෙ කියවපු පොත්වල පැසේජස් ගෙඩි පිටින් මතකයෙන් ලියා දාන එක මට හීනෙන්වත් හිතාගන්න බැරි හැකියාවක්.
Deleteඅනිත් එක මං ඔය සමහර රටවල හා සමහර කාලවල ඉතිහාසය විනෝදාංශයක් විදිහට හදාරනව, සමහර විෂයයන් ගැන Fiction and Non-fiction පොත් කියවනව විතරයි . බුරා වගේ විශේෂඥ හා පුළුල් සාහිත්‍ය දැනුමක් නෑ.
ඒක නෙමෙයි බුරා කමෙන්ට්කරන්නවත් එන්නෙ නැද්ද?
( පෘතුගීසි සමය ගැන වෙනත් කතෲන් සමහරක් - Paul E . Peiris, Joao Ribeiro, Fernao Queroz, K. M. de Silva).
ඒක නේන්නං - එන්නෙම නෑ නෙව.. :-(
Deleteදැනුම වාගෙම හාස්‍ය රසයෙනුත් අනූනයි උන්නැහෙ ප්‍රා ජේ වාගෙම..
වෙන මොහොක හරි ඉහ ගහගෙන ඇති!!
පළමුවන රාජසිංහයන් පිළිබඳ අප්‍රකට ජනකතාවක්....
ReplyDeleteඕපනායක මාලියද්ද වෙල්යායේ සිට හුණුවල දක්වා බිහිසුනු සටනක් !
මේ යුද්ධය ගැන මෙන්ම පලමුවන රාජසිංහයන් පිළිබඳවද මේ ඇසෙන කතාව මෙතෙක් නොඇසූ අප්‍රකට පුවතක් හෙලි කරන්නකි. උග්ගල් අලුත්නුවර ජනශ්‍රැතිය අනුව 16 සියවස අවසන් භාගයේ ඕපනායක මාලියද්ද වෙල්යායේ සිට හුනුවල වෙල්යාය දක්වා පැතිරගිය බිහිසුනු සටනක් ගැන විස්තරවන එහි හුණුවල පේරස් ඇලේ නම හැදුනු ආකාරය පිළිබඳවද අපූරු පුවතක් හෙලි කරයි. මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න කපු නිළමේතුමා පවසන උග්ගල් අලුත්නුවර දේවාලය ගොඩ නැගීම පිළිබඳ කතාවේ 3 වන කොටස සේ ඉදිරිපත් කෙරේ.
https://sugv.wordpress.com/2012/06/13/%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3/
මේ වෙබ් අඩවිය හරිම අපූරු තොරතුරු තියන තැනක්
Deleteවර්ඩ්ප්‍රෙස් නිසාද මන්දා එතැනට යන පිරිස් අඩුයිද කොහෙද
එතන තියෙන්නේ ලේසියෙන් සොයාගන්න නැති තොරතුරු
ස්තූතියි මෙතන ඒක දැම්මට - යන එන අයටත් බලත හැකි!
මට සත්‍යම ඉතිහාස කතාව ඕනා වීදියේ බන්ඩාරගෙ එ් කියන්නෙ පොඩිකල සිට මියැදෙන කාලය දක්වා ඔහුගෙ ක්‍රියා හා හැසිරිම් රටාව
Deleteඇත්තටම වටින විස්තරයක් අය්යේ.. කොහොමත් කොතනදීත් දෙගොල්ලකගේ ඇණ කොටා ගැනීම් නිසා ප්‍රයෝජන ලැබෙන්නේ තවත් කෙනෙකුට තමා..
ReplyDeleteමේ ඉතිහාස ප්‍රවෘත්ති 100% නිවැරදිව නොදන්න නිසා හරියටම මුකුත් කියන්න බැහැ.. ඒත් ආසයි ඒවා දැනගන්න.. අපි පහුගිය දවසක ගියා අපේ ගම් පළාතේ ඇවිදින්න.. ඒ ගැන මම ලිව්ව විස්තරෙත් මෙතන අමුණනවා ඕන්...
thanojar.blogspot.com/2015/02/91.html
සීතාවක උපන් සීතාවන ජීවත්වන මා සිතාවක ගැන 100% හෝ 50%ක් වත් නොදන්නා බව නම් දනිමා...
අනේ මන්දා.. අයිය ලිපිය පල කළ දාම කමෙන්ට් කළත් ඒ කමෙන්ට් එක පලවුනේ නැති දෙවන වතාව මේක..
ඉතිහාස ප්‍රවෘත්ති නම් කවදාවත් 100% දැනගන්න ලැබෙන එකක් නෑ නංගී...
Deleteසීතාවක, හේවාගම් කෝරලේ එහෙම කියන්නේ ඉතින් එදත් අදත් වැඩකරුවො ඉන්න පැත්තක්නේ
Dear Tissa I hope you won’t mind if I make a slight correction. Veediya Bandara was initially welcomed in Jaffna Sankili but later killed by him, apparently because both of them were impulsive people with short tempers. Perhaps you might want to read පෘතුගීසීන් හා ලන්කාව & පරන්ගි කොට්ටේ by Prof Tikiri Abeysinghe or ලක්දිව ප්රතිකාල් ප්රය්ත්නය by Somapala Udakandage Their assessment of Veediya Bandara is more generous
ReplyDeleteබොහොම ස්තූතියි මේ අදහස් වලට...
Deleteමේ පොත් දෙකම සොයාගන්නම් මම
1. පෘතුගීසීන් හා ලංකාව | පරංගි කෝට්ටේ - මහාචාර්‍ය ටිකිරි අබේසිංහ
2. ලක්දිව ප්‍රතිකාල් ප්‍රයත්නය - සෝමපාල උඩකන්දගේ
හේමපාල මුනිදාස ලියපු විදියෙ බණ්ඩාර ගෙ චරිතාපදානය මතක් උනා. මටත් හිතෙන්නෙ දෙන්නම රණ ශූරයො. දෙන්නටම හුදෙකලා ඒ වගේම එකම අරමුණක් තිබුණා. සන්ධානගතවීමේ ප්‍රශ්නයක් සහ වෙන වෙන පෞද්ගලික චරිතය සම්බන්ධ ගැටළු නිසා මිස, ලංකාවෙ නාවික ශක්තිය දියුණු කරගත්තා නම් දෙන්නාගෙම අරමුණ ඉටු කරගන්න ඉඩ තිබුණ බව මගෙ හැඟීම.
ReplyDeleteඩ්‍රැකී පොතේ සම්පූර්ණ නම තියේනම් මෙතන දාන්න.
Deleteලිපියේ අඩියේ මෙහෙම ලැබුණු විස්තර සටහන් කරනවා...
හැමදාමත් රටේ දියුණුවට බාදා කලේ ඔය ප්‍රස්න තමා ඩ්‍රැකී..
ජාතික දුර්වලතාවයක් මගේ හිතේ...
කුවේණිගෙ කාලේ ඉඳන්ම එන ;-)
මෙතැනට එන්න ලැබුණේ අහම්බෙන් ඉතාම විශිෂ්ටයි සුබපතන්නෙමි
ReplyDeleteගුණසිංහ මහත්තයගෙ ලිපි ලේඛන තරම් සාරගර්භ නෑ කියලා මම අවංකවම කියනවා මගේ ලිපිය..
Deleteඒකයි ඔබේ ලිපියටත් සබැඳියක් දැම්මේ...
එතැන බොහොම සාරගර්භ තැනකි!
සා,පෙට සංගිත කරන කාලේ අපේ පාසැලේ සංගිත කරපු සර් මේක බැන බැන අපිට කට පාඩම් කෙරෙවුවා.ගිරව් වගේ කට පාඩම් කලාට දැනුයි විස්තරය හරියට දන්නේ.ස්තුතියි ටිස්ස අයියා....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනර්ඝ විස්තරය්ක් තිස්ස අයියා.මේ ගීතය ඩබ්.එෆ්.විමලසිරිත් ගැයුවා නේද?
ReplyDeleteඅපූරැ විස්තරයක් ස්තූතියි ඔබට
ReplyDeleteඔබට ස්තූතියි මේ පිළිබදව දැනුමක් ලබා දුන්නට..
ReplyDeleteපුළුවන් නම් තව ලිපියක් සීතාවක සටන්කවි ගැන ලිය්න්න තිස්ස අයියේ...👌👌👌
ReplyDeleteඔබට ස්තූතියි මේ පිළිබදව දැනුමක් ලබා දුන්නට..
ReplyDeleteඔබට ස්තූතියි මේ පිළිබදව දැනුමක් ලබා දුන්නට..
ReplyDeleteකොන්ස්තන්තීනු හටනේ කවි තිබේ නම් කිහිපයක් යොමු කරන්න
ReplyDeleteමහාචාර්‍ය රෝහිණී පරණවිතාන ලියූ "කුස්තන්තීනු හටන" (ගොඩගේ 2006) සංස්කරණයෙන් උපුටමි
Delete1.
බසක අරුත මෙන
වෙනස නොම පෑ පවතින
පිති පුත් වීදි යන
තෙවක් එක්සුර වඳිම් අදරින
10.
එතුවක් සිට දුහද
කීපයක් පෙරලිත් තද
සමන්න කර යුද
ජනතුමන් සිව්දෙනෙකු නිමි සඳ
27.
අන්තොනි බරෙත්තුත්
පෙරළි මැතියන් ඇවොමත්
එදෙස බද වන්නිත්
එක්ව උනුනුන් වෙමින් එක්සිත්
44.
සැදි කොවේ මාවේ
පුරවර ලුවිස්බෝවේ
මහරජුට සේවේ
පිණිස ඇවිදින් සිය ගෝවේ
96.
කලිඟු තෙලිඟ කන්නඩි උරුමූසී
කවිසිකබිසි අරාබි ඉස්බාසී
ජාවක කොංගන සීන පරාසී
නික්මුණු අවි ලෙළවා බැණවාසී
189.
රජු දිගා වේවා
රුපුනට නිගා වේවා
සිරි ලඟා වේවා
සිරින් මුළු ලොව වගා වේවා
යෙසුස් කිරිස්තූ
Deleteදෙවි සමයටම පත්තූ
අන්තොනි බරෙත්තූ
නමැති සෙබලෙක් නුගුන යුත්තූ.
විසිත් වියන් වට තිර ඇද
දිමුත් එසුර විමනක් ලෙද
බරෙත්තූ මැතිදුගෙ විමනද පොරොත්තුවම ගිනිලූ සෙද.
මතක තිබුන කවි දෙකක් විතරයි ලිව්වෙ. දොඩංගොඩ විද්වතා මේ හටන් කාව්‍යයෙ ප්‍රමුඛ චරිතයක් වන අන්තෝනි බරෙත්තූ ගැනත් ටිකක් හොයල බලල ලිව්වනම් තමයි වටින්නෙ.
Bhuvanekabahu Mayadunne Saha Rayigama Bandara Vijayabahu rajugema puthun bawa Seethawaka hatane sandakan wee thibeda ?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමගේ ආච්චි වික්‍රමසිංහලා මට පොඩි කාලේ ඔය සීතාවක ඒ අය රජකලා කියලා කතා කියලා දීලා තියේ.මන් දැන් ඒ ගැන හොදටම හොයනවා.මට පුලුවන්නම් වික්‍රමසිංහ මුදලි කවේ කවිටික ලබා දෙන්න පුලුවන්ද
ReplyDelete