අයියණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්..

මට දැනුන හැටියට පුදුමාකාර ලස්සන ගීයක් මේ... හැත්තෑව දශකයේ ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය අලංකාර කල තවත් ජනගීයක්... ඒවාට වැඩි හරියක් පණ පෙවූ ටී එම් හා නීලාගේ හඬින්... අපේ ජන ගී ඇසුරෙන් හා නවතම අත්හදා බැලීම් වලින් සමන්විත වුණු "පර්යේෂණ ගී" නමින් බිහිවුණු ගී ගොන්නට ආචාර්‍ය සී ද එස් කුලතිලකයන් විසින් නිර්මානය කරන ලද ගීයක්.... ගීයේ පදනම ඹමර කැඩිල්ල... බලමු කොයි තරම් අව්‍යාජවට ඒ හැඟීම් ප්‍රති නිර්මාණය කරලා තියනවාද කියලා... මටනම් හැ‍ඟෙන්නෙම නෑ මේ ගායක ගායිකා යුවලක් කියලා.... එක තැනක්දී නීලා "හයියෙන් අල්ලන් අයියේ වැල් තොටිල්ල..."යන්න නොඉවසිලිමත් අයුරින් ගයන්නේ.... හැබෑවටම කෙනෙක් වැල් පොටේ යන්න වාගේ... හිතා මතාම කලාද කියා තේරෙන්නේ නෑ... ඒ වගේමයි අවසන් හරියේදී අද අපට පැණි නොදෙයිද යන්න බොහෝ දුක්බරවත් ගායනා කරනවා... මං අසා ඇති ගී අතරින් අසාමාන්‍යම ගීයක් හැටියට මම දකිනවා... පපුව හිරකරන ශෝකී රාවයක් හෙමීන් නැගෙන බටනලා හඬේ තියනවා... "අපේ ජනගීයේ ස්වර කීයද ඇත්තේ... ඒවායින් මොනවද කලහැකි නිර්මාණ..." යැයි කියූ කේමදාස ශූරීන් මෙ ගී නාසා තිබුනාදැයි මම කියන්න දන්නේ නෑ... එහෙම නැතිනම් සංගීතය හදාරපු නැති මං වාගේ අයට හොඳින් ගෝචර වන ගී මේවා වන්නටත් පුලුවන්... බලන්න ඔබටත් රස විඳින්න පුලුවන්ද කියා මේ ගීය....

බැද්ද වටට සුදු මොරමල් පිපීලා...
සද්ද කර ඒ ඹමරු ඒ වග කියාලා...
ඉටීත් පැණීත් ලොව සැමටම බෙදාලා....
යන්නාන් ඹමරු දුක් මැසිවිලි කියාලා...

කන්දේ දෙයියන්ට පින් දීපන් නැනෝ...
පින් දෙඤ්ඤං අයියන්ඩී පින් දෙඤ්ඤංකෝ...
කොල අතු කපාලා එල්ලන්කෝ නෑනෝ...
එල්ලඤ්ඤං අයියණ්ඩී එල්ලඤ්ඤංකෝ
අයියාණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්...
මාද්දේ ගලට වැහි වැහැලා.....
අයියණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්...

ඹමරුන්ගේ සුවඳ හෙල වටේට...
උන්ගෙන් ඇති වරදක් නෑ අහිංසකයි...
හයියෙන් අල්ලන් අයියේ අයියේ වැල් තොටිල්ල...
කන්දේ දෙයියන්පල්ලා එල්ලෙඤ්ඤංකෝ...
දුක් මැසිවිලි කියාන්නේ කාටද ඹමරෝ...
සැමැදා අපට දෙන පැණි අද නොදේදෝ...
දුක් මැසිවිලි කියාන්නේ කාටද ඹමරෝ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....

55 ප්‍රතිචාර:

චේජනා said...

බඹර කැඩිල්ල ගැන දැක්කම ඉස්සෙල්ලම මතක වුණේ බඹර කවි, O
ඕලෙවල් කාලෙ ඉගෙනගත්ත කවි, කොහොමටත් බඹර කවිවල තියෙන්නෙ හරිම දුක හිතෙන රසයක්, ගොඩක් ජනකවිවල වගෙම, බඹර කඩන එක ගොඩක් අනතුරුදායක නිසාත් වෙන්න ඈති,

Chanaka Aruna Munasinghe said...

බඹරු කිවුවම මටනම් මතක් වුණේ සීගිරිය.
ඒක නෙවෙයි අහල තියෙනවද "යකිනි බලිය" කියන වචනෙ

Shadow/හේමලයා said...

ජන ගී වල තියෙන උසස්ම ගුණය නම් ඒවාට මිනිසුන් තුල වූ අවංක අදහස්, සිතිවිලි මොනවට කියා පෑමට ඒවාට ඇති හැකියාවයි...බඹර කවි මෙහෙ ගී ගනයට වැටෙනවා විය යුතුය.....එම රැකියාවේ ස්වභාවය,දුක,බිහිසුණුකා ඒවා මනාව කියාපායි....

චූටි මල්ලි සහ සහෝදරයෝ said...

මේ සිංදුවේ තාලය පොදු ගැමි තාලයක්, අහනකොට මොකක්දෝ පාලු ගතියක් දැනෙනවා. මේ වගේ නිර්මාණ අද කාලේ නෑ

http://www.chootymalli.tk/

Chandanie said...

Thanks Tissa. Haven't heard this for a long time.
Love the melody and the words.

තිස්ස දොඩන්ගොඩ said...

@චේජනා: ජනකවිය මට හිතෙන්නේ ඒ කාංසිය, බිය, තෙහෙට්‍ටුව, ඔක්කොම මග හැරගන්න සිරුරේ ස්වාභාවික රිද්මයක් එක්ක නිමැවුණු ඒවා කියලයි....
අද කාලේ ඔය ඒරොබික් මියුසික් කියලා තියෙනවා වගේ...

@චානක: කලින් වතාවේ වාගේ කියමුකෝ මකරෝ... මම අහලා නෑ...

@හේමලයා: අන්න හරි හේමලයෝ... හරිම නිර්ව්‍යාජයි නේ...

@@Chandanie: You are always welcome Madam... I know you love these...

Chanaka Aruna Munasinghe said...

යකිනි බලියවල් කියන්නෙ බඹර කපන අය අත නොතියන බඹර වද ජාතියක්. ඒවා අයිති දෙවියන්ට/ නෑ යක්කුන්ට. සීගිරියෙ තිබිලා මෑතදී රසායනික අවි ප්‍රහාරයකින් අයින් කළෙත් යකිනි බලියවල්. හැබැයි ඔන්න එයාලා ආපහු ඇවිත්ලු

Grey said...

@Chamara:
කොහොමද යකිනි බලියක් නිකන් බඹර වදයකින් වෙන් කරලා අදුරගන්නේ?

Chanaka Aruna Munasinghe said...

@ Grey

ඒකනම් මම දන්නෙ නෑ. පාරම්පරිකව බඹර කපන අය (වැද්දෝ etc) ඒවා අඳුරා ගන්න දන්නවාලු.

I am not Chamara. I am Chanaka(a.k.a Dragon Lord)

තිස්ස දොඩන්ගොඩ said...

@චානක + Grey : හප්පට සිරි හෑබෑද...? මං හිතුවේ කටුබැද්දේ හිටිය විරුද්ධ පාර්ශවයේ කට්ටියට දාපු නමක් කියලා...! උඹලගේ වැඩත් මන් දන්නවා නෙව... අර කතන්දර කාරයා ගේ රැවුලට හා පවුලට කලා වාගේ..
මොනවා වුනත් ඔන්න තවත් ප්‍රවේෂයක් සොයන්න... බොහොම ස්තූතියි...

Chanaka Aruna Munasinghe said...

මම හිටියෙ කටුබැද්දෙ නෙවෙයි පේරාදෙණියෙ.

කතන්දරකාරයාමනෙ රැවුල් කතායි පවුල් කතායි එක ගොඩේ ලිවුවෙ. මම ඉතින් ඒක නොතේරිච්ච කට්ටියට පොඩි අටුවාවක් ලිවුවා විතරයි ;-)

ඉලංදාරියා said...

ලසන සින්දුවක් ...වැඩිය ඇහෙන්නේ නැති ...

ජය .. ඔබට

෴ හසියා ෴ said...

මම අහල තියෙන විදිහට බඹර පැණි කඩන්න යන්නේ වැඩිපුරම දෙමස්සිනාලා ලු.ඒ කියන්නේ තමන්ගේ බිරිදගේ අයියා හෝ මල්ලි එක්ක.එහෙම කරන්නේ හේතුවක් තියෙනවලු.බඹර පැණි කපන එක අමාරු දෙයක්.ජීවිතෙත් ලොකු අවදානමක තියෙන්නේ.ඉතිං වැල් දිගේ උඩට යන්නේ තමන්ගේ බිරිදගේ මල්ලි හරි අයියා හරි බිම තියලා.දුම් අල්ලපුවහම බඹරු උඩට ගිහින් පහළට එන්න ඉස්සෙල්ල බඹර පැණි කඩා ගන්න ඕනි.ඉතිං ඔත්තු බලන්නේ අර මල්ලි හරි අයියා හරි ලු.මොකද මස්සිනා කවදාවත් කැමති නෑ තමන්ගේ නංගිගේ හෝ අක්කාගේ සැමියාට අනතුරක් වෙනවාට.ඒ කියන්නේ තමන්ගේ සහෝදරී වැනදඹු වෙනවාට.අනිත් එක එහෙම අනතුරක් වුනොත් සහෝදරීගේ බර කරට ගන්න වෙන්නෙත් සහොදරයටමනේ.
ඔන්න ඔය හේතුව නිසා බඹර කපන්න යන්නේ දෙමස්සිනාලාලු.
(මමත් අසා දැනගත් දෙයක් බැවින් වැරැද්දක් ඇතිනම් නිවැරදි කරන්න.)

මේ ගීයේ පද පෙළ ඇහෙද්දි මට හිතුනේ මෙහි තියෙන අවදානම....ඒත් ජීවත් වෙන්න වෙන විකල්පයක් නැති නිසා මේ රක්ෂාව කරන්නෙ.අද බඹර කඩන්නේ නැති වුනාට (නැති කිව්වට වඩා හොද අඩු වුනාට) මේ වගේ භයානක රැකියාවන් කරන ඈයෝ අදටත් ඕනි තරම් ඉන්නවා.වැඩිය ඕනි නෑ ලියිට් කනුවල නඩත්තු කටයුතු වලට නගින කම්කරුවන්.ඔවුනුත් හරියට බඹර කඩන්න ගියා වගේ තමයි.මට ඔවුන් දකිද්දි හිතට පුදුම භයක් වගේම දුකක් ඇති වෙනවා.ඒත් ඉතිං මොනා කරන්නද....සුසුම් හෙලනු මිස.....
ගීය නම් ඉතිං උපරිමයි.මේක අපේ 8 වසරේද කෙහෙද සිංහල පොතේ තිබුණා.හරියටම මතක නෑ කීය වසරේ සිංහල පොතේද කියලා.ඒ ගැන කණගාටුවෙනවා.

ස්වප්නා said...

බඹර කඩන්න යනකොට, එල්ලිලා බහින වැල් පොටේ අනික් කෙළවර දෙන්නෙ තමන්ගෙ මස්සිනාටලු [නෝන මහත්තයගෙ සහෝදරයට].. හේතුව හිතාගන්න පුළුවන්නෙ... බඹර කැඩීම එතරම්ම අවදානමක් සහිත මෙහෙයක්.

Muthu Paba said...

මේ ගීතයේ මොකද්ද ගුප්ත බවක් තියෙනවා. අහනකොට දුකක් දැනෙනවා..

තිස්ස දොඩන්ගොඩ said...

@චානක: ඔව් මලේ මන් දන්නවා... පේරාදෙණියේ නම් "යකිනි බලි "අඩුයි නෙව... හැබැයි මචෝ අරක තමා මම දැකපු එලම අ‍ටුවාව....

@ඉලංදාරියා: මොකෝ මල්ලි.... මෙහෙ නං හොඳට ඇහෙනවා....?
හරි හරි විහිලුවක් කලේ... ආවාට වචනයට ස්තූතියි...

@හසියා: උඹ නම් නියම භාණ්ඩයක් හසියෝ...මට හීනෙකින් වත් මතක් වුනේ නෑ අද කාලේ කථාව... මමත් සැහෙන කාලයක් ඔය වගේ අවදානම් රාජ් කාරි වල නිරත වුනා... සපුගස්කන්දේ අර නොනිවෙන ගිනිසිල දැකලා ඇතිනේ...? ඔන්න ඕකේ inspection කරන්න වුනහම එහෙම ඉතින් ඹමර කැඩිල්ලට හපන්.. එක දිගට නගින්නත් බැහැ... මහන්සි ඇර ඇර නගින්නත් ඕනේ... මුදුනට නැග්ගම කැලණිය විශ්ව විද්‍යාලය, පන්සල, ජයවර්ධන පුර රෝහල වටේටම පේනවා... ඒ වුනාට මොකද මුදුන අඟල් දෙක තුනක් විතර හුලඟට එහා මෙහා වෙනවා... දැන් කල්පනා කරන කොට පුදුමත් හිතෙනවා බඩ වියත වෙනුවෙන් කල දේවල්....

@ස්වප්නා: ඔව් මමත් අහලා තියනවා... අර ලයනල් රන්වලයන් නිර්මානය කලා "සඳ සාවී මා... සඳ මඬලේ පාලුවේ මෙදා.... ඹබර ගලෙන් රූටාලා සඳ නිවුනිද කියපාන් මගේ මලයා..."කියන ගීයෙත් තියෙන්නේ ඒකට පසු කථාවක් මගේ හිතේ... හසියත් ඔබත් කී කතා ඇත්ත වෙන්ටෑති

@Muthu : සොයුරිය ඔබටත් දැනුනද එය...? මාව මුසපත් කල හැඟීමත් එයමයි... වචනයෙන් විස්තර කල නොහැකි.... මෙන්න මේ ගීයෙත් බලන්න එවැනිම වචනයෙන් කියන්න බැරි ශෝකී රාවයක් තියනවා...

Chanaka Aruna Munasinghe said...

හෆොයි , ඒ යක්කු ගැන නෙවෙයි මම කිවුවෙ. තිස්ස අයියටත් හිතෙන ජාති. හැබැයි ඉතින් යක්කු බැඳගෙන වැඩ ගන්න කට්ටියත් ඉන්නවා ඕනෙ තරං ඕං. කතන්දර කාරයා ගැන ලියපු අටුවාව ගැන මුරුංගා අත්තෙ තිබ්බටත් ස්තූතියි ඕං. මම හිතුවෙ තිස්ස අයියා කවදාවත් මකර රජදහන පැත්තෙ ඇවිත් නැතුව ඇති කියලා

අද කාලෙ කතාව ගැන කියනවනම් ටැබූගෙ අලුත්ම ලිපියෙ මෙන්න මෙහෙම තියෙනවා

"පිළි ගැනීමට කැමති වුවද නැතද අප සියළු දෙනා කරන්නේ මුදලට ඇඟ විකිණීමය. අප දිවි සරි කොට ගන්නේ යම් කැලරි ප්‍රමාණයක් අනුන් වෙනුවෙන් දවා ලමින් ශරීරයේ ඉන්ද්‍රියයන් ගණනාවක් පෙළීම තුළිනි. කම්කරුවන් පෙළන්නේ අත්පාහි මාංශ පේශීන්ය."

http://taboosubjects.wordpress.com/2010/08/23/176-2/

Grey said...

@මකරා:
හික් හික්...ගනන්ගන්න එපා බන්.. මේ දවස්වල වයර් ඔක්කොම මාරු වෙලා තියෙන්නේ..ඉතින් අකුරක් දෙකක් එහා මෙහා උනාට ගනන් ගන්න එපා..

බිඟුවා...! said...

යක්කු ගැන නම් මතක් කරන්න එපා...

තිස්ස දොඩන්ගොඩ said...

@චානක: බොලේ ඒක (මකර රජදහන) මේ සිංහල බ්ලොග් වල පරණම එකක් නෙව...අපි මේ අත දරුවෝ මේ කෙළියේ... එදා ඇස් බී යූ හමුවෙදීත් මම හිටියේ බොට පස්සේ පු‍ටුවේ නෙව...? අර පූස් කාටූන් ටිකත් ඔක්ක්ලොම බලලා තියෙන්නේ මං.. ආයේ ඇත්ත කිව්වහම මුරුංගාලු... ඕං බලහං...

තිස්ස දොඩන්ගොඩ said...

@බීඟුවා: එහෙනං...ආයේ මොටද...!!!

änthräX said...

ලිපියෙනුයි comments වලිනුයි සෑහෙන දෙයක් ඉගනගත්තා.

වැප් said...

ස්තුතියි අයියා ..........

Chanaka Aruna Munasinghe said...

හා හා හොරෙන්ම ඇවිත් ගිහින් ඒ කියන්නෙ. මට මතක විදිහටනම් ආගමන විගමන වාර්තාවල තිස්ස අයියගෙ නම ලියවිලා නෑ.

මගේ බ්ලොග් එක එච්චරම පරණ නෑ. මම එනකොටත් SBU සිංහල බ්ලොග් කියවනයෙ බ්ලොග් 300ක් විතර තිබ්බා. අනික අන්තර්ගතය, යාවත්කාලීන වීමෙ සීඝ්‍රතාවය, තේමාව එහෙම එක්ක බැලුවම අයියගෙ බ්ලොග් එක මගේ එකට වඩා ගොඩක් ඉස්සරහින්. මගේ බ්ලොග් එක කිසිම තේමාවකට ලියවෙන එකක් නෙවෙයිනෙ. පූසොයි, බල්ලොයි, හාවොයි, දේශපාලුවොයි, කතන්දරයි රැවුලුයි පවුලුයි හැමදේම අච්චාරුව වගේ.

මාරයාගේ හෝරාව said...

ගීතය නං අහන්න තව වෙලා යනවා.
අනේ බං අයියේ උඹ ඒ බටෙ දිගේ බඩ ගෑවාද..?
ඔක අපේ ගෙවල් ගාව ගල උඩට ටිප් ටොප් එකට පේනවා.
උඹ නැගපු වෙලාවක අත වනන්න තිබුණනේ..
හැබෑට උඹ මාව දැක්කේ නැද්ද...(කොහේද පරාණ බයට බටෙ බදාගෙන උන්නා මිසක්..)

තිස්ස දොඩන්ගොඩ said...

@änthräX : ඔහ් එහෙමද...? සතුටුයි මචෝ..

@වැප්: ඉස්ස්තූතියි මලේ...

@Chanaka: හීන් සෑරේ මම ආවා...!!! පූස් කාටූන් නම් හයම බැලුවා...!

@මාරයා: විහිලු නෙවෙයි බං... ඇඟ හීතල වෙන කෙලියක් ඒක...!

මාරයාගේ හෝරාව said...

ඒ..බොරු කියන්න එපා බං..අයියේ...

ඇග හීතල වෙන්නේ කොහොමෙයි..අච්චර ගිනි දල්ලක් ලග තියෙද්දී...

Chanaka Aruna Munasinghe said...

පූසො ගැන කතා 6යිද හම්බ වුණේ. මම හිතන්නෙ මම ලියල ඇති පූසො ගැනම කතා 20ක් වත් අඩුම තරමෙ. මේ අවුරුද්දෙ ලියපු ලිපි වලිනුත් 22% ක පූසො ඉන්නවා

Anonymous said...

කුසෙ උපන් ලොකු අයියා කරපු හැටි
ගසෙ සිටියදි හැරපොට කපා බසි
බමරු සිය දහස් ඇග ලේ උරා බොති
පලයන් අයියන්ඩි මම එන ගමන් නැති..


10 වසරෙ ඉගෙන ගත්තෙ..

එක මතක් වුණා...

මම මෙ හදිස්සියෙම මෙ පැත්තෙ ආවෙ .. යසොදරා සින්දුව හොයන්න. පෙබරවාරි මාසෙ පොස්ට් එකක තිබුනා වගෙ මතකයි එකත් අරගෙනම මෙකත් අරගන්නම්.
ඔන්න අපි ගියා තිස්ස අයියා.

රවා.

තිස්ස දොඩන්ගොඩ said...

@චානක: අර animated කාටූන් ටික බං... ටී වී එක බලන්න දෙන්නැතුව කරදර කරන්නේ...! එතනට ගියහම තව පහක් විතර තිවුනා මට මතක හැටියට...

තිස්ස දොඩන්ගොඩ said...

@මාරයා: උඹ හිතුවද ඒක පත්තුවෙනකොට නගින්න පිරිපහදුව අපායක් කියලා...? බොලේ ඒක පත්තුවෙනකොට පාමුල ඉන්නත් මාරුයි රස්නෙට...

@රවා: ෂහ් කදිම කවියක්... අපිත් එක්ක හිටපන් මලේ... පන ගියත් වරපට අතාරින්නේ නැතෝ...

දුමී said...

මචෝ, උඹ මේ මැණික් හොයාගන්නෙ කොහෙන්ද බොලේ . . . මම කලින් කිව්ව වගේ උඹ මාව නං අමුතුම මානයකට අරගෙන යනවා.

sansarasidu said...

අයිය කිව්වත් වගේ අසාමාන්‍ය ගණයේ ගීතයක් !

කියාගන්න බැරි විදිහෙ ගුප්ත ශෝකි බවක් මුළු ගීතය පුරාම දිවෙනවා...

තිස්ස දොඩන්ගොඩ said...

@දුමී: කුඩාද ඇත්නං...?

@සන්සරසිදු: කියලා වැඩක් නෑ...

Chanaka Aruna Munasinghe said...

ආ ඔය කියන්නෙ අපේ සීමන් ගොයියගෙ දඟකාර පූසා ගැනනෙ. හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා මෙන්න ඒ දඟකාර පූසාගේ නිල වෙබ් අඩවිය.

http://www.simonscat.com/

වැම්පයර් said...

කේමදාස මහත්තයගෙ කතාව මාත් අහල තියෙනවා. එතුමගෙ හැකියාව ගැන කතන්දර දෙකක් නෑ. එතුම තමයි හිටපු එලම පොර! ආයෙ දෙකක් නෑ. ඒත් එතුමා අපේ කම, අපේ දේවල් වලට මහ ගොඩක් කළේ නෑ. බටහිර ආරෙ තමයි ගොඩක් කරනං ගැහුවෙ. උදාහරණයක් විදියට ඔය හිට් වුන හැම එකක්ම ගොඩක් වෙස්ටන් ස්ටයිල්.. හඳුනාගත්තොත් ඔබ මා.. ගොලු හදවතේ තීම් එක, බඹරු ඇවිත් එකේ ටියුන් එක, හංස විලක් ටියුන් එක, හෙමින් සැරේ පියා විදා, දහසක් මල් තීම් එක වගේ ඒවා..

ඒ අතරෙ නිධානය, රිදී නිම්නය, අම්මාවරුනේ සින්දුව වගේ අපේම ස්ටයිල් එකට ගහපුව නැත්තෙ නෑ... ඒත් එතුමාගෙ වයලීනය බොහෝ විට වෙස්ටන් ස්ටයිල් වාදනය කලේ...

ම්ම්.. අනේ මන්ද ඉතින් ඕව..

ජන ගී කිව්වම මට මේ ජනගී වල තියෙන ස්වර තුන හතර හොඳටම පාවිච්චි කරපු පොරක් ඔලුවට එනවා.. පියසිරි විජේරත්න...

ලයනල් රංවලයන්, අමිතා වැදිසිංහත් අමතක නොකල යුතුයි!

ගල්මල්-Coral said...

සොබාදහමයි, මොවුන්ගේ කටුක ජීවිතයි එක්වෙලා බිහිවුන මේ නිර්මාණ මොනතරම් නම් තාත්විකද?

ගොඩාක් රසවින්ඳා. බොහෝම ස්තුතියි.

wasa said...

කාලෙකින් අහපු ලස්සන සිංදුවක් බොහොම ස්තූතියි අයියෙ

wath said...

කාලයෙ වැලි තලා මතින්
සැගවී යන මැණික් සොයන්
ඔබ දමලා
දුවිලි මකලා
හැඩ නිල සමගින් ඔබ ගෙන එනවා
එවැන්නෙකුට ලගින් ඉදන්
හිතවත් කම බෙදා ගන්න
මාත් පිනක් පෙර බවයක කරල තියෙනවා...

ඔච්චරයි අයියණ්ඩියේ මට කියන්න තියෙන්නේ....

තිස්ස දොඩන්ගොඩ said...

@wasa: අහ් බොහොම ඉස්තූතියි නෙව ඉතින්...!

@wath: ඔය තියෙන්නේ.. සොඳුරු සිතැත්තියගේ සොඳුරු සංකල්පනා...! ඒත් කම්පනාවට ආවා පරමාදේ මොකෝ කියා...

Muthu Paba said...

Sthuthiyi Thissa. T M ge sinduth kochchara ahuwath epa wenne naha. Nandage me sinduwa ahala balanna. Mama kamathima geethayak meeka.

http://www.mediafire.com/?ownz3ui4p9u6kxk

තිස්ස දොඩන්ගොඩ said...

@මුතු: ආහ්... මම අහලා නැති ගීයක්... හප්පා කොයි කාලේ එකක් ද මේ...? කවියෙන් අඳින ලද චිත්‍රයක් වාව්...!!!!

පිස්සා පලාමල්ල said...

ස්තුතියි තිස්ස අයියේ...

ඒ වගේම මකරා... හසියා... ඔක්කොටමත්. කොමෙන්ට් වලින් නොදන්න දේවල් දැනගන්න ලැබුනා.

priyantha.ඒබී said...

හැමදා මම පරක්කුයි මොනවා කරන්නද? සිංදුවනම් උපරිමයෙන් වින්දා අයියේ. බඹර කවි වල තිබෙන රසය මේ සිංදුවෙන් උපරිමව දැනෙනවා. ඒ රැකියාවේ අමාරුව, අවදානම අපූරුනට පෙනෙනවා. හසියා කියපු කතාව මාත් අහල තියනවා. ඒක ඇත්තක් වෙන්න ඕන. මේ අපූරු සිංදුව මම නම් කලින් අහල ඇති ඒත් මතක නෑ. හේතුවක් නොදැන අහනවාට වඩා මෙහෙම පදනමක් ඇතුව ඇහුවාම හිතට තදින්ම වදිනවා. ස්තුතියි මේවා අපට දෙනවට.

wath said...

බඹර කැපීමේ ගීයක් තියෙනව. ඇහුවම ඇඟ හිරිවැටෙනව මගෙ නම්.

බඹර කපන්න ගිහින් තමන්ගේ අක්කගේ මහත්තය මිය ගිය බව කියන්න බැරිව ලතවෙන මල්ලි කෙනෙක් ගෙන් අක්ක අහනව මොකද වුනේ කියල...

පුලුවන් නම් අහල බලන්න. මියුසික් තමයි නියම...

පද වැල මෙන්න...

දන්නවනේ අයිය පහුගිය දවස් වල බිසී වෙලා හිටියේ (ඉංජිනේරු ඇසකින් බලන්න ගිහින් )(ඩ්‍රයස් ගැන සරල විස්තරයක් තියෙනම් සොයල දෙන්න අයියේ)

සඳ සාවී මා . . .
සඳ මඩලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා

දෙමස්සිනාලා . . .
මල් පැණි බීවා දෝ...
බඹර කපන්ටා..බඹර කපන්ටා
බමන මතින් කරනම් ගස්වාදෝ
තනි වූවේ මාවයි මයෙ මලයා
තනි වූවේ මාවයි මයෙ මලයා

සිත පෑරීලා
බඹරුන් ඇන්නා දෝ...
අම්මාපල්ලා ...අම්මාපල්ලා
උන් ඒ වග දන්නේ නැතුවාදෝ
තනි වූවේ මාවයි මයෙ මලයා
තනි වූවේ මාවයි මයෙ මලයා

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

මෙව්වා ඉතිං නිකං අහලා ඉන්නවාට වඩා, උඹලාගේ වර්ණනාවෙන් කියෝලා ඊ‍ට පස්සෙම අහන එක තමා අහ වැඩි. හැබෑට එස්බීයු හමුවට උඹ ආවද? දුමී කිව්වා වගේ මේවා මැණික් බං.

Anonymous said...

සිරිල් ද සිල්වා කුලතිලක ලංකාවේ සංගීතයට කළ ඉහළම සේවය ලංකාවේ සංගීත සම්භවය කෘතියයි.

Pali said...

@තිස්ස : හමල් මරු ගීතයට පස්සෙ උඹ දාපු සින්දු වලින් හිතට අමුත්තක් දැනුනු සින්දුවක්. කුඩා කාලෙ අහල තියෙනවා මතකයි.

තිස්ස දොඩන්ගොඩ said...

@ පිස්සා: එල මචෝ... ආයේ හමුවෙනතුරු...

@priyantha: රස විඳින්න මොන ප්‍රමාදයක්ද මලේ.... නිකන්ම පිගත්තා වාගෙද තොරණක් ගහල පිලිගත්තම නේ...?

@wath: ඔව් මම කැමතිම ගීයක් ඒක නගේ...

@කුෂාන් : ආවානේ බන්... උඹත් එක්ක වචනයක් දෙකක් කථාත් කල... හෙහ් හෙහ් හෙහ්..උඹේ කැප් එක නිසා මතකත් හිටියා....

@ඇනෝ: ඒක ගන්න තැනකුත් දන්නවානම් දාමුද...? මටත් ගන්න ආසයි...

@Pali: ඔව් බන් අපි පොඩි කාලේ ගිය එකක් තමා... ඒකනේ මතකේ හිටලා අවුස්සලා හොයාන යන්න හිතෙන්නේ...

priyantha.ඒබී said...

@ wath
සිංදුව අහන්න විධියක් කියන්න පුළුවන්ද? Real player එකේ අහන්න හරි කමක් නෑ.

තිස්ස දොඩන්ගොඩ said...

@priyantha.ඒබී
ප්‍රියන්ත මල්ලී සිංදුව හමුවුනාද දන්නේ නෑ නේ... මටත් අතපසු වුනා... ඉන්න මමත් සොයා බලන්නම්...

Muthu Paba said...

සඳ සාවී මා .. සඳ මඩලේ පාළුවේ මෙදා..

සිංඳුව අහන්න >

http://www.mediafire.com/?lg87mpp8whdnxs8

කංචු said...

අයියෙ..... අයියගෙ බ්ලොග් එක මටනම් සරක්ෂණය කරල තියා ගන්න වටින වස්තුවක්....... ස්තූතියි බෙදා හදා ගන්නවට... සතුටුයි...

මමත් හොය හොය ඉන්න සින්දු කිහිපයක් තියෙනව....
එකක් තමයි වික්ටර් රත්නායක මහත්මාගෙ " දිනෙක යන මෙතැන සිටන් එක්වී"
තවත් එකක් මොහිදින් බෙග් මහත්මයාගෙ "දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි" කියන ගීතය. තවත් ආස, එත් හොයා ගන්න බැරි උන සිංදු කියන්නම්......
ආසම ගීතයක් උන "යසෝධරා" සින්දුවෙ පරන පටිගත කිරීමක් ලැබුනෙ අයියගෙන්....

තිස්ස දොඩන්ගොඩ said...

@කංචු: බොහොම සතුටුයි මලේ ඒ වගේ රස වින්දනයන් ඇති තවත් අය ඉන්න බව දැනගැනීම... පරණ සිංදු ඒ වාගේ මතක් කරලාදෙන්න... මෙතැන ඉන්න අනෙකුත් අයත් මමත් එක්වී, සොයත හැකි... බලමු සොයන්න කියපු සින්දු...
ස්තූතියි අගය කිරීමට...

@Muthu Paba: සොයුරිය බොහොම තුති සඳ සාවී සින්දුවට... ප්‍රියන්ත මල්ලී සතුටුවෙයි දැන්...

Siribiris said...

සිංදුව වගේම, ඒ ගැන ලියලා තියෙන අදහසුත් නියමයි. බොහෝම දේවල් ඉගෙන ගත්තා. අර රවාට මතක් වෙලා තියෙන ජන කවියත් බොක්කටම වැදුනා. ඔය කවියෙ පසුබිම් කතාවක් තිබුනා කියලත්, යාන්තං මතකයි. වරදවා තෙරුං අරගෙන අයියා එහෙම පළිගත්තත්, මලයගෙ අවසාන මොහොතෙවත් තමන්ගෙ අයියා ගැන අහිතක් හිතුවෙ නෑ කියන එක තමා දුකම හරිය.

Post a Comment

 
Blogger Wordpress Gadgets