'හිතක පිපුණු මල්' චිත්‍රපටිය සංගීත ලෝලීන් වන අපට මහරු මිණකි!
එහි අඩංගු ගී වල විවිධ හැඩතල ඇත: කථා කල යුතු බොහෝ දේ ඇත!!
ෂෙල්ටන් ප්‍රේමරත්නයක් විවිධ අවස්ථාවලදී තුමූම පළකල අදහස් හැරුණු කොට මේ ගී සම්බන්ධයෙන් යම් මට්ටමක හෝ කතිකාවක් ඇති නොවුණේ මන්ද යන්න විමැසිය යුතු කාරණයකි.
එකකට එකක් වෙනස් හැඩතල වලින් යුතු ඒ ගී කට්ටලය මෙසේ වේ:
සතුන් 'විද' දඩයමෙන් ජීවත් වූ (ව්‍යාධ - වැදි) වැදි ජනයාගේ ඇදහීම් වඩාත් කිට්ටු වන්නේ ආර්‍යයනට වඩා ද්‍රවිඩ හා යක්ෂ ගෝත්‍රිකයන්ගේ වත් පිළිවෙත්වලට බව පොත් පත්හි සඳහන්ය. සිංහල යාතුකර්මවල මෙන් බෙර, බොහෝ අවස්ථාවලදී භාවිතා නොවූවද යටිබඩට තට්ටු කරමින් නැටීම ඔවුනට ආවේණික යැයිද සඳහන්ය.
වැදි සංස්කෘතිය පෙරළා බැලීමට අතීතයේ උනන්දු වූ සුදු මහත්වරුන් අතරින් දොස්තර ආර් ඒ ස්පිටල් මහතාට වැදගත් තැනක් හිමිවේ. ඉහත අප කී 'හිතක පිපුණු මල්' සිත්තමේ අපූරු වැදි ගීයට පද සැපයෙන්නේද ඒ මහතාගේ උනන්දුවට පින්සිදුවන්නටය.
එකටෙක යා නොදෙන වැදි ගී කිහිපයක පද අමුණා නිමැවූ 'මා මිනි මාමිනි මාදෙයියා' ගී පද වැල, කර්ණ රසායන ගීයක් බවට පෙරලන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය.
ගීය අසමින්ම එහි පදවැලත්, පදරුතත් යම් පමණෙකින් විමසමු.
[මෙහිදී අපට උදව්වන්නේ 'සඳරුවන් ලොකුහේවා' මහතා ලියූ "බින්තැන්නේ වැද්දෝ" හා ජාතික අධ්‍යාපන ආයතනයෙන් මුද්‍රණය කල "ජනකවි - 1" යන කෘති ද්වයයි.]
[මුල් ගීය - මෙහි අග කොටස සම්පූර්ණයෙන්ම නැත]
[මියුරු ගී වෙබ් අඩවියෙන් උපුටාගත් පසු පටිගත කිරීමක් - පද සංයෝජනය තරමක් වෙනස්කර ඇති වුවද අග කොටස සම්පූර්ණයෙන්ම ඇත.]
දඩයම් යාදින්නක්, වන සැරියක්, නායකයා පිළිගැනීමක් ආදී වැදි ගී කිහිපයක කොටස් වලින් මේ ගීය සමන්විතය.
මා මිනි මා මිනි මා දෙයියා - දෙයියා දෙයියා - දෙයිය දෙයිය දෙයිය
- තාලය ඇල්ලීමේ තානම් පදය
කාබෙන් පා බල යක්ගම වේ - යමු දෙන්නා
- යක්-ගම (යක්කම) නම් නෑ යකුන් පිදීමේ යාතුකර්මයයි. සම්පූර්ණ පදයේ අර්ථය පැහැදිළි නැතත් දඩයමේ යාමට පෙර නෑ යකුන්ගෙන් ඒ සාර්ථක වෙන පිහිට පතා දෙන්නාත් සමග යමු යැයි කීවක් සේ හැඟෙයි!
බිමින් යන්නට බොල් පිනි බැරිනම්
බැරිනම් - බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
වඩනා මීමා ලණු බැඳ ගන් - යමු දෙන්නා....
මීමා පිටේ යමු දෙන්නා - ගෝ බිඳු කැලේ යමු දෙන්නා....
- පොළවේ පිනි නිසා සීතල නම් දඩයම් මීමා ලණුවෙන් බැඳ ඌ පිට 'තලගොයින් දඩයමේ' [ගෝ බිඳු] යමු යැයි පෙම්වතා පෙම්වතියට කියයි
ගෝයා පුච්චා කමු දෙන්නා - ගෝ කුර පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා - ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා
ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා...
ගෝ අකුමා ටික මා කඤ්ඤා....
- තලගොයා පුච්චා කමු, කුර සහිත ගාත් පුච්චා කමු, වල්ගයත් [ටොඹු] පුච්චා කමු
[ඉනික්බිති හොඳම හරිය වන] අක්මාව මම කන්නම්, තිට බඩවැල් ටික දෙන්නම් [පෙම්වතාගෙන් පෙම්වතියට විහිළුවකි!]
වැල් කොබ්බෑ වැල දුන්න නමාගෙන - එන්නේ ඔලගල මා ලොකුවෝ....
අඟර නැටුම් නටන නංගිට - රූබර බෙර පද ගචාපෝ
රූබර නැටුම් නටාපෝ - වල් අත්තෙන් නටාපෝ
චොඳ චොඳ නැටුම් නටාපො - අපටත් වෙත්තිල බෙදපෝ
මෙත්තට ආවා බොල දෙයියෝ
තං තදිනානේ තදිනානේ
තං තදිනානේ තදිනානේ
- වැල් කොබ්බෑ වැලකින් සැදු දුන්නක් රැගෙන ඔලගල රැහේ නායකයා දැන් මෙතනට එනවා
නංගිට නටන්ට ලස්සන බෙර පද වයාපන්
අතු මිටියක් ගෙන සොලවමින් ලස්සනට නටාපන්
හොඳින් නටනා ගමන් අපටත් බුලත් දීපන්
ආශ්‍රිත කෘති:
• ලංකාවේ සංගීත සම්භවය - සී ද එස් කුලතිලක - ඇස් ගොඩගේ ප්‍රකාශන (1974) 2007
• ජනකවි - 1 - ජාතික අධ්‍යාපන ආයතනය - 1994
• බින්තැන්නේ වැද්දෝ - සඳරුවන් ලොකුහේවා - සරසවි ප්‍රකාශන - 2009
සංස්කරණය - 1
'හිතක පිපුණු මල්' චිත්‍රපටියේ අනෙකුත් ගීත:
එහි අඩංගු ගී වල විවිධ හැඩතල ඇත: කථා කල යුතු බොහෝ දේ ඇත!!
ෂෙල්ටන් ප්‍රේමරත්නයක් විවිධ අවස්ථාවලදී තුමූම පළකල අදහස් හැරුණු කොට මේ ගී සම්බන්ධයෙන් යම් මට්ටමක හෝ කතිකාවක් ඇති නොවුණේ මන්ද යන්න විමැසිය යුතු කාරණයකි.
එකකට එකක් වෙනස් හැඩතල වලින් යුතු ඒ ගී කට්ටලය මෙසේ වේ:
- ආශා දහසක් දෑසේ ලියැවේ ලියැවේ - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - ජෝතිපාල, රංජනී පෙරේරා
- චංචල නූපුර කිංකිණි ජාලේ - ධර්මසිරි ගමගේ - සුජාතා අත්තනායක
- කමලාසණී වන්දනී - ධර්මසිරි ගමගේ - පී. වී. නන්දසිරි
- කිරි සයුරින් මතුවූ කිරි බුබුලක් - වික්ටර් රත්නායක, විමල් ජේ. සාගර ඇතුළු පිරිස
- මා මිනි මාමිනි මා දෙයියා - දොස්තර ආර් ඒ ස්පිට්ල් - විමල් ජේ. සාගර ඇතුළු පිරිස
- පුංචි පුංචි පුංචි පැංචි කාලේ – ධර්මසිරි ගමගේ - එම්. එස්. ප්‍රනාන්දු (ධර්මසිරි ගමගේ)
- රැඟුම් ගැයුම් වැයුම් / No West No East - ධර්මසිරි ගමගේ / ගරු මර්සලින් ජයකොඩි පියතුමා - නන්දා මාලිනී / ඩැල්රීන් ආනෝල්ඩා
- වෙන්නිල් උලිකුම් - දෙමළ ගීයක් 'චංචල නූපුර' තනුවටම - යෝගා බාලචන්ද්‍රන් - සුජාතා අත්තනායක
සතුන් 'විද' දඩයමෙන් ජීවත් වූ (ව්‍යාධ - වැදි) වැදි ජනයාගේ ඇදහීම් වඩාත් කිට්ටු වන්නේ ආර්‍යයනට වඩා ද්‍රවිඩ හා යක්ෂ ගෝත්‍රිකයන්ගේ වත් පිළිවෙත්වලට බව පොත් පත්හි සඳහන්ය. සිංහල යාතුකර්මවල මෙන් බෙර, බොහෝ අවස්ථාවලදී භාවිතා නොවූවද යටිබඩට තට්ටු කරමින් නැටීම ඔවුනට ආවේණික යැයිද සඳහන්ය.
වැදි සංස්කෘතිය පෙරළා බැලීමට අතීතයේ උනන්දු වූ සුදු මහත්වරුන් අතරින් දොස්තර ආර් ඒ ස්පිටල් මහතාට වැදගත් තැනක් හිමිවේ. ඉහත අප කී 'හිතක පිපුණු මල්' සිත්තමේ අපූරු වැදි ගීයට පද සැපයෙන්නේද ඒ මහතාගේ උනන්දුවට පින්සිදුවන්නටය.
එකටෙක යා නොදෙන වැදි ගී කිහිපයක පද අමුණා නිමැවූ 'මා මිනි මාමිනි මාදෙයියා' ගී පද වැල, කර්ණ රසායන ගීයක් බවට පෙරලන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය.
ගීය අසමින්ම එහි පදවැලත්, පදරුතත් යම් පමණෙකින් විමසමු.
[මෙහිදී අපට උදව්වන්නේ 'සඳරුවන් ලොකුහේවා' මහතා ලියූ "බින්තැන්නේ වැද්දෝ" හා ජාතික අධ්‍යාපන ආයතනයෙන් මුද්‍රණය කල "ජනකවි - 1" යන කෘති ද්වයයි.]
[මුල් ගීය - මෙහි අග කොටස සම්පූර්ණයෙන්ම නැත]
[මියුරු ගී වෙබ් අඩවියෙන් උපුටාගත් පසු පටිගත කිරීමක් - පද සංයෝජනය තරමක් වෙනස්කර ඇති වුවද අග කොටස සම්පූර්ණයෙන්ම ඇත.]
දඩයම් යාදින්නක්, වන සැරියක්, නායකයා පිළිගැනීමක් ආදී වැදි ගී කිහිපයක කොටස් වලින් මේ ගීය සමන්විතය.
මා මිනි මා මිනි මා දෙයියා - දෙයියා දෙයියා - දෙයිය දෙයිය දෙයිය
- තාලය ඇල්ලීමේ තානම් පදය
කාබෙන් පා බල යක්ගම වේ - යමු දෙන්නා
- යක්-ගම (යක්කම) නම් නෑ යකුන් පිදීමේ යාතුකර්මයයි. සම්පූර්ණ පදයේ අර්ථය පැහැදිළි නැතත් දඩයමේ යාමට පෙර නෑ යකුන්ගෙන් ඒ සාර්ථක වෙන පිහිට පතා දෙන්නාත් සමග යමු යැයි කීවක් සේ හැඟෙයි!
බිමින් යන්නට බොල් පිනි බැරිනම්
බැරිනම් - බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
වඩනා මීමා ලණු බැඳ ගන් - යමු දෙන්නා....
මීමා පිටේ යමු දෙන්නා - ගෝ බිඳු කැලේ යමු දෙන්නා....
- පොළවේ පිනි නිසා සීතල නම් දඩයම් මීමා ලණුවෙන් බැඳ ඌ පිට 'තලගොයින් දඩයමේ' [ගෝ බිඳු] යමු යැයි පෙම්වතා පෙම්වතියට කියයි
ගෝයා පුච්චා කමු දෙන්නා - ගෝ කුර පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා - ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා
ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා...
ගෝ අකුමා ටික මා කඤ්ඤා....
- තලගොයා පුච්චා කමු, කුර සහිත ගාත් පුච්චා කමු, වල්ගයත් [ටොඹු] පුච්චා කමු
[ඉනික්බිති හොඳම හරිය වන] අක්මාව මම කන්නම්, තිට බඩවැල් ටික දෙන්නම් [පෙම්වතාගෙන් පෙම්වතියට විහිළුවකි!]
වැල් කොබ්බෑ වැල දුන්න නමාගෙන - එන්නේ ඔලගල මා ලොකුවෝ....
අඟර නැටුම් නටන නංගිට - රූබර බෙර පද ගචාපෝ
රූබර නැටුම් නටාපෝ - වල් අත්තෙන් නටාපෝ
චොඳ චොඳ නැටුම් නටාපො - අපටත් වෙත්තිල බෙදපෝ
මෙත්තට ආවා බොල දෙයියෝ
තං තදිනානේ තදිනානේ
තං තදිනානේ තදිනානේ
- වැල් කොබ්බෑ වැලකින් සැදු දුන්නක් රැගෙන ඔලගල රැහේ නායකයා දැන් මෙතනට එනවා
නංගිට නටන්ට ලස්සන බෙර පද වයාපන්
අතු මිටියක් ගෙන සොලවමින් ලස්සනට නටාපන්
හොඳින් නටනා ගමන් අපටත් බුලත් දීපන්
ආශ්‍රිත කෘති:
• ලංකාවේ සංගීත සම්භවය - සී ද එස් කුලතිලක - ඇස් ගොඩගේ ප්‍රකාශන (1974) 2007
• ජනකවි - 1 - ජාතික අධ්‍යාපන ආයතනය - 1994
• බින්තැන්නේ වැද්දෝ - සඳරුවන් ලොකුහේවා - සරසවි ප්‍රකාශන - 2009
සංස්කරණය - 1
'හිතක පිපුණු මල්' චිත්‍රපටියේ අනෙකුත් ගීත:
කෙටියෙන්ම කියතොත් විශිෂ්ටයි.
ReplyDeleteස්තූතියි පරාක්‍රම අයියා
Deleteදයාබර තිස්‌ස
ReplyDeleteකියවලා ඉවර වෙන්නට පෙරාතුවම මගක් නැවතී ලිව්වේ එතරම්ම රසවත් නිසයි
මේ වදන් වැලේ අදහස අවබෝධ කරගන්නට ලැබුනු මුල්ම අවස්‌ථාවයි
ඔබට ශීර්ෂ ප්‍රණාමය
මේවා සඳහා වැයකළයුත්තේ තමන්ගේ වටිනා කාලයයි එය මා ද අත්දැකීමෙන් දනිමි
මෙයින් ඔබට අත්වන ආර්ථික වාසියක් නැත එහෙත් මේ ගීත ක්‍ෂේත්‍රයට ඔබ දක්‌වන ලෙන්ගතුබව ඔප්පු වන්නේ ගුවන් විදුලියේ ඔබේ නම ප්‍රචාරය වන විටයි
මෙවැනි ගීතයක් මින් පෙර සිනමාපටයක තිබුනාදැයි නොදනී පසුවද තිබුනේ නැත
(ගුවන් විදුලි ගී කිහිපයක් හමුවේ)
සමාන නිර්මාණයක් හමුවන්නේ ඔස්‌ටින් මුණසිංහයන් මින් වසර 30 ට ත් මෙපිටින් රූපවාහිනිය වෙනුවෙන් නිමැයූ නංගීට බැඳපු මල් වියනයි ගීයයි
ගීතය පිළිබඳව -
සවනත වැකුනේ 1973-4 පමණ කාලයේදී ගුවන් ගත වූ චිත්‍රපට ගී තීරයේ (සවස 3 30 ට ?) පමණක්‌ම නොවේ ඒ යුගයේ මෙහි වටිනාකම අවබෝධකරගත් නිවේදකයන් වෙනත් වැඩසටහන් වලදීත් මේ ගීය ප්‍රචාරය කරනු ලැබුවා
ඇසු මුල්ම දිනයේදී පවා හිත ගියේ සුලමුල අවබෝධනොවී නමුත් මෙහි ගායනා විලාසය නිසයි
සේයාරුව ද අපූරුය ඔබ ද අපූර්ව නිර්මාණ කරුවෙක් බව එයින් හද ගී පොතෙන් යලිත් ඔප්පු කර තිබේ
හදවතින්ම හෘදයාංගමව සුභ පතමි
දෙවැනි පටිගතකිරීමේ ගීයේ අධ්‍යාත්මය විනාශ වී ඇත රිද්මය වෙනස් කර තිබෙන නිසාද?
ReplyDeleteමෙහි මුල් ගීතය වෙනුවෙන් ප්‍රේමරත්නයන් හෙඵ දහදිය කඵඳු ඔහු වරින් වර විස්‌තර කර ඇත
වඩාත්ම චිත්තාකාර්ශනීය කරුණ වන්නේ ස්‌කොට්‌ලන්තයේ සාම්පදායික තූර්ය භාන්ඩයක් වූ බෑග්පයිප් භාන්ඩය එහි අතුරුවාදනය සඳහා භාවිතා කිරීමයි
(එයද සිංහල ගී ඉතිහාසයේ මුල්වරටය)
ඊට ඔහු පෙළඹවූ හේතුව කුමක් වන්නට ඇද්ද ?
මේ කොදෙව්වේ පමණට වඩා නිර්මාණශිලී වීම අනතුරුදායකය මක්‌නිසාද යත් එය තමන්ගේ ගෙළ සියතින් සිඳ ගන්නට කටයුතු සලසා ගැනීමෙක් නිසාය
කුහකයන්ගේ රජදහනක් වූ මෙහි වෙනත් අයෙකු ක්‍ෂේත්‍රයේ තමන්ට වඩා පෙරමුණ ගැනීම ඉවසුම් නොදීමේ මානසික අවපීඩකයන් අතිමහත්ය
බුදු දහම ප්‍රයෝගීකව අත් විඳිය හැකි පතිරූපදේශයයි මේ
ඒ නිසා ඉහත කී අඳබාලයන්ට මෙත්වඩා ප්‍රේමරත්නයන් යළි මෙහි සැපත්වේවා !!!!
මට ඇති කණස්සල්ල නම් එකම චිත්‍රපටයක මෙපමණ විවිධත්වයක් ඇති ගී රැසක් තිබුණද ඒ පිළිබඳ ප්‍රමාණවත් විචාරයක් මට හසු නොවී තිබීමයි.
Deleteදෙවැනි ගීය පළමුවැන්නේ අහලකින්වත් තිබීමට නොහැකි බැව් මටද සිතේ.
'බෑග් පයිප්' කථාව ඔබ වරක් කීවා මතකයි. කරුණාකර ඒ ගැන ඔබේ දැනුමක් ඇත්නම් අප හා බෙදාගන්න.
විමල් ජේ සාගරට අනුව ෂෙල්ටන් ප්‍රේමරත්නයනුත් මේ පද රචනා ගෙතීම් වලටද සහභාගී වී ඇත.
ලංකාව කොහොමත් ගොමරිති උඩ එන දිය මතුපිටකි. ගල් බොරළු එහි පතුලේ ගිලේ. ෂෙලට්ටන් ප්‍රේමරත්න, ඔස්ටින් මුණසිංහ, නිමල් මෙන්ඩිස් වැනි නිර්මානශීලී සංගීතඥයන් රැසක් ඇගයීමට පාත්‍ර වුණේ නැත.
ReplyDeleteමෙහි සඳහන් වන දඩයම් මීමා යනු දඩමීමා යන ජන වහරේ එන දඩයම් කිරීමේදී ගෙන යන මී හරකා විය හැකි ය. දඩයක්කරුවා යන්නේ ඌට මුවා වෙලා ය. මීමා දුටු විට සෙසු සත්තු බිය නො වෙති.
මා අසා ඇත්තේත් එසෙයි. දඩ මීමා යනු දඩයම් සඳහා විශේෂයෙන් පුහුණු කල සතෙක්. බෙහෝවිට මීගවයෙක්. දඩයක්කරු යන්නේ මේ සත්වයාට මුවා වෙමින් නිසා දඩයමට ගොදුරුවන සතුන්ට එක්වරම තම අනතුර හඳුනාගැනීමට අපහසු වීම නිසා පහසු ගොදුරු බවට පත් වෙන බව මා පසුගිය දින වල ඉමහත් ආසාවෙන් කියැවූ වනපොත් කිහිපයකම සටහන්ව තිබුනා.
DeleteDecoys සජීවී හෝ අජීවී විය හැක.
Deleteඅජීවී -https://www.alibaba.com/showroom/animal-decoy.html
ෂෙල්ටන් ප්‍රේමරත්න යන නම වැරදි ලෙස යතුරුලියනය වීම ගැන කණගාටුව
ReplyDeleteඅපට මග හැරුණු අඩුව පැරකුම් මහත්තයා පූරණය කලා.
Deleteඔස්ටින් මුණසිංහ මා ඉමහත් ප්‍රියකරන සංගීත වේදියෙක් - ඔහුගේ ඉරණමත් (ඇගැයීමට ලක්වීම කියන විෂය තුල) ප්‍රේමරත්න මහත්තයගේ ඉරණමට වෙනස් නෑ.
'දඩමීමා' ජනවහරේ කථාව සම්බන්ධ කලාටත් නොවක් තුති!
සවිඥානක රසිකයින් මෙතැන අපූරු තැනක් කරනවා!!
අද තමයි මේ පැත්තේ පළමු වරට ආවේ. බොහොම අගනා බ්ලොග් එකක් ලෙස හැඟී ගියා.
Deleteදඩමීමෙකු 1960 දශකයේදී මා දැක තිබෙනවා. උගේ වෙනස, අර විශේෂ පුහුණුවයි. උගේ බඩ යටින්, පිටට උඩින්, තුවක්කුව තබා වෙඩි තැබුවත්, ඌ හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. ඒ විදිහට ඌව පුහුණු කර තිබෙනවා.
මාමිනි මා දෙයියා ගීතය, මෙතරම් අර්ථවත්ව රසවිදි, ප්‍රථම අවස්ථාව මෙයයි. මා, මෙම අඩවිය, මගේ බ්ලොග් ලැයිස්තුවට ඇතුළත් කරගන්නවා.
හපොයි විචාරක මහත්තය මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් දමා ගොහින් තිබේ :-)
Deleteදැන් අමතක වෙලා වෙන්නට හැක.
මමත් ඒ පැත්තෙ යන එන කෙනෙක් නෙව
විමල් ජේ සාගර මහත්තය කියන හැටියට ෂෙල්ටන් මහත්තයයත් ආවට ගියාට නෙමේ මේ වචන වලට තනුව දා තිබෙන්නේ - ඒවායෙ තේරුමත් දැනගෙනමලු!
ගොඩක් රස වින්දා
ReplyDeleteඔබතුමියට මෙව්වා මගෑරුනොත් තමා පුදුමේ !! :-)
Deleteනියමයි , වැදි ගීත කාලයක් රැල්ලක් බවටපත්වුනා අර මල්ගීත රැල්ල වගේ . එත් හරියාකාර ගීතයක් වුනු ගීත නම් බිහිවුනේ අතලොස්සයි . මේ මට්ටමට ඒවා ගෙන්න බැරිවුනේ හුදෙක් ශබ්ධරසය ගැන පමණක් හිතුනිසා වෙන්න ඕන,
ReplyDeleteතිස්ස අයියා මාර පොරක්නේ වෙලාවක් හම්බවෙන්න් ඕන සින්දුවක් කියන්න ;)
ඔව් ලස්සන සින්දුවක් කර ගන්න තිවුණ "මල් ලෑනී මං කැකුලී මං.." ගීතය ව්‍යාධයනට හිමි ඔද-තෙද සින්දා ගායනය කල නිසා නාස්ති වුණා කියලත් හිතෙනවා...
Deleteමුණ ගැහුණු වෙලාවේ හරියට සෙට් වුනේ "පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ" එකට විතරයි කියලත් හිතේ...!! ආයෙ සෙට් වෙමු!!!
Ivan, කණට කරලද?
Deleteසුපිරිම ලිපියක්. අර එකකට එකක් වෙනස් ගීත ඔක්කෝම ටිකත් අහන්න තිබ්බ නම් අගෙයි වගේ.
ReplyDeleteනැතත් කමක් නෑ මේ පොත් පත් පරීෂීලණය කරලා මේ ලිව්ව ටිකම අපේ දැනුම් ගබඩාවට මදෑ . .
මචෝ මේක හොද යෝජනාවක් - චිත්‍රපටිය දැන් ගොඩක් පරණ එකක් නිසා ඔක්කොම එකට දැම්මට අවුලක් නෑ නේද? අප්ලෝඩ් කරල ලින්ක් එක දමන්නම් - ආයෙමත් ස්තූතියි ඉස්සර කාලෙ වගේම!
Deleteඔන්න දුකෝ සින්දු ටික දැම්මා ඔක්කොම!
Deleteතැන්කූ තිසා . . මේ ටික ඔක්කෝම අහලා ආයේ කියන්නම් කොහොම්ද දැනුනු රසේ කියලා
Deleteමේ සිංදු නම් අහල නෑ.. අර ග්‍රැන්විල් රොද්‍රිගු කිව්වේ මේ සිංදුවද? මම වැදී සිංදු අහන්න ඒ තරම් කැමති නෑ.. :)
ReplyDeleteග්‍රැන්විල් කීවේ "බෝමිය බෝමිය බෝ දෙයියා " කියන එක නේද?
Deleteඅනෙක් ඒවා කෙසේ වුවත් මේකේ නම් සංගීතය වටිනවා ගොඩක්
මහා හූරේ.. මේ වැඩේනම් මාමගැච්චක්ම පංකාදුයි.. බොලා හදුන්පොත අප්ඩේට් වෙන්න පෝයවල් බරගානක් යන එක තමයි නාක..
ReplyDeleteමෙන්න මෝස්ට් ඇප්‍රොප්‍රියේට් කොමෙන්ට් ;-)
Deleteකරමල සුදට නොපෙනේවිනේ අඩු ගනනේ කමී... :-)
පහුගිය දවස් වල තිබ්බ ගීත රැල්ලත් එක්ක මේ ගීතය ආයෙත් මම ඇහුවා. මෙතන ඔබ සඳහන් කරලා තියන අනිත් ගීත නම් අහලා තියන මතකයක් නැ... වෙනදා වගෙම හරි අපූරුවට ඔබ විස්තර ලියලා. ස්තුතියි ඔබට මේ තොරතුරු හොයලා හැමෝටම බෙදලා දෙනවට..
ReplyDeleteඅනෙක් ටිකත් දමන්නම් මෙතනම නිතවිනිද...
Deleteඅපේ සුපිරි රසිකයා දුකාත් කියලා තියනවනේ...!
මේ ගීතය මා කුඩා කාලයේ වරක් දෙවරක් අසා තිබුණා මතකයි. නැවත මතකයට පැමිණියේ එක් තරා තරු වැඩසටහනක් නිසා. නමුත් එහි ගායකයා විසින් මෙය සම්පූර්ණයෙන්ම අනුභව කරනු ලැබුවා. පසුව ඉතා අපහසුවෙන් පැරනි ගීතය සොයාගත්තෙත් තිස්ස අයියාග උදව්වෙන් මගෙ මතකයෙ හැටියට. ස්තූතියි තිස්ස අයියා.
ReplyDeleteමේක ගෙහාන් මල්ලි පොඩි අන්‍යෝන්‍ය වැඩක්නෙ
Deleteමෙහෙම එකිනෙකා කථා බහ කරනකොට ආසාවක් පෙන්නනකොට අපි ඔක්කොගෙම මේවා ගැන දක්වන උනන්දුවයි දැනුමයි ඉහල යනවා
එනිසා ඇත්තටම මල්ලිල වගේ ඔක්කොටමත් ස්තූතියි කියන්න ඕනෙ
ඔය චිත්‍රපටි ගීත ගොන්නෙන්ම අහල තිබුනෙ මේ ගීය විතරක් බව ලැජ්ජාවෙන් නමුත් කියන්නෙ මේ පෝස්ට් එකේ වටිනාකම එයින් වැඩිවෙන නිසාමයි.
ReplyDeleteශෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතය නම් මායාවී අත්දැකීමක්..
ජයවේවා..!!
ඒක නේන්නම් - අපි විමල් ජේ සාගර මහත්තය එක්ක එකතු වෙලා පොඩි වැඩක් කරන්න කල්පනා කරගෙන යනවා - ප්‍රේමරත්න මහත්තයවත් ලංකාවට ගෙන්නන්න බලාගෙන - බලමු! ඉක්මන් වෙන්න ඕන!!
Deleteපෙරේද කාලෙකට පස්සෙ පී.වී නන්දසිරිගෙ කමළාසිනී ගීතය අහනකොට මට හිතුනෙ එදා වට්ටෝරු චිත්‍රපටි කියල කොන් කරපු කෘති වල මොනතරම් දේ තිබ්බද කියල.
ReplyDeleteඋඹෙ සටහන අගෙයි, ඒත් මේ මට මදි. තිස්ස ඉස්සර වගෙම ආයි ලියහං. මේ සින්දු වල තියෙන මතුපිට නෙමේ, ඒවගෙ විවිධ රස ගැන.
වට්ටෝරු සිත්තරපටිවල කතාව වට්ටෝරු වුනාට ගීත එහෙම වුනේ නෑ නෙව බං.. ඒකයි රහස.. ඒ ගීත නෙව අපි තාමත් රස විඳින්නෙ..
Deleteතිසා ලොක්කා දැන් ෆුල් ඇකැඩමික් වෙලා.. ගවේෂණාත්මක ලිපි විතරලු ලියන්නෙ.. අපටත් හොරෙන් පීඇච්ඩී එකක් වත් කොරනවද දන්නෑ මියුසික් පැත්තෙන්.. :-D
ඉන්දික: ඔව් මටත් ගොඩක් මදි: ඒත් මෙතන නෙමෛ ඒකට සුදුසු මාධ්‍යය මගේ සහෘද මිත්‍රයා. අපි යමක් කරන්න බලනවා. අපිත් එක්ක ඉන්න වෙනද වගේම. අපි දන්වන්නම්.
Deleteබුරාතීනො: උඹ ස්පයි සර්විස් එකකට තමා හොඳ! කොහොමද මිනිස්සු ගැන මෙහෙම ඉවක් තියෙන්නෙ. නිතර හම්බ නොවුණත් වචන දෙක තුනකින් අපේ මූඩ්ස් අඳුනගන්නව නේද?
මෙහෙම ගතියක් ඇවිල්ල තියනව. එහෙම වෙන්න මාව නිරතුරු උනන්දු කරන බුරා වාගෙම සහෝදරයෙක් ඉන්නව දුෂාන් කියල. ඩිංගෙන් ඩිංග ඒ මල්ලි මාව අඩුපාඩු අඩුවෙන් තරමක බරක් ඇතිව ලියන්න උනන්දු කරනව. එයාගෙ දැනුම නොමසුරුව මා එක්ක බෙදාගන්නව. මේ බ්ලොග් සුලු දේවල් වුණත් කරන දෙයක් හරියට කරන්න එයා මට මග පෙන්නනවා. ඔහු බොහොම ඍජු කෙනෙක්: නොසැලකිල්ලට ඉඩක් නෑ.
ඉතින් එහෙමයි වෙනව කියන්නේ :-)
ඒත් එහෙමයි කියල හද ගීය ලිවීම නවත්වල නෑ !!
අපි ඉතිං පොඩි කාලෙ ඉඳන් Frederick Forsyth ගෙ, Sydney Sheldon ගෙ පොත් කියෝලා, පස්සෙ කාලෙක SIS එකෙන් ට්‍රේනිං ලබාපු උදවියනෙ.. ජේමිස් බණ්ඩා වගේ වැඩ පෙන්නුවෙ නැතිවුනාට spying කියන එක ලේ වලම තියෙනෝ..
Deleteඅනේ මං වැරැද්දක් කිවුවා නෙවෙයි.. මේ වගේ ශාස්ත්‍රීය ලිපි තමා වල්පල් පිරුන සිංහල බ්ලොග් අවකාශෙට ආළෝකය ලබා දෙන්නෙ.. ඒ වුනාට ඉතිං ඉඳලා හිටලා හරි අර පරණ හද ගීත් එකක් දෙකක් වත් ලියාන්ට.. නැත්තං ඔහොම ගිහිං 'ආචාර්ය තිස්ස දොඩංගොඩ ශූරීන්' වෙලා තමා නවතින්නෙ.. :-D
(හැබැයි අපි දන්නවා දැන් හද ගී නොලියැවෙන හොරේ! ඒ කාලෙ දෙන්නා දෙපැත්තේ - දැන් ඉතිං කාට පේන්ට විරහ ගී ලියාන්ට ද නේ ද? :-P )
අර කතාවට මාත් එක පයින්ම එකඟයි ඕං.. කරන සුළු දෙයක් වුනත් හරියට කරන්ට ඕන - නැත්තං නොකර නිකං ඉන්ටෝන.. අපට Software Engineering උගන්නාපු, අපේ හිටපු HoD, Pam නිතරම කියාපු කතාවක් තමා "You should be proud of what you've done. Therefore, do it properly" කියන එක.. මමත් ඕක ඉස් මුදුනින්ම පිළිගන්නවා.. ඉතිං මගෙත් එක්ක වැඩ කරන්ට අනිත් උදවියට හරි අමාරුයි, මම පොඩි දේ ගැනත් ඕනෑවට වඩා මහන්සි වෙනවලු..
කාට පේන්ට ලියන්නද? ඇත්තක් නැතුවාමක් නෙමේය කීවාලු ;-)
Deleteඔව් අප්පා.. එහෙම වැඩ කරන ටීම් එකක වැඩ කරන්නත් ආසයි
ගෝල බාලයොත් සෑහෙන්න දියුණු වෙනවා - දෙකක් නෑ
Len Deighton නම් ටිකක් heavy going නේද බුර්?
Deleteමේ සින්දුව මාත් කීප වරක්ම අහල තිබුණට තේරුම දැනගත්තෙ අද තමයි. ස්තුතියි තිස්සයියා.
ReplyDeleteමමත් සෑහෙන කාලයක් සලකුණු කරන් හිටි සින්දුවක්
Deleteඅත්නෑර හිටි හින්ද හිටං අහුවුනේ
"හද ගී පොතේ"මේ ගීතය නම් ආගන්තුක ගීතයක් නෙමේ මටත්.තිස්ස අයියාගේ ගොඩක් ගීත අපිට ආගන්තුකයි නොවැ.
ReplyDeleteමේ ගීතය වගේම සටහනත් බොහොම අගෙයි තිස්ස අයියා.
ස්තූතියි මනෝජ් මල්ලි - එදා මුණගැහෙන්න බැරි වෙච්චි එකේ අඩුපාඩුව තාමත් දැනේ!
Deleteමේ පුංචි රටේ අපි කවදා හරි හමුවේවි තිස්ස අයියා...:)
DeleteWelcome back Tissa. It has been a long time since the last post (!). People of my vintage (over 50s) might remember the Film Song programme on the Commercial Service of SLBC during weekdays at 10.00 – 10.30, when these songs (some with slight imperfections of the records adding to the unique character of the programme) used to be played. P V Nandasiri’s song is another gem. In fact I believe it was he who sang with Anjanleen Gunatilaka the light classic Thaalea Anuwa Yathi Raagea.
ReplyDeleteඔව් මෙතනට එන බොහොමයක් අය ඔය චිරි චිරියට ප්‍රිය කරන අය ගුවන් විදුලි තැටිවල.
Delete'තාලේ අනුව යති රාගේ' සොයන්න ඕන - ඔලුවට මතක් වෙන්නෙ නැති සින්දුවක්
හැමදාම වගේ හරිම වෙහෙසව ගීතයත් සටහනුත් අපට ඉදිරිපත් කරල. අයියා ගීතයට කරන මේ ආදරයම අගය කළ යුතුමයි.
ReplyDeleteබොහොම ආදරෙන් ලිපිය කියෙවුවා. ස්තුතියි අයියා.
තේරුමක් ඇතිව මිහිරි ගී කවි ලියන කෙනෙක්ගෙන් ලෑබෙන අගය කිරීමක් අපට වටී!
Deleteස්තූතියි නගේ
මාත් හොය හොයා හිටපු පද වැල්ටික. ස්තතුතියි අයියෙ
ReplyDeleteටික කලෙකින් අසුර සහෝ දැක්කේ
Deleteමෙව්වට හිත ඇති බව දන්නව ඔබ!
ලේ පෙරුම හා තෙල් පෙරුම ගැන කියෙව්වද?
ReplyDeleteතලගොයාගෙ වලිගෙ පලලා තෙල් කෑලි දාලා රෝස්ට් කරල
තිස්ස ඔබට පින්......
ReplyDeleteඔබ අපේ ඇස් අරවනවා
ReplyDeleteඇයි දැන් ලියන්නේ නැත්තේ ?
ReplyDelete