අපි එකම රෑනේ කුරුල්ලෝ...

එකට සුසර වන, එකට ස්පන්දනය, වන සහෘද හදවත්, සදා වාසනාවන්... මඝ මානවකයා ඇතුලු තුන් තිස් මිතුරු කැළ, අනේක දොස් අසත්දීත් කල පරාර්ථය නිසා "තාව තිංස" හෙවත් තව් තිසා දෙව් ලොව උපන්නලු....
ගායනය විජේසුන්දර වේරගොඩ ගෙන්...

අපි එකම රෑනේ කුරුල්ලෝ...
අපි එකම රෑනේ කුරුල්ලෝ...
මේ පරාදීසේ... නෑ වෙන්වනේ... නෑ තනිවෙන්නේ...
වරෙල්ලා මේ රෑනේ... වරෙල්ලා මේ රෑනේ...

මදු තියලා... දැල් එළලා...
නෑ පැටලෙන්නෙ අපී...
අපේම ලොවකට පියඹා යන්නේ...
වරෙල්ලා මේ රෑනේ... වරෙල්ලා මේ රෑනේ...

ත‍ටු ලැබුනේ පියඹා යන්නයි...
කූඩුව දොරකඩ ඉන්න නොවේ...
අපේම ලොවකට පියඹා යන්නේ...
වරෙල්ලා මේ රෑනේ... වරෙල්ලා මේ රෑනේ..

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...

18 comments :

  1. ෂා .....නියම සින්දුව අයියා... කියල වැඩක් නැහැ.ඔයා කොහෙද ඔයාට comment කරන අපි කොහෙද.. ඒත් බලන්න දැන් කොයි තරම් එකතුවක... දවසක් මගේ blog එක බලන එක සහෝදරයෙක් ඇහුවා කවුද අර ඔයා අයියා අයියා කියන්නෙ අදුරන කෙනෙක් ද කියල. එයාට අපේ එකතුව තේරුම් ගන්න බැහැ. ආයෙත් කියන්නෙ නියම සින්දුව අයියා............
    "Birds of a feather flock together"

    ReplyDelete
  2. නියම ගැම්මක් තියන ගීතයක්. කකුල් වලට නෙමෙයි පපුවට වදින්නෙ.මට මතකයි මේ ගීය ඉස්සර රූපවාහිනියෙ එහෙම ගියා.

    ReplyDelete
  3. @Wath: මාංස, රුහිරු වල නෙමේ සහෝදර කම තියෙන්නේ...
    @ Raven: මෙන්න Raven කියන්න වාගෙම පපුවේ...

    ReplyDelete
  4. හරිම ලස්සන ගීතයක්නේ...

    ReplyDelete
  5. ඔව් සහෝ...ස්තූතියි ගොඩ වුනාට...

    ReplyDelete
  6. lassana sindu . . hoda wadak . . sthoothiyi . . .

    ReplyDelete
  7. ඔබටත් ස්තූතියි ගොඩ වුනාට.

    ReplyDelete
  8. maxxa song... Thanks for sharing
    If i recall correctly this song was banned by the government because they thought this song was used by JVP activists as call to arms song during those dark days.

    Hikzzz

    ReplyDelete
  9. එකට එක්වුනු සහෘදයන්ගෙ සුසර වූ හද ගැස්මට හද ගී පොත මොනතරම් සංවේදී වෙලාද කියල හිතෙනවා මේ ගීතය අර "එක අත්තේ කුරුල්ලො" ගැන කතා කර කර ඉන්න අතරෙම අහන්න ලැබීම නිසා.

    ReplyDelete
  10. @Grey: මටත් යාන්තමට මතකයි එහෙම දෙයක්... අපිත් කොයි පැත්තෙන් වෙඩි කන්න වෙයිද කියලනේ පරාණ බයේ හිටියේ...මතක නෑ අප්පා එව්වා...71දීත් ඔයවාගේ "කුරුල්ලනේ වරෙල්ලා...රෑන් පිටින් වරෙල්ලා..." කියන සිංදුව නම් එහෙම කලා කියලා දන්නවා...

    @Pali: හද ගී පොතේ දුර්වලකමත් ඕකමයි... තමන්ව හඳුන්වාදීමේදීම කිව්වේ ඒකයි " වෙලාවකට සංවේදී වැඩිද කියලත් හිතෙනවා..." කියලා...

    ReplyDelete
  11. ඔබත් අපේ රෑනේ... යමු සහෘද ලොවකට පියඹා...

    ReplyDelete
  12. මාත් මේ සින්ඩියට එහෙම අලුත් කෙනෙක්...ඔන්න එකතු උනා අයියගෙ සින්දු එහෙම කියවන්න...එක සින්දුවක් අර ගන්නත් හිතුනා...කමක් නෑ නේද අයියේ ?

    මොනා උනත් හොද සින්දු ටිකක් නම් තියෙනවා.අහලා හිත නිවාගන්න පුළුවන් ඒවා...අයියට ජය

    ReplyDelete
  13. මමත් අලුත් මල්ලියේ... ජනවාරි වල තමා වැඩ පටන් ගත්තේ.. ඕගොල්ලන්ට ගන්න තමා සින්දු දාන්නේ... රස වින්දනය වැඩි කරන්නයි මට ඕනා... හැමෝගෙම... පුලුවන් හැටියට... ඒකට මට දිරි දෙන ඕගොල්ලන්ටත් ස්තූතියි...

    ReplyDelete
  14. තිස්ස අයියෙ මම නංගියෙක් ...මල්ලියෙක් නෙමේ :D

    ReplyDelete
  15. හපොයි මේ දෙවෙනි පාර මේ වැඩේ වුනේ... සමාවෙන්න...

    ReplyDelete
  16. wedagath deyak kireema gana ; mage acharaya

    ReplyDelete
  17. බොහොම ස්තූතියි ඔබට...

    ReplyDelete

 
Blogger Wordpress Gadgets