අල්ප ප්‍රාණ!

"ප්‍රොයිඩ් කියන්නෙ නං පිරිමි යටිහිතින් හොයන්නෙ අම්ම වගේ මූන කට තියන ඈයොලු සහේට ගන්න. ඉතිං උඹලගෙ පරම්පරාව උඩහ පලාතෙ නේද? ඒ පැත්තේ ඈයෝ නං ඉතිං රවුං රවුං තමා! දැං ඔය මැරෙන්න හදන්නේ ඊට ඉංතේරුවෙංම වෙනස් විදිහේ කෙනෙකුටනෙ? මොකවුණත් හෙටවත් අහපං ගොනෝ වෙන එකෙක් ඩැහැගන්න කලිං!"

මා ලස්සන කෙල්ලක් ලොව පුරා
සෙව්වෙමි නෑ ඇය දුටුවේ
ඒ ලස්සන ඇත්තේ ඈ ලඟයි
හද මත් මේ ඇය හමුවේ

ලඟ පාත සිටිද්දී ඈ ගමේ
මට දැනුනේ ඈත වගේ
කටු අකුලක සුවඳින් නෑවිලා
ඇයි ලස්සන මල් පිපුනේ

දේදුන්නේ පාටින්
ආදරයේ ගීතිකා
ලියැවෙද්දී මා හදේ
ඒ හද අරන් ගියා

ඇගෙ රුව දෙනෙතේ සිතුවම් වෙලා
මට ඇය හැම තැනම පෙනේ
ඒ මුහුනේ සෙනෙහස ඉතිරිලා
මුළු ජීවිතයම පිනවා

මට මොකටද ඇය නැති ආදරේ
පුන් සඳ නැති රැය වාගේ
බැබැලෙන්නෙ මගෙ හද පැල එයා
කැඳවාගෙන ආ දාටයි
 

"දැං ඉතිං කී දවසක් ගියාද පස්සෙං? අනේ මන්ද ගෑනු එපා වෙලා කීව එකා දැං පස්සෙන් යනව දවසක් ගානෙ! අනේ අම්මප උඹනං! අහල දාපංකෝ ඕක මොකක් හරි ඉවරයක් වෙන්න!"

බිනරමලී ඔබ හැඩයි නේ
කුමටද කඳුලැලි සලන්නේ
මගෙ හද දිනු සුදු කුමරියේ
පුදනෙමි මෙ ආදරේ

පින් පාටයි ඔබෙ නෙත් සඟලා
සීදේවී ඔබෙ මුව කමලා
සිරියා පානා කොමල සිනා
සිතුවදෝ ඒ හැඩ රුව මදියි කියා

අගනා රුවිනා බැබලෙනා
ඔබට මා පුද දෙමී
හද මගේ මල් වගේ

කැකුලු මලක් ලෙස ඔබ දුටු මා
රොනට වඩින බිඟු මෙන් සිතුවා
සෙනෙහස මගෙ හද තුල බැඳුනා
ඔබ කොහෙදෝ මා ඔබ ලඟයි සදා



"අම්මට සිරි ඇහුවද තෝ සිරාවටම?? ඉතින් මොකෑ කියන්නේ?? කල් ඉල්ලනව? එහෙමනම් ලොක්කා ඉතින් ගොඩ තමා, බැයිනං බෑ කියනවනේ බං කෙලින්ම, නැද්ද හොඳයි?"

ප්‍රේමාදරයක සරන සොයා
සල් ගස වට වැල එතුනි දයා
සඳ පසුපස යන තරුව නියා
මම ආවෙමි ඔබව සොයා

ඔබෙ හද ආදර කැදැල්ලකී
මා එහි සැතපෙන කුරුල්ලෙකී
ඔබෙ හද ආදර කැදැල්ලකී
මා එහි සැතපෙන කිරිල්ලකී
සැනසෙන්නට සුබ සරන බැඳීලා
ආවෙමි ඔබව සොයා

ජීවන මග ගන අඳුරු රැයේ
ආලෝකය ඔබ වන්න ප්‍රියේ
ජීවන මග ගන අඳුරු රැයේ
ආලෝකය ඔබ වන්න ප්‍රියේ
ඈත ලෝකයක කැදලි බඳින්නට
අපි යමු පියා සලා


"මොකද යකෝ ගෙට්ටුව කඩන්න හදන්නෙ මේ! පොඩ්ඩක් ඇලට් එකක් දාන්න හැදුව විතරයි!
නෑ!! සිරාවට හා කිව්වද?? දාමු යකෝ පාටියක් එහෙමනම්!! හැබැයි ලොක්කා ඔන්න කැන්දං යනකල් බලාගන්න ඕන පරිස්සමින් හරිද? තව සෑහෙන කාලයක් තියනව උඹට මිනිහෙක් වෙන්න!"

ලස්සන දවසක ලස්සන දෑසක් හමුවීලා
යෞවන ලෝකය පිළිබඳ විසිතුරු පවසාලා
අනංග දෙසේ කතා කියා

කිංකිනි සැලෙනා හඬ පරදා
ඇසුනා ගී රාවේ
අසා - ගංගා - ඉවුරේ - උතුරා

පියවිලි අතුරා හද අරනේ
තරුමල් මාලාවේ
ඔබ දෝ - රජිඳේ  - වඩිනා  - කුමරා


"කොහොමද බං ජොබ? උඹ එදා කෝල් එකක් දීපු වෙලාවේ කිව්ව නේද ඉක්මන්ටම එකලාසයක් වෙන්න යන්නෙ කියල? ඔව් බං උඹ හරි එක අතකට, ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ඔක්කොම සම්පූර්න කරගෙන ඔව්ව කරන්න බෑ. උඹ පැනපං, අපි ඉන්නව උඹව ගිලෙන්න නොදී අල්ලං ඉන්න, බයවෙන්න එපා උඹ!"

වාසනාව දෝතට ගෙන සිනා සලා
ප්‍රේමවන්ත සැමියකු හා සරන වෙලා
මේ මනමාලී වෙයි සුකුමාලී
තුං තුඹ මල් දොං තරිකිට තාලෙට යාවී

ආරිය කුල තාලෙ බලා සාරිය ඇඳලා
ඉද්ද සමන් මල් ගවසලා
සඳුන් වලින් තිලක තියා මුතුපොට බැඳලා
සුබ නැකතින් පිටවී යනවා

ආදර බර දෙමාපියන් පා යුග වැඳලා
ආසිරි ලැබ සිත සනසාලා
නෑ පිරිසට හාදු දෙමින් මුහුන තෙමාලා
සුබ නැකතින් පිටවී යනවා


"යකෝ ඩ්‍රින්ක් එකක් දාන්නේ කොච්චර කාලෙකින්ද මේ උඹත් එක්ක?
මොකක්ද ඉතින් ඔය කතාකරන්න ඕන කිව්ව කේස් එක?"

මගෙ ජීවිතයම වටහා ගන්නට
බැරි ලොකු සිහිනයකි
මොනවා කරමිද මොනවා කියමිද
නොදැනෙයි පුදුමයකී
නොදැනෙයි පුදුමයකී

යන එන මාවත ඇහිරී කොටුවී
අද මට මා නැත්තේ
හෙට ඉරු එළියේ මෙතනින් පිටවී
කොයිබද යා යුත්තේ
සුලු වරදක් ගැන මහමෙර තරමට
ඇයි ඔබ සලකන්නේ
මිනිස් ගතිය ලොව බිහිවුන දා සිට
වෙනසක් වී නැත්තේ

හිත ගිය කෙනෙකුට ආදරෙ පිදුවොත්
එහි වරදක් වේදෝ
එයින් පරාදව පසුබට වුවහොත්
කැලලක් ඇතිවේදෝ
වරද වරද ලෙස පිලිගන්නෙමි මම
දෙනෙතින් කඳුලු පෙරා
ලොව මට සලකයි ඔබ අන්දව ඇයි
නිහඬව හිතට හොරා

මගෙ ජීවිතයම වටහා ගන්නට
බැරි ලොකු සිහිනයකි
කිඳුරු රැජිනියේ මගේ ආදරේ තවම ඔබට පමනයි


50 comments :

  1. //"ප්‍රොයිඩ් කියන්නෙ නං //
    ෆ්‍රොයිඩ් කියපු ඔය සබ්ජෙක්ට් එකේ ඔක්කොම කිව්වොත් ගුටි කන්න වෙනව නේ? ( හුඟක් දුරට ඇත්ත වුණාට )

    ReplyDelete
    Replies
    1. ඒව කථා කරන්න කැපවෙච්චි සයිට් තිබ්බා ප්‍රා ජේ
      කවුරු හරි හැක් කරල නැවතුනා මගෙ හිතේ
      එකම සංසිද්දියක් විවරනය කරන්න මං පෙත් එමට!

      Delete
  2. ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ!!!!

    ReplyDelete
  3. කෝ ගායකයන්ගේ නම්

    ReplyDelete
  4. එක කතාවක් සින්දු ගොඩක්.
    සින්දු හයෙන්ම කලින් අහල තියෙන්නේ දෙකයි.
    මේවා ගැන හොඳ නරක කියන්න ගියොත් උඹ කෑලි අල්ලාගෙන කිචිකවනවා.
    ඒ අහන්නෙත් අම්මමෝ නැති ප්‍රශ්න.
    අපි දෙන්නගේ රසවින්දනය දෙයාකාරයක් උනත් අවසානයේ ගිහින් එක තැනක නවතිනවා.
    music is universal

    ReplyDelete
    Replies
    1. සින්දු ගොඩකින් එක කථාවක්!

      සමහල් සත්තු මල නොතලා පැනි ගන්නව
      ඒත් කිතුලක් නම් තලන්න වෙනව!

      Delete
    2. ඒ කතාවනම් අපූරුයි කිස්ස.....

      Delete
  5. මලා.. ඉයර්ෆෝන් එක ප්ලග් කරන්න බැරිවෙලා මේක ලවුඉස්පීකරේ වගේ සින්දු කිව්වනෙ.. ආයිත්නං ඔ‍ෆිස් එකේදි දාන්නෙ නැ‍තෝ..

    ReplyDelete
    Replies
    1. කොට්ටප්පරි රතනසාර! ඔටෝ ප්ලේ තත්වෙන් නම් දාලා තිබ්බේ නෑ!
      කොයි සින්දුවද මන්ද ප්ලේ කලේ :-)

      Delete
  6. ආදර කතාව ගී මගින් ඉදිරිපත් කරලානේ? :P

    කීවත් වගේ ගායකයන්ගේ නම් තිබ්බා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව්වා කතා - එපා මුලා
      නම් දැම්මා - උඩ ඇතුවා

      Delete
  7. අප්පා ..කතාව ගිය විදිහට අන්තිමට ඉවර වෙන්නේ

    ඔබ මා සමග අතිනත ගන්නා දවස
    මේ මහා කන්ද බැලුවා හිඳ ගම සිරස
    ඔබ මා අතර වෙන නුවරක ගිය දවස
    මේ මහා කන්ද බැලුවා හොරැහින් මදෙස

    කියන්න වෙයිද ?

    ReplyDelete
    Replies
    1. ගැලපෙනම සින්දුවක් ඉවාන් :-)

      Delete
  8. ma ithin yanne yanawa.....
    mata yanne awasarai ....
    mata aran yanne aththe................
    ea sonduru mathakaya pamanai.............! !.

    ReplyDelete
    Replies
    1. මේකත් අගට ගැලපෙන සින්දුවකි!
      නිතරම අහන්න ලැබෙයි!!

      Delete
  9. තිස්ස අයියා මම මේක කියවන්නේ ගුවන් තොටුපොලක.. අම්මයි දුවයි එනකම් මම බලන් ඉන්නවා.. එහා මේසේ තරුණ ජෝඩුව උන්ගේ ලෝකේක. කතාබහ හිනාව. කෝපි කෝප්පයක් බොන ගමන් මම කන් දී ගෙන ඉන්නවා. නරක පුරුද්දක් තමා..ඒත්
    අමුතුම හැගීමක් , අමුතුම රසයක්

    ReplyDelete
    Replies
    1. ජේපී ගේ ඇනලොජි වලට මම බොහොම කැමතියි!
      අර ලස්සන පින්තූරු පිටුපස ඇත්තෙත් ඔබේ මේ හිතමයි නේද?

      Delete
  10. දිවයිනේ ලේඛකයට පිං සිද්ධ වෙන්ට... අදනං ඕං.. :D :D :D

    ReplyDelete
    Replies
    1. කෝ ඒත් සින්දු ගැන මොකුත් කියල නෑ නෙව!

      Delete
  11. සින්දුවෙන්ම කතාව ගිහිල්ල වගේ.

    ReplyDelete
    Replies
    1. කියයි මිහිරි කතා - නිතර රසට ගොතා
      බොළඳ සුපෙම් කතා - මලකි නාරි ලතා

      Delete
  12. තිස්ස අයියා කොටුවක් පැනලා කියලද අන්තිම එකෙන් කියවෙන්නෙ? මට තේරෙන්නෑ අප්පා ඕවා :(

    ReplyDelete
    Replies
    1. නිතර අහන්නට නොලැබෙනම ගී එකතුවකට කථාවක් ඇමිණුවා විතරයි
      "තිස්ස" කෙනෙක් නෑ මෙතන :-)

      Delete
  13. මේ ලිවිල්ල අල්ප ප්‍රාණ වූයේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මහප්‍රාණ නැතිව ලියන්න ගත්තු උත්සාහයක් සමන්මලී
      ආයෙත් බැලුවොත් තේරීවි එක මහප්‍රාණයක් වත් නෑ කියල

      Delete
  14. අවුරුදු හතළිහකට වඩා පරණයි කියල හිතෙන මේ සින්දු අපට ආයෙමත් අහන්න විදිහක් ඇත්තෙම නැති වෙනවා තිස්ස නොහිටියානම්. දැන් පැරණි රසාංග යටතේවත් මේවා ස්වදේශීය සේවේ ඉඳ හිටලා යනවද දන් නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම පුදුම විදිහට මේ සින්දු රස විඳින නිසාමමයි මෙතන දාන්නත් හිතුවෙ
      ත්‍රී සිස්ටර්ස්ලගෙ සින්දු නම් යන්නෙ නැතිතරම්
      සියැක්ලාගෙ "බිනරමලී ඔබ හැඩයි නේ" ගැන කුමන කථාද?
      අයිරීන් ද අල්විස් මහත්මිය ඉතාම අසරණව ඉන්නේ ලෙඩින් - හේම ශ්‍රී හා ඇය සින්දු අන් අයට පවරන්නේ අමාරුකම්ම නිසාමයි
      ස්වදේශීය සේවය, "වෙළඳ සේවය - II" කියල නම් නොකරන්නෙ මොකද කියලයි මම මේ හිතන්නේ - ඒ තරමට උදේ ඉඳන්ම වෙළඳ දැන්වීම්

      Delete
    2. මට මතකයි එක් යුගයක ස්වදේශීය සේවයේ කිසිම වෙළඳ දැන්වීමක් ගියේ නැහැ, ගුවන් විදුලි සංස්ථාවේ දැන්වීම් හැර. එදා ස්වදේශීය සේවය තුල දක්ෂ නිවේදකයින්, වැඩ සටහන් සම්පාදකයින් රාශියක් සිටියා. ඕක තමයි තිස්ස වැඩේ. මුදුන් මුල සවිමත් නැතිවුනාම, ගහේ අතු හැදිල්ල කෙසේ වුනත්, ගහේ පැවැත්මත් ෂුවර් නැහැ.

      Delete
    3. තිස්ස.....පළවෙනි සේවය කියලා කියපු කාලයකුත් තිබුනා නේද.....

      Delete
    4. ඔව් ඔව් පළවෙනි සේවය කියල කිව්ව තමා කාලයක් අරූ
      "අතු හැදිල්ල කෙසේ වුනත්, ගහේ පැවැත්මත් ෂුවර් නැහැ" කියල වැඩක් නෑ - පොහොර ඩිංගිත්තක් දාන්න ලංවෙන්නවත් බැරි ගානට වල් බිහිවෙලත් එක්ක

      Delete
    5. මේවට යම් පමණකින් දායකත්වයක් වෙන්න ගිහිල්ල මම ගොඩක් පාඩම් ඉගෙන ගත්ත අරූ - වෙලාවක පුද්ගලිකව මුණගැහුනොත් ඔබට කියන්නම්!

      Delete
    6. මට තේරෙනවා..හිතාගන්න පුළුවන්.

      Delete
  15. බදින්න කලින් කොටුවට හිටිය එයා ,බැන්දට පස්සේ රවුං රවුං වුනා ද දන්නෑ.ඒකද දන්නෑ ප්‍රශ්ණේ...හෙහ් හෙහ්... ආදරය වෙනස් වෙනව. නමුත් ආදරය නිසා කලක් එකට හිටියම ඇති වෙන මොකක් දෝ මුන්දා එක ඉතිරි වෙනවා.ඒක ආදරේට වඩා ප්‍රබලයි.මේ සින්දු අදමයි ඇහුවේ.... ඒකට තැන්කු...ඊටත් වටා ස්තූතියි මේ අමුතුම ලස්සන ස්ටයිල් එකට ඈහ්...

    ReplyDelete
    Replies
    1. "බැන්දට පස්සේ රවුං රවුං වුනා ද දන්නෑ.." මේවා ඉතින් කාන්තා සිතකටම අහුවෙන එව්වා :-)

      මෙව්ව එක ගැන නේ ඔය කියන්නේ :-)

      ස්තූතියි සොඳුරු - කාලෙකින් කමෙන්ටුවට ;-)

      Delete
  16. When I read the last verse of “මගෙ ජීවිතයම වටහා ගන්නට” - “කිඳුරු රැජිනියේ මගේ ආදරේ තවම ඔබට පමනයි” it reminds me of another song by Milton “පරවි රජිනියේ එදා වගෙ තවත් ඔබට තවම මම ආදරේ” Sounds so similar yet so apart in meaning

    ReplyDelete
    Replies
    1. ඔබේ රසිකත්වය අපූරුයි! මට පරවි රැජින මතක් වුණේම නෑ. හොඳ සසැඳීමක් :-)

      Delete
  17. සින්දු කතාවක්,අහලාම නැති සින්දු ටිකක්.

    ReplyDelete
    Replies
    1. මේව කලකට ඉස්සර හොඳ හිට් සින්දු මනෝජ්
      "ලස්සන කෙල්ලක්" සින්දුව ලස්සන කෙල්ල චිත්‍රපටියේ - ගීතා කුමාරසිංහ ඉස්සෙල්ලම රඟපෑවේ ඒකේ

      Delete
  18. හොඳ නිර්මාණයක් තිස්ස අයියේ.
    අහල නැති සිංදු බර ගාණක් තියෙනවා
    අල්ප ප්‍රාණ කියන එක මීටර් උනේ උඩ තිබ්බ කමෙන්ට් එකක් බැලුවම...

    ReplyDelete
    Replies
    1. මේ කට්ටිය මගේ ඇඟේ ගහන්න බලනවනේ ලොකූ මෙව්ව දැම්මම :-)

      Delete
  19. තිස්ස...මට වර්ඩ්ප්‍රෙස් එකේ හරිහමන් බ්ලොග් රෝලක් පවත්වන්න දන්නේ නැහැ. ඒ නිසා අතපසු වෙනවා. නැත්නම් පරක්කු වෙනවා. මේ ගීත බොහෝමයක් මම අහපු රසවත් ගීත. මේවා එක තැනකට ගෙනල්ලා මෙහෙම ලිපියක් සකසපු එකනම් අපූරුයි. කියලා වැඩක් නැහැ.

    සියැක් කංඩායම එවකට සිටි ප්‍රසිද්ධම සංගීත කංඩායමක්. රෝහිත ජයසිංහ, දයානන්ද පෙරේරා වගේ අය හිටියා. මැණික් චන්ද්‍රිකාත් හිටියා වගේ මතකයි. ලොතරැයි මංඩලයේ දිණුම් ඇදීම් වෙනුවෙන් කරපු සංගීත සංදර්ශන ඔක්කොම කරේ සියැක්. නිවේදන කටයුතු කලේ එවකට ජාතික ලොතරැයියේ සේවය කරපු බුද්ධදාස විතානච්චි වගේ මතකයි.
    එකල සංගීත සංදර්ශන වේදිකාව ගැන මම ලියපු ලිපියක්.
    තිස්ස වරදවා හිතන්න එපා. මම ආසාවට මේ ලින්ක් එක දැම්මේ. කැමති කෙනෙකුට කියවන්න.

    ත්‍රී සිස්ටර්ස්ලා සංගීත සංදර්ශන වේදිකාව රසවත් කරා. අයිරාංගනී/මල්කාන්ති/ඉන්ද්‍රානි පෙරේරා ගීත කලාවට වෙනසක් එකතුකරා. මේ දේවල් ලිව්වේ නොදන්න කෙනෙකුට දැණගන්න.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ඔබ පලකරන දවස්වල අප්පච්චි අන්තරාවෙලා මම ලංකාවට ගිහින්
      මාස ගානක් යනකල් හිත එකලාසයක් වුණේ නැති හින්ද මේව ඔක්කොම මට මගෑරිලා අරූ..
      ඒක නම් සුපිරි ලියමනක් - සියැක් එකේ සංයුතිය මම දැනගෙන හිටියෙ නෑ හරියටම - මැණික් චන්ද්‍රිකාව විතරයි මතක තිබ්බේ - ඔබේ ලිපිය පුවත්පතකට යවන්න තරම් වටින ලිපියක් අරූ. ඔය ලින්ක් දාන එකට සමාව ඉල්ලනවට කසූ හෙන විරුද්දයි. මමත් හිතන්නේ කසූ හරි - මොකද වෙබ් එකේ ලින්ක් තමා ඒකට අනන්‍ය ලක්ෂණය! මෙතන ලින්ක් නොදා පොතක පත්තරයක දාන්නයෑ! නෝ වොරීස් - මට ඔබේ ලිප්ය බොහොම වටිනව. ජයතිස්ස හෙට්ටිආරච්චිත් හැමට අමතක වෙච්චි මනුස්සයෙක් - මහරගම දඹහේන පාරේ ඉන්නේ - හොඳ මනුස්සයෙක්!
      [බ්ලොගර් වලට මාරු වෙන්න කල්පනාවක් නැද්ද?]

      Delete
    2. තිස්ස.....අපේ හිත හොඳ බ්ලොග් කරුවෙක් මට බ්ලොගර් එකක් හදලා වර්ඩ්ප්‍රෙස් එකේ තිබිච්ච එව්වා ඔක්කොම ඒකට ට්‍රාන්සර් කරලා දුන්නා. ඒක තාම තියෙනවා..නමුත් පවත්වාගෙන යන්නේ නැහැ. බොහොමයක් දෙනා කිව්වා වර්ඩ්ප්‍රෙස් එකේ ඉන්න කියලා.

      ඒ ලිපියට තිස්ස අවශ්‍ය ඕන දෙයක් කරගන්න. මට කෙනෙක් කිව්වා අපේ ප්‍රවීණ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්නයන් පවත්වාගෙන යන අශෝක අසපුව නම් ෆේස්බුක් පිටුවේ මේ ලිපිය උපුටා දක්වා තිබු බවක්. මම ෆේස්බුක් නැති නිසා දැක්කේ නැහැ. මා දන්නා පරිදි එතුමා මගේ බ්ලොගය කියවනවා. මට සතුටක්!!

      Delete
  20. තිසා, කේ ඩී නිකලස් මහත්මය යන්න ගිහිල්ලලු අද උදේ!

    පරණ සින්දු චිත්‍රපටි ගැන තිබ්බ මතක ගබඩාවක් සදටම වැහිල ගියා කියල හිතුන ඒ පණිවුඩය ලැබුනම.

    ReplyDelete
    Replies
    1. දුක හිතුන පණිවිඩයක්.

      Delete
  21. Dear Tissa

    Why the silence? No new posts for two months. This is highly worrying

    Lasantha

    ReplyDelete
  22. Dear Tissa

    I thought I should give you a bit of a push for the next post

    The story is as old as time itself. A youngster loses his heart to a pretty school girl “කිරි කවඩි සිනා නොදක බෑන්දුනු ආදරේ” Lyrics of Ajantha Ranasinghe sung by Dayaratne Ranatunga. I read somewhere that this was a personal experience of Ajantha’s younger days. He used to follow a school girl who would not spare even a second glance at him. Apparently that girl was none other than Sriyani Amarasena.
    After much effort, the youngster succeeds in winning her heart. The love story ebbs and flows; lovers have little tiffs from time to time
    “නවාතෑනේ අම්බලමේ සිටින විට” T M Jayaratne
    Time flies and the school girl blossom to a pretty lassie. She goes off to University. “නවාතෑනින් ඈය යනවා වරම් ලබා සරසවියට” Sanath Nandasiri. But the love story does not end there as the youngster also joins her in University
    Her Uni life comes to an end and she leaves “සරසවියෙදි අද විතරයි හමුවන්නේ, කිමද කුමරි නෙතුකන්දුලෑලි පුරවන්නෙ” Dayaratne Ranatunga.
    He feels an unbearable emptiness. “හන්තනේ කන්දු මුදුන සිසරා පවනක් වී එන්නම්” Maestro Amaradeva. In his heart of hearts he knows that it is the end of the love story. Hence “අත්තටු බින්දගත් විහන්ග විලසෙන් අපේ පතුම් ඉකි බිදුනු ඈසේ”
    Friends get to know that she is about to get married. They take him for a drink and gently break the news. While waves lash at the beach, drowning the words of friends, he sees the sun dipping below the horizon. Though in the midst of friends, he fees lonely “දිනෙක හිරු බෑස යන වෙලාවක සයුරු වෙරලක හුදෙකලාවක” Lyrics of Premakeerthi De Alwis sung by Victor Rathayake
    Much as he tries, he could not forget the love he lost. He never visit her or try to meet her, knowing it will be even more painful. But she is never far from his thoughts. “පෙර දිනයක මා පෙම් කල” Maestro Amaradeva brining to life the immortal lines of Sunil Sarath Perera. Apparently this was a personal experience of Sunil Sarath.
    Years later a mature man walks the streets of Kandy with his family, perhaps visiting the Dalada Maligawa. “මේ නගරය මා ඔබ මුනගෑසුනු නගරයයි” Mervyn Perera. It is all too familiar; lake and gentle waves, tree lined streets, young couples walking hand in hand. “ජීවිතයම හීනයෙකෑයි කියා සිතෙනවා”

    ReplyDelete

 
Blogger Wordpress Gadgets