T 20 Final රොක්ස්....!

මම වැඩකරන සේවා ස්ථානයේ මැඩ්‍රාස් වලින් ආ ඉංජිනේරුවෙක් වෙයි. මොහුට ආචාර්‍ය පට්ටමක්ද තිබේ. තමාගේ 'Business Card' පත මුද්‍රණය වූ පසු එහි නම මුලට 'Dr.' කෑල්ල නැතියයි මහ කලබගෑනියක් කලද අප කලමණාකරුවා කීවේ මේ රාජකාරියට ඒ සුදුසුකම අනවශ්‍ය නිසා දැනට ඒක ඕනෑ නැති බවයි. ඒ කළමණාකාරවරයා අස්ව ගිය පසු අලුතින් කළමණාකාරවයකු පත්ව ආවේය. බිස්නස් කාඩ් පතේ දෙවැණි මුද්‍රණයේ අර අහවල් කෑල්ල අඩංගු විය. වැදගත්ම දේ ඒ නොවේ. කිසියම්ම ‍රැස්වීමක් කැඳවූවද මොහු ඒවාට එන්නේ විනාඩි කිහිපයක් පසුවය. ‍රැස්වීමේ වාඩිවීමට සුදුසුම අසුන ඔහු ඉනික්බිති ‍තෝරාගනී. එක් එක් සේවකයාට උදෘත කාරණය ගැන අදහස් දැක්වීමට පැමිණි විට අර අසුනේ ආනුභාවයෙන් ඔහුට ලැබෙන්නේ අවසන් වාරයය. මෙහිදී ඔහු මැජික් එකක් රඟ දක්වනු ලබයි. එනම් සියලු අදහස් අතර හරි මැදින්  සිටගත හැකි පරිදි අදහසක්  දැක්වීමයි. අන්ත කීපයක් අතර මැදින් සිටගැනීම යනුද අන්තයක් විය හැකි බව දන්නේ ටික දෙනෙකි. මෙය බුදුන් වදාල මධ්‍යම ප්‍රතිපදාව ලෙස අර්ථදක්වන්නට තරම් සමහරෙක් නිර්භයය. සරල රේඛාවක මැද තීරණය කරන්නේ අන්තදෙක බව තේරුම් ගැනීම ප්‍රස්න විසඳීමට පෙර අවබෝධකරගන්නේ නම් මැනවි.
---------------------------------------------------------------------------------------------------------------

හෙට විස්සයි විස්ස ලෝක ශූරතාවේ අවසන් තරගයය. තරඟාවලිය වෙනුවෙන් අපූරු ගීයක් නිර්මාණය වී තිබුණි. ගීය ගයන්නේ උමාරියා සිංහවංශ, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, දිනේෂ් කනගරත්නම් යන කළාකරුවන් විසිනි. සහභාගී වන කාලකරුවන් ගේ අනන්‍යතාවයන් දෙස බැලූ බල්මට මෙය කදිම 'ශ්‍රී ලාංකික' නිර්මාණයක් බව පෙනේ.

අති විශිෂ්ට ගණිත ආචාර්‍යවරයකු වූ අභාවප්‍රාප්ත රාජා අල්විස් ගුරු භවතාණන් සමහරක් අවස්ථාවලදී  '.....බව පෙන්වන්න' යනුවෙන් අවසනට හැඳින්වෙන ගණනක් කලු ලෑල්ලේ සාදාගෙන ගොස් අවසන,
"බව නොපෙනේ - එබැවින් ගණන වැරදිය" යනුවෙන් අපූරු ලෙස පවසයි.

මෙම ගීයේ පෙල පහත වශයෙනි.

විස්සයි විස්සේ - විස්සයි විස්සේ
විස්සයි විස්සේ - විස්සයි විස්සේ
ගැස්සේ ගැස්සේ sixer අස්සේ
දස්කම් විස්කම් ඉස්සේ විස්සයි විස්සේ
‍Free hit මැද්දේ යෝකර් මැද්දේ
පපරේ සද්දේ උස්සාදේ හැම තිස්සේ

පිත්තේ අස්සේ Doosra ගැස්සේ
Slinga රිංගා දමයි විස්සයි විස්සේ
විස්සේ රස්නේ දිස්නේ දෙන්නේ
Fulltoss කුඩුවේ වැදිලා Bat අග්ගිස්සේ

20  தடவை 'In swing' அ Pஒடுல
20 தடவை ஸ்லின்கலா ஜின்கலா
'Dil scoop' ஆடத தூகுதட
'Helicopter shot' பரக்குதட
பொடுன்க பொடுன்க ஆடத பொடுன்க
'Bat'ட டன் தூகுன்க ரஸ
பொஉன்டர்ய் பரக்குத்து மைதனம் தெரிக்குது
ஸூடு பரக்குது லெஸ

හෙට තරඟය කොදෙව් දූපත් දෙකොටසක් අතර බව තවත් විශේෂ කාරණයකි. අපේ රටේ මිනිසුන් 'කොදෙව් මානසිකත්වයකින්' පෙලෙන බවට දැනටමත් බොහෝ ලිපි පලව තිබේ. ඒ මානසිකත්වය නිසාම දෝ හෝ බොහෝ විට මුලින් උත්තරයක් හෝ අරමුණක් නිමවා එයට ප්‍රස්නයක් සකස් කරගැනීමට අප දක්ෂකම් දක්වයි. ප්‍රස්නය විවිධ විවිධ රූපාන්තරණයන් ගැන්වීම උත්තරය නිමවූ පුද්ගලයාගේ කාර්‍යභාරය නොවේ.

විස්සයි විස්සේ ගීය ගයා මහන්සි වූවිට, චියර් ලීඩර්ලාගේ නැ‍ටුම් බලා මදකින් තෙහෙට්‍ටු වූ විට, ග්‍රැන්විල් රොඩ්‍රිගෝ අභාවප්‍රාප්ත අපගේ සහෘද කලාකරුවාණන් නිමැවූ මෙම ගීය කදිමයැයි මට සිතේ. සුක්ෂම පන්දු යැවීමේ උපක්‍රම, උපක්‍රමශීලී පන්දු ‍රැකීම් සඳහා ස්ථානගත කිරීම්, හමුවේ මන්ද ගාමී වන තරගයට පණපෙවීමට මේ ගීය සමත්වනු ඇතියැයි මම සිතමි. මේ ගීයේ පෙල ඇසෙන පරිදි මෙසේය..

මායාවෝ අකල් මකෝ අමීනාවො කෑවෝ...
එලේ ලේ මඤ්ඤා මොකෝ අනවිරාවෝ කෑවෝ...

රබ්ද පිඤ්ඤ මාඉසිඤ්ඤෝරේ යෙ යෙ යෙ යේ
මෙරාය රම්පි පපර බැන්ජෝරේ
දෝනබැතී - සිතූලියා සිමේලියා අච්චරු මං කොඃ...!!

කිරිංඤ්ඤ - කාමරංක - පිපිඤ්ඤා ඤ ඤ ඤ ඤා...
මඤ්ඤොක්ක බොසල කව්ලො පියල්ලා
වියෝලේ බයිලා - බැලරිනා සුකී ඇනී මෙරේ හයි කපරිඤ්ඤා....



ලංකාවේ වසන අප්‍රිකානු සම්භවයක් ඇති ජනයාගේ සංගීතරටාවන් අනුව සකස්ව ඇති බැවින් මෙය කොදෙව්වන්ට වඩාත් සමීප වනු ඇත. සුලු ටෙම්පෝ වෙනස්කිරීමකින් 'ගන්ග්නම් ස්ටයිල්' නැ‍ටුමකට කදිම එකක් ලෙසද මට මේ ගීය හැ‍ඟේ.  වචන සම්මිශ්‍රණයේ සම්බන්ධයක් සොයාගත නොහැකි වුවද එක් එක් වචනය ඇසුරෙන් මෙය ඕනෑම ලෙසකට අර්ථදක්වා හත හැක.

තරඟය අවසන් වී සතුටට හෝ දුකට  අප හා එක්වන 'මිතුරා' හා පමණට වඩා බජනය  නිසා සඳුදා  'මංඤ්ඤං මොකෝ?' ගනනට නොවැටීම ඔබ සතු වගකීමකි.
නැතිනම් "අච්චරු මං කොඃ..??" කියා ඔබට ඔබවම සෙවීමට වනු ඇත...
ඒ වගත් මෙසේම ෴

34 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

//අන්ත කීපයක් අතර මැදින් සිටගැනීම යනුද අන්තයක් විය හැකි බව දන්නේ ටික දෙනෙකි. මෙය බුදුන් වදාල මධ්‍යම ප්‍රතිපදාව ලෙස අර්ථදක්වන්නට තරම් සමහරෙක් නිර්භයය. සරල රේඛාවක මැද තීරණය කරන්නේ අන්තදෙක බව තේරුම් ගැනීම ප්‍රස්න විසඳීමට පෙර අවබෝධකරගන්නේ නම් මැනවි.//

මෙන්න කෑල්ල...

ලකී සිරි said...

මැඩ්‍රාස් ඩොක්ටර්, භාතිය සන්තුශ්, රාජා අල්විස් හරහා ග්‍රැන්විල් රුද්‍රිගො ලඟට එනකොට මුලු ලෝකෙම මගෙ වටේ කැරකෙනවා වගේ දැනුනා..ඒකත් හොඳයි ..කියන්නෙ වර්ල්ඩ් කප් එක ගැන නිසා.. :)..කොහොම වුනත් වැඩිය කියන්න ගියොත් පටලැවෙන නිසා මමත් කෑල්ලක් ගැන විතරක් කියන්නං..

// ඒ මානසිකත්වය නිසාම දෝ හෝ බොහෝ විට මුලින් උත්තරයක් හෝ අරමුණක් නිමවා එයට ප්‍රස්නයක් සකස් කරගැනීමට අප දක්ෂකම් දක්වයි.//

ඒකත් මරු කෑල්ල..

සිංදුවටත් සිංදුව කියන ග්‍රැන්විල්ටත් එකසේ ප්‍රියයි.
මේ වගත් එසේමයි. :)

amila chathuranga said...

මාරයට කෑල්ලක් අහුවෙලා..මට කෑල්ලක් අහු වුනේ නෑනෙ...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

// අන්ත කීපයක් අතර මැදින් සිටගැනීම යනුද අන්තයක් විය හැකි බව දන්නේ ටික දෙනෙකි.//

පොඩ්ඩක් පැහැදිලි කලා නම්

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

Sri Lanka vs West Indies.. Going to be legendary.. :)...the only 02 nations, that truly understand the spirit of the game of cricket...කියලා කෙනෙක් කිව්වා.......... ඇත්තට මඤ්ඤං පෝස්ට් එක කියෝල.

ගල්මල්-Coral said...

පැත්තකට කිරන පඩි දා අනෙක් පැත්තේ බඩු දා කිරන පරණ තරාදිය තුලනය ගැන යමක් පෙන්නනවා, මතක් කරනවා. මුදලාලි අතින් වහන්න උත්සාහ කෙරුවත් පාරිභෝගිකයාගේ ඇස කොහොම හරි සමතුලිත බව සොයනවා. අද ඉලෙක්ට්‍රොනික යුගය, කළු පැනලයේ දිස්වෙන ඩිජිට් කිහිපය පෙන්වන දෙය හරි යැයි බාර ගන්න ඇස් හිතට ද බලකනරවා. මොනතරම් වැරදියට කිරුවත් අහන්න බැහැ, මොකද කැලිබරේට කරලා සහතික කරන්නේ හරි යැයි සම්මත තැනකින්.

Weni said...

කාලයක් අතුරුදහන් වෙලා තපස් රැක්කද මන්ද තිසා..?

Bindi said...

මොකක් වුනත් කමක් නැහැ . අදනම් කම්මැලි නැතුව ලියල . අන්ත දෙකක් මැදින් ඉන්නේ සමහර විට වාසියට .[ කතන්දර තුනේ සම්බන්ධය ගැන කල්පනා කරමින් . .........]

Pathum Herath said...

මේ අර දෙමළෙන් ලියල තියෙන ටිකත් සිංහලෙන් ම දැම්ම නම් අපිත් කියවනවනේ... දැන් ඉතින් සිංදුවේ 0.5යි නේ කියන්න්අ වෙන්නේ..

උදිත said...

අයින් රෑන්ඩ් ට අනුව ඕනෑම කාරණයක් තුල දෙපැත්තක් ඇත එක පැත්තක් නිවැරදි වන අතර අනික් පැත්ත වැරදිය, නමුත්මේ දෙක අතර මැද අනවරතයෙන්ම ඇත්තේ නපුරු දුෂ්ඨත්වයයි මගේ බ්ලොග් එකේ ආදර්ශ පාඨයත් එකමයි "අන්ත කීපයක් අතර මැදින් සිටගැනීම යනුද අන්තයකි" යන්න ඔබගේම ඔරිජිනල් අදහසක්ද? කරුණාකර මේ අදහස මීට වඩා පැහැදිලි කර දෙන්න පුලුවන්ද? අයින් රෑන්ඩ් කියපු එකනම් බුදු දහමේ මධ්‍යම ප්‍රතිපදාව එක්ක පටලන්න බෑ.දේශපාලනආර්ථිකය සහ ආගම යනු දෙකකි. මේ දෙක පටලවා ගතයුතු නැත.හරියට අර ග්‍රහලෝක ඉර හඳ වැනි වස්තු වල හැසිරීම නිරීක්‍ෂණය කරණ අයින්ස්ටයින් ගේ තියරියක් කාමරයක් ඇතුලේ ඉන්න පුද්ගලයන් දෙන්නෙක්ගේ හැසිරීම සඳහා යොදන්න බෑ නේ.

හිරු said...

තිස්ස අයියා ආයිමත් නහයයි දිවයි ඔක්කොම මඤඤං කරන්න හදන්නේ.. හි හි

ඉස්සර ඔය සින්දුවේ “මයාවෝ අකල්මකෝ“ කෑල්ල විතරක් දැනගෙනත් ඕක කියන්න විඳපු දුකක් මතක් උනා.. හි හි... ( ඉස්සර ඉතිං සීඩී තිබ්බයැ අපිට.. හි හි..)

///තරඟය අවසන් වී සතුටට හෝ දුකට අප හා එක්වන 'මිතුරා' හා පමණට වඩා බජනය නිසා සඳුදා 'මංඤ්ඤං මොකෝ?' ගනනට නොවැටීම ඔබ සතු වගකීමකි.
නැතිනම් "අච්චරු මං කොඃ..??" කියා ඔබට ඔබවම සෙවීමට වනු ඇත...
ඒ වගත් මෙසේම ෴////

මේ වැදගත්ම කෑල්ල කාටවත් පේන එකක් නෑ නේදෑ... හි හි...

JP said...

බොහොම ස්තුතියි තිස්ස අයියා, රාජා අල්විස් මතක් කලාට .....හිත ඈතට ඇදී ගියා . මට මතකයි ඔහු නිතරම "මෙහෙම සුළු කොර ගෙන සුළු කොර ගෙන යනකොට උත්තරය එනවට කරන්න දෙයක් නෑ" කියනවා ...රොටරි එකට යන පාරේ තාප්පයක ඒ දවස් වල ලියල තිබ්බා "රාජා බුදු වේවා " කියලා...ඔප්පු කරපු බාරයක් වෙන්න ඇති .:)

නිදහසේ නවාතැන said...

\\ සුක්ෂම පන්දු යැවීමේ උපක්‍රම, උපක්‍රමශීලී පන්දු ‍රැකීම් සඳහා ස්ථානගත කිරීම්, හමුවේ මන්ද ගාමී වන තරගයට පණපෙවීමට මේ ගීය සමත්වනු ඇතියැයි මම සිතමි.\\

ඒක කොහොම වෙතත් දිව නම් උලුක්කු කර ගත්තැකි කරදරයක් නැතිව..
…: P

රූ.... said...

දෙවනි සින්දුව නම් කලින් අහපු බවක් මතක නෑ..මට ගිං ගං ගුලි ගුලි සින්දුව මතක් වුනා..

Podi Kumarihami said...

//චියර් ලීඩර්ලාගේ නැ‍ටුම් බලා මදකින් තෙහෙට්‍ටු වූ විට//

මට නම් ඒක බලනකොට නැති තෙහෙට්ටුවක් දැනෙනෙනවා...:D

මම මේ කල්පනා කලේ දිනුවත්, පැරදුනත් මැදිහත් සිතින් ඒ ඉවසන්ට කියන එකද මේ කියන්නේ?

තිස්ස දොඩන්ගොඩ said...

මාහෝ: :-)

ලකී: මසුරං කියුං...!!

අමිල: ඔය මදෑ..

බුවාගේ සිතුවිලි: අන්ත ඇසුරෙන් මැද ගැන වටහීමක් ගැනීම අවදානම් කියන එකයි...

කවිකාරී: ඔබතුමීලට තියනා ප්‍රස්න මදෑ මේ දිනවල...

ගල්මල්: ඔය තියෙන්නේ යසට...

වෙනී: "මන්ද තිසා" ෂෙහ් :-(

බින්දි: අර මදුරාපුර ආචාරියානම් එහෙම්මමයි

පැතුම්: 0.06 නෙවෙයිද ;-)

උදිත: ඔරිජිනල් නෙවෙයි මගෙ හිතේ...
නිර්මාණශීලීකම අඩුවුණහම, හිතන්න මහන්සි වෙන්න කම්මැලි වුණහම, තියන එව්වායින් ටික ටික අරන් අච්චාරුවක් හදන එක ඒ හැටි කාරියක් නෙමේ - සමහර වෙලාවට රාජා අල්විස් මහත්තය කිව්ව වගේ ප්‍රස්නෙම වැරදි වෙන්න පුලුවන්...
සිත් පිත් ඇති එව්වට ඉතින් භෞතික නියමයන් අදාල නෑ තමා... ඒත් විස්තර කිරීමේ පහසුවට යොදාගත හැකි නේද?
'එක ගඟක ඉවුරු දෙක කවදා කොතැන මුණගැසේදෝ' - නිකන් ඒ වාගේ?

හිරු: හිරු බොහොම සිම්පල් වාගෙම සුක්ෂ්ම කල්පනාවක් ඇත්තෙක් "බව පෙනේ"

JP: කියල වැඩක් නෑ මලේ - උන්නැහැ නැත්නම් ඉතින් වැස්සකටවත් ගොඩවෙන්නද ඉතින් ඔය කැම්පස් පැත්තේ අපි...

නි. නා. : හෙහ් හෙහ් හෙහ්

රූ: ඔය නාට්‍ය මහත්වරුන්ට අමුතු ප්‍රහසන විධික්‍රමයක් තියේ

පළිපාන මැතිනිය: දෙවැනි සින්දුවේ නම් ඒ වගේ තේරුමක් තියේ ;-)

Lishan Puwakowita said...

ගීතය රසවත් බවින් අනූන වුව., අරුත් පිරි බවින් නම් ඌණ යයි හැඟේන අවස්ථාවල මම නම් කරන්නේ ඒ ගීයේ තාලය රසවිඳිනවා මිසක අරුත සොයමින් ගීතය තුලට කැණ බැලීම නොවෙයි.
කෙසේ නමුත් බී ඇන් එස් දක්ෂතාව කෙසේ වුවද, උහු ඩාදිය පෙරාගෙන නටා ගිරි පුප්පා ගයන එක ගීයකට දරන මහන්සිය, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් හෝ සෝමතිලක ජයමහ වැනි වුන් නිසංසලේ "පැත්තට වාරුවී" ගයනා ගීත තිහකට සමානය.
වෙනස ඇත්තේ එහිය. නිසන්සල අරුත් පිරි ගීත අසන්නට කෙමෙන් කෙමෙන් අපේ සමාජය නිර්වින්දනය වෙමින් පවතී.., ඒ වෙනුවට බාගෙට සැලුන් දොරෙන් රිංගා එන ගීතකලාව උරුමවෙමින් පවතී. සසිරි පිරි මෙසිරිලක ගීත සාහිත්‍යයේ ඓෂ්චර්යය එයයි..,
එතෙක් අපි කට කොණහන ගීත අසා "අච්චරු මං කොඃ" කියමින් ඒතුල අහිමිව යන අපිව සොයමු..!

මකුළුවා..... said...

තිස්ස අයියේ....

ඇත්තටම කියනව නම් භාතිය සංතුශ්ලට ඔයිට වඩා හොඳ සිංදුවක් කරන්න තිබ්බා...

අපි ඉතින් අර කිව්වත් ව‍‍ගේ මැද පෙළේ ඉන්න උදවිය හින්දා මධ්‍යස්ථ ඇහැකින් බැලුවම අවුලක් නෑ වගේ....

Praසන්ன said...

අද මැච් එකවත් බලන්න ඕන.

Dude said...

දැන් මම මැච් බැලිල්ල අල්ලලා දාලා තියෙන හන්දා මේකෙ අන්තර්ගතය, ඒ කියන්නෙ අපේ කොදෙව් මානසිකත්වය වගේ දේවල් ගැන මගේ දැනුම නම් අල්පයි. ඒ නිසා. මඤ්ඤං!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

Miyuru said...

මැද ඉන්නෙ දිනන පැත්තට පැනගන්න ලේසි හින්ද වෙන්නැති නේද.... :D

භාතියලගෙ සින්දුව නම් මං අහලා නෑ.... අනිත් සින්දුව නම් කලින් අහලා හොඳට රස විඳලා තියෙනවා...

රාජා සර් ගැන අපි මේ ළඟදිත් මතක් කළා තිස්ස, ෆ්‍රී වේ එකක ඇක්සිඩන්ට් එකක් දැකලා.... මම සර්ගෙ ගෝලයෙක් නොවුනට සර් රොටරි එකේ මේන් හෝල් එකේ පන්ති කරද්දි අපි උඩ තට්ටුවේ දෙව් රුවන් අල්විස් සර්ගෙත් පාලිත දේවරාජා සර්ගෙත් පන්තිවලට සහභාගි වුනා...

Anonymous said...

මායාවෝ අකල් මකෝ- ටිප් ටොප් සින්දුව. මගෙ නමත් තියෙනවා, ලොල්. හරිම ලස්සනයි.
පෝස්ට් එකටත් (Y).

Chandi said...

රාජා අල්විස් සර් ගෙ පන්තිවලට මාත් ගිහින් තියෙනවා. අපේ ගෙදර ඔන්න ප්‍රජෙක්ටරේ දාල දැන්ම මැච් බලන්න ලැහැස්තිය. සේරම ක්‍රිකට් පිස්සන් නෙ. ජය පතනවා ඉත සිතින්ම අපේ කට්ටියට. මායවෝ අකල් මකෝ අප්‍රිකානු ජන ගී උරුවක් තමා තියෙන්නෙ. හැබැයි බටහිර අප්‍රිකානු රටවල තමා මෙහෙම ගී ගැයෙන්නෙ.

රතු රජරට said...

අයන් රෑන්ඩ් ගැන නම් මම දන්නේ නෑ ඒ හැටි දෙයක්, නමුත් රෑන්ඩ් ගේ ඉගැන්වීම් වලට පිස්සු වැටිලා හිටිය නීල් පියර්ට් කියන ඩ්‍රම් කාරයා ගැන නම් මම ටිකක් දන්නවා. ඔහු ගැන මම පත්තරේට ලිපියකුත් ලියුවා. කොහොම නමුත් තිස්ස අයියා කියන ඔය අතර මැද කතාව රෑන්ඩ් ගේ වාස්ත්විකරණය සමඟ ගැට ගැහෙන එකක් නෙමෙයි. රෑන්ඩ් ගෙ අදහස් මුළුමනින්ම දෙශපාලනිකයි. තිස්ස අයියා අර මැද්දෙ කතාව කීවේ ජීවිතය ගැන භාවමය අර්ථයකින් කියලයි මට හිතුනෙ.
කොහොම උණ්ත් අන්තිමට අපි අනුශූරයෝ වුණා. කොහොමත් අපි හැමදාම අනුශූරයෝ තමයි. මට එහෙම හිතුණේ සූරයෝ වෙන්නේ දියවන්නාවෙ අය විතරක් නිසයි.
හ්ම්ම් ...,...,ඒ කතා ඇති. තිසා අයියේ..( ගම්පෙරළියෙ තිස්සට අනුලායි නන්දයි කතා කරන්නේ තිසා කියලා. --මතකද- තිසා ගම හිටියොත් නරක් වෙනවා ..අයියේ, ගම්පෙරළිය ෆිල්ම් එකේ තිස්සට රඟපාන නළුවා කවුද ) මට අහන්න තියෙනවා ලොකු ප්‍රශ්නයක්. අයියා දන්නවා ඇති අර ධර්මදාස වල්පොළගෙ සිංදුවක් තියෙනවා, 'කොවුලන් හඬයි කණට මිහිරක් නැගෙයි..-..-ඔන්න ඔය වගේ අපූරු සිංදුවක්. අනේ පුළුවන් නම් මට ඔය සිංදුව හොයලා දෙන්නකෝ.

තිස්ස දොඩන්ගොඩ said...

ලිෂාන්: හෙහ් හෙහ් හෙහ් පස්ට උදාහරණය

මකුළුවා: ඔබ හරි මකුලුස් - මටත් එහෙම හිතුන - වඩා හොඳ එකක් - මේක කලබලේ කරාපු එකක් වාගේ

ප්‍රසා: බැලුවද? ;-)

Dude: මාත් ඔය පත්තර බලල ඉගෙන ගත්තු දේවල් මචෝ.. :-)

මියුරු: අන්න මියුරු දිනුම් පදයක්...
රාජා මහත්තයයනම් ඉතින් දෙය්යෙක්ම තමා...

චාන්දි: දැන් ඉතින් තාම නටනව ඇති උන්දැල :-(

රතූ: රත්තගේ දැක්ම මම අගයනව - ඒකයි ඒ බ්ලොග් එක බලන්නෙත් මම - සින්දුව තිබේ - දාන්නම් ඔබ කැමති ගී පි‍ටුවට මේ බ්ලොග් එකේම හරි?

තිස්ස දොඩන්ගොඩ said...

අරකට උත්තර දෙන්න බෑරි වුණානේ - වික්‍රම බෝගොඩ මතක හෑටියට ඉන්නේ තිසාට..

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

//ඔබතුමීලට තියනා ප්‍රස්න මදෑ මේ දිනවල..//.
වැරදියි තිස්ස. අපට ප්‍රශ්න තිබුනෙ 93 ලංකාවට ආපු අලුත. අපි ඒවා යම් දුරකට විසඳගෙන ඉන්නෙ. මේවා එකලස් නොවුනොත් ප්‍රශ්න අනාගතයටයි. අපිට නොවෙයි. මේ ඔබගේ උත්තරය කියෙව්වම හිතුන දෙයයි.

ලකී සිරි said...

+++++++
අපුරු කොමෙන්ට් එකක්...පෝස්ට් එකටම ගැලපෙන..:))

තිස්ස දොඩන්ගොඩ said...

කවිකාරී: මේක රාජා අල්විස් මහත්තයගෙ කමෙන්ටුවකට ගැලපෙනව කියලත් හිතේ...

itnishantha said...

මගේ බ්ලොග් එකෙත් කොමෙන්ට් කරලා තිබුනට ඔන්න අද තමා මේ පැත්තේ එන්න හම්බුනේ. ශේහ් මම ගොඩක් පරක්කු වැඩි වගේ හිතෙනවා. නියම සින්දු ගොඩක් මෙතන තියනවනේ. අපරාදේ net එක පිර පීරා හෙවුවේ. පුලුවන්නම් මට නදීක ගුරුගේ කියන "ග්‍රීස් ගහේ මුදුනටම ගියා" කියන සින්දුව දෙන්න ලොකු උදවුවක්. itniashantha@gmail . com ඔබට ජයෙන් ජය

ඉන්දික උපශාන්ත said...

පළවෙනි සින්දුව පස්සේ ඇඹරැල්ල දාපු වස්සා වගේ උනාට ඔය දෙවනි සින්දුව අප්‍රිකන් තාලෙට පෘතුගීසි වචන දාපු ගතියකුයි තියෙන්නෙ!

එක පාරක් සුනෙතගෙයි ගාමින්දයගෙයි ප්‍රොග්‍රේම් එකක ඕක කියනව ගීතෙන් ගීතෙට. එක පාරට "මඤ්ඤා" කියනකොට බෙලේ ගහල අනිකට කියනව "ඥ" වලින් පටන් ගන සින්දුවක් කියන්න කියල.


" සුක්ෂම පන්දු යැවීමේ උපක්‍රම, උපක්‍රමශීලී පන්දු ‍රැකීම් සඳහා ස්ථානගත කිරීම්, හමුවේ --මන්ද ගාමී වන-- තරගයට"

අනාවැකි කියන්නගත්තොත් හොඳ දියුණුවක් තියෙන පාටයි :D

සරත් ලංකාප්‍රිය said...

ග්‍රැන්විල් කියපු තව එක සින්දුවක් තිබ්බ මතකයි.. සුළු කාලෙකින් හිනිපෙත්තටම නැග්ග නළුවෙක්.. ලොකු වේදනාවක් ඇතිකරලා යන්න ගියේ..

අටම්පහුර said...

ගොඩ දවසකින් ඔන්න මේ පැත්තට ආවා

අනුරාධ said...

මංඤ්ඤං වගේ කියවලා ඉවර වෙද්දි. ;)

Post a Comment

 
Blogger Wordpress Gadgets