මට නම් මේ ගීය හීනයක් වගේ ඔලුවේ ඇතුලේ තියනවා... ඉස්කෝලේ යන කාලේ අහපු සින්දු.... සෝමරත්න පෙරේරා ගේ ගීයක් මම කලිනුත් දැම්මා... ඒක "කැල්මෙනා සඳැස සදිසි කියන ගීය... සිංහල ජන ගී ආරට ලියවුණු හා තණු නිර්මානය වුණු මේ ගී දෙකම මගේ ගී එකතුවේ මුතු දෙකක්... සැබැවින්ම සිහිනෙක මා මන බැන්දූ....
මල් මඳහස රැඳුනි තොලේ...
රන් ගෝමර ඉසුනු බඳේ...
ගල් අමුණෙන් පැන්න ලඳේ...
සිරියා කත ඔබය ගමේ...
සේලේ රැලිලා ඇන්ඳූ...
ගී සීපද රස ගැන්වූ...
වෙල් එලියෙන් ආ ලන්ඳූ...
සිහිනෙකි මා මන බැන්දූ...
ගෙලවට මිනිමුතු බැන්දූ...
රනට වලලු අත රැන්දූ...
වෙල් එලියෙන් ආ ලන්ඳූ...
සිහිනෙකි මා මන බැන්දූ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
photo courtesy Dr. Mrs. Chandanie Wanigatunge
මල් මඳහස රැඳුනි තොලේ...
රන් ගෝමර ඉසුනු බඳේ...
ගල් අමුණෙන් පැන්න ලඳේ...
සිරියා කත ඔබය ගමේ...
සේලේ රැලිලා ඇන්ඳූ...
ගී සීපද රස ගැන්වූ...
වෙල් එලියෙන් ආ ලන්ඳූ...
සිහිනෙකි මා මන බැන්දූ...
ගෙලවට මිනිමුතු බැන්දූ...
රනට වලලු අත රැන්දූ...
වෙල් එලියෙන් ආ ලන්ඳූ...
සිහිනෙකි මා මන බැන්දූ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
photo courtesy Dr. Mrs. Chandanie Wanigatunge
මේ ගීතය රේඩියෝවේ යද්දි ඇහුණනම් මම මුලදිම අනිවාර්යෙන් චැනල් එක මාරු කරයි. ඒක පුරුද්දට වගේ ගිහිල්ල. ඒ උනත් මෙතැනදී මේ ගීතය ඉවර වෙනකම් ඇහුව. මගේ හිත ඇද බැඳ තබාගත්තා කියල කියන්නෙ නැහැ. ඒත් ගීතයෙන් යම් රසයක් වින්ද.නොසැලකිල්ල නිසා මට අතපසුවීමට තිබූ රසයක්.
ReplyDeleteතිස්ස අයිය කරන්නෙ සේවයක් කියල හිතෙන්නෙ මේ වගේ සිදුවීම් නිසා තමයි.
උඹට ජය අයියේ.
ගැමිකම අපූරුවට හිතට දැනෙන ගීතයක් අයියේ ...... කාර්ය බහුලකම නිසා අයියා අතින් නොලියවුණ පෙරවදන පසුවදනක්ව සුලා අයියා අතින් අනිවාර්යෙන්ම ලියවෙයි කියලා බලන් ඉන්නවා.....
ReplyDeleteසිරියා කත ඔබය ගමේ...
ReplyDeleteඅක්කාට නම් බොහොම හැපී ඇති...
තිස්ස අයියා .. මට පේන විදිහට පූර්විකාව ලිවීම කෙලින්ම සුලාට බාර දෙන් වැඩක් වගේ මේ ගීතය නම්....
ReplyDeleteරන් ගෝමර ඉසුනු බඳේ...නම් දැන් කාලෙ ගැහැණු ළමයි සිතින් දුක් වෙන බෙහෙත් එහෙම ගන්න යන ප්‍රධාන පෙලේ රූපාලංකාර හෙවත් බියුටි කල්චර් ගැටළුවක්...
පින්තූරෙ දැක්කමනම් මට එකපාරට මකත් වුනේ අයිය සන්ලයිටි ඈඩ් එකක්... ( අනේ තරහ වෙන්න එපා... හිතුන දේ කීවේ)
ගීතයනම් හරිම අගෙයි......
"ගිරි හෙල් මුදුනේ මනෙල් නොපිපේ" මොහිදින් බෙග්ගෙ මේ සිංදුව අපිට දෙන්න පුලුවන්ද?
ReplyDeleteපුලුවනි... ටික දිනකින් ඇවිත් "ඔබ කැමති ගී" පිටුව බලන්නකෝ හොඳේ...
ReplyDeleteතිස්ස උඹේ මන බැන්දූ සිහිනය නිසාය මේ පිංතූරය තෝර ගත්තෙ කියලා අනුමාණ කරනවා.
ReplyDeleteඔය පෙති ගෝමර කියන්නෙ ඇත්තටම අලුහම් කියන චර්ම රෝගී තත්වයද??
පින්තූරෙ නම් වැඩක් නෑ අය්යෙ, ඔයාගෙ හීනෙ හැටි ඒකෙන් ම පේනව..
ReplyDeleteප්ලාස්ටික් කූඩයක් පැත්තක... ගැලපෙන පින්තූරයක් තෝරගන්න තේරෙන්නෙ නැද්ද මන්දා...සින්දුවක් දාද්දි..සින්දුව කාල... පින්තුරෙනුයි හෑල්ලෙනුයි...
කොහොමත් ඊයෙ ඔලුවෙ අමාරුවකුයි කොන්දෙ අමාරුවකුයි දෙකක්ම තිබුනනෙ...
ඒක වෙන්න ඇති මේ..
පොච්චියෙ!! තිස්ස අයියෙ, කට්ටියට මොකෑ වෙලා තියෙන්නෙ මේ?
ReplyDeleteඅර රේවන් කිව්ව වගේ වෙන තැනකදී ඇහුවනම් මේ මොන සින්දුවක්ද කියලා හිතෙනන පූලුවන් ගීතයක් මෙතනදී අහද්දී අපූරුවට විඳිමේ හැකියාවක් එන්නේ මොන හේතුවක් හින්දද මන්ද තිස්ස අයියේ.සමහර විට සින්දුව මෙතැනට එක කරද්දී තිස්ස අයියගෙ අත් ගුණයත් එකතුවෙනවද කියන්න බෑ.ඒ නිසාවෙන්න ඇති මෙතැනට එකතුකරන ඕනෙම නිර්මාණයක් හොද රහට තියෙන්නේ
ReplyDelete@Raven: අනේ මන්දා මල්ලියේ... ඔය සින්දු මගේ ඔලුවේ නිකන්ම සටහන් වුනු ගීත....
ReplyDelete@විශ්මි: හෙහ් හෙහ් හෙහ්...දැන් පොඩි සම්‍යක් ප්‍රයෝගයක් වත් කරන්න බැහැනේ....
@මාරයාගේ හෝරාව: ගමේ...හුහ්....රටේ...!
@Wath / චේජනා: මේක ස්වාභාවික පින්තූරයක්... මම් මේකට කැමති ඒකේ තියන සමමිතික ස්වරූපයට මූලිකවම... දෙවනුව මට කනගාටුවක් ආවා...ඈ හෝදන්නේ එක ගවුමයි නේද...? ඊලඟ දවසේ පාසලේ වැදගත් යමක් ඇති නේද....?
@Pali: සිහිනය සිහිනයක්මය....
දෙවැනි කාරනය... දැන් ඉතින් ඔය සීයක් හමාරක් පරීක්ෂා කරානං හරියට කියන්න තිබුනා...
@freedom: හෙහ් හෙහ් හෙහ්...
@දිල්: මගේ නං අත් ගුනයක් නෑ දරුවෝ, ඔය Raven, මාරයා, යෝගී, සුලා ලියන එවා බැලුවහම... අන්න ලියැවිලි...
Oh..my god.. I m really sorry...
ReplyDeleteChejana
අයියෝ අයියෙ..... එකවරකට එක ගවුමනේ සෝදන්න පුළුවන්. අනිත් ටික වැව් බැම්මෙ ඇති. අනික ප්ලාස්ටික් බෑග් එකක් පිරෙන්න ඈඳුම් ගේන්න ඇති සෝදන්න... අයිය දකින්න හදන්නේ දුක් පැත්තම විතරයි වගේ ......
ReplyDeleteනෑ නංගී පිංතූරේ ඊට වඩා ලොකුයි... මම ඔය පොඩි කරලා දැම්මේ... ඒ ළමයා ඒ ගවුම හැන්දෑවේ කඩිමුඩියේ සෝදනවා... මටත් A/L කරන කාලේ, දෙවනි අවුරුද්දේ අදින්න තිබ්බේ එක කලිසමයි තිබේ... සිකුරාදාට උත්සවයක් තිබ්බොත් මගහරිනවා ඇරෙන්න මටත් විකල්පයක් තිබ්බේ නෑ...
ReplyDelete"අපි කෑ හැටි ලිපා දනී" කියන්නැහෙ දුක වින්ද මිනිහට විතරයි තවත් කෙනෙක්ගෙ දුක පේන්නෙ.
ReplyDeleteවත් අක්ක කියන්න කළිං පොඩ්ඩක් හිතල බැලුව නම් නේද හොඳ...
මම ලිව්වෙ එච්චර ගැඹුරින් හිතල නෙවෙ අය්යෙ,
ReplyDelete(අන්තිම ටික නම් ලිව්වෙම ඉතින් කට කහනවට.. ඒක ඉතින් දන්නවනෙ ඔයා..)
ඒත් මට දුක හිතුනෙ මට ඒ පින්තූරෙ කොච්චර දේවල් මග ඇරිලද කියල හිතුනම..මම කවම දාකවත් අනුන්ගෙ දුකක් ඉස්සරහ හිනා වෙන්නෙ නෑ..
ඒත් ඔයා ගෙ උත්තරෙ කියෙව්වම මට මතක් උනේ...අර විමලරත්න කුමාරගම කවියගෙ කවි ටිකක් තියෙන්නෙ.. මට කවි මතක නෑ..
ඒත් අදහස මතකයි..
ගමකට යන කෙනෙක් පුංචි පැලක් ෆොටො ගන්නව..ඒත් ඒ පැලේ ඉන්න මිනිස්සුන්ගෙ දුක එයාට මග ඇරෙනව..
'ගත්තා ෆොටෝවක් පිටිසර සිරි පිනිස..' කියන චුට්ට විතරමයි මට මතක...
දුක, කණගාටුව, සතුට, එකතු කරලා අපේ රට වෙනුවෙන් කරන්න තියෙන දේ කරමු... අනෙක් කෙනා නෙවෙයි තමන් ගේ හිත හොඳින්ම දන්නේ තමුන්ම නේ...!
ReplyDeleteනැත්නම් ඉතින් මේ කොයි දේත් අවකාශයේ පාවෙන තවත් විද්‍යුත් චුම්බක තරංගයක් විතරයි....
චේජනා කියන්නෙ පිටිසර සිරියාව කවි පන්තිය වෙන්ටැති. 10 වසරද මන්දා සිංහල පොතක තිබ්බා මතකයි.
ReplyDeleteමම හිතන්නෙ පටන් ගන්නෙ මෙහෙම
වහලේ සිදුරු අතරින් වැහි බිඳු බේරේ
ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ
කටු මැටි බිත්තියේ පොළොවට බිම තීරේ
මැටි ගැලැවිලා දිය කඳ යයි ගෙය පාරේ
දැළි කුණු වැකුණු ඇයගේ වැරැහැළි රෙද්ද
ලිපකට දැමූවද අයියෝ ඇවිළෙද්ද
සැප යනු ඇයට මොන තරමේ බොරුවක්ද
ඇගෙ දුක අපායකවත් ඇත්තට ඇද්ද
තව එහෙන් මෙහෙන් මතකයි.
කොහොම නමුත් තිස්ස අයියෙ අද ගීය මා තුළ ඇතැයි මාත් නොදැන සිටි රසවින්දනාත්මක හැකියාවන් හඳුන්වාදෙනවා. ඒ අතරම මෙවන් දෑ සොයා අප සමඟ බෙදා හදා ගැනීම ඉතාමත් අගයනවා. අනේ පැරණි ගුවන් විදුලියට මා දැන් දැන් ලොබ බඳින තරම්...මන්ද, මේ ගී ඇසුණු කාලයේදී එහි රස විඳිනු හැකි තරම් මේරු මනසක් නොමැති වූවෙනි. ඔබට පිං
ඉකිබ්ඳුමකට පෙරාතුව...
ReplyDeleteපෙති ගෝමර පිරුණු බඳට..රිදී මාල පළඳන්නට..
හද මැදුරේ පැතූ පැතුම්..යළි සිහිවෙනවා....
ඔබේ සිනහ ගම්මානෙන් වියැකී යනවා....
සුලා..
තිසෝ..
ReplyDeleteඋඹෙයි මගෙයි හිත් සමපාත වෙන්නේ මෙතනයි......
"දුක, කණගාටුව, සතුට, එකතු කරලා අපේ රට වෙනුවෙන් කරන්න තියෙන දේ කරමු... "
"වහින්නට හැකි නම් ගිගුම් දී…. වියලි ගම් බිම් වලට ඉහලින්…
ඉදෙන්නට හැකි නම් බතක් වී… බතක් නොඉදෙන පැලක රහසින්….."
සුලා
උණ පඳුර සිලි සිලියෙ රස ගීත කියන කොට
ReplyDeleteඅමතකව යන්න ඇති පමාවෙන බව මෙතන
හනි හනික වේලෙන්න නොදැම්මොත් සුදු ගවුම
හෙටත් පාසල් යන්න පමාවෙයි නොවෙද?? මට
දැන් ඇහෙන්නේම නැති හිතට තට්ටු කරන්න පුලුවන් අපූරු ගීත තමයි අයියා මේ පල කරන්නේ..... සමනලී හිතන් ඉන්නේ සමනලීගේ default media player හැටියට අයියගේ බ්ලොග් පිටුව තියාගන්න කියලා... කාරි නෑ නේද???
ReplyDeleteආ..... තවත් එකක්.... ගීතය වඩාත් රසවත් වෙන්නේ අයියාගේ පෙරවදන නිසයි... අත්ගුණේ... අත්ගුණේ...
ලොකු අයියා...
ReplyDeleteඅර පුරස්නේට මොකද්දෑ දැං කොරන්නේ කිව්වනං නෙවේද හොඳ?
ගීතයනම් සුන්දරයි බොහෝම. වෙනදා වගේමයි.
මට දැං තියෙන ප්‍රශ්නේ ගීත නෙමේ. උඹ මේ පිංතූර කොහොම ගලපනවද මංදා.
හිත සැහැල්ලු උනා.. ස්තුතී උඹට
-ජය
හද ගී පොතෙන් ලිපියට එක ගානෙ මං එකතු කරගන්න උපදේශ ගොන්නට තවත් එකක්
ReplyDelete"දුක, කණගාටුව, සතුට, එකතු කරලා අපේ රට වෙනුවෙන් කරන්න තියෙන දේ කරමු... "
ලොවේ දුක දැක දයාබර වී -නෙතින් කඳුළක් නොහෙලුවේ නම්
ඔබේ නාමෙන්
කුමට සත්සර රාව නංවා - හිඳිමි ගොළුවී මම්
දුගී දෑතට අත්වැලක් වී - දිරිය සවිබල නොපිදුවේ නම්
කුමට සත්සර රාව නංවා - හිඳිමි ගොළුවී මම්
මගේ මේ ගී ඔබේ ලය ගිනි - නිවනු වෙනුවට අවුළුවා නම්
කුමට සත්සර රාව නංවා - හිඳිමි ගොළුවී මම්
@nethu : මගේ මූලික අරමුණත් ඒකයි... ඒ ගී ඔබ රස වින්දානම් මගේ උත්සාහය සාර්ථකයි... ස්තූතියි කමෙන්ට්‍ටුවට... මොකද නැත්නම් මේ වැඩේ පලක් ඇද්ද යයි දනගැනීමට නොහැකි නිසා...
ReplyDelete@සුලා: ඇත්තටම සුලා ඒ ගී දෙකටම දෙයාකාරයකින් මම කැමතියි... ලංකාවම එක සැරේ වෙනස් කරනවට වඩා... මුලු ගමම එක සැරේ වෙනස් කරනවට වඩා... තමන් ටිකක් සංවේදී වෙලා ලඟම ඉන්න මිනිහාගේ දුක සැප වත් සොයා බලනවනම් නේද...?
@නිමන්ති: මම ඔබට අංකයක් දෙන්නේ ඇයි කියලා ඔබට තේරෙන්නේ නැද්ද තවත්....?
@පුංචි සමනලී: හෙහ් හෙහ් තියාගන්ට තියාගන්ට...
මාරයාට අත්ගුණේ කිව්වා කියලා දැන් මට හැමෝම කොචොක් එක දානවා නේ....
@යෝගී:
පුරස්නය එක: වෙනිවැල්ගැට හොඳා නේ...?
පුරස්නය දෙක: පත කුඩාද...?
@freedom: ලස්සන පද පෙලක් ... ගීයක් ද...? මං අහලා නෑනේ...?
පූර්විකාව වෙනදාට වඩා කෙටි වුනත් යොදාගෙන ඇති ඡායාරූපය ඒ අඩුව පිරිමසනවා.
ReplyDeleteසින්දුව කවදත් වගේ පංකාදුයි සොයුර.
ඡායා රූපයේ මතුවී විසිරීයන ජල තරංග හරිම ලස්සනයි, එය කාචය තුලින් දැක, අත්පත් කරගත් කලා සිතට මගේ ගෞරවය පිදුවෙමි.
හුරාරාරාරාරාරාහ්!!!
ReplyDeleteතිස්ස අයියා අහලා නැති ගීතයක් හොයා ගත්තෝ.....
ගීයක්දත් අහනවා! මගේ ජීවන ගීයක්!
මට ඔහොම ලියන්න පුළුවං උනා නම් මං අද ඉන්නෙ මෙතන නෙවෙයි!
අහල බලන්නකො.
http://dc106.4shared.com/download/42011193/8efa53b7/Gunadasa_Kapuge-_Lowe_Duka_Dek.mp3?tsid=20100501-135413-7e539326
@ගල්මල්: ඇත්තටම ඔව්... ඒ රටාවටම තමා මගේ හිත ගියේ මුලින්ම...
ReplyDelete@freedom: අනේ මන්දා පිස්සුම පිස්සු ළමයෙක් වගේ ඔයානං...හෙහ් හෙහ් හෙහ්...
හරිම සුන්දර ගීයක් ඒක... නිස්කලංකයි... අපේ සාකච්ඡාවට හොඳින් ගැලපෙනවා...
බොහොම පිං මට එව්වට.... අපිත් එක්ක ඉන්න අත් නොහැර....
ඉදින් ඉකිබිඳුමකට අවසරයි…!
ReplyDelete------------------------------------------------------------------------------
කාලාන්තරයක් තිස්සේ ගලෙන ජලය සමඟ ගැටීම හේතුවෙන් මනාව ඔප මට්ටම්ව තිබූ ගල් තලාව මත උඩුබැලිව වැතිර හුන් මා හිස් අහස් තලයත් මා වටා වූ කවාකාර වලල්ලක් සේ වූ කඳුවැටිය දෙසත් කුමණ වර්ගයේ දැයි හඳුනා ගත නුහුණු බැල්මෙන් ඔහේ බලා සිටියෙමි…ගමට පැමිණෙන එකම බස් රථය ඈත කඳු මාර්ගයේ හති අරිමින්ද විටින් විට ගිමන් හරිමින්ද ඉහලට නැගෙනුත් තිතක් වී නොපෙනී යනතුරුත් හිස් බැල්මෙන් බලා සිටියද විසිරිණු සිතිවිලි එක්තැන් කර ගැනීමට අසාර්ථක උත්සහයක යෙදුනෙමි…මගේ ඇස් පෙනෙන මානයේ වූ අපරිමිත වූ නිල් අහස් තලයත්,ගලින් ගලට පනිමින් අනවරත ගමනේ යෙදෙන දිය දහරේ සිහින් සරයත් ව්‍යාකූල වූ හදවතේ සිතිවිලි පාලු ඉසව්වක් කරා රැගෙන යන්නට වෙර දරණු දුටුයෙන් බියවූ මාඇසිල්ලේ දියට පැන්නෙමි…ජල තීරය හරහා පිහිනා ගොස් අනෙක් පස වූ ගල් ආසනයේ හිඳ දෙපා ජලයේ ඔබා ගතිමි…
මහ ගල් තලාව මැද තම්මුට්ටියක හැඩයක ආකාරයෙන් පිහිටා තිබෙන හෙයින් දිය නෑම සඳහාම වෙන්වූ මෙම ස්ථානය “තම්මුට්ටි වල”ලෙසින් ගම්මු හඳුන්වති…කුඩා ගම් පියසේ මායිමෙහි පිහිටි මෙම ඉසව්ව ගම් දෙකක උදවිය එහා මෙහා යන මoකඩක් වූයෙන් අනෙක් නාන තොටුපලවලට වඩා මෙම ස්ථානය ජනප්‍රියව පැවතුනි…
ඈ නමින් “කුසුමාවතී” නම් වූවාය..ගමේ පාසැලේ එකම පන්තියේ අකුරුකළ ඈ පිළිබ්ඳව මඟේ මතකය එන්නේ පහ නැත්නම් හයවන පන්ති කාමරවලදීය…ඉහල පන්තියක සිට අසමත්ව අපේ රැළට වැටුණු ඈ සතුව තිබූ දීප්තිමත් නෙතු සඟලත් ,මඳක් දිගුවූත් කාක නිල් පැහැයට හුරු වූ කෙහෙවල්ලත් නිසාවෙන් මගේ මතකයේ යම් ඉසව්වක් ඈ සඳහා වෙන්වූවායැයි සිතිය හැකිය….
මීට අඩහෝරාවකට පමණ පෙර ඇල කණ්ඩියේදී ඈ නැවත මුණ ගැසීමත්”අඩේ….මචo උඹව දැක්ක කල්” යනුවෙන් ලෙoගතුව ආමන්ත්‍රණය කිරීමෙනුත් වයස අවුරුදු දෙකක් තුනක් පමණ වේයැයි සිතිය හැකි පුoචි ලැදැරියක් ඇගේ චීත්ත ගවොමේ එල්ලී ලජ්ජාවෙන් මුහුණ සඟවා ගැනීමත් යන කාරණා බොහෝ දේ පසක් කලේය….
“මගේ ලොකු කොල්ලට අවුරුදු නමයක්..!උඹ තාම බැන්දෙ නැද්ද බo..??...ඇයගේ කටට ඉස්පාසුවක් නැති තරම්….
--------->ඉදිරියට--->
සුලා
කඳු මුදුනට වන්නට වූ අපගේ පාසැල් ගොඩනැගිල්ලේ දර්ශණ පථයට හසුවන විටෙක ශාන්තවත්..විටෙක චණ්ඩවත් අනවරතව ගලායන මේ ගo කොමළිය දෙස අපේ උන් රැළ සම්ගින් ඔහේ බලාසිටි වාර මෙතෙකැයි කිව නොහැක..ඔයෙන් එගොඩ ගම්මානයේ එකියක වූ කුසුම් වැස්සක් හෝ වැහි බීරුමක් තිබුන දවසකනම් පාසැල් නො එයි…මන්ද එවැනි දින වලදී මේ මoකඩින් එහා මෙහා යෑම අවදානම් සහිත වීමයි..ලඳු කැලා,වෙල් නියර,තේවතු හරහා හැතැප්මක් දෙකක් (අනුමානයෙන් ) ගාටා පාසැල් එන ඇයපුරුද්දක් ලෙස ප්‍රමාද වීම සුලභය…අමාරු ගණිත ගැටළුවකදී,රචනයක් ලිවීමට කරුනු සෙවීමකදී,අවස්ථාසම්බන්ධ යකදී ඈ මා අසලට දිව එන්නීය….පන්තියේ සෙසු උදවියට වඩා පසු පෙළ අයවළුන් මා කෙරෙහි බැඳී සිටියේ ඉහත කී අවස්ථාවලදී වරක් නොව කිහිප විටක්ම උවද මැසිවිලි නොකියා උන්ට පාඩම පහදා දෙන හෙයිනි…එවන් වූ සමහර දිනකදී මඟදී අකුලකට රින්ගා නෙලාගත් හිඹුටු,ඇඹුල් පේර,හිඹිලිය,දඹ වැනි දෙයක් මා අත තබා අහිoසකව ඈ හිනැහෙයි…
ReplyDeleteගැටවර වියට එළඹෙත්ම අප අප කෙරෙහි වූ බැඳීම දැඩි සහෝදර බැම්මකින් වෙලාගනුද එකිනෙකා කෙරෙහි විශ්වාශයෙන් ඇලලී යනුද අත් වින්දෙමු…
සිoහල පාඩමේදී ගුරුතුමිය විසින් කළුලෑල්ලේ සටහන් කරන ලද “ජයවර්ධන පුර වැනුමේ” එන එ පුරයෙහි කාන්තාවන්ගේ රූපය, අප සිනහාවට ලක් කලද එහි වූ යම් යම් වරුණා කුසුම් තුලින් දිටිමි…මනාව වැඩුනු පිම්ඹිණු පපු පෙදෙසත් පුළිළුකුලත් ඈ කෙරෙන් විද්‍යාමාන වුවද ඈ එතරම් පැහැපත් එකියක් නොවූයෙන් අන් සිසුවියන් අතර ඇය කැපී පෙණුනු අයෙකු නොවූවාය…
නමුදු අප පාසැලෙන් සමුගන්නා වසරේ පවත්වනලද විවිධප්‍රසoගයේදී ඇගේ රුව මනාව දුටිමි…ගොයම් නැටුමක් සඳහා සූදානම් වී සිටි ඇය,මල් වැටුණු චීත්තයකින්ද ඊට සරිළන වර්ණයකින්ම මසා ඇගේ පුළුල් වටොර කැපී පෙනෙන ලෙස බෝරිච්චි අත් දමා මසාතිබූ හැට්ටයකින්ද සුදුපාට මුතු දෙපටක් ගෙලවටා දමමින්ද සැරසී සිටියය.වේදිකාවේ නිවේදන කටයුතු කරමින් සිටි මා හා සුන්දරව සිනහසුණු ඈ දෙස තිරයට මෑත්වී බලා උන්නෙමි….”මේ රුව මින් පෙර මා නෙත නොගැටුනේ මන්දැ"යි නැගුණු පෂ්චාත්තාපයෙන් යුතුව සිතන්නට අවැසිවුවද ඇයගේ රැඟුම වේදිකාගත වූයෙන් ඒ කෙරෙහි දැහැන්ගත වූයෙමි..
සේලේ රැලිලා ඇන්ඳූ...
ගී සීපද රස ගැන්වූ...
වෙල් එලියෙන් ආ ලන්ඳූ...
සිහිනෙකි මා මන බැන්දූ...
අවසන පැවතුනු පන්තියේ සමු ගැනීමේ සාදයේදී අපි එකිනෙකා නැවත හමුවුනෙමු…විස්තර කළ නොහැකි හැඟීමෙන් අප එකිනෙකා දෙස බලා සිටියද සිතෙහි ඇතිවූ ආලවන්තකම කියාගත නොහී අවසන් අවස්ථාවද මා පැහැර හැරියෙමි….
පහළොස්වසරකට පසුව ඈ අද මා ඉදිරියේ උන්නාය…මැදිවයසටත් එළඹෙමෙන් තිබූ ඇගේ රූ සපුව කෙමෙන් කෙමෙන් වියැකී යනු දුටු නමුදු මුහුණෙහිවූ සුන්දර සිනතව කම්කටොළු මැඳින් ගෙවන ජීවිතයේ තෘප්තිමත් බව කියාපාන්නක් බව හැඟුනෙන් හදවතේ නැඟුනු ඊර්ෂ්‍යා සහගත හැඟීම සෝදා හරිණු වස් නැවත් දියට පැන්නෙමි….........ජබෝහ්…..!
මේ
සුලා
I remember a poem from Senarath Gonsalkorala,later Nanda Malani sang that poem in one of her cassette.It is called Nawa saluwaka Geethaya.
ReplyDeleteපිටිසර සිරියාව
ReplyDeleteවහලේ සිදුරු අතරින් වැහිබිදු බේරේ
ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ
කටු මැටි බිත්තියේ පොළොවට බර තීරේ
මැටි ගැලවිලා දියකඳ යයි ගෙය පාරේ
නිල මැසි රොදින් යටවුණු කැතකුණු කසළ
කෝඳුරු කරල් ඇත එල්ලුණ ගෙයි වහල
මේ ගෙට තිබෙන කමතක් වැනි පොඩි මිදුල
තණ කොළ උඩින් මතුවුණු තුත්තිරි අකුල
කකුලක් බිඳුණ බංකුව, වැල් කැඩුණු ඇඳ
මේ මුළු ගෙටම ඇති ලී බඩු දෙකය හොඳ
මෝවිට ලිහුණු මාගල ලණු පොටක බැඳ
එල්ලා තිබේ ගෙයි යට ලීයකට ඇඳ
ගේ හරියටම නොකැඩුණු බඳුනක් නැත්තේ
කළගෙඩියේ පැලැස්තර හත අට ඇත්තේ
කුස්සිය කියන ගව මඩුවේ ලිප මත්තේ
කසායක් දෙකක් මොන දවසෙ ද නැත්තේ
දැළිකුණු වැකුණු ඇයගේ වැරහැලි රෙද්ද
ලිපකට දැමූවිට අයියෝ ඇවිලෙද්ද
සැප යනු ඇයට මොන තරමේ බොරුවද්ද
ඇගෙ දුක අපායකවත් ඇත්තට ඇද්ද
හාමත නිසා ලේ මස් ඇඟපතට නැතී
වැහැරී ගිය දුබල ඒ ඇත්තියට හැතී
දෙනෙතේ නිතර පාහේ දුක් කඳුළු ඇතී
දුප්පත් කම පෙනේ ඇගෙ සියලඟම එතී
දරුවෝ හඬති ගෙයි හැම තැන බඩගින්නේ
ඇගෙ හදවත තුළයි ලිප ගිනි ඇවිලෙන්නේ
දුප්පත් පියා මේ අසරණ දරුවන්නේ
බැළ මෙහෙවර කරන්නෙකි දනපතියන්නේ
විනෝදය තකා එක දවසක සවස
එහි ගිය නාගරිකයෙක් දැක මේ නිවස
කැමරාවකට යොමුකර ගෙය හා පිරිස
ගත්තා පොටෝවක් පිටිසර සිරි පිණිස
සාගර පලන්සූරිය
ආගන්තුක සත්කාරය
ReplyDeleteගන් තුන තලාවේ අලියා වැටුනු වැවේ
සුන්දර හාමි එතරම්පොහොසතෙකු නොවේ
තුන් ලාහකම බිම් කරවා වැවෙන් වැවේ
රන් වන් කරල් බරවී දැන් බිමට නැවේ
ඔහුගේ ගමට මා ගිය ඒ පලමු වර
මතකයෙ තිබේ මට අමතක නොවන යුර
හේනට ගොසින් ගෙන් හූවක් පමණ දුර
එනවා දුටිමු මිටි බැඳගෙන වියලි දර
දර ටික තබා සෙවනැති පළු ගසක ය ට
පිස දම දමා දාඩිය එන නළල පි ට
මා එන තුරුම සිට පෙන්වූ සිනහ ක ට
තවමත් පෙනේ දුක් දොම්නස්අතර මට
පෙර දැක නොමැති මුත් සුන්දර හාමි විසින්
මගෙ තොරතුරු ඇසු සැටි හැටිසිත වතකු ලෙ සින්
ගෙඩියක් කඩාගෙන ගෙමිදුල තැඹිලි ගසින්
පිලිගැන්වීය මට සොම්නසපිරුණු ඇසින්
පොල් ගස් පුවක් ගස් තුන හතරකි වත්තේ
දුප්පත් කමයි හැම තැන ලකුණුව ඇත්තේ
කෙලෙසද කියා කලගුණ සැලකිය යුත්තේ
දුන් සත පනහ වත් නෑ ඔහු පිලි ගත්තේ
ආගන්තුකව එන කෙනෙකුට පුරුදු නැතී
හිතවත්කමින් සැලකුම යුතුකමය සිතී
ඔහු හට මුදලකින් මා කල හැටිය තුතී
සිහිවී මගේ කම්මුල් රතු පැහැය ගතී
කන උන්දෑ - සාගර පලන්සූරිය
ReplyDeleteමා දිනූ ගමේ පොඩි කාලේ වෙසෙන ක ල
මතකයි හොඳට නා ගහ මුල තිබුණ පැ ල
කවුරුත් දන්න හඳුනන යක්ගැහැලෙ හෙ ළ
කන උන්දෑය විසුවේ මේ කුටිය තු ළ
ඇගෙ ඇස් දෙකම අන්දය එනමුත් පුදු ම
අඳුනන්නීය ඈ කොස්විනි මුළු ගම ම
දුප්පත් නමුත් ඈ කවදාවත් එහෙ ම
පහතට නොබැස්සා හිඟමනකට තර ම
හරකා සතා මගදී හමුවන ඇය ට
කාගෙද කියා කිව හැකි නිවැරදි ලෙස ට
කොපමණ දුරට ඈ හුරුපුරුදු ද ගම ට
බල්ලෙක් පවා නුබුරයි කිසිවිට ඇය ට
ඇය ආ වේලාවට අප ගෙදරට දොර ට
ලොකු සතුටක්ය පොඩි දරුවන් වන අප ට
ඇය ඇතුළත් වුණේ අප කුළුපග බව ට
කොහොමද කියා මට පැහැදිලි නැත දැන ට
ඈ හොඳ හොඳ කතා කවි සීපද ද න්නී
ඒවා රසට පැය ගණනක් පවස න්නී
අපගේ විහිළු ගැන වෙනසක් නොතක න්නී
කන උන්දෑ අපේ මිතුරිය වී උ න්නී
* * * * * * *
කලකට පසුව ඇය විසු පැල්පත පැව තී
නාගහ මුලට මම ගොස් බැලුවෙමි නැව තී
පැල තිබු ගෙපළ මත නා කොළ ගොඩ මහ තී
ඇය මළ බව පවා දන්නෙක් ගම නොමැ තී
උදය - කුමාරතුංග මුනිදාස
ReplyDeleteඇසෙන්නේ කා කා හඩ සෑම පැත්තෙන්
නැගෙවු කියන්නා වැනි දැන් ම නින්දෙන්
දොරින් අඩක් මේ ඇරියා ම එන්නේ
සිහිල් සුළං '' ආයුබෝවන්" කියා මෙන්
පියා හඹත් කූඩු වලින් කුරැල්ලෝ
ඉතා ම මීරි යි හඩ දැන් ඔවුන් ගේ.
සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ
අලුත් පණක් ගස්වලටත් ලැබී ලා
සෙමෙන් සෙමෙන් මල් කැකුළුත් තොසින් මෙන්
පිපී-ගෙන යි එන්නෙ නෙළුම් විලේ මේ
අහස් දෙසේ රෝස ගසත් සිනා සී
බැලීමටයි දැන් සැරසී සිටින්නේ
දිසාවෙනැ යි මේ හිරැ එන්නේ පායා
හැරී සිටී සූරියකත් ගසේ මල්
රැසුයි දිළෙන්නේ ලණු මෙන් ඇදී-ලා
ම්ගුල් ගෙයක් දෝ ලොව මේ වෙලාවේ
'' උතුම් වෙලාවැ" යි කියමින් සියල්ලෝ
යෙදෙත් නොලස් වීම තමන් ගෙ කම්හී
ඇතත් සැහැල්ලු යි සිතෙහිත් බරෙක් නෑ
බලන්න පත්-පොත් මට මේ වෙලාව යි
අයියනායක - විමලරත්න කුමාරගම
ReplyDeleteසෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ
බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
මේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත
දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
කෙම්වර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන