සුනිල් පෙරේරා (ජිප්සීස්) ගායනා කල මියුරු ගීයක් මගේ සවනත වැකුණා මේ නොබෝදා... බොක්ස් ගිටාරයක් පමණක් පාවිච්චි කරමින් රූපවාහිනී වැඩසටහනකට ඔහු මේ ගීය මනරම්ව ගැයුවා... කුමක් හෝ අසා ඇති හුරු පුරුදු බටහිර ගීතයක තනුවක්ද මගේ හිතේ ඡායාවක් සටහන් කර ගියා... දෝරේ ගලා යන ආදරයකින් නහවත්දීත් "ඔබේ සෙනෙහස මට තුබුණත්, නැතත් කම් නැත... මා මගේ මග යන්නනෙමි..." කියනා කෙනෙක් වෙනුවෙන් ගැයුනු ගීයක් ලෙස මට මේ ගීය දැනේ...
මා සතුටින් බව ඔබට පෙනේ නම් එය වැරදියි රත්නේ...
නිතරම කඳුලෙනි මා පසුවන්නේ මට අයිතිය කඳුලයි...
පාලුව තනිකම, මට වද දෙනවිට...
කෙලෙසද ඉවසන්නේ...
කියන්න සොඳුරිය.... කියන්න සොඳුරිය...
ඇයි මට මෙහෙම වුනේ....
මා අමතක කොට, ඔබ ගත් නව මග...
ඔබහට සුව දේ නම්...
කුමක් වුනත් මට ඒ ගැන කම් නැත...
තනිවම මා ඉන්නම්...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න.
ඡායාරූප ස්තූතිය චමිල වික්‍රමසිංහ සොයුරාට....
මා සතුටින් බව ඔබට පෙනේ නම් එය වැරදියි රත්නේ...
නිතරම කඳුලෙනි මා පසුවන්නේ මට අයිතිය කඳුලයි...
පාලුව තනිකම, මට වද දෙනවිට...
කෙලෙසද ඉවසන්නේ...
කියන්න සොඳුරිය.... කියන්න සොඳුරිය...
ඇයි මට මෙහෙම වුනේ....
මා අමතක කොට, ඔබ ගත් නව මග...
ඔබහට සුව දේ නම්...
කුමක් වුනත් මට ඒ ගැන කම් නැත...
තනිවම මා ඉන්නම්...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න.
ඡායාරූප ස්තූතිය චමිල වික්‍රමසිංහ සොයුරාට....
Great song but if you can put a better picture I would like.
ReplyDelete- The unknown -
Ane සත්තකින්ම මාත් ඒ වැඩසටහන බැලුව.අර රවීන්ඳ්‍ර මහත්තයනේ එනවුන්සර්...
ReplyDeleteමාර වැඩේ කියන්නේ මට ඒ වෙලාවෙ හිතුන තිස්ස අයිය මේ ගීතයට නම් ගොඩක් කැමති වෙයි කියල. මාරම මාරයි.
සුනිල් මහත්මයා එදා ඉස්සෙල්ලම කියන්න හැදුවෙ මම ආසම ගීයක්. ඔබ දුටු ඒ මුල් දිනේ
ReplyDeleteසිදුවූ සැමදේ
තවමත් මගෙ මතකයෙහි රැදේ
පස්සෙ තමයි දැන් අයිය දාලා තියෙන ගීතය කීවෙ...
ස්තූතියි අයිය...
හැබෑදමද වත්...??? පුදුමම තමා... කොච්චර හිතට සතුටක්ද තවත් කෙනෙක් අපව හරියට තේරුම් ගන්න කොට නේ...?
ReplyDeleteපින්තූරයෙන් අයිය ගීතයේ තියන බර ගතිය හොදට වැඩි කරල. නැත්තම් මේක අපි හිතන්නේ තවත් සරල ගීයක් කියන හැඟීම නැති කරන්න පින්තූරය දරන උත්සාහය සාර්ථකයි....
ReplyDeleteආදරේ වගේ මනුස්සයෙක්ට තව මොනාද අයිය...
ඔන්න මම ආවා.
ReplyDeleteපුදුමයක් මම මෙයත් මගෙ පරිඝනකයට බා ගත්තා.. පුදුමයි.. හරිම ලස්සන ගීතයක්.. මම මෙ සින්දුවෙ ඇහැව්වෙ ගොඩාක් කාලයකට පස්සෙ... හරිම හිතට වැදුනා. මොකද ඉස්සර මට මෙක ගීතයක්, නමුත් දැන් ජිවිතෙ කොටසක්... හිතට වැදුනත් ඇඟට නොවැදෙන වග බලා ගන්න ඔනා.. මම යනවා තිස්ස අයියා.. පස්සෙ හම්බ වෙමු..
මාත් බැලුවා ඔය වැඩ සටහන..ඇත්තටම ඒ සින්දුව කිව්ව විදිහට හිතට වැදුනා!!
ReplyDeleteහප්පේ තිස්ස අයියව දැක්ක කල්...මම හිතුවෙ මාරයාලගෙ වෙලේ වැටිලා කියලා...හික්ස්
ReplyDeleteකාලෙකට කලින් එකම එක පාරක් අහපු සින්දුවක්......හරිම ගැඟීම් බරයි....ස්තුතියි තිස්ස අයියා
සුනිල් පෙරේරාගේ හරිම හැඟීම් බර සින්දුවක්, ඡායාරූපය බලාගෙන සින්දුව අහනකොට නම්... ගොඩාක් දුර යනවා හිත.
ReplyDeleteමුහුදු වෙරලේ රෝද පුටුවක මනුස්සයෙක්, බින්තඹුරු වැල්... වෙරලේ රළ පෙළ සමඟ විනෝද වෙන අය... ඈත දියඹේ නැව් කිහිපයක්...
හිසකෙස් සුදුපැහැ වූ අසරණ මනුස්සයා මුහුදුවැල්ලේ අතරමං...
ගීතයට සරිලන වචන දහස් ගනන් කතාකරන රූපය. සංකලනය අපූරුයි යාළු.
This comment has been removed by the author.
ReplyDeleteමා සතුටින් බව ඔබට පෙනේ නම්. ..
ReplyDeleteහහ් . . ඔහේ අරෙහෙට වෙලා බ්ලොග් ලිය ලිය කමෙන්ට් කරකර Face Book එකේ යාලුවෝ එක්ක චැට් කර කර ජොලියේ ඉන්න . . . . . .මම මෙහේ ළමයි දෙන්නත් එක්ක මැරෙන්න . . මට බෑ මේ මගුල තවත් කරන්න . . .සල්ලි ඕන නෑ මෙන්න මෙහේ ජොබ් එකක් කරගෙන මෙහාට වෙලා ඉන්න . . .බැරි නම් මම ළමයි දෙන්නත් අරගෙන යනවා අම්මලගේ ගෙදර . . .
හහ් ඔයා හිතන්නේ මම එහාට වෙලා ජොලියේ ඉන්නවා කියලාද . .මම කොයි තරම් පාලුවෙන්ද තනිකමෙන්ද ඉන්නේ කියලා මම විතරයි දන්නේ . . . මේ ළඟදි සෙට් වෙච්ච හොබී එක බ්ලොග් කෙරුවව හින්ඳ තමයි පොඩ්ඩක් හරි කාන්සිය නැති වෙන්නේ . . .අනේ මන්දා ඔයා මේවා කවදා තේරුම් ගනීද කියල . .
හික් හික් මේ මට හිතුනු හැටි මේ සිංදුවට වස්තු බීජය ලෙස .
බොහොම ලස්සනයි.. මාත් හරිම කැමති සින්දුවක්.. ජිප්සීස් ලගෙ ගෝල්ඩන් ඊරා එකේ ගහපු සින්දු...
ReplyDeleteපොඩි කරෙක්ශන් පාරක් දෙන්නම් ඕං..
ReplyDeleteමා සතුටින් බව ඔබට පෙනේ නම් එය වැරදියි ලඳුනේ...
නෙවෙයි
මා සතුටින් බව ඔබට පෙනේ නම් එය වැරදියි රත්නේ...
සොඳුරු බව විඳි ප්‍රේමයේ
ReplyDeleteහැදින ගන්නා යාමයේ
ඔහුට ඇය නැත....
වෙනතකය ඇය....
......
දුකම සතුටක් කරමිනා
එහිම කිමිදී සැනසෙනා..
@වත්: සහෘද මිතුරන් අතර ඇතිවෙන මිත්‍රත්වයත් ඒ වගේම වටිනවා නේ...?
ReplyDelete@රවා: එල... සරල වුනාට හරිම ලස්සනයි නේ රවා...
@Anuradhax3: හ්ම්ම් සතුටුයි... තවමත් සොඳුරු රසිකයින් ඉන්න එකට අනුරාධ.... හොඳ නිර්මාණ වැඩසටහන් මිනිස්සුන්ට මිස් වෙන්නේ නෑ නේ එහෙනම්...?
@දිල්: ඒක මහ සවුත්තු කාඩ් එකක් අප්පා....
@ගල්මල්: මේක හිතවත මගේ කලින් බොස් ගේ පුතාගේ... ඔහු සන්නිවේදන ඉංජිනේරුවෙක්... එක වතාවක ලංකාවෙන් දෙවෙනියට උසස් පෙල සමත් වුණෙක්... ඡායාරූපකරනය ඔහුගේ විනෝදාංශය... ඊටත් වඩා නොමසුරුව මට අවසර දෙනවා ඔහුගේ පිංතූර පාවිච්චි කරන්න... මේ ලංකාවේ වෙරලකදී ඔහු ගත් එකක්... අපේ අනාගතයත් සිහි කරනවා මටනම්... "මේ මොහොත" නම් විරුද්ද වෙයි නේ...?
@දුකා: හහ් හහ් හහ්... දුක් තැවුල් හදාගෙනම දුක්ගන්නවද... බීජය නොවුනත් ඊයේ නොනිදා චැට් කරනකොටනම් ඔය උත්තරෙන් අන්තිම පේලිය නැතිව මගේ කටින් පිටවුනා.... අනුන් සිත් කියවන මා මිතුරාට තුති...
@වැමපයර්: ආහ් බොහොමත්ම ඉස්තූතියි.. ඔන්න හැදුවා... බලමු හොඳ රසිකයෝ මේ පැත්තේත් යන එන එකේ වාසිය... (අනුන් ලේ බිව්වත්...)
@විහඟ ගීතය: "දුකම සතුටක් කරමිනා..." මට නම් බෑ මහත්තයෝ... මමනම් මත්තෙම නැහෙනවා....
අද පූර්විකාව දුකා ගානෙද..?? එළ එළ..
ReplyDeleteකලකට ඉහත අහපු සුනිල් පෙරේරාගේ හොඳම සිංදු වලින් එකක්. සුනිල් පෙරේරාට පලු යන්ට බනින මිනිස්සුත් ඉනින එකේ මේ සිංදුවෙන් ඔහුගේ හැකියාව ගැන හොඳ අදහසක් ගන්න පුලුවන්.
ReplyDeleteසුනිල් පෙරේරාගේ හැකියාව ගැන විවාදයක් නෑ ප්‍රියන්ත, ඒත් ඒ යෝදයා ඒක තාම හරියට අවබෝධ කරගෙන නෑ වගේ මට හිතෙන්නේ!
ReplyDelete@Buratheno: දුකා ඉතින්පූර්විකා දෙයියා තමා...
ReplyDelete@Priyantha.ඒබී: හැබෑට මටත් එච්චරම කැමත්තක් නෑ ඔහුගේ ගොඩක් නිර්මාණ ගැන... හරි වැරැද්දට වඩා මට දිරවන්නේ නෑ.... නමුත් මේ වගේ Gems කිහිපයකුත් තියනවා මගේ රුචිකත්වය අනුව... හැබැයි මම කැමතියි සංගීතය හා අනෙකුත් අවශේෂ විෂයයන් ගැන ඔහුගේ දැනුමට... ඒක ඉස්තරම්... අනෙක ඔහුගේ බොරු පූචානමුත් නැහැ...
@වැම්පයර්: මම ඔබත් එක්ක එකඟයි සහෝ... ඔහුට මීට වඩා ලොකු දෙයක් කරන්න තිබ්බා මටහිතෙන්නේ ඔහු ඒක තේරුම් ගත්තනම් නේ... අපි වගේ සරල වින්දයන් විඳින අයට...?
ගාලු දෙසට ඇදෙන සීඝ්‍රගාමී දුම් රියේ ඝෝශාව හේතුවෙන් එකිනෙකට පැටළුනු සිතිවිළි සමූහයා විසිරීගියෙන් නැවත පියවි සිහියට වන්නෙමි...
ReplyDeleteවැල්ලපුරා වසා පැතිරුණු බිං තඹරු වැල් මත පිපී හිනැහුණු දම්පාටට හුරු මල්යායත් දවස අහවරයැයි නොදත්සේ මල් කෙමි මත රඟ දෙන මීමැසි සමූහයා දෙසත් වරින් වර මගේ දෙනෙත් යොමු වූයෙන් තව සුළු මොහොතකින් වෙලාගනු ලබන අඳුරේ ඔවුන් තමන්ගේ වාසස්ථාන කෙසේ සොයායනු ඇත්දැයි සිත වෙහෙසවීමි...උන් පමනක් නොව මාද මේ විසල් ලොවෙහි තනි වී අතරමං වී ඇතැයි ක්ෂණිකව හැඟී ගියෙන් පරාර්ථකාමී සිතිවිල්ල යටපත් කොට මා ගැනම වූ වේදනාභරිත සිතිවිලි නැවත නැගෙන්නටවූයේයැ..ඔබ්බෙන් වූ වැල්ල මත මාලිගා තනන සිඟිත්තා සමඟ එක්වූ තරුණ මව සහ පියා ගේ මුහුණු තුලින් විද්‍යාමාන වන සංතුෂ්ඨියේ සේයා වඩ වඩාත් සමීපව දැකගනු වස් උන්ගේ හදවත් තුළට එබෙන්නට තැත් කෙලෙමි...නමුදු බෙලහීන වූ මගේ හදවත සියුම් ඊර්ෂ්‍යාවකින් වෙලා ගැනුනෙන් උත්සාහය අතැර වැල්ල මත පෙරළෙන රල පෙළත්, ක්ෂිතිජයේදී එක්ව අතිනත ගන්නා ආකාශ ගංගාවත් මහ සයුරත් මා සිත වැළඳ ගති...ක්ෂිතිජ මායිමට ඉහළ අහසේ වලා කැටිතිමත සිත්තම් වී තිබූ අපූරු රූ රටා නේක වර්ණයන්ගෙන් නැහැවී තිබෙනයුරු මසිත අමන්දානන්දයට පත්කොට වසඟයට ගත්තේය...
"සඳූ....!"
මුවින් පිටවූ නැවත මුව තුළට ඔබාගනු නොහී වට පිට පිරික්ෂීමි..කවුරුන් හෝ අසා සිටියා නම් මා උන්මත්තකයකුයැයි සිතනවා නොඅනුමානය...යාබද වැටකේ ගාල දෙසින් හීන් සරින් ඇසෙන ප්‍රේමණීය මුණු මුණුවවත් රල පෙරළෙන හඬත් හැරෙන්නට මා අසල කිසිවෙකු නොවීය....
"විශ්ව..අන්න විසිටර් කෙනෙක් ඔයාට...පහළ ඉන්නවා..."
අමුත්තන් හමුවන ස්ථානයේ පිලිගැනීමේ නිළධාරිනියට පිටුපා හිඳසිටි ඇයව හඳුනා ගත්තෙන් දැක්මෙන්ම තුටු පහටු වූ සිත රැගෙන සිනහමුසුව ඇය ඉදිරියට පිය මැන්නෙමි..කඩවසම් තරුණයෙකු ඈ සමඟ විය...
"මේ ගීතක...මම බඳින්න ඉන්න කෙනා....ගීතක මේ විශ්ව මගෙ හොඳ යාළුවෙක්..."
හිත කඩාවැටුණද ඒ බවක් නොපෙන්වා ඈ මා අත තැබූ මංගල ආරාධනා පත ගෙන කමිස සාක්කුවේ රුවා ගතිමි...අනතුරුව අප අතර වූ කතා බහ මතකයට නගා ගත නොහැකිවුවද වෙනසක් නොපෙන්වීමට තරම් මගේ සිත ශක්තිමත් වීම ගැන මම තුටු පහටු වීමි..මා ඇයගේ "හොඳ යාළුවෙක්" පමනක්ම වීද?..මේ අයුරින් මා හමුවට පැමිණ මංගල ආරාධනා පත දීමට තරම් දැඩි සිත් ඈ සතුවූයේ කෙසේද..?..කෙසේ නමුදු අපගේ ප්‍රේම වෘතාන්තයට ඈ නැවතීමේ තිත තබා තිබුණාය...ආරාධනාපත ඇතුලෙහි රඳවා තිබූ හතරට නැමූ පත් ඉරුවක ඈ ලියූ සටහනක් විය..
"මම සමාව ඉල්ලන්නැහැ විශ්ව..මේ මගේ හැටි...ඔයා සතුටින් කියලා තරූ කිව්වා...මා ගැන සියළු මතකයන් අමතක කරන්න..
මේ
සඳු..."
වසර ගනනක වූ බැඳීමක් වචන කිහිපයකට ලඝු කොට මා වෙත දමාගසා තිබුනාය..මා ඇයට ප්‍රේම කලද ඈ පෙරළා ආදරය නොකල බව මට නොවැටහුණේ මන්දැයි සිත විමසන කල උකටළීවූ සිතිවිළි ඈ කෙරෙහි වෛරයෙන් පෙරළි කලද "ප්‍රේමය" නම් වූ දිව්‍යමය මනෝ භාවය රජ කල හිතකින් එසේ කල නොහැකිකම නිසාවෙන් පරාජිත හැඟුමෙන් අඳුරු වූ හිතැතිව නැගී සිටියෙමි...
"මා අමතක කොට, ඔබ ගත් නව මග...
ඔබහට සුව දේ නම්...
කුමක් වුනත් මට ඒ ගැන කම් නැත...
තනිවම මා ඉන්නම්..."
හෙමි හෙමින් අඳුර වෙලාගනිමින් තිබූ පරිසරයෙන් මෙතෙක් වේලා ප්‍රේම අල්ලාප සල්ලාපයේ වෙළුනු ප්‍රේමවන්තයන් ප්‍රේම වන්තියන් එකිනෙකාගෙන් සමුගනිණු බලා සිටිනු නුහුණු මා පෙරදා ප්‍රේමයෙන් වෙලී මගේ සන්තානයේ විමන් තැනූ මේ ආනන්දනීය වූ බිමට නැවත නො එන්නට සපථ කොට පැකිළෙන දෙපයින් ගමන් ආරම්භ කෙළෙමි.....
දුටු දසුනින් එක්තැන්කොට ගත් සිතිවිළි නැවත විසිරෙනු බලා සිතින් වැළපුනෙමි....කෲශ වී දිරාගිය ශරීර කූඩුව රෝදපුටුවකට වාරු කොට හිස්බැල්මෙන් සයුර දෙස බලා හිඳින රුව මා ඉදිරියේ නෙත ගැටුනේ මා කල කුමණ පවක් නිසාවෙන්දෝයි ඉවසාගත නොවුණු තැන තෙරපා හුන් හැඟුම් පිපිරී කඳුළු කැටිතිව දෙනෙත් අතරින් මතුවනු වැලකිය නොහැකිවිය...බොඳවූ දෑස් අතරින් ඔහුගේ මුව සෙව්වෙමි...මා වික්ෂිප්ත වූ තරමක්...
මේ බෙළ හීනව රෝද පුටුවට වාරු වී අපේක්ෂාභංගත්වයෙන්, හිස් බැල්මෙන් අහස පොළොව ගැටගසන්නට වෙරදරනුයේ...මමමද....????
"පාලුව තනිකම, මට වද දෙනවිට...
කෙලෙසද ඉවසන්නේ...
කියන්න සොඳුරිය.... කියන්න සොඳුරිය...
ඇයි මට මෙහෙම වුනේ...."
සුලා..
මිත්‍රයා සුලා අපූරු කතා පොඩ්ඩ
ReplyDelete…………..විශ්ව මම දන් නෑ ඔයා මගේ තීරනය කොහොම බරගත්තද කියල.,ඒත් මම තවම හිතන්නෙ මම ගත්ත තීරනය හරි කියල. ඔයාට ඒක තේරුම් ගන්න බැරිව ඇති මොකද මම ඔයත් එක්ක එකට හිටිය කාලෙ මම හැම වෙලාවකම වගබලගත්තා අපි දෙන්නගෙ නොගැලපීම් ඉස්මතු නොවෙන විදියට හැසිරෙන්න, කතා බහ කරන්න...ඒ ඔයාව රවටන්න හිතාගෙන නම් නෙමයි, ඒ මම ඔයගෙ ඇසුර ප්‍රියකරපු නිසා...මටම තෙරෙන් නෑ ඒක මොන විදියෙ බැදීමක්ද කියල...යාලුවෙක් එක්ක තියෙනවට වදා දුර ගිය බැදීමක්.. ඒත් ප්‍රේමවන්තයෙක්-ප්‍රේමවන්තියක් අතර තියෙන තරම් දුර ගිය බැදීමක් නොවෙයි...
ReplyDeleteමම තේරුම් අරන් හිටියෙ අපි දෙන්නට කවදාවත් එකට එක්වෙලා සාර්ථක ජීවිතයක් ගත කරන්න බැරි බව.... ඒ නිසා තමයි මම මේ ලගකදි ගීතක එක්ක සම්බන්ධයක් ඇති කරගත්තෙ, මම දන් නෑ ගීතක මම හිතන විදියෙ කෙනෙක්ම වෙයිද කියල..මොකද මේ ටික දවසට මම තේරුම් ගත්ත දෙයක් තමයි එයා ඔයා තරම් විවෘත නෑ කියන එක. ඒත් මම මගෙ අනාගත සහකරුවගෙන් බලපොරොත්තුවෙන දේවල් කීපයක්ම එයා තුලින් දකිනව...ඒ නිසයි තවත් කල් නෑරම මේ තීරය ගත්තෙ…
මම ඒක ඔයාගෙ සන්වේදී හිත පාරන් නැතුව කොහොම කියන්නද කියල දස දහස් වාරයක් කල්පනා කරල තමයි මේ විදියට කියන්න අන්තිමට තීරනය කලේ....
මම විශ්වාස කරනව ඔයාට සාර්ථක ජීවිතයක් ගතකරන්න පුලුවන් සන්වේදී පෙම්වතියක්, බිරිදක් ලැබෙයි කියල....
….සඳූ....
...සන්තානම් මෑණියනේ....කවුදෑ මේ සඳුත් එක්ක Anoවෙලා උත්තර බඳින්නෙ...???..මේ..මං නම් නෙවෙයි ඕං....
ReplyDeleteසුලා..
Woooow
ReplyDeleteසඳුයි විශ්වයි එකතු වෙලා විශ්වයේ අපූරු කතාවක් ගොඩ නඟනවා මෙන්න . . .
නියමයි . . ..
ඇත්තටම මං දුක් වුනා විශ්වයි සඳුයි කතාවේ කොටස් දෙක අතර මං කොමන්ට් කරලා ගැලීමට බාධා කරා කියලා.
ReplyDeleteකවුරු වුනත් ලස්සනයි "සඳු" ගේ කොටස, උපරිමයි.
අපිට ඒ සඳුව හඳුන්වා දෙන්න පුලුවනි නම් වඩාත් සතුටුයි.
විශ්ව
ReplyDeleteසඳු ව ඔබෙන් පැහැර ගත්තා කියා නොයෙක් වර නුඹ සිතනු ඇති බව මට හැඟේ... නමුත් ගැහැණුන් පුදුමයි මිතුරේ... ඇගේ හිත පතුලටම ලංවූ ඔබ නොව ඇගේ ජීවන සහකරු ලෙස ඇය මා තෝරා ගත්තේ ඇයිද යන්න මටද තවමත් විසදා ගත නොහැකි පැනයකි...
මා දන්නා එකම දේ නම් එහෙමත් නැතිනම් මා හට හැඟී ගිය එකම දේ නම් ජීවනසහකාරිය ලෙස ගැහැණියක් තෝරා ගන්නට නම් ඇයට නුඹ/ ඔහු සිත සතු සියල්ල එළි නොකළ යුතු බවයි....මක් නිසාද යත් සිත විවෘත වූ කළ ගැහැණියට ඔහු තම විශ්වාසවක්තම මිතුරා බවට පත්වන බැවිනි...
මා නුඹට ඊර්ෂ්‍යා කරමි.. මක් නිසාද යත් සඳූ හදවතින්ම පෙම් කරන්නේ ඇගේ ප්‍රිය ස්වාමිපුරුෂයාට නොව විවෘත සිත ඇති සියල්ල පැවසිය හැකි ඇගේ මිතුරාට (නුඹට) බැවිනි...
ගැහැණිය .... අප වෙලා ගන්නා ආයුධය ඇයයි...
෴ ගීතක ෴
හොඳම මිතුරාව කවදාවත් සහකරුකර ගන්න බැහැ. එහෙම කරගත්තොත් අපිට ඉන්න හොඳම යාළුව නැති වෙනව....
ReplyDelete@වත්:
ReplyDeleteඒකනෙ අපි හොඳම යාළුවගෙ නංගි එක්ක යාළුවෙන්නෙ.. :)
එකඟ වෙන්න අමාරුයි වත් අක්කෙ. මොකද ඕනෙම කෙනෙක්ගේ හොඳම මිතුරා හෝ මිතුරිය විය යුත්තේ තම සහකරුවා/ සහකාරියමයි. එකිනෙකාට විවෘත වීම තුල ඇතිවන අවබෝධය තමයි සාර්ථක විවාහ ජීවිතයකට අඩිතාලම. අත්දැකීමෙන් කියන්නෙ . මෙතනට එන යන සාර්ථක විවාහ ජීවිත ගත කරන අය මේ ගැන හුඟක් හොඳට දන්නවා කියල හිතනවා. දුකා සහ තිස්ස අයියා ඇතුලුව.
ReplyDeleteඑක දෙයක් නම් කියන්න පුළුවන්. හොඳම යාළුවට ආදරේ කරන්න පුළුවන්, හැබැයි ආදරේ කරපු කෙනාව හොඳම යාළුව කර ගන්න නම් බැහැ.
~හිතවතියක්~
{…..සඳුගේ හදවතට එබී බැලූ මා "නැණා" ලෙසින් හදුන්වා දෙන්නම්...
ReplyDeleteමුලින්ම කිවයුතුයි තිස්ස අයිය කරන කාර්යය ඉතාම අගය කොට සලකන බව...
මගේ හොඳම යලුවෙක්ගෙන් දැනගෙන, හද ගීපොතේ පිටු පෙරලන්න පටන් අරන් වැඩි කාලයක් නෑ.....ඊයෙ තමයි මුල් වරට සටහනක් තබන්න හිතුවෙ...ඒත් පස්සෙ හිතුන මම කලේ වරදක්ද කියලත්, සුලාගෙ කතාවෙ සඳු වෙලා....
ඒ කොහොම උනත් මේවගෙ (හද ගී පොතට ගොඩවදින ) සොඳුරු හදවත් එක්ක එක්වෙන්න ලබෙන එක භාග්‍යයක් කොට සලනව...
විරාමයක් ලදවිට හද ගී පොතේ පිටුපෙරලන්න එනව....
-"නැණා"-…..}
සඳු...!
ReplyDeleteහඳ අපූරුවට මෝදුවෙලා..මයෙ හිතේ පසළොස්වක ලඟයි වෙන්ඩෑ...අර හඳ මෝදුවෙනකොට ඇයත් එක්කම පායන "සිකුරු තරුව" නොවී මා "විශ්වය" වුනේ මන්දැයි මා ගැනම තරහක්ද උපදී...ඒත්....
"සත්තයි සඳු ...මම ඔයාට ආදරය කළා...මං ඔයාට කීව ඒ ගැන ...නමුත් ඔයා ඒගැන පිළිවදන් දුන්නෙ නැහැ කියලා දැන්තමයි මට මතක්වෙන්නෙ...මම ඔයාගෙන් ඒ වචනය බලාපොරොත්තුවුනෙත් නැහැ...බලාගෙන යනකොට මගේ ආදරය ඒකපාර්ශ්විකයි...ඒකයි ඔයාව චපල ආදරවන්තියක් විදිහට හඳුන්වන්නට අකමැති...මගේ හිතේ කුළුඳුලේම ඇතිවෙච්ච ආල හැඟුම් එකපාරටම මරලා දාන්න මට බැරිවෙයි සඳු..මට ඒකට ටික කාළයක් ඕනි...කොහොමවුණත් ගීතක හොඳ සැමියෙක් වේවි..බැඳීමක් තේරුම්ගෙන සංයමයෙන් ඉවසන්න ,ක්‍රියාකරන්න ඔහුට ඇති හැකියාව පුදුමයි...ගීතක මට කතා කලා... බොහොම සුන්දර මනුස්ස පරාණයක්...ඔහු මාව ඔයාව තේරුම් අරන්....එච්චරයි නේද ඕන..
ඉතිං මං හදවතින් සුභ පතන්නම්...!
මේ..
විශ්ව...
සුලා...
@වත්: "හොඳම මිතුරාව කවදාවත් සහකරුකර ගන්න බැහැ. එහෙම කරගත්තොත් අපිට ඉන්න හොඳම යාළුව නැති වෙනව...."
ReplyDeleteජීවිතය පොත් පත් වලින් පමණක් ම දකින්න බැහැ. විශේෂයෙන් ජීවිතය, විවාහ සංස්ථාව ගැන හොඳ වගේම නරක මතයක් පිලිඹිබු කරන්න උත්සාහ දරන කතුවරුන් බොහෝ විට ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් කෘතීන් තුලින් පාඨක සිත් තුලට එන්නත් කරන්න වෙරදරන්නේ. කතුවරයා බටහිර වැනි වෙනස් සංස්කෘතික පසුබිමක් නම් තත්වය තවත් බැරෑරුම්. ඔවුන් බොහෝ විට කරන්නේ පාට කන්නාඩි පැලන්දවීමයි.
මගේ මතය නම් ජීවිතයේ හොඳම මිතුරා/මිතුරිය; අංශුමාත්‍රයක ලාභ ප්‍රයෝජනයක් නොතකා, හැම දුක සැප එක වගේ බෙදා හදා ගෙන, නින්දා අපහාස දෝරගලා එන වෙලාවක ඒ හැම දරන කුණු කාණුව වගේම, පැසසුම් කීර්තිය ගලා එන වෙලාවට කඩාවැටෙන දිය ඇල්ලක් වගේම, වාරු නැතිව ඔත්පල වුන වෙලාවට උස්සලා තියන්න පුලුවන්; දහිරිය හිතේ ශක්තියක් තියෙන විශ්වාසනීය ඔහු/ඇය. ඒ මිතුරා/මිතුරිය අදරණීය සහකරු/සහකාරියයි.
ජීවිතය ජීවත් වෙලාම බැලිය යුතුයි. සර්ව සම්පුර්ණ කිසිවෙකු නැත. ගොඩාක් ලොකු ෂොක් ඇබ්සේබර් වල දුවන වාහනයක් ජීවිතය.
පුලුවන් නම් බලංගොඩ ආනන්ද මෛත්‍රීය හමුදුරුවෝ ලියූ "ජීවිතය වටා" පොත සොයාගෙන කියවන්න. ජීවිතය ගැන ලියූ සරළ, ගොඩාක් රසවත් වටිනා පොතක්.
ජීවිතය සුන්දරයි! හැමෝටම ඒ භාග්‍යය හිමිවේවා!
කවදත් ගීතයට ලස්සන කථාවක් ලබාදෙන සොයුරු සුලා මෙන්ම, මෙදා ඒ කතාව තවත් සුන්දර කර "සඳු", සොයුරිය වත්, "හිතවතිය", "නැණා" හැමටම බොහෝම ස්තුතියි.
ReplyDelete@ගල්මල්-Coral
ReplyDeleteකතාව ඇත්ත අයියේ. ජීවිතය කියන්නේ කාගෙවත් ඇසකින් නෙවෙයි තමන්ගෙම අත්දැකීමෙන් විඳිය යුතු සහ අවබෝධ කරගත යුතු දෙයක්.පොත් පත් හෝ චිත්‍රපට මතින් ජීවිතය දකින්න බැහැ. ඒ ඒ නිර්මාණකරුවාට පුද්ගලික වූ දේවල් මත හෝ නිර්මාණකරුවා සමාජය හෝ ජීවිතය දකින ආකාරය මතයි නිර්මාණයක් බිහිවෙන්නෙ. ඒ තුලින් ජීවිතයට අර්ථකතන දෙන්න බැහැ.
/මගේ මතය නම් ජීවිතයේ හොඳම මිතුරා/මිතුරිය; අංශුමාත්‍රයක ලාභ ප්‍රයෝජනයක් නොතකා, හැම දුක සැප එක වගේ බෙදා හදා ගෙන, නින්දා අපහාස දෝරගලා එන වෙලාවක ඒ හැම දරන කුණු කාණුව වගේම, පැසසුම් කීර්තිය ගලා එන වෙලාවට කඩාවැටෙන දිය ඇල්ලක් වගේම, වාරු නැතිව ඔත්පල වුන වෙලාවට උස්සලා තියන්න පුලුවන්; දහිරිය හිතේ ශක්තියක් තියෙන විශ්වාසනීය ඔහු/ඇය. ඒ මිතුරා/මිතුරිය අදරණීය සහකරු/සහකාරියයි./
මේ කියමනට 100%ක් එකඟයි.
~හිතවතිය~
අයි අයියෝ..... මේ අයියල නංගිලා ඔක්කම පටලවන්.. මම කීවේ
ReplyDelete"හොඳම මිතුරාව කවදාවත් සහකරුකර ගන්න බැහැ. එහෙම කරගත්තොත් අපිට ඉන්න හොඳම යාළුව නැති වෙනව...."
කියල නේ නේද? ඉතින් හොඳම යාළුව සහකරුකර ගත්තම එයා මගේ මහත්තයනේ අනේ... ඉතින් ඊට පස්සේ මගේ මහත්තය තමයි මගේ හොඳම යාලුව වෙන්නේ.. කොහොම කීවත් හොඳම යාළුව නැති වෙනව නැත් වෙනව මයි... ඕං මන් කීව...
මචං, මං මුලින්ම කටාර් වල ඉන්න කාලෙ (එතකොට මං කොලේට විතරක් බැඳල )මාත් එක්ක හිටිය සුමණෙ කියල 50+ එළ කොල්ලෙක්.
ReplyDeleteදුවයි පුතයි, නෝන සියෙර එක අයිතිකාරයගෙ නංගි, ඒත් මූ නෙමෙයි උන්ට නැවෙන්නෙ, තනියෙම්ම කට්ට කාල ජීවිතේ ඈදගෙන යනව.
මිනිහ මට කිව්වෙ
" මචං මේ බැඳල ඒත් මෙහෙම තනියෙන් පිටරට ඇවිල්ල ඉන්න අපි හැමෝම ගිය ආත්මෙ බලු පූට්ටු වලට ගල් ගහපු උන් බං " කියල.
මේකෙ උඩින් තීනවට වඩා ලොකු අර්ථයක් තීනව කියල මට වැටහුනේ කාලයක් ගියාට පස්සෙ.
සුනිල් පෙරේරා වගේම, අගය කළ යුතු තරම් ඇගයීමට ලක් නොවුනු තවත් අගනා කලා කරුවන් දෙදෙනෙක් මතක් වුනා මට. එක්කෙනෙක් තමයි "කරුණා සුවඳ තවරාලූ", "කිංකිණි හඬට සම වෙලා", "කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ" සහ "ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්" වගේ අපූරු ගී ගායනා කළ නිහාල් නෙල්සන් නම් කලා කරුවා. අනෙක් කෙනා තමයි, "එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ", "සුපෙම් සඳ පායලා නැහැ", "ගොලු හදවත විවර කරන්න", "සුපුන් සඳක් අහසෙ පාවෙලා", "සඳපාන වගේ ඔබෙ රුව දිලිසිලා" සහ "ආවේ වන බඹරෙක් වාගේ" වැනි අමරණීය ගී ගැයූ, පෝල් ප්‍රනන්දු නැමති ගායකයා.
ReplyDeleteඅප්පේ......
ReplyDeleteමේ ඇවිත් ඉන්නෙ කැංගරුදේශෙ පාලිත මහත්මයා.....කාලෙකට පස්සෙ..??? ශීතලට ගල් වෙලා වෙන්ටෑ...අපිනම් ඉතින් මේ දවස්වල සෙල්සියස් 50හෙ සීමාවේ...ඉතිං ඉතිං කොහොමෙයි...????
සුලා....
අනේ ඔව් සුලා...සෑහෙන කාලෙකින් තමයි මේ පැත්තට ගොඩ වැදුනෙ.
ReplyDeleteහීතල නම් ඉවසන්න අමාරුයි තමා. අඩු ගානෙ හිත වත් උණුහුම් වෙනවා මෙහෙ ඇවිත් උඹලගෙ අපූරු ලියුම් කියුම් බලලා තිසාගෙ සින්දුවක් එහෙම ඇහුවහම. ඒත් ඉතින් එන්න බැරිවුනෙ අනේක කුටුම්බ සංරක්ෂණ වැඩ කටයුතු නිසයි.
අද සුලා ගේ සන්කල්පනාවට අපුරු සිතිවිලි ගනනාවක් එකතුවෙලා..
ReplyDeleteපන්කදුයි.. ඉස්තරම්....
ගල්මල්-කොරල් ඉටත් එහාට ගිහින්..
/මගේ මතය නම් ජීවිතයේ හොඳම මිතුරා/මිතුරිය; අංශුමාත්‍රයක ලාභ ප්‍රයෝජනයක් නොතකා, හැම දුක සැප එක වගේ බෙදා හදා ගෙන, නින්දා අපහාස දෝරගලා එන වෙලාවක ඒ හැම දරන කුණු කාණුව වගේම, පැසසුම් කීර්තිය ගලා එන වෙලාවට කඩාවැටෙන දිය ඇල්ලක් වගේම, වාරු නැතිව ඔත්පල වුන වෙලාවට උස්සලා තියන්න පුලුවන්; දහිරිය හිතේ ශක්තියක් තියෙන විශ්වාසනීය ඔහු/ඇය. ඒ මිතුරා/මිතුරිය අදරණීය සහකරු/සහකාරියයි./
එහෙම ගෑහෑනු/මිනිස්සු ඉන්නවද අයුබොන්....
අනේ මටත් කියන්න....
මම
"මෙ මොහොත"
"The Present Moment"
@ඉන්දික උපශාන්ත:
ReplyDeleteමාත් කාලයක් සවුදි අරාබියේ හිටියා, ඔය කියමන සම්මතයක් නොවැ.
මට එහේ දී මුණ ගැහුනා රත්තරං මහලකට සමාන නමැති කඩ සමූහයක් තිබුන කෙනෙකුගෙ එක්කුස උපන් මල්ලි. ඒ අයියා බලකරද්දීත් ඔහු සාමාන්‍ය රක්ෂාවක් කරගෙන කට්ට කෑවා. හැබැයි මෙ මලයාගේ ද අනේක වැරැදි තිබුනා, ඔහු හිතේ ඇතිවන තරහට අයියා ලබා දුන් වාහන, රැකියා ක්‍රම වනසලා ආපු අයෙක්. මොනවා වුනත් රත්තරං හිතක් තිබුණා, කෙනෙක් ලෙඩ වුනාම සාත්තු සප්පායම් වලට ඔහු නෙවෙයි පස්සගහන්නේ.
@The Present Momemnt : ඔව් මම දන්න දෙන්නෙක් ඉන්නවා... එක්කෙනෙක් මගේ ජීවන සහකරු... අනෙකා මගේ ප්‍රාණ හා සමාන මිතූරා.....
ReplyDelete@"මෙ මොහොත":
ReplyDelete"එහෙම ගෑහෑනු/මිනිස්සු ඉන්නවද අයුබොන්...."
දයාබර මිතුර/මිතුරිය, එවන් අය සිටියේය, සිටිති, ඉදිරියේද සිටිනු ඇතැයි විශ්වාස කරන්නෙමි.
අවාසනාවට එවන් "මිනිසුන්" මාධ්‍යයන් ඔස්සේ ගුන වාරුණා ලිවීම විරලයි. අපිට දකින්න කියවන්න ලැබෙන්නේ අනික් පැත්ත ගැන ලියන ඒවා නොවැ, ඒහෙව් ලිවීම් වලට දුසිම් ගනන් තුති මල් ලැබෙන නිසාම ද දන්නේ නම් නැහැ. සමහර විට ඉල්ලුමට හරියන සැපයුම වෙන්නත් බැරි නැහැ.
ඔබ වාසනා වන්තයි... සහතිකවම...
ReplyDeleteමොකද මට හිතෙන විදියට, එහෙම අය හොයන්න අමාරුයි...
හොන්ද නරක හෑසිරෙන්නෙ මහ අමුතු විදියට..
අපි බොහොදේවල අපිට පාලනයක් තියනව කියලා හිතුවත්..
එවා පාලනය වෙන නොපෙනෙන බලවෙග තියනවදො කියලත් හිතෙනවා.. සමහර දෙවල් pre-planed වගෙයි..
අපේ හිතුවිලි උනත බලන්න, එවා සිදු වෙන්න සමහර කරුනු කරනා සිදුවෙන විදිය බලන්න..
එහෙම ලොවක.. ඔබ සෑබෑ වාසනවන්තයෙක්...
මම
"මෙ මොහොත"
"The Present Moment"
@galmal-coral,
ReplyDeleteඔබ සමග මම එකගයි..
විරල උනත් එහෙම අය ඉන්නවා...
හොන්ද නරක කෙසෙ හෑසිරුනත්..
එවා ජය ගත් අය අල්පයක් ඉන්නවා..
එහෙම විරල කෙනෙක් ඔබෙ සහකරුනම්, ඔබ සෑබෑ වාසනාවන්තයෙක්...
ඔබව සාදා සතුටින් තියන්න එයම උදව් වෙවි...
මම
"මෙ මොහොත"
"The Present Moment"
@"මෙ මොහොත":
ReplyDeleteමා සඳහන් කලේ පෞද්ගලික ජීවිතය ගැන පමණක් නොවේ.
එවන් "මිනිසුන්" දහස් ගනනක් නොවුවත්, මා සඳහන් කලාක් මෙන් සුන්දර යුගදිවි ගෙවන දුසිම් ගනනක් ගැන මා පුද්ගලිකව දන්නවා. මේ ගෙවන කට්ට කාශ්ඨක ජීවිතයේ දකින්න ලැබුන එක් වාසනාවන්ත අත්දැකීමක් එය. මා දන්නා එවන් අය බොහෝ දෙනෙක් අපරට තුලම හැම දෙයම බෙදා හදා ගෙන ජීවත් වෙනවා.
මං කැමැතියි ඔවුන් අයත් වයස් පරාසයන් ගැන සඳහන් කරන්න. එය යම් අදහසක් දේවි කියා සිතනවා. ඔවුන් 26-35, 36-45, 46-60 යන වයස්වල ජීවත් වෙන අය වෙති. ඒ හැර දන්නා ආසියාතික විදේශිකයෝ ද වෙති.
මෙවැන්නක් ගෙනහැර දක්වන්න අවස්ථාවක් උදාකල "හද ගී පොත" ට වගේම් සංවාදයක ඇති කල ඔබට ගොඩාක් ස්තුතියි.