මල්සර උක්දඬු දුන්නෙන් පැණිබී...

ඔන්න ඉතිං තදින්ම එකිනෙකාට ආදරය කරන දෙන්නෙක් ඉන්නව කියල හිතමු... මොනව හරි දෙයකට ආරවුලක් වෙලා දෙදෙනාගේම හිත් රිදෙනවා... මම දැකල තියනවා,මෙන්න මේ වගේ තදින්ම හිත රිදුන වෙලාවට සමහර ගැහැණු හිම වගේ මිදෙනවා... වචනයක් කතා නොකර... සමහර වෙලාවට දවස් ගනන්... අපෝ එහෙමත් පලි ගැනිල්ලක්... නරකම විදිහට බනිනවාවත්නම්, අහු වෙන දෙයකින් දමල ගහනවානම්... කොච්චර සැපයක්ද... හැබැයි නවක මානවිකාවන්ට කියන්නේ... මේ ක්‍රමය නම් අවසාන ආයුදය විතරක් කරගන්න... නැත්නම් මේ ගීයේ පළවෙනි කොටසින් කියන්න වාගේ, මල් පැණියට යොමුවෙයි පිරිමි... පිරිමින්ට, සමහර වෙලාවට ගැහැණුන්ගේ හිත් අපිට වඩා හයියයි කියලා හිතෙන්නේ ඔන්න ඔය වාගේ වෙලාවට... ඒ වෙලාවට පිරිමියාගේ හිතේ සසල බව මේ ගීතයේ සංගීතයෙන් කදිමට නිරූපනය කරලා තියෙනවා... තව කදිම යෙදුමකුත් තියනවා "ඔබ නිහඬව සිටිනා හඬ..." කියල... අපූරුයි නේද... අහලම නිගමනයකට එමු....

මල්සර උක්දඬු දුන්නෙන් පැණිබී... දේදුන්නක් උඩු අතට නවා බිඳ....
මල් උයනක් මල් අවුල් කර දමා... ඔබේ පැල්පතට ඔබ දැකගන්නට...
ආවෙමි වියරු වැටී...

ඔබ හඬනා හඬ මට ඇසුනේ නැත... ඔබ හිනැහෙන බව මට ඇසුනේ නැත...
ඔබ නිහඬව සිටිනා හඬ පමණක්... සවන් යොමා සිටි මට ඇසුනා...
ඔබේ නිහඬ බව මා සිත කලඹයි....

හිනැහෙනු මැන හස‍රැලි අතුරා වත... හඬණු මැනවි නැතිනම් පොඟවා නෙත...
ඔබ නිහඬව සිටිනාවිට මගේ සිත... මුලු ලොව හැඬුවත් දෙසවන නොම දෙත...
ඔබේ නිහඬ බව මා සිත කලඹයි....

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න

7 comments :

  1. තිස්ස අයියා, මේ ලස්සන සින්දුව බෙදාගත්තට බෝම ස්තුතියි.

    කතාව ඇත්ත. අපි හැමෝම අන්ධකාරෙට බයයි වගේම නිහැඬියාවටත් බයයි. ඒ මොකද අන්ධකාරෙදිත් නිහැඬියාවෙදිත් ඊළඟට මොකක් වෙයිද කියල අපිට හිතාගන්න බැරි නිසා.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මලේ...
    එපාවෙන්නේ මොනව කරලත් කතා කරන්නේ නැතිඋනහම...

    ReplyDelete
  3. ඔයාට පුලුවන්නම් ටී.එම්.-නීලා කියල පරන පීස් එකක් තිබුන, ඒකෙ සින්දු ටික දාන්න, මට නම් හොයා ගන්න බැරි උනා ඒ සින්දු

    ReplyDelete
  4. It's been five years, I last visited SL. Sinhalese music & food are two things, I miss so much; the void made by them couldn't be filled with any amount of whatever things I have here.

    Thanks mate, for this wonderful job. And for the matching intro, too.

    ReplyDelete
  5. දසයා මල්ලිගෙ කතාව ඇත්ත. නිහඬියාවට අපි බය ඒ තුල ගැබ්වෙලා තියෙන අවිනිශ්චිත බව නිසයි. මේ ගීතයෙ කියන්නාක් වගේ ඕනෙම සවිමත් පිරිමි හිතක් සසල කරවන්න පුලුවන් ගැහැණියකගෙ මුරණ්ඩු නිහඬියාවකට.

    ReplyDelete
  6. @Beautiful Sri Lanka: මම ඉක්මනටම හොයලා දමන්නම්... ස්තූතියි ඔබට...
    @Siribiris: ඕබත් මං වගේම අතීත කාමයෙන් පෙලෙන තැනත්තෙක් වාගේ... ඔබව හඳුනා ගන්න සතු‍ටුයි... හැකිනම් ඊ මේල් ලිපිනය එවන්න...
    @Pali: happochciyei... ehemath dhannduwamak...

    ReplyDelete
  7. මල්සර උක් දඬු දුන්නෙන් පැණි බී
    දේදුන්නක් උඩු අතට නවා බිඳ
    මල් උයනක මල් අවුල් කර දමා
    ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
    ආවෙමි වියරු වැටී...

    ඔබ හඬනා හඬ මට ඇසුණේ නැත
    ඔබ හිනැහෙන හඬ මට ඇසුණේ නැත
    ඔබ නිහඬව සිටිනා හඬ පමණක්
    සවන් යොමා සිටි මට ඇසුණා
    ඔබේ නිහඬ බව මා සිත කලඹයි...

    හිනැහෙනු මැන හසරැලි අතුරා වත
    හඬනු මැනවි නැතිනම් පොඟවා නෙත
    ඔබ නිහඬව හිඳිනා විට මගෙ සිත
    මුළු ලොව හැඬුවත් දෙසවන නොම දෙත
    ඔබේ නිහඬ බව මා සිත කලඹයි...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව, සංගීතය සහ ගායනය : වික්ටර් රත්නායක

    ReplyDelete

 
Blogger Wordpress Gadgets