රාන් කුරුල්ලයි රාන් කිරිල්ලයි සණ්ඩු දබර කරතෙයි...

ඩැල්රීන් සුබී (ඉස්සර ඩැල්රීන් ආනෝල්ඩා) හැත්තැවේ දශකයේ ලංකාවේ පොප් සංගීතයක් එක්ක නිතරම ගැවසුනු නමක්... ඇයගේ නුහුරු සිංහල උච්චාරනය ගීත වලට අගතියක් වුනු බවක් මටනම් දැනිලා නෑ... ඇය නන්දා මාලනී සමග චිත්‍රපටියකට ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ගැයූ "No East - No West" ගීයත් හරිම අපූරුයි... ටෙලි නාට්‍යය එකකට හෝ දෙකකට මගේ මතකයේ හැටියට ඇය රඟපෑමෙන්ද සම්මාදම් වෙලා තියනවා... මේ ගීයත් සරලයි අපූරුයි... කඨෝර බවින් තොරව සාදයකදී වුනත් ගයා විනෝද විය හැකියි... මගේ මිත්‍ර හෂිත අපි සෙට් වුණු සොඳුරු, පැදුරේදී මිල්ටන් ගේ ගීයක් සැවොම ගායනා කලාට පසු කීවේ "මේ ලයින් වෙනවෙනම ඉස්සරහට ගියේ නෑ නෙවෙද...?" කියා... ඒ කථාව මසුරන්වටී... පැදුරක පන් වැල් මුල සිට අගට ගෙතී පැදුරේ නෙයෙක් රූ රටා මැවුවා වාගේ මේ දහරාද වෙන වෙනම දියුණුවක් ලබා සිංහල ගී කෙත පෝෂණය කරන්නට ඕනෑතරම් ඉඩ තිබුණා... කුමක් හෝ අවාසනාවකට ප්‍රධාන ගායකයන් කිහිප දෙනෙක් බිහිකල සම්මත "ප්‍රබුද්ධ" ධාරාවන්ට එව්වා වැහිලා ගියා... මක් කරන්නද... මෙහෙමවත් රස විඳිමු...

රාන් කුරුල්ලයි රාන් කිරිල්ලයි සණ්ඩු දබර කරතෙයි ...
රාන් කිරිල්ලි පුංචි කැදැල්ලේ හීන් හඬින් අඬතෙයි...
ආන් බලන් සකි දෙන්න දෙපැත්තේ මුහුණු බකුසු කරතෙයි...
හිරි මල් ජෝඩුව හිත් අමනාපෙන්දැයි...

ලස්සන පෙත්තප්පු... දවසක් හැංගි හොරා
කිරිල්ලි ගාව ඉඳන්... මොනවාදෝ කියලා...

විහිලු කොලොප්පම වෙයි... කුරුල්ලටත් වැදිලා
ඌටත් අපට වගේ... ආදර හිත රිදිලා....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

48 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

හහ්..හහ්..
මගේ යාව ජීව උපාසකට..
ගෙදර ඇත්තී බැණ අඩ ගහලා වගෙයි...

ඉවසන්න පින්වත ඉවසන්න...

මාරයාගේ හෝරාව said...

හුටා පළවෙනි කමෙන්ට් එකම මඩ පාරක් වෙලා නේද..?

තිස්ස දොඩන්ගොඩ said...

මේහ්... ඇහුනද...? දිගටම ඔහොම අමතනවනම් පිරිකරත් ගන්ට වෙයි ඕං ඈ...?

änthräX said...

අහල තියනව ලාවට මතකයි. කියන්නෙ කව්ද කියලා දැනං උන්නෙ නෑ නෙ.

තිස්ස දොඩන්ගොඩ said...

@änthräX: (ටයිප් කරමි Alt Hex නැතිව ගින්න...!) ආයිබෝං මලේ ගොඩවුනාට...

මාරයාගේ හෝරාව said...

අමතක වෙලා වගෙයි..
කළිනුත් පිරිකරක් දීලා වෙච්ච සංගදිය..?

Shadow/හේමලයා said...

මේක නම් අසා ඇත.....ස්තුතියි තොරතුරු වලට......:)

Grey said...

මේකනම් මමත් අහල තියෙනවා... නමුත් ඇන්ත්‍රැක්ස් අයියාවගේම කියන්නේ කවුද කියලා දැනන් හිටියේ නෑ. ලස්සන සිංදුවක් කාලෙකට පස්සෙ මතක් කරල දුන්නට බොහොම පිං.

wath said...

" Incridible Hulk" නේද මේ... අප්පොච්චියේ අයියත් එහෙනම් තරහ ගියහම ඒ වගේ වස ඇති....

මම නම් මේ සින්දුව කියන ගායිකාවගේ නුහුරු ගතියට කැමති. ඒත් අපේ සමහර උදවිය හොදට දන්න සිංහල කතා කරන්න හදද්දි බබා වෙනම හිතලම...

ලස්සනයි .. ලස්සනයි... මේකේ නම් තරහ වුන ජෝඩුව හරිම ලස්සනයි...

sansarasidu said...

තවත් පළවෙනිවරට... එකක්!
අප්පොච්චියෙ මේව අහද්දි මං ලංකාවෙද හිටියෙ කියල හිතෙනවා...
බලාගෙන ගියාම මං අහපු සිංදුවක් නැති තරමයිනෙ...

වෙනස් ආරක ලස්සන සිංදුවක් !
බෙදාහදාගත්තට ස්තූතියි අයියේ...

sansarasidu said...

ඒක නෙමෙයි තිසා අයියේ... Hulk ගොයියා මොකදෑ මේ අඩවියේ කරන්නෙ?

෴ හසියා ෴ said...

ආදරේදී පොඩි වලියක් ගියහම මාර ගති‍.වලිය යද්දිනම් පොඩ්ඩක් අප්සැට් වගේ.ඒත් ගින්න නිවුනහම තමයි ෆන් එක.දෙන්නට දෙන්න මුණ නෙබල කතානොකර ලැජ්ජාවේ ඉන්නකොට මාරම ගති.
අනිත් එක පොඩි පොඩි වලි වලින් පස්සේ ආදරේ ගොඩක් වැඩි වෙනවනේ.හැබැයි එහෙම වෙනවනම් එක පාර ලොකු වලියක් ඇල්ලුවනම් ආදරේ ගොඩක් එක පාර වැඩිවෙයි නේද? නැත්නම් දික්කසාදයක් උරුම වෙයිද දන්නෑ නෙද...

ලස්සන සිංදුව.....මම මීට කලින් අහල තිබුනේ නෑ.සිංදුව බෙදාගත්තාට බොහොමත්ම ස්තූතියි.

දුකා said...

Incridible Hulk .. . ela ela . . .. hik hik hik . . .

තිස්ස දොඩන්ගොඩ said...

@ මාරයා: නෙද්දකිං... පත්තරේ දාල අහක්කලා... දැං එනවා මෙතන... :-)

@හේමලයා: මෙහෙම හැමෝගෙම ගෙවල් වලට ගොඩ වැදිලා වචනයක් කියන එකටත් බොහොම ස්තූතියි මල්ලී...

@Grey: Always welcome dear bro...

@Wath: උඹ කොහොමද නගේ මගේ ඉඟි හැමදාම අල්ලා ගන්නේ මෙහෙම... සොඳුරුම සිතක් නිසා වෙන්න ඇති... ඩැල්රීන් උපතින් බර්ගර් මයේ හිතේ... නමුත් කිසි ගින්නක් නැතුව අපූරුවට කථා කොරන්නේ...

@සන්සරසිඳු: ඩේවිඩ් බැනර් දොස්තර මහත්තයා ඉතින් හල්ක් වෙන්නේ මල පැන්නහමනේ... ඔය සිංදුවේ කුරුල්ලටත් මල පැනලලු හාමිනේ ගේ උකුලු මුකුලු නිසා පෙත්තප්පු එක්ක...

@හසියා: ආයේ වලි ගැනනම් කියන්න තියන ටික ඔක්කොම කිවා හසියෝ උඹ...

@දුකා: සොහොන්පල්ලාගේ දියණිය පොතේ තියෙන්නේ "ඉන්තෙදිබල් හල්" කියල... පොඩි උන්ගේ සෙල්ලමක් ගැන කියනකොට... හෙහ් හෙහ් හෙහ්

දුමී said...

ඇත්තටම ලස්සන සින්දුවක්. මීට කලින් මේක මෙච්චර ලස්සනට මට ඇහිල නෑ. මේක සිංහලෙන් කිව්ව නම් මීට වැඩිය ලස්සන වෙයි කියල හිතෙනවා . . . . :)

වැම්පයර් said...

එල නේ.. අයියත් මරු රසාංග නෙව අරගෙන එන්නෙ.. හොඳා හොඳා.. අහල නං තියෙනව අනන්තවත්. ඒත් තේරුම ඇන්ඩ් පද වැල හරියටම ඔලුවට ආවෙ අද..ලයිව් අහලත් තියනව මේක මට මතක විදියට, ජිප්සීස් කොන්සට් එකක.

Anonymous said...

ටික දවසකින් වෙනස් සින්දුවක්, Tissa මරු ඈ...

රොඩි කුලේ ගෑනයි, ග්‍රහයෝ ගෑනයි අපුරු සන්වාදෙට යම්ක් ලියන්න බෑරි උනා...

එත්, ග්‍රහයෝ නරක් උනාමත් සන්ඩු දබර නිතර ඈතිවෙනවාලු, රාන් කුරුල්ලටයි, රාන් කිරිල්ලිටයි, ඒ වගේ කාලයක් දෝ...

කුජ 7, උන් කොහොමත් එහෙමලු, අනේ ඒ උනාට සිකුරා නම් ආදරේට full support, සෙනසුරා මොන එරාස්ටකෙ ගෙනවත්...

ඒ උනාට, මෙ දවස් වල කුජ, සෙනසුරු, සිකුරු, බුදත් එකකම බොහොම අපුරුවට ලගින් ඉන්නේ..

(මෙ ග්‍රහ ලොක 4ම මෙ දවස් වල රෑ අහසෙ බලා ගන්න පුලුවන්, 7ට 8ට විතර, අපුරු දර්ශනේ )

මම
"මෙ මොහොත"
"The Present Moment"

තිස්ස දොඩන්ගොඩ said...

@දුමී: හෙහ් හෙහ් හෙහ්.... අපි සෙට් වෙච්චි වෙලාවකට සිංහලෙන් කියමු...

@වැම්පි: ෂහ් ලයිව් අහන්න වටින සිංදුවක් නේ මළේ...? මම ගිහිල්ලම නැනේ ඔය ලයිව් පොප් ෂෝස් වලට... අඩු ගානේ ක්ලැරන්ස් ගේ එකකටවත්...

@මේ මොහොත: කමක් නෑ ඇවිත් ගියානේ... දැන් ඔහොම විරුද්ධ කාරයෝ එක ලඟින් ඉන්නකොට මොකද වෙන්නේ...? ඕනෑම රටකට පේනවද... අපි ඉන්නේ කාන්තාර රටවල නේ...?

Pali said...

ගායකයාගේ හෝ ගායිකාවගේ නම, චරිතය, හැඩරුව, සංගීතය පිළිබඳ හදාරා ඇති ප්‍රමාණය, අදහන ආගම, දේශපාලන දර්ශණය ආදිය නොතකා ගීයක වටිනාකම තීරණය කරන රසික රසිකාවියන් පිරිසක් ඉන්න නිසා ඔය වගේ ගීත තවමත් අපි අතර ‍රැඳී තියෙනවා. මේ ගීය ‍තෝරාගැනීම ගොඩක් අගය කරනවා, තිස්ස.

දුමී said...

මචෝ, මෙන්න මේ සින්දුව ගැන පෝස්ට් එකක් කරපන් පුළුවන්නම්. මේක සුජාතා අත්තනායක මහත්මියගෙ හරිම ලස්සන වෙඩින්ග් සෝන්ග් එකක්.

"සුරංගනා මල් ඇතිරූ මාවතේ . . . කෙළි සෙල්ලම් ජීවිතේ නිමා උනා වගේ"

මේ කට හඬ අපිට ආපහු අහන්න ලැබෙන්නෙ නැහැ අපේ අවාසනාවට. පුළුවන්නම් මීට වඩා හොඳ වර්ෂන් එකක් හොයල දාපන්.

http://www.infolanka.com/miyuru_gee/zz/z301.ram

ඉලංදාරියා said...

ස්තුතියි අයියේ .....

ඇතටම දබර උනාවත්ද..?

තිස්ස දොඩන්ගොඩ said...

@දුමී: බලමු මචෝ... බලමු..

@ඉලංදාරියා: අපොයි නෑ මලේ... !! හෙහ් හෙහ් හෙහ්...

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

අයියන්ඩී... ඔත්තුදුන්නා වාගේ නෙමෙයි. මේක ගැනත් උඹට ලියන්න වෙනවා හොදේ... "ඇය නන්දා මාලනී සමග චිත්‍රපටියකට ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ගැයූ "No East - No West" ගීයත් හරිම අපූරුයි..."

පිස්සා පලාමල්ල said...

කලින් අහල තිබ්බට මේක කියන්නෙ කවුද ඒ මොකුත් දැනන් හිටියෙ නැහ. ස්තුතියි තිස්ස අයියා.


මම තාම අර " දෙදරු ලදුනෙ මට නිදි නෑ " පට්ට ගහනවා.

priyantha.ඒබී said...

නුහුරට ගයන සිංහල වලින් අමුතු පණක් එන ගීයක් කලින් අහල තිබුනට අයියගේ විස්තරේ හිතේ ඇඳගෙන අහනකොට නම් අමුතුම ලස්සනකට ඇහෙනවා. ඇත්තටම හොඳට සිංහල පුළුවන් අය සිංහල කනකොට මේවායේ වටිනාකම නිමක් නෑ.

තිස්ස දොඩන්ගොඩ said...

@Pali: අල බෑන්ඩ් එකට හිට් කරත හැකි.. ජීවනී නංගිට කිව්වානම්...

@කුෂාන් : අනිවා දාමු... ඒක අහන්න වටිනම ගීයක්...

@පලාමල්ල: මට පිස්සා කියන්න හිත දෙන්නේ නෑ බං මෙච්චර වටින රසිකයකුට... කාන්තාරේ නෙමෙයි නේද මල්ලියේ ඉන්නේ... හීතල පැත්තක නේ...? නමුත් පට්ට ගහන්න වටිනම සිංදුවක්... මට හිතෙන්නේ අරාබි සංගීතයයි මුහු කරලා තියෙන්නේ...

තිස්ස දොඩන්ගොඩ said...

@Priyantha.ඒ.බී : කියලා වැඩක් නෑ මල්ලියේ...ඔය ඩැල්රීන් මහත්මිය බොහොම හොඳට කකුල් පොලවේ තියපු මනුස්සයා... ෂෝ බිස් එකේ හිටියට...

පිස්සා පලාමල්ල said...

හීතල පැත්තක නම් තමා අයියේ... ඒ උනාට " උන්නත් පෙර අපි නොකා නොබී නවැසි තැම්බිලි ගස් සෙවනයි මට සිහිවෙන්නේ " ඒ ටිකම ඇති බන්.... අතීතය මතක් වෙන්න.....

තිස්ස දොඩන්ගොඩ said...

අනිවා.. එලියට එන්නම ඕනේ ඕක දැනෙන්න...

Ansh Lucky Sri Jay said...

මේක නියම සින්දුවක් නෙව. හැබැයි කලින් අසා නොතිබුණි.
මම නම් ඩැල්රීන් මහත්මියගේ අනෙක් ගීත කීපයක්ම අහලා තියෙනවා සහ කැමතියි.
:)

Naදී said...

ලස්සන සිංදුවක් නොවැ.අනේ කාලේ අපි වනේ වාසේ.අපිට අහන්න වෙලා තියෙන්නේ ටකරං සිංදුනේ.

තිස්ස දොඩන්ගොඩ said...

@Ansh: මමත් ඇගේ සින්දු මබොහොමයකට කැමතියි...
["திச்ச தமயி நயசக மினிகா..." :-( ]

@ණදී: අනේ මන්දා නගෝ කොයි දේත් එන්ට එන්ට බාල වෙනවා නෙව..!

ගල්මල්-Coral said...

නීලා වික්‍රමසිංහයන් හා තවත් ප්‍රවීණයින් කිහිපදෙනෙක් ගැයූ "මාස්ටර් සර්" විකෘති කර ගයන "සිංග්ලිශ්" ශෛලියට වඩා මේ ගීතය කිහිප ගුණයකින් හොඳයි යන්නයි මගේ නම් අදහස.

සීමිත සංවෘත මුද්‍රිත මාධ්‍ය පමණක් පැවැති කලෙක විවිධ මතිමතාන්තර ඉහලට ඒම මෙවගේ දේවල් නිසා, කාලෙකට පසුවත් මෙතරම් පිරිසක් අගේ කරන; ගායිකාවකට පොඩි සාදාරණයක් නොවුනා වෙන්න පුලුවනි. ඒත් ඒ කාලයේ ඉංග්‍රීසි පුවත් පත් හා සඟරා ඉඳ හිටවත් මැය ගැන විස්තර පල කලා මතකයි.

ගල්මල්-Coral said...

@පාලි: ඒ අදහස ගොඩාක් අගේය සොයුරා

අනුරාධ said...

යකෝ සින්දු අහන්න මෙහේටම එන්න එපැයි. පලවෙනි පාරට මේකත් ඇහුවේ....

තිස්ස දොඩන්ගොඩ said...

@ගල් මල්: ඔය නිමල් මෙන්ඩිස් ගයන මාස්ටර් සර් ඔරිජිනල් එක නෙමෙයි නේද ඔබ තුමා කියන්නේ... තවත් එකක් තියනවාද...? මොකද ඒකෙත් ටිකක් උච්ඡාරනය සිංහලට හොරයි...

@අනුරාධ: එන්න එන්න...හැබැයි දරුවෝ නිදි මරන එක නම් ඒ හැටි හොඳ නෑ මගේ මල්ලියේ...

Buratheno said...

"තිස්ස තමයි වයසක මිනිහා.." කියලා දෙමළෙන් ලිවුවෙ මොකද..?? ඕක ඉතිං කවුරුත් දන්න දෙයක්නෙ.. :)

ගල්මල්-Coral said...

නැහැ, රජ් සෙනෙවිරත්න, එයාත් මුල් කාලයේ "මස්ටර් සර්" ගීතය නැති කලා නේ

Pali said...

@තිස්ස : අපි ජීවණී නංගිට කියලා බලමු නේද? එයාගෙ කටහඬ කොච්චර දුරට ගැලපෙයිද මන්දා. ඒත් ට්‍රයි එකක් දෙන්න ඒක බාධාවක් නෙමෙයිනෙ.

@ගල්මල් : කොහොම වුනත් රාජ් සෙනෙවිරත්නගෙ "සිලි සිලි සීතල ඇල්ලේ" වැනි ගීතවලත් ගතියක් තියෙනව නේද?

තිස්ස දොඩන්ගොඩ said...

@Buratheno: හහ් හහ් හහ්...උඹත් මාව බයිට් එකට ගත්තා නේ...? මේ තරුන ලමයි මලේ මාව බයිට් එකට ගත්තා මේ Google Buzz ත්‍රේඩ් එකකදී, මම දෙමළ දන්නේ නැතිනිසා ඔව්වා ලිය ලිය... :-)

@ගල්මල් + Pali : අහ් ඔව් මිනිහා සමහර ඒවා නම් අල කලා තමා...

ගල්මල්-Coral said...

@Pali:
ඔව් යාළු, ඇත්තෙන්ම රාජ් දක්ෂයෙක්. එයාගේම ගීත අහනකොට එතරම් වෙනසක් දැනෙන්නේ නැහැ ඒ එයාටම අනුරූප ශෛලියක් නිසා වෙන්න ඇති. "මාස්ටර් සර්" ගීතය අමාරුවෙන් මරන එක ගැනයි මං සඳහන් කලේ.

nish said...

ලස්සනයි.......... හද ගී පොතට ගොඩ වදුනේ අද තමා

තිස්ස දොඩන්ගොඩ said...

බොහොම තුති, ගොඩවැදුනට...!

Anonymous said...

හද ගී පොතෙන් උදවුවක් ඉල්ලන්න ආවේ....

කෝලිත භානු දිසානායක ගායනා කරන

හිරු වෑයම් කලොත් ඝනඳුර මිදෙව්වැකී
සඳ වෑයම් කලොත් සාවුන් එලෙව්වැකී
බිඟු වෑයම් කලොත් මුවරද සිඳෙව්වැකී
නුඹ වෑයම් කලොත් මගෙ සිත නැලෙව්වැකී

කියන ගීතය හොයල දෙන්න පුලුවන් වෙයිද තිස්ස අයියේ.... පද වැල නම් ඔක්කොම මතකයි ඒත් ගීතය හොයා ගන්න බැහැනෙ... :(

යෝගී... said...

ගීතය නම් අපූරුයි.
"කුමක් හෝ අවාසනාවකට ප්‍රධාන ගායකයන් කිහිප දෙනෙක් බිහිකල සම්මත "ප්‍රබුද්ධ" ධාරාවන්ට එව්වා වැහිලා ගියා.."
එකඟ නැත !

-ජය

තිස්ස දොඩන්ගොඩ said...

@යෝගී: තව විස්තර ඩිංගක්...?

Pali said...

විලාසිතාවට නැතුව ඇත්තටම නුහුරු කම නිසා අමාරුවෙන් සිංහල උච්චාරණය කරමින් ගී ගැයූ අපි ඉතා ගරු කරන අල්හාජ් මොහිදීන් බෙග් වැනි ගායකයින් එදා ගැයූ ගී අදටත් අපව රසවත් කරනවනෙ.

මේ අතරම, විදේශිකයින් සිංහල ගී ගයන විටත් හරිම සුන්දරයි. කැමති කෙනෙක් මෙ වීඩියෝ බලන්න.

ජපන් කාන්තාවක් : http://www.youtube.com/watch?v=2d9LAfrrVes
කැරිබියන් කාන්තාවක් : http://www.youtube.com/watch?v=Nxm4VOGMlBs&p=12ABE2F529B5F908&playnext=1&index=32
ජපන් ළඳුන් පිරිසක් : http://www.youtube.com/watch?v=04ChZPHR1SA
සිවිස් ජාතිකයෙක් : http://www.youtube.com/watch?v=h3N7MN1zTco&feature=related
ජපන් දැරියක් : http://www.youtube.com/watch?v=swtUUeWjxrM

තිස්ස දොඩන්ගොඩ said...

@ඇනෝ: අනේ ඒ සින්දුව අහලා නෑනේ... මමත් අහපු නැති ගොඩක් තියනවා... බලමු වැම්පයර් මල්ලි වත් උදව් කරයිද කියලා....

@Pali: පිස්සුම පිස්සු හැදෙනවා මචෝ... ඒ සින්දු ටික මම ජීවිතේට ඒ ටිකෙන් එකක්වත් දැකලා නෑ.. !!! බොහොම පින් පාලියෝ...

Post a Comment

 
Blogger Wordpress Gadgets