යාකොෆ් පෙරෙල්මාන්ගේ ගණිත විනෝදය (පරි. දදිගම වි. රුද්‍රිගු) අශ්වාදනීය පොතකි. කුඩා කල කියවන්ට ලැබෙතොත් ගණිතයෙහි රස අපූරුවට විඳගත හැක. ගණිත හැකියාවනුත් සාහිත හැකියාවනුත් එකවිට කෙනෙකුට පිහිටන්නේ කලාතුරකිනි. අද ඒ ලියැවිලි කියවන විට, ඒවායේ සැඟව ඇති කොමියුනිස්ට් දැක්මත්, උත්ප්‍රාසයත් අපූරුවට දැකිය හැක. අප රට වුවද ලුණු ඇඹුල් ඇති හරවත් සභා ඇමැතීම් අදද සිදුවන්නේ වාමාංශික වේදිකාවලය. පෙරෙල්මාන්ගේ උත්ප්‍රාසය කොපමණ දුර දිග යන්නේද කිවහොත් හේ ශුද්ධ වූ බයිබලයේ එන නෝවාගේ ලෝක විනාශ කථාවේ විස්තරය ගණිත කර්ම වලින් විස්තර කරන්නට යයි. මෙපමණක් උස වර්ෂාපතනයකට අවශ්‍ය ජල පරිමාවද, මෙපමණක් සතුන් එකලස් කිරීමට ඇවැසි නැවේ පරිමාවද හේ ගණනය කරයි! නිගමන වලටද එළැඹෙයි! පන්සිය පනස් ජාතක කථාද, සස ජාතකයෙන් පටන් ගෙන පතුරු ගසන්නෝද දුලබ නොවේ.
"ගහකාරක දිට්ඨෝසී.." දැක්මක් ලබා ගැනීමට ගිය සිදුහත් කුමරුට අබිනික්මණට උදව් වූ දෙදෙනෙකි! ඡන්න ඇමැත්තාත්, කන්ථක නම් අශ්වයාත්ය. මිනිසත් බව ලැබූවද, බෝසත් ඇසුර ලැබූවද, වීර්‍යය අමතක කොට "පිළිගන්න මම චන්න ඇමතී වෙමී - මා එක්ක ගියෙ ඊයේ සිදුහත් හිමී" කිය කියා ඉඳිමින් අගසව්වන් දෙස ඊර්ෂ්‍යාවෙන් බැලූ නිසා ජන්න ඇමැත්තාට බුදුන් වහන්සේගෙන්ම බ්‍රහ්ම දණ්ඩනයට ලක්වන්නට සිදුවිය. තිරිසනෙක් [තිරස් කොඳු ඇටපෙලක් ඇති] වුවද කන්ථක අස්වයා වීර්‍යයේ සංකේතයකි. පෙරෙල්මාන් ගණනය කරනා ලෙසට අශ්වයෙකුට දෙදෙනෙක් රැගෙන රියන් අටසීයක් (පූජාවලි විස්තර කථා) පළල ගංගාවක් තරණය කරන්නේ කෙලෙසදැයි අසන්නෝ එමටය. විමාන වත්ථු කථාවල තව්තිසාවේ දෙවියෙක්ව ඉපැදුණු කන්ථක අසු, මුගලන් මහරහතන් වහන්සේගෙන් බණ අසා නිවන් දුටු කථාවක් ඇතියයිද කියැවේ.
අශ්වයා බැලීමට පිරිය උපදවන සතෙකි. හස්තීන්, සිංහයන් ලෙස තේජස් නොවූවද ජාවධිකය. ඇවැසි නම් ඌට ලතාවකට මදවේගයෙන් වුවද ගමනේ යෙදිය හැකිය. තුරඟා වන්නම නමින් සිංහල වන්නමක් ඇති අතර එහි තුංග ලතාව අපූරුවට ප්‍රතිනිර්මාණය වී ඇත. සිරිතුංග, වීරතුංග, වික්‍රමතුංග, ජයතුංග හෝ මනතුංග අසුන්ට නෑකම් නොකියූවද ශ්‍රීමත් ජේම්ස් පීරිස් පුත් දේවාර් සුර්‍යසේන, සටන් බිමට වන් මංගල තුරඟාගේ ගමන් විලාසය අනුව යන තුරඟා වන්නම කදිමට ගයයි..
සත් වෙත් මහත් අදර - ලත් යුත් සිදත් කුමරු - ගත් සිත් තොසත් පැවිදි අංගා
අණ කරන චන්නයෙන - කන්ථකය අසු ගෙනෙන - ගෙන එදුන අසුගෙ පිට නැංගා
ගත් ගත් පයත් අසුගෙ - සබ්දත් වසත් සුරිඳු - යන්නෙන් තොසින් තිදෙන සමගා
යන යනෙන කල තිදෙන - එතැන තැන පසුව දැන - ගංතෙරට පත්වුණිය එමගා
ලත් ලත් සිතත් තිදෙන - වෙත් වෙත් එකත් පසුව - මුත් කන්ථකත් වේය තුරගා
සිදුහතුන ගෙන වහන - චන්න වල්ගය අතින - පැන්නෙන් එතෙර අනොම ගංගා
ගොත් සිත් මහත් රුසිරු - ලත් යුත් සිදත් කුමරු - ගෙන් සත් රැගත් නරත අංගා
තිදෙන පැන ගියෙ ගඟින - එතෙද අණ ගෙන බැතින - යෙදුව නැණ වර්ණයෙන තුරඟා
මේ ගමනට පසුපසින් සිටිමින් උරදෙන්නන්ද සිටිති. 'ගත් ගත් පයත් අසුගෙ ශබ්දත් වසත් සුරිඳු' ලෙසින් අස්ව කුර සන් කිසිවෙකුට නොනෑසෙන්නට සක්‍රදෙවියන් වගබලා ගනී.
සිංහල ගී කෙතට මුලින්ම (1972) ගීයක් රචනා කරන බොදු යතිවරයානන් වන වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමි, අතීත කලාකරුවනට නොදෙවෙනි නිර්මාණයක් පද බඳිති. තුරඟා වන්නම ලෙසින්ම සුලු මැදුම් දෙතිතෙන් එයට තනු යොදා ගයන්නේ සංගීත් නිපුන් සනත් නන්දසිරිය.
සිත් නෙත් මහත් තදින - ගත් ගත් ගමන් බඳින - සත් වගට දුක් දෙවන තුංගා
සසර බිය නැති කරන - අදිටනින් හද පිරුණ - කුමරු තම අසුගෙ පිට නැංගා
කන්ථකට සන් කරන - ඡන්න අතවැසි සමග - තිදෙන පත් වුණි අනොම ගංගා
ලංවෙමින ගංතෙරට - ඉන් සැනින පැන මෙපිට - සන් බිඳී පසෙකලා හංගා
කන්ථකට සන් කරන - ඡන්න අතවැසි සමග - තිදෙන පත් වුණි අනොම ගංගා
රන් කගින කෙස් කළඹ - කපා අහසට දමා - සන්තොසින ගති පැවැදි අංගා
මේ නිර්මාණයන් දෙකම එකිනෙකට නොදෙවෙනි ලෙස මා සිත් පිනවයි. එහෙත් පෙරෙල්මාන්ට මෙන් එය මෙතෙකැයි කීමට මට නොහැකි නිසා ඒ ගැන ඔබට තක්සේරුවක් දීමට නොහැක!!
"ගහකාරක දිට්ඨෝසී.." දැක්මක් ලබා ගැනීමට ගිය සිදුහත් කුමරුට අබිනික්මණට උදව් වූ දෙදෙනෙකි! ඡන්න ඇමැත්තාත්, කන්ථක නම් අශ්වයාත්ය. මිනිසත් බව ලැබූවද, බෝසත් ඇසුර ලැබූවද, වීර්‍යය අමතක කොට "පිළිගන්න මම චන්න ඇමතී වෙමී - මා එක්ක ගියෙ ඊයේ සිදුහත් හිමී" කිය කියා ඉඳිමින් අගසව්වන් දෙස ඊර්ෂ්‍යාවෙන් බැලූ නිසා ජන්න ඇමැත්තාට බුදුන් වහන්සේගෙන්ම බ්‍රහ්ම දණ්ඩනයට ලක්වන්නට සිදුවිය. තිරිසනෙක් [තිරස් කොඳු ඇටපෙලක් ඇති] වුවද කන්ථක අස්වයා වීර්‍යයේ සංකේතයකි. පෙරෙල්මාන් ගණනය කරනා ලෙසට අශ්වයෙකුට දෙදෙනෙක් රැගෙන රියන් අටසීයක් (පූජාවලි විස්තර කථා) පළල ගංගාවක් තරණය කරන්නේ කෙලෙසදැයි අසන්නෝ එමටය. විමාන වත්ථු කථාවල තව්තිසාවේ දෙවියෙක්ව ඉපැදුණු කන්ථක අසු, මුගලන් මහරහතන් වහන්සේගෙන් බණ අසා නිවන් දුටු කථාවක් ඇතියයිද කියැවේ.
අශ්වයා බැලීමට පිරිය උපදවන සතෙකි. හස්තීන්, සිංහයන් ලෙස තේජස් නොවූවද ජාවධිකය. ඇවැසි නම් ඌට ලතාවකට මදවේගයෙන් වුවද ගමනේ යෙදිය හැකිය. තුරඟා වන්නම නමින් සිංහල වන්නමක් ඇති අතර එහි තුංග ලතාව අපූරුවට ප්‍රතිනිර්මාණය වී ඇත. සිරිතුංග, වීරතුංග, වික්‍රමතුංග, ජයතුංග හෝ මනතුංග අසුන්ට නෑකම් නොකියූවද ශ්‍රීමත් ජේම්ස් පීරිස් පුත් දේවාර් සුර්‍යසේන, සටන් බිමට වන් මංගල තුරඟාගේ ගමන් විලාසය අනුව යන තුරඟා වන්නම කදිමට ගයයි..
සත් වෙත් මහත් අදර - ලත් යුත් සිදත් කුමරු - ගත් සිත් තොසත් පැවිදි අංගා
අණ කරන චන්නයෙන - කන්ථකය අසු ගෙනෙන - ගෙන එදුන අසුගෙ පිට නැංගා
ගත් ගත් පයත් අසුගෙ - සබ්දත් වසත් සුරිඳු - යන්නෙන් තොසින් තිදෙන සමගා
යන යනෙන කල තිදෙන - එතැන තැන පසුව දැන - ගංතෙරට පත්වුණිය එමගා
ලත් ලත් සිතත් තිදෙන - වෙත් වෙත් එකත් පසුව - මුත් කන්ථකත් වේය තුරගා
සිදුහතුන ගෙන වහන - චන්න වල්ගය අතින - පැන්නෙන් එතෙර අනොම ගංගා
ගොත් සිත් මහත් රුසිරු - ලත් යුත් සිදත් කුමරු - ගෙන් සත් රැගත් නරත අංගා
තිදෙන පැන ගියෙ ගඟින - එතෙද අණ ගෙන බැතින - යෙදුව නැණ වර්ණයෙන තුරඟා
මේ ගමනට පසුපසින් සිටිමින් උරදෙන්නන්ද සිටිති. 'ගත් ගත් පයත් අසුගෙ ශබ්දත් වසත් සුරිඳු' ලෙසින් අස්ව කුර සන් කිසිවෙකුට නොනෑසෙන්නට සක්‍රදෙවියන් වගබලා ගනී.
සිංහල ගී කෙතට මුලින්ම (1972) ගීයක් රචනා කරන බොදු යතිවරයානන් වන වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමි, අතීත කලාකරුවනට නොදෙවෙනි නිර්මාණයක් පද බඳිති. තුරඟා වන්නම ලෙසින්ම සුලු මැදුම් දෙතිතෙන් එයට තනු යොදා ගයන්නේ සංගීත් නිපුන් සනත් නන්දසිරිය.
සිත් නෙත් මහත් තදින - ගත් ගත් ගමන් බඳින - සත් වගට දුක් දෙවන තුංගා
සසර බිය නැති කරන - අදිටනින් හද පිරුණ - කුමරු තම අසුගෙ පිට නැංගා
කන්ථකට සන් කරන - ඡන්න අතවැසි සමග - තිදෙන පත් වුණි අනොම ගංගා
ලංවෙමින ගංතෙරට - ඉන් සැනින පැන මෙපිට - සන් බිඳී පසෙකලා හංගා
කන්ථකට සන් කරන - ඡන්න අතවැසි සමග - තිදෙන පත් වුණි අනොම ගංගා
රන් කගින කෙස් කළඹ - කපා අහසට දමා - සන්තොසින ගති පැවැදි අංගා
මේ නිර්මාණයන් දෙකම එකිනෙකට නොදෙවෙනි ලෙස මා සිත් පිනවයි. එහෙත් පෙරෙල්මාන්ට මෙන් එය මෙතෙකැයි කීමට මට නොහැකි නිසා ඒ ගැන ඔබට තක්සේරුවක් දීමට නොහැක!!
ඉන්දියාවේ (පාකිස්තානයෙත්) තියන ගංඟා දැකපු ඕන කෙනෙත් දන්නවා ඒවායෙන් එතෙර වෙන්නේ කොහොමද කියලා, අවුරුද්දේ බොහෝ දින ගණනක් මේවා තියෙන්නේ වතුරබිඳුවක් වත් නැති වැලි ගංඟා විදිහට, හැබැයි බෙංගාලය / බංගලාදේශය පැත්තට යනකොට කතන්දරය සම්පූර්ණයෙන් වෙනස්.
ReplyDeleteමම සංචාරය කරල නෑ ඉන්දියාවේ. මේක අලුත් තොරතුරක් මට. ස්තූතියි ඔබට
Deleteසොරිම සොරි චාටර් කේස් එකක් තමයි වුනේ, උඩ පෝස්ට් එක දැම්ම ඇනෝවා මම තමයි. ගස් ලබ්බ යට කියල තියන එකට සම්පූර්ණ එකඟයි, ඔය සාහිත්‍ය කියන ඒවා මට මීටර් නැති දෙයක්, මම හරිම ආසා පොතක නමක් තිබ්බ නිසා කියෙව්වා නැත්තම් මේ පැත්ත පලාතේ එන්නේ නෑ.
Delete:-) :-)
Deleteතිස්ස අයියා
ReplyDeleteකලකින් ලැබුනු නිසාත් අද රස වැඩියි ලියවිල්ල.වන්නම් වලට මම කොහොමත් මනාපයි. ඒනිසාමද කොහෙද මෙය මා පිස්සු වැට්ටුවා
වන්නමුත් එහෙමයි සවුදමුත් එහෙමයි! :-)
Deleteගැඹුරු දර්ශනයත් එම දර්ශනය සමාජගත කිරීමට සාහිත්‍යකරුවා යම් කරුණු අතිශ්‍යෝක්තියට නැඟීමත්, කල් යාමේදී පෙරකී දර්ශනය පිළිබඳ හැඟීමක් නැත්තවුන් සාහිත්‍යමය කරුණු වල වචනාර්ථය ප්‍රශ්නකිරීමත් දකින්න පුළුවන්.
ReplyDeleteජාතක කථා පොතත් ත්‍රිපිටකයත් පටලවාගත්තවුන් සස ජාතකයේ එල්ලී සිටීම ඔවුන්හට ප්‍රමාදයට කරුණු සාදන්නා සේම හිත් ඇත්තවුන් හට ජවාධික තුරඟකු ලෙසින් සංසාර ගමන කෙටි කර ගැනීමට පෙන්වන නිමිත්තක් ද වෙයි.
මෙහෙම දකින්නන් 'අතැඹුලක්' සේ දකින්නන් කියල හඳුන්වන්න කැමතියි.
Deleteපේලි හයකින් මා කියන්නට දතකෑ සියල්ල!
ස්තූතියි ජී එල්
නේරන්ජනා නදිය තරණය කරපු හැටි ගැන යථාර්ථවත් නිරූපණයක් තියෙනවා the little buddha ෆිල්ම් එකේ.
ReplyDeleteමම ඒ චිත්‍රපටිය බැලුවෙ නෑ ඩ්‍රැකී
Deleteමගෙ හිතේ තියන ශ්‍රද්ධාවට බලපෑමක් වෙයි කියල හිතුන නිසා
වන්නම් පාඩම් නැතුව රන්වල සර්ගෙන් ගුටි කාපු කාලෙ මතක් වෙනවා..
ReplyDeleteමෙතැනට අර සාර්ලිස් මාස්ටර්ගෙ 'කන්ථක අසු නේරන්ජනාවෙන් එතෙරවීම' සිත්තරේ දැම්මානං ටොපේ ටොප්.. :-D
ඒක නෙවෙන්නම්, මේ චීන සක් දෙයියෙක්ගේ එකක් නේ දාලා තියෙන්නෙ නේද ;-)
Deleteදැන් ඉතින් හැමදේම "මෑඩ් ඉන් චයිනා" තමා නේද.. :-P
Deleteනේරංජනාව අපි යන විට වැලි පාරක්. නමුත් මෙය වැස්ස කාලෙ උතුරන බව තමා කීවෙ. කොහොම උතත් මේ ගීත දෙකම අපව අතීතයට ගෙනියනවා. බොදු බැති ගී වල තියෙන්නෙ අමුතුම ආරක්. Gus labba ගේ කතාවට මාත් එකඟයි. බෞද්ධ දර්ශනය මීට වඩා හිතන්න ඕනෙ දෙයක්.අවභෝධයෙන්ම වටහාගැනීම තමා කල යුත්තෙ. අප වටා ඇති ලෝකයම තමා එයට හොඳම උදාහරනය. දැන් දැන් ඒ බව මනාව පැහැදිළි වෙනවා. ස්තූතියි! මල්ලි.
ReplyDeleteදෙමාපියන්ව ඔය ගමන යැව්වට මට තාම යන්න බැරිවුණා
Deleteඅජන්තාවත්, එල්ලෝරාවත් බලන්න ලොකු ආසාවක් තියනව චාන්දි අක්කේ
අජන්තා එල්ලෝරා මාත් ගිහින් නෑ. නමුත් අනෙක් සිද්ධස්ථාන නම් වැඳ පුදා ගත්තා. ලෝකෙ කොහේ ඇවිද්දත් ඒ ගමන දුෂ්කර උනත් පුදුම මානසික සුවයක් බුදුන් වැඩිය මග දකින්න ගිහාම දැනෙන්නෙ. ඒ අපි භක්තියෙන්ම යන නිසා වෙන්නැති. http://piyumvila.blogspot.com/2012/12/7.html
Deleteමේ ටිකත් කියවලාම යන්න. ඉක්මනින්ම යන්න ලැබේවා! යි පතනවා.
වතුර නැතුව වේලි වේලි තිබිලා එක පාරටම අඩි හත අටක වතුර පාරක් ගලාගන එනවාලු නේද
Delete
ReplyDeleteබුදු හාමුදුරුවො ලංකාවෙ උපන්නයි කියන අයගේ එක තර්කයක් ඔය අසු පැන්නවීම. ඒගොල්ල කොහෙද පොඩි වතුර පාරක් පෙන්නල කියනව මේකෙන් තමා පැන්නෙ කියල.
හරි ෆන් කට්ටියක් ඒගොල්ල ! අර ඇමරිකාවෙ ඒලියන්ස්ල එක්ක ගනුදෙනුකරන ෆන් කට්ටියට ලඟින් යන්න අපිට ඉන්නෙ ඒගොල්ල තමා.
අවාසනාවකට ඒ අයට ප්‍රසිද්දිය මදි. ඒ වගේම අපි ඕව ගැන හරි සීරියස් නිසා ඒ අය එක්ක තරහයන අයත් ඉන්නවනෙ
හ්ම්ම්ම් තම තම නැණ පමණින් නෙව ඔව්වා හදාගන්නේ
Deleteදැන් 'සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර' ගෝත්‍රත් කොළඹ රටේ ඇතියැයි දැනගන්නට ලැබුණා
ඉන්දියාවෙ ගංගාවල තත්වයනං අර උඩ ඇනෝ කියල තියෙන විදිය තමයි. හැබැයි ඒ ගඟම විනාඩි ගානකින් අනික් ඉවුර පේන්නෙ නැති ගානට වතුර පිරෙන්න පුලුවං.
ReplyDeleteලස්සන ගීත දෙකක්. මාත් පැරණි බෞද්ද ගීත වලට මනාපයි.
ප්‍රසන්නත් සංචාරකයෙක් නෙව එහෙමනම් ඈ?
Deleteවැලමිටියාවෙ හාංදුරුවන්ගෙ ලස්සන නිර්මාණයක් මේක
මට එකපාරම මතක්වුනේ මගේ විවාහ උත්සවෙ සැලසුම් කරද්දී මොනවාදෝ දේකට අයකරන ගාන වැඩියි කියලා මම තර්ක කරද්දී තාත්තා කිව්ව පැරණි උපහැරණයක්...
ReplyDelete"උඹට අස්සයා තුට්ටු දෙකට ගන්නත් ඕනේ... නෙරංජනා ගඟෙන් පනින්නත් ඕනේ..."
මේකථාව මතක් කලා මතක් කලා මතක් වුණේ නෑ බීටලේ
Deleteමම ගිය ඉන්දියානු සවාරිය ගැන විස්තරයක් ලියල දාන්න හිතුනා . මේ වන්නම් වලට නම් මමත් හෙන ආසයි .. පොඩි කාලේ අක්ක ගෙදර නැටුම් පුරුදු වෙද්දී අහගෙන ඉඳල රහ වැටුනේ .. තාම එහෙමයි ..
ReplyDeleteතිස්ස අයියා මෙන්න මේ පද ටික තියෙන වන්නමක් හරි ඔය මොකක් හරි පරණ කවියක් දන්නවද
"නිතිනී දන මන නයන පිනවන දෙව් සිරින් සුරගනක විලසා " වගේ පටන් ගන්නේ හරි නැත්නම් මෙහෙම පද ටිකක් තියෙනවා ...
මේකද?
Deleteමෙතින දන මන නයන පිනවන - දුල් සිරිත් දෙවගනක විලසා
පතිනි සුරිදුට නැමද කියනෙමි - නරන් හට සෙත දෙන ලෙසා
මේ පත්තිනි සවුදම...
බුරා හරියට හරි . ඕක තමයි . පුළුවන් නම් ඔක්කොම පද ටික දානව ද ?
Deleteබුරා තමා බුරා.. ඇවිදින විශ්වකෝෂයක්!
Deleteදේශාටන ගැන ගැන සිංහලෙන් අඩුයි බ්ලොග් වල - ලිව්වොත් යහපති!
මෙන්න පැතුම්,
Deleteඅපේ නඟාගෙන් අහගෙන ලියාගත්තා. නෙට් එකේ තිබුනා, ඒත් සමහර තැන්වල පද වැරැදියි වැරැදියි වගේ.. හැබැයි ඉතින් මේවා කාලයත් එක්ක එහෙන් මෙහෙන් පද වෙනස් වෙනවා කොහොමත්..
නිතිනි දන මන නයන පිනවන - දුල් සිරින් දෙවඟනක විලසා
පතිනි සුරිඳුට නැමද කියනෙමි - නරන් හට සෙත දෙන ලෙසා
අතිනි ගන රන් සළඹ අරගෙන - නරන් උවදුරු හරින විලසා
පතිනි සවුදම ගයමි අද දින - මේ සබේ මැද පුදුම විලසා
(මෙතන "ගයමි අද මම" කියලාත් සමහර වෙලාවට කියනවා)
සවුදම:
තජ්ජිත් තොංනං තාල උදාරය
විමනෙක සවුදම් දෙවි හෘද නාමය (හෘද පාදය කියලත් යෙදෙනවා)
චන්ද්‍රවතීගේ ඉන්ද්‍රනීල මිණ
විමනෙක සුරුළු වනේ
තකනං ජෙහෙකිට ජනක විනෝදන
ගත්තු එරත්රන් සළඹ අතේ
සෙත්සිරි දෙවනා පත්තිනි කරුනා
අඬිපුර පඬිපුර ජෙහෙනුක තත්තරි
තාහක ජෙං ජෙං තා - ගයමි මම පත්තිනි සුර සවුදම්
අඩෝ බුරා . . උබ සිරාවටම සිරා ම සිරා ඩයල් එකක් බන් . . . අහිංසක පොඩි එකෙක් වගේ හිටියට :P
Deleteඅනේ නෑ බං.. මං නිකංම නිකං ලී බෝනික්කෙක් විතරයි.. කිසිම සිරාකමක් නෑ.. :-D
Delete// අහිංසක පොඩි එකෙක් වගේ හිටියට //
දැන් මට මැවිලා පේනවා සිංහයා කට හද හදා මේ පැත්තට එන හැටි ඕකට මොකක් හරි එකක් කියන්ට.. ;-)
බුරා ඔයා සිරා තමයි බුරා .. සිරාවට මේ කියන්නේ . මම මේ පද ටික බාගෙට කිය කිය දැන් සතියකට විතර කලින් රෙදි වැනුවා .. හෙහ් හෙහ්
Deleteඒ වෙලාවේ ඒ විදියටම බාගෙට මතක් වෙච්ච තව සිංදු කෑල්ලක් කියන්නම් . දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන් ද. මේක නම් කොහෙන් අහපු එකක් ද මන්ද . දන්නේ ඔච්චරයි
"සන්තානම් පල්ලි යන්න පෑල දොරෙන් හැරිලා යන්න . යේං යෙලෝ . යෙල යෙල යේං යෙලෝ "
බුරාගේ දැනුම් ගබඩාවේ මේකත් ඇති .. :)
ඕක පැතුම් ධීවර ගීයක්.. ඔය මීගමුව පැත්තෙ කෙනෙක් එහෙම ඉන්නවානම් දන්නවා ඇති.. එහෙම නැත්තම් සඳුදා වෙනකම් ඉන්ට.. අපේ නඟාට වචන මතක නෑ, සඳුදට හොයලා කියන්නම් කිවුවා..
Deleteබුරා සිරා නෑ මෙයා.. ඔය එකක්වත් මගේ දැනුම ගබඩාවෙන් ආපුව නෙවෙයි.. අපේ නඟාගෙ දැනුම් ගබඩාවෙන් ආපුවා.. එයැයිට ස්තූති කරන්ට..
උඹටත් තැන්කූ මේ වගේ පරණ කෑලි ඇදලා ගන්නවට.. බලහං මම කොච්චර දේවල් ඉගෙනගත්තද මේ ටිකෙන්.. :-)
//අහිංසක පොඩි එකෙක් වගේ හිටියට//
Delete//දැන් මට මැවිලා පේනවා සිංහයා කට හද හදා මේ පැත්තට එන හැටි ඕකට මොකක් හරි එකක් කියන්ට.. ;-) //
හෙහ්..හෙහ්...අහිංසක සූ...ටි පැටියො, දුකා වෙලාවට ඔය කතාව සිකුරාද කියල, උඹ සිකුරාදම ගේම ක්ලෝස් කරගත්තෙ.
කමක් නෑ , දුකා උඹට දැන් හතළිහයි කියල විතරක් මතකතියාගං.
බුරා ස්තුතියි .. බුරාගේ නගාටත් ස්තුතියි .. නගා බ්ලොග් ලියන්නේ නැද්ද ...? බුරත් අර කතාව ඇර වෙන බ්ලොගක් ලියන්නේ නැද්ද ?
Deleteමම නම් දන්න එකම වන්නම "හනුමා වන්නම" විතරයි.
ReplyDeleteවන්නම් ටික එක්කහු කරල දාන්න ඕනෙ මනෝජ් වෙලාවක මේකේ කොහෙ හරි
Deleteඅන්න තිස්ස අයියා වැඩේ.වන්නම් ගැන කියනකොට අර ලයනල් රන්වල සර්ගේ
Delete"වන්නම් සව්දම් ගායන" සින්දුව මතක් වෙනවා.
පරණ සිංදුවල මම ආසම දේ තමයි හැම දේකම තියෙන පැහැදිළි බව.
ReplyDeleteගායනය සහ වාදනය යන දෙක එකින් එකකට බාධා කරගන්නේ නැහැ.
ගස් ලබ්බා කියල තියෙන අදහස අද සමාජයේ බුද්ධාගම වැටී ඇති තත්ත්වය හොඳින් පැහැදිළි කරනවා...
කෝල්මුර ගායනා වලදී උවමනාවෙන්ම කලවං කරනවලු ගායනාවයි වාදනයයි රිද්මයයි - වචන සොයාගන්න බැරිවෙන්න
Deleteඅදයි දෙවැනි ඒක අැහුවේ.... හරිම රසවත්
ReplyDeleteඔව් මමත් සෑහෙන්න රස විඳි ගීයක් KGGP
Deleteඅනේ ඉතින් අපි නැටුවට වන්නම් දන්නෙ නෑනෙ. අනික ඒ නැටුම් වනන්නනම් වන්නම් තිබ්බත් බෑ.
ReplyDeleteපණ්සිය පණස් ජාතකත් නිකන් ඕල්කට් උත්තමයගෙ දහම් පාසල්, භක්ති ගීත වගේ තමා.ඒ ඒ දනට ඒ ඒ දේ..
මං මේ කල්පනා කලේ, අර ගහෙන් ගහට පැන පැන යන වඳුරු මොටාටත් වන්නමක් තියෙනවා.. ඒත් කැලේ රජා වෙච්චි සිංහයට වන්නමක් නෑ නෙවැ.. :-O
Deleteඔව් ඉන්දික දම් සයුර ව්කෘති වෙලා තිබ්බට හැබැයි ඉතින් අර ජී ඇල් කීවා වාගේ "හිත් ඇත්තවුන් හට ජවාධික තුරඟකු ලෙසින් සංසාර ගමන කෙටි කර ගැනීමට පෙන්වන නිමිත්තක් ද වෙයි"
Deleteබුරෝ "සිංහ රාජ වන්නම"ක් තිබේ
පෙරත් කලෙක සිහ රජෙක් වැටුණි මහ - ලිඳක් තුලට ඉබි ලඩෙක් කරපු වැඩ
ඇරත් මෙහෙම යස වැඩක් වුණේ නැත - චිරත් කලෙක පැවතුමක් යසයි හැඩ
දුරත් බැලුම නොව ළඟත් බලන අය - හටත් එලෙස වෙය කැටත් තබමි ජය
වටත් අයට දැනෙනටත් කියමි මම - රටක් වටින සිහරජ වන්නමෙ හැඩ
හ්ම්ම්ම්. බුර් සහ තිස්ස ඉන්න පාටි එකක් (with or without lubricants ) කොහොමවෙයිද කියල ආසාවෙන් හිතුන
Deleteවෙලාවකට අප මේ රට රට වල ඇවිත් මොන කජු ඇටයක් ඇහිඳිනවද කියල හිතෙනව ප්‍රාජේ :-(
Deleteඅන්තිමවතාවට එහෙම සුපිරි සාජ්ජයකට සම්බන්ධ වුණේ රසවතිය ලියන හෂිතලගෙ අහ
ඒත් ගොඩාක් කාලෙකට ඉස්සර :-(
හෙහෙහ් බෝම ස්තූතියි තිසා!
Deleteමෙකලත් ඉබ්බෙක් සිංහයෙකුව ලිඳකට දැම්මේය...හැක් හැක්..
තිස්ස ඉන්න පාටි එකකට සෙට් උනාට එතන වෙන කතානෙ අප්ප ඇදුනෙ. අපරාදෙ කියල හිතෙනව එදා මම පරක්කුවීම සහ අනවශ්‍ය දේට කාලය කා දැමීම.
( බුරා සහ තිසා සමග එක හමුවකට සෙට් වීම...හපොයි...මන් ඔය සුරංගනා කතාවලට ආසම නෑ. මොකොද කණ කැස්බෑවො විය සිදුරෙන් අහස බලත්දි හඳේ එහා පැත්තෙ වල්ග තරුවකුත් තින එක ඊට වඩා වෙන්න ඇහැක් දෙයක් නිසා. )
හපොයි එදා දවසෙ ඔය සිංහරාජ වන්නම කීවනම් අපට අර කාලතුවක්කුවක් අනෙක් පැත්ත හරවල වෙඩි තියනව :-)
Deleteමොනව වුණත් ආයෙමත් හොඳ හමුවක් ප්ලෑන් කරන්න කාලෙ හරි වගෙ හිතෙනව
හොඳ නිමිච්ච මිනිස්සු ටිකක් ආයෙම බ්ලොග් ලෝකෙට ආපු බවක් හැඟෙනව මේ දවස්වල ලියැවෙන බ්ලොග් බලාපුහම
මං මේ සින්දුව මුලින්ම ඇහුවේ පේරාදෙණිය වලේ තිබ්බ ප්‍රසංගයක් ඉවරවෙලා ,සුහද කතා බහක යෙදිලා ඉන්නකොට නිශ්ශංක දිද්දෙණිය කියද්දී. මේ වන්නම් වලට ලංකාවේ සුදුසුම කටහඬ නිශ්ශංක දිද්දෙනියගේ කියලා මට තාමත් හිතෙනවා .
ReplyDeleteනිශ්ශංක දිද්දෙණියගෙ තරම් නාඩගම්, නාට්‍ය ගී වලට උචිත හඬක් මම අසා නැත - ඉවාන් හරියටම හරි
Deleteජොහානා නාඩගමේ
"පන්නා මිගු පන්නා යන මෙන්නා කෙසරින්දූ - සුන්නා කර ලන්නා බල පෙන්නා හද කීතූ...."
ආයේ වෙන කටහඬකින් අසා කුමකටද!!
"පන්නා මිගු පන්නා යන මෙන්නා කෙසරින්දූ - සුන්නා කර ලන්නා බල පෙන්නා හද කීතූ...." මේ ගීතය කියදදී නිශ්ශංක දිහා බලන් ඉන්න ආසයි, ඒ වගේ වේදිකා පෞරුෂයක් සිංහල වේදිකාවට ලැබෙන එකක් නෑ. සදා නිරිඳු
Deleteකියල වැඩක් නෑ ආයේ ඉවාන්. අර ධජග්ග සුත්‍රයේ කියන්නා වාගේ ලොමු දැහැ ගැන්නෙනව :-(
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසාහිත්‍යයට කලින් මගේ කන්දෙක තනුවේ රසයට ඇදෙන නිසා මට හිත් ගන්නේ සනත් නන්දසිරිගේ හඬින් ගායනා කරන ගීතයයි. වන්නමක හැඩයක් නැති සරළ ගීතයක් විදිහට හොඳට රසවින්දනය කරන්න පුළුවන් ගීතයක්.
ReplyDeleteපළවෙනි වන්නම සජීවී වාදන ගායනයකදී පටිගත කර ඇති නිසා ප්‍රමිතියෙන් ගොඩක් පල්ලෙහා තියෙන්නේ......මට නම් ඒකේ කන්කළු ගතියක් නෑ....!
ගණිත විනෝදය කියන්නෙ අපේ කාලේ දරුවන්ගේ (අපි දරුවන් කාලේ ) බයිබලය වගේ තිබිච්ච පොතක්.... ඒත් එක්කම අනිවාර්යයෙන්ම තියෙන අනිත් පොත් තමයි "ලස්සන වසිලිස්සා" සහ "ගුරු ගීතය"
දේවාර් සූර්‍යසේනයන්ගේ ගීයට මම කැමති එහි යම් අභිමාන ස්වරයක් ගැබ්වෙලා කියල දැනෙන නිසයි
Deleteමටත් ඔබට පලමු ගීතයට උනා වාගේ ගුරු ගීතය දිරෙව්ව්වෙම නෑ. පරිවර්තනයේ අවුලක්ද එහෙම නැත්නම් වෙන මොකක්ද කියල හිතෙන්නේ නෑ. මට විරාගය නවකථාවත් ඒ වාගෙමයි මෙලෝ රහක් නෑ.
තුරඟා වන්නමට ආසා නැති එකෙක් නැතුව ඇති . . ඉස්කෝලෙදි නැටුම් පීරියඩ් එකේදි දෙපැත්තට උඩ පැන පැන තුරඟා වන්නම පුරුදු උනු හැටි මතක් උනා . .
ReplyDeleteඅහ් මම නම් තව ආසා එකක් තමයි තුරඟා වන්නමේ තාලයට නන්දා මාලනී ගායනා කරන ගීතය . . ඒත් ඒකේ පද ඔක්කෝම මතක නෑ නේ
රන් වන් කරල් පැසෙයි සංසුන් කමින් බරව . .
දුකා ඔය ගීය මුලින්ම කීවේ විමලා අමරදේව මට මතක හැටියට.
Deleteනියම ජන ගී ආරට ගැයුවේ ඈ ඕක.
සිදුහත් චරිතය හා සබැඳි යථාර්ථය කියවන්න පුළුවන් අම්බෙඩ්කාර් මහත්මයාගෙ The Buddha and his Dhamma පොතෙන්.. අපි කියවන චරිතය සාහිත්‍යකාරයා අතින් දාල හදපු එකක්.අන්තර්ජාලෙන් නොමිලෙ කියවන්න පුළුවන්
ReplyDeleteහිත දියුණු කෙනෙකුට ඉක්මණින්ම අවබෝධකරගන්න හැකි වුණාට එපමණ හුරුවක් නැතිකෙනෙකුට ගැඹුරු තැනකින් ජලයට බහින්න බෑ. එවන් අයට පෙර පුහුණුවක් දැක්මක් සාදන තැනක් කියලයි මම ඕනෑම ආගමක / දහමක ඒ හා සබැඳුණු සාහිත්‍යය දකින්නේ. හරය අල්ලාගෙන හුරුව ලබාගෙන ගැඹුරු තැනින් පීනා එතෙර විය යුතුයි නේද?
Deleteසිංදු/වන්නම් ඇහුවා...අශ්ව එක ලස්සණයි. හැබෑට අපි සිංහයෙකුට එකක් හදමුද? :P
ReplyDeleteකවුද අර බූරා අහිංසකයි කියලා තියෙන එක්කෙනා? මට එයා එක්ක පොඩි කතාවක් තියෙනවා...:P
මේ..මේ..සිංහයන්ට පද හදන්'ට තියාගන්'ට එපා....
Deleteබුරා නිදියගත්තම අහිංසක තරම කොච්චරද කිව්වොත්, උන්ගෙ අම්ම හවහට බෝතල් කුප්පි බිත්තිය අයිනට කරනවලු ගොරවන සද්දෙට බිමට වැටිල බිඳෙන හින්ද. ඉතින් ඇහැරල ඉන්නකොට ආයි මොනා කියන්නද. ගිණි පාගපු උන් නෙව.
සිංහයාට එකක් ඔය උඩින් දාලා තියේ සිංහරාජ වන්නම කියලා පලිපාන මැතිනිය
Deleteබුරානං හැබැයි ගොඩක් අහිංසක එක්කෙනෙක් තමා මමත් දන්න හැටියට
Dear Tissa
ReplyDeleteGlad to have you back after a 5-month sojourn. As I understand it, දේවාර් සුර්යසේන was one of the few who tried to infuse a degree of western classics to Sri Laqnkan music scene, as against the Hindustani genre which was becoming popular at that time. Sadly he was not very successful. By the way, some of you old posts may have to be replenished, because the songs do not play now. For example වින්සන්ට් රත්නායක’s බිඟු වැල රොන් සොයලා...
ldealwis
I tried to access Mr. Sooryasena's publications in National Archives but then got to know that they are restricted. If I want to refer, I have to get a permission letter from his family. Not many whom I met know details about this unique personality.
DeleteWith respect to songs, I have to completely overhaul all the uploads it looks like. Taking up like five per day - till complete please bear with me.
And thank you for all the encouraging comments as usual.
The song you mention is from a geetha natakaya Anoma Gan Thera. Sanath Nandasiri directed music. This song is also sung by Victor Ratnayake and the chorus. It is a beautiful song but unfortunately not broadcasted even by SLBC.
ReplyDeleteRavindra Jayanetti
මහත්තයෝ, පරණ පෝස්ට්වල ගොඩක් සින්දු ලින්ක් වැඩකරන්නේ නැහැ. අප්ඩේට් කළෝතින් ගොඩක් පින්.
ReplyDeleteමම වගේ දැණුම හොයාගෙන යන දුහුනන්ට තේරෙන බාසාවෙන් ලියපු කාලෙකින් කියවපු හොඳම විවමන මේක.ඒකටම හරි හරියට ගැලපෙන කොමෙන්ටු ටික.අනේ තිස්ස කට්ටිය කොහේ හරි එක්කාසු වෙනස නම් මටත් කියමු හොඳේ.ජනෙල් කූරක හරි එල්ලිලා හැමෝගෙම කතා අහන් ඉන්න ආසයි.
ReplyDelete