කලින් දවසේ දුරකථනයට දිගුවක් [extension] දැමීමට කල උත්සාහය නිසා ගෙදර දුරකථනය ක්‍රියාවිරහිතව ඇත. ගෙදර පැමිණි විගස වයර් නැවත අමුණන්නට පටන් ගතිමි. අවසාන වයරය අමුණන විටම දුරකථනය නාද වූයේය. හිතට යම් අවගුණයක් කාන්දු විය. අප්පච්චීද ගෙදර එන්නට ප්‍රමාදය..
"හලෝ... මේ මිස්ටර්... ගේ ගෙදරද..?
"ඔව්"
"අපි මේ හැන්දෑවරුවෙම ඉඳන් කෝල් කරනවා.... ගෙදර ෆෝන් එක වැඩ කලේ නැද්ද?... ඔෆිස් එකේදී එයාට අසනීප වෙලා ජයවර්ධන පුර ඇඩ්මිට් කළා..."
මාසයකට පමණ පෙර වැඩ ඇරී ගෙදර විත් අප්පච්චී බොහෝ වේදනාවෙන් ඇඳේ වැතිරී සිටියේ අතේ වේදනාවක් කියාය... දෙවැනි දිනටත් මේ වූ කල මස්සිනාගේ බලවත් පෙරැත්තය මත ඔහු රෝහල් ගතකෙරිණි... අප ඉස්ඉස්සෙල්ලාම හෘදයාබාධයක් සැබෑවටම අඳුනාගත්තේ එළෙසය... අසනීප ගතිය තරමක් සමණය වී ගෙදර ආ අප්ච්චීව වෛද්‍ය වසන්ත වෙත යොමුකළෙමු
"ආ ඔයාට බයිපාස් එකක් කරන්න වෙනව නැත්නම් ඔයා මැරෙයි"
වෙදැදුරා රෝගියාගේ මූණටම කීවේ අප සියල්ල තැතිගැන්වෙන ලෙසිණි.
----------------------------------------------------------
ආර්ථික සුනාමියන් එකක් පසුපසින් එකක් ආවේ මා කුඩාකල පටන්මය... අප්පච්චීගේ දෑසින් කඳුලක් මා මුලින්ම දුටුවේ එවන් දිනකය... එදා අපගේ උදේ ආහාරය පිණිස යමක් ගෙන ඒමට ගෙදර හරියේ මුදලක් නොවිණි... දෙමහල්ලන් පත්වූ අසීරුතාවය මට තේරුණාද නොතේරුණාද යැයි මතකයක් නැත... මගේ සියලු වස්තූන් සුරැකිව තුබූ ලී ඩැස්කුවේ කොණක, වඩාත්ම වටිනා දේ තබා තිබිණි... නොබැඳි සමුළුව වෙනුවෙන් නිකුත් කල කාසි දෙකකි... ඒ මිටි මොළවාගත් මම අප්පච්චීට මිටිකල සුරත පා, කාසි දෙක ඔහු අතේ තැබීමි...
----------------------------------------------------------
එකල "ශ්‍රී ලංගමය" දේශපාලන පක්ෂ වලට, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට තෝතැන්නක් විය... සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය මම හැබැහින් දුටු එකම වතාව වූයේ වේරහැර වැඩ බිමේදී රැස්වීමක් අමතන අතරතුරදීය... ඒ වෙලාවේ මා සිටියේ අප්පච්චීගේ කරමත වාඩිවී, ඔහුගේ හිස දෑතින් බදා, නිකට හිස මත තබාගණිමිනි... ඒ දහඩිය සුවඳ අදත් මට හොඳහැටි මතකය... ඔහුගේ ඇඳුම් වලද ඇති ඒ දහඩිය සුවඳ, ඒ ඇඳුම් ඔහුගේම යැයි අඳුනා ගැනීමට ඇති පහසුම ක්‍රමයයි.... හැත්තෑහතේදී වේරහැර වැඩපලේ බණ්ඩාරණායක ප්‍රතිමාවට කඹයක් දමා බිමට ඇද දැමූ බව අප්පච්චීගේ මිතුරන් කියනු අසා සිටියේ ඔවුන් සියලු දෙනාම ලැබී ඇති ස්ථාන මාරු ගැන අප්පච්චී හා කථා කරන අතරතුරය... මා උපැදුනු කාලයේ පිටි කිරි ගෙනෙන්නට අනේක දුක් විඳි අප්පච්චීට එයින් හය හත් වසරක් ඇවෑමෙන් අප උස් මහත් කිරීමට අනේක දුක් උහුලන්නට සිදුවිය... ලංගමය සේම කඩාවැටෙමින් ගිය අප පවුලේ ආර්ථිකය හමුවේ අමතර රැකියාවන්ද, එයින් නොනැවතී දිගින් දිගටම රැකියා මාරු කරමින් ඔහුගේ ශ්‍රමයට උපරිම තක්සේරුවක් සෙවීමේ උත්සාහයකද හේ නිරත වන්නට විය.... අවසානයේ ඔහුගේ උත්සාහය සඵල විය... එහෙත් ඒ උත්සාහය, ඔහුගේ ගත නොඉවසීය...
--------------------------------------------------------
අතේ තුබූ මුදල් සියල්ලම සාක්කුවේ රුවාගත් මා අම්මාත් සමග දැඩි සත්කාර ඒකකයට ගියේ අවුරුද්දත් වියැති දරුවාත් සමග ගෙදර, බිරිඳට භාර කරමිනි... කෘතිම සවසන පද්ධතියක් ආධාරයෙන් හුස්ම ගනිමින් සිටි ඔහුට කථාකිරීමට හැකි තත්වයක් නොතිබිණි... දෑස් හයා මාදෙස බැලූ ඔහුගේ හිස අතගා
"අප්පච්චි බයවෙන්න එපා... මායි අම්මයි දෙන්නම ඉන්නව ලඟ..." යැයි කීවෙමි...
ඒකකය භාර එක් වෛද්‍යවරියක් ලඟට ගිය මට දැන ගන්නට ලැබුනේ බලවත් හෘදයාබාධයක් හටගැනීම නිසා එයට හේතු භූත වූ ලේ කැටිය දියකිරීමට දෙන ප්‍රෝටීන එන්නතක් [Streptokinase] ඔහුට දී ඇති බවයි...
හදිසියේම දෙවරක් වේගයෙන් උස් පහත් වූ අප්පච්චිගේ ළය, ඉනික්බිති සෙමින් ඇඳ මත නිසල විය... උස් පහත් වූ කොළ පැහැ රේඛාව සරල රේඛාවක් බවට පත්වී තිබිණි...
".. අයියෝ අර ලෙඩාව බලන්න...." මම වෛද්‍යවරියට කෑගැසීමි....
පිටුපසින් තිබූ බිත්තියට පිටදී ඒ දිගේ රූටා පහලට ගිය මම අධිසත්කාර ඒකකයේ බිම මත වාඩි වීමි...
ලෙඩා වෙත කඩිනමින් දිවූ අනෙක් වෛද්‍යවරිය,
"අන්න අරයට කලන්තේ හැදුනා.... එයාවත් බලන්න" මා දක්වමින් හෙදියකට කීය...
මට අනතුරක් නැති බවත් ලෙඩා බලන්නයැයිත් මම අතින් කියාපෑමි...
-------------------------------------------------------
පන්දර සිරුරු කිස පිණිස වැසිකිළියට යන මට දක්නට ඉඳහිට දක්නට ලැබෙන්නේ වැසිකිලි වලේ රැඳී ඇති ස්වල්ප ජලයට වැටී පණ බේරාගැනීමට පිහිනන කුහුඹුවන්ය... වැසිකිලිය ඇමදීමට ඇති බුරුසුවෙන් ඔවුන් ඉවත් නොකර, මාගේ කාරිය කිරීමට මට සිත් නොදේ... ඒ කුහුඹුවන් ඒ මොහොතේ මගේ සිතට ආවේ කෙසේදැයි නොතේරේ... එහෙත් එසේ "බේරූ පණ" නියායෙන්වත් අප්පච්චිගේ ජීවිතය බේරාදෙන්නයි ජීවිතේ පළමු වරට, නොහැඟෙනෙන නොපෙනෙන බලවේගයන් ඇත්නම්, ඒවායින් ඉල්වීමි...
-------------------------------------------------------
කිහිපවරක් දෑත්වලින් දැඩි ලෙස අප්ච්චිගේ පපුව තෙරපුමෙන්වත් කොල පැහැ රේඛාව ඉහලට ඔසවන්නට වෛද්‍යවරිය සමත් නොවීය... අවසාන උත්සාහය ලෙස ඍජු ධාරා විදිලියේ පිහිට පැතීමට ඔවුනට සිදුවිය... පලමු වර, දෙවැනි වර උත්සාහ අසාර්ථක විය... තෙවැනි උත්සාහය සාර්ථක විය...
මා දැඩි සත්කාර ඒකකයෙන් එළියට ආවේ කෙසේදයැයි නිනව් නැත...
"අප්පච්චිට අමාරුයි අම්මේ..."
මේ 1999 වසරයි ... ජංගම දුරකථනයක් තිබ්බේ එහෙමත් කෙනෙකුටය... කොහේදෝ සිට ප්‍රාදූර්ත වූයේ පාසැල් මිතුරෙකි... ඔහු පැමිණ සිටියේ හෙදියකව සිටි ඔහුගේ අම්මා වැඩ මුරයෙන් පසුව ගෙදර එක්කන් යාමටය...
"මොකද බං මේ...???"
"අප්පච්චිට අමාරුයි බං... උඹ ගාව ෆෝන් එකක් තියේද..??"
"තියෙනව තියෙනව......ආ..!!!"
මස්සිනාට පණිවිඩය දීගන්නට හැකිවිය... මිතුරාගේ මව ඔහුට යන්නට පෙරැත්ත කරයි... මට අන්ත අසරණ ගතියක් දැණිනි...
"උඹ යන්නද මචං.....?"
"පිස්සුද බං... උඹලගේ ගෙදරින් එනකල් මම උඹව දාල යන්නේ නෑ...."
විදුහලෙන් පිටවී අවුරුදු එකොළහකට පසුව නැවතත් මට ඔහුව මුණ ගැසුනේ එදිනය....
නැන්දාත් මල්ලීත් දුර බැහැර සිට සියලු වැඩ පසෙකලා අප ගෙදර ආවේ අපගේ දුක බෙදාහදාගෙන කලහැකි යමක් කිරීමටය... මල්ලීත් දමාගෙන මම පසුවදා උදෙන්ම සේවාස්ථානයට ගියේ දින හතක නිවාඩුවක් ගැනීමටය... ආපසු එද්දී මාලඹේ පිරිමි විදුහල ලඟ වංගුවේදී අධික වේගයෙන් අනෙක් වාහන ඉස්සර කරමින් ඉදිරියෙන් මූණටම පැමිණි ඩබල් කැබ් රියක් මගේ වාහනේ දකුණු පස බොනට්‍ටුවත්, දොර දෙකත්, පිටුපසත් හාරාගෙන පාර මැද නැවතිණි.... මට දැනුනේ අනෙක් පස සිටි මල්ලී කැගසනවා පමණි.... කරදර එන්නේ එකපිටය.... සීරීමක්වත් මටවත් මල්ලීටවත් සිදු වී නැත... එහෙත් වාහනයේ දකුණු පැත්තක් යැයි කිව හැකි යමක් තිබුණේ නැත...
---------------------------------------------------------
දින දාහතරක උග්‍ර සටනකින් අධිසත්කාර ඒකකයෙන් මිදුණු අප්පච්චී තවත් සතියක් වාට්‍ටුවේ සිට ගෙදර ආවේ බෙහෙවින්ම දුර්වලවය... අම්මා, මගේ ගෙදර ඇත්තන්, ආදී සියල්ලගේ වෙහෙස මහන්සියත් අප්ච්චීගේ අප්‍රතිහත ධෛර්‍යයත් නිසා අප්පච්චී ගොඩ ආවේ එළොව ගොසිනි... අද ඔහු තවත් උපන්දිනයක් සමරයි... හැකි පමණින් ඔහුගේ සිත සතුටින් තැබීමට බලවත් උත්සාහයක යෙදෙමි... මෙවර, සුභ පැතුම් පතකින්, ඇමතුමකින්, පමණක් ඔහු පිදීමට සිදුවිය...
---------------------------------------------------------
ගිය වතාවේ ඔහු වෙනුවෙන් මගේ දෙවැනි කාව්‍ය නිර්මාණය කළෙමි... දිල්ශරා සොයුරියගේ උදව්වෙන් එය පුවත්පතක පලකරවාගැනීමටද හැකිවිය... එය ඔහු බොහෝ හැඟුම් බරකල බව ගෙදර ඇත්තන් විසින් මට දැනුම් දුනි...
සකසා කෙහෙ වැටිය, කමිසය සුදුපාට...
අල්ලන් සුරත හැරලූ පාසල වෙතට...
මතකයි, අද මෙන්ම අප්පච්චී මෙමට...
යන්නෙමි රැගෙන මතකය, ඒ, හෙට දිනට...
තම සැප සතුට පා දූලිය මෙන් සලකා...
දුක් කන්දරා සිත් සතොසින් මෙන් වලඳා...
ඔසවා තබන්නට අප හැම නොම පසුබා...
වෙහෙසුණු තරම දනිමිය මම, කුකුස් නැතා...
අපිස් සතොස් ජීවිතයේ ඵල මෙලෙසයි...
මුවින් නොබැන පෙන්වුයේ ඔබෙ දිවියයි...
ඒ ගුරු කොටම සරුකරගත් මා දිවියයි...
ඒ වෙනුවෙන් ඔබ හට මා සදා ණයයි...
හඳුනමි ඇඳුම් දහඩිය සුවඳින්ම ඔබේ...
හඳුනමි සරින් ගැටෙනා පා යුගල ඔබේ...
හඳුනමි නිතොර පෑරෙන සිත තරම ඔබේ...
හඳුනමි සැණින් උණුවන හද මඬල ඔබේ...
අනියත දිවිය කාටත් හිමි වී ඇත්තේ...
තැවුමට යමක් ඔබ හා ඉතිරිව නැත්තේ...
දිගාසිරි ගෙනෙයි ඔබ පුතු දුර ඇත්තේ...
සැමදා සිතින් ඒ පුතු ඔබ ලඟ ඇත්තේ..
--------------------------------------------------
අසල්වාසී රමණී නැන්දා අසූ ගනන්වලදී පමණ පිටරට ගොස් ගෙනා කැසට් ප්ලේයරය පාවිච්චියට, ඇයගේ පොල් අතු නිවසේ විදිලි බලය නොවිනි. තාවකාලිකව එය අප නිවසේ ලැගුම් ගැණිනි. අප්පච්චී විසින් "උත්තම මුනි දළදා.. වඩම්මන..." ගීය මිහිරි ලෙස ගායනා කරනාවිට එකල මම එය පටියකට නැගීමි.... අපත් සමග දිරාපත් වුණු ඒ කැසට් පටය අද සොයාගැනීමට නැත... එහෙත් මුල් ගීය මතකය අවදිකරයි...
සුබ උපන් දිනයක් අප්පච්චී...!!

හිතට එන හැම දේම ලියන්න ගියොත් ඒ කමෙන්ට් එක මේ පෝස්ට් එකට වඩා දිග එකක් වෙයි.
ReplyDeleteමේක කියවලා තෝන්තු වෙච්ච පාර වැදගත්ම දේත් අමතක උනා...
ReplyDeleteජේෂ්ඨ දොඩන්ගොඩතුමාට සූභ උපන්දිනයක් වේවා..!
ඒත්... වෙලා තියේනම් ලියන්න.. මම කැමතියි කියවන්න...
ReplyDeleteඔහු වෙනුවෙන් ස්තූතියි...
තිස්ස අයියගෙ තාත්තට සුබ උපන්දිනයක් වේවා !
ReplyDeleteඅර කූඹි ගැන හිතල අසීරු අවස්ථාවකදි ඒ දේ සිහිපත් කරන එකනං මාත් කරල තියෙනව.
දොඩංගොඩ පියතුමාට සුභම සුභ උපන්දිනක්..
ReplyDeleteමෙවන් පුතකු ලද ඔබ වාසනාවන්ත යැයි හැඟේ..
තිස්ස අයියගේ පියාට සුබ උපන්දිනක් පතනවා....
ReplyDeleteහ්ම්ම්ම් වතාවක් මමත් මම බේරපු පන වෙනුවෙන් කෙනෙක්ගේ ජීවිතේ ඉල්ලුව....
සිංදුව නම් මගේ ප්‍රියතම සිංදු ගොන්නෙ ඉහලින් තියෙන එකක්.
පලි;
තිස්ස අයියා මේ දවස්වල ලියන එකට මගේ ප්‍රනාමය.
ප්‍රසන්න: "මෙත් සිත සව් සත කෙරෙහි කරන්නේ" වරදක් නෑ නේද?
ReplyDeleteරූ: මම් කුමක් පවසම් ඉතින් දැන්... ඉස්තූතියි කියන්නම් ඔහු වෙනුවෙන්..
නිශ්:දියේ ගිලෙන්න ගිය ලමයි දෙන්නෙක් මම දෙවතාවකදි බේරුව... මගේ ලමය වෙන දවසක වෙන කෙනෙක් බේරුව.. මෙහෙම කාලවල් එනව නිශ්... ලියන්න හිතෙන... ස්තූතියි අපව දිරිමත් කරනවට...
පියතුමන්ට සුභ උපන්දිනයක් වේවා....
ReplyDeleteඇස් දෙක බොඳවුන පොස්ට් එකක් තිස්ස අයියේ....පස්සෙ ඇවිත් පොස්ට් එක ගැන හිතට එන දේ ලියන්නං.
අනේ අයියගේ තාත්තට සුභම සුභ උපන්දිනයක් එක්කම අනුන්ට කරදරයක් නොවන තාක් දිවි ගෙවන්ට වරම් පතනවා!!!
ReplyDeleteපොස්ට් එක+++ මගෙ හිත ඇඬුවා. ඒ මගේ තාත්තා මතක් වෙලා. ඔබේ පියා ඉතා ආදරවන්ත කෙනෙක් යැයි මට හැඟේ. එතුමට මීමුණුපුරං ගෙත් දරුවං හදන්ට ලැබේවා කියා ඉතසිතින් පතන්නේ ඇදුරුත් මමත්. ඇදුරු නිතර කියනවා තිස්සගෙ තාත්තා ගෙ අසනීප ගති නිසා තිස්සගෙ සමහර විටෙක වැඩරාජකාරි කල්ගිය බව.
ReplyDeleteඔබ හොඳ පුතෙක්............
වැසිකිලියට බොහෝ විට කුහුඹුවන් එන්නෙ දියවැඩියා රෝගීන් ඉන්න විටලු. ඇත්තද මංදා
මාරයා කිව්වා හරි හිතේ තියෙන දේ කියන්න පෝස්ට් එකක් ලියන්න වෙයි...කෙටියෙන් තාත්තට සුභ උපන් දිනයක් සහ නිරෝගීමත් දීර්ඝායුස ලැබේවා කියලා පතනවා...
ReplyDeleteමේ පෝස්ට් එක උඩින්ම වෝනින් මැසේජ් එකක් දාන්නැත්තේ ඇයි...
ReplyDeleteදොඩංගොඩ මහතාට සුභ උපන්දිනයක්...
මේක ඇඬෙන්න ලියල තියෙනව. ලංකාවෙ බොහොමයක් තාත්තල ඔහොම තමයි. දැං කලක ඉඳං පිටරටක ඉන්න නිසාද කොහෙද තාත්තත් එක්ක තියෙන සම්බන්ධෙ ටිකක් දියාරු වෙච්ච බවක් තමයි හැඟෙන්නෙ. තාත්තට ආපහු කෝල් එකක් දෙන්න මෙහෙමවත් නිමිත්තක් හදල දීපු එක ගැන පිං.
ReplyDeleteදොඩංගොඩ මහත්තයටත් දීර්ඝායුෂ පතනව.
- ප්‍රභංග
සහෘදයා ලියාගන්න බැරි තරමට වචන ගලයි. ඊටත් වඩා අකුරු නොපෙනෙන තරමට දෑසින් ගලයි...
ReplyDeleteඔබේ ආදරණීය පියාණන්ට නිදුක්, නිරෝගී සම්පතින් පිරුණ දිවියකට පතනවා. එතුමාට සුබ උපන්දිනයක් වේවා!
(p.s typing error)
තිස්ස අයියේ, මගේ කතාව මම ටික දවසකට කලින් ලිව්වනේ.. අපි හැමෝම එකම විදියේ මිනිස්සු... හැමෝම ජීවිතේ යම් යම් කාල වලදී මේ වගේ සිද්දි වලට මුහුණ දෙනවා නේද..? මතුපිටින් මොන මොන දේ පෙන්නුවත් අනිත් මනුස්සයත් අපි වගේමයි කියන හැඟීම හැම මොහොතෙදිම අපිට මිනිස්සු ගැන තියා ගන්න පුළුවන් නම් මේ ජීවිතේ හරිම සැහැල්ලුයි සරලයි... තිස්ස අයියාගේ තාත්තට සුභ උපන්දිනයක් පතන්නම්...
ReplyDeleteමේ ගම්පහ පොලීසියෙන් කතා කරන්නෙ...තිලකරත්න මහත්තය ඇක්සිඩන්ට් වෙලා එයාගෙ කකුල පොඩ්ඩක් තුවාල වෙලා... ගම්පහ හොස්පිට්ල් එකෙන් දැන් කොළඹට මාරු කරනව...
ReplyDeleteකකුල ගුවාල වෙච්ච තාත්ත බලන්ඩ කොළඹ හදිසි අනතුරු වාට්ටුවෙ දැඩි සත්කාර ඒකකයට ඇතුල් වෙලා ගෙවිච්ච තප්පර දහය පහළව මට අද තව වෙනකලුත් මතකෙ තියෙන්නෙ හරියට ඊයෙ සිද්ධ වුණා වගේ...හිත හිස් වෙලා ගිහින් කිසිම හැගීමක් නැතුව ගෙවිච්ච ඒ තප්පර කීපය ආයෙමත් මොහොතකට මතක් වුණා අයියෙ මේක කියවල...
අනේ තාත්තව බේර ගන්න පුලුවං වුණා නං කියල තෘෂ්ණාවකුත් හිතේ ඇති වුනා...
අයියගෙ තාත්තට සුබම සුබ උපන්දිනයක් විතරක් නෙවෙයි දීර්ඝායුෂ පතනව!!!
තාත්තට සුභ උපන් දිනේකුත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteමාරයගෙ තාත්ත වගේ තවත් ලංගම හිටපු කෙනෙක්. පින්තුරෙ හොඳට බැලුව, දැකපු මතකයක් තියෙනවද කියල. එහෙම මතක් වෙන්නෙ නම් නෑ. 70 ගණන් වල ට්‍රේඩ් මාක් 'ස්ටිෆ් කොලර් 'එකක් තියෙන සුදු කමිසෙම මාව අතීතෙට අරං ගියා.
බොක්කට වදින්න ලියලා තියෙනවා.
ReplyDeleteදොඩංගොඩ මහතාට සුභ උපන්දිනයක්...
පියතුමාට සුභ උපන්දිනක් සහ නිදුක් නිරෝගී සුව පැතුවයි කියන්න අයියේ
ReplyDeleteසුභ උපන්දිනක් අයියාගෙ තාත්තාට. ඒ වගේම දීර්ගායුෂත් ලැබේවා....
ReplyDeleteඅපිත් අවිනිශ්චිතතාවෙන් ගත කරපු කාලෙ මතක් වුනා.
ලකී සිරි: අපට මෙව්ව දැනෙනව වැඩියි බං...
ReplyDeleteතනෝජා: ඒක අමුතු පැතුමක්.. ඒත් ඒක තමා වයසක අය පතන්නේ නේද? අනේ මන්ද.. ගිලනුන්ට උපස්ථානය නම් මම බොහොම කැමති වැඩක්...
ඊ මේල් කවිකාරී: අපි එකෙනෙකා අතර සම්බන්ධතා ඇතිවන්නේ අපි අතර මුලින්ම ඇතිවන ගණුදෙනුව හරහා... අදුරුතුමා හා මා අතර මිත්‍රත්වය ඇතිවුනේ එතුමාගේ ඉගැන්වීම හරහා... දෙවරක් සොයන්න බලන්න නොතබා පරිපූර්ණ ඉගැන්වීමක් කරන ඔහු මගේ ගරු කටයුතු පුද්ගල ලැයිස්තුවේ ඉහලම තැනක... ඔබතුමියට ඉතා ආඩම්බර විය හැකි කාරණයක් මේක.. එකිනෙකාගේ පිට කසා ගන්නවායැයි නොසිතන්න... මට මෙතෙක් හමුවූ හොඳම ගුරුතුමා එතුමායි.. ගෙදරදොර ප්‍රස්න නිසා පාස්චාත් උපාධි පාඩම් කටයුතු මග හැරුණත් එතුමාගේ දේශනවලට සවන් දීමෙන්ම මම ඒ විෂයය හොඳින් ඉගෙන ගත්ත... විභාගයේදී හොඳ ප්‍රථිපලත් ලැබුණ...
ඔබ නොදුටු ලොවක්: බොහොම ස්තූතියි සහෝ...
Beetle : ස්තූතියි මචෝ... මම දන්නව උඹට මේක සින්ක්‍රොනයිස් වෙන බව...
ප්‍රභංග: දෙන්ට දෙන්ට අප්පා.. පැතුම් ගේ "අන්තර්ජාලයේ මගේ බිත්තිය" එකේ තිබ්බ පෝස්‍ටුව කියවල මටත් ඔය දේම වුණා... අපි ආසියානුවෝ... එකට ජීවත්වීම තමා අපට හුරු...
ගල්මල්: ඔබතුමාගේ පියාණන්ගේ සිද්දියේදී ඇමතුමක්වත් දෙන්න බැරි වීම ගැන පස්සේ බොහොම තැවුණ මම...
පැතුම්: හරියට හරි, ඒක කියෝපු එදාම තමා මටත් හිතුනේ ඕකම....!!!
hansakinkini: හ්ම්ම්ම්... අප කාටත් ඔය දවස එයි... අපේ දරුවනුත් අප ගැන ඔහොම හිතන දවසත් එයි.... මොක්පුර දැකිය හැකිවේද අපට?
Obsarwar කියල වැඩක් නැ... ට්‍රේඩ් මාක්ම තමා... මට ඔබතුමත් මතක්වුනා මේක ලියද්දී...
ඇනෝ: ස්තූතියි බොහොම..
හරී: අනිවා කියන්නම්... මේක දැක්කොත් නම් පුදුම හිතේවි....
නිසූපා: ස්තූතියි නගේ... ඔව්.. ජාති ජරා මරණ , කොහෙ ගැලවෙන්නද... මොක්පුර දොර නෑර ගත්තොත්...
තිස්ස පියානන්නට සුභම සුභ උපන්දිනයක්.. නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්..
ReplyDeleteඒ ඇති..........:-D
මම හොලිඩේ ගිහින් හිටියෙ එතකොට, ජර්මනියෙ.. පාන්දර 2ට විතර නංගිගෙන් කෝල් එක ආවෙ, "අයියෙ, තාත්ති ඇක්සිඩන්ට් වෙලා........................... නැතිවෙලා" කියලා, විනාඩි 10ක් විතර ගියා හරියටම පණිවිඩේ මොළේට යන්න.. හිතුවෙ නෑ කවදාවත් තාත්තා ඔය විදියට නැතිවෙයි කියලා..!!
ReplyDeleteඔයාගෙ තාත්තට සුබ උපන්දිනයක් තිස්ස අයියෙ.!! නිබ්බුතා නූන සො පිතා..
අපේ තාත්ත නැති වෙලා අවුරුදු හතරක් වෙන්න දින කීපයයි . ලඟ ලඟම පැතුම්ගේ පොස්ට් එකයි මේකයි දෙකම කියෙව්වේ .
ReplyDeleteතිස්සගේ තාත්තට සුබ උපන් දිනයක් පතනවා ..ඒ එක්කම දරු මුණුබුරන් මැද නිදුක් නිරෝගිව බොහෝ ආයු වළඳන්න හැකි වේවා !!!
තිස්ස අය්යගෙ අප්පච්චිට සුභ උපන්දිනයක් හා නිරෝගී සුවය පතනවා.
ReplyDeleteඔබ තුමාගේ පියතුමණට සුභ උපන් දිනක් සේම නිදුක් නිරෝගී දීගාසිරි පතමි.
ReplyDeleteඅප්පච්චිට සුබ උපන්දිනයක්!!!
ReplyDeleteඔබ වගේ පුතෙක් ඇති අප්පච්චිත් වාසනාවන්ත පියෙක්, වෙන්ට ඕනි කියලයි මට හිතෙන්නේ.
තිස්සගේ පියාණන්ට සුබ උපන්දිනයක් සහ නිදුක් නිරෝගී සැප පතලාම පටන් ගන්නම්.
ReplyDeleteමම ඔබේ පියාණන් මුණ ගැහුනේ ඔබේ මාමණ්ඩියගේ ආදාහන වෙලාවේ . කිසිදු පෙර ඇදුනුමක් නැතිවත් ඔහු බොහෝ කුළුපග උනා. ඒ ඔබේ පියාණන් බව ම දැනගත්තෙත් ම ඔබගේ මිතුරෙකු බව ඔහු දැනගත්තෙත් ඔබ අපව අඳුන්වා දුන් විටයි.
අපි කටවහරේ කියන විදිහට "පපුව හොඳ මිනිස්සු" එහෙමත් නැත්නම් "හොඳ හදවතක් ඇති" අයටමයි පපුවේ අමාරු හෘදයාබාද හැදෙන්නෙත්.
කොහොම නමුත් මහා නුගයක් වගේ සෙවන සදමින් දරුවන් ලොකුමහත් කරපු තාත්තෙක් ලෙඩින් වැටෙනකොට ඇතිවන හැගීම විස්තර කරන්න අමාරුයි. ඔබේ ලිපිය අවතක්සේරු කරනවා නොවෙයි එත් මම දන්නවා ඔබ මේ ගැන සෑහීමට පත්වන්නේත් නැති බව .
තාත්තල අපිවෙනුවෙන් කරපු දෙයින් කොටසක්වත් අපිට ඔවුන් වෙනුවෙන් කරන්න ලැබෙනේ නැහැ.ඒවගේම ඔවුන් සිදුකල සමාජ දේශපාලන වැඩගැන අපිට හිතන්නටවත් බැහැ
මෙ බ්ලොග් එකට ගොඩවුණු පලවෙනි වතාව මෙයනම් නෙවෙයි. ලස්සන පැරණි ගීත අහලා, ඒවායේ පසුබිමත් දැනගෙන කොමන්ටුවක් නොදා ගිය වාරගනන වැඩියි. ඒත් මේ පෝස්ට් එක බලලා කොමන්ටුවක් නොතබා යන්න විදිහක් නෑ මට. ඔබේ ජීවිතේ මුහුණ දුන් ඒ අවස්ථාවන් හිතේ මැවුනෙ නිරායාසයෙන්.. හිතට තදින් දැනුනු මතකය අවදි කිරීමක්.
ReplyDeleteඔබේ දයාබර පියතුමන්ට සුභ උපන්දිනයක්..!
තිස්සයියාගෙ තාත්තාට සුබ උපන් දිනකුත් නිදුක් නිරෝගී සුවයත් පතමි...
ReplyDeleteමෙවන් සංවේදී සටහන් විරලයි. ඇත්තෙන්ම අපේ හිතේ තෙතමනයත් ඉස්මතු කොට දුන්නාට ස්තූතියි...
Pasan: ඒ ඇති මල්ලි හොඳටම...
ReplyDeleteBuratheno: බුරා උඹව, කතන්දර මහත්තයව, වැප්ව, ඩීන් මහත්තයව මේ ඔක්කොමලගේ තාත්තලා මතක් වුනා මේක ලියනකොට.. සිරාවට... අපි හැම දුක්වුනා ඔබේ පියාණන්ගේ හදිසි අභාවය ගැන...
Bindi: ඔහ්.. ඔන්න බින්දිත් ඒ ගොඩට...
නලිනි: ස්තූතියි නංගි..
සොඳුරු මිනිසා: බොහොම ස්තූතියි මිත්‍රයා...
පී පී: ඒ සෑනසීම ඔහුට දැනෙනවනම් ඒ ඇති...
සුසර: ඔහ් ඒ බවක් දැනන් හිටියේ නෑ මම...
පපුවේ අමාරු කම ගැන මමත් ඔයවාගේ සම්බන්ධයක් දකිනව...
කිසිසේත්ම සෑහෙන්නේ නෑ... ඒක තමා ඇත්ත...
හිතමිතුර: බොහොම ස්තූතියි... මේව තමා "කාටත් හිමි පොදු දේනම්.."
ජීවිතේ මල්: ස්තූතියි නංගී.. ගිය අවුරුද්දේ වාගෙම...
අප්පච්චිට සුභම සුභ උපන්දිනයක් වේවා
ReplyDeleteදීර්ඝායුෂ පතනවා ජ්‍යේශ්ඨ දොඩංගොඩයන්ට....
ReplyDeleteහැමෝටම කියන්න අමතක වෙච්ච දෙයක් කියන්නත් කැමතියි... ඔබ වැනි පුතෙක් හැදීමම ඇති ඔබේ පියාට දීර්ඝායුශ ලබන්න....
මාවත්, අපවත් නිරතුරුව හරි පාරේ යවන්නට ගන්න කැපවීම නිසයි අයියේ එහෙම කිව්වේ...
නෙතට කඳුළු නැගෙන තරමට බොහෝ සංවේදීව පද ගලපලා තියෙනවා.දැඩි සත්කාර ඒකකය ගාව ගත කරන මොහොතක් ගැනනම් කියන්න වචන මදි.
ReplyDeleteඔබේ පියාට සුබ උපන්දිනක් වේවායි පතමි!
කතෘ තුමාගේ පියාට, එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා කියල ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteතිස්ස අයියගෙ තාත්තට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනව
ReplyDeleteමේ කථාවට කියන්න තියෙන කථාව අතින් ටයිප් කරන්න පටන් ගන්නේ කොතැනින්ද කියලා හිතෙන්නේ නැහැ අනේ. ඒ තරමට පහුගිය දවස් වල කියලා කියලා ඇති වෙලා ඉන්නේ........... පස්සේ දවසක නිස්කාන්සුවේ පෝස්ට් එකක් ම දාන්නම්කෝ අයියේ........
ReplyDeleteඅයියා අතින් අප්පච්චි වෙනුවෙන් ලියපු කවිය පත්තරේ දැක්කහම, අප්පච්චිට කොච්චර නං ලොකු හැඟීමක් දැනෙන්න ඇතිද නේද? කලින් පෝස්ට් එකේ දුවෙක් නැති අඩුවට දුක් වුනු අයියාට වුනත් කවදා හරි ඔයාගේ පුතාලා ඔයා වගේ වුනහම කොච්චර සැනසීමක් දැනෙයිද කියලා සතුටු වෙන්න පුළුවන්නේ.................
ටිකක් ප්‍රමාදයි ඒත්,
දොඩංගොඩ අංකල්ට සුභ උපන්දිනයක් වේවා !!!!!!!!
යි ප්‍රාර්ථනා කරනවා
ආ ඒ විතරක්ද, ඔයාගේ පුතාලා ඔයා වගේ වෙලා, පුතාලා ගේ අම්මා වගේම ලේලිලා දෙන්නෙක් එක්කාගෙන ආවොත්, .......... ඉතිං කාටද සතුටු නේද?
ReplyDeleteඇහැට කඳුලු ආවා තිස්ස අයියේ...මටත් තියනවා ඔය වගේ මතක කීපයක්ම.ඒත් ඒ අන්තිම මතකයේ අප්පච්චි ආපහු ගෙදර ආවේ වෙනත් විදිහකට.....
ReplyDeleteසුභ උපන්දිනයක් තිස්ස අයියගේ අප්පචිචිට...දීර්ඝායු ලැබේවා !!!!
දවසක් රවායි මායි කතා වුනා, අපි මොකක් හරි ප්‍රශ්ණයක පැටළුන වෙලාවට “තාත්තෙක්“ වගේ මැද්දට ඇවිල්ලා අදහසක් අවවාදයක් දෙන තිස්සයියා ගැන. එහෙව් තිස්සයියාගේ තාත්තා කොයි ආකාරයේද කියලා හිතා ගත්තෑකි. එහෙව් තාත්තට, මෙන්න, අත්දෙක එකතුකරලා ආයුබෝවං කියලා සුභ උපන් දිනයක් පතනවා!!!
ReplyDeleteසුභ පැතුම්..,
ReplyDeleteරටට ණය නැති දරුවන් තැනූ ඒ පියාටත්,
පියගුණ යෙහෙන් සමරන දන්නා පුතෙකුටත්..!
ඇස් දෙකට කඳුළු ඇවිත් උගුර හිර උනා මේක කියවන් යද්දි.... තිස්ස මහත්මයාගෙ තාත්තට සුභ උපන් දිනයක් වගේම නිදුක් නිරෝගීව තවත් බොහෝ කාලයක් දරු මුනුබුරන් අතර ජීවත්වන්නට ලැබේවා කියල පතනවා...!!
ReplyDeleteඅදමයි මේ බ්ලොග් එකට ආවෙ..ඇත්තෙන්ම ඇස්වලට කදුඵ පුරවාගෙන තමයි පෝස්ටුවයි කොමෙන්ට් ටිකයි කියව්වෙ.හරිම ස0වේදී විදියට ලියල තියෙනවා.ඔබගේ පියාට සුබ උපන් දිනක් වේවා.මාරෙටත් ස්තුතියි මේකට පාර පෙන්නුවට.මමත් හෙටම තාත්තට කෝල් එකක්වත් දාන්න ඕන.
ReplyDeleteකුරුම්නියා.
බොහොම හැඟීම්බර ලිපියක්. මට මගේ පියා සිහිපත් උනා. ඔබගේ පියාණන්ට සුභ උපන් දිනයක් පතනවා .
ReplyDeleteතිස්ස අයියගේ පියානන්ට සුබ උපන් දිනයක් වේවා...
ReplyDeleteහරියටම අවුරුදු දෙකකට කලින් ඔය වගේම මමත් ඉස්පිරිතාලේ බිත්තියක් බදාගෙන ජීවිතේ ගැන බලාපොරොත්තුවක් තියන්න බැරි තත්වෙක හිටපු තාත්තා දිහා බලන් හිටපු හැටි මතක් උනා..
තිස්ස අයියගේ පියානන්ට දීර්ගායූ ලැබේවා...
ප්‍රමාද වෙලා උනත් තිස්ස අයියාගේ පියතුමාණන්ට සුබ උපන් දිනක් පතනවා
ReplyDeleteදීර්ඝායු වේවා...
තිස්ස අයියගේ පියාණන්ට සුබ උපන් දිනයක් පතනවා!! ඒ වගේම තව බොහොම කාලයක් නිදුක් නිරෝගීව ඉන්නත්... මුණුබුරෝ විතරක් නෙවෙයි...ඒ අයගේ දරුවොත් දකින්න වාසනාවන්ත වෙන්න ඕනේ..
ReplyDeleteහරිම ලස්සනට ලියල තියෙනවා තිස්ස අයියේ.. තාත්තල කියන්නේ අපේ ජීවිත පිටිපස්සෙන් තියෙන මහා යෝධ හෙවනැල්ලක්. සද්දයක් නැතුව හිටියට හිතින් හැම වෙලේම අපි එක්කමයි...මට මගේ තාත්තව මතක් වුනා.. අදටත් අපි හැතැප්ම දාස් ගානක් දුර හිටියත් මම ඔෆිස් ඇරිලා ගෙදර ඇවිල්ල එයාලට කතා කරනකන් හැමදාම මහා රෑ ඇහැරලා ඉන්නවා. නිදිමතක් මහන්සියක් තිබ්බත් කවදාවත් අගවන්නේ නෑ. නමුත් අපේ මුනේ පොඩිම දුකක් තිබ්බත් එක අපිට වඩා හොදට එයාලට තේරෙනවා..
අම්මා නැතිව දුක වැලදූ එක පතක
ReplyDeleteනොතබා පිපෙන්නට කදුලැල්ලක් නෙතක
ඉපදුනු දිනේ ඔබ මිට මෙලවූ අතක
මට දායාද කුමටද කවිකම මිසක
''නිරතුරු සිහිවෙන තාත්තාට''
ඔබේ පියාට දීගායු වේවා !!!
තිස්ස,
ReplyDeleteතාත්තට සුභම සුභ උපන්දිනයක්. අර රෝහල් අත්දැකීම් මටත් තියෙනවා. මගෙ තාත්තානම් ජීවත්වෙන්න වාසනාව ලැබුවෙ නෑ. තාත්තා නැතිවුනේ 1995 වුනත් අදත් මට තාත්තා නැති පාලුව දැනෙනෙවා.
සමහරවිට තිස්ස දන්නවත් ඇති මම සිංහල ගී රසිකයෙක් නෙවෙයි උඹේ බ්ලොග් එකට නිතර ආවට. මම වැඩියෙම ආස උඹ සින්දුවට ලියන පෙරවදන කියවන්න. මේ කතාවට මගෙ හිතට ආවා තවත් සිංහල සින්දුවක් මම ඉතාම ප්‍රියකරන ඒ වගේම කඳුලක් නැතිව අහන්න බැරි.
ඒ තමයි "පියාණනී මා නැවත උපන්නොත්..."
තාත්තාට මගේ සුබ පැතුම් දෙන්න අමතකකරන්න එපා.
henryblogwalker the Dude
Thissa pls, no more 'obathumaa' stuff, call me ayya uncle obaa anything, but thumaa or mahathmayaa.
ReplyDeleteThanx
තාත්තාට සුබ උපන්දිනයක්.....
ReplyDeleteමේ අවුරුද්දේවත් අපේ තාත්තාට උපන්දිනේට සුබ පතන්න ඕනේ...
ජය වේවා...
ඔබේ පියාණන්ට සුබ උපන්දිනයක් වේවා.......
ReplyDeleteදීර්ගායූ ලැබේවා...
හරිම සංවේදී සටහනක් තිසා....! පුතාලට ජීවිතයේ පලවෙනි වීරයා වෙන්නේ තමන්ගේ තාත්තා. මට තවමත් මගේ ලෝකේ ඉන්න එකම වීරයා මගේ තාත්තා. උඹේ සටහනෙන් මගේ ඇස් දෙක ඉස්සරහා මැවුනේ ඒ යෝධයව.....
ReplyDeleteහදවත පතුලෙන්ම උඹේ පියානන්ට සුභ උපන්දිනයක් සමගම දිගාසිරි පතන්නම්...!
තිස්ස ඔබේ සටහන් කාලයක සිට කියවන මුත් , සටහනක් තබන පලවෙනි වර . මේක ඊයම් බරුවක් වගේ හිත පතුලටම කිඳා බැස්සා. ඇත්තටම අර උඩින් පැතුම් කියල තියෙනවා වගේ , අපි ඔක්කොම එක වගේ මිනිස්සු නේද?
ReplyDeleteඅර කුහුබුවන් බේරීමේ වැඩේ කරපු , මතක් වෙන හැම වෙලාවකම දෙවියන්ට යැදපු මාස දහ අටක් ආයෙත් මතක් වෙලා , මගේ ඇස් තෙමිලා ...හැබැයි මගේ අප්පචිචි නම් ඒ සටනින් පැරදුනා...
මේ සින්දුවත් මම ආසම කරන සින්දුවක් . ඔබේ පියාණන්ට සුබ උපන් දිනයක් සහ දීර්ඝායුෂ ..
මම හරියටම දන්නේ නෑ මේ දැන් කියන 'තනි ඇහැට ඇඬෙනවා' කියන එකේ යටි අර්ථය මොකක්ද කියල. තව තැනක දෙකක දැක්ක 'ඇස් දෙකටම ඇඬෙනවා' කියල. ඒව කෙසේ වෙතත් මේව කියවනකොට තිසා සර්වාංගෙටම ඇඬෙනවා. තාත්තා අසනීප වී රෝහල්ගත කිරීමේ පණිවුඩය ලැබීම, තාත්තාගේ වැඩ තහනම් වීම, ආර්ථික සුනාමියට අසුවී වේල් පිරිමහ ගැනීම, තාත්තාගේ නැෂනල් එකේ දහඩිය සුවඳ විඳ ගැනීම, තාත්ත මැරෙයි කියන බයට රෝහල් බිත්තියක් දිගේ රූටා වැටීම, තමන්ගේ එකෙක්ගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරයෙක් ගන්නා මහන්සිය දැකීමට සිදු වීම (තාත්තගේ නෙමේ; මගේ නංගිගේ)... මේ සමාන්තර අත්දැකීම මතක් වෙන කොට හයියෙන් අඬන්න වාසනාව තියෙනවා නම් මටත් තාත්තා වගේම කාලයක් ජීවත් වෙන්න පුළුන් වෙයි. මගේ විශ්වාසයක් තියෙනවා මෙහෙම. අපට අවශ්‍ය සියල්ල මේ විශ්වය තුල අප වෙනුවෙන් නිර්මාණය වී තිබෙනවා. ඒ වෙනුවෙන් අප එයට ස්තුති වන්ත විය යුතුයි. ඒ සියල්ල අපට ලැබෙන බවට අප විශ්වාස කළ යුතුයි. අපට අවශ්‍ය යමක් නොලැබී යන්නේ නම් ඒ අපේ වරදින් විනා විශ්වයේ වරදින් නොවේ. එබැවින් මා මාගේ ජීවත කාලය පුරාවටම මාගේ දෙමාපියන් සමග ජීවත් වීමට හැකි බවට විශ්වාස කරනවා. ඒ සඳහා මට අවස්ථාව ලබා දුන් විශ්වයට මා ස්තුතිවන්ත වෙනවා. ඒ විශ්වාසයේ නාමයෙන් තිසා ඔබටත් ඔබේ පියා සමග චිරාත් කාලයක් මේ විශ්වයේ හුස්ම ගැනීමට භාග්‍ය උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ දෙවර්ෂ පූර්ණය සැමරූ දැන්වීම වැනි දැන්වීමක් නැවත කිසි දිනක ලැබීමට නොලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteතිස්ස මම ආවෙ පහු වෙලා. ඒත් ඉතින් මගේ සුභ පැතුම් අප්පච්චිට.
ReplyDeleteඅර 70 දශකයේ කිරිපිටි කථාව මාවත් අතීතට ගෙන ගියා. මට කිරි පිටි හොයන්න ඒ කාලෙ කොටිකාවත්තෙ අපි හිටපු නිවසින් එළියට බැහැපු තාත්තා කිරිපිටි හොයාගෙන තියෙන්නෙ පුත්තලමෙන්. ඒ කාලෙ තිබුණ ප්‍රවාහන පහසුකම් වල හැටියට ඒක දුෂ්කර ක්‍රියාවක්. දරු සෙනෙහස ඒ අපහසුකම් මග හරිනවා. අද මම ඒ දේ විඳිනවා. ඔයත් එහෙමම ඇති.
අප්පච්චිට දෙයියන්ගෙ පිහිටයි! මං දෙවියො විශ්වාස කරන්නෙ නෑ. ඒත් මේ විස්තරය කියෙවුවට පස්සෙ මගෙ ළඟ වචන නෑ ලියන්න.
ReplyDeleteසුඛී දිඝායු!!!!
ReplyDeleteවැසිකිළියේ කුහුඹුවන්ගෙ කතාව කියවලා....බොහොම සංවේදි වුණා මචෝ...
තිස්ස, කාලෙකින් මේ පැත්තෙ ආවෙ..ඒත් ආපු ගමන්ම කියෙව්වෙ හිත පතුලටම වදින සටහනක්...නෙත් තෙත් වන සටහනක්..
ReplyDeleteප්‍රමාද උනාට කමෙක් නැති,
පියාණන්ට දීර්ඝායු පතන්නෙමි,
තිස්ස, උඹ වගේ දරුවන් ලද දෙමාපියන් කෙතරම් පින්වන්ත දැයි කියන්නත් ඕනෑද? සංවේදී කම වැහෙන්නේ වෙඩරු පිඩ රස්නෙදි වෑස්සෙනවා වගේ. උඹ වගේ මිනිස්සු ගේ පරම්පරාවක ඉපැදීමට ලැබීමත් පිනක්. මා කීවත් නැතත් උඹේ අප්පච්චිට දීගායූ ලැබෙනවා පමණක් නොවේ උඹ වගේ පුතෙක් දැක කෙතරම් සතුටු වෙනවා ඇතිද? තිස්ස උඹට ජයෙන් ජයම වේවා.
ReplyDeleteඔබේ පියතුමාට නිදුක් නිරෝගී භාවය ඇති දීර්ඝායුෂ ලැබේවා.දෙමාපියන් නැතිවෙන වෙලාවේ ළඟ නොසිටීමේ වේදනාව මම හැමදාම විඳිනවා.
ReplyDeleteමට මොකවත් කියන්නබැ මම ගොලූයි
ReplyDeleteමාරයත් අයියා කියපු නිසා මමත් එහෙම කියන්නං මම හරිද දන්නැ.මගේ හිතේ මාරයා මටවඩා අවුරැද්දකූත් මාස ගානක් බාලයි.එත් මාරයා මටවඩා අත්දැකිර්‍ම වලින් අවුරැදු 10ක් විතර වැඩිමාල්.අයියා වයසින් 10ක්+අත්දැකිර්‍ම 10ක් = අපිට වඩා 20ක් වැඩිමාල් මම තවම ඉගනනොගත්තාට මටම සාප කරමින් සීංහල අකූරැ හොයනවා .හරියට හිතට එනදේ අකූරැ කරන්ඩ පුළුවන් දවසට කොටන්නං
ReplyDeleteපරණ පොස්ට් බලන කොට මට හිතූනා අයියා මට වඩා අවුරැදූ 20කටත් වඩා වැඩිමාල්.එතකොට වයස 20+ අත්දැකිර්‍ම 20 +40 .මට වයස 33යි , අයියට 33+20+20=73 අයියට වයස 73යි
ReplyDeleteඅඩන්න ඉඩදුන්නට පින්!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteලැජ්ජ වෙන්නෙ නෑ මම මේක කියන්න, බ්ලොග් එක දැකල තිබුනට කියවන්න ආවෙ අද තමයි..
ReplyDeleteහරිම සංවේදී කතාවක්... මටත් මගෙ තාත්තව මතක් උනා... මගෙ තාත්ත ජීවතුන් අතර. අම්ම අයිය දෙන්නම තාත්තගෙ යම් යම් අඩු පාඩු නිසා වැඩිය ගනන් නොගෙන මග අරින කාලෙක, මගෙ තාත්ත මට දෙවියෙක් මොන අඩුපාඩු තිබුනත්....
මම බ්ලොග් එක කියවන්න ආවෙම මේකෙ මාතෘකා විදියට දැකපු පරණ ලස්සන සිංදු ටිකක් නිසා... මගෙ අවාසනාවකට ඒ සමහර ගීත පද පේලි සහ රස වින්ඳනය තිබුනට ගීතය නම් වැඩ කලේ නෑ, තාක්ෂණික දෝෂයක් වෙන්න ඇති...
මම අයිති වෙන්නෙ කොයි තරුණ පරම්පරාවට ද කියන්න නම් දන්නෙ නෑ, ඒත් මම ආසයි පුහු ආටෝප නැති යථාර්ථයට, එහෙම නොවෙන ආස දෙයක් තියෙනව නම්... ඒ ගීත... අර කියනව වගේ "විදග්ධයින් විසින් විදග්ධයින් උදෙසා" නිර්මානය වෙච්ච ගීත හැර අනෙක් ගොඩක් ගීත වල මම යථාර්ථය කියන කාරණාව දකිනව...
උත්තම මුණි දළදා ගීතය, චූටි කාලෙ අපෙ ගෙදර රෑට කරන්ට් එක ගියාම මමත් කියනව අපෙ තාත්ත එක්ක....
අම්මයි අයියයි අමාරුවෙන් හරි අහගෙන ඉන්න ඇති ඒ කාලෙ... මොකද මට වත් තාත්තට වත් එහෙම සිංදු කියන්න බෑ...