පායාවි ඈත සූර්‍ය ‍රැස් මාලා...

මාලු මස් අනුභවයට නොගත්තට මොකද දැල් අදින්න නම් තුන් හතර ගමනක් අත් උදව් දීලා තියනවා... මාලු කරුමාන්තේ ගැන මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ "අපේ ගම" පොතේ අපූරුවට කියලා තියනවා... සැමී, මාලු අල්ලන්න යන කිරිබබා ගේ බෝට්‍ටුවේ හැංගිලා ගොහින් මූද මැද්දෙදී එලියට ආ හැටිත්, සැමීගේ අතේ ගිය දිමියා කටින් පිඹ වතුරට දාන්න හැදූ වෙලාවේදී, දවසට මාලු දෙතුන්සීයක් අල්ලන කිරි බබා "අපොයි මහත්තයා... සතුන් මරන්න එපා පව් සිද්ධ වෙනවා..."යැයි කියූ හැටිත්...

මේ ගීය අපූරු තනුවක් ඇත්තක්... මහ අමුතු හැගීමක් හිතට දැනෙනවා... හින්දි තනුවක් ද මන්දා...අතරින් පතර සීනු හඬකුත් නැගෙනවා... ගායනය මිල්ටන් පෙරේරා ගෙන්...

පායාවි ඈත සූර්‍ය ‍රැස් මාලා...
ඔරුවේ නැගී පාවී, මහ සාගරේ යාවේ...
සංසාරයේ ගමනයි... සංසාරයේ ගමනයි...

ගිනියම් අව්වේ, එකමුතු වීලා...
ඕඩි හෙලෙයියෝ හෙලෙයි කියාලා...
දාඩිය හෙලලා, මාදැල ඇදලා...
ජීවිත සටනේ....

අපගේ සිරුරේ දාඩිය වැගිරේ...
එය මහ මුහුදේ ජලයට සමවේ...
මේ යන ගමනේ, ඉම කොණ නොපෙනේ...
ජීවිත සටනේ....

මුහුදෙන් ඉපදී, මුහුදට බිලිවී...
සිහිනය නිමවේ මේ යන ගමනේ...
ආදර හස‍රැල්, සුසුමට පෙරලේ...
රුදු සුලි සුල‍ඟේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න...

22 comments :

  1. කිරි බබාව නම් මටත් මතකයි. අහලා නැති සින්දුවක් ... ඒත් හුරුපුරුදු ගතියක් තියනව....

    ReplyDelete
  2. අහුවුනා අහුවුනා .... ඇයි අයියා "සරා සදේ සිනා සේළේ කියන සින්දුවේ" මුල හරිය හරියටම මේ වගේ .මුල හරිය විතරයි.. හින්දි සින්දුවක් තියද කියල නම්...... ම්....

    ReplyDelete
  3. පිස්සු හැදෙන සින්දු තොගයක් නෙ තිස්ස අයියා ගාව තියන්නෙ තිස්ස අයියා මස් මාලු කන්නෙ නැද්ද.. මම එ වැඩෙ නැවැත්තුව ජනවාරි මාසෙ ඉදන්... මම පොඩි කාලෙ ඉදන් එලවලු විතරයි කැවෙ... මෙ අවුරුද්දෙ මුල ඉදලා එක ටිකක් වෙනස් උනා....දැන් ඔන දෙයක් කනවා.. බොනවා...

    ReplyDelete
  4. මාළුන්ටත් තියෙන්නෙ අපිට වගේම පණ කෙන්දක් කියල මස් නොකා මාළු කන මිනිස්සු හිතන්නෙ නැද්ද එහෙම නැත්නම් හිතලත් නොහිතුනා වගේ ඉන්නවද මන්ද අයියෙ...

    අහල නැති ගීතයක් මේකත්........ ස්තුතියි තිස්ස අයියෙ.......

    ReplyDelete
  5. ඔය උඩින් කමෙන්ට් කරල තියන කෙනත් මස් මාංශ අනුභවෙයන් තොරයි. හැබැයි මස් මාලු නොකෑවට ඒව උයන්න නම් පුලුවන් කාටත් නොදෙවෙනි විදිහට.සුවදෙන් තමයි පදම අදුනගන්නෙ..හික් හික්...

    මිල්ටන් පෙරේරා මහත්තයගෙ සින්දු සෙට් එකක්ම මන් ගාව තිබ්බ. ඒත මේක කලින් අහල තිබ්බ නෑ. ස්තූතියි අයියා.

    ReplyDelete
  6. තනුව ටිකක් වේගෙන් දුවන එකක් වුනාට සංගීතය හරිම සංවේදීව හිමීට ගලාගන යනවා වගේ මට හිතුනේ.. අමුතුම රස වින්දනයක් ..
    ස්තුතී ඔබට..

    ReplyDelete
  7. අනේ...........හිතට මොනාදෝ දැනුනා කියා ගන්න බැරි හැගීමක්......
    නියමයි අයියෙ...උපරිමයි

    ReplyDelete
  8. මම කරෝල ,හාල්මැස්සො, මාළු, මස් සියල්ලම කනව. බිත්තර නම් කන්නෙ නැහැ. ඒත් මස් කෑල්ලක් කාපු කාලයක් මතක නැහැ. මොකද අපේ ගෙදර අනිත් 4 දෙනා මස් කන්නෙ නැති නිසා ගෙදරට ගේන්නෙ නැහැ. ඔන්න ඕකයි මට වුනේ... පන්සල් යන්නෙ නැහැ. සිල් ගන්නෙ නැහැ. මොකද මම මේව කීවෙ ... මේව කීවෙ නැහැ කියල කෙනෙක් මට දොස් කීව.

    ReplyDelete
  9. තිස්ස අයියා.. කො මට ඔයගෙ කට හඬ ඇහෙන්නෙ නැහැ.. කො ඔයා... ඈතකද ඉන්නෙ... හරි කමක් නැහැ....කොයි වෙලාවෙ හරි මෙ පැත්තෙ එයි නෙ.... එතකොට අල්ල ගන්නම්.. සින්දුව දාලා හොරා වගෙ මරු වෙලා.. හිතෙ අපි පොඩි බබ්බු කියලා... හිතෙ අපි සින්දුව අහාහා නැලවි නැලවි සද්ද නැතුව ඉදි කියලා... හයියෙන් කෑගහලා අඩනවා.. ඉක්මනට සද්දයක් දැම්මෙ නැත්නම්....පුතා...

    ReplyDelete
  10. "සත්තු මරණ එකයි රස්සාව කරන එකයි දෙකක්" කිරිබබා එහෙම කිව්වෙ නැද්ද තිස්ස? හරකෙක් මරපු මිනිහෙක් හරකාගේ ඇ‍ඟෙ තියෙන මයිල් ගානට සමාන ආත්ම ගානක් ඒ විදිහට මැරුම් කෑවලු. ඒත් මිනී මරුවෙක්ව මරණ අළුගෝසුවාට එච්චර ආත්ම ගානක් දුක් විඳින්න වෙන එකක් නෑ, මිනිස්සුනගේ ඇ‍ඟේ එච්චර මයිල් නැති නිසා. පාපයේ බර වැඩි වෙන්නේ සත්වයගේ ප්‍රමාණය අනුවද? ජීවිතයේ වටිනාකම අනුවද? වැඩකට නැති පිස්සු කතා උඹේ පෝසට් එකේ දැම්මට සමා වෙයන් මචං.
    ඇත්තම කියන්න 'හද ගී පොත' හද ගී පොතක්ම විනා වෙන දෙයක් නෙමේ. ගීතය හදවතට යන්න මෙච්චරකල් හේතුවුනේ කාරණා 4යි. එක පද රචනය, දෙක සංගීතය, තුන ගායනය, හතර පුද්ගලිකව ඇති සම්බන්ධතාවය (ප්‍රස්තුතයට). රූපවාහිනයත් එක්ක 5ක් වුනා. පහ රූපරචනය. දැන් මචං 6යි. 'හද ගී පොතේ' පූර්විකාව. සමහර ගීත ගැන තියෙන අදහස උඩු යටිකුරු වෙනව ඒ පූර්විකාව කියෙව්වහම. ඒක මරු අත්දැකීමක්!. එකම ගීතයෙන් රසයන් දෙකක්.
    "වචනයකට තේරුම් දහසයි". අපිට 9-10 සිංහල සාහිත්‍ය උගන්නපු අමරසිංහ සර් කිව්වා. (අමර කොටා- සුන්දර මිනිසෙක්) "සර් කොහොමද ස්ථිරවම කියන්නේ දහසයි කියල" 'ඇයි එච්චර නැතිද?" "එච්චර නෙමේ සර්, ඊට වැඩියි". "ඊට වැඩියි?" "ඔව් සර්..!" "කීයද?" "අහන වාර ගනන වැඩි කිරීම කියන වාර ගනන". "ඇත්ත; කියන විදිහටයි අහන විදිහටයි තේරුම වෙනස් වෙනවා"
    තිස්සගේ අමුතු අමුතු පූර්විකා කියවන හැම විටම මට ඔය සිද්දිය මතක් වෙනවා. දිගටම ලියපං මචං.
    මේ 'සිංදුව' මතකද? http://www.facebook.com/video/video.php?v=1342559882909&ref=share

    ReplyDelete
  11. @රවා : අද call එකක් ඇවිල්ලද කොහෙද ටිකක් දිගට. අක්ක බනිනවද මංදා.(අර මරණ දැන්වීම දැක්කද දන්නෑ)
    ලොක්කා ආවා Online.සද්දයක් නෑ.
    බලමු කෝ එන වෙලාව...

    ReplyDelete
  12. මාලු කන එක හරක් මස් කනවට වඩා පව් නේද කියලා ඉස්සර මම මගෙ මස් නොකා මාලු කන යාලුවො එක්ක විනෝදෙට තර්ක කරනවා. එක හරකෙක් මැරුවම මිනිස්සු බර ගණනක් ඒ සතාගෙ මස් කනවා. ඒත් එක මිනිහෙක්ගෙ බත් පිඟානකට හාල්මැස්සො කීයක් මරන්න ඕනෙද කියලා.

    අර බන්දුල කිව්වා වගේ සතාගෙ ප්‍රමාණය අනුව උගෙ පණට දෙන ලංසුව වෙනස් වෙනවද? නැත්නම් සතාගෙන් අපිට තියෙන වාසි ප්‍රයෝජන අනුව උගෙ පණේ වටිනාකම අඩු වැඩි වෙනවද?.......ඔය සංකීර්ණ ප්‍රශ්ණවලට උත්තර හොය හොය ඉන්නවට වඩා හොඳයි කිසිම මාංශයක් නොකා ඉන්න එක නැත්නම් තෙරීමකින් තොරව ඔනෙම දෙයක් කන එක කියලා මම අන්තිමේ තීරණය කලා.

    ReplyDelete
  13. @wath: හහ් හහ් හහ්...කිරි බබාලා මෙකෙත් ගොඩක් ඉන්නවා මට නම්.... සරා සඳේ... සින්දුව නගේ වෙන එකක අනුවර්තනයක් මගේ හිතේ... හෙහ් හෙහ් තව ටික කලක් යන කොට විවාහ දැන්වෙම් වලත් මස් මාංස අනුභවය ගැන දාන්න වෙයිද මංදා...මමත් ජීවිතේටම එක පාරයි සිල් අරගෙන තියෙන්නේ නංගෝ.... 6 වසරෙදී බලෙන් ගත්තෙව්වා...

    @රවා: ජීවිතේ කාන්සිය නිවා ගන්නේ සිංදුවලිනුයි, යාලුවන්ගෙනුයි... උපන්දා ඉඳලා කන්නේ නෑ මලයෝ.. මොකද්දෝ අපුලක් හිතේ තියනවා... මස් වර්ග කැවුනොත් ඇ‍ඟේ පලු දානවා... දේස දීපංකරේ යනකොට හාමතේ මැරෙයි කියලා අම්මා දැනට අවුරුදු 20 කට විතර උඩදී විතර කුකුලු මස් කන්න පුරුදු කලා... හැබැයි වරෙක ස්වීඩන් වල හිටි වෙලාවක පන ගැට ගහගන්න ඒක උදව් වුනා... මාස දෙකක් විභාගය නිසා කාමරය අපිලිවෙල වෙලා... පොඩ්ඩක් ඒක සකසන්න කාලය ගත කලා මාලියා..එන සුමානේ ආයෙමත් offshore යන්න තියනවා...ඒකටත් ලේස්තිවෙන්න ඕනා...ok?

    @විශ්මි: මාලු නම් කඩයක් ලඟින්වත් යන්න බැරියෝ....

    @Raven: එහෙමනම් ඔක්කොම performance tests කරලා තමයි අතදීලා තියෙන්නෙ අහ්...? ok ok lucky you....

    @දුකා: අපිට සෙට් වෙච්චි වෙලාවකට කියන්න එල නේ...?

    @යෝගී & දිල්: හරියටම හරි... ඒ ගුප්ත අමුතු ගතිය මටත් දැනුනා....

    @Bandula - බන්දුල: අපිව මුණගැහෙන්න තිබුනේ මීට ගොඩාක් කලෙකට ඉස්සර... එදා වුනත් සීයක් හමාරකින් අපි දෙන්නා සෙට් වුනා නේද...? මම පිස්සු කතා, බොලඳ කතා වලට ආසයි බං... හැරිලා ආපහු බැලුවහම මතක තියෙන්නේ ඒවා විතරනේ බං... මට කවමදාවත් හොඳ සිංහල ගුරුවරයෙක් සෙට් වුනේ නෑ බං... ඒක සිරා කතාව නේද...වචනයකට තේරුම්... ආහ්..?.... යකෝ අර දාපු සින්දුව හෙනම සිරා නේද..? මම හිතුවේ මුලින් "බැන්ද ධජා සිරි ලක්දිව මන්දිර, සිරියෙනි සුදිලේ බෝ..."එක කියලා...

    @Pali: හරියටම හරි.. අපි වයසට යනකොට ඔය වගේ පොඩි පොඩි rules of thumb හදාගත්තේ නැත්නම් වැඩේ අලම වෙලා යනවා ... පුද්ගලික ජීවිතයත් වික්‍රමබාහුගේ දේශපාලනය වගේ වෙනවා...කෙස් පැලෙන තර්ක කෝටියයි....

    ReplyDelete
  14. හි හි නියම උදාහරණය.....වික්‍රමභාහුගෙ දේශපාලනය....කියලා වැඩක් නැහැ.

    ReplyDelete
  15. හෑබටම මේ ගීත තියෙන්නේ "අහුමුලු වල තියන පරණ සිංදු වලට හරිම ආසයි.." මොන අහුමුලු වලද? මට හිතෙන්නේ රත්තරන් ආකරයක තියෙනවා කියලයි....

    ReplyDelete
  16. @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය: ඒ වචනයෙන් තවමත් හොඳ රසිකයෝ බර ගනනාවක් අපි අතර ඉන්නව කියලා දැනෙනවා මලේ..

    ReplyDelete
  17. උඹ අයියේ දැන් මට බණින්නෙත් නැහැ නේද..?
    කමක් නැහැ.

    ReplyDelete
  18. මං බයේ හිටියේ බං ආයේ හුටපටයක් වෙයි කියලා... ඇත්තම කියන්න....

    ReplyDelete
  19. පරණ සින්දුවල හැංගිලා ලොකු දෙයක් තියනවා වගේ දැනෙනවා

    ReplyDelete
  20. @තීර්ථ යාත්‍රිකයා : එහෙනං ආයුබෝවංඩ... මෙකේ උඩහට පහලට දෙතුන් වංගියක් ගියානං තේරෙයි රඟ... තං‍තෝසේ බැරුවා ගොඩ වුනාට...

    ReplyDelete
  21. විජිත මල්ලිකා මහත්මිය නිශ්පාදනය කළ සුළිසුලං චිත්‍රපටයේ ගීතයක්.. ටිකක් අහනකොට නිකන් අමුතුයි වගේ.. පස්සෙ මගේ සින්දු ටිකත් සර්ච් කරල ඔරිමජිනල් එක හොයාගත්ත.. බැලින්නං මේ ප්‍රියංකර පෙරේර කියන එක නේ.. මෙන්න බාගන්නවනං ඔරිමජිනල්.. තිස්ස අයිය නිසයි මේ අස්සට ගිහින් තිබ්බ සින්දුව මතක් උනෙත්.. බොහොම ස්තුතියි! තියන තරමට කොහෙ මතක තියාගන්නද?

    http://www.mediafire.com/?9sq4wi46x79tw6a

    ReplyDelete

 
Blogger Wordpress Gadgets