මා සිතා සිටියේ ලංකාවේ රූපවාහිනි නාටකය දැන් අවුරුද්දක් පතා මතක බණක් කියවා දානයක් දෙනවා කියාය..
නැත.. දීර්ඝ නිද්‍රා සමයක් අවසන් කොට අරුණු රැස් වලින් නැහැවී දෙපෙති විදා ඒ ඉහලට නැගෙයි..
අවසන් වරට සිනමා හෝ නාට්‍ය සිතුවමක් මගේ දෑස් තෙක් කලානම් ඒ දෙනගම සිරිවර්ධන්ගේ කථාවක් ඇසුරින් පරාක්‍රම නිරිඇල්ල විසින් සිනමාවට නැගූ අයෝමා කෘතියයි.
කථා නායිකාව වූ 'අයෝමා' තම සුජාත නොවූ දරුවා බිහිකරන්නේ චීවරධාරියකු [ජේ එච් ජයවර්ධන - 'මට වඳින්න එපා යකුනේ මම හාමුදුරු කෙනෙක් නෙමෙයි..!] විසින් පවත්වාගෙන යන 'අසරණ සරණ' නේවාසිකාගාරයක් තුලදීය. නොබෝ කලකින්ම ඒ තුල බිහිවන දරුවන්, දරුවන් අහිමි හා හදා වඩා ගැනීමට කැමති අය වෙත යොමු කෙරෙයි. අයෝමාගේ කුලුඳුල් දරුවාද මෙලෙස රැගෙන යද්දී ඈ බිම වැතිරෙමින් හඬා වැටෙන්නීය. ස්වර්ණා ඉවත හල අයෝමා වැලපෙන්නේ 'අනේ මගෙ දරුවා....' කියමිනි.
මම අසලින් හුන් ගෙදර ඇත්තන්ගේ වමත තදින් අල්ලා ගත්තද දෑස් තෙමෙනු වලකාලනු නොහැකි විය.
අවුරුදු බොහෝ ගණනක් ගතවී මගේ දෑස් නැවත තෙත්වන්නේ මිනිසුන් අතර ඇතිවන අනේකවිධ අන්තර්ක්‍රියා අපූරුවට ඉස්මතු කරන්නාවූ ශාන්ති දිසානායකගේ කෘතියක් ඇසුරින් සරත් කුමාර ලියනගේ නිර්මාණය කරන ලද ''එරන් ළන්දු" ටෙලි නාට්‍යය නිසාය. මෙගා ගණයට වැටුනා වුවද, නොකඩවා දිවෙන දැන්වීම් ඇතුරෙහි අතරින් පතර පෙන්වන නාට්‍යයක් වුවද, ඒ සියලු අභියෝග ජයගැනීමට සරත් කුමාර ලියනගේ සමත්ව ඇති සැටියකි.
කථාවෙහි ප්‍රධාන චරිතයක් වුවද ඈ ප්‍රධාන චරිතයක් නොවන්නීය. ප්‍රධාන චරිතය වන්නේ බලා සිටින අපමය. මෙය ගැහැණුන්ගේ කථාවකි. ගැහැණිය හා රමණය යනු එකක්යැයි කුඩා කල හිතට කාවැද්දී ඇති, නිර්මාණකරනට ඉඩ ප්‍රස්ථා ලද වුන් [මේ වර්ගයා නිර්මාණකරුවන් සේ දැකීමට මා අකමැතිය. යම් හේතුවක් නිසා ඔවුන් නිර්මාණකරණයට අවස්ථා ලද්දවුන් පමණමය...! නැතිනම් තමන්ට ලැබී ඇති මහඟු අවස්ථා නැනෝමීටරයක් පමණ වූ පරාසයක මෙහෙයැවීමට ඔවුන් නොපෙළඹෙති..!!] ගැහැණියකගේ හැඟීම් කුඩා කොටුවකට හකුලවද්දී 'එරන් ළන්දු' පුර හඳ සේම දසත දිදුලවමින් මෝරා එන්නීය.
නදීගේ මව ඈ උපතේදීම මියයයි. මවගේ හොඳම මිතුරිය හා පියා විවාහ වන්නේ කුඩා සිඟිත්තිය නිසාමය. කුඩම්මාගේ සෙනෙහස් ගඟුල සිඳෙන්නේ කුඩම්මාගේත් පියාගේත් දියණිය යොවුන් වියට පා තබන අතරතුරදීය. නදී මේ තමාගේ මව නොවන බව දැනගන්නේ බොහෝ කලකට පසුවය. ඇගේ වික්ෂෝභයත් ආත්මානුකම්පාවත් බලවත්ව නැග ආවද ඇයට ඒ පිට කිරීමට කෙනෙක් නැති තරම්ය. පිය පාර්ශවයේ සීයාත් අත්තම්මාත් වෙත පියමණින ඈ සෙනෙහෙසින් භාරගන්නේ දරු මුණුපුරන්ගෙන් හිස්වූ ඒ නිවසයි. එහෙත් සීයාගේ මරණය නිසා ඒ නිවනයෙහි විසුමද ඇයට එපාවෙයි. පියාගේ මව විසින් මුළදී පිළිකෙව් කල අම්මාගේ පාර්ශවය වෙත ඈ හැරෙන්නේ මෙතැනදීය. තම මව මෙළොව හැරපියා යද්දී කුඩා දැරියකව සිටින පුංචි අම්මා දැන් අවිවාහක කතකි. තම සොහොයුරියගේ අභාවය නිසා නදී හා වෛරයෙන් පසුවූ ඈ පසුව නදීව රකින්නේ ඉමහත් සෙනෙහසකිනි. ට්‍රැක්ටර් එලවන, හරකුන් පසුපස හඹායන, ධෛර්‍යවන්ත එඩි සිත් ඇති පුංචි අම්මා හා නදී අතර අන්තර්ක්‍රියාව මා නැරඹුවේ මහත් අභිරුචියකිනි. නදී කැඳවා යාමට නදීගේ පියා පැමිණෙන විට නදීව කාමරයකට දමා වසන පුංචි අම්මා "කොහෙ යන්නද? ගිහිල්ල ටොකු කකා ඉන්න?" කියමින් තුමූද කාමරට විත් දොරගුලු ලාගන්නීය. අසරණ වූ නදී පුංචි අම්මාගේ ලයට තුරුළු වන්නේ අම්මාගෙන් නොලැබුණු ආදරය රැකවරණය ඒ මූලයෙන්ම ලබා ගනිමිනි. ඉතාම සංවේදී ලෙස ඒ ජවනිකාව නිරූපණය වෙන්නේ මා නෙත් කෙවෙනිද තෙත් කරවමිනි.
කථාව තවමත් අප හමුවේ දිග හැරෙයි. නදීට සමාන්තරව මෙහි තවත් එකිනෙකට වෙනස් පෞරුෂයෙන් හෙබි කාන්තා චරිත කිහිපයකි. නදීගේ පුංචි අම්මා වන ගෝතමී එයින් කෙනෙකි. ගෝතමීව විවාහ කර ගැනීමට එන මැදිවියේ පසුවන ගුරුවරයාගේ පළමු පෙම්වතිය තවත් කෙනෙකි. සියලු දුක්ක දෝමනස්සයන් නිහඬ මුවින් දරාගන්නා ඈ ඒවායින් මිදීමට සටන් කිරීම නොදනී. ගෝතමීලාගේ ගමේ වළං නිෂ්පාදනයේ යෙදෙන ගොලු තරුණයා හා පෙමින් බැඳෙන තරුණිය ද තවත් චරිතයකි. අම්මාගේ දෙවැනි කසාදයේ බාප්පාගේ නොමද පීඩනයට අසුවුවද ඈ එයින් පසු නොබසින්නීය. ශක්ති පමණින් ඒවාට විරුද්ධව නැගී සිටින්නීය. කථාවේ විශේෂය නම් මේ චරිත හතර හා ලඟින්ම වෙසෙන අනෙකුත් කාන්තා චරිත ගෝතමීලා හා නදීලාගේ මනෝභාවයන් ගැන දක්වන්නාවූ නොසැලකිල්ලයි.
ගැහැණියකගේ හැඟීම්, බලාපොරොත්තු හා ආසාවන් ගැන තවත් ගැහැණියක් අසංවේදී වන කල්හී පිරිමින් ගැන කවර කථාද? එහෙත් ඔවුහු ඒවායෙන් පසු නොබසිති. ජීවිතය හැරදා නොයති. ජීවිතයෙන් පැරදී පලාද නොයති. ඔවුහු තම තමනට හුරු පෞරුෂයන්හි හිඳිමින්ම ඔවුන් ඒවාට මුහුණ දෙති.
මා දුටු ලාංකීය ගැහැණියගේ කථාන්දරයද මගේ මිත්තණියන්ගේ පටන්ම මෙලෙසය. දූදරුවන්ට අධ්‍යාපනය උපරිමයෙන් ලබාදීමට කටයුතු කල මගේ පිය පාර්ශවයේ මිත්තණියන් ඔවුනට ඉඩකඩම්ද මිලදීගෙන දායාද ලෙස ලබාදී මුණුපුරු මිණිපිරියන් දැකබලාගත් පසු ලෞකික සුව අතහැර අභිනික්මන් කොට දසසිල් මාතාවක්ව ඉතා නිස්කලංක දිවියක් ගතකොට අභාවප්‍රාප්ත වූවාය. එතක් පටන් මාදුටු එබඳු ධෛර්‍යයේ කාන්තාවන් අනන්තය අප්‍රමාණය. කුටුම්බයේ වේවා සේවාස්ථානයේ වේවා සියලු තාඩන පීඩන නොපනත්කම් සියල්ල දරමින් ඔවුන් ජීවිතයට නොබියව මුහුණ දෙති. ධර්මයද හැකි පමණින් ඇසුරු කරති. දරු මුණුපුරන්ද මැනවින් රකිති. අවසානයට මා දුටු එබඳු කාන්තාව නම් සේවාස්ථානයේ සනීපාරක්ෂක කම්කරුවකු වූ 'ශ්‍රියාණි'යි. මිත්තනියක වූ ඇය තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකලාය. වැටුප හැර අන් කිසිවක් බලාපොරොත්තු නොවූවාය. තාක්ෂණික නිලධාරීන් හා අනෙකුත් ඉහල වැටුප් ලබන රසායනාගාර සේවකයන් දිනපතා නගන මැසිවිලි කිසිවක් ඈ සතුව නොවූවාය. එහෙත් හදිසියේම ඈ විදෙස්ගත වූයේ තවත් කතක් වෙනුවෙන් ඈ ඇපවී පොළියට ලබාදුන් මුදලත් රැගෙන ඒ කාන්තාව අතුරුදහන් වීම නිසා එබඳු මුදලක් පියවීමට ඇයට ලැබුණු වැටුපෙන් කිසිසේත්ම නොහැකි වීම නිසාය.
අදට දහනව වසරක් මා සමග සියලු දුක්ඛ දෝමනස්සයන් නිහඬව විදිමින් මා ලඟින් ආදරයෙන් ඉන්නාවූ මගේම එරන් ළන්දු ඇතුලු සියලුම එරන් ළඳුන් පුර හඳ සේම දිලේවා!
පුරන් කෙතට නිල් දියවර නැතුවාද
සිහින් වැස්ස අව් රැල්ලේ මැකුණාද
පහන් වෙලා සඳ අහසේ ගිලුනාද
එරන් ලන්දු නුඹ තාමත් තනියෙන්ද..........
සෝඩි ටිකිරි... මුදු දෙතොලේ....
සිනා මැකෙයි.... හිම අරුණේ...
රෑට නිදන තනි කුටියේ
හීන බිඳෙයි ඝණ අඳුරේ
පෙම් සිත ගෙළු වුණා නොවෙයි
කතා සරිත් සාගරයේ....
රොන් සපුරා මල් නොපිපේ
අන් සතු මල්වර නැකතේ....
අන් සතු මල්වර නැකතේ....
මහන්සියෙන් උපයාගත් බැත සේම
සියක් යොදුන් ගෙවමින් ආ දුර බෝම...
මුවින් මුවට කවදාමත් නොකියාම
එරන් ලන්දු පිපියන් පුරසඳ සේම....

කියන්න දෙයක් නැහැ. තිස්ස අය්යා සේරම කියලනේ. බොහොම ස්තුතියි කියලා විතරක් කියන්නම්
ReplyDeleteඔව්.. විලෙක නෙළුම් අපට කුමකටද ඔබ හිනැහේ නම්...!
DeleteHappy Anniversary Tissa . . !
ReplyDeleteDrama eka balanan kiyala gedara undata kiyanna ona. mama TV eke drama balapu kalayak mataka na. antimata drama ekak kiyala baluwe "aga pipi mal"
ඉතින් සෙන්සිටිවිටි මීටරේ තාමක් එළකිරි නේද??
Deleteඔන්න උඹට අහුවුණා ඇනිවසරිය
බලන්න කියන්න බලන්න කියන්න - ලස්සන කථාව - රඟපෑම් අන්තිම ඉහලයි!
FB eke msg dammath no reply. uba tama UAE da??
DeleteWhat was wrong? y no reply to my msgs.
මට මතක හැටියට මේ පොත ලිව්වෙ ශාන්ති දිසානායක. සිළුමිණ පත්තරේ ගිය කාලෙ කියෙව්වා වගෙ මතකයි.ලංකාවෙ ටෙලිනාට්‍ය නම් වැඩක් ම නැහැ.කාගෙන් හරි ඔත්තුවක් නොලැබුණොත් බලන්නෙත් නැහැ.ඒ වගේ බලපු ටෙලිනාට්‍ය අතරින් දියණියෝ සහ නිරිසත්වයෝ හොඳ නිර්මාණ.චාමර පීරිස්ගේ අයාල් ඇතුළු ටෙලිනාට්‍යත් අනෙකුත් බහුතර ටෙලි අතරින් වෙනස්.
ReplyDeleteඒ වගේම වස්සානේ ප්‍රේමය ඇතුළු ඉන්දීය ඇබ්බැහියෙන් රටේ අනාගත පරම්පරාවවත් ගළවාගන්න කලා ක්ෂේත්‍රයේ සිටින්නවුන් හැටියට ඔබට කළ හැකි දෙයක් ඇත්නම් ඒක කරන්න.ඒක ලොකු පිනක්.නැත්නම් අනාගතයේ ලංකාවෙ බිහි වෙන්නෙත් ගෘහස්ථ හිංසනයෙන් පිරිච්ච,ස්ත්‍රීත්වය අතිශය පහත් යමක් යැයි සලකන,මිනී මරාගන්න,මව්පිය දූදරු සබඳතා කඩා වැටිච්ච කාලකණ්ණි සමාජයක්..
වටින කමෙන්ට් එකක්. දැන් ළමයි හාමුදුරුවන්ට වදින්නෙත් ඉන්දියන් ක්‍රමේට කකුලටයි තමන්ගෙ නළලටයි අත තියලා. අනේ මන්ද මෙව්ව මීඩියා වසංගත!
Deleteඇත්තටම ලැජ්ජාවක් දැනෙන්නෙ අපෙ පරම්පරාවේ තරුණ ළමයි ගැන.එතැනින් වෙනස් වෙන්න අපි උත්සාහ කළත් ඒ පුද්ගලික වෙනස අදට ප්‍රමාණවත් නැහැ.ලොකු සමාජ වෙනසක් අවශ්‍යයි.ඒ සඳහා කලාවට කළ හැකි ලොකු වැඩ කොටසක් තියෙනවා.
Deleteප්‍රමාද වෙලා හරි තිස්ස අයියාට වගේම තිස්ස අයියාගේ "එරන් ළන්දු"ටත් සුබ විවාහ සංවත්සරයක් මමත් පතනවා.
ReplyDeleteලංකේය කාන්තාවට ගොඩක් විට නොකටයුතුකම් වෙන්නේ පිරිමින්ටත් වඩා කාන්තාවන්ගෙන්ම වෙන්න ඕනේ.එකට එක හේතුවක් තමයි තිස්ස අයියාත් කියලා තියෙන පරිදි සමහර කාන්තාවන් එකිනෙකා කෙරේ දක්වන අසංවේදීතාවය.
ස්තූතියි මනෝජ් මල්ලි.
Deleteකාන්තාවන් කාන්තාවන් අතර අන්තර්ක්‍රියාව හරි සංකීර්ණ එකක්
කාලයක් ජරාවටම ගිහිල්ල තිබුණ ටෙලි නාට්‍ය කලාව දැං ආයත් හෙමින් හෙමින් නැගිටින බවක් පේන්න තියෙනව. ඒක දිගටම ගියොත් හොඳ දෙයක්.
ReplyDeleteසුබ ඇනිවර්සරියක් තිස්සයියා.
ඔව් මෙගා සංස්කෘතිය ඇතුලෙත් යමක් කරන්න හැකි බව ටිකක් පෙනෙන්නට තියෙනව
Deleteස්තූතියි මල්ලි
දෙන්නටම හැමදාමත් ඔය වගේ උතුරණ ළබැදියාවෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!!! මාත් දැක්ක ඔය කතාව නම්. ඒත් ඉතින් අපේ අම්මා පිච්චියක් වටින්නේ නැති දෙපැය බලනවනේ. අම්මා දවසටම බලන්නේ එපමණක් නිසා මාත් ඔන්න ඔහේ තියෙන දෙයක් බලනවා.
ReplyDeleteහැබැයි කාලෙන් කාලෙට ඔය වගේ හොඳ කතා ආවේ නැතුවාම නෙමේ.
මගෙ අම්මේ හා පැටික්ස්!!!
Deleteමදෑ!!! කොච්චර කලෙකින්ද?
අද මරදානේ කරක් ගහල පොතත් ගෙනත් දුන්නා
වෙබ් එකෙන් බලන්න - හා පැටික්ස්ට ටීවි මොටද ටෙලි ඩ්‍රාම බලන්න :-)
කොච්චර කාලෙකින්ද කියන එකට නම් උත්තරේ මයේ හිතේ අවුරුදු 4කට විතර පස්සේ. කියෙව්වට කමෙන්ට් නොකර ගියා ගොඩක් වෙලාවට අසාධාරණ ලෙසම. තවම ඉතින් දෙමාපිය අයවැය ශීර්ෂ යටතේනොවැ මං ඉන්නේ. ඒ හන්දා ලිමිටඩ් ඩේටා.....
Deleteහා හා ඒත් මදෑ ඉතින්
Deleteදැන් ඔය වැය ශීර්ෂය වෙන තැනකට මාරු කරන්න කාලේ හොඳා ;-)
//ගැහැණිය හා රමනය එකක් යයි කුඩා කල හිතට කා වැද්දී ඇති....// යනාදී වසයෙන්..
ReplyDeleteමේ ටික තමා ගස්ලබ්බ දකින හොඳම ටික.අත දිග ඇරලම කියල තියෙනවා.
වර්තමාන ටෙලිනාට්‍ය මාලාවෙ බලන්න පුළුවන් මට්ටමේ ටෙලියක් බවට නොබියවම එකඟ වෙන්න පුළුවන්.
සුභපැතුම්..!!
ජයවේවා..!!
ස්තූතියි ජී ඇල්...
Deleteමොකක් හරි හේතුවක් හින්ද හින්දි කොරියන් මොඩල් ඔක්කොම චැනල් වලින් හලාගෙන යනව.. අනිච්චේ වෙන්නෑති..
පොඩ්ඩක් ආපහු ට්‍රැක් එකට එන ගතියක් තියනව - තවත් හොඳ එකක් 'මද්දහන'
පියරු බබාලා හැලිලා පණ ඇතිව දෙබසක් කියාගන්න පුලුවන් උන් ටිකක් ඇවිල්ල ඉන්නව සීන් එකට... අපි බලන් ඉමු!
පරක්කු වෙලා හරි සුබ ඇනිවසරි එකක් වේවා තිස්ස අයියා.. මම නම් කැමති ගැහැණු අය ස්වාධින වෙලා ඉන්නවා දකින්න... ඒ කියන්නේ බටහිර තියෙන ස්වාධින කම නෙවෙයි.. අපේ අම්මල වගේ තමුන්දුක් විඳලා අනුන් සතුටු නොකර තමනුත් සතුටු වෙලා අනුන් සතුටු කරන්න පුළුවන් වෙන එකට..
ReplyDeleteඅපේ අම්ම දැන් එහෙම ස්වාධින වෙලා ඉන්නවා දකින එක මට ලොකු සතුටක්.. තියෙන ගුණ යහපත් කම් එහෙමම තියාගෙන ස්වාධින වෙන්න කියල තමයි මම නම් ඔන්න බට්ටි නගාට හැමදාම කියන්නේ.. හෙහ් හෙහ්..
මෙහෙ ඉද්දි නම් නාට්ටි බැලිල්ලක් නෑ.. ලංකාවට ගියාම නම් අහුවෙන එකක් බලනවා..
ටෙලි නාට්‍යයක් බලපු කාලයක් මතක නෑ මට නම්... ලංකාවට ගියාම නම් ඔහේ රූප පෙට්ටිය ඉස්සරහ වාඩිවෙලා ඉන්න වෙලාවට පේන එකක් තමයි... ඒත් හිතට වදින විදියෙ එකක්ක්වත් පෙනුනෙ නෑ එහෙම ඉද්දිවත්... දැන් නම් මේක හොයාගෙන බලන්න හිතෙනවා...
ReplyDeleteඇනිවසරියට මගෙනුත් සුභ පැතුම්.....
කාලෙකට පස්සෙ ආවා..දිගු කලකට ආසිරි පතමි.. ස්තුතියි තිස්ස අයිය.. :)
ReplyDeletesuba anniversariyak ...!!!
ReplyDeleteබොහොම පහු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් පිළිගන්න. එරන් ලන්දුන්ගෙන් පස්සෙ ඒ තරම් සිත් සතපන නිර්මාණ ගෙන ඒම ආයෙත් නැවතුනාදෝ
ReplyDelete