ටක්... ටක්... ටක්...
"කව්ද අප්ප මේ වෙලාවේ..."
"අනේ දොර අරින්න එපා මගේ දෙයියෝ..."
"පිස්සුද ළමයෝ... කවුරු හරි මොකක් හරි කරදරයකට වෙන්න ඇති..."
"මේ කාලේ කව්ද මේ වෙලාවට දොර අරින්නේ... අනික මේ ඔයා කරන රස්සාවත් එක්ක... අනේ දොර අරින්න එපා..."
"බොරුවට කලබළ වෙන්න එපා... අර ළමයිත් බය වෙනවා... මට කවුරුත් එහෙම කරදරයක් කරන්නේ නෑ... කෝ ඉන්න දොර ඇරලා බලමු"
"ටක් ... ටක් ... ටක්... කරුණාකරලා දොර අරින්න... ලයිට් දාන්න එපා..."
"ඔය බලන්න මං කිව්වේ... අනේ එපා දෙයියනේ..."
"හ්ම්ම්... දැන් කරන්න දෙයක් නෑ... දැන් කොහොමත් අරින්න වෙනවා..."
"ආ ඇයි මල්ලිලා...?"
"අපිට කතා කරන්න තියනවා ඔහෙත් එක්ක පොඩ්ඩක්..."
"හොඳයි... එන්න ඇතුලට"
"ඔහේ මොකද අපි තහනම් කරලා තියෙද්දි නිවුස් කිව්වේ...?"
"මල්ලි ඒ මගේ රස්සාව... මං බැඳිලා ඉන්නවා ඒක කරන්න... මේ පේනවනේ... මේ කට්ටිය රැකෙන්නේ ඒකෙන්..."
"ඔය කට්ටියව යවන්න කාමරයකට... හරි..... එතකොට අරූගේ උත්සව වල ස්ටේජ් වලට නැග්ගේ...?"
"මල්ලී වහලක් නැති මිනිහෙකුට වහලක් ලැබෙන එක කොච්චර දෙයක්ද... ඌ මොකෙක් වුනත්..."
"උඹ පොඩි බබා... උඹ දන්නේම නෑ... මේවා රටේ අහිංසක මිනිස්සුන්ගෙන් කොල්ල කාල හම්බ කරන ඒවා... බිංදුවක් විසි කරල උගෙම හෙංචයියන්ට... හරි දැනට ඔය ඇති.... යමන් එලියට.... උඹෙන් තව විස්තර ගන්න තියනවා අපිට..."
"කොහෙටද යන්න ඕනෑ...?"
"යමුකො... ගියහම පෙනෙයි..."
"මල්ලිලා කාලද ඉන්නේ....?"
"මේ රටේ මිනිස්සු සිය ගානක් බඩ ගින්නේ ඉන්නේ.... යමන් ඉතිං"
"ඉන්න මං කමිසයක් දාගෙන එන්නං..."
"අනේ දෙයියෝ... මේ කොහෙද යන්න හදන්නේ..."
"නෑ ... නැ... ප්‍රස්නයක් නෑ... ඒ ගොල්ලන්ට මේ විස්තර වගයක් ඕනෑලු... ඕනෑ දෙයක් දීලා මං ඉක්මනට එන්නං... ඔයා ඉන්න දොරවල් වහගෙන..."
ඉන්ද්‍රානි බෝගොඩයන් ගායනා කරන ලෙසින් ඒ සොඳුරු මිනිසා ආපසු පමිණියේ නැත... අප සැමගේ සිත් නිවාලු ඔහුට, වාරු දෙන්නට සිටියේ පහන් ටැඹක් පමණි...
මා හිස පිරිමැඳ, නැවත නො එන්නට ඔබ වෙන්වී ගියදා...
සටහන් නැත මැකිලා, ඒ නික්මන් ගමනේ....
මගේ ජීවිතයම ඔබෙන් සැදුනු බව, එදිනයි මට දැනුනේ...
එතරම් අසරණ වී, නෑ කිසි දින තනිවී....
කිසි ලෙසකින් හෝ වටහා දෙනු බෑ, සෙනෙහස දෙවි කමකි...
ඒ සෙනෙහස දැනුනේ, ඔබ යලි ආ දිනයේ....
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
"කව්ද අප්ප මේ වෙලාවේ..."
"අනේ දොර අරින්න එපා මගේ දෙයියෝ..."
"පිස්සුද ළමයෝ... කවුරු හරි මොකක් හරි කරදරයකට වෙන්න ඇති..."
"මේ කාලේ කව්ද මේ වෙලාවට දොර අරින්නේ... අනික මේ ඔයා කරන රස්සාවත් එක්ක... අනේ දොර අරින්න එපා..."
"බොරුවට කලබළ වෙන්න එපා... අර ළමයිත් බය වෙනවා... මට කවුරුත් එහෙම කරදරයක් කරන්නේ නෑ... කෝ ඉන්න දොර ඇරලා බලමු"
"ටක් ... ටක් ... ටක්... කරුණාකරලා දොර අරින්න... ලයිට් දාන්න එපා..."
"ඔය බලන්න මං කිව්වේ... අනේ එපා දෙයියනේ..."
"හ්ම්ම්... දැන් කරන්න දෙයක් නෑ... දැන් කොහොමත් අරින්න වෙනවා..."
"ආ ඇයි මල්ලිලා...?"
"අපිට කතා කරන්න තියනවා ඔහෙත් එක්ක පොඩ්ඩක්..."
"හොඳයි... එන්න ඇතුලට"
"ඔහේ මොකද අපි තහනම් කරලා තියෙද්දි නිවුස් කිව්වේ...?"
"මල්ලි ඒ මගේ රස්සාව... මං බැඳිලා ඉන්නවා ඒක කරන්න... මේ පේනවනේ... මේ කට්ටිය රැකෙන්නේ ඒකෙන්..."
"ඔය කට්ටියව යවන්න කාමරයකට... හරි..... එතකොට අරූගේ උත්සව වල ස්ටේජ් වලට නැග්ගේ...?"
"මල්ලී වහලක් නැති මිනිහෙකුට වහලක් ලැබෙන එක කොච්චර දෙයක්ද... ඌ මොකෙක් වුනත්..."
"උඹ පොඩි බබා... උඹ දන්නේම නෑ... මේවා රටේ අහිංසක මිනිස්සුන්ගෙන් කොල්ල කාල හම්බ කරන ඒවා... බිංදුවක් විසි කරල උගෙම හෙංචයියන්ට... හරි දැනට ඔය ඇති.... යමන් එලියට.... උඹෙන් තව විස්තර ගන්න තියනවා අපිට..."
"කොහෙටද යන්න ඕනෑ...?"
"යමුකො... ගියහම පෙනෙයි..."
"මල්ලිලා කාලද ඉන්නේ....?"
"මේ රටේ මිනිස්සු සිය ගානක් බඩ ගින්නේ ඉන්නේ.... යමන් ඉතිං"
"ඉන්න මං කමිසයක් දාගෙන එන්නං..."
"අනේ දෙයියෝ... මේ කොහෙද යන්න හදන්නේ..."
"නෑ ... නැ... ප්‍රස්නයක් නෑ... ඒ ගොල්ලන්ට මේ විස්තර වගයක් ඕනෑලු... ඕනෑ දෙයක් දීලා මං ඉක්මනට එන්නං... ඔයා ඉන්න දොරවල් වහගෙන..."
ඉන්ද්‍රානි බෝගොඩයන් ගායනා කරන ලෙසින් ඒ සොඳුරු මිනිසා ආපසු පමිණියේ නැත... අප සැමගේ සිත් නිවාලු ඔහුට, වාරු දෙන්නට සිටියේ පහන් ටැඹක් පමණි...
මා හිස පිරිමැඳ, නැවත නො එන්නට ඔබ වෙන්වී ගියදා...
සටහන් නැත මැකිලා, ඒ නික්මන් ගමනේ....
මගේ ජීවිතයම ඔබෙන් සැදුනු බව, එදිනයි මට දැනුනේ...
එතරම් අසරණ වී, නෑ කිසි දින තනිවී....
කිසි ලෙසකින් හෝ වටහා දෙනු බෑ, සෙනෙහස දෙවි කමකි...
ඒ සෙනෙහස දැනුනේ, ඔබ යලි ආ දිනයේ....
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
හ්ම්...... ඒ කාලේ සිදුවීම් අහද්දි හිත සසල වෙනවා..... මිනිහෙක්ගේ ජීවිතේ වටිනාකම ඒ කාලේ මොනවයින් මැන්නද මන්දා???? සමනලීට හිතාගන්න බෑ...........
ReplyDeleteOya nam mara porak,Me karanne pinak.....
ReplyDeleteඒ වුනාට ගීතයේ අවසානය බලන්න...
ReplyDelete"ඒ සෙනෙහස දැනුනේ ඔබ යළි ආ දිනයේ"
බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරනව...
අයිය මේ කියන්නේ ප්‍රේමකීර්ති අල්විස් මහත්තය ගැනද?
@punchisamanalee:හපොයි කියලා වැඩක් නෑ... නංගියේ... අපි ජීවත් වෙන එකටත් කාට හරි ඉස්තූති වෙන්න ඕනෑ...
ReplyDelete@Ano: thanks buddy...
@wath: ඔබ මා සිත කිය"වත්"...
මේ සටහන කියවනකොට මටත් මැවිලා පෙනුනේ ප්‍රේමකීර්ති මහතාගේ රූපයයි. . ආයුබෝවන් වැඩසටහනයි . . . ඇහුනේ වික්ට්ගර් ට ඒ මහතා ලියා දුන් අගනා ගී පද රචනායි . . . .
ReplyDelete"තනි තරුවේ . .. . තනි තරුවේ . . ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මීහම් මෙතැන ඉන්නවා . .. . "
කිසිම දේෂපාලන පක්ෂයක් සැමදා එකම මෝඩකම කරන්නේ නැති බව සත්‍යක්. ප්‍රජාතන්ත්‍රවදී ප්‍රවාහයට ආවා වුනත් එකට කිසිම විදිහකින් සමාව දෙන්න බැරි ලොකුම ලොකු සිදුවීමක්, වැරදීමක් ඔහුගේ මරණය නම් . . .
ගොඩක් මිනිස්සුන්ට මතක නැහැ තිස්ස අයියා... මිනිස්සුන්ට අමතක වෙනවා දවස් පහලවෙන්... වටිනා මිනිස්සු ටිකක් ජාතියට අහිමි වුනා...මම පොත් පත්වලින් කියවලායි එ කාලෙ ගැන දන්නෙ.. මෙ සින්දුව මම ඇහැව්වා.. ඔයගෙ පුර්විකාවත් හිතින් අල්ලලා බැලුවා.. මොහොතක් ජිවත් උනා.. ස්තුති ඔයාට... මම ජෙප්පෙක් නෙමෙ.. නමුත් රොහණ විජෙවිර කියන්නෙ මෙරටට තිබුනු වටිනාම මැනිකක්.. එවගෙම විජය කුමාරතුංග කියන්නෙත් එ වගෙම මැනිකක්.. පාලකයින් කරන මොඩ වැඩ නිසා හැමදාම අපෙ රට අනතුරෙ..
ReplyDeleteආ මග වැරදි..
යන මං නොපෙනෙයි...
තනීවී දෙවිඳුන් .. නැති දෙවොලේ...
කවුරු යදින්නද.. කවුරු පතන්නද...
හිරු සඳු වත් නැති මිහි මඩලේ....
( මෙ ගීතය සඳගලතැන්න ටෙලියෙ තේමා ගිතය..)
සොයුරේ, නිරස වූ අතීතයක රූප බොහෝමයක් ගලපන්න තරම් ප්‍රබල පූර්විකාව. ලියන්න ගියොත් කොලවරක් නැතිවේවි... ඒ නිසා(.)
ReplyDeleteඒකාලෙ නැති වුන ජීවිත ගැන මොනවා කියන්නද කියල හිතාගන්න බෑඅයියේ..... හිතට අඳුරු හැඟීමක් ආවා මේ පුර්විකාවයි ගීතයයි නිසා..... එහෙම හැඟීමක් ඇති කරන්න තරම් පූර්විකාව ප්‍රබලයි..... ඒ හැඟීම දිගටම පවතිනවා මේ යුගය ගැන අසා තිබෙන කියවා තිබෙන දේ නිසා....
ReplyDeleteසින්ඩිකේටරේ "ටක්... ටක්... ටක්..." කියල පටං අරං තියෙනව දැක්ක ගමන් මට හිතුණ අදනම් හොඳවැයින් අඩව්වක් අල්ලල ඇති කියල. හරි නේන්නම්.
ReplyDeleteකියවල තත්පර කීපයක් යනකම් හදවත නැවතිලා තිබුණෙ මොහොතකට එතනට මාත් ගිය හින්ද. ඒ තරමටම තාත්විකයි. මාත් ඔය කාලෙ ගැන අහල තිබුණෙ කතන්දරවලින් විතරයි. එඩ්වඩ්ගෙ "මුහුණු සයකි ඇස් දොළසකි" ඒ වගේම "මගේ කුඩා පැලේ" වගේ සින්දු එහෙමත් අහල තිබ්බ හින්ද මගෙ හිතේ මැවිල තිබුණෙ වැඩිපුරම දෙමව්පියො ඒ කාලෙ උහුලපු දුක් ගින්දර කොපමණ වෙන්න ඇතිද කියල විතරයි. ඒ ස්වාමි භාර්යාවගෙ ශරීරය ඇතුලට මං රිංගල බැළුව.තාම නිකං කැරකෙනව වගේ. වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා එහෙම දුකක්.ඒ දුක මට නොපෙනී ගිහිල්ලයි තිබුණෙ. අයියට සෑහෙන්න පිං මේව අපිට පෙන්නල දෙනවට
ප. ලි.
'මලේ' නෙවෙයි 'නඟේ' හොඳේ
හිතට දැනුණු ගීතයක්.මේ ගැන කතා කරන්නට දේවල් බොහොමයක් වූවත්. ඒ සියල්ල පසෙකින් තබා බුද්ධදාස ගලප්පත්ති මහතාගේ කවියක් මෙතන දිගහැර පාන්නට මට අවසර.
ReplyDeleteනොදල්වා කිසිම පහණක්
අඳුරේම සිටිනා ලෙසට
පැනවුනා වූ නීතිය
කඩකල නිසාවෙන්
කිම බිලි ගත්තේ මහිමි
පිලිතුරු පතනෙමි සොයුරනි
ඔහු අත නැත වරද
පිළිගත්තේය ඔබ අණ
කඩ කලේ නීතිය
ඔහු නොව මාය සොයුරනි
අඳුරේ සිටිනු වෙනුවට
එළියක් දැල්වූ වරදට
ගෙදරම එළිය කල
පහන නිවුමෙන් කිනම් පල වෙද
අඳුරට බියැති මා පුතු
හඬනා හඬ මහට
අසා සිටිනට නොහැකිව
දල්වන ලෙසට පහනක්
ඉල්ලා සිටියෙ මා මිස
ඔහු නොවේ දැල්වුයෙ
පහනක්
ඒත් කෝ ඔබේ නීතිය
විමසා නොබැලුවේ කිම
අණ කඩ කරන කාරණා
නිවා දැමුමට පෙර
මගෙ ජීවිතය එළිය තල
එකම එක මිණි පහන
@දුකා: ඔබ හරි... මේවා ඔහුගේ බිරිඳගේම වචන....
ReplyDeleteමම තාමත් කල්පනා කරන්නේ ඒක කොහොම තීරණය කලාද කියල...
@රවා: උඹ වටින කොල්ලෙක් නිසයි මේ කියන්නේ... දැන් දැන් ගොඩ දෙනා පොත් මතම විස්වාසය තියනවා ව්‍යවහාරය හා ප්‍රත්‍යක්ෂයට වඩා... විකිපීඩියා එකෙන් අරගෙන තර්‍ක කරන අයත් ඉන්නවා... උඹ කිවූ දෙයට මම විජේවීර මරන්න මොහොතකට කලින් හමුදාවේ අය "ඇයි විජයව මැරුවේ ...?"කියන ප්‍රස්නයට දුන් පිලිතුර (ඒ වෙලාවේ ඡායාරූප ගන්න නියම වෙලාසිටි දැන් ප්‍රසිද්ධචරිතයක් වෙන පුද්ගලයකු හෙලිකල අන්දමට) "සහෝදරවරු දැනගන්න විජය උතුරට ගිහින් එල් ටී ටී එක හමුවුනු වෙලාවේ, ඔහු අතට ටී 56 දුන්නා... එය පරීක්ෂා කරන්න ඔහු වෙඩි තිබ්බේ ඔබලාගේ ඩමි වලට... මොන දේ කලත් මාතෲ භූමියට විරුද්ධ වෙන්න එපා... ඒ ප්‍රස්නෙට උත්තරේ ඒකයි..." ඔබ කියන පරිදි එක මැණිකක් ගැන තව මැණිකක් කියූ දේ ඒ...
සඳගල තැන්න යස නාට්‍යය....
@ගල්මල්: history repeats... FULL STOP
@freedom: ඔබ පොතින් එතනට ගියා... අපිත් අපේ දෙමව්පියොත් හැබෑවටම ගැහි ගැහී ජීවත් වුනා... ඔය සංවේදීත්වය රට ආපසු එතනට නොගැනීමට පාවිච්චි කලයුතුයි සොයුරිය...
@Raven: ඔබත් මට ඉතා වටින කෙනෙක් නිසා රවාට කියූ "පොත්..." කථාවට අමතරව යමක් කියමි... සියලු විනාශයන් වනතෙක් එවාට උල්පන්දන් දුන් අය, සියල්ල විනාස වුනු පසු අලු ගොඩ මත පුටු තබා, කව් ගී පට බඳියි.... ඒ කාළයේ වන සිදුවීම් දිහා බලා සියලු පාර්ශවයනට "මේ කරන මේ මේ දේ වැරදියි..." කියන්නට සිටියේ දැතේ ඇඟිලි වලටත් වඩා අඩු ගනනකි....
මිනිස් හදවත් තුල සැඟව ලැගුම්ගත් බිහිසුණු වන සතුන් නිදැල්ලේ ඔබ මොබ සැරූ අවිචාරවත් යුගයක උන් බිලිගත්තේ වටිනාකම මෙතෙකැයි කිව නොහැකි තරම් වූ සොඳුරු ජීවිත ගණනාවකි. අර එක් සහෘදයෙක් කීවාක් මෙන්, රෝහණ විජේවීර හා විජය කුමාරතුංගද ඒ අතර වූහ.
ReplyDeleteසියල්ලන්ටම වඩා මා හද කම්පා වන්නට වූයේ ඒ ඔළ මොළ තිරිසනුන් විසින් ප්‍රේමකීර්ති නම් වූ සංවේදී, සුන්දර මිනිසා බිලිගත් මොහොතේයි.
ඒ තිරිසනුන්ට ශාප කරනවා වෙනුවට පතන්නෙමි නිවන් සුව ඒ සොඳුරු මිනිසාට.
"මල්ලි ඒ කඳුල වැටෙන්න දෙන්න, පිස දමන්න එපා. ඒකෙන් පෙනේවි ඔබ කෙතරම් ඒ ගීය රසවින්දාද, අගය කළාද කියා."
එක්තරා දෙසැම්බර් 31 වෙනි දිනෙක අනුරාධපුරයේ හෝටලයක සංගීත ප්‍රසංගයකදී, කපුගේ "දවසක් පැල නැති හේනේ" ගීය ගයද්දී ඊට නටමින් සිටි කොලු ගැටව් පිරිසකට, නැටුම නවත්වා ගීය අසන්නැයි ඔහු කළ ඉල්ලීමකට පසු ඒ ගීය නිසලව අසා හිඳ, තම අතින් කඳුලු පිසින්නට ගිය එක් තරුණයෙකුට, මේ සොඳුරු මිනිසා කී වදන් පෙළකි ඒ.
Friend, that history repeatation one reason for my poem විවේකය (words with in)
ReplyDeleteහ්ම්ම්ම්ම්!
ReplyDeleteහුගාක් දේවල් මතක් උනා. තප්පරයක වෙනසකින් මොනතරම් දේවල් වෙන්න තිබුනද කියලා මතක් උනා...අහිංසක මිනිස්සුනව මරලා, හොයල දුන්න , ගෙනල්ල දුන්න විමුක්තිය මොකද කියලා " උන් " ගෙන් අහන්න හිතුනා...
හිතට දැන ගීතයක් අයියේ.ඒකටම ගැලපෙන පූර්විකාව..උපරිමයි තිස්ස අයියා
"ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
ReplyDeleteදම් සක්වල ගල වැදී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
හිත්වල ඇයි කළගුණ නොරැඳෙන්නේ"
වහු පැටියෙකු මෙන් අවිහිංසක ඔහු මෙසේ ඇමතූ ඒ කළගුණ නොදත් අමන මිනිස්සු, සුවහසක් සිත් නිවාලූ සුන්දර ගී පදවැල් සිරවී තිබු ඒ හිස පසාරු වෙන්නට වෙඩි තැබුවෝය.
කාටද ලැබුණෙ විමුක්තිය???
ඇත්තෙන්ම ඔවුන්‍ට ප්‍රේමකීර්ති මරා දමන්න බැරිවුණා. ඔවුන් විතරක් මිය යනව. ප්‍රේමකීර්ති හැමදාම ජීවත් වෙනව සිංහල ගීතය පවතිනතාක්.
ReplyDeleteමට නම් ඇහැට ආවෙ කඳුලක්. ඒ ප්‍රේම කිර්තිල, විජය කුමාරනතුංගල විතරක්ම වෙනුවෙන් නොවෙයි. පද පෙල එක දිගට කියවගන යන්නත් බැරි තරම්
ReplyDelete@දිල්: ඉතිරි වෙලා ක්‍රියාකාරීව ඉන්න බල කණු වලින් ඇහුව... ඉවත්වෙලා ඉන්න බලකණු වලින් ඇහුව... කවුරුවත් කියන්නේ නෑ... තමන්ගේ සහෝදර සමාජයටම භීෂණය මුදාහැරලා, ඕනේම කෙනෙකුට බොරදියේ මාලු බාන්න ඉඩ හරින්න, බුද්ධිමත් (උගත් නෙවෙයි) විප්ලවවාදියෙකුට පුලුවන්ද...? අහිංසක මිනිස්සු සරණක් නැතිව තමන් පසු පස එනකොට, ඒ මිනිස්සු ගැවසෙන සමාජයම පෙරළා තෙරපන්නේ ඇයි... උත්තර සෙවිය යුතු ප්‍රස්න නංගී... තනි තනිව... දරුවෙකුට, බාල සහෝදරයකුට උනත් මග පෙන්විය හැකිවෙයි ඔබට, හැබෑවටම සමාජයට සේවය කරන්නේ කොහොමද කියලා...
ReplyDelete@'''Outsider''': මට හිතුනෙම නැති දෙයක්...! ඔබ දහස් වාරයක් හරි... මට වැරදුනා... මම මැරෙනකලුත් ඔහු මාතුල ඉන්නවා... ස්තූතියි මිත්‍රයා... උඹේ දැක්මට...
@Pali: උඹයි මායි ඒ අධිපතිවාදයට විරුද්ධව වෙන වෙනම සටන් ගෙනගියේ, (සහ අදටත් ගෙනයන්නේ) අපේම උන් තවදුරටත් අනිවාර්තේ වලපල්ලට යන එක වලක්වන්න නේ...?
ReplyDelete@සුලා: ඇත්ත සුලා ඇත්ත... ගෙවල්වල අහිංසක ගැහැණු එදිනෙදා ප්‍රස්ණ වලට අමතරව ඔය සියලු දුක් විඳගෙන හිටිය හැටි...
@ගල්මල්: අන්තිමට අපි වෙන් වෙන් ලෝක වල, සයිබර් අවකාශයේ, තනි වුනා නේ... එකට හිටිය, එකට විනෝද වුනු, එකපත බෙදාගත්තු සමාජයක ඉඳලා...?
පිටස්තරයකු නොවූ Outsider මිත්‍රය, ඔබ හරි. සුන්දර මිනිසුන් මිය යන්නෙ නැහැ, ජීවත්වෙන අපගේ ඇස් කොනක ඉඳහිට මතුවෙමින්, නැවත බොඳ වෙමින් අප සමග සදා ජීවත් වෙනවා.
ReplyDelete@තිස්ස : ඇත්ත. තව දුරටත් අපේ එවුන්, විවිධ මුහුණුවලින් එළිදකින ඒ අධිපතිවාදයේ ගොදුරු විය යුතු නැහැ. ප්‍රේමකීර්තිලා වැන්නවුන් අපට නිරාවරණය කළ යතාර්ථය සිහි තබාගෙන අවට සිදුවෙන දේ ගැන සංවේදීව ජීවත්වීම තමා හොඳම දේ.
ReplyDeleteමේ ගැන හොඳ අවබෝධයක් තියෙන අය ඉන්න හින්දයි මේ අහන්නෙ. එදා JVP එක වගේම නේද අද LTTE එකත්? එයාල භීෂණය අතෑරල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් මොනව හරි කළානෙ. එහෙනම් ඇයි අද අපේ අය LTTE එකට එහෙම දෙයක් කරන්න ඉඩ නොදෙන්නෙ? ඊයෙ හිටපු අහිංසක දෙමළ මිනිස්සුන්ගෙන් හෙට තවදුරටත් අහිංසකත්වයක් බලාපොරොත්තු වෙන්න අපිට බෑ ඔවුන් ඇසූ දුටු අත්දැකි දේවල් එක්ක.එහෙම නේද?
ReplyDelete@Freedom : ඕනම පියෙක්, නායකයෙක්, සමිතියක්, සමගමක්, ආණ්ඩුවක්, පක්ෂයක් තමන් නියොජනය කරන, නායකත්වය දෙන පවුලට, සාමාජිකයන්ට, පිරිසටම පෙරලා පීඩනයක් එල්ල කරනවානම් ඒවාට උරුම ස්ථානයන් ඉබේම නැතිවෙනවා...
ReplyDeleteතව ටිකක් කල්පනා කරලා බලන්නකෝ JVP එකත් LTTE එකත් අතර ඇති සමාන අසමාන කම්...
නෑ, මට කියන්න ඕන උනේ ඒ දෙක සමානයි කියන එක නෙවෙයි. නැතිඋන එක ඇත්ත. මං අහන්නෙ පහුගිය දේවල් ගැන නෙමෙයි. අනාගතයේ විය හැකියි කියල මට පේන දෙයක් තමා දෙමළ අයට දැන් එල්ල වෙන පීඩනයත් එයාල ලබපු අත්දැකීමුත් එක්ක අද ඉන්න පරම්පරාව හෙට ලොකු උනාම ඊට එරෙහිව නැගී හිටීම. ඒක ප්‍රභාකරන්ට වඩා දරුණු වෙන්න පුළුවන්. මොකෝ දේශප්‍රේමියො ටික උන්ට කරන්නෙම කෙණෙහිලිකම් නිසා. ඉදිරියෙදි එහෙම නොවෙන්න අපිට දැන් කරන්න පුළුවන් දේ ගැන අහන එකයි මගෙ අරමුණ උනේ.
ReplyDeleteදෙමල සිංහල කියල බලන්නේ නැතිව උපන් රටට වැඩක් කරන සැබෑ දෙශප්‍රේමියෝ වෙන එක තමයි මට පෙනෙන උත්තරේ... කොයි කාටත්... අතීතයෙන් හරි පාඩම ගන්නවනම්...
ReplyDeleteසුවඳ හමන මල්, හඳුන්, කපුරු ආදිය පූජා කරන පූජාසනයක් උඩ මිරිස් අඹරන එක හොඳ මදි වුනත් මේ ප්‍රශ්ණය මගහරින්න හිතෙන්නෙත් නැහැ.
ReplyDeleteමගේ දැක්ම අනුව JVP සහ LTTE අතර සමානකම් වගේම, බොහොම පැහැදිලි සහ වැදගත් වෙනස්කම් බොහොමයක් තියෙනවා. JVP යේ ආරම්භක නායකයා මරා දමන තෙක්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් (හරි හෝ වැරදි) තුල ඉස්මතුව පෙනුනේ සමාජ අසාධාරණයන්ට ලක්ව පීඩා විඳින මුලු මහත් ලක්වැසියන්ම වෙනුවෙන් අරගල කිරීමක්. නමුත් LTTE යේ ආරම්භක නායකයාව මරා දමන තෙක්ම එහි ඉස්මතුව පෙනුනේ එක් ජාතිකත්වයක් මුල් කරගෙන, එම ජාතිකත්වය උදෙසා වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා වූ අරගලයක්. දැන් හිතන්න, අපි මේ දෙගොල්ලන්ටම ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගෙ අරමුණු කරා යන්න ඉඩ දුන්නා කියලා. එතකොට ඔබටම තේරෙයි වෙනස.
එක පවුලෙ කොල්ලො දෙන්නෙක් තමන්ගෙ තාත්තා ලඟට ඇවිත් තාත්තට කුණුහරුපයෙන් බැන වදිනවා. එකෙක් බැනලා කියනවා, "යකෝ තාත්තේ මට චොකලට් එකක් අරන් දීපිය" කියලා. අනෙකා කියනවා, "මටයි මල්ලිටයි දෙන්නටම චොකලට් අරන් දීපිය" කියලා. කොල්ලො දෙන්නම කරපු වැඩේ හරිද? දෙන්නම වැරදිද? එකෙක් වැඩියෙන් වැරදිද??
ReplyDeletesory for writing in english. an error occured n im n a hurry. :-(
ReplyDeletepali, weighing those two parties is not my point. c my comment @ 10:29AM and i think i got my answer from tissa ayya. he is also right.
but im stil there, the same way with a little refreshed. Also theres no point f discusin it thru coments. may b im gonna change ma views or may b im gonna go on ma own. who knows? lets c in d future!
Thanks a lot (both f u) 4 ur guidin.
සමාවෙන්න. ඔබේ දෙවෙනි කමෙන්ට් එක මට ලැබෙද්දි මගෙ පළවෙනි කමෙන්ට් එක මම දාල ඉවරයි :)
ReplyDeleteමගෙ දෙවෙනි කමෙන්ට් එකෙන් මම කියන්න උත්සාහ කළේ JVP, LTTE දෙක සමාන හෝ අසමාන බවක් නෙමෙයි.
කොල්ලො දෙන්නම පියාට පරුෂ වචනයෙන් බැනවැදීම නිසා දෙන්නම වැරදියි. දෙන්නටම කණ රත් වෙන්න දෙකක් දීපු නුවණැති පියාගෙ යුතුකම තමයි දෙන්නටම චොකලට් අරන් දෙන එක. නමුත් එකෙකුට විතරක් නෙමෙයි.
ඔබේ අදහසට ගරු කරන අතරම, තිස්ස කීවාක් මෙන් මෙය ජාතීන් වශයෙන් වෙන්කර විසඳිය යුත්තක් නොවේ. සියලු ලාංකිකයින්ට සමව සැලකිය නොහැකි එකා දෙශප්‍රේමියෙක් වෙන්න බැහැනෙ නංගියෙ.
තිස්ස අයියා විස්වාස කරනවද විජය වැනි කෙනෙක් හමුදා ඩමි වලට වෙඩි තිබ්බා.. කියලා..
ReplyDeleteතිස්ස අයියා විස්වාස කරන්වද බුදුහාමුදුරුවො ලංකාවෙ සාසනය රකින්න විජයට ආශිර්වාදය රැකවරනය දෙන්න කියා බුදුහාමුදුරුවො විශ්ණු දෙවියන්ගෙන් ඉල්ලුවා කියලා ( මාහාවංශයෙ සදහන් වන පරිදියට )
තිස්ස අයියා මම පොත් පත් කියෙව්වාට මම එවා විස්වාස කරන්නෙ නැහැ. කෙනෙක් කිව්වා කියන දෙ මම විස්වාස කරන්නෙත් නැහැ.. එකිනෙකට පරස් පර කරුණු කාරනා මතු වෙද්දි.. මම කල්පනා කරන්නෙ එ මනුස්සයා ජිවිතෙ කාලෙම කරලා තියන මම දන්න දෙවල් එ මනුස්සය හිතන පතන විදිය හිතෙ ඇදගන්න උත්සහා කරලා එතුළින් තර්ක කර තිරණයක් ගන්න උත්සහා කරන එක.. මම කිව්වලු.. තිබ්බලු .. කියන දෙවල් අහනවා ගැලපෙන දෙ ගන්නවා නමුත් අපිට පොත් පත් වලින් අල්ලන්න බැරි සියුම් ප්‍රවාහයක් ඉහත මිනිසුන් තුල මා දකිනවා... එවැනි දෙ තෙරුම් ගැනිම සදහා මම සැමවිටම තව කෙනෙකු හා අදහස් මගින් ගැටෙන්නට උත්සහා කරනවා..
තිස්ස අයියා ඔයා හොදට බැලුවොත් පෙනෙවි..
" කවුරුත් කාවවත් මරා නොමැති බව..... "
සමා වෙන්න කමෙන්ට්ස් ටික කියෙව්වේ නෑ. මං හිතන්නේ ඔයා ලියලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් නම් අංක එකේ ගේය පද රචකයා ගැන වෙන්න ඇති. ඒක එහෙම නොවුනත් ඒ කතාවත් ඔයාගෙ විග්‍රහයට හරියටම ගැලපෙනවා.... අනේ ඔහු එදා මරා නොදැමුනානම්.... මා පොදු මිනිසෙක් වෙනුවෙන් වැඩියෙන්ම දුක් වුණේ එදා.... තවමත් ප්‍රේමකීර්ති මතක් වෙන වාරයක් ගානේ සෑහෙන දුකක් හිතේ හටගන්නවා... ඔබට ස්තුතියි සොයුර...
ReplyDelete@රවා: මල්ලී කියපු මැණික් දෙකෙන් එකක් අනෙක ගැන කියපු දේ ගැන මං කිව්වේ...
ReplyDeleteදෙවැනුව මං විශ්වාස කරනවා මගේ දෑහින් දකපු පින්තූර...
මං උඹ ගැන ටිකක් දන්නවා මලේ... පොත් පත් ගැන කිව්වේ බොහෝ දෙනෙක් කරන දේ ගැන...
අන්තිම කතාව පැහැදිලි මදි...
@චතුර: ඒ ඔහුගේ බිරිඳගේම විස්තරය... පුවත් පතක පලවූ දෑ මගේ මතකයේ ඇති අඩු පාඩුත් එක්කම.... මටත් හිතාගන්න බෑ කොහොමටවක් මේ තීන්දුව දුන්නේ කව්ද කියලා....
ඝාතක “සහෝදරයාගේ පාපොච්චාරණය ( සමාවෙන්න …!මාතෘකාව අතරමඟදී වෙනස් කෙළෙමි..”ඇසින් දුටු සාක්ශිකාර සහෝදරයාගේ පාපොච්චාරණය” ලෙස වියයුතුය.මන්ද ..කෙසේ කීවත් මට ඝාතකයාගේ චරිතයට පන පොවමින් සමනලුන්ට ගිණි බිඳින්නට වන අකමැත්ත හා නොහැකිකම නිසාවෙනි )
ReplyDelete---------------------------------------------------------------------------------------------------------------------------
අද ජූලි 31……,මහම මහ මූසල රාත්‍රියක්.! මගේ පoචස්ක්න්ධය උණුසුම්ව පැවතුනද දහස්වර මැරි මැරී උපදින රාත්‍රියකි මේ..පහුගිය විසිවසර මුළුල්ලේම හැම දින දසුනකම දින දසුනේ මෙම දිනය කටුගා දමන්නෙමි…අද මාසේ පෝයදිනයක් විය යුතුය..කෑලි කපන අඳුර දෙස ඔහේ බලා සිටි මගේ දෙසවන හරහා ගලාගියේ ගුවන්විදුලියේ ආරාධනා ගී දැහැන මෙහෙයවන නිවේදකයාගේ ගැඹුරු,භාවාත්මක එහෙත් සසළ වූ කටහඬින් කෙරෙන පූර්විකාවත් අවසන ඊයම්බරු මෙන් මහද විනිවිද ගිය පද පෙලයි…
“කුරුල්ලන්ට ගී ගයන්න…ගහට කොළට පාට වෙන්න..
වීසි කෙළෙමි හදේ තිබුණු ආදරයයි …කරුණාවයි….”
අවිඥානිකව හුනස්නෙන් නැගී සිටි මගේ දෙසවන් පුපුරා නොගියේ මන්දැයි උකටලීව දෙකන් තදින් වසාගෙන අඳුරට දිවගියෙමි…
ඕවිට අද්දර වූ පැණිවරකා ගහ දෙසින් ඇසුනු මා වවුලකුගේ හදපාරවන විලාපය නිසා ඉද්ද ගැසුවාක් මෙන් හිටිවනම අතීතාවර්ජනයක යෙදෙන්නට වන්නෙමි…
---------------------------------------------------------------------------------------------------------------------------
මොනරාගල පැත්තේ මහා කැලයක් මැද වූ රහසිගත ස්ථානයක පැවැත්වූ අවසන් පන්තියටද සහභාගී වූ මම මහා විප්ලවයක කොටස්කරුවකු වන්නෙමැයි දැනුණු අභිමානයෙන් හදවත පුම්බා ගතිමි..මා වැනිම වූ බොහෝ තරුණන් පැමිණ සිටියද උනුනුන් එකිනෙකා ඇඟෑළුම් පෑම සoවිධානයේ නීති රීතිවලට පටහැනි වූ බැවින් සිනහවකින් පමණක් සoග්‍රහා කරගනිමින් ලැබුණු රහස්‍ය අoකය පමණක් සිහිතබාගෙන අoක රහිත වූ ලොරිය තුලට රිoගා ගතිමි..මා වැනිම වූ තවත් මානවකයන් දෙදෙනෙකු මොනරාගල-කොළඹ මාර්ගයේ පාළු තැනකදී අතහැර දැමූ නායකයෙකු යැයි සිතියහැකි සහෝදරයා,විධානයක් ලැබෙනතුරු ආරක්ෂිතව සිටින්න යැයි අණ කොට හැල්මේ ඉගිල ගියේය……..
ඇනතුරුව මසක් පමණ ගතවුනද සoවිධානයෙන් කැඳවීමක් නොලද හෙයින් දෛනික කටයුතුවල යෙදුනෙමි…නමුත් පවුල,සමාජය පිළිබඳ වූ මාගේ මානුෂීය හැඟීම් වියළී ගොස් ඇතිබවත් සමාජයේ එක්තරා කොට්ඨාශයක් කෙරෙහි වෛරයක් මෝරා වැඩෙනුත් නිහඬව බලා සිටියෙමි..අගනුවර බෝඩිමක ලැගුම් ගෙනසිටි මට වුවමනා තරම් නිදහසක් වූ හෙයින් රට තොට ගැන සෙවිල්ලේ පසුවුනෙමි…කණින් කොණින් ඇසෙන ගෝනි බිල්ලන් පිළිබඳ කතා පුවත්ද,නොනිල ඇඳිරිනීතිය පිළිබඳ පුවත්ද,අතුරුදහන් විම්,තැන තැන වූ ටයර් සෑයවල් පිළිබඳ තොරතුරුද මහත් උවමනාවෙන් කියැවීමි…මා නරුමයකු වූ තරම..!
එක් රාත්‍රියක මම බලා පොරොත්තුවෙන් සිටි එම පණිවිඩය කිසියම් පාර්සලයක්ද සමඟින් මා අත තබා මඳකුදු පමා නොවී පණිවිඩකරු නොපෙනී ගියේය..නවාතැනේ දොරවසාගත් මම තුනට හතරට නමා තිබූ තනිරූල් කොළකැබැල්ලේ පැහැදිළි වටකුරු අකුරුවලින් ලියා තිබූ “හෙට………ස්ථානයේ අන්ක 102 හමුවන්න!” වැකිය දෙතුන්වරක් කියැවූයෙමි..අනතුරුව වහ වහා අත වූ පාර්සලය ලිහා බැලූයෙමි…පිස්තෝලයක්..! හදවතට තිගැස්මක් ඇතිවුනද පුහුණුව ලබා ඇති හෙයින් චකිතයකින් තොරව මූණිස්සම් බැරළයේ බහා කණ්නාඩියෙන් පෙනෙන මඟේ රුවට ඉලක්කය ගතිමි…
.........ඉදිරියට------------->
සුලා.
මධ්‍යම රාත්‍රියට ආසන්නවතිබූ හෙයින් අසල මාර්ගය පාළු ස්වාභාවයක් ගත්තද ඉඳහිට දුවන හමුදාවේ වාහනයක් හැරෙන්නට අයාලේයන බලු රැලක් එකිනෙකා කා ගන්නා හඬ පමණක් මාරයාගේ හෝරාවට ඉව අල්ලමින් සිටි සදෙනුකුගෙන් සමන්විත වූ කණ්ඩායමට අත්විඳින්නට හැකිවූයේ……..
ReplyDeleteනායකයාගේ සන් කිරීමෙන් ක්‍රියාත්මක වූ අප,ගොදුරට ඉව අල්ලමින් නිවස වට කොට ගතිමු..ශීතල මැඳැගිල්ල ගුලි කොට ඉදිරිපස දොරට තඩි බෑවෙමි…
අඩක් විවර වූ දොරෙන් වටකුරු එහෙත් ප්‍රියමනාප,දැක පුරුදු මුහුණක් එබී බලා නායකයා සමඟ කතා බහ කරනුත්,පිටුපස සිටි ඔහුගේ බිරිඳ යැයි සිතියහැකි කාන්තාවක් බිය මුසු මුහුණින් බලා සිටිනුත් දිටිමි..”මල්ලිලා කාලද ඉන්නේ..??? “ලෙන්ගතු වචන පෙලක් ඔහුගේ මුවින් පිටවෙනු මා සවන් වැකුනද එයට හදවතේ වසා ඇති සන්වේදී කොටසට ඇතුළුවීමට ඉඩ නොතැබූයෙමි…අනතුරුව නායකයා විසින් එළියට ගනු ලදුව ඔහු දෙපසින් කුදලාගෙන ගේ පේන මානයන් ඈත්වුනෙමු…
ඇයි මල්ලී මොනවද මගෙන් දැනගන්න ඕනේ.???
ඇයි උඹ අර අසවලාගෙ ස්ටේජ් එකට නැග්ගේ..??තහනම් කරල ලියුම් එවද්දිත් ඇයි ප්‍රවුර්ති කියන්න ගියේ.??......නායකයාගේ හරස් ප්‍රශ්ණ හා ඒවාට ලැබෙන පිළිතුරු ඇසුරින් මම ඔහු හැඳිනීමි..
“දෙයියනේ..මේ මොන අපරාධයක්ද?? …කුරුල්ලන්ට ගී කියන්නටත්,ගහ කොලවලට පණ ලබන්නටත් හිතේ තිබුණු ආදරය වීසි කළ,හිතේ පතුළේම තිබූ ආදරයේ උලපත මතුකරලන්නටද,ඔබ මා හමු වූ මේ නගරය හද තුල මවා සුසිනිඳුව ස්පර්ෂකළ,පුන්චි සමනල සමනලියන් පිරිවරනු ලදුව ළමා පිටියේ සුවහසක් කැකුළු මල් පුබුදුවාලූ ඒ සොඳුරු මිනිසා මා ඉදිරියේ,ජීවිතයේ අවසන් තත්පරයේ සිටිනු දැකීමෙන් මා කම්පාවට පත්වීමි…දැන් ප්‍රමාද වැඩි බව පසක්වූයේ නායක තැන විසින් ඔහුට ගිනි බිඳින්නැයි කළ නියෝගය නිසාවෙනි..සියොලඟම වෙව්ලාගියෙන් ගිනිබටය ඔහුගේ රත්තරන් හදවත දෙසට එල්ල කෙලෙමි..නමුත් පුහුණුවේදී දක්ෂ වෙඩික්කරුවකු වූ මට මෙහිදී ඇති වූ චිත්ත විපර්‍යශය හේතුවෙන් කොකා ගැස්විය නුහුණුයෙන් උරණ වූ නායක තැන මගේ අතින් පිස්තෝලය උදුරා “ධනපතියන්ට කත් අදින බල්ලා…උඹ මේ අතින්ද ලියන්නේ’යි කියමින් ඔහුගේ වම් අතට පළමු පහර එල්ල කලේය…අනතුරුව කිසිදු පමාවක් නොදී “උඹ මේ කටින්ද ප්‍රශස්ති කියන්නේ..??’යි කියමින් මුවට වෙඩි පහර කිහිපයක් හෙළුුයෙන් කපාලූ කෙසෙල් කඳක් මෙන් අර ආදරණීය මිනිසා ලාම්පුකණුව හා පැතිකාණුව අතර වූ බිම්කඩ මත දී මිහිකත සිප ගත්තේය…
--------------------------------------------------------------------------------------------------------------------------
බල්ලෙකුගේ වේදනාත්මක උඩුබුරුලෑමෙන් නැවත පියවි සිහියට පැමිණියද මීට විසි වසරකට පෙර අද වැනිම වූ මූසල රාත්‍රියක..සිදුවූ මහා විනාශයේ ඇසින්දුටු එකම සාක්ෂිකරුවා මම වූ නිසාවෙන් යටිපතුලෙන් පටන්ගත් වේදනාව ඇට,ඇටමිඳුළු හරහා පපු කැවුතු දවා හළු කළ නිසාවෙන් අප්‍රමාන වේදනාව ඉවසාගත නොහී වියරුවෙන් සිනහසීමි…හිස පොඩිවී ලේ ගලෙන තෙක් අසල පොල්ගසෙහි බඳේ ගසා ගත්තෙමි..කෙමෙන් කෙමෙන් මගේ පියවි සිහිය නැති වී යනුද…ඔහේ පාවෙමින් තිබූ මගේ චිත්ත සන්තානය මහා ආගාධයකට ඇතුල්වනුද දුටුවෙමි…
..............ඉදිරියට----------->
සුලා.
පසුවදන..
ReplyDeleteතිසාගේ එල්ලය වැරදී නැත…ලාoකේය සමාජය හුදෙක් බියවැද්දීමෙන් හා බලයෙන් තම තමන්ගේ අදහස් කැවීමෙන් තමතමන්ට උවනා පරිදි දක්කාගෙන ගොස් වෙනස් කළහැකි සමාජයක් නොවේ…එහි පවුල නැමැති සoස්ථාව තවමත් ප්‍රභලව පවතී..ඔය කියන විප්ලව වාදීන් මෙන්ම වර්ථමාන ප්‍රතිසoස්කරණ වාදීන්ට සිදු වූයේ අනෙකක් නොව අපේ ජන සමාජයේ විඥ්ඥානය හඳුනාගෙන එයට කතා කළ නොහැකි වූ කමයි..උන් කරනුයේ වෛරයෙන් කෑගසමින් පොදුජනතාවට ලඟාවිය නොහැකි නොතේරෙන තර්ක ගෙනහැර පාමින් අදහස් බීජ වපුරන්නට උත්සහ කිරීමයි…නමුත් එය කෙතරම් සමාජගත වී ගෝචරවුනිදැයි ජීවමාන සාක්ෂි මතින් සිතා බලනු මැන….
මේ ලඟදී දවසක ශ්‍රී ලoකා ගුවන්විදුලියෙන් ප්‍රේම කීර්තිගේ කටහඬ ශ්‍රවණය කෙළෙමි…ඔහු ජීවමාන අවධියේ ඔහුගේ වැඩසටහන් ශ්‍රවනය කිරීමට අවස්ථාවක් නොලදදඔහුගේ නිර්මාණ අතර ජීවත්වෙමි..විඳින්නෙමි..ඉන් ඔහු කවුරුන්දැයි හැඳිනීමි..ඉන්ද්‍රානි බෝගොඩයන්ගේ හැඟුම්බර කටහඬින් බිරිඳකගේ ශෝකාලාපය සප්තස්වර මුහුව සවන් පත් අතර දෝන්කාර දෙන විට නොදැනුවත්වම කඳුළක් නැගෙනුයේ එහෙයිනි…
මේ..
සුලා..
ගීතය ලස්සනයි, මම හිතන්නෙ (මම වැරදි නම් නිවරදි කරන්න)මේ ගීතය ඉන්ද්‍රානි බෝගොඩ 1980 මුල් භාගයේ ගයනා කරපු ගීතවලින් එකක්.
ReplyDelete"මා හිස පිරිමැඳ, නැවත නො එන්නට ඔබ වෙන්වී ගියදා..." පටන් ගන්නා ගීතයේ
අවසානය
" ඒ සෙනෙහස දැනුනේ, ඔබ යලි ආ දිනයේ". කියලා කියන කොට ගීතයේ සමස්ත අර්ථයත් සමඟ පොඩි ව්‍යාකූල බවක් දැනෙනවා.
ඒ ඉතිං මට හිතෙන හැටි.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ලියපු මාලනී බුලත්සිංහල ගයානා කරන "මා එක්කලා අමනාපව වී දබර... කියන ගීතයත් හොයලා දෙනවනම් බොහොම පිං.
මේ ගීතය මා කලින් අසා නොතිබීම ගැන මටම පුදුමයි. අර මාලිනී බුලත්සිංහලයන්ගේ ගීතයත් පුලුවන් නම් හොයලා දෙන්නකෝ? හැබැයි හොඳ පූර්විකාවකුත් එක්ක තමයි ඒක නම් දකින්න කැමති.
ReplyDelete:)
සුලා, උඹ නැවතත් මගෙ දෑස් තෙමුවා මස්සිනේ.
ReplyDeleteඑවන් ඉතිහාසයක පුනරාගමනයක් ලක් පොළොවේ කිසිදිනෙක සිදු නොවේවායි පතමු අපි හැමෝම, ප්‍රේමකීර්තිට නිවන් සුව පතන අතරම.
@සුලා !
ReplyDeleteමම දන්නේ නෑ මම කොයි තරම් දුරට හරිද කියලා . . .මගේ මිතුරෙක් දවසක් කීවා ඔහු දන්නා බව ප්‍රේමකීර්ති මරා දැමූ පුද්ගලයාව.
මතක හැටියට ඔහු තවමත් හෝමගම ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක්. ඔහු කී හැටියට ඒ පුද්ගලයා දැනගෙන ඉඳලා නෑ ඔහු මරා දැමුවේ කාවද කියන දේ . . . බොහෝ පසු කාලෙක ලූ ඔහු දැනගත්තේ ප්‍රේමකීර්ති යනු කවරෙක්ද කියා . . . . ඔහු පසු තැවෙනවාලු ඔහු කල ඒ පව්කාර ක්‍රියාව ගැන . .
කොයි තරම් ඇත්තද දන්නේ නෑ වෙලාවක ඔහුගෙන් අහල බලන්නම් විස්තර හරියටම . . .
අයියලත් එක්ක බෑ මුකුත් කරන්න. ඊයෙ කමෙන්ට්ස් ටික කියවල හිතට ආපු දේ එළියට නොදා අමාරුවෙන් හිටිය කියන්න ඕන්නෑ කියල. අද දුකා සහ පාලි (හරිද මන්ද ) අයියල ඒක ආයෙ අවුස්සල. දැන් නම් මං ඔන්න කියල දානව.
ReplyDeleteඒ කාලෙ ඇත්තටම මොන වගේද කියල දැනගන්න මට ලොකු උවමනාවක් තිබුණ කාලෙක ඉඳල. ඒ කාලෙ අරමුණ උනේ පොතක් වගේ එකක් ලියල දාන්න. ඒ හින්දා මට හොඳම කියල හිතුණු කෙනෙක්ගෙන් ඇහුව(තිස්ස අයියලට වඩා අවුරුදු කීපයක් වැඩිමල්, ඔය කාලෙ අපේ කැම්පස්ම හිටපු කෙනෙක්, එයා අපි අරව කළා මේව කළා කියල පොර ටෝක් දුන්න). මෑන් මට කිව්වෙ නෑ ලිස්සල ගියා. එච්චර හොඳ ආරම්භයක් නොවුන හින්ද මං වැඩේ අතෑරිය.
මේකයි යෝජනාව.
තිස්ස, පාලි, සුලා කට්ටියම මගේ CID වැඩ සහ calculation හරිනම් එකම කාලෙ නියෝජනය කරන ඒ ඩවස් වල පැත්තකට වෙලා කට වහගෙන නොයිඳපු අය. දුකා අයියටත් තරමක අත්දැකීම් ඇති. නරකද ඔය ඩේවල් අනාගතයට ප්‍රයෝජනවත් වෙන විදියට එළියට දැම්මොත්. පරණ කුණු අවුස්සන්න නෙවෙයි, ඊට වඩා පුළුල් අරමුණකින්?
ප්‍රේමකීර්තිගේ ගීතවලට මමත් ගොඩක් කැමතියි. කුමන හේතුවක් නිසාවත් ඔහුව මරාදැමීම අනුමත කරන්න බෑ. විජය කුමාරනතුංග, රෝහන විජේවීර ගැනත් එච්චරයි. එවගේම තමයි අපි කවුරුවත් 100% යහපත් හොද මිනිස්සු වෙන්න බෑ. හැමෝගෙම මොනවා හරි නරක පැත්තක් තියෙනවා.
ReplyDeleteඉතින් අන්තිමට වැදගත් වෙන්නේ ඒ මනුස්සයා තමන්ගේ නරක පැත්තට සාපේක්ශව යහපත් වැඩ කොපමන කරලා තියෙනවද කියන එක.
නුඹේ පූර්විකාවෙන් කියවෙන්නා වූ සිද්ධියේ මුල් ජවනිකාවත් , සුලා විසින් විස්තර කරනලද පසු ජවනිකාවත් එක්වූ සම්පූර්ණ නාටකය ම මම විඳිමින් විඳෙව්වා.. සමාවෙන්න. විඳෙව්වා යැයි කීවේ එම විශිෂ්ඨ කෘතීන් දෙක එකතුවූකළ ගොඩනැගෙන කතාන්තරය ලාංකීය ඉතිහාසයේ නොමැකෙන අඳුරු පැල්ලමක් ඇතිකළ කාළකණ්නි පරිච්ඡේදයක් ලියන තවත් එක් සත්‍ය කතාවක් වන බැවිනි.
ReplyDeleteසිහිවන මොහාතක් පාසා හිත කීරිගස්සවන , තමන් කරන්නට ආ කාර්යය නිමා නොකර ම අපෙන් සමුගෙන ගිය එවන් සුන්දර මිනිසුන් සිහිගන්වන , ඒ සොඳුරු මිනිසුන්ගෙන් හිස්වූ අඩුව පුරවාගත නොහී තාමත් අයාලේ එහෙ මෙහේ දුවන සමාජය ගැන අපුලක් හිතේ මතුකරවන , එවන් සොඳුරු මිනිසුන් රැගෙන ගොස් ඔළුවට වෙඩිතබා මැරූ , ඔවුන් පනපිටින් දවා අළුකළ සමාජයක කොටස්කරුවෙක වීම පිළිබඳ මහත් ලැජ්ජාවක් ජනිත කරවන කාළකන්ණී කතාන්තරයක් කියවන බැවිනි.
මා අදහන්නේ අප අද දකින විඳින කලාව , විද්‍යාව , සංස්කෘතිය අප උරුමකරගත්තේ පෙර පරපුරවලින් උකහාගත් පෝෂනයෙනි.ඒවා ගොඩනගාදීමට උරදුන් එක් පරපුරක් ලංකා මාතාව අකාලයේ අහිමි කර ගත්තා ය..
අක්මුල් ලිහී ගැලවුන අඳබාල නූතන පරපුර බටහිර දෙස බලාගෙන එහා මෙහා දඟලන්නේ ඒ උරුමය විසින් ඔවුන් පෝෂනය කරන්නට තරම් වාසනාවක් ලබා නොදුන් නරුම යුගයේ අනුහසින් නොවේද ?
-ජය
නංගිගෙ ඉව 66.6666....% ක් නිවැරදියි. එය 100% ක් යැයි ස්ථිරව කියන්න බැරි සුලා තවමත් අපට අමුත්තෙක් වූ සොඳුරු හිතවතෙක් නිසා.
ReplyDeleteඅප ගමන් ගත් වීදියක්, මාවතක්, වැව් බැම්මක්, ලඳු කැලෑවක් පාසා මරණයේ හෙවනැලි දිස් වූ ඒ විපරිත යුගයේ සම වයස් වූ සොයුරු සොයුරියන්ගේ බාගෙට පිළිස්සුණු මළ කඳන්, ගංගාවල පාවුනු තරුණ මළ කඳන් අතර අපේ යෞවනය ගෙවුන බව ඇත්තයි. දහසකුත් එකක් දුක් ගින්දර හිත පුරවා ගත් අසරණ දෙමව්පියන්ගේ කඳුලු හා එක පවුලේ සොයුරු සොයුරියන් අහිමි වූ අප වැනිම වූ අසරණයන්ගෙ කඳුලු වලින් මා උගත් පාඩම තමා, අයුක්තිය , අසාධරණය වෙනුවෙන් බොහොම ඉක්මන් වන යොවුන් හිත් එම අයුක්ති සහගත සමාජයේම ගොදුරු වීම වැළැක්වීමට නම් සියල්ලටම වඩා ඔවුන් 'පවුල' නැමති ඒකකයට අසාධාරණයක් නොකිරීමට සිතට ගත යුතුයි. ඒ දවස් වල මගේ එක්තරා ගුරුතුමියක් ලිපියකින් මට පුද්ගලිකව දුන් ඔවදනක් මට සිහි වෙනවා. ඒ ලිපිය තවමත් මා ළඟ තිබෙනවා. පුතේ සමාජයේ අසාධාරණයන්ට එරෙහිව නැගී සිටීම හොඳ දෙයක් එත් එයින්, තමා මේ ලොවට බිහි කළ, දහසකුත් දුක් විඳි උඹේ දෙමව්පියන්ට යම් අසාධාරණයක් නොවෙනවා නම් විතරයි, මොකද ඒ දෙන්නත් උඹ පෙනීහිටින සමාජයේ උඹට වඩාත් වටිනම සාමාජිකයින් දෙන්න නිසා, කියල ඈ ලියා තිබුණා.
සමවෙන්න. ඉහත comment එක ලිව්වෙ, freedom ට පිළිතුරක් ලෙසයි.
ReplyDelete@සුලා: මීට වඩා සොඳුරු පසුවදනක් හෝ පූර්විකාවක් ලිවීම මටනම් සිහිනයකි....!!!
ReplyDelete@විහඟ ගීතය: ඔබ හරි මහත්තයෝ.... 1980 හරියේ තමා....
අර මුල් කෑල්ල කියන්නේ "නැවත නො එන්නට..." කියන්නේ එන්නේ නෑ කියලා හිතාගෙන ගියාට වාගේ අර්‍ථයක් කියා මම හිතන්නේ...
අර ඉංදුවත් දාමු නේ අසංකා නංගිත් කැමැති නිසා....
@freedom: පොර ටෝක්... හෙහ් හෙහ් හෙහ්... කියලා වැඩක් නෑ... අදහස නං හොඳයි නංගියේ... නහින දෙහින කාලෙත් පණ බයේ ඉන්න වෙයිද දන්නේ නෑ අප්පා....
@Grey ඔබ වදගත් නියමයක් මතුකලා... ඔබත් එක්ක එකඟයි...
@යෝගී: ඔබ අදහන දෑ මාද අදහයි... ඔබ මගේ සොයුරා වන එක හේතුවක් ද එයමය...
මම බ්ලොග් කියවන්න වැඩත් පාඩු කරගෙන ගොඩ වෙන්නෙ සම්පප්‍රලාප අහනවට වඩා ජීවිතේට තව මොනව හරි හොඳ දෙයක් එකතු කර ගන්න ලැබෙයි කියල හිතල. මගේ අර්ථයෙන් ගත්තොත් "සැබෑ මිනිස්සු" එකෙක් දෙන්නෙක් නොවෙයි කීප දෙනෙක්ම ඉන්නව දකින්න ලැබීමත් සතුටක්.
ReplyDeleteසාපේක්ෂව අපි "අඳබාල නූතන පරපුර"ක් තමයි. කවුරු හරි ඒක එහෙම නෙවෙයි කියනවනම් එක්කො ඒ හරියට දන්නෙ නැතුව, නැත්තම් පිළිගන්න තියෙන ලැජ්ජාවට.
බ්ලොග් කියවන අතළොස්සට හරි එතනින් ඔබ්බට යන්න පුළුවන් දේවල් ඔයාල හැමෝගෙන්ම ලැබෙනව දකින්න මම කැමතියි.එතකොට ඒ පිරිසට පොඩි හරි බලපෑමක් කරල සමාජයට පොඩි තල්ලුවක් දෙන්න පුළුවන් වෙයි.
මේ මට වඩාත්ම වැදගත් උනු වාක්‍ය දෙකක්.
"තිසාගේ එල්ලය වැරදී නැත…
අක්මුල් ළිහී ගැලවුන අඳබාල නූතන පරපුර බටහිර දෙස බලාගෙන එහා මෙහා දඟලන්නේ ඒ උරුමය විසින් ඔවුන් පෝෂණය කරන්නට තරම් වාසනාවක් ලබා නොදුන් නරුම යුගයේ අනුහසින් නොවේද ?"
තවත් හරවත් සමාජ කතිකාවතකට වස්තු බීජයක් ඉක්මනට තිස්ස අයියා ඇතුළු පිරිසට ලැබේවා.
අර වැඩේත් අපි බ්ලොග් එකකින්ම පටන් ගනිමුද?
@පාලි,
ReplyDeleteසහතික ඇත්ත අයියෙ, මොනයම් හෝ කෙනෙකුට මොනයම් හෝ හිංසාවක් පීඩාවක් ඇතිවෙන දේශපාලන දර්ශනයක් වැඩක් නෑ.
මගේ ජීවිතයේ මම අහපු සිංදු වලින් මම ගොඩාක් ආදරය කරන ගීත වලින් එකක් මේ. පුදුම සංවේදි ගීතයක්.දයාද අල්විස් හා කුසුම් පිරිස් කියන්නේ අපිට සිටින මහගු වස්තුන් දෙකක් .අපේ අහෙතුවට ඔහුන් අද ගීත ලියන්නේ නේ.
ReplyDeleteඅන්තිම පද පේලි ගැයෙන කොට වචනයෙන් විස්තර කරන්න බැරි හැගිමක් දැනේනවා
ගොඩාක් ස්තුතියි අයියේ මේ ගීය දැම්මට
බෝගොඩ පවුලේම වැඩිමහල් සහෝදරයෙක් වන විනී බෝගොඩ ශිල්පියාගේ "කෝමලියේ සුර ලාලනියේ මම ආවා ආදර මිහිර පතා" නම් ගීයක් 80 දශකයේ ගුවන් විදුලියෙන් ඇසුණා මතකයි. එවැනි ගීතයක් ගැන ඔබට මතකයක් තිබේද?
ReplyDelete