මල්වනේ රෝස කකුලු මැදින් මට පෙනේ...

මේ සිංදුව එක්කම හිතට එනව දවසක මම තිගැස්සුණ සිදුවීමක්... වෙහෙසකර දවසක වැඩ වලින් පස්සෙ නින්දට ගියවෙලාවෙ අමුතු ගායනාවක හඬින් මාව තිගැස්සිලා අවදිවුනා... නැගිටලා බලනකොට පාන්දර දෙකයි... සද්දේ එන්නේ පාර දිහයින්... ජනෙල් තිරය මෑත් කරල බැලුවහම ගැණු කෙනෙක් පාර ගාව හරහා දමලා තියන ලයිට් කනුවක් උඩ වාඩි වෙලා කවි කියනවා... ටිකක් වෙලා ඇහුවම තේරුනේ ඇය කියන්නේ යසෝදරාවත කියලා... ඊට කලින් මම පොත කියවා තිබුනත් කවුරුවත් හැබෑවටම කියනවා අහලා තිබුනේ නෑ... එදා එහෙමම නිදාගෙන පසුවදා කව්ද කියලා සෝදිසි කරා බැලුවහම තමාගේ දරුවා මල සොවින් සිහි විකල්වුනු ගැහැනියක්ලු ඈ... ඒ දිනවලමලු අපේ පලාතට ඇවිත් උන්නේ... මේ ගීය ගයන නන්දා පතිරණගෙත් දරුවෙක් අකාලයේ නැතිවෙලා තියනවලු... ඒ සෝකයටම් ඇය මේ ගීය සකස් කරවාගෙන තියෙන්නේ.. සංගීතය බන්දුල විජේවීරගෙන්... සාකච්චාවකදී කියැවුනා මේ ගීය ගෝඨයිම්බර වැලපුම අනුව සකස් කර ගත්තක්ය කියලා...

මල්වනේ රෝස කකුලු මැදින් මට පෙනේ...
නිල්වලා යහන් ගැබේ කිරි සිනා දිලේ...
වන් සැනේ සෝක තැවුල් නිවා ලන මෙනේ...
එනු මැනේ මගෙ යහනට ඈත ලොවින්නේ...

නිවහනේ සැමතැන කිරි සුවඳ මට දැනේ...
හෑමතැනේ කකුලු සිනා මල් පිපුණු මෙනේ...
හද සෙනේ බිලිඳු තොලක කිරට හැරෙන්නේ...
අද දිනේ කිරට අඬන කෙනෙක් නෑ අනේ...

තව්තිසා දෙව් විමනේ සැඟවුනිද කියා...
රෑ යමේ සිහින දිගේ පාව එයි සොයා...
මේ භවේ හෝ මතු යම් දිනක අප කරා...
සුදු පුතේ එන්න අතට කිරි සිනා සලා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...

14 comments :

  1. ඒකනම් දුක් ගීතයක්... යසෝදරාවත කවි අහන්න නම් මම ආස නෙහෙ... මතක් වුනත් හිත කීරිගැහෙනව... ලියල තියන විදිිහට නෙමෙයි ..ඒ කවි කියන විදිහට ...

    ReplyDelete
  2. loku udawwak machan meka daapu eka . . mama asama geetayak . ..

    ReplyDelete
  3. @ සොඳුරු සිත: ඔව් එදා නින්දෙන් මම හොඳටම තිගැස්සුනා...
    @දුකා: ස්තූතියි මචෝ... මම කැමතියි මේ නිතර යන්නැති ගී කවුරු හරි රස විඳිනවානම්... මට මේ සයිට් එකට හිට්ස් අඩුවුනාට කමක් නෑ... හැබැයි මකුලු දැල් බැ‍ඳෙන බ්ලොග් එකක් කියලා මේකටත් මඩක් ගහල... දැනටමත්...

    ReplyDelete
  4. මම යශෝධරාවත කියවල නැහැ එත් දැන් හොයාගෙන කියවන්න හිතුනා
    කවුද මඩ ගහල තියෙන්නෙ ? බොහෝ ආවා ගියා අඩවි වල ගන්න දෙයක් නැහැ ඒත් ඔබ රසවින්දනයට කොතරම් දේ ඉදිරිපත් කරනවද.

    ReplyDelete
  5. මිනිස්සුන්ගේ හිත් සරලව සතු‍ටු කරනවාට වඩා, Micro theory වලින් මිනිස්සුන්ගෙ හිත් කුරෝලු කරන එක රස්සාවක් වෙලා සමහරුන්ගේ.... අවසානයේ සමාජය භේද භින්න වෙලා එකිනෙකා ගහ බැන ගන්න ලෙවල් එකට එනවා... තරුන ලමයින් වෙබ් අවකාශයේ කුණුහරුපෙන් බැන අඬගහගන්න හැටිදැක්කම පුදුම අපුලක් ඇතිවෙන්නේ.. සුලුතර කිහිප දෙනෙක් උනත්....

    ReplyDelete
  6. පහතරට ගෑමි පද මාලාවත් ඒ ඈතුලාන්තයෙන් ඈහෙන දෙවොල් හඩත් මවකගෙ හදවතේ ගොර ගොර ගා කෑකෑරෙන දරු දුකක් විලාපයක්සෙ මුවින් පිටවෙනව වගෙ මට මෙ ගීතය ඈහෙන්නෙ..මෙ ගීතය නන්දට විතරක් නෙමේ දරුවො නෑති උනු හෑම අම්මා කෙනෙකුටම පොදුවෙන ගීතයක්..තිස්ස මේව නෑවත මතක් කර දෙනවට පින්..

    ReplyDelete
  7. ඔව් අප්පා... දරුවො ඉඳලත් ඇහැට කඳුලක් එනවා මේක අහනකොට...

    ReplyDelete
  8. නන්දාගෙ මේ ගීතය මා කුඩා කල සිටම ප්‍රිය කළ ගීයක්. කාලයේ වැලිතලාවටත් වඩා මාධ්‍ය මගින් බිහිකළ මඩවගුරෙන් වැසී ගිය අපේ අගනා කලා නිර්මාණ යලි නව පරපුර වෙත ගෙන ඒමට අවංක උත්සාහයක යෙදෙන ඉංජිනේරු මහත්මයෙක් වන බී. ඒ. සී. අබේවර්ධන මහත්මයා කර ගෙන යන එක්තරා රූපවාහිනි නාලිකාවක මේ මෑතකදි නන්දා ඔය ගීතය සජීවීව ගායනා කරනවා දකින්න වාසනාව ලැබුනා මට. එහිදී ඇය ඉතාමත්ම හැඟීම්බර ලෙස මේ ගීය ගයනා කළා මතකයි.

    ReplyDelete
  9. මටත් හිතෙන්නේ මාධ්‍ය යාන්ත්‍රනය මගින් මේ වැඩේ ඉතාම සූක්ෂමව කරගෙන යනවා... අපේ ගරු කරන බොහෝ ගායකයින් සන්ෆලවර් සමග කරපු නාඩගම මතක ඇතිනේ පාලිට... කෝ දැන් ඒ ඇල්බම්ස්...? මුදලාලි ගාන හොයාගත්තා... ගායකයත් ගාන හොයාගත්තා... මිනිස්සුන්ගේ රසඥතාවය තිබූ තැනින් පහලට වැ‍ටුන එක විතරයි වුනේ...

    ReplyDelete
  10. රටින් පිට යනවිට අහන පලවෙනි සින්දුව මේක...අමාරුවෙන් රෙකෝර්ඩ් කර ගත්තා.

    නන්දා පතිරණ, නාලනී රණසිංහ... (එයාගේ දෝයි අම්මා.. කියන සින්දුව තියෙද?)

    නන්දා මාලිනී එයාගෙම තනු වලට කියපු සින්දු... (වලාකුළු කන්දට මුවා වී..) පිස්සු හැදෙනවා..!

    ReplyDelete
  11. ඉස්මනටම හොයල දමන්නම් මිතුර... ටික දොහකින් මගේ අඩවියේ "ඔබ කැමති ගී..." තීරය බලන්නකෝ...

    ReplyDelete
  12. ඒ දවස්වල ගුවන් විදුලියේ නිතර නිතර ගියා, මමත් ළමා වියේ ඉඳන්ම ගීතය යන හැම වාරයක පාසාම ආසාවෙන් ඇසුවා. ඒත් අර්ථය තේරුනේ ටිකක් ලොකු වුනාට පසුවයි. නමුත් හීනෙකින්වත් හිතුනෙ නැහැ මේක මගේ ජීවිතයේ අත්දැකීමක් වෙිවි කියලා. මේ කියන දෙයම නොවුනත් මා පෙරුම්පුරාගෙන පැතූ දරුවකු මගේ කුසින් නික්ම යන විට මට යාන්තම් ඉතිරි වුනේ මගේ ජීවිතය පමණයි.ඒ සිදුවීමෙන් වසර 7ක් ගතවීත් මම තවමත් මේ ගීතය යන නෑසෙන දුරකට යනවා! මේ වෙබ් අඩවිය පවත්වා ගැනීමට ඔබට ශක්තිය හා දිරිය ලැබේවා.

    ReplyDelete
  13. මා වැඩිය අදහස් පල කරන්නට නාවත් මේ ගීතය ගැන තිස්සගේ සටහන දැකලා ලියන්නම හිතුනා. අවුරුදු ගාණක් යනකම් යන්තම් ගුවන්විදුලියෙන් මේ ගීතය ඇහුණත් ඇස් දෙකට කඳුලු ඉනුවා. ඒ කාලෙ මං හේතුව දැනං හිටියෙත් නෑ. තේරුම හොයන්න උනන්දුවක් ආවෙත් නැහැ. ඒත් මට නොදැනි ඇස්වලට කඳුලු එන්නෙ ඇයි කියලා හිතද්දි පස්සෙ කාලෙක මේ ගීතය ගැන හෙව්වා. මං හිතන්නේ පළමුවෙන්ම නාදමාලාව සහ දෙවොල් බෙරයෙන් ඒකට දෙන පිටුවහල. තේරුම තිස්ස කිව්ව වගේම සංවේදියි. මං නිකමටවත් හිතුවෙ නැහැ තවත් අය මේ තරම් මේ ගීතයට සංවේදී වෙනවා කියලා. හරිම සතුටුයි පෝස්ටුව දැක්කම. ජය වේවා. ඇත්තටම තාමත් සින්දුව අහද්දි ඇස් දෙක හිතුවක්කාර වෙනවා කලින් වගේම. ගෝඨයිම්බර වැලපුම නාදමාලාව නම් අප්පා මාාාාාරයි. පුලුවන් නම් තිස්ස දිග්ගේ කවිවල නාදමාලාව ගැනත් යමක් ලියන්න. මේ වගේම හදවත ඇතුලටම කාවදින සපරගමුවේ වටිනම නාදමාලාවක්.

    ReplyDelete
    Replies
    1. ඔබ මගෙ හිත කියෙව්වා... මමත් ඒ ගැන දීර්ඝව සොයන ගමන්... අපි තවත් සටහනක් තබමු... මෙවනි ප්‍රතිචාර මාව උද්‍යෝගිමත් කරනවා....

      Delete

 
Blogger Wordpress Gadgets