ජීවිතය ඔබෙන් දැන, ආදරයෙන් සිඹ...

ජපනුන් සමග රාජකාරී කිරිමෙන් බොහෝ දේ උගත හැක... මා ඔවුන් ගෙන් උගත් වැදගත් දෙයක් නම් විවේච්නයට හා වාදයට ඇති නොකැමැත්තයි... ආයතනයේ දෙපාර්තමේන්තුවක නම් අංශ ප්‍රධානියාගේ අණ අවසාන තීරණයමය.... ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාගේ අණ අංශ ප්‍රධානීන්ගේ විවේචනයට භාජනය වෙනවා මා දැක නැති තරම්මය, මගේ මේ සේවා කාලය තුල.... කුඩා කණ්ඩායමක් පවා අණ පිලිපදින හේවායන් සමූහයක් මෙන් කලින් තීරණය කල අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස වෙහෙස වෙයි... ලංකාවේ රාජ්‍ය සේවයේ යම් අංසයක් භාරව කටයුතු කල කාලය මට නිතැතින්ම මතක් වෙයි... යම් තීරණයක් ප්‍රකාශයට පත් කල දා සිට ඒ තීරණයේ නිරවද්‍යතාවය කෙතරම් වුවත් තීරණය ක්‍රියාත්මක කිරීම පසෙක ලා ඒ විවේචනය කරන්නවුන්ගේ කල්ලි ගැසීම් ඇරඹේ... කාලයත් සම්පතුත් අපතේ හරිමින් මේ කියාවලිය දීර්ඝ කලක් තුල සිදුවේ... අදාල කාරියට අත්දකීම් ඇත්තන්ගේ විවේචන සැබැවින්ම තීරණ ඔපමට්ටම් කිරීමෙහිලා ප්‍රයෝජනවත් වේ... නමුත් එක් මසක් පමණක් සේවය කලවුනුත්, බරක් නැති වචන වලින් පාලනාධිකාරීන් මට්‍ටු කරන්නට සැරසෙන විට නිතැතින්ම මුවඟ සිනහා නැ‍ඟේ....

මේ විවේචන ක්‍රියාවලිය ඔද්දල් වූවිට එය පවුල් ජීවිතය තුලටද හෙමින් සීරුවේ රිංගා යනු මා දැක ඇත්තෙමි... ජීවිත අත්දකීම් පොතපතින් ලබා ගත නොහැකි බව මම තරයේ විශ්වාස කරමි.... පවුල්ජීවිතයට මුහුණ දිය යුත්තේ විවෘත මණසකිනි... අනෙකා තේරුම් ගැණීම පසෙක ලා තමා තමාම තේරුම් ගැණීමම යහපත් පවුල් ජීවිතයකට අඩි තාලම වන්නේමය... බොහෝ ගැහැණුන් පිරිමින් නිතරම් සිතන්නේ තමා අනෙකාව හෝ අනෙකා තමාව තේරුම් ගැනීම පවුල් ජීවිතයේ හරයය කියාය... මා තුල ඇත්තේ තරමක් වෙනස් අදහසකි... අපි යම් මානසික හෝ නීතිමය පදනමකින් බැඳුනාවූවෙමු.... ඒ බැඳීම යම් මිහිරි බවක් ජීවිතයට එකතු කලානම් ඒ වෙනුවෙන් ඉන් මත්තෙහි ඇතිවන සිත් රිදවීම් කරදර කම් කටොලු සියලු දේ ඉවසීමම දීර්ඝ කාලින සන්තුෂ්ටියට හේතුවන බව මම අදහමි... අත්දැකද ඇත්තෙමි... වරකුත් කියූ පරිදි වහා ඇවිලෙන සුලු හයිඩ්‍රජන් හා ඔක්සිජන් ගුණ ඇසුරෙන් ඒ දෙක සංයෝග වී සැදුනු ජලයෙහි ගුණ නිර්වචනය කිරීමට ඉක්මන් නොවෙමි....

තිබූ අනේක ආර්ථික අවහිරතා හමුවේ, බොහෝ පමාවී තිබූ, ලොකු දරුවා වෙනුවෙන් දළදා හාමුදුරුවන්ට වී තුබූ භාරයක් ඔප්පු කරන්නට මහනුවරට දුම්රියෙන් ගොස් ආ ගමන මට සිහිපත් වේ... දරුවාට ගමන් මහන්සියට අසුන මතම නින්ද ගොසිනි... ඇයද ආහාර සූදානම් කරන්නට පාන්දරින්ම නැගිටි නිසාත් ගමන් මහන්සිය නිසාත් තෙහෙට්‍ටුවෙනි... ඇ මගේ උරිස මත හිස තබා ගත්තාය... මට අප පෙම්වතුන් ලෙස මෙලෙස ගතකල කාලය මතක් විණි... මම අගේ මුහුණ දෙස හොඳින් බැලීමි.... දුම්රිය බිංගෙයකට අතුලුවිණි....

"හොරා........!!!"
සිනාසුණෙමි මම, අවිහිංසක ඈ කෝල බැලුම් හෙලුවාය......


ජීවිතය ඔබෙන් දැන, ආදරයෙන් සිඹ...
ළඟ ම තබාගෙන, මුතු කැටයක් ලෙස...
මේ කුළකින් රිංගන, තරු එළියක් ලෙස...
මිහිර විඳින්නම්, ළඳුනි දයාබර...

කාලයක් අයාලේ පාවී ගිය සිත...
ලැගුම් සොයයි, උණුසුමින් කැදැල්ලක...
ආදරය තරම් සුවයක් මිහිමත නැත...
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක...

සාගරය තුරුල්ලේ, යාවී ගං දිය...
විඩා නිවයි, සිඳු රළින් හැඟුම්බර...
ස්නේහයක උපන්, කවියක් කැටතලයක...
ලියා තබමි නුඹ නමින් සනාතන...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...


පසු ලිපි: ගීතයේ නිර්මාතෲන් ගැන මෙතැනින් කියවන්න

39 comments :

  1. අතීතය මතක් උනා,,,දෙතැනක ගෙවෙන ජීවිත ගැන දුකකුත් ඇතිඋනා,,,

    ReplyDelete
  2. mm...several aspects together ..!!
    Each, I enjoyed and suffered just few hours before..!!

    ReplyDelete
  3. ම්ම්ම්...අඳුරේ රන්තරුව.... රන්තරුවට අඳුර....!!
    ඒ තමා ආදරේ බැම්ම....

    ReplyDelete
  4. කියන්න වචන නැහැ... ආදර විවාහයක්ම හොයන්නේ ඒකයි මාත්.. මොන දේ ආවත් එකට මුහුණ දෙන්න ඔක්තිය ආදර විවාහයක තියෙනව කියල මට හිතෙනවා අයියා...

    බස් එකෙන් බැහැල "හද ගී පොත" ට ගොඩ වුන එක කොයි තරම් හොදද අයියා...

    කැඳැල්ල ආදර සිර කූඩුව ලෙස
    සිතනා මිනිසුන් වෙසෙන ලොවේ
    විවාහ වීමත් අකැපැයි සිතු මම
    තනිකඩ දිවියට ආල කලේ

    හද ගී පොත තුල ලියවෙන ආදර
    අකුරක් ගානේ දුවන වෙලේ
    සිතුනා මා කොතරම් නම් බොලඳද
    ආදර දැල නම් සොඳුරු ලොවේ

    දෙදෙනකු තුල සිර වී ගත වෙන ලොව
    හැමදා නවතාවය වේ නම්
    හදතුල කුමකට සෝකය තකිකම
    සොඳුරිය නුඹ සිත මා ළඟ නම්

    ලස්නයි අයියා ... හිතන විදිහ වෙනස් ... අනිකා තේරුම් ගැනීම ද , තමා තේරුම් ගැනීම...

    ඒත් අයියා මම හිතන විදිහට නම් ... නුඹව නුඹටත් වඩා තේරුම් ගත් කෙනා තමයි ඇය....

    ReplyDelete
  5. අහ් මේ තියෙන්නේ ඉස්සර වාගේම උණු උණු කොමෙන්ට්...
    එහෙම තේරුම් යනවානම් ඒක බෝනස් එකක් නගේ....
    ෂහ් අපූරු කවියකුත් ලැබිලාමට ...
    "හදතුල කුමකට සෝකය තනිකම
    සොඳුරිය නුඹ සිත මා ළඟ නම්..."

    ReplyDelete
  6. " SHERK" ගැන කියනව නම් ආදරයේ අපි කවුරුත් නොහිතන , නොදකින පැත්තක් පෙන්නනවා....

    ආදරය ලොවට එවුවේ, ලොවට මැවුවේ කවුරු වුනත් ඒක ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයකට වඩා බොහෝ එහා ගිය දෙයක් කියල මට හිතෙනවා ....

    Shrek: Fiona? Are you all right?

    [Fiona looks at herself, and sees she is still an ogre]
    Princess Fiona: Yes. But, I don't understand. I'm supposed to be beautiful.

    Shrek: But you are beautiful.

    Donkey: I was hoping this would be a happy ending...
    [Shrek and Fiona kiss]

    Hallelujah, Hallelujah !!!!

    ReplyDelete
  7. අයියේ දෙයක් කියන්නම්. මෙතෙක් කල් ඔහේ ගීතයක් හැටියට අහපු ගීත ගනනාවකට මා අලුතෙන්ම ආදරය කරන්නට පොලඹවන්නට ඔබේ මේ සුන්දර සත්‍ය පසුබිම් කතා හේතු වූවා... හරිම ලස්සනයි.. මේ කතා කෙටියි..ප්‍රාණවත්... සජීවියි.... සරල වචන වලින් ඔබ ලියන්නේ ගැඹුරු ජීවිත දහමක්... තව තව මෙවන් සොඳුරු දෑ ලියවේවා!

    වත් අක්කේ: කවියද ඔබ තරම්ම සොඳුරුය ...

    ReplyDelete
  8. ම්ම්ම්ම්ම් ජපනා හපනා හපනා කිය කිය අපේ උන් මොඩ ආතල් ගන්නවා.ඇයි යකෝ උන් පිටසක්වල ආපු උන් යෑ..උනුත් අපිවගේම මව්කිරි බීලා හැදිච්ච මිනිස්සු ජාතියක්.අපේ උන් හැමදාම උන් පොරකිය කියා කකා බිබී ඉන්නවා.අපේ උන් පට්ට කම්මැලියි.අපේ රටේ මිනිස්සු වෙලාවට කරන වැඩක් ඇතිනම් ඒ කන බොන එකයි නිදාගන්න එකයි තමා.ඒ දෙකනම් අනිවා කරනවා.
    අපේ රටේ ප්‍රයිවෙට් ගාමන්ට් එක්ක ගන්න...උදේ 7ට පටන් ගන්නෙ.ආයේ වෙලාවනම් වෙලාව.නැත්නම් එලියේ.එහෙමත් නැතිනම් පඩි අඩුයි.ඉතිං හැමොම වෙලාවටත් කලින් වැඩට යනවා.ඒවගේමයි ඉන්න සේවක සංඛ්‍යාව.ඕනි දේට විතරක් ඕනි තරම් පමණක් ඉන්නවා.ඒ අයත් හැකියාවෙන් උපරිම අය.
    ඔය ගාමන්ට් එකම හොට රජයට බාරගත්තොත් කොහොම තියෙයිද?උදේ 11ටත් කට්ටිය වැඩට යයි.දේශපාලන බලපෑම් මත ඕනි එකයි එපා එකයි හැම එකාම පුරවයි.පාඩු ලබන්න පුළුහන් ආයතනය ටිකදවසකින් අන්ත පාඩු ලබනවා.ඒත් අවුලක් නෑනේ.ජනතාව ඉන්නවනේ ඒ බරත් කරගහන්න.
    ඔය හේතුව හන්දනේ අපේ ලංගමයි දුම්රියයි හැමදාම කොටිගණන් පාඩු ලබන්නේ.මොකෝ ඒවගේ ගමනාගමන ආයතන පාඩු ලබන්න අපේ රටේ මිනිස්සු හැම එකාම යන්නේ තමන්ගේ වාහන වලින්මයෑ...

    අයියේ ඕවා කතා කරලා වැඩක් නෑ.වැඩිය ඕනි නෑ.පන්නිපිටිය (මංචි එක ලග) හරියෙදි හයිලෙවල් පාරට දැන් කොළම දකුණ හයිවේ එක සෙට් වෙනවා.ඉතිං මේ දවස්වල බරටම ඒකේ වැඩ මිනිස්සු.හැමදාම උදේ 7ටත් කලින් කොරියන් කාරයෝ ඇවිත් වැඩ පටන් අරන්.ඒත් අපේ උන් පස්සට අව්ව නෙවේ තව ඒවා වැටෙනකන් බලං ඉන්නවා‍.

    අපේ උන්ට ගහලා තියෙන එකම හෙනේ කම්මැලිකම.ඇයි ඉන්නවනේ අතට පයට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවෝ මුන්ට කන්න බොන්න දෙන්න.

    මාත් කලේ අර අයියා කියන්නැහැ විවේචනයක් නෙවැ...අයියලා වගේ මොලේ තියෙන දැනුවත් අය දැන්වත් අපේ රටට ඇවිත් රට හදන්න උදව් කලොත් නරකෙයි...මේ අපේම මව්බිම නෙවැ....

    ඇත්තටම නරකෙයි අයියේ ආවොත් ලංකාවට....? බැරියැ බදුලු බණ්ඩාරවෙලා පැත්තේ පොඩි රවුමක් දාන්න කෝච්චියේ...ඒ පාරේ උමං වැඩියි නේ...හික්ස්....

    ReplyDelete
  9. ජීවිතේ යන අතරමග විඩා නිවන්නට එක්වන මගේ හිතවත් වත් හා ජීවිතේ මල් නංගිලාට දෙන්නටම... බෙහෙවින්ම ස්තූතියි...!

    ReplyDelete
  10. හහ් හහ් හහ්... අන්තිම කථාව තමා හසියෝ නියම...
    ම්ම්ම්... ලංකාවට මේ වෙලාවේ කරන්න පුලුවන් උපරිම සෙත අපි මේ වෙලාවේ කරනවා මලයෝ... අපේ රටට සතපහකවත් වියදමක් නැතිව අපි හම්බ කරන සේසතම ලංකාවට එවනවා...

    ReplyDelete
  11. හේහේහේහේ ඒකත් හැබෑව තමා.... ඕකනේ පවුල් පන්සප් උනහම වැඩේ...අපේ නිදහස නෑ නෙව....

    බැදපු නැති එකා හදන්නෙ කොහොම හරි කෙනෙක්ව බදින්න..බැදපු එකා බලන්නේ කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා...

    ඕන්න අයියට නෙවේ කිව්වේ...අයියා සාපේක්ෂව වෙනස් නෙවැ...

    ReplyDelete
  12. මටත් ඔහොම ගිය හැටි මතකයි....
    මට හොද හැටි මතකයි....

    ReplyDelete
  13. @හසියෝ අර ශ්‍රෙක් වාගේ හම්බවෙන කෙනා ලඟම තබාගෙන මුතුකැටැයක් ලෙස සුරකින්න... ආයේ ගැලැවෙන්න හිතෙන එකක් නෑ...
    හැබැයි ශ්‍රෙක් කලා වාගේ බූරුවන්ගෙන් උපදෙස් ගන්න එපා... නින්දක් නැතිවෙයි...

    @Grey: අහ්හ්... සොඳුරු මතක....

    ReplyDelete
  14. සොදුරුයි කියලා කියන්න බෑ තිස්ස අයියේ..
    මේ දැන් දවල්ට කන ගමන් මේක කියෙව්වේ..අද හවස වැඩ ක‍රන්න පුලුවන් මාන්සිකත්වය ගියා...
    මම මොනවද නොකරේ...ලංකාවේ තිබ්බ මගේ වයසේ කෙනෙක්ට ලබන්න පුලුවන් ඉහලම පඩියක් එක්ක තිබ්බ රස්සාවක් දමලා ගහලා ආව..
    රට යන්න ආසයි කිව්වම රට යන්න මෙලෝ අදහසක් තිබ්බ නැති මම රට ආව. රටේ එයා එන නගරයට වෙලා ඉන්න ඕනේ නිසා අතට ආපු ගොඩක්ම හොද රස්සාවල් එපා කිව්වා..
    අන්තිමට අද මම..තනියෙම.. මෙහේ.. කිසිම අරමුනක් නැතිව ජීවත්වෙනවා...
    රටට ලෝකෙට පේන්න හිනා වෙනවා...ඔක්කොම හිත අතුලෙ තඩ කරන්..

    ReplyDelete
  15. @ Grey
    කොල්ලන් මේ තරම් ආදරේ කැනව කියල ඇත්තටම මම දැනන් වුන්නේ නැහැ මල්ලි...

    මම හිතුවේ කොල්ලන් කෙල්ලන්ගෙ පස්සෙන් එන්නේ වල් කමට මිසක් ආදරයට නෙමෙයි කියල....

    ඔයා වගේ අය ඒ අතර ඉන්නව දකින්න ලැබීම වාසනාවක් වගේම...

    ඔයා වගේ අයට මෙහෙම වෙනව දකින්න ලැබීම හරිම අවාසනාවක්...

    සියල්ල සිදු වන්නේ වෙන්න .තියෙන විදිහට..
    වගේම ඒ හැමදේම වෙන්නේ හොදට... හිතට බලන්න පොඩ්ඩක් ලංකාවේ වුන්න නම් මෙලහකට ඔයාට මොනා වෙලා ඇද්ද කියල..

    සමහර විට බේබද්දෙක් ....

    ReplyDelete
  16. අපොයි ග්‍රෙය් මල්ලියේ...!
    මම දැන් මොකද්ද කියන්නේ... තමන්ට කරන්න තිබුණු හැම කැප කිරීමක්ම කරපු කෙනෙකුටත් සතුට අහිමි වෙනකොට....
    හිත පෑරුනා නම් සමාවෙයං මල්ලියේ...!

    ReplyDelete
  17. @තිස්ස අයියා:
    අමුතුවෙන් පෑරෙන්න දෙයක් නෑ අයියේ.. හැමදාම උදේ නැගිටිනකොටම හිත පෑරිලා ඉවරයි.
    මොනවා කරන්නද..අපි ලබා උපන් හැටි තමා..

    @වත්:
    මොනවා කරන්නද අක්කේ.. අපිට බෑනේ මිනිස්සුන්ව බලෙන් අපි ගාව තියාගන්න. කවදාවත් එයාට නීතියක් නොදාපු මට කොහෙත්ම එහෙම කරන්න බෑ.

    පුලුවන් ඉක්මනට මැරිලා යන එක තමා වෙන්න පුලුවන් හොදම දේ..අපිට මතකයන් අමතක කරන්න බෑනෙ. කොහොමත් මම ජීවත් වෙන විදිහට ඒක වැඩි ඇතක වෙන්න නම් බෑ.

    ReplyDelete
  18. ඟ ලඟම එන සුන්දර අනාගතයට අපූරු පාඩමක් ලැබුනා තිස්ස අයියා.

    ReplyDelete
  19. පුදුම වැඩේ කියන්නේ අර කට්ටියගේ හමුවේ පින්තූර බල බලා මම හිටියේ... ඔන්න නගාගෙන් කොමෙන්ටුවක්...
    සතුටුයි...තොරතුරට...!

    ReplyDelete
  20. සැබෑ ආදරය...

    දුටුමි...

    හැඳින්නෙමි...

    ReplyDelete
  21. ලඟම තියා ගන්න මුතු ඇටයක් වෙන්න හැමොටම වාසනාව නැති හැටි. කොයි තරම් පෙරුම් පිරුවත් හිතන් උන්නත්, මුතු ඇටයක් වෙන්නබැරුව අඩන අයයි.... මගේ ලග මුතු ඇටයක් වෙන්න කියල අඩන අයගෙනුයි මේ ලොකෙ පිරිලද මන්දා..
    මමත් මුතු ඇටක් නොවුන එකට අඩන එකටයි මට දුක..........

    ReplyDelete
  22. @සන්සරසිදු:
    සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා...
    මා හඳුනන මගෙ හදගත් කලණිය...
    මට නුදුරුයි සුරඟුනට වඩා....

    @හිරු ප්‍රභා: සෑම හොඳ දෙයක්ම ලැබෙන්නේ වෑයමෙන්ම නෙව...!

    ReplyDelete
  23. අයියේ තාම මම මග බලමින් ඉන්නේ.
    අයියා ආයෙම ලියන එක නම් සතුටුයි. කොච්චර සිංදු ඇහුවත් හදගීපොතේ ඒවා විතර හදවතට වදින ඒවා තවත් නෑ. ඒ අයියගේ පූර්විකාව හින්දම වෙන් ඕන. බොරුවට වනනවා නෙවේ. හිතට දැනුනදේ ලීවේ. සිංදුව අහන්න බැරි උනා. ඒත් ලස්සන කතාවක් කමේන්ට් ටිකක් කියෙව්වා. ස්තූතියි.
    සුභ රාත්‍රියක්!!!

    ReplyDelete
  24. ලස්සන සිංඳුව..

    ReplyDelete
  25. මේ මාතෘකා ගොන්න නිසා කොතැනින් පටන් ගන්න ද හිතා ගන්න බැහැ. ඉන් එකිනෙකට නොදෙවැනි වත්මනට වඩාත් අවැසිම කතිකාවක් ආරම්භ කරලා තියෙන්නේ.

    1996 මැද භාගයේ දී මට පැවරුණා මුම්බායි නුවර පිහිටි විශාලා IT ආයතනයක Y2K කටයුතු වලට අදාල කාර්‍යයන් කරන ලොකු කණ්ඩායම්ක් පුරුදු කරන්න. ඉන්දියාවේ නම් දැරූ විශ්ව විද්‍යාල ගනනාවකින් නවකයින් තොරාගත් හතලිස් පහක් කණ්ඩායමට අයත් විය. මුලදී ඒ කාර්යයට මා මැලි වුනත්, ඉදිරියේ දී මට භාර වූ කාර්යයක් සඳහා එය භාර නොගෙන බැරි විය. තාක්ෂණික පැත්තෙන් මෙන්ම අත්දැකීම් වලින් පිරුණ ඒ පුහුණු කිරීම ඉතා සාර්ථක විය. පාඨමාලාව අවසානයේ මෝටිවේශන් ප්‍රොග්‍රෑම් වාරයක දී ඉදිරිපත් වූ කතාවක් ගොඩාක් සිත්ගත්තා.

    ඇමරිකන් කප් හැටියට ප්‍රසිද්ධ ‍යොච් (Yacth) තරඟය ලොව පැරණිතම ජාත්‍යන්තර අභියෝගතා කුසලාන තරඟයක්. මේ තරඟයේ දී රුවල් පාලනය, හබල් ගෑම වගේ කටයුතු හා සම්බන්ධීකරණය ඉතා වැඩගත් තැනක් ගනී. දිගින් දිගටම තරඟයෙන් පරාජයට පත්වූ ඇමෙරිකාව මොන ක්‍රමයකින් හරි දිනන අදහසින් තම කණ්ඩායමේ ස්වරූපය වෙනස් කලාලු. ඔවුන් නායකයෙක් වෙනුවට විවිධ වගකීම් සහිත කණ්ඩායම් හා නායකවරු පත් කලාලු. ඒත් තරඟය පරාජ වූ විට ඊලඟ වසරේ තවත් කුඩා (විමධ්‍යගත) කණ්ඩායම් පත්කරාලු. ඒත් පරාදයි. මොකද කණ්ඩායම් වලට පැවරුන කාර්යයන් වෙනස්, නියමිත කාර්යය ඔවුන් අතින් ඉටුවෙනතුරු අනික් අය බලා ඉන්නවා. මේ විදියට හැම වසරේම නොයෙක් අත් හදා බැලීම්, ඒත් පලක් නොවිය. පසුව වගකිවයුත්තෝ තීරණය කරාලු කණ්ඩායම් අතර මනා පණිවුඩ හුවමාරුවක්/සම්බන්ධීකරණයක් ඇති කිරීම සඳහා ලොක්කෙක් (කළමණාකාරයෙක්) පත් කරන්න. දැන් හැම නියෝගයක්ම යා යුතු බලධරයා හරහා. බලධරයා හැම දේ ගැන මනා අවබෝධයක් තිබීම ඉතා විරල දෙයක් නේ. ඒ පාරත් පරාජය වුනාම ඊලඟ තරඟයේ දී සහභාගී වෙන හැමෝම කළමණාකාරවරුන් හැටියට උසස් කරාලු.

    තරඟය පටන් ගන්න ආසන්න වෙත්ම නව නිලධූරයන් දරන හැමෝම අලුත් නිල ඇඳුමින් සැරසී යොච් වල බලා ඉන්න අතර තුර දී තරඟය පටන් ගන්න සංඥාකරාම යොච් එක ඉදිරියට යන්නේ නැතිලු. හැමෝම අණ දෙනවා, ඒත් හබල් ගාන්න හා රුවල් පාලනයට කවුරුවත් නැති වෙලා.

    අවාසනාවට අපි ලාංකිකයින් ද බොහෝ අවස්ථා වලදී මේ යොච් එකේ තත්වයට සමානයි.


    ඈත පායන නිසා හඳ සම්පූර්ණයි, එළිය සෞම්‍යයි, වඩාත් එළියක් දෙන දෙයක් හැටියට දකින්න කැමැතියි, හඳේ ඇති ආවාට අමතක කරලා. එහා ඉවුරේ තියෙන්නේ කටු පඳුරු වුනත් ඈතින් පෙන නිසා වඩාත් කොළපාට හැටියට පාට කරන්න කැමැතියි - ඒ පැත්තට දක්කන කල්.

    විවාහ සංස්ථාව කැරකෙන දැතිරෝද සමූහයකින් සැදුම්ලත් සංකීර්ණ යන්ත්‍රයක්. ක්‍රියාත්මක කරන යන්ත්‍රයක වියලීම, ගර්ශනය, රත්වීම, කිරි-කිරි සද්දය ස්වාභාවිකයි. එය හඳේ ආවාට තරම් අඳුරු නොවෙන්න පුලුවන්, කටු පඳුරක් නෙවෙන්න පුලුවන්. උදාහරණයක් හැටියට පොත් රචකයා අලෙවිය ගැන සිතයි නම් ඒ සෘණාත්මක දේවල් මතුකර කර ඉලක්ක කරගත් පාඨකයා වෙත යා යුතුය. එය සමාජයට අහිතකරද නැද්ද යන්න ඔහුට පලක් වේද?

    ජීවිතය සුන්දරයි, කවදාවත් ඒ සුන්දර අමිල සම්පත විස්තර කර පොත් ලියන්න කවුරු සමත් වේද? එය ඒ සම්පත උදාකරගෙන, භුක්තිවිඳ, ආරක්ෂා කරගන්නා හැර වෙනත් කවුරුවත් නෙදන්නවා වෙන්න පුලුවන්.

    හැමට යහපතක්ම වේවා!

    ReplyDelete
  26. සියල්ලම කියවීමි.. කිවයුතු කිසිවක් සිතාගත නොහැක.. ඇතැමුන් අහිමි මුතුකැටවලට වැලපෙද්දී තවකෙක් තමා ළග ඇති මුතුකැටයේ අගය නොදකිති.. ජීවිතය මහා පුදුමාකාර දෙයකි...........

    ReplyDelete
  27. ලස්සන ලිපියක් සහ සිංදුවක්

    ReplyDelete
  28. අපේ රටේ මේ මන්දගාමි ගමනට හේතුව ඔක තමා. අපිට කොහට හරි යන්න ඔනි නම් හරි හො වෑරදි තීරන ක්‍රියාත්මක කරන්න ඔනි. එහෙම නෑතිව ඒක හරිද වෑරදිද කිය කිය තර්ක කර කර හිටියොත් අපි යන ගමන ප්‍රමාද වෙන එක විතරයි වෙන්නෙ.

    හ්ම්ම්ම් අර බිම් ගේ කතාව ජීවිතය සොදුරු කරගත යුත්තෙ අප විසින් මය......හ්ම්ම්ම් සුන්දරයි.

    @ ග්‍රේ
    මොකටද බන් තමන්ව එපා වෙච්ච කෙනෙක් වෙනුවෙන් දුක් වෙන්නෙ. ඒ වෙනුවෙන් දුක් වෙනවට වඩ හොඳ නෑද්ද තමන්ව අවෂ්ය කෙනෙක් හොය ගන්න එක. තමන්ට ආදරෙ කෙනෙක් වෙනුවෙන් දෙයක් කරල ඒ තෑනෑත්තා හිනා වෙන දිහා බලල සතුටු වෙන එක. මතක තියා ගනින් උඹට වෙන හෑම දේකින්ම දුක් හො සතුටු වෙන උඹට ආදරේ අය ඉන්න බව.උඹ් ඉක්මනින් මෑරිල ගියොත් දුක ඒ අයට තම. නෑති උනෙ එක පුද්ගලයෙක් පමනයි. ඒ පුද්ගලය ගොඩක් වටිනව වෙන්න පුලුවන් ඒත් .......... හිතල බලපන්

    ReplyDelete
  29. @ප්‍රියන්ත: සින්දුවට අලගුවක් තියන්නට හෝ සමත් වුනානම් ඒක සතුටට කාරනයක්... මේ නිර්මාපකයිනට අපි සදා ණයගැතියි...

    @මුතු: ඔව් කාලෙකින් අහන්න හම්බවෙන වර්ගයේ..

    @ගල්මල්: යන්තරේට තෙල් දැමිල්ල පැත්තක තියා ශ්‍රෙකුත් බූරුවාගෙන් රට තොට විත්ති අහ අහා ඉන්න ගියානම්...
    මරුම කොමෙන්‍ටුව ඩීන් මහත්තයා අපි බලන්න එනේ ඉතින් තැගිත් අරන් නෙව හැමදාම...

    @Buratheno: පුදුමාකාර ලෙසින් සරලයි කියලා මොඩිෆයි කරන්න අවසර ඉල්ලනවා...

    @Praසන්ன: ස්තූතියි සොයුර..

    @නිශ්: 100% ඔබත් එක්ක එකඟයි..
    මටත් කණගා‍ටුයි ග්‍රේ සොයුරාගේ වචන අහලා... ඒත් නිශ් ගේ වචන වල අන්තිම ටික නම් හරිම වටිනවා... ග්‍රේ අපට ඔබ බොහෝ සොඳුරු සිතැත්තෙක්... ලෑලි වල ලස්සන වයිරම් මතුවෙන්නේ ඒ ගහ මූණ දීපු අපදා නිසා නෙව...

    ReplyDelete
  30. අළුත් ලේඅවුට් එකක් අත් හදා බැලුවා වගේ, එය ලස්සනයි. ඒත් අළුත් ලේඅවුට් වල ඇති ප්‍රධානම අඩුපාඩුව කොමන්ට්ස් පැහැදිලි ලෙස ඩිස්ප්ලේ නොකිරීම ඒ තෝරාගෙන තිබූ ලේඅවුට් එකේ ද දිස්විය. හද ගී පොතේ මේ සුපුරුදු ලේඅවුට් එක පංකාදුයි.

    ReplyDelete
  31. හරිම අපූරු ලියැවිල්ල තිසා.....නියමයි.

    @Grey තිසාගේ අපූරු ලියවිල්ලයි, ඒකටම සම්බන්ධ වුණු සංවාදයයි රසවිඳිමින් ඉන්න අස්සෙයි උඹේ කතාව දැක්කෙ. මල්ලියෙ උඹේ ජීවිතේ සතුටත්, අරමුණත් ඇයි වෙන කෙනෙකුට උකස් තියන්න හදන්නෙ?? එයාට උඹේ ආදරය විතරක් අරන් යන්න දුන්නම මදැයි, ඇයි උඹේ සතුටයි, ජීවිතේ අන් සියලු දේමයි අරගෙන යන්න දෙන්නෙ. ගිය කෙනා හොඳින් ජීවත් වෙනවනෙ......ඔයිට වඩා පොඩ්ඩක් විතර සුභවාදීව ජීවිතේ දිහා බලලා අලුත් පි‍ටුවක් පෙරලපං මල්ලියෙ..උඹට වරදින්නෙ නැහැ. අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි !!!

    ReplyDelete
  32. ස්තුතියි මේ සින්දුව දුන්නට..

    ReplyDelete
  33. සින්දුව කෙසේ වෙතත් සටහනයි කමෙන්ට් ටිකයි නම් අම්බානක වටිනවා.
    (සින්දුව කෙසේ වෙතත් කිව්වේ මේ ගායකයගේ ගීත වලට මම වැඩිය කැමති නැති නිසා වෙන්න ඇති සමහර විට)

    පලනාධිකාරියේ තීරණ අවසාන තීරණ ලෙස සලකා තමන්ගේ රාජකාරී කොටස විතරක් කරගෙන ඉන්න එක මම හිතන්නේ අපේ රටේ නම් බොහොමයක් දෙනා නම් දැනටත් කරනවද මන්දා . . .

    මට නම් වෙලාවකට හිතෙනවා ඒක "දෙන දේ කාලා වෙනදේ බලන් ඉඳීමක්" වගේද කියලත් . . .

    ඒත් උඹේ විශාල අත්දැකීම් සම්භාරයක් එක්ක ලෝකෙයේ දියුනුම ජාතියක් වුනු ජපන් ජාතිකයින් එක්ක සංසන්දනය කරලා කිව්වාම හිතෙනවා ඒ මම කියපු මට හිතෙන "දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න" විදිහට ඉන්න එකෙන් රටට දියුනුවක් මිසක් නරකක් වෙන එකක් නෑ කියලා . .

    අනික උඹ කියන විදිහට පවුල් ජීවිතයක සාර්ථකත්වයට ත් මේ විවේචන ක්‍රමේ ගෙනියන එක ඇත්තෙන්ම නරක විදිහට බලපාන්න පුලුවන් තමයි.

    මට නම් වෙලා තියෙන හෙනේ මචෝ සාර්ථකත්වය කියන දේ භෞතික දේවල් සමඟ සංසන්දනය නොකර සතුට කියන දේ සමඟ බද්ධ කරලා මනින්න යාම.

    කොයි මොහොතේ පන කෙන්ද සොස් ගාලා යයිද කියලා විස්වාසත් නැතුව ජීවත් වෙන සුලු කාලයේදී අටෝරාසියක් දේවල් ඉශ්ඨ කර ගැනීම වෙනුවෙන් සතුට, නිදහස, ආත්ම තෘප්තිය කැපකරල ජීවත් වෙනවද ඉන්න ඩිංගේ හැම මොහොතක්ම සතුටින්, සැහැල්ලුවෙන්, නිදහසින් ජීවත්වෙනවාද . .

    ඔන්න ඔය වැට උඩ තමයි මමනම් ඉන්නේ . . . . .

    හැමදාම වැට උඩ ඉන්නවද . .

    එක පැත්තකට වටෙනවද . . අනේ මන්දා

    උඹේ ජීවන දර්ෂනය අනුව අනෙකා වෙනුවෙන් ඕනෑ නම් තමා සතු සියලුම දේ වුව කැපකරමින් ඊටත් එහා ගිය මහා විශාල ආදරයකුත් ලබන උඹේ බිරින්දෑ ගැන මගේ බිරින්දෑ අතුලු බොහොමයක් බිරින්දෑවරු ඉරිසියා කරනු ඇති බව නම් නිසැකයි.

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. @දුකා: මගේ අතින් වැදගත් යමක් කීම මගහැරුනා කියා මට හිතෙනවා දුකෝ උඹේ කොමෙන්‍ටුව කියෙව්වහම...

    මට හිතෙන්නේ ජපානේ යම් ක්‍රමයක් තියනවා ආයතනයක වේවා දෙපාර්තමේන්තුවක වේවා ඉහලට පත්වෙන තැනැත්තා ඒ ආයතනයේ හෝ අංශයේ යහපත පිණිසම කැපවුණු කෙනෙක් වීම සහතික කෙරෙන... එතකොට මිනිස්සුන්ට ක්‍රමේ දොසක් නෑ කියන විශ්වාසය කාලාන්තරයක් තිස්සේ අතිවෙලා වෙන්නෑති කියලත් හිතෙනවා.... අපේ ක්‍රමයන් පිලිබඳ ඇති අවිශ්වාසය නිසාම, මින්ස්සු රෑවටුන අවස්ථා බොහෝ නිසාමත්, අපේ මිනිස්සු මේ විවේචනයට හුරු වෙලා වෙන්න පුලුවන්....

    මම මෙතනදී කියවුවේ ඇත්තටම අර ප්‍රේමකීර්ති "පාන්කිරිත්තා...." සින්දුවෙන් කියන්න හැදූ දේමයි බං.... අගතිගාමි විවේචනයෙන් ලැබෙන දෙයක් නෑ බං අපිට....

    ඊලඟට මේ කාරනය ගැන....
    "කොයි මොහොතේ පන කෙන්ද සොස් ගාලා යයිද කියලා විස්වාසත් නැතුව ජීවත් වෙන සුලු කාලයේදී අටෝරාසියක් දේවල් ඉශ්ඨ කර ගැනීම වෙනුවෙන් සතුට, නිදහස, ආත්ම තෘප්තිය කැපකරල ජීවත් වෙනවද ඉන්න ඩිංගේ හැම මොහොතක්ම සතුටින්, සැහැල්ලුවෙන්, නිදහසින් ජීවත්වෙනවාද . ."
    බරපතල කරණයක්... ලේසි නෑ උත්තරයක් ගලපාගන්නවත්....

    මම පුරුදු වුනේ මෙහෙම.... මට හැබැවටම ලෞකික වසයෙන් ඉස්ඨ කරගන්න ඕනෑ මොනවද... අලෞකිකව ඕනැ මොනවද කියා බැලුවා.... දෙක ගැටෙන අවස්ථාවලදී අලෞකික අරමුණට මුල්තැන දුන්නා.... දැනට ගොඩ... ඉස්සරහට වෙනස් වේවිද දන්නේ නැහැ....

    ආදරය ගැනනම් මට කියාදෙන්නේ ඈ.... හැබැයි ඒ වචනයක්වත් නොකියා... මම හැමදාමත් ඇගේ සිසුවා ඒ අතින්....

    ReplyDelete
  36. දුකෝ උඹේ ඔය විචිකිච්චාව මගේ හිතෙත් පහුගිය කාලාන්තරයක් තිස්සේ මොලේ වයර් මාරු කර කර එහෙට මෙහෙට කැරකැවුනා. අන්තිමට මාත් වැට උඩින් බැස්සා. අර තිස්ස කියාපු පැත්තටම....ඒ කිව්වෙ අර උඹ කියපු අනන්ත වූ භෞතික අරමුණු හඹා යමින් ජීවිතය විඳවන්නෙ නැතිව.....සැහැල්ලු, නිදහස් ජීවිතයක් ගෙවමින් ජීවිතය විඳින්න පුලුවන් පැත්තට.

    යම් ප්‍රගතියක් ගෙන දිය හැකි විවේචනය මිසක් කරන්නන්වාලේ කරන විවේචනයත්, අගතිගාමීව කරන විවේචනයත් වැඩ දායී නොවන බවයි මගෙත් විශ්වාසය නම්......අර ප්‍රේමකීර්ති කිව්වා වගේ තමන්ට හැකි දේ හැකි පමණින් අනුන්ගේත් තමන්ගේත් යහපතට යොදවන එක තමයි හොඳ මයෙ හිතේ......මෙන්න අපිත් අපිට හැකි පමණින් අර කියාපු ප්‍රේමකීර්තිගෙ අපූරු ගීතය ගායනා කලා.

    http://www.youtube.com/watch?v=xBKZ8uBjBMQ

    ReplyDelete
  37. පාලි
    අනේ බන් මම නම් තාම ඉන්නේ වැට උඩ . . . හරි පැත්තකට වැටෙන්න ඕන තමයි ඒත් හරි පැත්ත කොයි එකද කියලා තාම හිතා ගන්න බැරුව ඉන්නේ බන් . .. බලමු ඉතිං වැටෙන එක කෙසේ වෙතත් අර කිව්ව වගේ සොස් ගාලා පන කෙන්ද යන්න කලින් හරි පැත්ත ගැන තේරුම් ගන්න පුලුවන් වේද කියලා වත් . . .

    ReplyDelete
  38. තිස්ස දොඩන්ගොඩ මහත්මයා.මන් මේ පොස්ට් එක අරන් මගේ ගිණුමට එකතු කළා.ගත්ත තැනත් මන් සදහන් කළා.මන් අහම්බෙන් මේ බ්ලොග් එකට ගොඩ උනේ.ඒක ලස්සනයි.මන් ඔබව හෙව්වා මුනුපොතේ ඔබව හොයා ගන්න උනේ නෑ ටැග් කරන්න.ජය වේවා.ලස්සන බ්ලොග් එකක්....

    ReplyDelete

 
Blogger Wordpress Gadgets