ඇටෙන් පොත්තෙන් එලියට එන්න ඉස්සෙල්ලම "බඹා කෙටූ හැටි " කියෙව්වා... හරිනම් මුලින් කියවන්න ඕනේ "ගොලු හදවත"... දෙවෙනි කොටස ඉස්සෙල්ලා කියවන්න වුනා... හම්බවෙච්චි පිලිවෙල නොවෑ... ඔහොම ඉන්න කොට ඕ ලෙවල් වෙනකොට කරුනාසේන ජයලත්ගේම අපූරු පොතක් හම්බ වුනා... "ලස්සන ඇස්"... (ඔහුගේ සියලුම කතා අකුරු හයක නම් වලින් යුක්ත වූයේ අහම්බෙන්ද...? "යහලු යෙහෙලි", "ගැහැනු ලමයි" හා ඉහත කී ඒවා...) ලමා වයසේත් තරුණ වයසේත් අතරමැද්දේ ඉන්න කථා නායක වික්ටර් ට ඔහුව තුරුණු වියට කල එලි බස්වන ලස්සන ඇස් යුවලක් මුණ ගැහෙනවා... කව්ද හිතුවෙ ඒ වෙනකොට ගැහැණු අරහං වෙච්චි මටත් ඔයදේම වෙයි කියලා....? සංගදිය කොච්චර දුර දිග ගියාද කියනවනම් සමරු පොතේ "ඉන්ද්‍ර නීල මිණි සේම දෙනෙත් යුග, නොකරමි දිනෙක රතූ..." කියල ලියල perfume එහෙමත් හලල iron කරලත් තමයි ආපහු දුන්නේ... ඒ මනුස්සයට ඉන්න හිටින්න නෑ... මොකද සමරු පොත එලියට ගන්න නෑ, පුසුඹේ බැරුවා...
මොන පොරොන්දු දීල එක්කන් ආවත්, උපන් ගෙයි මල පැනිල්ල පාලනය කරගන්න බැරි වෙච්චි වෙලාවට, ඉතින් රතු වුනා නෙවෙන්නම්, දෙනෙත් යුග... කාලයත් එක්ක ජීවිතේ බර දැනෙන කොට, තාවකාලිකව හෝ වෙන්වෙන්න වුනහම නම් හැබැයි ඇස් රතු වෙන්න ගත්තේ අප දෙදෙනාගෙම... ගුවන් තොටුපලට මා කඳවා යන රිය තුලින් හිස හරවා බැලූ විට, සුරතින් මුව වසා වැලපෙන ඇයගේ බොඳවුනු නෙත්, නැවත හමුවන තුරුම මා සිහියේ රැඳෙනවා....
මා දුර ඈතක යතැයි සිතා...
ඔබ මෙහි තනිවී ඇතැයි සිතා...
සොවින් තැවී ලතැවී හිඳිමින්...
නිල්මිණි නෙත් යුග බොඳ නොකරනු මැන....
ඔබගෙන් වෙන්වී සමුගෙන යන්නට මට දිරියක් නැත්තේ...
එනමුදු සොඳුරිය අප දිවි රැකුමට මා එහි යායුත්තේ...
ඔබේ මියුරු බස් කල කී දේවල් හද තෙරපී ඇත්තේ...
ඉඩක් ලැබුනු විට ලියා එවන්නම් විස්තර ඒ පැත්තේ...
අදින් පසුව මා අඳුරු අගාධෙක නිරතුරු තනිවෙනවා...
ඔබේ සුවඳ මා හදවත් අරණේ පමණක් පවතිනවා...
ඔබ තනිකර දා වෙන්වී යන මුත් හදවත වැලපෙනවා...
කිසියම් දවසක මා මිනිසෙකු වී යලි ඔබ වෙත එනවා...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....
මොන පොරොන්දු දීල එක්කන් ආවත්, උපන් ගෙයි මල පැනිල්ල පාලනය කරගන්න බැරි වෙච්චි වෙලාවට, ඉතින් රතු වුනා නෙවෙන්නම්, දෙනෙත් යුග... කාලයත් එක්ක ජීවිතේ බර දැනෙන කොට, තාවකාලිකව හෝ වෙන්වෙන්න වුනහම නම් හැබැයි ඇස් රතු වෙන්න ගත්තේ අප දෙදෙනාගෙම... ගුවන් තොටුපලට මා කඳවා යන රිය තුලින් හිස හරවා බැලූ විට, සුරතින් මුව වසා වැලපෙන ඇයගේ බොඳවුනු නෙත්, නැවත හමුවන තුරුම මා සිහියේ රැඳෙනවා....
මා දුර ඈතක යතැයි සිතා...
ඔබ මෙහි තනිවී ඇතැයි සිතා...
සොවින් තැවී ලතැවී හිඳිමින්...
නිල්මිණි නෙත් යුග බොඳ නොකරනු මැන....
ඔබගෙන් වෙන්වී සමුගෙන යන්නට මට දිරියක් නැත්තේ...
එනමුදු සොඳුරිය අප දිවි රැකුමට මා එහි යායුත්තේ...
ඔබේ මියුරු බස් කල කී දේවල් හද තෙරපී ඇත්තේ...
ඉඩක් ලැබුනු විට ලියා එවන්නම් විස්තර ඒ පැත්තේ...
අදින් පසුව මා අඳුරු අගාධෙක නිරතුරු තනිවෙනවා...
ඔබේ සුවඳ මා හදවත් අරණේ පමණක් පවතිනවා...
ඔබ තනිකර දා වෙන්වී යන මුත් හදවත වැලපෙනවා...
කිසියම් දවසක මා මිනිසෙකු වී යලි ඔබ වෙත එනවා...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....
කැමතිම ගායකයෙකුගේ , කැමතිම සිංදුවක් ..
ReplyDeleteඅමරණීය කටහඬක් උරුම වුනු අමරණීය ගායකයෙක්.
"සොඳුර මට සමුදෙන්න" කියන සිංදුව අහන හැම වෙලාවකම ඒ පූර්විකාව ලියපු මානවකයා " දවල් ආහාර වේලත් රැගෙන, බස් රියක් එනතුරු පාරේ රැක සිට, නැති තැන, පයින්ම හන්දියට ගාටන " අයුරු සිහියට එනවා වගේම තමයි..
ඒ මානවකයා ට කතා කරන හැම වෙලාවක දීම මේ ගීතයත් මට නොදැනීම මතකයට එනවා..
"ඔබ තනිකර දා වෙන්වී යන මුත් හදවත වැලපෙනවා...
කිසියම් දවසක මා මිනිසෙකු වී යලි ඔබ වෙත එනවා."
ආදරණීය දරුවන් , බිරිඳ , දෙමාපියන් හැමදෙනාටම සුන්දර හෙටක් හදන්නට දුර ඈත දේශයන් හි දහදිය හෙළන හැම දෙනාටම උපහාරයක් වෙමින් සදාකාලිකව වැජඹෙන ගීතයක් වේවි...
-ජය
* ගොළු හදවත
ReplyDelete* බඹා කෙටූ හැටි
* මුව දඩයම
* ලස්සන ඇස්
* ගැහැණු ළමයි
* පිරුණු හදක්
* යහළු යෙහෙළි
* මව සහ දුව
* ඇවැස්ස නෑයෝ
* හතුරු හිතක්
* රිදී නිම්නය
* සතීගේ කතාව
* කුල කුමරිය
ඈත්ත අයියා.ඔක්කටම අකුරු 6යි. ස්සන ඈස් කතාව තමයි ලස්සනම කතාව...මතකද ඒ කතාවෙ. කොල්ල ගෙදර යනකොට අවසාන වතාවට ඒ ලස්සන ඈස් බලනන් වෙන්නෙ නැහැ. ඒයා බස් එකේ යන අතරෙ තමයි ගැහැණු ළමයා ආපහු එන්නෙ.අවසාන වතාවට දකින්න කියෙන අයස්ථාව මඟඈරෙනවා. ඒ ටික තමයි දුකම.
ඒ කතාවෙ නම් ලස්සන ඈස් අයිතිකාරි වයසින් වැඩිමල් වගෙයි මතක
එයාගෙ නංගි එයාෙ වඩා ලස්සනයි. මට මතකයි ඒ ගැන ඒ ගැහැණු ළමයා වික්ටර් ගෙන් අහනව.ඒත් වික්ටර් කැමති ලස්සන ඈස් වලට.ඒ කතාව මගෙත් හිත හැදුව.
"හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං
බාල බොලඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමං වී
යොවුන් වියට පියමැන්නේ
ප්‍රිය ළඳුනේ
නුඹ නිසායි "
ඒ අයියා skype එකට පිං සිද්ධ වෙන්න ලස්සන ඈස් අයිතිකාරි එක්ක කතා කරනව වගේ නේද?
මේ වාගේ හෘදයංගම මගේ සිත කියවන සොයුරු සොයුරියන් කෙසේනම් ආයේ හමුවෙයිද...? යෝගී..උඹේ මනුස්ස කමේ සුවඳ මට සත් සමුදුරින් එතෙරට දැනුනේ උඹේ බ්ලොග් එකට ආ පලමු දවසෙයි... වත් නංගියේ උඹත් මගේ හිත කියවනවා ගොඩක් කල් ඉඳන් නේ....?
ReplyDelete"උපන් ගෙයි මල පැනිල්ල පාලනය කරගන්න බැරි වෙච්චි වෙලාවට..." හහ් හහ් හා, පට්ට කියමන. මටත් තියෙන්නෙ ඔය සන්තෑසියම නොවැ. ඉතිං හැමදාම වලි... :)
ReplyDeleteඔව් බං... පස්සේ ඉතින් කට කපා ගන්න හිතෙනවා උන්දැලාගෙ ඇස් රතුවෙලා නහය බුරුල් වුනහම....
ReplyDeleteහෙහ්.. හෙහ්... දැනට දෙන්නයි... බලමු තව කීයක් ඉඳීද කියලා...
දුර ඇත රයක තනිවී
ReplyDeleteසිහිවෙන හැම මොහොතක් ගානේ
දෙනෙතට කඳුළු නැගේ
එන්න හිතයි පියඹා ඔබෙ කුටියට
මාගේ කිරිල්ලියේ
දුරකතනෙන් ඔබ අමතන විටදි
සිතට දැනුනෙ අපමණ සතුටක්
මතක නැහැ පද ටික .. මට ඒ සින්දුවත් මතක් වුනා.
සින්දුව නම් හොඳටම දැණුන සින්දුවක්. පොත් නම් කියවල නෑ ඉතිං :)
ReplyDeleteඅද තමා අයියේ මම නම් ඉස්සෙල්ලම comment එකක් දාන්නේ..
ReplyDeleteසිංදුව නම් අහලා නැහැ ..ඒත් ඒක ලස්සනයි..
මම මේ කියන්න හැදුවෙ තව පොතක් තියනවා .."මානවිකාවක්" මේකත් අනිත් ඒවා වගේම ලස්සනයි. සුපුරුදු පරිදි අකුරු හයයි :-)
මාත් ඔය පොත් සෙට් එකනම් කියවලා නැහැ. සින්දුව නියමයි අයියේ. හිතට දැනුනා.
ReplyDeleteමම ඉතාමත් ප්‍රිය කරන ගායන ශිල්පියෙක් තමයි මෙතුමා.
හප්පේ තිස්ස අයිය කොහෙද ගියේ...? වැඩ ගොඩකට හිර වෙලා නිදහසේ බ්ලොග් වල සැරිසරන්න දැනුයි ඉඩක් ලැබුනෙ.........
ReplyDeleteතිස්ස අයිය අපිව හිනස්සල ආයෙමත් හිතට දුකක් දීල නේද.....?
පොත් සෙට් එකෙන් කීපයක්ම කියවල තියෙනව පොඩි කාලෙම....හිතට දැනෙන ගීතයක් තිස්ස අයියෙ...... ස්තුතියි.....( පන්තියක ගෙවන පැය තුනවත් ගෙවා ගන්න බැ අපිට .... :( )
හරිම සංවේදී සිදුවීමක්, ලස්සනට ලියලා තියනවා. මොකද මන්දා මගෙ ඔලුවට ආවෙ, ගුණදාස කපුගේ මහත්තයා ගයන "මගෙ බිසවුනේ අසාපං" ගීතය. ඒකත් මේ කථාවට ගැලපෙනව කියලා හිතෙනවා.
ReplyDeleteහැමදෙයකටම මිලක් ඇති, සංබන්ධකං නිකම්ම නිකං බිස්නස් එකක් වෙච්ච මේ යුගයේ, මෙවැනි අව්‍යාජ, සොදුරු සිදුවීමක් අහන්න ලැබීමත් වාසනාවක්. ඔබේ පවුලටම මගේ සුබ පැතුම් මිත්‍රයා.
තිස්ස අයියා රවා මල්ලියා.. ආවා ගියා.....රවා ආපහු අසරණයි... මෙ පිටුව ලොඩ් කරගන්න මට තප්පර 30 ක් විතර ගියා...දැන්ම තිස්ස අයියගෙ සින්දු ටිකත් මෙ ටිකෙ කරකවනවා.. තාම යසොදරායි, බිඳුනු පෙමට නාඩන් මා නැගෙනියනෙ... නියම සින්දු දෙක .. එ අස්සෙ මට හම්බ උනා " නිල් අහස " කියලා ආකාස කුසුම් කියන චිත්‍රපටියෙ සින්දුව .. එකත් හරිම ලස්සනයි.. අහලා තියනවද එක..?
ReplyDelete@wath: මොකද්ද ඒ සින්දුව වත්...? මම අහලා නෑ..අලුත් සින්දුවක්ද...?
ReplyDelete@h: පොත් මොටෝ... හිතට දැනෙනවනම් කොයි දේත්... ස්තූතියි ඔබට...
@නිමන්ති: ඔහ් ආයුබෝවන්ඩ... මේ අර ලස්සන කවි කොමෙන්‍ටු දාන නගා නොවැ... ලියමුකෝ මේ පොතෙත් කවියක්... (මෙහෙම කිව්වහම මට මුරුංගා කියලා සමහරු කියනවා...)
@Raven: එව්වා ටිකක් විතර බොලඳ පොත් මල්ලියේ... ඇත්තටම කියන්න උඹේ පරිකල්පනයට ඩිංගක් පහලින් තියෙන්නේ එව්වා... ඉස්සරහට යනවා මිසක්කා ආපහු එන්ට එපා... ලෝකෙට ගොඩක් සේවයක් කල හැකි ඔබට එතකොට....
@විශ්මි: දැං ඕං දවස් දෙකකට සැරයක් මෙව්වා දාන්න කියලා දැනමුතු කොමක් ලැබුනා... කාර්‍ය බහුල අයට මඟ හැරෙන එකත් වලක්වලා එහෙම කොරමු කියලා... දෙවියනේ පොඩි කාලෙම කියෙව්වද...? ඔයින් ගියා මදෑ එහෙනම්...
@Siribiris: අපොයි ආයුබෝවංඩ කලකින්...? හරි තමා... දුෂ්කරවු මේ පලාතේ ඈ හට ඉන්ට බැරිය සා පැටවුන් එක්ක... ඔබේ සුබ පැතුම් මට බොහොමත්ම වටිනවා....
@රවා: හ්ම්ම්ම් වෙබ් අවකාශයේ තිර්ථ යාත්‍රිකයා... ඔන්න ආවා...වෙලාවක් කලාවක් නැති... මිනිස්සුන් ගේ පෑරිච්ච හිත් වලට බේත් දදා යන රවා මල්ලියා... මේ graphics වැඩි වුනහමද මල්ලා මේක ලෝඩ් වෙන්න වෙලා යන්නේ... අපට පොඩි දැනමුතුකමක් දුන්න නම්..අර සින්දුව අහලා නෑ මල්ලියේ ... ඒක ටිකක් අලුත් නේ...
හරිම අපූරු ඒ වගේම හැඟුමිබර ගීතයක්...
ReplyDeleteගීතය ඇහෙනකොට නම් ගොඩක් දේවල් හිතෙනවා...
එකපාරටම මට මතක් වෙන්නෙ අපි A/L Classes ගිය කාලේ... තිස්ස අයියට කියන්න ඒ කාලේ මටත් ඔය ගැහැණු දරුවන්ව පෙන්නන්න බෑ..
කෙල්ලෙක් දිහා නිකමටවත් නොබලපු කාලයකුත් තිබුණා.. හැම කෙල්ලෙක්ම හිතුවේ මං හරි ආඩම්බරයි කියල... හිත යටින් බැන බැන එයාල හැමෝම මං ගැන හිතල තියෙනව කියල කියල මං දැන ගත්තේ සෑහෙන්න කාලෙකට පස්සෙ..
මටත් ඔය පොත් ටික නම් කියවන්න ලැබිල නෑ... මොකද මං එකම වර්ගයෙ පොත්වලට කොටුවෙලයි හිටියේ ගොඩ කාලයක්ම... මං කියෙව්වෙම විද්‍යා ප්‍රබන්ධ පොත් විතරයි.. අදටත් සිය ගණනක එකතුවක් මං ළඟ තියෙනවා...
“Gracias hermano!” ...
Verdaderamente eres un tipo increíble.
ReplyDeleteMuchas gracias por su esfuerzo.
usted siempre está tratando de darnos algo en qué pensar.
Gracias Gran Hermano!
ගුවන් තොටුපලේ වීදුරු දොරකඩ හිත හැඬුවත් මගෙ හැමදාමත්
ReplyDeleteකවදාවත් මම නෙතින් හඬා නැත වෙන්ව යන්නෙ මැයි බොහෝදුරක්
නැවතෙන අයගේ හිත් සනසන්නට එහෙම කලත් මම හැමදාමත්
ගුවනට නැංවෙන හැම විටකම නම් කඳුලින් බරවිය මගේ නුවන්
@තිස්ස අයියා
කවදා එන්නද?? යලි මව් බිම වෙත සිතනා බව දනිමි
බොහෝ දුර වුවත් සිතට ලඟ අයත් හමුවී ඇති බව මම දුටිමී
මටත් එහෙම වූ කල මම නම් තවමත් පුදුමව මඟ බලමී
දුරු රට වෙහෙසට "හෙළ බස" ඔසුවක් වුවැයි මම හඟිමී
අයියේ ඇත්තටම මට කවියක් ලියලා යන්න අමතක උනානේ..
හේතුවත් කියන්නම්කෝ ඉතින්..
පොත් ටිකේ නම් දැක්ක ගමන්..මගේ පලවෙනිම කැමැත්ත ඉස්සර උනා..
මොකද?? මම කෑම වතුර නැතත් පොත අතේ කෙනෙක් නිසා.
ඔන්න අයියා කියපු නිසා කවියකුත් ලිව්වා.
බොහෝමත්ම ස්තූතියි!! 'ලස්සන කවි කොමෙන්‍ටු දාන නගා'කිව්වට..
අනේ ඒක නම් ඇත්තමයි මේ දවස් වල මාව ගොඩාක් දෙනා ඔය මුරුංගා අතුවල තියනවා.
අයියා එහෙම නැහැ නේද?:D අඩුම ගානෙ මුරුංගා අත්ත හයියයි නේද?? මොකද කොන්ද කඩාගන්න බැහැ:P
@sansaranidu: නැතුව නැතුව... උඹ වාගේ හැන්ඩියෙක් අහක බලන් යනකොට මලම පනින්න ඇති... හැබැයි බං වැඩි හරියක් ඇත්තටම එහෙම තමයි නේ...?
ReplyDeleteහප්පට සිරි එච්චර පොත් තොගයක් එකතු වුනේ කොහොමද...?
එහෙනම් උඹත් ඉස්මනටම ස්පාඤ්ඤ ඉගෙන ගත්තා නේ... හෙහ් හෙහ් හෙහ්....
ඔය hermano = bother කියන එකෙන් වෙන්ටෑ අපේ "හරමානිස්" එක හදාගත්තේ අපේ උන්නැහේලා...
@අහ් ...කවි කාරියේ ...සින්දු කියනා ලඳේ... ඉකමනටම කව් පබැඳුවා නේ....
ඕං බලමු ඔබත් ගත් කටටම මුරුංගා කතාවක් කීවා නේ...
ගැහැනු හරිම අකෘතඥයි අප්පා....
ඇත්තෙන්ම පලමු කොමන්ට් දෙක පෙරහැර පටන් ගන්න විට පොස්ට් එක කියවන්න ලැබුනත් සිංදුව රසවිඳින්න ඉඩක් ලැබුනෙ නැහැ. ගෙදර ඇවිත් කීපවරක් ම සිංදුව ඇහුවත් තුලාවේ එකම පැත්ත පුරවන්න බැරි නිසා ලිවීම පමා කලා...
ReplyDeleteසොයුර, මතකය රිවයින්ඩ්... හිතේ රූප රීප්ලේ... ඇස් බෝල ද ලුබ්‍රිකේටින්... අද තත්වය වෙනස් වුනත් ගුවන් තොටුපල හා බැඳි වෙන්වීම පොදු දෙයක් නේ... අපි එකම රෑනේ නොවැ
සොයුර ආ මග කෙටියි යායුතුව ඇත දුරක්... උදාවෙන හිරු නව අරුණෝදයේ කිරනින් දහිරිය හා ශක්තිය වැඩි වැඩියෙන් ගෙනදේවා...
ඊයේ ගුණදාස කපුගේ මහත්තයා අනුස්මරණය, ආපසු මතක් කර ගීතය "මගෙ බිසවුනේ අසාපං".
පොත් ටික ගැන කියෙව්වාම හිත ආයෙත් මහජන පුස්තකාලය ලුහුබඳින්න පටන් ගත්තා.
තිස්ස සොයුරා හරමානිස් ගැන සඳහන් කාරම මතකයට ආවෙ:
ReplyDeleteඅන්ද්‍රේ ග්‍රොමිකෝව (රුසියානු), අන්ද්‍රේ අගාසි (ඉරානයෙන් බැහරව ගිය පවුලක ඇමරිකානු) නම් එක්ක බලන විට අපේ අන්දරේත් එහෙමද දන්නෙ නැහැ. අරිට්ටකී වෙන්ඩුත් කේරල කෙනෙක් කියලා 90 ගනන්වල දී (අර අභියෝගය කාලෙ රත්කරන පුටුවල තෙල් ගාපු කතා සාම්බන්ධව...) ලියාපු ඒවායේ කියෙව්වා මතකයි.
හෙහ් හෙහ්..
ReplyDeleteNo es nada hermano mayor.
හැබැයි මං නම් එච්චර හැන්ඩියෙක් නෙමේ..
පෙර පිනකටද පවකටද නම් දන්නෙ නෑ...
අම්මගෙන් ලැබිච්ච පාටයි.. වයස පේන්නැති ගතියකුයි නම් තියේ..
තාමත් ඩෙනිමක් ගහල ටී ෂර්ට් එකක් දා ගත්තම A/L කොල්ලෙක්ගෙ look එකක් තියෙන්නෙ... මගෙ වයසෙ අනෙක් උන්ට වඩා පොඩි පෙනුමක්...
හෙහ් හෙහ්...
මං එකතු කළා අයියෙ...
මං කියෙව්වෙම විද්‍යා ප්‍රබන්ධ පොත් විතරයිනෙ.. ඉතින් කොහේ ගියත් පොතක් දැක්කොත් අරගෙනමයි එන්නෙ.. ඒ වගේම තමයි Science Fiction Movies Collection එකත්...
මේ දිනවල උදේ හවා මට ඇහෙන ගීතයක් . . . මොකෝ මේ ගීතය ඇතුලත් CD එකක් තමයි මේ ටිකේ කාර් එකේ තියෙන්නේ . . .
ReplyDeleteඅහ් . . උඹේ හඳුන්වාදීමේ කොටස නම් හරිම හැඟීම්බරයි . . ඒත් උඹ එක්ක එකඟ වෙන්න බැරි තැනක් තිබුනේ උඹ රේවන්ට දුන්නු පිලිතුරෙයි . . .
"එව්වා ටිකක් විතර බොලඳ පොත් මල්ලියේ... ඇත්තටම කියන්න උඹේ පරිකල්පනයට ඩිංගක් පහලින් තියෙන්නේ එව්වා "
හරි මම මෙහෙම කියන්නම් . . රේවන් මලේ මේ පොත් ටික හොයාගෙන (තිසා කියපු ටික විතරක් නෙමෙයි වත් ලියපු ඔක්කෝම ටික) හොයාගෙන කියවන්න . . .
ඊට පස්සේ උඹයි මායි එකතු වෙලා තිසාට විරුද්ධව (තිසාගේ පාඨයට විරුද්ධව) සටන් කරමු . . . . !
සුලා උඹත් මාත් එක්ක නේද . . ?
හයියෝ අකෘතඥ නැහැ මම කිව්වේ ඇත්ත.
ReplyDelete@සන්සරසිඳු ඊයෙ පොත් 100 වඩා තියනවා කියපු එක දැකලත් මම මොකුත් නොලියම ගියා.අද තියනවලු..Science Fiction Movie Collection එකකුත්.දැන්නම් ඉතින් බැංකුව හොයාගන්නම වෙනවා.:D
@ nimanthi,
ReplyDeleteNo hay ningún problema mi querida hermana. Por favor, tenga la bondad de venir a mi encuentro, cuando lo encontró.
හෙහ් හෙහ් හෙ...
තිස්ස අයියට පින් සිද්ධ වෙන්න.. දැන් කොහොමද මගේ Spanish ?
@sansara sidu,
ReplyDeleteමම යනවෝ....Bye...!!
----- මදිවට දැන් Spanish ඉගන ගන්න වෙයි වගේ මට..
එතකොට මම ෂට් භාශා පර මේශ්වර වෙනවා..බලමු ..???
නැහැ ඔයාගෙ සයිට් එකෙ අවුලක් නෙමෙ.. මෙකෙ අවුල තියන්නෙ dialog කියන ලොක පූජිත සමාගමෙ.. උන් 5 GB දෙනවා 1 Mbps වලින්.... ඉට පස්සෙ ඔනතරම් 8 kbps තමයි සමහර වෙලාවට බ්ලොග් හතරක් විතර ලොඩ් වෙන්න දාලා ගම වටෙ රවුමක් ගිහින් එන්නවා... එක කියවන්න..
ReplyDeleteතිස්ස අයියා රවා මල්ලිටත් ලොකු තුවාලයක් වෙලා තියනවා.. ඌ එකෙ වෙදනාව දන්න හින්දා තව කාගෙ හරි තුවාලයක් දැක්ක ගමන් ගිහිල්ලා බෙත් ටිකක් දානවා.. එකෙ වැරැද්දක් නැහැනෙ..අපි අපිනෙ අයියා.... මොකටද බොරු ලොකුකම්.. අපි සිංහලනෙ.. හැමොගෙම කැරැට්ටුව හැමොම දන්නවානෙ.....සැන් පවුඩර් ලට්ට ලොට්ට උලන් හිටියට හමෙ සුවද එකමයි..හමට යටින් යන ලේ වල පාටත් එකමයි..
කෙනෙක්ගෙ පෞද්ගලික සීමාවන් වල දුර්වල තැන් වලින් ඇතුලට ගිහින් කවදාවත් මම හානියක් වෙන්න ඉඩතියන්නෙ නැහැ.. කරන්නෙත් නැහැ.. මට හොද මොලයක් තියනවා කොච්චර අමාරු තැන් උනත් රවාස් තියරි වලින් ගොඩ දානවා.. එක හින්දා තිර්තයාත්‍රිකයා කියලා කියන්න එපා.. නිකන් මලයා කියලා කියන්න...හහ්..හහ්..හහ්..
@ රවා,
ReplyDeleteසාධාරණ භාවිතය පිළිබඳ ප්‍රතිපත්තිය...!
ඇත්තනෙ මචං උඹල අපි වගේ අය වැඩියෙන් පාවිච්චි කොළහම අනිත් මිනිස්සු අමාරුවෙනෙ...
හිහ් හිහ් හී...
මං ඔය Dialog package එකට නොගියත් ඕක නිසා මචං..
@ගල්මල්-Coral : බොහොම ස්තූතියි මහත්තයෝ ඔබට... වැඩ දිහා බලපුවහම නම් කේරල කාරයෝ අපේ එමට වාගේ නේ....?
ReplyDelete@sansarasidu: ඒකත් මරු නොවෑ... වයස් කීපයකම උදවිය ඇසුරු කොරන්ට පුලුවන් නෙවෑ ඇඳුම මාරු කල පමණින් නේ...?
@දුකා: ඇත්ත බං... ඒ වුනාට මේ කොලුවා ටිකක් අමුතුයි... මැන්ස් ගේ පරිකල්පනය දිව යන්නේ අමුතු රටාවකට... දියුණු කලානම් රට ලෝකෙට ලොකු සෙතක් කරාවි... උඹේ අපේ මාර්ග වෙනස් නොවෑ....
සුලා ඉතින් සුලඟම තමා... ඕන වෙලාවට ආවා.... ගත සිත සතපා සෙමින් ඇදී යනවා... ආ තැනක් උන් තැනක් නොදනී....
@nimanthi හම්මෝ ... එක බාසාවක් දැනගෙන, අපිට නිකං කිඹුලාපිටියෙන් ගෙයක් ගත්තා වාගේ... හයක් දැනගත්තොත් මොනවා වේයිද...
@රවා: ඔන්න "මලේ"වැදගත් කතාවක්... "කෙනෙක්ගෙ පෞද්ගලික සීමාවන් වල දුර්වල තැන් වලින් ඇතුලට ගිහින් කවදාවත් මම හානියක් වෙන්න ඉඩතියන්නෙ නැහැ.. කරන්නෙත් නැහැ.." කියල වැඩක් නෑ .... එල.....
තිස්ස අයියා දැන් ටිකක් ඇතට ගිහින් වගෙ හැගීමක් දැනෙනවා.. මම එකයි එහෙම කිව්වෙ.. මව වරදවා වටහා ගන්න එපා..හැබැයි තද බැදිම් වලින් දුක විතරයි ඉතුරු වෙන්නෙ.. මාරයා පිස්සු කරපු වෙලාවෙ තිස්ස අයියගෙ හිතෙ තිබුණු පසුතැවිලි විම මම දැක්කා. එහෙම තමයි මිනිස්සු ..යන්ත්‍ර නෙමෙනෙ..
ReplyDelete@ රවා:ඒක නෙවෙන්නම් ... ඒ වෙලාවෙනම් ෆුල් අප්සෙට් ගැහුවා බං ...හැබෑව... සෙට් වුනහම ආයේ ලංවුනා කියලා දැනෙයි උඹට....
ReplyDeleteතැනින් තැන යන අහිගුන්ඨික ජීවිතය අවසන ඔලුව අච්චාරුවක් වනු ඇති බව නිසැකය මටද...!?කල හැකි කිසිවක්ද?? මට නැත.
ReplyDeleteඅර කියලා තියන දේ මට හරියටම තේරුනේ නැහැ අයියේ..???
කාට හෝ මා අතින් වරදක් සිදුවුනි නම්?? මට සමාවෙන්න...!!!
හ්ම්ම්... කෙනෙක් ගේ නෝක්කාඩුවක් නේ ... ඔයාට කවි කාරී කිව්වා කියලා....හෙහ් හෙ හෙහ්.... ආදරේටම තමා ඉතින්....
ReplyDeleteලස්සන සිංදුවක්නෙ. ස්තූතියි දැම්මට
ReplyDeleteපොත් වල නම් ටික නම් අහලා තියෙනවා... ඒත් ඔය වික්ටර්ව නම් අඳුනන්නේ නෑ... ගීතය අරගත්තා... බොහෝම ස්තුතියි...
ReplyDeleteනැති අත්දැකීමක් ඇහේ බබා වගේ දැනෙනවා උබේ උපහැරණ වලට. මම ඇයි මෙච්චර පමාවෙන්නේ කියල තමා මම මේ හිතන්නේ!
ReplyDeleteහිතවත් තිසා….
ReplyDeleteපහුගිය දවස් ටිකේ වැඩ අහවර නැතිකම නිසාම කෙටි සටහනක් දාගන්න බැරි උනාට මේ ඉසව්වට නිතර ආව ගියා…
ලස්සන ගීතයක්…මර්වින් පෙරේරා මහත්තය ජීවමාන නොවුනට එතුමගෙ ගීත හැමදාමත් අපිව ජීවත් කරවනවා…..? ගීතයෙන් කියැවෙන පරිදි මට අත්දැකීම් නැතිවුණත් පූර්විකාවෙන් කියැවෙන පරිදි තිසාවනම් හොඳටම සසළ කරලා තියෙන බව නම් පේනවා….”ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ..”
………………………………………………………………………………………………
ඒයි..දුකෝ….මම උඹත් එක්ක සියේට සීයක් එකඟයි……හිටිo මන් උන්දැට කියාදෙන්න අර කියන බොලඳ කතාවේ හතර මායිo….(ඔය කිව්වට මම ටිකක් බයයිත් එක්ක )
“වික්ටර්” ඒ ලස්සන දෑස් වල හිමිකාරිය දැකල ආලවන්ත කම් පෑවට….ඩී ආර් ඕ මහත්තය කුසුම් අමතක කරල අම්මගෙ මනාපෙට වෙන එකියක් සහේට ගත්තාට හිතන්නෙපා මත්තෙන් පේන ඒ සරළ සිද්ධිදාම නිසා උක්ත කතන්දරකාරයා (කරුණාසෙන ජයලත් ශූරීන් )හුදු ජනප්‍රිය සරළ කතාකාරයෙක්ය කියලා…ඔහු නිර්මාණය කල ඒ හැම චරිතයකම පොදු ජන ජීවිතවලින් උකහා ගත්ත ලක්ෂණ එමට පෙනෙන්න තිබුණා…
ඒ නිසයි වත් ළමය ඉහතින් සඳහන් කරල තිවුණ හැම කතාවක්ම අපට සමීප වෙල තියෙන්නේ…
මන්දා…..මම නම් ඔය කියන ගැහැණු ළමයි,නිමල් හතුරුසින්හ,ඩ්‍රයිවර උන්නැහැ,කුසුම්,සෝමා…තුල ජීවත් වුණා සේම මා ජීවත්වූ ගමේ…නගරයේ…වැඩබිමේ…දුම් රියේ හැමතැනකදීම ඔය බොළඳයි කියන චරිත ඇතිවුන් එමට මුණ ගැහිලා තියෙනවා…තව එකක්…ඔඅය කතා බොලඳයි කියන පිරිස් “රෝමියෝ ජුලියට්” ට ඔය ලේබලය අලවන්නේ නැත්තේ ඇයි…
ඉදින් තිසා………..?????
සමාවෙන්න ඕන….
අද සුළඟ ටිකක සැරවැඩ්යි……………….මහ වැස්සකටද මන්දා…..
මේ..
සුලා…
ප.ලි.
කෝ මේ පාලිත ළමයව දැක්කේ නැහැනේ හුඟ දවසකින්....වැඩත් වැඩිවෙන්ඩෑ...
හිතවත් තිසා….
ReplyDeleteපහුගිය දවස් ටිකේ වැඩ අහවර නැතිකම නිසාම කෙටි සටහනක් දාගන්න බැරි උනාට මේ ඉසව්වට නිතර ආව ගියා…
ලස්සන ගීතයක්…මර්වින් පෙරේරා මහත්තය ජීවමාන නොවුනට එතුමගෙ ගීත හැමදාමත් අපිව ජීවත් කරවනවා…..? ගීතයෙන් කියැවෙන පරිදි මට අත්දැකීම් නැතිවුණත් පූර්විකාවෙන් කියැවෙන පරිදි තිසාවනම් හොඳටම සසළ කරලා තියෙන බව නම් පේනවා….”ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ..”
………………………………………………………………………………………………
ඒයි..දුකෝ….මම උඹත් එක්ක සියේට සීයක් එකඟයි……හිටින් මo උන්දැට කියාදෙන්න අර කියන බොලඳ කතාවේ හතර මායිo….(ඔය කිව්වට මම ටිකක් බයයිත් එක්ක )
“වික්ටර්” ඒ ලස්සන දෑස් වල හිමිකාරිය දැකල ආලවන්ත කම් පෑවට….ඩී ආර් ඕ මහත්තය කුසුම් අමතක කරල අම්මගෙ මනාපෙට වෙන එකියක් සහේට ගත්තාට හිතන්නෙපා මත්තෙන් පේන ඒ සරළ සිද්ධිදාම නිසා උක්ත කතන්දරකාරයා (කරුණාසෙන ජයලත් ශූරීන් )හුදු ජනප්‍රිය සරළ කතාකාරයෙක්ය කියලා…ඔහු නිර්මාණය කල ඒ හැම චරිතයකම පොදු ජන ජීවිතවලින් උකහා ගත්ත ලක්ෂණ එමට පෙනෙන්න තිබුණා…
ඒ නිසයි වත් ළමය ඉහතින් සඳහන් කරල තිවුණ හැම කතාවක්ම අපට සමීප වෙල තියෙන්නේ…
මන්දා…..මම නම් ඔය කියන ගැහැණු ළමයි,නිමල් හතුරුසින්හ,ඩ්‍රයිවර උන්නැහැ,කුසුම්,සෝමා…තුල ජීවත් වුණා සේම මා ජීවත්වූ ගමේ…නගරයේ…වැඩබිමේ…දුම් රියේ හැමතැනකදීම ඔය බොළඳයි කියන චරිත ඇතිවුන් එමට මුණ ගැහිලා තියෙනවා…තව එකක්…ඔඅය කතා බොලඳයි කියන පිරිස් “රෝමියෝ ජුලියට්” ට ඔය ලේබලය අලවන්නේ නැත්තේ ඇයි…
ඉදින් තිසා………..?????
සමාවෙන්න ඕන….
අද සුළඟ ටිකක සැරවැඩ්යි……………….මහ වැස්සකටද මන්දා…..
මේ..
සුලා…
ප.ලි.
කෝ මේ පාලිත ළමයව දැක්කේ නැහැනේ හුඟ දවසකින්....වැඩත් වැඩිවෙන්ඩෑ...
@සුලා: හප්පට සිරි...පාවී පාවී මේ එන්නේ අතීත්යේ සිට එන සුලා නේද...?
ReplyDeleteඇත්ත ඇත්ත බං මාත් එතන තමා ඉන්නේ...
ඒ වුනාට මේ Raven කොලුවව පොඩ්ඩක් අද්‍යයනය කොලානම් තේරෙයි... මං කී කාරනාව... තේක්ක බුරුත ලීයෙන් හැරමිටි හදන්නත් පුලුහං තමා... නමුත් ......
@සුලා: උඹව අමාරුවේ වැටෙන්න යන්නේ... ඔන්න ගුරුදාට හමුවෙන්න ආරාධනාවක් දුකා ගෙන්... දැන් ඉතින් උඹම දහංගැටයක් දාලා බේරෙන්න බලපං.... මට කියනවා උඹව කොහොම හරි සෙට් කරගන්නලු.... මේ දැන් කිව්වේ....
ReplyDeleteසුලා…
ReplyDeleteසහතික ඈත්ත. දවසක් අපේ අම්ම ( මේ ලඟදි දවසක) කීව ආදරේ බොළඳ නැත්තෙ කොහෙද ළමයෝ. මහ පණ්ඩිතයෙක් ආදරේ කරත් ආදරේ බොළඳයි කියල.
සහතික ඈත්ත.
කරුණාසෙන ජයලත් ශූරීන් තරමට ගැහැණුන් දිහා කාරුණික සිතකින් බලපු වෙනත් කතුවරයෙක් නැති තරම්.අනික මහ ගැඹුරින් බර වචන වලින් ජීවිතය ගැන දකින අය හිත්වල තියන දේවල් එළියට දාගන්න බැරිව දුක් විඳිනව නේද කියල මට හිතෙනව.
දවසක් කෙනෙක් කීව මේක "මල් පත්තරයක්" වගේ කියල. ඒත් කවුරුත් හොරෙන් හරි මල් පත්තරයක් බලනව.ඒත් හිතේ තියන මල් කාටවත් පෙන්නන් කැමති නැහැ . බයයි අර පොර ගතිය යයි කියල .
ඒකනේ අපේ මිනිස්සු කවදාවත් මම ඔයාට ආදරෙයි කියල කියන්න ලැපැකිලෙන්නනෙ.පැකිලෙන්නෙ.බුදු අම්මේ කවුරුහරි ඉස්සරහ එහෙම කීවොත් ලෝක ලැඩ්ඩාව නේ අපේ අයට .
හිතේ තියන් දුක් ව්දිනව.
ජීවතේ විදවනව...
අනේ කාගෙවත් හිත රිද්දන්න හිතල කීව නෙමෙයි. ඔයාලගෙ හිත් වල තියන මල් වලටත් පිපෙන්න ඉඩ දෙන්න. ඒ මල් වල සුවඳ අනිත් අයටත් දැනෙන්න ඉඩ දෙන්න. හිතේ තියන් දුක් විඳින්න එපා.
ReplyDeleteමම ම පටන් ගන්න ද? මම මේකේ ඉන්න තිස්ස අයියා. රවා. මාරයා තුන් දෙනාට හරිම ආදරෙයි.
ආහා....හැරෙන තැපෑලෙන්ම වත් ළමයත් මේ කතා කරන්නේ....
ReplyDeleteඇත්තටම වත් හරිම ආඩම්බරයි.....අපේ කාලයේ ලලනා උදවිය ජීවිතය මේ විදිහට දකිනව කියල හිතුමත් .......අනේ....වාසනාවන්.....
මේ...
සුලා...