මධු බඳුන් දෙතොල් විෂ බඳුන් කළේ...

තවත් දවසක උදාවක්... මා ආයතනයක යම් අංශයක් බාරව සිටි කාලයක්...
"හලෝ... මේ අහවලාද...?" මොන මරාලයක්ද මංදා උදේම... ප්‍රදර්ශනය කලයුතු රාජකාරි ස්වරය මුවට... "ඔව් කතාකරනවා...."
"ඔතන වැඩ කරන අහවලා ගේ අහවලා... මම.." "ඔව් කියන්න..."
"මාව වරදවා තේරුම් ගන්න එපා..., එයා ඔතනම ඉන්න ... එක්ක පටලැවිල්ලක් ඇතිකරගෙන..,මේ මනුස්සයා බැඳපු කෙනෙක් කියලා දැනගෙනම ඔය ගෑණිත් මේකට රුකුල් දෙනවනේ..." කාලා වරෙංකෝ උදේම... මෙතන ශ්‍රී ලංකා සුමිත්‍රයෝ කියලා හිතුවද දන්නෑ.... "ඉතින් මට කියන්නේ ඇයි කියන්න කරුණා කරලා..."
"මේ මනුස්සයා දැන් ගෙදර ඇවිත් මට කුණුහරුපෙන් බනිනවා... ඒ මදිවට අතින් පයින් ගහනවත් එක්ක.... කරුණාකරලා ඔය ගෑණු කෙනාව ඔතනින් අයින් කරන්න එහෙම නැත්නම් මාරු කරන්න වෙන බ්‍රාන්ච් එකකට...." හත් ඉලව්වයි ... ඒ ළමයා විතරයි මෙතන දුවලා පැනල පඩියටත් වඩා වැඩ කරන්නේ... "කරුණාකරලා ඔය ප්‍රස්නය තමන්ගේ ස්වාමි පුරුෂයා එක්කම කතා කරලා විසඳා ගත්තොත් නේද හොඳ...?"
"දැන් මම කියන දේ අහන කාලේ පහුවෙලා..." මොන බම්බුවක් කලාද මෙච්චර කල්...? "හොඳයි දැන් එයාව මාරු කලා කියමුකෝ... ඔබ හිතනවද මේ ප්‍රස්නය මෙතනින් විස‍ඳෙයි කියලා..."
"අනේ ඔබතුමාට මම කියන දේ තේරෙන්නේ නෑනේ... මේ දරුවන් දෙන්නා එක්ක මම හිතින් විඳින දුක දන්නේ මමයි මගේ දෙමව්පියනුයි විතරයි... මම මිස්ටර් ගේ ගෙදර ඇවිත් මේ ප්‍රස්නය විස්තර කරලා දෙන්නද...?" ගෝනි නැතුව නැගපි කරේ... මගේ පවුලත් කැඩෙන වැඩක්... හැබැයි ආනමාලු ඇවරියක් වත් අරන් ආවොත්..! "හොඳයි ආවට නම් කමක් නෑ.. නමුත් මම හිතන්නේ මේක ඔබම හස්බන්ඩ් එක්ක කතා කරලා විසඳා ගත යුතු ප්‍රස්නයක්... තවත් අය සම්බන්ධ වෙන්න වෙන්න මේක අවුල් වෙනවා... මේක නිරවුල්ව කියලා දෙන්න එයාට, අඩුම ගනනේ ඉස්සෙල්ලා කේන්ති නොගස්වා ටික දවසක් ඉන්න බලන්න... කූල් ඩවුන් වුනහම අහන්න මොකද්ද ඔයාගෙන් වුන අඩුපාඩුව කියලා..."
"මිස්ටර් එක්ක කතා කරලා වැඩක් නෑ වගේ මේක..." ඔන්න ස්වර්ණ වාහිනියේ රතු ඉර පටන් ගත්තා...! "මම මෙච්චර වෙලා මෙහෙම කතා කලේ ඔබට සාධාරණ දුක් ගැනවිල්ලක් තිබුණා වාගේ පෙනුනු නිසයි... ඒ ලමයාව මට මාරු කරනවා තියා හිතන්නවත් බැරි ලමයෙක්... ඔබේ ප්‍රස්නෙට ඔබ ගෙදර තුලින්ම උත්තරේ සොයාගන්න... එහෙම නැත්නම් හිතවත් යාලුවෙක් හරහා කරගන්න... මට රාජකාරි මට්ටමෙන් ඕකට කිසිසේත්ම මැදිහත් වෙන්න බෑ..."
"හොඳයි එහෙමද... ?" එහෙම නැත්නම් කියයිද...? "එහෙමනම් මම තියනවා.." ෂහ් ආනමාලු කතාව කියන්න බැරි වුනානේ....!!!!

පසු ලිපි: එයින් බොහෝ කාලෙකට පස්සේ අර ලමයාගෙන් මම පුද්ගලිකව අර කතාව ඇහුවා...එතකොට අර හාදයා ආයතනයේ නෑ...
"දැන් අහවලා එක්ක ගණුදෙණුවක් නැද්ද..." මේ ළමයා හොල්මං..."අනේ ... මට ඕකව පෙන්නන්න බෑ..."
"ඇයි අප්පේ ඒ..." "ගෙදර මනුස්සයාව ආණ්ඩු මට්‍ටු කරන්න මාව පාවිච්චිකලා..." හොයපල්ලකෝ උත්තර මේ හතර බීරි කතාවේ....

මධු බඳුන් දෙතොල් විෂ බඳුන් කළේ...
නිර්දය වූ මිනිසුනේ ඔබයි..
නිල් උපුල් නුවන් ගිනි උදුන් කළේ ...
නිර්දය වූ මිනිසුනේ ඔබයි...

සිව්මැලි මාසිත තලා පෙලා රවටා...
සිව්සැට මායම් ඔබයි කියා දුන්නේ...
මියුලඟනක වූ මා මුදු හද රිදවා
වෛර කරන්නට ඔබයි කියාදුන්නේ...

රුදුරු හැපින්නක සේ සේ හද ගැබ කලඹා...
ද්වේශ කරන්නට ඔබයි කියාදුන්නේ...
නොමැකෙන කැලළින් නොනිමෙන ගිනි මොළවා...
වරද බැ‍ඳෙන්නට ඔබයි කියා දුන්නේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

24 comments :

  1. නියම කතාව අයියා...
    (ආනමාළු කතාව මොකක් ද?)

    මෙහෙම වැඩ නම් ඕන තරම් කාර්යාලවල සිද්ධ වෙනව. වෙනසකට තියෙන්නෙ අයිය වගේ අංශ ප්‍රධානියො හැමතැනකම නැති එක.

    ReplyDelete
  2. උඹ වගේ වැදගත් හිතක් පපුවක් තියෙන මහත්තයෙක් හිංදා හොඳයි . . .

    මේ කතාව උඹ මට කලින් කිව්වනේ . . කියපු දවසේ ඉඳන් මම හිත හිත හිටියේ මේ සිදුවීම ගැලපෙන්නේ කොයි ගීතයටද කියලා . . .

    නියමයි උඹ නියම එක තෝරා ගත්තා . . උඹ කතාවටත් ගීතයටත් එක පාර සාධාරනය ඉෂ්ඨ කලා . ..

    ReplyDelete
  3. මලපැනල හිටපු අයගෙන ආනමාලු ඉල්ලන්න ගියානම් අපිට දෙබසෙ ඉතිරි ටිකට තරු ටිකක් තමයි කියවන්න වෙන්නෙ..හික් හික්.

    ගීතය නියමයි.

    ReplyDelete
  4. හරි හරි දැන් නෙව තේරුනෙ . පොඩි පොඩි පගා එහෙමත් ගන්නව එහෙනම් ආහ්...

    ReplyDelete
  5. රජයේ සේවයෙ නම් දැන් තියනව "Clean Hands" කියල වැඩසටහනක්. ආනමාළු ගත්තත් සීනි බෝල ගත්තත් සල්ලි ගත්තත් ඒකට අහුවුනොත් ඉතින් ගෙදර තමයි. මට තියන ප්‍රශ්ණය ඈයි රජයේ සේවය සුළු කොට තකන්නෙ කියල. ඒ ගැන හරිම හිතට වේදනාවයි.(මෙතනට අදාල නැහැ තමයි)

    ReplyDelete
  6. හි හි හි කිවුවත් වගේ ආනමාළු කෙසේ වෙතත් හොඳවයින් ඇඹුල් කෙසෙල් ඇවරියක් නම් ගෙදරටම තැපෑලෙන් එවයි ඒ වෙලාවෙ ඕක කිවුවනම්.....

    තිස්ස අයිය වගේ කෙනෙක් හින්ද ඔය ප්‍රශ්නෙ ඔයින් ගියා.... නියම සින්දුවක් තිස්ස අයියෙ......

    ReplyDelete
  7. තිස්ස අය්යෙ,
    සංවේදී කතාවක් කියවෙන ගීතයක්...
    කතාව ගැන නම් මට මුකුත් කියන්න තේරෙන්නෙ නෑ... ඒත් මට හිතෙනව ඒක ඔයාට කිව් එක නම් වැරදියි කියල...
    හොඳ වෙලාවට ඔයාට අමතක වුනේ ඒ වෙලාවෙ,
    දැන් වුනත් කමක් නෑ ආනමාලු කෙසෙල් ඇවරියක් ඉල්ලන්න..

    ReplyDelete
  8. එවන් අසරණ වූ කාන්තාවකගෙන් ආනමාලු ඉල්ලීම මං දැඩි ලෙස හෙළා දකිනව...

    දෙදරණ දඟර සුළං..
    බිබිලි නගින බෙලිකටු..

    මේව කුමන්ත්‍රණ... ඕං..

    ReplyDelete
  9. හැබෑව හැබෑව ... Clean Hands අයියා Clean Hands.....

    ReplyDelete
  10. ඒක නම් නියම කතාව.
    හැබැයි ආනමාළු කන්න තිබ්බ චාන්ස් එක නිකන් මිස් කරගත්තා නේද ? :) :)

    ReplyDelete
  11. රජයෙ ආයතන වල හොද මිනිස්සු එකාට ගොබ්බයො 20 ක් විතර වට වෙලා.. ඌ ව(හොද එකාව) කන්න හදන තත්වයක් තියන්නෙ.. එකයි වත්සලා අක්කෙ රජයෙ අයතන ගැන මිනිස්සු කල කිරෙන්නෙ.. ඔයා සුදු කෙනෙක් නම්.. එත් ඔයා කලු මිනිස්සු ගොඩාක් මැද්දෙ ඉන්නවා නම් .. පිට මිනිස්සු කියන්නෙ අතන කලු මිනිස්සු ඉන්නවා කියලා...

    තිස්ස අයියා.. සින්දුව අහන්න බැහැ .. මම ගියා රැ වෙලා ඇවිල්ල අහන්නම්.. M S ප්‍රනාන්දුගෙ බයිලා සින්දුවක් හම්බ උනා එකත් එක්ක මෙක අහලා වැඩක් නැතුවයයි.. එක ටිකක් අහලා රැ වෙලා එන්නම්

    ReplyDelete
  12. නියම කතාව අයියා...
    :D

    ReplyDelete
  13. මතකයේ හැටියට සින්දුව සත්‍යයේ ගීතය කාලේ එකක්.

    එදා වූ කේන්තිය පලකරන්නම යොදාගත් ආවේගශීලී ගීතයක්.

    ගත්තානම් ඇවරියක කෙහෙල්... ලෙලිටික දෙන්න තිබුනා සතුන්ට.

    ReplyDelete
  14. රාජ්‍ය ආයතනවල තියෙන අකටයුතුකං අප්පා... බලන්ඩකො මේව කොරල පත්තරෙත් දාන හැටි.
    තව පොඩ්ඩෙං අයියන්ඩි උඹට හම්බෙන්නේ කෙහෙල් නෙමේ.

    හැමදාමත් වගේ හිත‍ පිරෙන්න පූර්විකාව ලියලා.

    -ජය

    ReplyDelete
  15. බලන් ගියාම හැමෝම වද වෙලා තියෙන්නේ ආනමාලු කෙසෙල් ඇවරිය ගැනනේ. :)

    ReplyDelete
  16. @wath:මං හිටියැයි කියලා වැඩක් වුනේ නෑ...

    @දුකා: හරිනේ... මම ගොඩ නේ...?

    @Raven: අනේ මන්දා බන්... උදේම ඔය වගේ කේස් ආවාම වාතේ...

    @wath: පගා...? දෙයියන් පල්ලා... ජීවිතේට අරන් නෑ...

    @විශ්මි: ලුණු ඇඹුල් ඇවරියක්...

    @චේජනා: දැන් කෙසෙල් මෙහෙන් අරන් බිස්කට් කකා ඔය කවුරු හරි කතාවට අල්ලගන්නවා....

    @sansarasidu: ඉල්ලුවේ නෑනේ බං....?

    @wath : of course dirty... but clean....

    @රවා: උඹ ඉතින් බස්සා නේ ... ‍රැට නේ කරක් ගහන්නේ...

    @ගල්මල්-Coral: හෙහ් හෙහ් හෙහ්.... ලෙල්ලම තමා....

    @යෝගී: කව්ද බොලේ ... මං කරපු දෙයක්ද... මාව කන්න හදන්නේ...?

    @roylyfernando: කාටද බං කියන්නේ... බලහං මුං ඔක්කොම එල්ලුනේ ඒකෙනේ... අර අසත් පුරුසයාට මේ එක ඉස්තිරියාවක් වත් නුගුන කිව්වද...?

    ReplyDelete
  17. ආහ් තිස්ස අයියා සුළු වැරදීමක් සිද්ධ වුණා...
    සමාන්තර ලෝකෙක ඉන්න අනෙක් තිස්ස දොඩන්ගොඩ අර කාන්තාවගෙන් ආනමාලු ඉල්ලලා තිබ්බා..
    එයාගෙ බ්ලොග් එකට දාන්න හිටපු comment එක වැරදිලා අයියගෙ බ්ලොග් එකට වැටිල...
    ෂහ්.. මල ජංජාලයයි...

    සිදුවු ප්‍රමාද දෝෂය පිළිබඳ මගේ සාතිශය කණගාටුව...
    අපි දන්නැද්ද අපේ තිස්ස අයිය ගැන...

    ගීතය නම් කලින් අහලම නෑ..
    අපූර්වත්වයක් තියෙන ගීතයක්..
    ගායිකාව කවුද කියල කිව්වෙ නෑනේ... අහල පුරුදු කටහඞක්...

    (අනෙක “මියුලඟනක වූ මුදු හද රිදවා“
    කියන තැන මියුලඟනක වූ මා මුදු හද රිදවා කියල නිවැරදි වුනොත් හොඳයි නේද?)

    ReplyDelete
  18. තිසා, සුපුරුදු පරිදි ප්‍රමාදව!
    ඔය කියන චරිත කිහිපයම මාගේ රාජකාරී ජීවිතයේදී මුණ ගැහෙනවා.
    උඹ වගේ හිත හොඳ ප්‍රධානීන්.
    100% උඹට ප්‍රතිවිරුද්ධ උන්.
    මිනිහ ගැන සැකෙන් ජීවත් වෙන ගෑනු.
    මිනිහාගේ ඔෆීස් එකේ ලොක්ක එක්ක ආනමාළු ගනුදෙනු කරන ගෑනු.
    මිනිහාව පාලනය කරන්න ලොක්කව පාවිච්චි කරන ගෑනු.
    ගෑනිව පාලනය කරන්න ඔෆීස් එකේ ගෑනු පාවිච්චි කරන මිනිස්සු.
    "අනේ ... මට ඕකව පෙන්නන්න බෑ..." "ඇයි අප්පේ ඒ..." "ගෙදර මනුස්සයාව ආණ්ඩු මට්‍ටු කරන්න මාව පාවිච්චිකලා..." කියල ලොක්කව රවට්ටන ගෑනු.
    .......
    මේක මගුල් සක්වල මචං!

    ReplyDelete
  19. @sansarasidu : කොමෙන්ට් නම් කමක් නෑ... accounts ත් ඔහොම මාරු වෙලා ගියොත් එහෙම...
    හරි ඔන්න වැරද්ද හදනවා මලේ...තැන්කූ... කියන්නේ නිර්මලා රණතුංග...

    @Bandula - බන්දුල : කියලාම වැඩක් නෑ... උඹ සබ්බ ලෝක ධාතුවම අතැඹුලක් සේ ගෙනහැර පෑවා...

    ReplyDelete
  20. සිංදුව ලස්සනයි ඒකත් අහලා නම් නැහැ බොහෝම ස්තූතියි!! මේ වගේ සිංදු හොයලා "හද ගී පොතේ" රඳවනවට

    Live Traffic Feed
    Who are you ----?:P {OH හරි වැඩක් නෙ මේක}
    Show your visit with your blog or social profile.
    මේ මොකද අයියේ මේ
    Live Traffic Feed එකේ ජිල්මාට් එකක්ද?? කොහෙද??ඔන්න

    ReplyDelete
  21. මේ දවස් වල ගොඩක් සයිට්ස් වල කුණුහරුප වැටෙනවා, වෙන අයගේ නම් වලින්...
    ඒකට යොදා ඇති උපක්‍රමයක් වෙන්න ඇති.. මම කල දෙයක් නෙවේ...

    ReplyDelete
  22. මේ සින්දුවේ කියන සිද්ධිය හොඳ හෝ නරක ලෙස මම දකින්නේ නෑ. සමහරු පරිනත වීම කියන්නේ වඩාත් බුද්ධිමත් වීම හා අඩුවෙන් ආවෙගශීලී වීම කියල කියන්නේ. නමුත් මම හිතන්නේ ඒකත් එක්ක අත් අල්ලෑනම එන්නේ වංචාව හා රැවටීම. පරිණත වීම කියන්නේ මේ සියල්ලේම එකතුවක්. ඒ විදිය උපේක්ෂා සහගත් හැඟීමකින් තමයි මම ඉහත සිද්ධිය දකින්නේ.

    ලස්සන සිංඩුවක්. නිර්මලා රණතුංග ශිලිපිණිය ගයන, එෆ්.එම්. මාෆියාව තුල සැඟවී ගිය ගීයක් මේක.

    ReplyDelete
  23. කාර්‍යය බහුලත්වය නිසාවෙන් හා හදවත සිතිවිලිවලින් පුරවා ගැනීමට මා තුළ වන අකැමැත්ත නිසාවෙන් හදවතට අගුළු ලෑමට සිතූයෙමි……එහෙත් අන්තර් ජාලයේ මේ ඉසව්වට ආ සැණින් ඒ සියළු පවුරු පදනම් සිඳ බිඳ දමා සිතිවිළි දෝර ගලන්නට ගනී…තිසා!….උඹ නම් මහා ඉන්ද්‍රජාලිකයෙකි….හුදෙකලාවේවත් හිඳින්නට නොදෙන සැටියෙකි…



    ………………………………………………………………………………………………………



    මගේ ලොකු සහෝදරී සහ මා අතර වයස් පරතරය වසර දහසයක්! නමුත් අප දෙදෙනා අතර ඇතිවුණු බැඳීම ඉතා සමීප එකකි….මා හට,ඈට හොරෙන් හිතිවිල්ලක්වත් හිතන්න බැරි තරම්….ඒ තරමටම ඈ මාගේ සිතැඟි සහ ඉරියව් අඳුනන්නීය…බොහෝ සැන්දෑ යාමයන්හිදී ඈ මුළුතැන්ගෙයි රාත්‍රී ආහාරය පිළියෙල කරමින්ද වැඩක් නැතත් මා ඈ අසල දැවටෙමින්ද සිටින අතරතුර සoගීතයට සවන් දෙන්නෙමු…එක් දිනයක ඈ හාමා අතර සන්වාදයට බඳුන් වූ ගීතයකි මා මේ නැවැත රසවිඳියේ…


    සමාජයේදී සකළ කාන්තා සoහතිය දෙස පහන් සිතින් බැලීමට මා පෙළඹවූයේ ඇයයි…කාන්තාවකගේ හදවතේ මෘදු බව ඇය තුළින් දිටිමි…ලොව ජීවත් කරවන ආදරය දිටිමි…


    ……..නවාතැනේ හතර බිත්ති දෙස බලා හිඳ ඇතිවුණු නිමේෂයේ සඳළුතලයෙන් ඉදිරි මාවත කරා එබෙමි…ගණු දෙණු කරුවෙකු සොයා ඈත් මෑත්වන,සමහර විට හෙට්ටු කරමින් ඔවුනොවුන් මුමුණමින් අතට ආ කුරුල්ලා යා නොදී රඳවා ගැනීමට වෙහෙසෙන,අපිරිසිදු ගැණුම් කරුවෙකු ඉඟියෙන් කැන්දාගෙන කුරුබිලියෙන් යහන් ගැබට රිoගන අභිසාරිකාවන් දකින්නෙමි…උන්ගේ හැඟීම් වලින් තොරවූ මුහුණු තුළින් හදවත එබී බැලීමට වෙර දරන්නෙමි…නමුදු කිසිදු හැඟීමක් සොයාගැනීමට අපොහොසත් වී අතර මo වෙමි…හුදෙක් ගැණුම් කරුවන්ගේ ලන්සුව කුමක් වුවත් විකිණෙන්නට බලා හිඳින යන්ත්‍රාණුසාරයෙන් ජීවත්වන මනුස්ස පරාණයක් දකින්නෙමි..ඉහතින් මා සඳහන් කළ ආදරයේ උල්පත තූ තූ කඩ වනසාපියා නිරුදක කතරක් කළ චූදිතයන් සොයා වෙහෙසෙමි…..



    ඉදින්………..



    මදු විතින් පුරවාලිය යුතු ඒ දෙතොල් විෂවලින් පුරවාලූයේත්,දුටු දුටුවන් සනහන නිළුපුල් දෙණුවන් රත්පැහැ ගන්වා වියළා දැමුවේත්….

    මල් පෙත්තකටත් වඩා සුසිනිඳු වූ සිත් මලට හැට හතර මායන් කියාදුන්නේත්..වෛරයෙන්,,ද්වේශයෙන් හද බඳුන පුරවාලූයේත් කවුරුන්දැයි සොයමින් පිළිතුරක් නොලද තැන හෙම්බත් වූ සිත හකුළුවාගෙනම කවුළුව වසා දමා බිත්ති හතරට කොටුවෙමි…වරද කොතැනද..? කාගේදැයි සෙවීම අත්හලෙමි…මන්ද මමත් මේ “සමාජ සන්දර්භයේම කුලකයක්” වන නිසාවෙනි……





    මේ…





    සුලා…

    ReplyDelete
  24. @සුලා: උඹ ලියන ඒවා වෙනම පි‍ටුවක දාන හිතෙනවා මට "සුලාගේ සිතිවිලි" කියලා බං..

    ඒ තරම් හිතට කිට්‍ටුටි බං ඒ වා.. ටික කාලෙකින් උඹ අපිව දාලා මෙහෙන් යනවා කිව්වහම දැන් නම් මටත් දුකයි බං... කමක් නෑ, අපි මව්බිමේදී හමුවෙමු...

    ReplyDelete

 
Blogger Wordpress Gadgets