ලක් මව රුව සරසන මල්.....

ළමා ගීත මට ඇසෙන්නට ගත්තේ කවදාදැයි නොදනිමි. ඒ තරමටම ඒ මතකය පැරණිය, එහෙත් ඒ මතකය අදටත් රසවත්ය. මායිම් තාප්ප නොවූ බිම් කැබලි අතරින් හිරු අවරට යන්ට සැරසෙද්දී ඇසෙන්නට පටන් ගත් ඒ ගී රාව කෙසේ නම් මතකයෙන් බැහැර වෙත්ද? "අම්මාගේ උකුළේ නැලවී" නිදන්නට සවස් කාලයේම ආසාවක් ඇතිවේ. හෙට දින "උදේ පාන්දර පාසැල් යන්නට බසයක් ඇවිදින් කථාරනවා" යැයි මතක් කිරීමක්ද වෙයි. "පුළුං කොට්ට අත් දෙක තබලා" උකුලට පනිනා බලල් හාමිත්, "කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා"වත්, "දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න" පියාණනුත් ඒ මතකයන්හි මිහිරිම තැන්ය.

සිංහල ලමා ගීත සාහිත්‍යයද එදා මතුමහලයක රැඳවූයේද අන් කවරකුවත්ම නොව සිංහල ගීත සාහිත්‍යය එදා හෙබැවූ චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබේසේකර, සුනිල් ආරියරත්න, ආදී මෙකි නොකී වියතුන්, කලාකරුවන්ම වෙති. මෙහිදී අමතක කල නොහැකි නමක් නම් සංගීතවේදිනී නන්දා මාලිනියයි. ගායනාව පෙරට ආ නිසා ඒ සංගීත වේදිනිය මුකුලිත වූවා වැනිය. ළමා ගීත නිර්මාණයන්  තුල නන්දා මාලිනි නම් සංගීත වේදිනියගේ කාර්‍යය සුවිශේෂය. "පාට පාට සමණල තටු මද පවණේ පාවෙනවා", "ඒයි මොකද මාව කෑවෙ", "බයනූ අල්තයනූ මට තව දියෝ දියෝ", "බල්ල පිදුරු කන්නෙත් නෑ", "සරුංගලේ උඩ නැග" ඇගේ ළමා ගීත නිර්මාණ ගොන්නෙන් ශේෂයකි. ඒවා අතර මා දකින අපූරුම නිර්මාණය නම් "ඔබ සැමදෙන හට තෙරුවන් සරණයි, මීට ඔබේ නංගී, රෝහිණී" ලෙස අවසන් කෙරෙන පොඩි නංගීගේ ලියමනෙහි තනුවය. සරල ලිපියකින්, වදන් පෙලකින් අපූරු ගීයක් බිහිකල අයුරු නම් විශිෂ්ඨය.

ළමුන් විසින්, ළමුන් වෙනුවෙන් ගී ගැයුනු යුගය මිලිනව ගියද, අතරින් පතර යහපත් නිර්මාණද අසන්නට ලැබේ. මෙහි ඇතුලත් නොකලද "මල් පිපෙයි දෙනෙත් හැරෙයි", "පාර කියන්නෑ තෝනෙන්", "පාන තියා බුදු සාදුට හිමිදිරියේ", "අත්තම්මා නිවන් ගිහින්" වැනි ගීත, නියං සාය මැඩ වටනා පොද වැසි වැනිය. එකලද තරමක් ග්‍රාම්‍ය ආකාරයට නිමැවුණු "කොහෙද යන්නෙ රුක්මණී" වැනි ළමා ගීතද විණි. එම සංකල්පයම "මල් පිපෙයි දෙනෙත් හැරෙයි" ලෙස මෑත යූගයේ රමණීයව ප්‍රතිනිර්මාණය වීම යහපත් ප්‍රවණතාවයකි. මෙහි ඇතුලත් කර ඇති ගීත ගොන්න එක දිනකින් බිහිවූ ඒවා නොවේ; යහපත් නිර්මාණකරණයට අවශ්‍ය කාලය නොමසුරුවම ගෙන බිහි කල ඒවා වෙති. අද අප කාටත් නැත්තේ එම ඉස්පාසුවමය!

සමහරක් ගීත උපුටාගත් "ළමා ගී" වෙබ් අඩවියටත්, "පින්තාලිය" වෙබ් අඩවියටත් ස්තුතිවන්තවෙමි. හිතේ නොමැකෙන්නටම මේ ගී සටහන් වූයේ ඒවා ශ්‍රවණයට සුදුසුම කල වූ කුඩා කලම ඒවා අසන්නට හැකිවූ නිසාය. ගුවන් විදුලි යන්ත්‍රයක් ගෙන තබා අපට ඒවා අසන්නට සැලැස්වූ දෙමාපියනටද පින්!


 
ගීත අසන්න...

ගීත පොත බාගන්න මෙතැනින්....
ගීත සියල්ල බාගන්න මෙතැනින් 220 MB ගොනුවකි
[පද වැල් වල අඩුපාඩු හෝ සඳහන් නොවුනු පද /තනු නිර්මාණකරුවන්ගේ විස්තර සඳහන් කලහොත් කෘතඥ වෙමි]

45 comments :

  1. අදට යෙදී ඇති (ලංකාවේ) ලමා දිනය වෙනුවෙන් අගනා තෑග්ගක්

    (ලමා ගී බ්ලොග් එක ගැනද මෙතැන කියවෙන්නේ)

    ReplyDelete
    Replies
    1. විසිරිලා අපි අතරම තිබ්බ වටිනා දේ එක්තැන්කරදීම පමණයි කලේ

      ඔව් ඔව් තිල්ස් සොයුරිය කරන "ළමා ගී" අඩවිය තමයි.
      සබැඳිය දමන්නම්

      Delete
  2. අදටම යෙදී ඇති 'වැඩිහිටි දිනය' වෙනුවෙන් මේ නාකි අපට මොකුත් නැත තිස්ස අයියෙ..?? ;-)

    මහන්සි වෙලා, කාලයක් අරන්, මේ ටික එකතු කරලා, පොත් පිංචක් ගහලා, සිංදු ටික අප්ලෝඩ් කරලා බොහොම වෙහෙස මහන්සි වෙලා තියනවා නොවැ වැඩේට.. මෙන්න මගෙන් මල් මිටක් ඒ මහන්සියට!!

    ReplyDelete
    Replies
    1. අපට ඉතින් "උතුරු සළු" තමා :-)

      මෙව්වා හදාපු ඇත්තන්ගෙ මාන්සිය එක්ක බලාපුවම මෙව්ව මොනවද ආයුබොවන්ඩ
      ටිකක් මාන්සි වුනා - මල් මිට බාර අරන් මාන්සිය නිමාගන්නම්!
      ස්තූතියි මල්ලි හැමදාමත් උනන්දු කරනවට

      Delete
  3. මචන් වටිනාකම් මිල කරන්න බෑ.
    මේ පරන ගීත ටික නම් රත්තරං
    අද අලුතින් හැදෙන ලමාගීත මේ ගීත, මේ ගී වලට ලං කරන්නවත් බෑ කිව්වම කෙනෙකුට හිතෙයි අතීත කාමය කියල. නමුත් ඒක එහෙමම තමයි.
    උඹට මතකද දන්නේ නෑ උදෑසනම පොඩි අපි දුව එනවා හොස්ටල් නයිට් එකේ නෙළුව. කොයි තරම් නැටුම නැගල ගියාද කියනවා නම් නවත්ත්නේ නැතිව දෙපාරක් ගැහුවා.
    අපේ ජනගී ආර හොඳටම උපයෝගී කරගත්තු තැනක් හැටියට ළමා ගී හදුන්වන්න පුළුවන්
    මමනං හිතන්නේ නෑ මේ එකක්වත් ඉන්දියන් කොපි කියල.

    ReplyDelete
    Replies
    1. ජීවන් මේව ගැන හොඳට දන්නව නෙව ඉතින්
      අර අන්තිමට කී කථාව වැදගත් ගොඩක් - කොපි ඇත්තෙම නෑ වගේ

      Delete
  4. පුංචි කාලේ මතක් වුනා. ස්තුතියි.
    මැණික්

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකුත් ගිහිල්ල - ආයෙ ලියන්න කල්පනාවක් නෑ වගේ නේ!

      Delete
  5. ළමා ගීත අහන්න ඕනම කාලේ අපිට ඒවා ඇහුනා. අපේ ළමයින්ට ඒවා ඇහෙන්නේ නෑ. ඒක නිසා ඩවුන්ලෝඩ් කරලයි අහන්න දෙන්නේ....

    ReplyDelete
    Replies
    1. රේඩියෝ එකේ අවුලක් මයෙ හිතේ
      සීඩී ප්ලේයර් එකේ ඇහෙනවද හොඳට?

      Delete
    2. හෙහ් හේ..... රේඩියෝ එකේ සිංදු මුරිච්චිය ගැලවිලා වගේ.....

      Delete
  6. ඉතා වටිනා දෙයක් තිස්ස... ඉතාම වටිනවා.. දරුවන්ට අහන්න දෙන්න ඕන.. ස්තුතියි.

    ReplyDelete
  7. සිංදු ටික ඔක්කොම පස්සේ අහනවා. අපේ අම්මා 'මා බාල කාලේ ' වාදනය කරනවා මතක් වුනා. අම්මා තරහා වුනාම පොඩ්ඩි ඒක ආපහු වාදනේ කරන්ට පුරුදු වෙලා හිටියලු.

    මල් මිටක් නෙමේ මල් කරත්තයක්ම දෙන්ට හිතෙනවා තිස්සට. :)

    ReplyDelete
    Replies
    1. මල් කියන්නේ කාට කාට - ළමයින්ටයි පාට පාට
      පෙලක් ළමුන් සුවඳ ගොඩයි - පෙළක් ළමුන් හරිම හැඩයි!

      Delete
  8. ලංගුවිස (SLBC) පරණ ළමා ගී එකතු සංයුක්ත තැටි ලෙස නිපදවා තියෙනවා මේ මෑත දී.
    මා ඒවා මිළට ගත්තා එකක් රුපියල් 300 පමණයි මතක හැටියට.

    ReplyDelete
    Replies
    1. ඔව් කසූ මට පෙර බොහෝ දෙනෙක් බ්ලොග් වලත් මේ වැඩේ කර තිබෙනවා
      ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තියෙන ගී ප්‍රසන්ටේශන් සාප්පිවෙන් ගන්න හැකි තමා
      ඒවා ප්‍රශංසනීය මට්ටමක තිබෙනවා - ඔවුන් තමා අපව මේ මග අරන් යා යුතු අය
      ප්‍රාදේශීය සාප්පු වලත් තිබෙනවා
      මම කලේ විසිරුණු දේ එක්තැන් කල එක විතරයි
      කිසිම අලුත් දෙයක් නිර්මාණය කලේ නෑ

      Delete
  9. දොඩන්ගොඩ මහත්තයා ගොඩක්ම ස්තූතියි, අපි මේවා වැඩි හරියක් අහලා නැති උනාට අම්මට පින් සිද්ද වෙන්න සුන්දර ළමා කාලයක් හිමි උනා, අම්මට මේවා වැඩිමනක් තාමත් කට පාඩම්, ඔය තුමා ලබා දුන්න මාර්ගය හරහා ගොස් සින්දු ටික වගේම පොතත් ලබා ගත්තා, ඔබ තුමාට ගොඩක් පින්. අම්මා සිලිරාරේක හෙල් වැලී සින්දුව ඔන්න මේකත් එක්කම තාලෙට කිව්වා. එකත් මානවසිංහ මහත්තයාගේ අනගි නිර්මාණයක්.

    ඇයට මේ සින්දු ඇහෙන්න සලස්සුවම අගේ මුනෙන් මතුවුනු දහසක් හැඟුමන් වලට ඔබට පින්,

    චන්ද්‍ර රත්න මානවසිංහයන් ලියන ලද මේ කවිය මතක් උනා. පොඩ්ඩක් වෙනස් කළා

    ඉදුණු කරඹ ගොඩාරියක්
    මගේ ඔඩොක්කුවේ තියෙනවා
    (තිස්ස) අයියටත් දෝතක් පුරවලා දෙන්නම්
    පුරවල දී තව මදිනම් හිඹුටුත් දෙන්නම්

    කරඹයි හිම්බුටුයි දෙන්න බැරි උනාට හද පිරි ස්තුතිය භාරගන්න.

    ReplyDelete
    Replies
    1. ෂහ් දරු දෙමාපිය සබඳකම මෙහෙම තියනා එක කොච්චර දෙයක්ද?
      බාරගන්නව බාරගන්නව ඉතසිතින්ම බාරගන්නව :-)

      Delete
  10. තිසා,

    මේකට "අලී" කමෙන්ට් එකෙක කොටන්න ඕන. ඒත් දැං වෙලා නෑ සති අන්තෙ නිසා. නමුත් කොහොමෙයි කට වහන් යන්නෙ. මට පොඩි කාලෙ සෙල්ලම්බඩුවක් ලැබුනම දැණුන සතුට මේ උඹේ වටින වැඩේ දැක්කම ලැබුන.

    මේක ළමා දිනේ වෙනුවෙන්, වැඩිහිටි අපිට ලැබුන වටින තෑග්ගක්!

    අපේ ගෙදරත් මේව "මීමැස්ස" කියන වෙබ් පේජ් එකෙන් තමයි ඇහුවෙ. ඒත් සමහර ගීතවල සංගීතය අජූතයි, කාල.

    ඒ හින්ද මේ ටිඅක ඩවුන්ලෝඩ් කරගන්නව මුලිම්ම. ඊළ්ඟට උඹෙ මේ සින්දු පොතේ තීන අඩු ගායක රචක නම් හොයා දෙන්න මහන්සිවෙන්නම්. ඒක තමයි මේ වටින් වැඩේ වෙනුවෙන් මට කරන්න පුලුවන් එකම පුංචි දායකත්වය.

    පිටු 48, 55, 63, තියෙන ගි මම දන්න විදියට ශිරෝමි ප්‍රනාන්දු ගායනා සහ පද/ තණු ධර්මරත්න සහෝදරයෝ ( ශිරෝමි කියන්නෙ ධර්මරත්න සහෝදරයන්ගෙ පවුලෙ සහෝදරියකගෙ දියණියක් කියල උඹ දන්නව ඇති ). කොයිකටත් මගේ ගාව තියෙන පෙට්ටගං අවුස්සල නිවාඩුවෙන් පස්සෙ ඇවිත් කියන්නං.

    මෙච්චර දවස් වහන් වෙලා හිටියටත්, පහුගිය පෝස්ට් එකේ දාපු කමෙන්ට් වලට උත්තර නුදුන්නටත් සමාව දුන්න ඔන්න :D

    ReplyDelete
    Replies
    1. හරි මචන් මම ඩොක් එකකට දාලා ලින්ක් එක දාන්නම් මෙතන
      දන්න දන්න අයට අඩුපාඩු හදන්න බැරුවායෑ
      උදව් කරනව ස්තුතියි මචෝ!
      කලින් එව්වට උත්තර දෙන්නනම් අතපසු වුණා - කමා!

      Delete
  11. නියමයි තිස්ස අයියා. අපිත් පොඩි කාලෙ මේ සින්දු ගොඩ හරියක් අහල තියෙනව. ඇත්තටම ගුවන් විදුලියෙ මේ සින්දු ප්‍රචාරය නොවීම සෑහෙන අඩුපාඩුවක්.

    ReplyDelete
    Replies
    1. චැනල් 52 තියනවලු ප්‍රසා! සිංහල එව්ව 30ක් වත් නැතෑ - උන්නැහෙලට කෙහෙද වෙලා මෙව්වට

      Delete
  12. මුළු හදවතින්ම ස්තූතියි තිස්ස අයියා...

    මම මේ ළඟදි ගූගල් එකේ හෙව්වා මේ සින්දු. හැබැයි හම්බවුනේ අලුත් මියුසික්.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී ගාව නෑ කියන්නෙ පුදුමයක්
      එහෙමනම් සතුටුයි ඒ හිඩැස පුරවන්න ලැබුණට!

      Delete
  13. Dear Tissa

    Excellent piece of work. It took me back to my childhood – a century or so back! I particularly like the song “Manakal Hadawil” If I remember correctly this was the theme song of Lama Ranga Mandala.

    Please keep up the good work

    Lasantha

    ReplyDelete
    Replies
    1. ළමා රඟ මඬල ද ළමා රංග පීඨයද?
      මටත් හරියටම මතක නෑ නමුත් මොකක් හෝ වැඩ සටහනක මේ ගීය තේමා ගීය වෙලා තිබ්බා
      ඔබට ස්තූතියි දිරි ගැන්වීමට

      Delete
  14. තිස්ස අයියා
    හෝටල් කාමරයක හිරවෙලා ඉන්න මගේ හිත ඈතට ඈතට ගෙනිච්චා. කතා ගොඩක් හිතට එනවා. කීපයක් කියන්නම්
    දන ගාද්දී ඇවිදින්නට ගීතය මම ඇහුවේ දෙකේ පන්තියේ, ගායනා කලේ කින්ස්ලි රත්නායක (ඔව් එයා තමා). පන්තියේ සාහිත්‍යය සන්ගමයේදි. කොහෙද යන්නේ රුක්මණී ගීතය ලයිට් ගිය වෙලාවට අපේ මිදුලේ පේර ගහ යට සින්දු මඩුවේ අප්පච්චියි මමයි නිතරම ගයපු ගීයක්. මීට අමතරව රුක් අත්තන මල මුදුනේ සින්දුවට තමයි අපි අපේ දුවව නිදි කෙරෙව්වේ කාලයක් යනකං.

    ඔබට එක සින්දුවක් අමතක වෙලා
    මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න..

    බොහො පින් මේ සින්දු නැවත මතක් කලාට

    ReplyDelete
    Replies
    1. මේව අහන එකත් වෙලාවකට හිත රිදෙන වැඩක් තමා ජේපී, මක් කරන්නද
      වෙලාවට මේව සින්දු නෙමේ ජීවිතේ කෑලි
      "මිදුලේ වැලි" 51 වෙනි සින්දුවට තියේ ජේපී - ඒක අමතක වෙලා කොහොමද - දූල ඉන්න තාත්තලා අවි අමෝරාන ඒවි!

      Delete
  15. තිසා මහත්තයෝ,

    ඔබගේ සේවාවන් අබිමුවැ අප වූ කලී කදෝපැණියන් සේ මැ යි ....අති විශිෂ්ටයි මහත්තයෝ.මම් මේ දවස්වල ළමා සිංදු හොයමිනුයි හිටියේ.

    ඔබට ජය....

    සුලා ....

    ReplyDelete
  16. පෝස්ට් එක දැක්කේ මේ දැන් නොවැ....
    මට නිකං පුංචි කාලේදී රසකැවිලි වර්ග ගොඩාරියක් එක පාර නොහිතපු වෙලාවක හම්බ උනා වගේ දැනුණා.
    මුලින්ම කලේ සින්දු ඔක්කොම එක පාර බා ගත්ත එක.
    තිස්ස අයියේ උඹට ගොඩාරියක් පිං.
    මේ සින්දු ටික මගේ පොඩි එකාටත් අහන්න දෙන්න ඕනේ. ඒකට තාම හරියට තේරෙන වයසක නොහිටියට මේ වගේ සින්දු වලට ඔළුව හුරු කරවල තියන එක හොඳයි.... :)
    ජය හා සතුට සමග මගේ ප්‍රණාමය

    ReplyDelete
  17. මගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි - ඇසු පිරූ තැන් ඇත්තෙක්ගෙන් නේද?
      හොඳා හොඳා ස්තූතියි

      Delete
    2. ඇසූ පිරූ ? මං?

      ඉඳල හිටල කන පැලෙන්න ඇහෙනව නම් තමයි. පිරූ නම් ඉතින් පිරී තියන බෝතල් හිස්කරන එක

      Delete
  18. අපුරුයි තිස්ස....හැබැයි මම කැමතිම මම ආසම කරන සින්දුව මෙතන නැහැ.ඒ සින්දුව තමයි එකම දෙයක් ගැන වෙනස් විදියට හිතන්න පුළුවන් කියල මට කියල දුන්නෙ .ඒ තමයි
    "මගේ පිඟානේ ඉන්නා මාළු කූරියෝ " කියන සින්දුව.පුළුවන් නම් ඒක හොයාගන්න පාර කියන්න ඔබට පින්.

    ReplyDelete
    Replies
    1. ගමයෝ.... මේ ගීත නැවත අනාගත පරපුරට දෙන්නේ කොහොමද? මට හොඳින් මතක ගීයක්. එදා බත් පතයි, සාලයෝ දෙන්නයි මතක් වෙනවා.

      Delete
    2. හැබෑටම ගමයෝ ඒක අමතක වුණානේ - තව 25 සොයාන සීයයක්ම කරල සංස්කරණයක් එක්කම ආයේ දාන්නම් කල් ඇරන්

      Delete
  19. තිස්ස......මේ ගීත බොහෝමයක්ම තාම මතකයි. ඊයේ පෙරේදා ටීවී වැඩ සටහනකදී දමයන්ති ඒකනායක ආවා. ඇය දැරිවියක් ලෙස ගැයූ ළමා ගීත දෙකක් ගැයුවා. ඒ අතීතය කොතරම් සුන්දරද...

    ReplyDelete
    Replies
    1. මෙතනදී මා වඩාත් සිත් ගත්තේ ඇයගේ දරුවෙක්වන් වයසේ වූ බිමල් ජයකොඩි, එදා මිල්ටන් පෙරේරා ගැයු තාත්තාගේ කොටස ගැයීමත්, ඇය දුවගේ කොටස ගැයීමත්ය.

      ගීතය...මුළු ලොව ලැබුනත් වෙනස් නොවේ...මට ඇති වස්තුව ඔබයි දුවේ... ඇත්තද තාත්තේ...

      Delete
    2. දමයන්තිලා, ලංකා රාජිනීලා, නිරංජලාලා, මේ ඔක්කොම තරුම තමා!

      Delete
  20. මේක නම් බොහෝම වටිනවා - පැටවු තුන්දෙනෙක් ඉන්න අපේ ගෙදරට - තුති!

    ReplyDelete
  21. තිස්ස අය්යේ.. එක වචනය යි කියන්නට ඇත්තේ... "මසුරන්".. :D

    ReplyDelete

 
Blogger Wordpress Gadgets