මව් ගුණ ගීයක් හද ගී පොතේ ගියේම නෑ නේද... මොකද්ද හේතුව... හිතාගන්න අමාරුයි... මගේ මව්, මා වෙනුවෙන් විඳි දුක්, මා දැක නැති බැව් හැබෑය... නමුත් ඒ හා සමානව, මගේ දරු දෙදෙනා උස් මහත් කරන්නට වෙහෙසෙන "ඈ" සියැසින් දුටුවෙමි... ඒ අනේක වූ දුක්ඛ දෝමනස්සයන් විඳගෙන , මුවින් නොබැන, මාගේද සියලු ඕනෑකම් සොයා බලන ඈ, මා දුටු හොඳම අම්මා තනතුරේ තබමි.... විටෙක මගේම දරුවන්ට වුව දක්වන්නාවු ඒ සෙනෙහස මට ඉමහත් ඊර්ෂ්‍යාවක් ගෙන ඒ... මුඩුම මුහුනක් මවාගෙන නොසන්සුන්ව ඉන්නා මා දකින ඈ "මොකද මේ ඉතින්...?" යැයි විමසන්නේ, දරුවන්ගේ දඟකාරකම් කම් දැක, හිතයටින් සිනා නගන්නා මවක මෙනි... මටම හසුරුවා ගත නොහැකි, ඇසිල්ලකින් නොසන්සුන් වන මගේ සිත, කාලයාගේ ඇවැමෙන්ද, ඇගේ මුදු ගුණයට පින්සිදු වන්නටද, විසාල හානියක් නොකොටම, යටපත් වී ඇත්තාසේය... ඒ සියල්ලන් ම තිබියදී, මද්‍රි දේවියගේ වත සිහිපත් කරමින්, කව් ගොතා එවද්දී, කෙසේ නම් කඳුලු නොහෙලා සිටිම්ද... ? ඉවසන්නට බැරිම තැන, බැරි බැරි ගාතයේ, යන්තමින් වචන ගලපා, වරෙක ඇයට ලියා යැවූ පාපොච්චාරනයක කොටසක් මෙසේය...
මුදු මොලොක් නොවූ මගෙ, රළු වදන්, අකටකම්,
තලාවී, පෙලාවී, ඔබ..., උපනූපන් ජාතියෙම...
එපා ඔබ පතන්නට...මා සමග ගෙවන්නට...
සංසාර භව සයුර, මතක් කරමින් නිබඳ,
මද්‍රි දේවියගෙ වග...
අහිංසක, මටසිලිටි, හදවතක රාවයක්...
හඳුනනා හදවතක, සෙනෙහෙබර මුදු සිතක...
රැකවරණ ඔබෙ සිතට, ලැබේවා නිරතුරුව...
උපනූපන් ජාතියෙම...
ඔබෙ කුසට තුරුල්වී, නිදාගන්නා ගුලිව...
දෝරෙ යන ඔබේ ඒ සෙනෙහසේ සෙවණ යට..
බිලිඳෙක්ව වසන්නට පතන්නම් මා නිබඳ...
උපනූපන් ජාතියෙම...
ඒ නිසා හිතවතිය...
මේ නිමක් නොවන ආලවට්ටම් කියවන්නාවු ඔබටත් මගේ ආචාරය.... ඇය වෙනුවෙන්ම අද ටී එම් ජයරත්නයන්....
දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්....
තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියේ... නුඹයි ඒ අම්මා..
අහස මෙන් ලත් චෝදනා... පොළව මෙන් දුක් උහුලනා...
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා...
සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා...
සිතට සැනසුම් කල්පනා... ගෙනෙන පාදා වාසනා...
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ...
සොඳුරියේ නුඹෙ රුව අඹාගමි මහද මන්දීරේ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න...
මුදු මොලොක් නොවූ මගෙ, රළු වදන්, අකටකම්,
තලාවී, පෙලාවී, ඔබ..., උපනූපන් ජාතියෙම...
එපා ඔබ පතන්නට...මා සමග ගෙවන්නට...
සංසාර භව සයුර, මතක් කරමින් නිබඳ,
මද්‍රි දේවියගෙ වග...
අහිංසක, මටසිලිටි, හදවතක රාවයක්...
හඳුනනා හදවතක, සෙනෙහෙබර මුදු සිතක...
රැකවරණ ඔබෙ සිතට, ලැබේවා නිරතුරුව...
උපනූපන් ජාතියෙම...
ඔබෙ කුසට තුරුල්වී, නිදාගන්නා ගුලිව...
දෝරෙ යන ඔබේ ඒ සෙනෙහසේ සෙවණ යට..
බිලිඳෙක්ව වසන්නට පතන්නම් මා නිබඳ...
උපනූපන් ජාතියෙම...
ඒ නිසා හිතවතිය...
මේ නිමක් නොවන ආලවට්ටම් කියවන්නාවු ඔබටත් මගේ ආචාරය.... ඇය වෙනුවෙන්ම අද ටී එම් ජයරත්නයන්....
දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්....
තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියේ... නුඹයි ඒ අම්මා..
අහස මෙන් ලත් චෝදනා... පොළව මෙන් දුක් උහුලනා...
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා...
සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා...
සිතට සැනසුම් කල්පනා... ගෙනෙන පාදා වාසනා...
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ...
සොඳුරියේ නුඹෙ රුව අඹාගමි මහද මන්දීරේ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න...
මේ අක්කා වෙන්නැති? දැකල හුරු පුරුදුයි වගේ කොහේ හරි.
ReplyDeleteඋඹේ වචන ටික හිතට තදින් දැනුනා අයියේ. මමත් ආසයි මේ වගේ පදපෙළක් ගොතන්න කවද හරි(නෝන්ඩි දානව නෙමෙයි සිරාවට)
දැන් ඒ පද ටික නැවත කියවනවා. ටී.එම් ව පස්සෙ අහන්න බැරියැ.
තිස්ස අයියේ..... හදවතින්ම ලියවුන පූර්විකාව හිතට දැනුනා තදින්ම.... මේ පූර්විකාව බලලා ගීතය අහද්දි දවසක් දා කෙනෙක් ලිවු දෙයක් මතක් වෙලා ඇස් දෙක තෙත්වුනා නොදැනීම......අයියා ලිවුව පද ටික ලස්සනයි වගේ ගීතයටත් වඩා ඇත්තටම.......
ReplyDeleteඅක්කා වඩාගෙන ඉන්නෙ ලොක්කද පොඩ්ඩද ? :)
@Raven: ඇයි බං හැමදාම ලෝක රූප රාජිනී වෙන්නේ ඔය ඇත්තී නෙවැ...
ReplyDeleteඋඹේ ඒ වචන ටික මට ගෞරවයක් කියලයි මම හිතන්නේ මලේ......
@විශ්මි: සුන්දර දිවියක මග සලකුනු තමා ඔය කඳුලු නංගියේ... මූණ දෙන දුක සැපටත් වඩා.....
මේ ලොක්කා පොඩි කාලේ...
තිස්ස අයියා..නියමයි.. වැදුනා...හොදටම බොහොම අමාරුවෙන් බාගත්තෙ.. තුන්පාරක් විතර උත්සහා කරලා ගත්තෙ. හරිම ලස්සන සින්දුවක්.. මව් ගුණ ගිතයක් නිසා කොහොමහරි ගන්නවා කියලා හිතන් හිටියෙ.. හරිම ලස්සනයි සින්දුව..
ReplyDeleteපින්තුරෙ ගැන යමක් කියන්න...ඔනා වැඩියමක් නැහැ උපමාවක් නැහැ ගිතයත්, ඔබගෙ පද බැඳුමත්ටත් වැඩිය වැඩියෙන් මම විඳපු දෙයක් තමයි ඔබගෙ බිරිදගෙ පපුවට තුරුල් වි ඉන්නා පැංචාව දැක්කාහම..මට එතනදි කියන්න පුංචි පැංචට ඔතනට වැඩියමක් ලොකෙ නැහැ.. පැංචා පුදුම විදියට අම්මාට තුරුල් වෙලා ඉන්නෙ...
ReplyDeleteඒක නම් හරිම සංවේදී විදියටම ලියවිලා තිස්ස අය්යෙ, ඇස්වලට කඳුලු ගේන්න පුළුවන් තරම්ම.. ඒ ඔයාගේ සැබෑම ජීවිතේම නිසා වෙන්න ඇති..
ReplyDeleteසන්තෝසයට කාරණය නම් මේ සින්දුව මම මීට කලින් අහල තිබීම.. හද ගී පොතේ බොහෝ සින්දු එහෙම නොවුනත්...මට
ubath mama wageemy, sahodarya -m.vijandran.
ReplyDeleteසංවේදී පූර්විකාවක් තිස්ස අයියේ..
ReplyDeleteනියමයි ලොක්කා...අම්මප මේවට පරණ සිංදු නොකියා අලුත් සිංදු කියල දාන්න තියෙන්නෙ... :)
ReplyDeleteමගේ අදහස නම් මෙය මවුගුන ගීතයක් නොව තමන්ගේ පෙම්වතිය හෝ බිරිද තමන්ගේ මව ලෙස සලකමින් ඇයගේන් මවගේ ගුන දකිමින් ඇයට වඩ වඩාත් ආදරය කරන පෙම්වතෙක් ඇය තමන්ට දක්වන සෙනහස තමන්ට දැනෙන ආකාරය අදහසක් ලෙස ප්‍රකාශ කීරීමක් ලෙස
ReplyDeleteකොහොමද අයියා. අයියාගේ මන්ද්‍රි දේවි ත් අයියා වගේම සුන්දරයි.
ReplyDeleteඈක්කමයි අයියා මටත් කසාද බඳින්න හිතුනා ඉක්මනටම.හැමපිරිමියෙක්ම ගැහැණියක් තුලින් මන්ද්‍රිදේවියක්ව බලාපොරොත්තු වෙනව.
@රවා: බොහොම ස්තූතියි මලේ...
ReplyDeleteඒ උනුසුම දරුවෙකුට කොච්චර විතරක් නෙමෙයි බලා ඉන්න අයටත් උනුහුමක් ගෙන එනවා...
@චේජනා: ගොතල කියන කතාවලට වඩා හැබෑ ජීවිතය, කොහොමත් සංවේදී නේ...? අර සන්සරනිදු මල්ලිගේ කතාත් මට ගොඩක් අල්ලන්නේ ඒක වෙන්නෑති...
නමුත් Raven මාව වෙනම ලෝකයකට ගෙනියනවා... මම ඒ අත්දැකීමටත් හරිම කැමතියි....
@Vijendra: ආයුබෝවන් සහෝදරයා... "අපි එකම රෑනේ කුරුල්ලෝ..." යමු එක රෑනේ පියඹා...
@Ansh Lucky Sri Jay: ස්තූතියි නංගියා
@කරුමක්කාරයා : කියල වැඩක් නෑ මචෝ... කොච්චර නම් තියනවද... රේඩියෝ කට්ටිය දාන්නේම එකම ටික...
@චතුරංග රූපසිංහ: ඔව් සහෝ... ඔබ හරියටම හරි...
@wath: අර විශ්මි නංගි වෙලාවකට කියනවා වාගේ "මගෙ හුස්ම ටික..."
අන්න සංතෝසයට කාරණාවක් කිව්වා....
හැබැයි පිරිමියා මන්ද්‍රි දේවියක් ලබන්න සුදුසු වෙන්නත් ඕනෑ...
මම වාගේ නොවී...
අනේ මේ සමනලී හරිම ආසා ගීයක්.... මේකේ කියවෙන්නේ බිරිඳක් ගැන.. සෙනෙහෙබර බිරිඳක් ගැන... මේ ගීතය ඇසෙන වාරයක් පාසා සමනලීගේ හිතේ ඇදෙන්නේ සමනලීගේ ආදරණීය අම්මාගේ රූපය... මේ කියවෙන්නේ ඈ ගැනමයි.. ඇත්තමයි.. සමනලිගේ අම්මා සමනලීගේ තාත්තාට විටෙක කියන්නේ "ඔයා මේ ගෙදර ලොකු ළමයනේ..." කියලා... තමුන්ගේ දරුවෙක්ට වගේයි වෙලාවකට ඇගේ ආදරේ සමනලීගේ තාත්තාට.... සමනලීට ඊරිසියා හිතෙන තරම්....
ReplyDeleteඒ වගේම අයියේ ඔයා ලීව කවි පෙලත් හරිම ලස්සනයි...
සින්දුව නම් මා ගොඩාක් ප්‍රිය එකක්. ඒ පුදන සෙනෙහස ලබාපු සෙනෙහස මතුකරන... රූපකරන... ප්‍රියාවිය ගැන වයන නිසාවත්ද... තවද මේ ගීය වගේම අමරදේවයන් ගයන "තාත්තා උනත්... අම්මා නුබයි මගෙ දරු දැරියන් රකින..." ලොකු ගෞරවයක් පුදන ගීයන්.
ReplyDeleteඒත් ඉතිං දයාරත්න රණතුංගයන් ගයන "රූම්පෙත්ත කැරෙකෙනවා..." මතුවීම ස්වාභාවිකයි නේද...
පූර්විකාවේ සඳහන් ඔබ ලීව පද වැල අපූරුයි.
නිසඳැසත් . . . පූර්විකාවත් ඉතාම අගෙයි මචං . . .
ReplyDeleteඋඹ පැහැදිලි කරන්න හදන්නේ කුලු මීමෙක් වගේ උඹව ඇගේ අදරයෙන් හික්ම වූවා කියලදා? ඒත් මට නම් එහෙම හිතෙනෙන නෑ උඹ ගැන . . .
උඹ හරිම සුන්දර මනුස්සයෙක්නේ බං . .
@punchisamanalee: නියම අත්දැකීම් නේ...?
ReplyDelete@ගල්මල්-Coral: ඔය සින්දු තුනම මගේ ප්‍රියතම ගී... පවුල් ජීවිතේට අනුපාන...
@දුකා: මං බං ඉතින් ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ... ඕකයි ප්‍රස්නේ...
අත්දැකීම් නැතත් හුගාක් සංවෙදී සටහනක්.
ReplyDeleteසතුටුයි තිස්සී අනුරාධී දොඩන්ගොඩී දැක ගන්න ලැබීම ගැනත්..
ලොකු පුංචා සමගින්ම..
(පොඩි හාදයාව අපි දැක්කනේ කලින්)
තිස්ස අයියා ඔබේ සටහන දැක්මෙන් මට තවත් ගීයක් මතක් උණා.
ReplyDelete"නොම වේ පැරණී යළි දේ රමණී.." -සුනිල් එදිරිසිංහ. පුළුවන්නම් මේ ගීය ගැනත් සටහනක් ලියන්න.
මුදු මොලොක් නොවූ මගෙ, රළු වදන්, අකටකම්,
ReplyDeleteතලාවී, පෙලාවී, ඔබ..., උපනූපන් ජාතියෙම...
එපා ඔබ පතන්නට...මා සමග ගෙවන්නට...
මේ ටික ලියවෙන්න උඹේ හිතේ කොච්චර ආදරයක් තියෙන්න ඔනද ඒ වගේමයි රළු වදන් අකට කම් වලින් හිත රිදෝ ගත්තට වඩා ගොඩක් හිත රිදෙන්න ඇති මේ ටික දැකල. ආයෙ කවදාවත් මෙහෙම ලියන්න එපා කියලත් කියන්න ඇති. ඔය තමයි බං හැබෑ ආදරය. උඹල හැමෝටම වාසනාවන්ත හෙටක්
මේක හරිම ගති සින්දුවක්. මම එතරම් කාලයක් ගෙදරින් පිට හිටි කෙනෙක් නෙවෙයි. නමුත් මගේ අධ්‍යයන කටයුතු සඳහා මනහුවර මහ රෝහලේ මට මාස 3ක් පමණ සේවය කරන්නට සිදු වුණා. සීතල හන්තාන කඳුවැටියේ කුළී කාමරයක තනිවම සිටින විට, මේ ගීතය අසන විටදී පිය බිරිඳ මතක් වී අසට කඳුලක් නැගීම සිදු වූ බව නම් ඇත්තක්.
ReplyDelete@මාරයාගේ හෝරාව: අනේ උඹලා දෙන්නා (රවා+උඹ) නම් පටබඳින්න දෙයියෝ....
ReplyDelete@මධුර විජයකොන්: මල්ලි මේ ඇත්තමයි කියන්නේ, මම ඒක අහලා නෑනේ ....? හොයාගෙන අහන්නම් ... බොහොම ස්තූතියි මතක් කලාට....
@දයියා: උඹේ කමෙන්ට් එක මාරයි දයියා...!!! ඇත්තටම කියන්න ඊට පස්සේ සිද්ධවුනේ ඒකම තමා... අද මම උන්දෑ එක්ක කතාකරලා කීවා උඹේ කමෙන්ට් එක බලන්නම කියලා... හරි පුදුමයි නේ....
උඹේ ජීවිතෙත් වාසනාවන්ත වේවා ඔය සංවේදී හදවතත් එක්ක....
@මිගාර: සින්දුවක රස හරියටම දැනෙන්න ඒ කියන තත්වෙට පත්වෙන්න ඕනෑ කියන එක සහතික ඇත්ත නේ ...?
ගීතය ගැන නෙමේ කතාකරමුකෝ මේ පද වැල ගැන...
ReplyDeleteෂහ්ඃ මට හිතාගත්තැහැකි අයිය, අක්කට ගාන බටර්වල තරම....
“ඔබෙ කුසට තුරුල්වී, නිදාගන්නා ගුලිව...
දෝරෙ යන ඔබේ ඒ සෙනෙහසේ සෙවණ යට..
බිලිඳෙක්ව වසන්නට පතන්නම් මා නිබඳ...
උපනූපන් ජාතියෙම...”
අක්කත් ඉතින් ඕවට අහුවෙනවනේ හැබෑට....
හිහ් හිහ් හී...
තිස්ස අයියා.. හරිම ලස්සන සින්දුව..
ReplyDeleteසොඳුරියේ නුඹෙ රුව අඹාගමි මහද මන්දීරේ...
අපිට මෙහෙම සින්දු හෙව්වට හම්බ වෙන්නෙ නැහැනෙ.. කොහෙන්ද මෙ සින්දු .. මාර ලස්සන සින්දු ටිකක් නෙ..
හරිම ලස්සනයි..
ඔන්න මේ සිංදුව නම් මමත් අහලා තියනවා.ලියලා තියන පූර්විකාවත් සිංදුව වගේම ලස්සනයි..
ReplyDeleteඅද තමයි ඉස්ඉස්සෙල්ලාම මේකේ කොමෙන්ටුවක් දාන්නේ...හරිම ලස්සන පූර්විකාවක් අයියේ/මාමේ.(ගැලපෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නෑ.)මුළු හිතටම වැදුනා...සිංදුවත් ඒ වගේම තමා.මම ආසම සිංදු වලින් එකක්...
ReplyDelete