මා සාර භූමි ලංකා...

වයස තරාතිරම බලන්නේ නැතිව, කෙනෙක් කියන හරවත් යමක් අහලා, තමන්ගේ බුද්ධි පමණින් විචාරලා, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා බලලම ගන්න හෝ නොගන්න එක තමා හොඳ මගේ හිතේ.... වැඩිය පෝස්ට් නැති වුනත් මගේ යෝගී මල්ලි, බ්ලොග් ලියනවනම් පිළිපදින්න වටින පොඩි පූර්‍වාදර්ශ ටිකක් කියල තිබුන... කියෝපු දා ඉඳලා මම ඒවා පිලිපදිනවා... හේතුව, සාමාන්‍ය මිනිස්සු පහසුවෙන් වෙන්කරන්න පුලුවන් මාතෘකා, මුහුණට මුහුණ නොගැසී හා සමහර වෙලාවට ද්වේශ සහගතව කරන වාද වලින් කමෙන්ට් වලින්, ඔවුන් ප්‍රගතිශීලී වෙනවාට වඩා අගති ගාමී වෙන බව මට වැටහී ගිය නිසා, අත්දැකීමෙන් ම දු‍ටුව නිසා...... පහුගිය පෝස්ට් එකේ මියගිය සොඳුරු මිනිසකු වෙනුවෙන් තාමත් ලතැවෙන බොහෝ දෙනෙක් ගේ සුසුම් (ඔවුන් ගේ බරපතල මතවාද වලින් බැහැරව...) මට සියුම් සතුටක් ඇතිකලා... රටේත් (මගේත්) අතීතයත්, වර්ථමානයත්, අනාගතයත් බැලුවහම මට හැමදාමත් තිබ්බේ බොහොම සරළ තියරියක්... මා උපන් බිම මට උතුම්ය... මොනම කාරණාවකදී වත් රට පාවා දෙන දෙයක් මගේ අතින් සිදු නොකිරීමත්ය.... යන කාරණාවල් දෙකය ඒ... තුන් ලෝකය අතැඹුලක් සේ තර්‍ක කරන්නට පෙළඹෙන බොහෝ දෙනෙක් ප්‍රායෝගික ජීවිතයේ රටට සතයක වත් සේවයක් නොකර වාදාභිමුඛවමැ හිඳිනු මම දැක ඇත්තෙමි... සුනිල් එදිරිසිංහයන් "ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා..." ගැයුවේ ඔවුන් වෙනුවෙනි.... බ්ලොග් අවකාශයේද මෙලෙසමය... පොත පතින්ද, ගුරුන්ගෙන්ද, හිතවතුන්ගෙන්ද "ඇසූ" දේම ගුරු කොට, ව්‍යවහාරික ඥාණය දෙවැනි කොටම තකන්නට මිනිසුන් පෙළඹෙන්නාසේමය...

මා සාර භූමි ලංකා...
මා විජය භූමි ලංකා...
මා පුණ්‍ය භූමි ලංකා...
අප ජන්ම භූමි ලංකා... ලංකා... මා සාර භූමි ලංකා...

නදී ඇල දොල... අහස් දිය කඳ....
සදා තෙතමණ සෙවන දෙරණයි...
කරල් බරවූ කුඹුරු යායයි...
මේ බිමෙන් අප රට නිධානයි...

සතුරු එඩි මැඩ... හෙළා ලේ කඳ...
නැංවු නිවහල්... විජය දෙරණයි...
වීර හෙළයන් පුදා ජීවය...
නැගූ නිදහස රට උරුමයි...

බුදුන් සිරිපා... පියුම් නැමදූ...
මගේ මේ ලක්... පුණ්‍ය දෙරණයි...
සදා කාලෙන්... සදා කාලෙට...
අපට දළදා... සමිඳු පිහිටයි...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

දේශාටනයේ යෙදෙමින් තමන් ගන්නා අනගි ඡායාරූ මට ලබාගැනීමට ඉඩදෙන වෛද්‍ය චාන්දනී වණිගතුංග මහත්මියට මගේ ස්තුතිය...

32 ප්‍රතිචාර:

wath said...

අයිය මට පූර්විකාව කියවන කොට මතක් වුනේ රාහුල පොඩි හාමුදුරුවො. හැමදාම උදේට රාහුල පොඩ් හාමුදුරුවො සක්මන් මළුව අතුගාලා වැලි අහුරක් අතට අරන් ප්‍රාර්ථනා කරනවලු මේ මගේ අත් මිටේ ඈති වැලි කැට ගාණට අද දිනට මට අවවාද අනුශාහනා ලැබේවා කියල...

තව කතාවක් තියනව අයියා

පුංචියි කියල කවදාවත් මෙන්න මේ කට්ටියව කුඩායි කියල සලකන්න එපාලු
1 ) ගිනි දල්ල
2) නයි පැටිය
3) රාජ කුමාරයයි
4) සාමනේරවරු

wath said...

අයිය ... යෝගි ගෙ උපදෙස් ටික බලන්න link එක දුන්නනම් අද වගේ පෝය දවසක පිං වැජක් කර ගත්ත වෙනව.
මම නම් උපදෙස් අහනව. අවවාද අහනව හැබැයි වැඩ කරන්නෙ මට ඕන විදිහට ලු. අපේ අම්ම කියන්නෙ නම් එහෙමයි. හැබැයි මම හිතුවක්කාර ළමයෙක් නම් නෙමෙයි ඕං...

වැප් said...

ස්තුතයි දොඩං ගොඩ අයියේ ................

රවා said...

දඩින් බිඩින් දොඩන් අයියා.. අදයි මෙ සින්දුව දැක්කෙත්.. කොහෙන්ද මෙච්චර සින්දු...

Raven said...

වාදයකින් වන සෙතක් නැහැ. තමන් හිතේ දරාගෙන සිටින යම්කිසි "ඇත්තක්" රැකගැනුම සහ එය බිඳවැ‍ටීමට නොදීමට කරන උත්සාහයක් පමණයි අවසානයේදී එය.

විවෘත සංවාදය වැදගත්.

ස්තූතියි අයියේ මේ ගීතයට.

විශ්මි said...

වාද කරන එකේ තේරුමක් නෑ........ ඊට වඩාවැදගත් තමන් කියන දේ ගැන අවබෝධයෙන් කරන සංවාදය.....


මේ ගීතය වතාවක් නිදහස් දවසක පත්තරේක දැක්කා වගේ මතකයි අයියේ....... අහලනම් තිබුනේ නෑ...

ගල්මල්-Coral said...

ලස්සන සින්දුව අතීතයට අරන් යනවා

Anonymous said...

ඔන්න තිසෝ අද නම් උඹ මාව අමාරුවේ දැම්මා....."මව් බිම" කියන සුන්දර වචන හතර තරම් දෙයක් මටනම් නැති තරම්....ඒ රත්තරන් පොලොව,තුරු ලතා,සතා සිව්පාවා,ආදරණීය "මගේ"මිනිසුන් ගැන ලියන්න ගියොත් බ්‍රේක් නැත්වෙයි අයියෝ........!

සුලා

Pali said...

වාදයක් කළා යැයි අනියමාර්ථයෙන් හෝ ඔබට හැ‍ඟෙන යමක් මා අතින් සිදු වූවානම් ගැත්තාට කමා කළ මැනව :)

අනේ සුලා ලියපන්, උඹට හිතෙන හැම දේම ලියපන්. උඹ ලියන්න කැමති වගේම, ඒ අකුරු හතර ගැන ලියන ඕනෙම දෙයක් කියවන්නත් මම කැමතියි.

තිස්ස දොඩන්ගොඩ said...

@wath: "සබඳ ඔබේ හද අංජලිකරණීයයි.." හිතුවක්කාර නෙවෙයි ස්වාධීනයි නේ...?

@වැප්: වෙල්කම් PP...

@රවා: හෙහ් හෙහ් හෙහ්... ලංකාවෙන්ම තමා....

@Raven/ විශ්මි: වාදයත් සංවාදයත් අතර ඇත්තේ "මානය"නේ...?

@ගල්මල්: සෑහෙන දුර අපි යන්නත් එපායෑ නේ...?

@සුලා: මම උඹේ නිලයක් ඇල්ලුවා නේ... හෙහ් හෙහ්...

@Pali අනේ පිස්සුද බන්... මේ වෙන වෙබ් සයිට් කිහිපයක පොඩි ළමයින්ට පවා කුණුහරුපෙන් බැන බැන කරන වාදයන් ගැන මං කිව්වේ... ආගමයි ජාතියයි දේශපාලනයයි ඔක්කොම පටලවාගෙන...

Pali said...

හි හී විහිලුවක් කලේ මචං. උඹ හරියටම හරි 'මානය', 'ද්වේශය' අහක් කරපුවම ඒ වාදය, සුහද සංවාදයක් වෙනවා තමයි.

චේජනා said...

වාදයත් සංවාදය ත් අතර ඇත්තෙ 'මානය'.. මම ඒ වෙනස ඉගෙනගත්ත එහෙම නම් අද...
මම නම් මව්බිම මොනතරම් වටිනවද කියල හරියට ම තේරුම් අරන් තියෙන්න
ඒකෙන් පිට වුනා ට පස්සෙද මන්ද..(ඉන්නකම් රටට වරදක් කළේ නම් නෑ..) ඒත් මට එහෙම හිතෙන්නෙ පාරක යද්දිත් නාඳුනන මිනිස්සු වුනත් සිංහලෙන් කතා කරද්දි දැනෙන හැඟීමෙයි අද දැනෙන හැඟීමෙයි වෙනස නිසා..
සිංදුව අහද්දි නම් මතක් වෙන්නෙ අර ඉස්සර radio එකේ ගියේ උදේට සිංදු ඒවා...

Anonymous said...

මළා......දැන් ඉතින් ලියපන්කො.....පාලිත,තිසෝ...දැන් ඉතින් ඔක්කොම වැඩ නතර කරලා කියවන්න ලැහැස්තිවෙයල්ලා...

සුලා...

nethu said...

දැන් දැන් හද ගී පොතට එන්නෙ සින්දු අහන්නම තිස්ස අය්යගෙ අගය නිම කල නොහැකි පූර්විකාව කියවන්න විතරක්ම නෙමේ. ඒ හා බැඳුනු විචාරත් හිතට පහන් සංවේග දනවනවා.

freedom said...

හරි අමාරුවෙන්නෙ යෝගී හොයාගත්තෙ. නුවණින් විමසා බලා මට හරිය කියල හිතෙන දේ මාත් එකතු කරගත්ත ඔන්න.
මටත් තියෙන්නෙ යංතන් අඩිය විතරක් වැහුණු කෝප්පයකි.....
"නායක හාමුදුරු කෙනෙක් තමංගෙ ගෝලයට යමක් කියල දෙන්න උත්සාහ කරනව ඒත් පොඩි හාමුදුරුවංට තේරෙන්නෙනෑ. හාමුදුරුවො ගිලන්පස වලඳන ගමන් ඉන්නෙ. ලොකු උන්නාන්සෙ පොඩි තැනට තේ වත්කරනව. කෝප්පෙ පිරිල ඉතිරිලා යනව.... හාමුදුරුවො ඒත් නවත්තන්නෙ නෑනෙ. පොඩි තැන මොළ කාරයා. ටක් ගාල තේරුණා වැඩේ."
සියළු දෙනා අවබෝධ කරගෙන ජීවිතය යහපත් කරගනිත්වා.

කස්සා said...

ලංකාවෙ වටිනකම තෙරෙන්න එකෙන් පිටට එන්නම ඕනෙ.එක හරියටමෙ තෙරෙන්නෙ එතකොටයි...මොනව නැතත් ලංකාවෙ පාරක් අයිනෙ මලත් සැපයි..මොකද ඒ අපේ රට! හොඳ පොස්ට් එකක් දොඩං අයිය!

Anonymous said...

මට මතක හැටියට ඒ දෙදහස් තුනේ ඔක්තොඹර් මාසය…මම පළමු වතාවට කටුනායක ගුවන් තොටුපලේ ඇතුළුවීමේ මගි පර්යන්තයෙන් ඇතුළු වුනෙමි..ලැබැඳියන්ගෙන් වෙන්වීම නිසා ඇති වූ වේදනාව පරයා කුතුහලයත්,අත් විඳින්නට වූ නවමු පරිසරයත් නිසා හිත කිසියම් ව්‍යාකූලත්වයකට පත්ව තිබුණා…ගුවන් යානයේදී මට ලැබුනේ වීදුරු කවුළුවක් අසල ආසනයක්…කෙමෙන් කෙමෙන් යානය ගුවන් ගත වන අයුරුත්,ඊටත්වඩා වේගයෙන් මගේ හදවත එකිනෙක වෙනස්වූ සිතිවිළි දාමයන්ගෙන් ඔද්දල් වෙනුත් දැනුනෙන් දෙනෙත් තදින් පියා සන්සුන්වීමට වෙර දැරිමි..වීදුරු කවුලුව තුලින් මාගේ දර්ශණ පථයට හසු වූ උපන් දේශය තිතක් වී නොපෙනී යන අයුරුත් විඳිමින් සිටි මට පලමු වතාවට මගේ මව් බිම කෙරෙහි මහා ලෝභකමක් ජණිත වෙනුද,හීන් හිරියක් ගත වෙලාගනුද දැනෙන්නට වූයෙන් දෙනෙත් පියා මනෝමයෙන් ඒ පරිසරය මවා රිසි සේ සැරිසැරීමි…

ජoගම පියගැට පෙලින් බැස කාන්තාරයේ පළමු පිය සටහන තබනුද,ගිණි පිටවෙන රත්වූ තැටියක් බඳු වූ පොලෝ තලයද,වැලි තලාවන් සිප හමා ආ රත් වූ සුළඟින්ද පීඩාවට පත්ව නන්නත්තාර වූ මා මඳක් නැවතී සිසාරා බැලිමි…සියල්ල දමා ගසා නැවත හැරී දුවන්නෙමැයි සිතා සද්ධන්තයා දෙස ආපසු හැරී බැලිමි..”මොන මළ ඉලව්වකට උඹ මේ අපායට ආවාද??...වේලක් හැර වේලක් හරි සප්පායම් වීඋඹට උඹේ උන් එක්කලා ඉන්න බැරිවුනාද????ආයෙත් කවරදා තමන්ගේ උන්ගේ ජීවන සුවඳ මුහුව හමා එන හිත මිතුරු සුළඟේ පහස ලැබේවිද.???යි දහසක් සිතිවිළි පොරබදිමින් අවි අමෝරා ගනිද්දී මම ඔහේ බලා සිටියෙමි…

එදා මගේ මව් බිම නැමැති වූ ස්වර්ග රාජ්‍යය කෙරෙහි වූ බැඳීම දෙගුණ තෙගුණ වනුද හිස්වූ හදවතේ වැඩි ඉඩක් ඇය කෙරෙහි වූ අප්‍රමාණ ආලයෙන් පිරී යනුද අත්වින්දෙමි…



මේ පටන්ගත්තා විතරය…



සුලා..

තිස්ස දොඩන්ගොඩ said...

@කස්සා: අන්න හරි මල්ලියා... තුන් ලෝකෙම කරක් ගැහුවත් ඔන්න ඔච්චරයි ඕනේ මල්ලියා... අපි පුලුවන් හැටියට අඟලෙන් අඟල හරි ගොඩ දාමු... මුණුපුරාලා වත් හොඳින් ඉන්නේ නෑතෑ...

Anonymous said...

“සිoහල බ්ලොග් අවකාෂයේ ඉන්ද්‍රජාලිකයා”,තිස්ස දොඩන්ගොඩ නම්වූ සොඳුරු සිතැත්තාට එම නාමය දෙන්නට මම පසුබට නොවෙමි…..හදවත් තුලට එබී අඳුරු අහුමුළු වල තිබෙන නේක කවි කම් එලියට ඇද දමා මතුකරලීමෙහි සූරයෙකි…(සූරයන්ගෙත් සූරයා…!)

බලන්න…ඉහත ගීතය…එම ගීතය සුවිසේශී වන්නේ එයින් මුළු මහත් ශ්‍රී ලoකා ධරණී තලයේම සුන්දරත්වය,එහි වාසභූමි කොටගත් ජනයාගේ වීරත්වය එකට කැටි කොටගත් නිර්මාණයක් වන බැවිනි…උපන්තේකට අසා නැති අසා ඇති වුවත් උවමනාවෙන් අසා නැති මේ නිර්මාණ මේ හාදයා කොහෙන් සොයා ගන්නේදැයි සොයාගැනීමට,සියල්ල පසෙකලා රහස් පරීක්ෂකයෙකු වන්නට සිතමි…


කෙටියෙන් කියතොත්…..,

ඵුලස්තිපුර,වැව් සහස් පුර,දිගා මඬුල්ලේ එක යායට දිස්වන කෙත් යායන් හමා පිස එන කිරිවදින ගොයමේ කිරි සුවඳ මා උපන් භූමියේ සාරවත්බව නොකියයිද???එනිසයි මගේ දේශය “සාරභූමී”නම් වූයේ….

වසර දෙදහස් පන්සියයක ලිඛිත ඉතිහාසයක් මතුද නොව ඉන් ඔබ්බට මහා රාවණා නම් වූ සක්විති රජ පරපුරෙන් පැවත එන පඬු අබා,දුටු ගැමුණු,ධාතුසේන,වලගම්බා,මහ පැරකුම්,රාසින් වැනි රජ දෙවිවරුද,ඩී.එස්,සිරිමා,මහින්ද වැනි නායක කාරකාදීන්ගෙන්ද,කැප්පැටිපොල,පුරන් අප්පු,කොබ්බෑකඩුව,විජය විමලරත්න,සරත් ,ශවේන්ද්‍ර,ප්‍රසන්න වැනි මහා සෙන්පතියන්ද ජයකෙහෙළි නැන්වූ මගේ රට “විජය භූමියක්” නොවන්නේ මන්ද????

උතුරින් නාගදීපයෙන්,දකුණින් තිස්සමහා රාමයෙන්,බටහිරින් කැළණියෙන්,නැගෙනහිරින් සෝමාවතියෙන්,මැදරටින් දළදා හිමිගෙන්,රජ රටින් ජයශ්‍රීමහ බෝ සමිඳුන්ගෙන් සෙවන ලබන සතරවරම් දෙවිවරුන්ගේ බැල්ම ලබන මේ දිවයින,මෙත්තා,කරුණා,මුදිතා,උපේක්ඛා යන සතර බඹ විහරණයෙන් හදවත් දරා සිටින ජන සමූහයක් වෙසෙන මගේ රට “පුණ්‍ය භූමියක්” නොවන්නට කාරණා කිම්ද????

ඉදින්….මගේ රට ලොව උතුම්ම රට නොවන්නේ මන්ද.,???


දැන් නම් ඉතින් හොඳටෝම ඇති…තවත් මෙහි සිටියොත් මේ බ්ලොග් අවකාෂයේ හිමිකරුවා මට නඩු පවරා දහ අට මාසයකට මහ උළු ගෙදර යවනවා ඇත……..



මේ..

සුලා..

freedom said...

අනේ! බුදු සුලා මහත්තයෝ, බ්ලොග් ලියන්න නම් පටන් ගන්න එපෝ!!!!
අපි හැමෝටම ඇපත් නැතිවෙයි වගේ.
:-(

"සිංහල බ්ලොග් අවකාශයේ ඉන්ද්‍රජාලිකයා"-දවසේ කතාව!
ඔබතුමා අපිටත් එක්කම ලියලනෙ, ඒ ගැන අපිට කියන්න මුකුත් ඉතුරු නොකරම.....

යෝගී... said...

දැක්ක දුටු දා ඉඳන් නුඹ මේ අවකාශයට එකතු කලේ සම්පත් ය..

වරින් වර කීපවතාවක් ම මා ලියූවේ කවදා ම හෝ මේ මුතුවන් ගී ගැයූ ගායක ගායිකාවන් මෙන්ම ඒ ගී සුරැකිව තබාගෙන සිතට දැනෙන පූර්විකාවක් සමඟ ඉදරිපත් කරමින් අප ඒ කෙරේ බඳවා තබාගත් නුඹ ද දිනෙක මිනිසුන් ආදරයෙන් සිහිපත් කරනු ඇති බවයි .හැදූ වැඩූ අම්මාගේ තාත්තාගේ සිටන් රටේ මහ තැන දක්වා වැරදි කියමින් කෑගසන දේශප්‍රේමීන් බොහොමයක් අතර නුඹ හීන් සීරුවේ හැකි පමණින් යමක් අප වෙනුවෙන් ඉතිරි කරමින් හිදී . රට වෙනුවෙන් යමක් ඉතිරිකරමින් හිඳී..

අඳුරට සාපකරමින් සිටිනුවා වෙනුවට පහන් සිළුවක් දල්වමින් නුඹ ඒ ආරම්භය ලබා දුන් ඒ ශක්තිය අපට ද සවියක් ම වූයේ ය.

මේ අඩවිය හරහා ගොඩනැගෙන කතිකාවත කියවන්නාගේ මනදොළ පිරෙන්නට යමක් දී ‍මිස ආපසු නොයවන්නක් බවට පත් වී තිබේ..
නුඹ , දිනක අපි හැමදෙනා ගැනම නුඹේ භාෂාවෙන් මෙසේ ලියා තැබුවෙහි ය.

අපි එකම රෑනේ කුරුල්ලෝ...

එය මේ කියවන ලියන මේ මණ්ඩපයට පැමිනෙණ බොහෝ දෙනෙකු තුළින් මා දකිමි..

සති ගණනාවක පටන් මා සිත් හි මෝදුවන අදහසක් අද මෙහි ලියා තබා යන්නට සිතේ..

කුඩා කළ කැසට් පටයක් වුවද අපි ඇසූයේ කලාතුරකිනි. අද මෙන් රූපවාහිනී ගෙවල් වල නොතිබූ ඒ යුගගේ ගුවන්විදුලි යන්ත්‍රය දැමූ කළ වෑහෙන රසාලිප්ත ස්වර දැහැන් යුගයක් පෝෂනය කළ මිනිසුන් තැනුවේය.කලින් කතිකාවතේ නුඹ ලියූ ප්‍රේමකීර්ති ද අල්විස් වැනි සොඳුරු මිනිසුන් බිහිකළේ ය.අද කාලයේ මහමග යන ගැහැනුන් නිරුවත් කරන රේඩියෝ නාලිකා වලට පින් සිදුවෙන්නට මා බැරිවෙලාවත් ගුවන්විදුලියකට සවන් දෙන්නේ නැත.
හොඳ අළුත් ගීයක් සොයාගන්නේ මිළදී ගත් CD/DVD තැටියකින් හෝ අන්තර් ජාලයෙන් පමණි. ඒ මට කැමති දෙය පමණක් ඇසීමේ අයිතිය ඇත්තේ එහි පමණක් නිසාය.

ඉදින් , මේ ගී අපි අසන්නේ මෙම අඩවියට පැමිණ එකින් එක පූර්විකා පෙරළමින් ඒවා රස විදිමිනි..

නොකඩවා වෑහෙන ගී ගඟුලක් අපට ඇත්නම්.. ඒ සුන්දර අතීතයේ ජීවත් වූ මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කරන්නට හැකිනම්..

සබඳ ..

මා සැමදා දුටු සිහිනයකට පන පොවන්නට නුඹට ආරාධනා කරන්නම්. අන්තර්ජාලයේ දී හෝ අපට රසවිඳිය හැකි රේඩියෝ නාලිකාවක් පටන් ගැනීම නුඹ අතින් ඇරඹීම ඒ ආරාධනාවයි.

බර පැන දරන්නට වෙන සියළු ම දේ අපට නොමිලයේ සොයා ගත හැකියි.. වෙබ් අඩවිය නිර්මාණයේ සිට Server එකක් ලබාගැනීම දක්වා සියල්ල... නුඹට ඇත්තේ එක් වචනයක අනුමැතියක් දීම පමණයි.

බුලත් විටක් හපාගෙන වෙල් ඉපනැල්ලේ සුවඳ විඳිමින් අතීතයේ චමත්කාරයේ අප තවත් අතරමං කරන්නට නුඹට ශක්තිය පතන්නම් ඉදිරියටත් !...

-ජය

freedom said...

අප්‍රමාණ සංතෝෂයි. පටන් ගන්නවනම් අපිත් බර කර ගහන්න එනවා. ඕනෙම වැඩකට මමත් ඉන්නව.

මේ මං දැක්ක හීනෙ ටිකකට ඉස්සෙල්ල.

"මොකක්දෝ හේතුවකට මෙච්චර කාලයක් ගමම ජීවත් කරවපු වැවේ සොරොව්ව වහල දාලයි තිබුණෙ. කෙත් වතු සේරම වාගෙ පාළු වෙලා ගිහිල්ල. ඒත් වැවේ වතුර තිබුණ. ඉඳල හිටල ගලා ගිය වතුර බිඳෙන් තමා කුඹුරු ටික ඔච්චරකල්වත් අල්ලල හිටියෙ. ඕන් තිස්ස අයියෙ ඔබ තමා සොරොව් දොරටු අරින්න ඕනෙය කියල එතන තිබ්බ ගේට් වෑල්ව් එක කරකවන්න පටන් ගත්තෙ. පස්සෙ එතන හිටියො තව සද්දන්තයො ටිකක් ආව උදව්වට. ඔන්න දැං ටික ටික සොරොව්ව ඇරිල ඇළ දිගේ කිරි පාට පෙණ පිඬු නංවමින් වතුර හෝ ගාල මුහුදට ගලා යනව හැම බිම් අඟලක්ම සරු සාර කරමින්."

ගල්මල්-Coral said...

ඊයේ සටහන් කල කොමන්ට් (April 28, 2010 9:56 PM)එක කෙටි කරන්න වුනා කොටමින් සිටි දිග හෑල්ල නවතා රෝගියෙකු බලන්න දුවන්න වූ නිසා (අපේ සර්වර් මැතිතුමා ලෙඩවෙලා නේ).

යෝගී මල්ලීගේ සටහන කියවා ඊයේ හකුලුවා දැමූ විස්තරය දිගහරින්නේ නැතුව බැහැ.

එඩ්මන්ඩ් හිලරි එවරස්ට් කඳු මුදුනට ලඟාවූ විට ට්‍රාන්සිස්ටර් රෙඩියෝව ක්‍රියා ගැන්වූවාලු. ඔහුට පලමුව අහන්න ලැබුන ගුවන් විදුලි වැඩසටහනින් ඉමහත් සතුටට පත්වී සහායක නේපාල වැසියාගෙන් විමසා තියෙනවා ඒ වැඩසටහන ගැන. අරුමයක තරම, ඒ එකල Radio Ceylon ලෙස දකුණු ආසියාව පුරාම ප්‍රසිද්ධ ශ්‍රීලංගුවිසේ බව අපි කීදෙනාද දන්නේ. අපේ මුතුකැටයෙන් විහිදුන ඒ තරංග කිමි 3000 කට වඩා ඈතකට ගමන් කරන්න තරම් ප්‍රබල හා උසස් විය. අද ලංකාවේ ජනගහනයට වඩා දහස් ගුණයකට එදා සේවය සපයා ඇත ඒ ශ්‍රීලංගුවිසේ.

ඒත් අද...

ඒ වෙනුවෙන් කිසිවක් අපට කල නොහැක.

යෝගී මල්ලියේ ඔබ කල ඉල්ලීම ම තමා ඊයේ මටත් වුනේ... ඇත්තෙන්ම තාක්ෂණික පැත්ත ගැන සිතූ මට ඔබේ සටහනින් ඒ පැන‍යට ද පිලිතුරු ලැබි ඇත.

සොයුර තිස්ස, යෝගී මල්ලීගේ මෙ අදහස ගැන කටයුතු කරමු. මිතුර, මෙ නුග සෙවනේ ගැවසෙන මිණිකැට ගැන ලොකු ආඩම්බරයක් හිතේ තියෙන්නේ. ඒ සම්පත් ද උපයෝගී කර ගනිමින් අපිට පුලුවනි හරවත් කාර්යයක් කරන්න, ඉන් හෙට දවසට අපේ බස රකින, අපේ ගීරස සුරකින සාරවත් නුග සෙවනයන් ගනනාවක් මතු වේවි. එය නොවේද සොයුරේ නුඹ, අපි පතන්නේ...

ගල්මල්-Coral said...

සොයුරේ සුලා, ගීතයේ පසුවදන උපරිමයි හැමදාම වගේම.

අරකී, කොළඹින් පිටත්ව ගුවන් ගතවෙන අවස්ථාව ගැන විස්තර තවත් මොනවටද... සෙ.අංශක 32න් ඇවිත් 47 සිපවැලඳ ගන්න අවස්ථාව මොනනම් වර්ණනාවක්ද?

කොහොම නමුත් මිතුර මගේ නිර්මාණයක් තියෙනවා අපේ රටේ ගුවනින් චාරිකාවක් වටා සැකසුන. ජනරජ දිනයේ ගල්මල් අඩවියේ එලිදක්වන්න අදහස...

Pali said...

ලෝකෙ කොයි මුල්ලක සිට ආවත්, අපේ මව්බිමට ගොඩ බාන්න ඔන්න මෙන්න කියා තිබෙන ගුවන් යානයේ කවුලුවෙන් පහත බලන විට ටිකෙන් ටික නිල්වන් දියකඳ තුලින් මතුවී කෙමෙන් විශාලවන හරිත වර්ණයෙන් බබලන ඒ රන් දූපත දකින සෑම මොහොතකම මගෙ දෑස් තෙත් වෙනවා, මුවින් ඉබේටම "රත්න දීප, ජන්ම භූමි" ගීය මිමිණෙනවා.

තිස්ස, බොහොම පිං මේ ගීයට හා පූර්විකාවට. සුලා උඹේ අපූරු ලියැවිල්ල හැමදාම වගේ පපු කුහරයටම රිංගුවා. යෝගී, ගල්මල්, freedom උඹලගෙ ලියුම් කියුම් දකිද්දි හිතෙනවා, අපිට එකතුවෙලා දුර ගමනක් යා හැකිබව.

Sumith said...

Very nice song... thanks..

Where is my request...
"Hada gee pothe, pituwak era, liya ewami adare..."
Don't forget...

good luck!

තිස්ස දොඩන්ගොඩ said...

අප්පා දානවෝ...!!

Pali said...

@ගල්මල් : උඹේ වැඩේට මගෙන් සුභ පැතුම් මචෝ.

Pali said...

සිංහල බ්ලොග් අවකාශයේ ඉන්ද්‍රජාලිකයා විසින් මවන ලද පූජාසනය මත එකින් එක පිදෙන ලස්සන මල් වල සුවඳ විඳිමින් ඒ වටා රොක්වී සුවඳ පැන් ඉසිමින් සිටි පිරිසත් අර් ඉන්ද්‍රජාලිකයාත් දැන් දැන් ඒ පූජාසනය මත තැනින් තැන පහන් දල්වන්නටත් පටන් අරගෙන.

තනෝජා රාජපක්‍ෂ said...

දැනටත් මම නම් උදේට පිරිත් අහලා දිගටම ගෙදරින් පිටත් වෙන කම්ම අහන්නෙ වෙළඳ සේවෙ තමයි... දූල ඉන්න වෙලාවට විදුල ළමා ගුවන් විදුලි සේවය අහනවා... ඒව කනට අප්‍රසන්න නැහැ.. උදේ පාන්දර අහන්න පුළුවන් අහන්න සුදුසු බස් වහරක් තියෙන්නෙ.. ගොඩක් වෙලාවට දේශාභිමානී ගීත වැඩියෙන් ඇහෙනවා...

Gordonia ceylanica said...

ඔබතුමා දන්නව ද විදුලේ ටොට්ටෝ චාන් යන වෙලාව?

තිස්ස දොඩන්ගොඩ said...

අපොයි නෑ නෙව :-(

Post a Comment

 
Blogger Wordpress Gadgets