මගේ කඳුලින්, ඔබේ දෙනුවන්...

අකුරු කල සෙනෙහස...
Romantic Pictures, Images and Photos
මගේ කඳුලින්... ඔබේ දෙනුවන් ...
දොවාලන්නට වරම් නෑ...
මගේ දෙතොලින්... ඔබේ කඳුලැල්...
නිවා ලන්නට වරම් නෑ...

සිතෙහි දෝතින්... මලක් සේ ගෙන...
ඔබේ සෙනෙහස... වැලඳ ගන්නට...
නමුදු පරසතු මලක් වී ඔබ...
නොමැත මා හට... සුවඳ දෙන්නේ ...

සිතෙහි ඇවිලෙන... ඔබේ හදවත...
මගේ සුසුමින්... නිවාලන්නට...
නමුදු අවසර... නොමැති පියසෙකි...
ඔබේ ලොව මට... අත පොවන්නට...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

32 comments :

  1. සින්දුව නම් ලස්සනයි අය්යෙ, ඒත් මම කවදාවත් සින්දු download නොකර මෙතන ම අහන්න හේතු වෙන පූර්විකාව නැති නිසා අඩුවක් වගේ දැනෙනව.. ඒත් ඉතින් වැඩ වැඩි වෙලා ඉන්න ඔයාට පූර්විකාවක් ලියන්න කියන්න බෑ නේ...
    ( ඉඩ තිබ්බොත් සුලා ඒක ලියයි නේද..?)

    ReplyDelete
  2. කීවත් වගේ කෝ අයියා පූර්විකා දැරිවි.....

    ReplyDelete
  3. තිස්ස අයියා අද වැඩ වැඩි නිසා පූර්විකාවක් නැතුවම සින්දුවක් දීලා......... ලොකු අඩුවක් දැනුනත් ඉතින් ඒක අමතක කරල සින්දුව රසවිඳින්නම්කො අද..... රස්සාව බේරගෙන එපායැ මොන දේ කරන්නත් නේද අයියෙ......


    මේක නම් කලින් අහල නැති සින්දුවක් අයියෙ........... අන්සතු හදකට පෙම් කරද්දි දැනෙන හැඟීම් හරි අපූරුවට පදවලට පෙරලිලා .........

    ReplyDelete
  4. අමරදේව ගෙ මං කැමතිම සින්දු දෙකෙන් එකක් මේක. ලිව්වෙ කුලරත්න ආරියවංශ විය යුතුයි.

    හරිම සරලයි. නමුත් අති සංවේදනාත්මකයි මට නම්. මං හිතන්නෙ නෑ, සිංහල සින්දු අහන අය ගොඩ දෙනෙක් මේ සින්දුව අහල නැතුව ඇති. ඔය සසර වසන තුරු වගේ සින්දු මිස අමරදේව මේ සින්දුව කියන බව දන්නෙත් නැතුව ඇති.

    මං කැමති අමරදේව ගෙ අනිත් සින්දුව තමයිඃ නිම් හිම් සෙව්වා මා සසරේ. රචනය. ඔගස්ටස් විනයාගරත්නම්.

    ReplyDelete
  5. මෙව්වා අහලා නැහැ තිස්ස අයියා.. නියමයි..මම ටිකක් දවස් අහලා හොද නරක ලියන්නම්.. කොහෙන්ද හප්පා මෙ ගීත...

    ReplyDelete
  6. හැමදාම මේ පැත්තේ ඇවිත් ගියත්, ඔන්න අදයි මේ ලස්සන ගීයක් අහන්න විවේකයක් ලැබුනේ,,, අයියෝ..මේ ලස්සන ගීය වගේ තව කලින් ගී කීයක් මිස් වෙන්න ඇද්ද?
    හරිම ලස්සනයි මේ ගීය... හදවතට හරියට වැදුනා,,,,
    ජය වේවා තිස්ස අයියා...
    මේක ලොකු සමාජ සේවයක් ඔයා කරන්නේ.... ජයම වේවා!!!

    ReplyDelete
  7. මේ සිංදුව මමත් අහලා නෑ මචං . .

    හරිම ලස්සන සිංදුවක් . . . !

    ReplyDelete
  8. දහසක් වැඩ මැද කොටුවෙලා ඉන්නා විට මෙ සින්දුව රැව්දෙන්න ඇති...

    සුපුරුදු පූර්විකාව නැතත් අර ලියුම් කරදහියේ graphic එක ගොඩාක් දේ ලියා ඇතැයි දැනේ...

    මෙ මිහිරි ගීතය වර්ණනා කරන්න වචන නොසෑහේ. අමරදේවයන් ගේ මා ප්‍රියකරන ගීත එකතුවේ එකක් මෙය.

    ReplyDelete
  9. අනේ සමනලී මේ සිංදුව අහලා නෑනේ.... ස්තුතියි අයියේ..... ලස්සන සිංදුවක්..... අන්සතු හදකට පෙම් කිරීම නම් පළක් නෑ අයියේ..... ඇත්ත ආදරේ තමාට හිමි තැන හොයාගෙන යනවා....

    ReplyDelete
  10. චේජනා, wath, විශ්මි,කතන්දර කාරයා, රවා, ජීවිතේමල්, දුකා, ගල්මල්-Coral. punchisamanalee...

    මට හිතුනා අද පස්සේ ලියන්න සිංදුව ගැන... හැමදාම යාංහැල්ලක් එක්කම එනකොට ඒ ඔස්සේම බලන්න ගන්නවානේ... මගේ නිමිත්ත වුනේ සිංදුවේ අවසාන දෙපදය...

    "නමුදු අවසර... නොමැති පියසෙකි...
    ඔබේ ලොව මට... අත පොවන්නට..."

    තමන්ගේ හිතට සමීප කෙනෙක් ගේ දුක් ගින්දරක් අහලා හූමිටි තියලා ඉන්න එක මට මහ වදයක්... මට ඒ ගැන යමක් කරන්නම හිතෙනවා... ඉස්ස්කෝලේ යන කාලේ ඉඳලම, ප්‍රස්නය විග්‍රහ කර කර ඉන්නවාට වඩා අබැටක් විතරවත් තල්ලුවක් දෙන්න පුලුවන්නම් එයාට ප්‍රස්නයෙන් ගොඩ එන්න, අන්න ඒ දේ කරන්න මට ඕනෑ වුනා... නමුත් සමහර වෙලාවට භෞතික සීමා, සදාචාර සීමා නිසා අතපය හකුලුවා ඉන්න සිද්ද වෙනවා නේද...? හරිම අසහණකාරී තත්වයක්... මං හොයාගත්ත එක් අසම්පූර්ණ විසඳුමක් අකුරු.... අකුරු වලින් හරි, මට ඒ පීඩාවට පත්වෙච්චි කෙනාව වැලඳ සනසවන්න පුලුවන්නම්....?

    බොහෝ දෙනෙක් අසා නොමැති ගීයක් මේක... ලෝකේ ලංකාවේ කරක් ගහපු කතන්දර, ගල්මල්, හෂිත, සිරිබිරිස් අය්යා වගේ කට්ටිය නම් අනිවා අහල තියනවා... දුකා ට කොහොම මගහැරුනාද..? ගල්මල් අයියා හොඳ අනුමානයක් කලා...

    සමනලී... අන්සතු කෙනෙකුට තියා දරුවෙක් මල්ලෙකුට වත් හරි හැටි දෙන්න නොතියාම මම එක්කෙනෙකුට ඒක දුන්නා.... අර වික්ටර් කියන්නැහේ "එදා මගේ හද අරගත් අද ඇය මට වැඩි පොහොසත්..." ඒනිසා සැක හිතන්න එපා... මාතින් වරදක් වෙන්නේ නෑ....

    ReplyDelete
  11. @ජීවිතේමල්: ඔබතුමිය මට මතක හැටියට මගේ මුල්ම Follower කෙනෙක්.... ඒ හින්දා ඔබට අතපසු වුණ ගීත බලන්න Google Reader, (ගූගල් සර්ච් එන්ජින් එක තියන තැනට ගියහම Gmail, Calender, Documents Reader, Web, More යනාදිය පෙන්වන තැන ඇති....) එකට ගියානම් ඔබ subsribe කරපු හැම සයිට් එකකම feeds එතනට ඇවිල්ලා ඇති... එහෙම නේද... හරිම පහසුයි තමන් කැමති සයිට් වල ඒවා නොවරදවා බලන්න... අතපසු වුනත්...

    ReplyDelete
  12. අදනම් ඉතින් වැඩියම දුකක් නැහැ. මේ ඉන්න අයත් නොදන්නව නම් ඉතින් මං ගැන කවරම කථාද??
    මේක ඇත්තටම ලස්සනයි
    ස්තූතියි බොහොමත්ම!! මේ වගේ ගී
    හොයල අපිටත් දැනගන්න සලස්වන එකට

    ReplyDelete
  13. ලස්සන ගීතයක් තිස්ස අයියේ. අදමයි ඇහුවෙ.

    ReplyDelete
  14. මේක මමත් අද තමයි ඉස්සල්ලම ඇසුවේ....අමරදේව මහත්තයගේ තරුන කාලේ කට හඩ හරිම ලස්සනයි.....

    ReplyDelete
  15. අප පණවා ගත් සීමා මායිම්
    අප රිදවා ඉදිරියට ඇදේ..
    සුන්දර සිත් ඇති මිනිසුන් ලෝ තුළ
    නැති තැන හැමවිට සැකය නැගේ..

    ReplyDelete
  16. සොඳුරු සිත් සැබෑ ලෙස හඳුනා
    ඒ සොඳුරු සිත් එකිනෙකට බැ‍ඳෙනා
    සුන්දරම ලෝකයක
    ගෙවෙන එක මොහොත වුව
    නිවා සනහයි
    ලෝකයක් දවමින්...
    ඇවිලෙනා ගිනිදැල්...

    ReplyDelete
  17. අප්පාට සිරි මේ කෑ ගහන සින්දු විතරයිනේ අපි දන්නේ .... කෝ බලනන්න මේකත් අහලා .......

    මේව හොයලා දුන්නට තිස්ස අයියා[ මාමාට ] පින් අයිති වේන්ට ඔනා

    ReplyDelete
  18. ඔබේ පසුව ලියූ පූර්විකාව කියවනවිට මතක්වුනා නුඔ දිනක් කියූ මේ කියමන

    " මේ කිසිම පණක් නැති අකුරු සංසාරික බැමි හොයාගෙන යන හැටි ..."

    මතක ඇතැයි මා සිතනවා... එපමනක් නොවෙයි. ඔබ කියූ පරිදි විටෙක අකුරු යනු අසම්පූර්ණ විසඳුමක් වුවද විටෙක ජීවිතෙන් හෙම්බත් ව සිටි‍නා අයෙකුට මහාමෙරක් විය නොහැකිද ?

    -ජය

    ReplyDelete
  19. @වැප් :
    ඔබේ වරහන යෙදී ඇති වචන දෙක මාරුවී යෙදිය යුතු කාලය වගේ..

    ReplyDelete
  20. @ වැප්
    බලා ඉඳහන් උඹ හැමදාම කොල්ල වගේ ඉදියි. තෝ කොටියම කාපිය ....

    ReplyDelete
  21. @Wath
    කාටද අප්පේ මේ ඩෝං ගිහිල්ලා තියෙන්නේ ...

    ReplyDelete
  22. ගීතයේ අමු අර්ථයට එහා දෙයක් තිස්ස අයිය නිමිත්ත කරගෙන.......


    "ඉස්ස්කෝලේ යන කාලේ ඉඳලම, ප්‍රස්නය විග්‍රහ කර කර ඉන්නවාට වඩා අබැටක් විතරවත් තල්ලුවක් දෙන්න පුලුවන්නම් එයාට ප්‍රස්නයෙන් ගොඩ එන්න, අන්න ඒ දේ කරන්න මට ඕනෑ වුනා..."


    තිස්ස අයියේ සමහරු කෙනෙක්ගෙ ප්‍රශ්නයක් මානසික විග්‍රහයක් කරන් ඒ මනුස්සයගෙ දුක වවාගෙන කන්න හදනවා දැකල තියෙන නිසාම අයියගෙ මේ වචන ටිකට මම ගරු කරනවා...... මොකද එහෙම තත්වයන් මේ බ්ලොග් අවකාශෙ ඇවිදින කොට අපි (රේවන් සහ මම ) ඕන තරම් දැකල තියෙනවා.....

    ReplyDelete
  23. @නිමන්ති: ඔය කියවන පොත් සාගරය එක්ක මොන සිංදුද...? මේ පැත්තේ ඇවිත් යන්න... වෙලා තියන වෙලාවට..

    @Raven: නැගලා යනවා නේ...?

    @Yasela: ඔව් හරිම ගැම්මක් තියනවා නේද...?

    @චේජනා: එහෙම වෙනවනං කොච්චර දෙයක්ද...

    @වැප්: හොඳයි පුතේ හොඳා... බොටත් පිං....

    @යෝගී: මොකෝ නැත්තේ බං... අද ඊයේ වාගේ මතකයි... උඹෙන් ඉස්සෙල්ලම ලැබුණු ලියමණත් එක්කම...

    @විශ්මි: වඩාම වටින දේ නංගියා... ඔබ වයසට වඩා මුහුකුරා ගිහින්...

    ReplyDelete
  24. අගෙයි..අගෙයි ..තිසෝ..!..අනුන්ගේ දුකේදී දුක් වන්නට පමණක්ම නොව උන්ගේ යහපතට යමක් කරන්නට වෙරදරණ උඹේ ඔය ලස්සන හිත් පොඩියට….මෙන්න මගේ…ආචාරය…!


    ……………………………………………………………………………………………………………



    සුපුරුදු ලෙසම කාර්‍යාල දුම් රිය ප්‍රමාදවන ලකුණු එමට පෙනෙන්නට තිබුණි..හතරවන වේදිකාවේ කෙළවරට වන්නට වූ කොට්ටම්බා ගහයට සිමෙන්ති බoකුවට වාරු දී උන්නෙමි.වරෙක බාල්කයේ එල්ලී හැල්මේ දුවන දැවැන්ත හෝරා යන්ත්‍රය දෙසත් ,කළබලයෙන් එහා මෙහා වන මනුස්ස පරාණ දෙසත් ඔහේ බලා උන්නෙමි…

    අහම්බයෙන් මම ඈ දුටිමි…නිල්පාට මල් වැටුණු ඔසරියකින් ගත සරසා සිටි ඇයගේ දසුණ මසිත පැහැර ගත්තේ මන්දැයි අදද මම කල්පනා කරමි..උවමනාවෙන් හෝ නොවුවමනාවෙන් ඇගේ සුන්දර මුහුණ මතට වැටුණු කියඹුවැල් දඟකරණ අන්දම අහින්සකව නරඹමින් සිටි මට ,ඇගේ ශෝකාකූල මුහුණ මතවූ, නිදිවැරීම නිසා හෝ බෝහෝ වේලාවක් කඳුළු සැලීම නිසාවෙන් හෝ රතුවූ දෙනෙත් මාගේ දෘෂිඨියට හසුවූයේ මඳක් ප්‍රමාදවය…තවමත් ගැටවරවියේ පසු වූ මානවකයෙක් වූ මා ඇගේ දසුනින් මිදීයා නොහී විටින් විට නෙතගින් බැල්ම හෙලිමි..දෙනෝදාහක් ඔවුනොවුන් පරයමින් සී සීකඩ ගියද ඈට නිනව්වක් නැති සේය…

    නියමිත දුම් රිය වේදිකාවට ලඟාවූයෙන් මමද මිනිසුන් හතලිහක් පණහක් සමඟ පොරබදමින් කුරුබිලියෙන් මැදිරිය තුළට රින්ගුවෙමි…වේදිකාවේ සිදුවීම අතීතයට සීමා කළ මා ,කිටිකිටියේ තදවුණු මැදිරිය තුළ මාගේ ඉඩ හසර සකසාගනුවස් වෙහෙසුණෙමි..ස්ථාවර පිහිටීමකට ශරීරය සකසාගත් පසු අවට බැලීමි…සිනහාවෙන් පිරුණු,බුම්මාගත්,නිදිකිරණ,හතරැස් ,විකාර රූපී මුහුණු අතර අර සුන්දර මුහුණ සෙවීමි.

    දුටු දසුනින් මා වික්ෂිප්ත වූ තරම…!ඇය මැදිවයසේ පිරිමියෙකුගේ උරහිසට වාරුදී සිටියාය…මම ඔහු හැඳින ගතිමි…පාසැල්යන වයසේ සිඟිති දියණියන් දෙදෙනෙකුගේ පියෙකුවන ඔහු එදවස් මා නැවතී සිටි නිවසේ හිමිකරුවායි…මo හීන් සීරුවේ අහක බලා ගතිමි..වේගයෙන් පසුපසට ඇදෙන ගෙවල්,මoමාවත්,වාහන,තුරුලතා දෙස හැඟීමකින් තොරව බලා සිටියෙමි..



    ………………………………………………………………………………………………………………



    ඔබ කාර්‍යාල දුම් රියක නිතර ගමන් ගන්නේ නම් මෙවැනි දෑ සුලභව දැක ගත හැකිවනු ඇත…නමුත් ඒදෙස නොපහන් හැඟීමෙන් බලනවාමිස හදවත දුකින් පුරවා ගැනීමට අකමැත්තෙමි..මනුෂ්‍යයෙකු වෂයෙන් අප අපගේ හැඟීම් පාලනය කරගත යුතු බවත්,අප අපගේ සීමා මායිo හඳුනාගතයුතුව ඇති බවත් පමණක් කියමි..මා ඉහතින් සඳහන් කළ සිදුවීම් උක්ත ගීතයට කෙතරම් දුරට ගෝචරවනවාදැයි නොදනිමි..මන්ද මා ඉහත කී චරිත වල හදවත් තුළට එබී නොබැලූ හෙයිනි…





    මේ…



    සුලා…

    ReplyDelete
  25. @සුලා... අහල පහල හිටියනං මේ වැඩේ අපි දෙන්නටම එකතුවෙලා මීට වඩා ලස්සනට කරන්න තිබුනා බං.... බලපං චේජනා කිව්වා වාගේම උඹේ පූර්විකාවේ ලස්සන...

    ReplyDelete
  26. සුලා,
    තිස්ස අය්ය අතින් පූර්විකාව නොලියවෙනව නම් ඒක ලියවෙන්න සුදුසුම කෙනා මම ‍තෝරගෙන...
    ලෝකෙ සුන්දර සිත් බොහෝමත් ම හිඟ නිසාවෙන් සදාචාර සීමා ලෝකෙට අත්‍යවශයයි....ඒත් ඇතැම් වෙලාවට ඒ සීමා මායිම් බිඳක් ඉක්මවා යමින් කෙනෙක්ගෙ හිතට සතුට ගෙනයන්න වේවි... ඒ මොහොතේ කළ හැකි එකම දෙය එපමණක්ම නම්..
    ඔබ දු‍ටු දසුන ගැන මටත් කිසිවක්ම කිව නොහැකියි...
    එහෙත් එක් දෙයක් කිව හැකියි...එවන් දසුන් දකින නෙත් සමස්ථ සමාජයක් ම ඒ නෙතු තුලින් දැක සමස්ථ ලෝකයක්ම සැක කරන බව නම්..
    එහෙත්...
    ජීවිත අවුල් නොකරන බැඳීම් පවත්වා ගත හැකියි... බුද්ධිමත් ව.. අවදියෙන් ලොව දෙස බැලීමෙන්..

    ReplyDelete
  27. සුලා, මචෝ උඹ වෙනදා වගේම මාව අදත් කුල්මත් කලා බං. ඇත්තටම උඹත් තිස්සයට සෙට් වෙලා මේ දෙලෝ සෙත් පිණිස වූ කෙරුවාවට දායක වෙනවනම් කොච්චර දෙයක්ද??

    අපේ තිස්සයට 'මාමා' කියූ කොලු ගැටයා මොකාද බොල??

    ReplyDelete
  28. @පාලි: ඔය වැප් මලයා මචන් පිස්සුම පිස්සු බුවෙක්... ඌට ලස්සනට ලියන්නත් පුලුවන්... රටට ලෝකෙට වැඩක් කරන එකෙක්... පොරගේ සයිට් එක තමා http://wapnishantha.blogspot.com/ ගියොත් මැක්සා ආතල් එකක් ගත හැකි...

    ReplyDelete
  29. ලස්සනයි. මමත් මේ ගීය මීට පෙර අහලා නැහැ.
    සුළඟ

    ReplyDelete
  30. දැන් ටිකකට කලින් තමයි සින්දුව ඇහුවෙ. කලින් අවිත් කියෝල ගියා විතරයි. මා අතිනුත් මේ ලඟදි මේ හා සමාන කතන්දරයක් ලියවුනා. අට ලෝ දහමට තව 2ක් එකතු උනානම් හිත හදා ගන්නවත් තිබ්බා 10ක්නෙ කියලා. ඒත් සම්මත අසම්මත කියන 2අපි හදා ගත්තුවනෙ.. ඉතින් ඔය 2 පැවැත්මට 2ම තියෙන්න ඕන කියලත් හිතෙනවා. කොහොම උනත් අසම්මතයට එබී බලා සම්මතය තුළම ‍රැදෙන්නට දිරි ඇත්තවුන්ට මගෙ ප්‍රණාමය...

    ReplyDelete
  31. @චේජනා.....

    ස්තූති වේවා සහෝදරී......මා ගැන ඇගයීමට...

    ඔව් ..ඒ නිසයි මම කිව්වේ චූදිතයන් සොයන්න මම අකැමැති බව...ඒකනේ නීතියේ ඇස් බැඳලා තියෙන්නේ..
    .....................................................

    @Pali,

    කොහොමෙයි සහෝදරයා...අවුරුද්ද එහෙම ජයෙයි..??


    මේ..

    සුලා..

    ReplyDelete
  32. @තිස්ස : වැප් මලය එළ කොල්ලෙක් වගේ නේද? ඌත් එක්ක වැඩිය කතාවට යන්න බයයි ඌ මටත් බාප්පොච්චි කියලවත් කිව්වොත් :)

    @සුලා : පුලුවන් හැටියට අපිත් අවුරුදු ජය කරගත්තා මචෝ. කොහාගෙ බෙරිහන් දීමත් ඉතිං ඉන්දියන් සාගරයෙ කෙළවරටම ගලා එන්න තරම් ශක්තිමත් නැතිකොට, නනාවිධ රෝස, උඩවැඩියා මල් විනා එක එරබදු මලක් ඇහැට දකින්න නැති කොට, අවුරුදු හැඟීම අපේ ඇඟට දනවන්න අපිට ලේසි වුනේ නැහැ මචෝ. ඒත් අපි පොඩි ට්‍රයි එකක් දුන්නා. බලපංකො මෙතනට ගොහින්.

    http://www.youtube.com/watch?v=AdLD4yJI0w4

    තාම එක කොටසයි දාගන්න පුලුවන් වුනේ. අනෙක්වා පස්සෙ දාන්නම්.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets