උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...

උදෙන්ම දුරකථන ඇමතුමක්... "මචං අර දුමී, උගේ සෙට් එකත් එක්ක හෙට අපේ ගෙදර එනවා... උඹත් අනිවා එන්නෙ ඕනේ ..පැදුරක් හොඳේ...විස්තර දවල් වෙලා කියන්නම්..." මගේ හිතවත් දුකාගෙන්.... ඊලඟට පෑ දෙකකින් විතර ආයෙමත් "මචෝ වැඩේ prepone වුනා... අද රෑට..." "හප්පට සිරි...OK OK" මමත් මේ කම්මැලි කමට සති අන්තය මේකේ අස්සට වෙලා ඉන්නවා... අරහෙන් සුලා මල්ලී කථාකරනවා එහේ එන්න කියලා... මම මෙහෙම අස්සට වෙලා ඉන්නවා දැකලා දවසක් ගල්මල් අයියත් ගෙදරටම ඇවිත් සොයා බැලුවා... (මූට Home Sick නිසා පිස්සා වෙලාද කියලා බලන්න වෙන්නෑති..!!!). මොනවා වුනත් මම වාසනාවන්තයි... මව් බිමෙන් පිටවුනත් එහෙම සොයා බලන, ඒ වෙනුවෙන් යමක් කරන යාලුවෝ ලැබෙන්න... (වචී පරම නොවී...!!! ඕං දැන් මණ්දාකිනියකිනුයි තවත් පි‍ටුවකිනුයි දුම් පිටවෙන්න ගනී...)

කොහොම හරි සංග්‍රහ බර සේරම දුකාගෙයි, දුකාගේ ගෙදර ඇත්තන්ගෙයි කරපිට... දුමී (ගිටාර්), දර්ශන (තබ්ලා), රජීව් (බොන්ගෝ), හා බ්‍රයන් කට්ටිය රෑ දහය හමාරට පටන් ගත්තු පැදුර අවසන් වුනේ (කළේ) පාන්දර හතහමාරට විතර... කදිම පැදුරක් ඒක... කඳු නගිමින් පල්ලම් බහිමින් හැල්මේ දුවමින් ඉකි ගසමින් ගැයෙන ගී මනරම්ව ඇසුනා.... අතරින් පතර රස කථා, හා බ්‍රයන් ගේ ඉල ඇදෙන comment... "ඇස ප්‍රීති කරන රූපා...", "මුතු වාගේ බබලනවා...", "මල් සිනා උදා වුනා...", "දෑස වසා ගමි..." එතකොට මිල්ටන් ඩබලගේම සින්දු.. හරිම ලස්සනට ඔවුන් වාදනය කරමින් ගායනය කරා... ටොප් ක්ලාස් ටෙස්ට් එකක්...

ඒ අතර මට අතුල සෝමසිරිගේ ගීයක් ගයන්න ඕනෑ වුනා (ගී කියන්න හරි හැටි බැරි වුනත්...) එතකොට දර්ශන (තබ්ලා) කියාපි "ඒ මගේ මාමා නේ..." ඔන්න බලමු... ඒ වියයුතු ලෙසින්ම දර්ශන මැක්සා ටෙස්ට් එකක් තියන දක්ෂයෙක්... මට තව අපූරු දෙයක් මෙ අතර නිරීක්ෂනය වුනා..මේ පැදුරට තව නියම තරුණ තරුණියෝ ටිකකුත් සෙට් වුනා... ඔවුන් මේ කාන්තාර ලෝකේ ටිකක් කල් ඉන්න උදවිය මට වඩා... මනෝජ්, ජනක, හශිත, හශිතා, මනෝජ් ගේ බිරිඳ හා මස්සිනා... අපි (මමයි දුකයි) හද්දා පරණ ඒවාට සෙට් වෙන කොට හශිත මෙහෙම කියාපි... "අපි ගොඩක් පරණ සින්දු දන්නේ නැහැනේ... ඒ නිසා ටිකක් අලුත් එවා කියමු හැබැයි දෙදාහෙන් මෙහා...." ඔව්... මෑත කාලෙදී බිහිවෙච්චි, සාදයකට හෝ පැදුරකට කියන්න මතක හිටින... ඔව් මෙන්න මේකයි වචනය... අනායාසයෙන් මතක හිටින ගී කීයක් බිහි වෙලා තියනවද...? තියනවනම් මගේ කණ නොවැටී, මතකයේ නො‍රැඳුනාවත්ද...? නොදනිමි කාගේ දොසා... මඩිස්සලේට හෙන ගැසූ විට කිල්ලෝටය ඉතිරි වෙද...? මොනව වුනත් ඒ යෞවනයින්ටත් ඉස්තරම්ම පන්නයේ රස වින්දනයක් තිබ්බා... එතන හිටිය බාලම කොලූ, මනෝජ් ගේ මස්සිනා, සිංදු මෝලක්... ඔහු පැ‍රැණි ලස්සන සිංදු බොහොමයක් දන්නවා...

මගේ මේ සුලු ව්‍යායාමයෙනුත් ඒ ලස්සන සිංහල ගී, චිරාත් කාලයක් යහතින් වැජඹීමට, පොඩි හෝ තල්ලුවක් ලැබේවා....

අද ගීය සුනිල් සරත් පෙරේරා මහතාගේ මුල්ම රචනය, අතුල සෝමසිරිගේ හඬින්...

උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...
රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි...
දණ්ඩි පැටව් උඩ පැන පැන පැන රණ්ඩු දබර වෙයි...
සුදට සුදේ කොකෙක් ඇවිත් වක්කඩ ලඟ දොයි....

පලා ගිරා නලා හඬට රොන් රස ඉල්ලූ...
ඇසේ මලින් මල පුබුදන මී මැසි සින්දූ...

සමන් ගිරේ ගිරේ ගිරි මුදුනට යන සමණලුනේ..
පාර කියනවද අප හට සිරිපා තඹරේ....

උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...
රත්තරනින් ගිගිරි වළලු දෑතම රඟ දෙයි...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

68 comments :

  1. මේක නම් අසා නැත...බොහොමත්ම ස්තුතියි...ඇත්තටම පරණ සිංඳු දන්නෙ නැති එක නව පරපුරේම වරදකුත් නෙවෙයි....කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා....අහනවා නම් ඉතින් හොයාගෙනම අහන්න එපයැ....හැබැයි ඔය මොන සිංඳු ඇහැවුවත්.....යාලුවෝ සෙට් වුනාම නම් මිල්ටන් ජෝති ලන්ත්‍රාගෙ වගෙ අමරණීය ගීත කරලියට එන්නේ අපෙ හිතටත් හොරෙන්...මොකද ඒ ගීත එකපාරක් ඇසූ පමණින්ම මතකයේ රැඳෙනවා..

    ReplyDelete
  2. @Shadow/හේමලයා: ඔව් ඒකත් ඇත්ත... කාලයක් එක්ක කොයි දේත් වෙනස් වෙනවා... ඉස්සරට වඩා රසවත් එව්වා දැන් බිහි වුනානම් හැබැයි නේද...

    ReplyDelete
  3. මචං එදා රෑ තමයි මට තේරුනේ අපි දන්න සින්දු මොනවද කියල උඹයි දුකයි රික්වෙස්ට් කරනකොට . . . ! ඒ වගේ සොඳුරු රැයක් නැවතත් පැමිණේවා !

    ReplyDelete
  4. අනේ දුමී, මම නිකංම නිකං රසිකයෙක් විතරයි... ඒ සින්දු වල හැඩ වැඩ ඒ විදිහටම තියල ප්‍රතිනිර්මාණය උඹල තමා නියම සංගීතවේදියෝ....

    ReplyDelete
  5. අනේ මමත් අහල නැතෝ.....

    මම සුනිල් සරත් පෙරේරා මහතාගේ ආසම මේ පද වැලට..
    කුරුළු කැදැල්ලක උණූසුම කැටිවුන
    අමා සුවය දෙන අතු ලැග සෙවනේ
    අසරණ වුන දා මට නුඹ පමණයි
    මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ

    ...පිබිදෙන ලොව හා තරඟ කරන්නට
    හෙට අලුයම යලි පිවිසිය යුතුවේ
    ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
    ඔබේ සිතට වැඩියෙන් තව ලං වේ

    ලීවේ සුනිල් සරත් පෙරේරා...

    ReplyDelete
  6. @වත්: අගේ සිනා සඳ මඬල මුවාවෙන්.. ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි...

    @හරී: ඊලඟ එකට අනිවා හරී...?

    ReplyDelete
  7. මේවා ඇහෙනකොට දකිනකොට මටනං ඉරිසියාවේ බෑ අප්පා... :)

    ReplyDelete
  8. @Buratheno: මල්ලී අපිට මෙගා පැදුරක් කරන්න බැරිවෙයිද ලංකාවේදී...???

    ReplyDelete
  9. අපෝ ඇයි බැරි අයිය. ඔන්න මන් ගානේ පැදුර හරිද.........

    ReplyDelete
  10. මෙගා එකක් නම් ...වී වෙලන මාගල දෙන්න බැරිය.

    ReplyDelete
  11. මේ ඉතින් මේ ලඟදී තිබ්බ පැදුරු පාටියේ කියපුවනෙ...නේද තිස්ස අයියේ...පින්තූරනම් දැක්කා. ඔන්න ඉතින් සින්දුවකුත් ඇහුවා. කලින් අහල තිබ්බ එකක් නම් නෙමේ

    ReplyDelete
  12. ඒක තමා නගෝ... නිවාඩු කාලෙදී සචී/හශිත යුවලගේ ගෙදරදී ද නියමම එකක් දැම්මා ඒකේ ඒවත් හෙමින් දමන්නම්...

    ReplyDelete
  13. හා ඔව් ඔව් මම මේ හිතාගෙන හිටියේ ආය නම් කවදාවත් කාටවත් මොකුත්ම කියන්නේ නැහැ කියලයි. ඒත් ඉතිං මේවට උත්තර නොදී ඉන්න නිකන් මොකද්ද මොකද්ද වගේයි දැන් මටත්.. මේ කට්ටියත් එක්ක ඉදලාම මමත් දැන් මාර බ්‍රයිට් මේ වැඩේට ..
    චේජනා ලියා ඇත්තේ මොනවා දැයි නොබලාම දුම් පිටවෙන්න මොකෝ අපි දෙන්න දුම් කෝච්චිද..??
    වෙලක බැහැලා අර මොකෝ උනා කියන්නේ..කියන්නේ??
    හරි අපි වචී පරම තමා මොකෝ අපි ඉතිං දුර බැහැරනේ..
    එතකොට ගම්පහ ඉදලා කොයි තරම් දුරද හැබෑටම මහරගමට ..??

    ReplyDelete
  14. කවදත් වගේ සින්දුව ලස්සනයි.

    අද පොස්ට් ඒකේ විශේෂත්වය "පැදුරේ" විස්තරය නිසාම වෙනදාටත් වඩා ලස්සනයි.

    ReplyDelete
  15. මම මේ පැදුරු පාටියේ 4tos ටික දුකා අයියා FB දාලා තියෙනවා දැක්කා. නැගලා ගිහින් තියෙනවා වගේ :)

    ReplyDelete
  16. එච්චර ප්‍රසිද්ධ නැතත් (සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංස, කුමාරදාස සපුතන්ත්‍රී) වගේ, සුනිල් සරත් පෙරේර මහත්තයත් ටොප් ක්ලාස් ...

    සිනා නගන්නී.. ලැසි ලැසි ගමනේ එන්නී...
    මගේ රටට දළදා හිමි සෙවණයි...
    අම්මෙ පෙම්බරා...

    ඔය වගේ සිරා ගොඩක් ලියපු මනුස්සයෙක්.. බොහොම ස්තුතියි පරණ මතකයන් අලුත් කළාට..

    හප්පේ තව පොඩ්ඩෙන් අමතක වෙනව.. අමරදේව මහත්තයගේ එරන්දති එනවා සින්දුව ලිවුවෙත් එයා තමා.. කොහොමද.. එළ නේ..!

    ReplyDelete
  17. මෙගා නැත්තං ගිගා හරි ටෙරා හරි එකක් කරන්නනං බැරියැ.. මම ලංකාවට එන දවස තමා ෂුවර් නැත්තෙ..

    ReplyDelete
  18. මම ඇහුවෙත් අදම තමා. අයියට පින් මේවගේ අහල නැති සින්දු අපට දෙනවට.

    ReplyDelete
  19. බොහොම අපූරුයි තිස්ස. හොඳ සුසංයෝගයක්...තිස්ස, දුකා, දුෂාන්, දර්ශණ, රජිව්.......තවත් මොනවද.....ඔහොමම යං මචන්ලා.

    ReplyDelete
  20. @nimanthi: හප්පා ප්‍රස්න පත්තරයක් නේ... 50km..!

    @ගල්මල්: ස්තූතියි (especially for the warning...ha ha ha...)

    @Hasitha: හ්ම්ම්ම්... හසී පවුලට එකතු කරගත හැකි තව දෙන්නෙකුත් එතන හිටියා....

    @වැම්පයර්: ෂහ්... ලේ උරාබීවාට ගී රසත් එලෙසම උරාබී ඇති සේය නේ...?

    @Buratheno: චකේ... චකේ... ඒකත් එහෙමද...?
    අර එවාපු ඔරිගිනල් ග්‍රැමෆෝන් සිඳුගැනත් එදා කථාවුනා... ෂහ් සෙට් වුනානම් දිගහරින්න තිබුනා කොනක ඉඳන්..." ශ්‍රී මුණිදා... නමදිමු දෑත්... දොහෝත් නගා... අපි සැවොමා...."

    @priyantha.ඒ.බී. : වෙලාවක එක‍ටු කරලම දෙන්නම් කෝ මලේ ඔක්කොම...

    @Pali: ඔන්න උඹලගේ, කැන්ගරු දේශයේ "අපේ සින්දු කඩේ" ගැන ඉරිසියාවෙන් හිටපු මට, "දුකා" දෙයියෝ සහනයක් ගෙනාවා...

    ReplyDelete
  21. හප්පේ තිස්ස අයිය.. මං දැන් ශාක භක්ශක..බයිට් එකට වත් ගන්නෙ නෑ (සිහි ඇති තුරා පමණක්)

    ReplyDelete
  22. අතුල සෝමසිරි විතරක් නෙවෙයි, මම දන්න තරමට මිල්ටන් මල්ලවාරච්චිත් දර්ශණගෙ මාමා කෙනෙක් වෙනවා.

    උඹත් උන්ටම සෙට් වෙච්ච එක මොනතරම් අපූරුද? මමත් ඒ දවස්වල දුෂාන්, දර්ශණ ශ රජීව්ලා එක්ක පැදුරු පාටි කීපයකටම සෙට් වෙලා තියෙනවා. දර්ශණගෙ තබ්ලාවත් එක්ක යන උගෙ සින්දු කලෙක්ෂන් එකයි, දුෂාන්ගෙ දක්ෂ ගිටාර් වාදනයයි (බයිලා කලෙක්ෂන් එකත් සමග), රජිව්ගෙ බොන්ගෝ වාදනයයි, මට ජීවිතේට අමතක වෙන්නෙ නහැ මචෝ.

    දැන් මට උඹලා ගැන ඉරිසියා හිතෙනවා ඔන්න.

    ReplyDelete
  23. @මාරයා: මාරයාට පාටක් නෑ නෙව..

    @වැම්පයර්: හහ් හහ් හහ්... වැම්පයර්ලා ගේ පරිණාමය... මල්ලියෝ ලියුමක් දාන්නකෝ tissa1969@yahoo.com එකට... උඹ සෙට් වෙන්න නියම පොරක් වගේ....

    @Pali: මචං දර්ශණ තමා අර අපි නොදන්න ලයිව් එකේ "මාදු ග‍ඟේ මම නාන වෙලාවේ...." එකේ තබ්ලා ගහන්නෙත්....

    ReplyDelete
  24. 69 කියන්නෙ තිස්ස අයියගෙ උපන් අවුරුද්ද ද.. හප්පේ.. මම ඊට ටිකක් විතර බාලයි.. ටිකක් කියන්නෙ දාසයක් විතර.. හික් හික්.. අනිවා.. දාන්නම්.

    ReplyDelete
  25. මම හද ගී පොත හරියටම කියවන්න ආවෙ මේ ඊයෙ පෙරේදා, සෝමතිලක ජයමහ ගැන දාපු ලිපියෙන් පස්සෙ. කියල වැඩක් නෑ. ලස්සන වැඩක් අය්යේ.
    හොයා ගන්න, අහන්න ආසාවෙන් හිටපු සිංදු ( අද ඉපැදුනු නැවුම් ලොවට, සතර වරම් දෙව් මහරජ, වගේ ඒවා දාපු එකට ඔයාට පිං අය්යේ )
    පුලුවන් නම් දාන්නකෝ සුනිල් එදිරිසිංහ ගේ " දුවේ නුඹ මගෙ ප්‍රාණයයි,, " ගීතය ගැනත් ලිපියක්,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
  26. photos බලල සින්දුවල රස විඳින්න බෑ නෙ...
    පැදුරෙ recordings නැද්ද? අපිටත් එක සින්දුවක්වත් අහන්න..

    post එකෙන් නම් මම හුඟක් දේවල් දැනගත්ත.. මට ඔයාට මාට්‍ටු නොවී ජපානෙවත් ගමනක් යන්න බැරි වුණේ කොහොමද කියල එහෙම.. :D

    අනික අය්යෙ ඉතින් ඔයාට ඕනෙ දෙයක් ලියතෑකි... ඉංග්‍රීසි භාෂාවෙ "Take it Easy" වචන ටික තියෙනකන්...අමු කැවිලද කියල අහල ඊට පස්සෙ "Take it Easy" කියන එක නෙ තියෙන්නෙ...

    ආ අනික ඔය E-mail address එක දාල ම තියන්න මේ පි‍ටුවෙ උඩින් ම.., ඕක හැමදාම ලියන්නෙ අපරාදෙ නෙ...අපිත් ඕන්නම් පොඩ්ඩක් advertise කරන්නම්...

    At last,
    සින්දුව තාම ඇහුවෙ නෑ.. මේ ලියල තියෙන ඒව දැක්ක ම දුමී ගෙ වගෙ කට කහනව නෙ... සින්දුව අහන්න අමතක වෙනව...

    ReplyDelete
  27. @තිස්ස :

    ඔව්, ඔව්. අපි නොදන්න ලයිව් වල පොඩි මල්ලීලා දර්ශණලා එකට ඉස්කොලෙ ගිය එවුන්නෙ. ඒ සින්දුවෙ ඉන්න බොහෝ දෙනෙක් ආනන්දෙ කොල්ලො සෙට් එකක්.

    ReplyDelete
  28. ම්.. ලස්සනයි සින්දුව... තුන් පාරක් අහල නතර කළා දැනට...රේඩියෝ එක අහන feeling එක එන්නෙ මේ සින්දුවෙන්...

    ReplyDelete
  29. @වැම්පයර්: බොලේ පුතා කියන්න වෙයිද එහෙමනම්..? ලියුමක් දාපන් ෂුවර් එකට හරිද...?

    @හරී: මගේ දෙමව්පියොත් කැමැතිම සින්දුවක්... නමුත් සමාවෙන්න නගේ (?) ඒ සින්දුව මගේ සිතේ හැඟීමක් ඇතිකරන්නෙම නෑ නෙව... දූලට වඩා පුතාලට කැමැත්තක් තියනවා මං හිතන්නේ මගේ.... ස්වභාධර්මයා ඒ හින්දා වෙන්නෑති පුතුන් දෙදෙනෙක්ම මට ලබා දුන්නේ...

    ReplyDelete
  30. ඉරිසියාව කියන එක ඇති කරන්න ද මන්ද මේව දන්නේ හික් හික්....
    කට්ටිය හොඳ ෆන් එකක් අරන් වගේ....

    ReplyDelete
  31. බොහොමත් ස්තුතියි..............!!!
    "මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා
    පනන් තුනක් ලබලා මටත් එකක් දෙනවා"

    "රූපා ඉන්දුමතී" ගායිකාව ගායනා කරන්නෙ
    අනේ............. මේකත් හොයලා දෙන්නකෝ........
    හොයලා දුන්නොත් බොහොමත් ම පිංංංංංංංංංංංංංංංං.

    ReplyDelete
  32. දුකාට පිං දෙන්න ඕනෑ...අපේ හාදයාව බිත්තිහතරෙන් එළියට ගත්තට...
    හැබැයි ගොයියො සිංදුව නම් මේ ඇහැව්වමයි නේ...සිත තුටින් බරවෙන පැතු පැතුම් ඉටුවන සුභම සුභ දවසක් වේ...වා...!=================================================

    හ්ම්..ඔන්න තවත් අළුත් දවසක්...හිරු දෙවිඳු හොරෙන් හොරෙන් කඳු අතරින් එබිකම් කරන්න පටං අරන්...පෑලදිග අහසෙ රන් පැහැයෙන් රටා මවල...දැන් ඉතිං මදෑ නිදා හිටිය...ඝනව තද කොලපැහැයෙන් වසා පැතිරුණු සයිප්‍රස් අතුපතරින් එබී බැලිමි...ගම් පියසට අරුණ ඇවිදිල්ල...හෙමි හෙමින් අතුපතර සෙලවීමි..හීතලට ගුලිවෙලා උන්නු පිණිබිංදු නෝකකඩු බෙනෙමින් අත්තෙන් අත්තට පනිමින් බිම වැටිල බිඳිල ගියා..මට සමා වෙන්න....!
    අහා...ගිරිශිඛර සහෝදරී මිහිඳුම් සළු පොරවගෙන...හරි ආඩම්ඹරෙන්...මට හිතයි මිහිඳුම් සළුව තල්ලු කරලදාන්න..පිණි බිංදු තරහ උනාවගේ මගේ දඟකාරකම් වලට ඈත් තරහ වේවිද..???.මට විඳින්න ආසයි ඇගේ නග්න රුවේ කාන්තිය...
    ආං..උඩහගෙදර රං එතනා..දිගු කෙස්වැටිය උණාදමල දිය කඳුර දිහාවට දුවන අපූරුව...හිතයි පස්සෙන් යන්න...බලාපල්ලකො ළමිස්සිගෙ දඟකාරකොම...අන්න..දියදෝතක් ගත්ත...ළමිස්සියෝ ඔහොම හැදෙන්න හොඳයිද මං අහන්නෙ...?..හීතල වතුර තව ඩිංගිත්තෙන් මගේ ඇඟෙත් වදිනව...වලාමෙ රෑ නින්දෙන් මේකි කොහෙ රෝන්දෙ ගැහැවුවද මංදන්නෑ..මේ උදැහැනැක්කෙ ඔයතරම් පිපාසාව...ඒ රෝස පාට කම්මුල්නම් සිපගන්න ආසයි...නාදළු පාට දෙතොලෙ රැඳුණු දිය බිඳුව..ම්..ම්..මම සිපගන්නද...??.
    ඒ පාර මක්කෙයි මේ යෝධි උඩ පැන පැන කැකිරිපලන්න තිබාගත්තෙ..??හැබෑම නේන්නම්...හිනා නොවී පුළුවනෑ..වක්කඩ ලඟ දණ්ඩි යාළුවෝ සන්ඩු කරනව නෙව...මේ කොක් උන්නාන්සෙට මක්ක වෙලාද මංදන්නෑ..මේ හීතලේ වක්කඩගාවම නිදිකිරා වැටෙන්නෙ...කූද්දන්න ඕනෑ...
    මීමැසි යාළුවෝ උදෙන්ම රාජකාරි පටං අරං වගේ..හැබෑට බිංදුවක්වත් මහන්සි නැතිහැටි...තුඹ මලෙන් නිදිකුම්බ මලට..එතනින් රෝස මලට...යාළුවේ සිංදුවනම් හැබෑම මිහිරියි..තනුවත් උඹලගේම වෙන්ටෑ..හිතයි පැණි ගෙනියන කොක්කනේ ටිකක් හොලවල බලන්න..ඒත් පැණි ටික ඉහිරුනොත්..!
    ඔහෝ..සමනල් යාළුවනේ...උදෑනැක්කෙම පටංගත්ත එහෙමයි..රාජකාරිය...තව ඇබින්දෙන් මටත් අමතක වෙනවා නෙව...මටත් පාර කියනවද සිරිපා කරුණාකරන්න...

    "උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...
    රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි...

    දණ්ඩි පැටව් උඩ පැන පැන පැන රණ්ඩු දබර වෙයි...
    සුදට සුදේ කොකෙක් ඇවිත් වක්කඩ ලඟ දොයි....

    පලා ගිරා නලා හඬට රොන් රස ඉල්ලූ...
    ඇසේ මලින් මල පුබුදන මී මැසි සින්දූ...

    සමන් ගිරේ ගිරේ ගිරි මුදුනට යන සමණලුනේ..
    පාර කියනවද අප හට සිරිපා තඹරේ....

    උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...
    රත්තරනින් ගිගිරි වළලු දෑතම රඟ දෙයි..."


    සුලා...

    ReplyDelete
  33. ඔන්න තිස්ස අයියා උඩහ ගෙදර රන් එතනා සිංදුව මම බාගත්තා.......
    මම ගොඩක් ආසයි පරණ සිංදුවලට
    ගමේ සුවද ඒ සිංදුව ඇහැව්ව මට දැනුනා අයියා.....

    ReplyDelete
  34. ජිවනී සහෝදරී.. මේං ගත්තනං....උණු උණුවෙම අප්ලෝඩ් කලා..

    http://www.mediafire.com/?i7mzpnb891rcbts

    සන්ෆ්ලවර්ස් සමග හැබැයි.. ඔරිජිනලෙ තිබුනා.. හොයන්නෝන.. හරිගියේ නැත්නං කියන්න හොඳේ..
    හොයල දෙන්න බලඤ්ඤං..

    ReplyDelete
  35. @Pali: මේ අර අපේ ජීවනී සොයුරිය නෙවෙයි මචෝ... වෙන කෙනෙක්...!!!

    ReplyDelete
  36. තරහ ගන් නැතිව මේ සිංදුවත් හොයා දෙන්නකේ.......
    වදයක් කියලා හිතන්නත් එපා..........ඉතින්

    "සිතට සිතා ගන්නට බැරි
    දුරක නොවේ ඔබ ඉන්නේ...."

    නීලා වික්‍රමසිංහ ගායිකාවගේ සිංදුව

    ReplyDelete
  37. සිතට සිතා ගන්නට බැරි...
    දුරක නොවේ ඔබ ඉන්නේ...
    අතක දුරක පෙනෙන තැනක
    සඳ එලියේ ඔබ ඉන්නේ...

    ඔබේ සුවඳ අරන් ඇදෙන...
    සුලංරොදක දැවටී ගෙන...
    ගත දැව‍ටුන මගේ _____
    ______________________

    ගතේ සරා කැල්ම දුටිමි...
    නෙතේ සරා බැල්ම දිටිමි...
    ඔබ අසලට දිව එන්නට...
    දෙපා ගිගිරි පොරකන්නේ...

    කියන්නේ නීලා නෙවෙයි... මතක හැටියට පුණ්‍යා...
    සින්දුව නැත...
    කලින් එක ඔබ බාගෙනත් නැත...?

    ReplyDelete
  38. ඇයි මේ නගේ කියලා ප්‍රශ්නාර්ථයක්? මගේ රස වින්දනය හින්දද? අපේ සිංහල කමට කොහෙ ගියත් අය්යේ, අක්කේ , නංගියේ ,මල්ලියේ කියලා කියවෙන්නෙ හිතලම නෙමෙයි, ඒව ඇඟෙන්ම එන ඒවා නේද?
    මම ඉතින් වැඩිමහල්කමට සලකලා නොවැ අයියේ කිව්වෙ, අමනාපෙයි ඒකට?

    සිංදුව ගැන නම් කියනකොට දුවේ කිව්වට ඕක පුතාලටත් පොදු කියලයි මට නම් හිතෙන්නෙ.
    තාත්තලට වැඩිය ආදරේ දූලලු, මමත් එහෙමයි, අපේ දුවත් එහෙමයි

    ReplyDelete
  39. හපොයි නැහැ... මීට කලින් මම නගාලා කිහිප දෙනෙක් අඳුනා ගන්න කලින් මලේ කියලා එකසිය ගානට ඇනගත්තා... දැන් හරි...! confirm... ඔබේ සයිට් එකත් හරියටම බලන්න බැරිවුනානේ... මට අමතකත් වුනා A A Brothers එක ගාවදී වුනා කියපු සිද්ධිය... සොරි අප්පා...

    ReplyDelete
  40. හප්පේ....සුලා කෝ කියලා මම බල බලා හිටියෙ.

    එක් ‍රැයක් පහන් කරන්න නෙවෙයි, සතියක් නිදි වරාගෙන මුතු අමුණන්නා වාගෙ එක දිගට ගයන්න රසවිඳින්න පුලුවන් අපූරු සුන්දර ගීත මොනතරම් නම් තියේද සිංහල ගීත සාහිත්‍යයේ.

    ReplyDelete
  41. මට දැන් ඉස්සර වගේ බ්ලොග් වලට එන්න නිදහසක් නැති නිසා ඔන්න මම පෝස්ට් එකක් දකිනවා, හිතනවා මේකට මගේ අදහසත් කියන්න ඕන කියලා පස්සේ කොල්ලත් එක්ක පොර අල්ලලා කොම්පූටරේ අරගෙන කමෙන්ට් එක දාන්න කලින් ආපහු කියවද්දී මෙන්න බොලේ කස්ටිය එකතු වෙලා ලොකු කතාවක් දිගට අරන් ගිහින් . .. .

    නියමයි . .

    ආ ඒක නෙමෙයි මචෝ අර පැදුරු පාටියේ සියළු බරපැන අපෙන් නෙමෙයි . .

    අපේ ගෙදර උන්දැ නම් ලොකූ මහන්සියක් වුනා තමයි ඒත් කෑම බීම අපි හැමෝම එකතු වෙලා තමයි සපයා ගත්තේ . . .

    ඇයි බං පලතුරුයි අයිස්ක්‍රීම්යි තව මොනව මොනවද මන්දා ගත්තේත් උඹනේ . . ..

    අහ් අර බොන ජාති වැඩිපුර ගෙනාවේ දුෂාන්මයි, අපේ චමිලුත් එකක් ගෙනාවා. ඒකනේ අපි කතාවුනේ ඒක හරියට දුශාන්ල සාජා ඉඳන් ඇවිත් අපිට පාර්ටියක් දීලා ගියා වගේ කියලා කෑම බීම විතරක්ම නෙමෙයි ලබා දුන්නු අමතක නොවන මතකය . . .සතුට . .

    හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕන ඒ රාත්‍රිය ඒ තරම් සුන්දර රාත්‍රියක් කරපු එක ගන . ..

    ReplyDelete
  42. "අරහෙන් සුලා මල්ලී කථාකරනවා එහේ එන්න කියලා..."
    machan mata sulaage no. eka deepan taraha natuwa . .. .

    ReplyDelete
  43. @Pali!
    "බොහොම අපූරුයි තිස්ස. හොඳ සුසංයෝගයක්...තිස්ස, දුකා, දුෂාන්, දර්ශණ, රජිව්.......තවත් මොනවද.....ඔහොමම යං මචන්ලා. දැන් මට උඹලා ගැන ඉරිසියා හිතෙනවා ඔන්න."
    machan Pali uba niwaadu yana gaman mehe stop over ekak daagena waren . .api ethakota siraa paduru partiyak set karamu . . moko kiyanne???

    ReplyDelete
  44. මචං මේල් එකකින් තමයි ආරාධනාව කරලා තිබ්බේ... කෝ නමක් ගමක් ඉන්න තෙනක් කියනවායෑ...! හම්බ වුනහම ඔක්කොම කියන්නම් කියන්නේ...!

    පාලියා ඔස්ට්‍රේලියා වල මචෝ... ඉන්නේ ලංකාවට යනගමන් ලංකාව පහුකරන් මෙහේ එයිද...? හෙහ් හෙහ් හෙහ්...

    ReplyDelete
  45. ow ban mama dananwaa u ausee kiyalaa hiks . . naha ban mama kiwwe api okkoema eka paara uu niwadu yanakota lankawata yana eka wenen nati nisaa uuta mehe enna kiyalaa niwadu iwara welaa yana gaman hari niwadu yana gaman hari . . hi hi

    ReplyDelete
  46. හෙන ලොකු කතා ගොඩක් මැද්දට පැන්නට සොරි වෙන්ට ඕන අයියා... මම හිතුවෙ රං එතනා සිංදුව කියන්නේ රෝහණ වීරසිංහ කියලා.. තැන්කූ අයියා නොදැනුවත්ව හරි දැනුවත් කලාට...
    ආහ්.. අර සුනිල් එදිරිසිංහගෙ "දුවේ නුඹ මගෙ ප්‍රාණයයි" සිංදුවයි ඒකට සුනිල් මහත්තයාගේ දුව කියන පිලිතුරු සිංදුවයි දෙකම මම යොඋටුබෙ එකට දැම්මා... දැන් මාසෙකට දෙකකට විතර කලින් තිබුනු මියුසිකල් එකකින් හොරෙන් තමයි වීඩියෝ කරගත්තේ..
    හරිට අහනවනම් මෙන්න ලින්ක් එක...
    http://www.youtube.com/watch?v=w0yScLsXHTU
    http://www.youtube.com/watch?v=ye6t-BHOdr0

    ReplyDelete
  47. සාඩම්බර හසී පවුලට ජය වේවා !!!

    මම අයියාට FB friend request එකක් එව්වා ඔයා තාම ඒක accept කළේ නැහැනේ

    ReplyDelete
  48. @දුකා: මචං උඹේ ආරාධනාව දැකලා ලොකු සතුටක් දානුනා. මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා පරණ යාලුවො ටික බලලා යන්නත් එක්ක ඩුබායි ඇවිත් යන්න. ඒත් නුදුරු අනාගතේදි නම් බැරි වෙයි මචෝ. කවදා හරි කොහෙදි හරි උඹලව මුණගැහෙන්නනම් ඕනෙමයි.

    ReplyDelete
  49. කමක් නෑ තිස්ස අයියා,thanks,
    සිංදුවේ පද හරි දුන්නනේ........


    http//jeewaninilanka.wordpress.com

    ReplyDelete
  50. තිස්ස අයියා අපේ කාර්යාලයේ වැඩකරන වයසක මහත්තයෙක් ඉන්නවා,අනේ එයා හරි ආසයි පරණ සිංදුවලට,ඉතින් එයා මට එක එක පරණ සිංදු හොයලා දෙන්න කියනවා.අනේ බෑ කියන්නත් බෑ ,කලින් මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා සිංදුවත් එයාට තමයි මම ඇහුවේ,පුළුවන්නම් මේකත් එයාට හොයලා දෙන්නකෝ,

    "එක ගගක ඉවුරු දෙක කවදා
    කොතන මුණ ගැසේද"
    රූපා ඉන්දුමතී ගායිකාව තමයි මේ සිංදුව කියන්නෙ.

    ReplyDelete
  51. ඒකත් මාලඟ නෑ නංගී... මං අහලත් නෑ ඒ සිංදුව...

    ReplyDelete
  52. ම්ම්.. අහල තියනව.. තිබ්බ වගේත් මතකයි..ඉන්න බලන්න..

    බඩු හෑව්.. හැබැයි සන්ෆ්ලවර්ස් සමග.. හොඳ නං ගන්න මං අප්ලෝඩ් කරන්නද?

    ReplyDelete
  53. නෝ ප්‍රස් මල්ලි අප්ලෝඩ් කරන්න... අහන කෙනා රස හඳුනන්නෙක් නම් තියාගනී...

    ReplyDelete
  54. http://www.mediafire.com/?477xdi6ue4acc3w

    ඔන්න එහෙනං.. මේක කියන කාලෙ රූපා ඉන්දුමතී මහත්මිය සෑහෙන වයසයි, ඉතින් සන්ෆ්ලවර් සමග කවර කතාද.. ඔරිජිනල් එකක් තිබුනා.. අනේ මන්ද.. මටම හොයාගන්න බෑ.

    ReplyDelete
  55. හුට්ටාරේ... තිස්ස අයියා අහලා නැති සිංදුත් තියෙනවා එහෙනං ඈ.. ඕක රූපා ඉන්දුමතීගෙ බොහොම ජනප්‍රිය සිංදුවක්නෙ..

    ReplyDelete
  56. thanks වැම්පයර්,ඔයා මරුනේ.

    පරණ අහලා නැති සිංදු නම් තව කොච්චර ඇත්ද නේද තිස්ස අයියා...

    තිස්ස අයියා කරගෙන යන මේ බ්ලොග් එක නියමයි,දිගටම කරගෙන යන්න අවැසි ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම සුභ පතනවා.

    ReplyDelete
  57. තිස්ස අය්යාගේ පෝස්ට් ඔක්කොම කියවලා ඉවරයි ඔන්න ....නෙට් එක ටිකක් slow නිසා සින්දු අහන්න වෙන්නේ ටිකෙන් ටික තමයි...ඒත් ඕං සින්දුත් ගොඩක් හරිය අහලා ඉවරයි මං...පැරනි ගීත කලාව රැක ගන්න ඔයා ගන්න උත්සාහය ගැන හර්ම සතුටුයි අය්යෙ.....

    ආ....ඔයාට පුළුවන්නම් මට මේ සින්දුව සොයා දෙනවද...ගායිකාව කවුද කියලා දන්නෙ නෑ...අම්ම කෙනෙක් තමන්ගෙ දෝනිට ලෝකයේ සැබෑ තත්වය කියා දෙන ගීතයක්..මේ මුල් පද....

    චන්ද්‍ර මඩුළු යට සුරංගනාවන්...
    දූ නලවන්නට ගීත ගයනවලු...

    ReplyDelete
  58. ගායනය හා තනු- නන්දා මාලිනී
    ඇල්බමය- සාරි පොඩිත්තක්
    පද- මහින්ද අල්ගම

    මෙන්න ගන්න...

    http://www.mediafire.com/?z0mrjz04qyn#1

    ReplyDelete
  59. ජීවනී- තිස්ස අයියට ස්තුති කරන්න.. මේ වගේ කතිකාවතක් ඇතිකරනවට..අපි ඉතින් සයිඩ් සපෝට් එක තමා දෙනවා...

    ReplyDelete
  60. කාගේ උනහම මොකද අප්පා... වැඩේ කෙරෙනවනම් ... මෙහෙම බොදා හදා ගන්න එක කොච්චර පංකාදුද... වැම්පයර් මලයට ජීවනී ව හිතට අල්ලලා වාගේ... හැබැයි මේක ඉල්ලලා තියෙන්නේ නම් ශ්‍රී නංගී

    ReplyDelete
  61. ස්තූතියි වැම්පයර්....තිස්ස අය්යටත් ස්තූතියි මේ කතිකාවතට..දැන් මගේ ප්‍රියතම බ්ලොග් අඩවියත් මේක වෙලා..දිනපතාම එන යන කෙනෙක් වෙලා මාත්..දහසක් රාජකාරි අතරතුර වුනත්...

    ReplyDelete
  62. හනේ.... හැට පස්වෙනියා විදිහට මට කියන්න දෙයක් නැතේ... අහන්න තිබිච්ච හැම දේකටම උත්තර කමන්ට් වල තිබ්බා.
    කවදාහරි මව් බිමේ පැදුරක් දානවා නම් අපිටත් කියන්ඩෝ... එන්න බැරි වුනොත් ෆෝන් එකෙන් හරි අහනවා ඕං...

    ReplyDelete
  63. අනිවා මචෝ... අර මෝටර් බයිසිකලයෙන් වරෙන් හරිද...අසාවේ බෑ ඒකට...!

    ReplyDelete
  64. මෙයාලා තනියම පැදුරු පාටි දාලා අපිට ඉරිසියා හිතෙන්න postත් දානවා. :(

    ReplyDelete

 
Blogger Wordpress Gadgets