රත්තරන් කූඩුවේ, ඉන්නෙ රන් කිරිල්ලියේ....
දැන් ඔයාගේ දුකට සැපට ඉන්නෙ මං තමයි... ඉන්නෙ මං තමයි....
සුන්දරයි ජීවිතේ ඉන්නෙ රන් විමානයේ...
ඔව් ඔයාගේ දුකට සැපට හිටියෙ මං තමයි....
කුරුලු ජීවිතේ රහා දැන් ඔයාට මතක නෑ....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....
විලඳ මී පැණී අමා... කිරිදියෙන් කවා පොවා....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....
මල් විනෝද බල බලා... ඈත අහසෙ පියඹලා....
ගී ගයන්න යන්න එන්න රන් කිරිල්ලියේ....
විලඳ මී පැණී අමා... කිරිදියෙන් කවා පොවා....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න.
දැන් ඔයාගේ දුකට සැපට ඉන්නෙ මං තමයි... ඉන්නෙ මං තමයි....
සුන්දරයි ජීවිතේ ඉන්නෙ රන් විමානයේ...
ඔව් ඔයාගේ දුකට සැපට හිටියෙ මං තමයි....
කුරුලු ජීවිතේ රහා දැන් ඔයාට මතක නෑ....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....
විලඳ මී පැණී අමා... කිරිදියෙන් කවා පොවා....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....
මල් විනෝද බල බලා... ඈත අහසෙ පියඹලා....
ගී ගයන්න යන්න එන්න රන් කිරිල්ලියේ....
විලඳ මී පැණී අමා... කිරිදියෙන් කවා පොවා....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න.
ෆුල් ආතල් එකේ වගේ ඉන්නේ.....
ReplyDeleteIt seems to me that you dont even have a time to write something.....(kasun)
ReplyDeleteI listen to this song when I was very young I thought how nice it would be to live in a "ran kuuduwa".. but today I think vice versa..great song..gives a nostalgic feeling....
ReplyDeletemage aasama geethayak machan . . uba koi taram satutinda kiyalaa hitaa ganna puluwan . . ela ela ohoma yan . . .
ReplyDeleteආහ්....වින්දනයේ උපරිමය...අපිත් කාලෙකට ඉස්සර ඕක වින්ද නිසා රස දන්නව...පිපාසෙන් කාලයක් ඉඳල එක පාර ගොඩාක් බීගෙන බීගෙන යන්න හදන්න එපා...ලඟදිම දවසක් එනව ආයි තනිවෙලා බිත්ති දිහා බලන් ............(ඉතුරුටික දැන් ලියන්නෙත් නෑ, මේ වෙලාවෙ ඒ ගැන හිතන්නත් එපා..සංතෝසෙන් ඉඳල පරිස්සමින් එන්න..)
ReplyDelete@මාතලන්: කියලාවැඩක් නෑ මචන්... නොකා නොබී හිටියත් කියලා හිතෙන වෙලාවල්....
ReplyDelete@Kasun : yes dear... hope you would understand an excuse me...
@nethu: what will you think tomorrow....
@දුකා: දැන් ඉතින් උඹ මාව දන්නවා නෙවෑ....
@ඉන්දික උපශාන්ත: සහතික ඇත්ත මචන්.... බොහොම ස්තූතියි හැඟීම් බෙදා හදා ගන්නවට...
අයියලාට වාසි බෝ වගේ..
ReplyDeleteමල්ලිලා පෙනෙන්නෙ නෑ ඉතින්..(රවා...කෝ මෙ යෝධයා..)
සුන්දරයි ජීවිතේ.. ඉන්නෙ රන් විමානයේ..
ReplyDeleteහා හා.. සිංදු ලියන්න වෙලාව නාස්තිකරන්නැතුව ගිහිං රනි විමානයේ සුන්දර ජීවිතේ විඳින්න...
අපිත් එක්ක සිංදු බෙදාහදාගන්ඩ ආයෙ දවසක් එන්නැතෑ..
-ජය
@තිස්ස දොඩන්ගොඩ ,
ReplyDeletei would think,
http://www.youtube.com/watch?v=fBCjqTtsphI
circle of life...
@මාරයා: රවා සම්බන්ධ වී ඇත...
ReplyDeleteකාසි වාසි ඇති අය ලඟ ගන්නට නැහැ මනුස්සකම්....
@යෝගී: මාව මානසික උගුල් වල හිර කරන්න එපා....
@nethu: I see... but for me it is more than that... somehting to hunt, chase, collect, get fed up and relax... start and finish may be the same.... but....
@තිස්ස දොඩන්ගොඩ,
ReplyDeleteagree
මොකෑ මේ රං කුරුලු කූඩුවක් ගැන කියලා, මකරෙක්ගෙ පිංතූරයක් දැම්මේ?
ReplyDeleteඅර කලු සුදු බෝලෙ ගැන මගේ චීන මිත්‍රයෙක් කීවෙ, භාජනේක ඉන්න කලු සුදු මාලු දෙන්නෙක් විදිහට හිතන්න කියලයි. යින් සහ යැන්, නැත්නම් සැප,දුක හෝ විරුද්ධ බලවේග. එක මාලුවෙක් ගමන් කලොත් අනෙකා ඉබේම යනවාමං මේ කියන්න හැදුවේ, ඔයාට මේ මොහොත උපරිම වෙලා තියෙන්නෙ, ඊට කලින් කාපු කට්ට නිසා වෙන්නත් පුළුවන්.
"මේ ඉර හද පායන ලෝකේ, ආලෝකය අතරේ සැප දුක සමබරවේ"
හැමෝම වගේම මමත් ඔබේ නිවාඩුවට සුබ පතනවා.ඕං දැං තමයි " මේ මොහොතෙ" ජීවත් වෙන්න ඕනා වෙලාව.
අය්යෙ, මට කියන්න තියෙන්නෙත් යෝගි කියපු එකම තමා... බ්ලොග් එක කොහෙවත් යන එකක් නෑ.. මෙතන ම ඉඳියි.. ඔයා ආයෙ එනකන්.. මට මේ post එක දැක්කම මතක් වුනේ... ලංකාවෙන් හරි ගෙනල්ල දෙනව කිව්ව මගෙ සින්දුව(සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ........), අන්න, වෙන වැඩක් ඇත්තෙම නැත් නම් ඒක හොයාගෙන එන්න... ;-)
ReplyDeleteකාහොමද තිස්ස? හුග කාලෙකින් මෙහේ ආවේ බ්ලොග් අවකාශයේ සැරිසරන්න වේලාව මට හිගයි දැන්. එහෙම නැතත් ඔයාලගේ ගීත නම් අහනවා පුලුවන් හැමවේලාවෙම
ReplyDeleteසොයුරේ ගීය මිහිරියි, ඒ සඳහා කාලය මිඩංගු කලාට තුතියි.
ReplyDeleteඒත් ඒ කාලය පුංචි කැදැල්ලට ලාබාදෙන්න එය තවත් ඉමිහිරි වේවි
ඒ සින්දුවලට අකැමති නිසා නොවේ, ජීවන රිද්මයට තැන දියයුතු නිසා.
ඔහු.................
ReplyDelete"මේ පට්ටිපොළ දුම් රිය ස්ථානයයි...වේදිකාවට දැන් පැමිණි රාත්‍රී තැපැල් දුම් රිය කොළඹ කොටුව බලා පිටත්වේ...එම දුම් රිය නවත්වන්නේ..අඹේවෙල,ග්‍රේට්වෙස්ටෙර්න්,නානුඔය......."නින්දත් නොනින්දත් අතරේ සිහිනදකිමින් හුන් මා දුම් රිය හෙමි හෙමින් ගමන් අරඹන මොහොතේ දනිපනියේ වේදිකාවට පැනගතිමි.....කටුක සීතල දරාගනු නුහුණු මා දෙ අත් කලිසම් සාක්කුවේ රුවාගතිමි...දුම් රිය ආරක්ෂක මැදිරියේ දැල්වෙන කනාමැදිරි ලාම්පු එළිය මා දෙනෙත් මානයෙන් නොපෙනීයන තෙක්ම හිටිවනම බලාඋනිමි..ස්ථානාධිපතිගේ හිතවත් සිනහාවට සිනහවකින් සංග්‍රහ කරමින් ප්‍රවේශපත්‍ර එකතුකරන්නාට සුරතෙහි ගුළිකොට තිබූ ප්‍රවේශපත්‍රයදිගු කොට මාර්ඝයට අවතීර්ණවීමි...සිල්බරකොටන්වලින් නැගෙන අපූරු සුවඳ මා කවදත් ප්‍රිය කරන්නකි...දෙනාස්පුඩු සිසාරා ගොස් රසනහර පිනවන රෑකුමාරි මල් සුවඳ පරිසරයම වෙලාගෙනතිබුණි...
මේවනවිට දුම් රියෙන් බැසගිය සියළු දෙනා සෝමාරි ගමනින් ගාටන මා පසු කොට නොපෙනීගොස් පාළු එහෙත් සොඳුරු මා ප්‍රියකරන වටපිටාව සැක්සී තිබූ හෙයින් හැතප්ම භාගයක් තරම් වූ මාගේ ගමනාන්තය එල්ලයේ ගමන් කෙළෙමි..දකුණුපසින් දිස්වන ඈත කඳුශිඛර පුරා විහිදුනු ලෝකාන්ත රක්ශිතයෙන් හදිසියේ නැගුණු ගෝනකුගේ හද පාරවන විලාපය මසිත බියෙන් සලිත කලෙන් ගමන් වේගය වැඩිකොට එකක් හැර එකක් සිල්බරවල පා තබමින් එළිමහනට පැමිණ මදක් නැවතී ගතිමි...අඹේවෙල දුම් රිය ස්ථානයෙන් මා පැමිණි දුම් රිය ගමන් ආරම්භ කරමින් හූ හඬ තලනු සවන් වැකුණෙන් සිතෙහි ඇතිවූ බියමුසු හැඟීම යටපත් වී අවට පරිසරය නැවත මාගේ පරිකල්පණයට නතුවුණේය...පායා තිබූ අඩසඳ එළියෙන් මා ඉදිරියේවූ සියළුම සුන්දර වස්තූන් මා පිනවන්නටවිය...විශාලව අතුපතර විහිදුණු සයිප්‍රස් තුරු ගොමුව සිසාරා හමා එන සුළඟ ගතපුරා හීගඩු මතුකරමින් ගත හකුලා දැමුවද සිත අවදිකරන්නට සමත්විය...වම්පසින් දිස්වන ගම්මානයේ එළවළු සහ මල් කොරටු වල සිටුවා ඇති නානාවිධ පඹයන් විකාර රූපීවූබැවින් සියුම් සිනහවක් නැගුනෙන් එම සොඳුරු සිතිවිලි මතින් "සිරියාවතී"පිළිබඳ වූ අතීතය මතුවන්නට වූයේය...
මගේ පලමු පත්වීමවූයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් පට්ටිපොළ පිහිටි අවුෂධ ගොවිපලෙහි ලිපිකරුවකු ලෙස සේවයයි...උඩරට මැණිකේ දුම් රියෙන් පළමුවරට මේ බිමට පයතැබූ සැණින් අගනුවරාසන්නයේ ගෙවූ විඩාබර,කළබලකාරී ජීවිතයෙන් හෙම්බත්වී සිටි මා කුල්මත්වූ තරම ඔබ දන්නේ නම්....
අක්කර දහයක් පහළොවක් පුරා විහිදුණු ලොත්සුඹුල්,අරත්ත,රනවරා,සැවැන්දරා ඈ නානා විධ අවුෂධයන් වගාකොට තිබූ මේ බිමකෙරෙහි මගේ සිත තදින් බැඳෙනුද විස්සක් තිහක් පමණවූ සේවකයන්ගේ යටහත් පහත් එහෙත් උණුසුම් පිළිගැනීම හදවත තෙත් කිරීමට සමත් විය..ගොවිපළ මැද්දෑඅවේ පිහිටි ප්‍රමාණයෙන් තරමක් කුඩාවූ පරිපාලන ගොඩනැගිල්ලත්..නේවාසික අපවැනි අයවළුන් උදෙසා වූ නිවස්න හතරත් හැරෙන්නට තැනින් තැන වූ කොලපාට ආලේප කළ තහඩුවලින් ආවරණය කල කුඩා මඩු කිහිපයත් හැරෙන්නට භූමිය පුරාම වූයේ නොයෙක්වර්ගයේ විරළ අවුෂධ වර්ගයන්ය...
ස්ථානභාර නිළධාරීතැන සමඟ නිරීක්ෂණ චාරිකාව අවසානයේ මගේ ආසනයට පැමිණි වහා "ඇය" උණුසුම් තේ කෝප්පයක් මා අත තැබුවාය...මගේ මේසය සුදුපැහැ මල් වලින් හැඩකළ මල් පෝච්චියකින් සරසා තිබෙනු දුටුයෙන් එහි සුන්දරත්වය හිත්පුරා විඳිමින් එහිවූ ලිලී මල්වලට සමාන එහෙත් කුඩා පොකුරු කිහිපයකින් හැඩ වූ මල් කිණිත්ත අතගා බැලූයෙමි..."ඔය මැඩෝන මහත්තයා.." ඇය පැවසූයෙන් එම මල්වල නම හැඳින ගත්තද..."මගේ නම මැඩෝනා නෙවි"යි තෙපලීමි..විළියෙන් රත්පැහැගැන්වුණු ඇගේ මුහුණ පළමුවතාවට මා නෙත ගැටුණි..වටකුරු මුහුණකින් හා තදකළු වර්ණයෙන් දිදුලන දෙනෙතත් කෙණ්ඩාකිට්ටුවටම වූ ගොතනලද කොණ්ඩකරල් දෙකත් මගේ තියුනු නිරීක්ෂනයන්ට හසුවූයෙන් ඇසිල්ලේ ඇය නොපෙනී ගියාය...එහෙත් මල් වැටුණු රෙද්දකින් බෝරිච්චි අත් යොදා මසා තිබුණු ඈ ඇඳසිටි රෝසපාට ගවොමත් චාම් එහෙත් දිදුලන සිහින් කරාඹුයුවලත් හැඩකාර අඟ පසඟත් මගේ චිත්ත සන්තානයේ තැන්පත් විය..
සුලා..
--------ඉදිරියට----------->
ඇය නමින් සිරියාවතී බවත් මෙම රජයේ ගොවිපලට මායිම්වපිහිටි කුඩා එහෙත් සොඳුරු නිවස ඇයගේ බවත් මව සහ මල්ලී සමඟින් එහිවෙසෙන්නී ඉතාමත් මෑතකදී කා.කා.ස ලෙස මේ ආයතනයේ සෙවයට පැමිණ ඇතිබවත් හඳුනාගතිමි...පසුකාලීනව මාගේ ආහාර අවශ්‍යතා සපයාලීමට ඇයගේ මව් කාරුණිකව ඉදිරිපත්වීමෙන් අප අතර කතාබහ වැඩි වූයේය...සේවයට පැමිණ වසරක් පමණ ගත වෙද්දීත් ඇයගේ නිවසට ගොස් නොතිබුනද එක් යහළුවකුගේ මංගල්‍යයයක් සඳහා මල් ටිකක ලබාගැනීමට එහි ගොඩවන්නට සිදුවිය...ඩේලියා,කපුරු,කානේෂන්,ලිලී,ඇස්ට්‍රස් ආදී නානා වර්ණයන්ගෙන් පිරී හැඩවුණු ඔවුන්ගේ ගොවිපළ මා සිත එක්පැහැර ගත්තේය..එක් පසෙක ගෝවා,බීටෲට්,කැරට් ඉන්දවූ බිම් අවසානයේ උණබට පැලලි ගසා ආවරණය කොට තිබූ මඩුවේ යෝද රට වැස්සියක් තණ බුදිමින් උන්නාය...මෙවන් වූ අපූරු දසුන් මාහට ආගන්තුකවූයෙන් ඒ සියල්ල හදසන්තානයේ සුන්දරව තැන්පත්විය...ඇයගේ සහ මව්ගේ වූ ආගන්තුක සත්කාරයන් හා පිළිගැනීම් හේතුවෙන් මේ අවිහිංසක මිනිසුන් කෙරෙහි මාතුළ වූ පැහැදීම දෙගුණ තෙගුණවූයේය.. අනතුරුව ගෙවුණු කාලයේදී ඈ කෙරෙහි වූ ආකල්ප කෙමෙන් ලෙංගතුකමකට පෙරළුනෙන් අවසන ඇයට විවාහ යෝජනාවක් කළෙමි...මුලදීට වඩා කුලෑටිබවින් තොරව මා හා ඇඟෑළුම් පෑ ඇය එවක් පටන් මාගේ පෙම්වතිය වූවාය...මීට තෙ වසරකට පමන පෙර අපගේ විවාහය සිදුවිය..මාගේ සේවාස්ථානය බදුල්ලට මාරුවුවද තවමත් මෙම රජයේ නිවස්නයේ රැඳී සිටීමට මට අවසර තිබේ..
ReplyDeleteගෙවුනු වසර කිහිපය තුලදී කොයියම්ම මොහොතකදීවත් මගේ සිත නොරිදවීමට වගබලාගත් ඈ විටෙක මවක් ලෙසින්ද විටෙක සොහොයුරියක් ලෙසින්ද මා අසල දැවටෙයි...නමුදු ඒ අවිහිංසක ගතිපැවතුම් මඳක් හෝ අඩුනැතිව ප්‍රකට කරණ ඈ කෙරෙහි වූ මගේ ප්‍රේමයේ අඩු ලුහුඬුකම් ඇති නොවන්නේ ඒ හේතුව නිසායැයි සිතමි..දින පහක සේවය අවසානයේ මේ පැමිනෙනුයේ සිඟිති පුතු හා ඇය දැකීමේ නොතිත් ආසාවෙනි...
සිතිවිල්ලේම පැමිණ ඉදිරිපස දොර අභිමුව නතරවූයේ ඇයගේ සුන්දර සිනහාව දකිණු රිසියෙනි...ඇතිවූ සැහැල්ලු නිදහස් සිතිවිළි දාමයන් කෙලවර නොදැනීම සොඳුරු පදපෙලක් මිමිණෙනු ආශ්වාදනය කෙලෙමි.....
රත්තරන් කූඩුවේ, ඉන්නෙ රන් කිරිල්ලියේ....
දැන් ඔයාගේ දුකට සැපට ඉන්නෙ මං තමයි... ඉන්නෙ මං තමයි...."
සුලා..
@ සුලා..
ReplyDeleteහිතා ගන්න බෑ මොනව කියන්නද කියල.
එක හුස්මට කියවගෙන් ගියා, ආයෙත් කියෙව්ව, ඊට පස්සෙ ආයිමත් කියෙව්ව.
උඹටත් ජයවේවා මිත්‍රයා...
මම මේ බ්ලොග් එක කියවන්ට ඇරන් තාම ටික දවසයි. නියමයි ඔක්කොම කියවන්න ඕන. මේ සිංදුව නම් මං ආසම එකක්. සැහෙන කාලෙකින් මං හිතන්නේ අවුරුදු 10 කින් වගේ ඇහුවේ. comment එකකුත් අරන් ආයේ එන්නම්.
ReplyDeleteඇය.................
ReplyDeleteපට්ටිපොළ දුම් රිය නැවතුමෙන් රාත්‍රී තැපැල් දුම් රිය ගමනාන්තය කරා පල්ලම් බසිනු ඇසුනෙන් බිත්තිය මත වූ හෝරා යන්ත්‍රය දෙස එබුණෙමි.."අද නම් වෙලාවට ඇවිත් තියෙන්නේ.." සොම්නසින් මුමුණනමින් ආලින්දයේ වූ විදුලි පහණ දල්වා සුව නින්දේ පසුවන සිඟිති පුතු කෙරෙන් මෑත් වීමි...ඔහු මෙහි ලඟාවීමට අඩුම තරමේ තවත් පැය භාගයකට ආසන්න කාලයක් ගනු ඇත...මටනම් ඔය ටිකදුර පැමිනීමට ගතවන්නේ විනාඩි දහයක්වැනි කෙටි කාලයක්වුවද ඔහුට ඊට වඩා දුගු කාලයක් ගතවේ...දැනට වසර පහක හයක පමණ සිට ඔහුගේ සිතුම් හොඳින් හඳුනන මට ඒ ගැන පුදුම වීමට කාරණයක් නම් නැත...ඔහු ආදරණීය,සංවේදී මනුස්සයෙකි...මගේ ඒ හැඳිනීම මේ නිවුණු යුගජීවිතයට පදනම දැමුවේ යැයි සිතමි...
පියාගේ අභාවයෙන් මවමත පැටවුණු ජීවන බර සැහැල්ලු කරණුවස් පොත පත කෙරෙහි වූ උනන්දුව හීනවී සාමාන්‍ය පෙල ලීවායින් පසු ඉගෙනීමට නැවතීමේ තිත තබා මවගේ ගොවිපළෙහි හරිහරියට වැඩ කෙළෙමි....දෙනුන්ගෙන් කිරිදෙවීමෙන් පටන් ගන්නා රාජකාරිය අවසන්වනුයේ එළවලු පාත්තිවල වල් පැල ඉදිරීමෙන් හෝ එසේත් නැත්නම් ඒවාට වතුර ඉසීමෙනි...කෙසේවතුදු සවස හතර පමණවනවිට සියළු රාජකාරි අවසන් කළයුතු වූයේ සැඳෑ අඳුර සමග පරිසරයම වෙලාගන්න මීදුම සහ කටුක සීතල හේතුවෙනි..එහෙත් අත්විඳින්නටවූ සියළු දේ උපෙක්ෂාවෙන් ඉවසා වදාරනු විනා සිහින මවන්නියක් නොවීමි...දෙ අත්වල කරගැට එනතුරු බිම පෙරළු සමහර දිනවල රාත්‍රීයේ ඇය මා අසලට පැමිණ දෙ අත් පොල්තෙල්වලින් තවා අනුකම්පාවෙන් බලා සිටිනු නොඉවසන මම බෝහෝවිට වේදනාවන් සඟවා ගතිමි...කෙසේවතුදු මල්ලී,මම සහ අම්මා සමඟ ගෙවූ ජීවිතය සැහැල්ලු එකක් වූයේය...ඒ අතර ආයුර්වේද ගොවිපළෙහි අනියම් කම්කරු රැකියාව ලැබුනද ආරම්භයේදී එය එතරම් බලපෑමක් මගේ ජීවිතයට සිදු නොකරණ ලදී...එහෙත් වැඩපලට අළුතෙන් පත්වී ආ "සිරි" නම් වූ සුන්දර මනුෂ්‍යයා මගේ ජීවිතය කණපිට හරවනු ඇතැයි සිහිනෙකින් හෝ නොසිතුවෙමි...
හුදෙක් ප්‍රේමය..ආලිංගනය යනවචන මාත්‍රයන් ගුවන්විදුලියෙන් ඇසෙන ගීතයකදී හෝ සිකුරාදා ප්‍රචාරය වන සඳගලතැන්නේදී හෝ මුවන්පැලැස්සේ සිළිඳි,කදිරාගේ ප්‍රේම ජවනිකාවකදී සවන වැකුණාද යව්වනයේ උපරිම අවදිය ගෙවමින් හුන් මට ඒ ඔස්සේ සිත මෙහෙයවා නන්නත්තාරවීමට තරම් අවශ්‍යතාවයක් හෝ උවමනාවක් නොතිබිණි... එහෙත් අහම්බයක් වූ ඔහු ප්‍රේමයේ ද්වාරය මා ඉදිරියේ විවරකරණ ලදී...පටන් ගැනීමේදී මා සිත පසුබාගියද ඔහුගෙන් ලැබූ ලෙංගතුකම්හමුවේ පෙම් සිතිවිලි හද තුල පුරවාගතිමි...ඔහුගේ දෙමාපියන් හා හිතවතුන්ගේ විරෝදය මැද වුවද මා ඔහුගේ සෙවනට ගත්තේ සැබවින්ම ආලය කලනිසා බව වැටහෙත්ම මගේ හද දෙවොලේ ඔහුකෙරෙහි ආදරයෙන් පිළිමයක් අඹාගතිමි...අපගේ මධුසමයදා රාත්‍රියේ මාගේ සුසුනිඳු නොවූ එහෙත් කරගැටවලින් රළුවූ දෙ අතගෙන සිපගන්නා මොහොතේ සර්වාංගය වෙලාගත් ගවුරවයකට ලන්වූ ආදරනීය හැඟුමෙන් හිරිවැටීයනු අදද මතකයට නගාගත හැකිය.....
ඔහුගේ පියවර හඬ ලඟ ලඟම ඇසේ....සිහින්හඬින් පදවැලක් මුමුනමින් මා හමුවට එන ආදරණීයයා පිළිගැනීමට මා සූදානම් විය යුතුය... තමා පැමිණි බව අඟවමින් දොරට සන් නොකළද ඔහු ද්වාරය ඉදිරියේ සිටිනාබැවි මට ඉවෙන් මෙන් දැනේ...මේ සීතල සුළඟ හා මුහුව හමා එන්නේ ආත්මයෙන් ආත්මයේ මා පසුපස වැටෙන ඔහුගේ ජීවන සුවඳමැයි......
විලඳ මී පැණී අමා... කිරිදියෙන් කවා පොවා....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....."
සුලා..
@nethu: I know I can make you...
ReplyDelete@Siribiris: මකරත් කුරුල්ලෙක් නේද....?
යින් යෑන් මුලු විශ්මයේම ඇති, එකක් නැතිව එකක් නොපවතින, ප්‍රතිවිරුද්ධ ගුනයන් නිරූපනය කරනවා කියලා මමත් අහලා තියනවා... රැය දවාල...ස්ත්‍රිය පුරුෂයා.... සුදු කලු...
කියලා වැඩක් නෑ අය්යේ නින්දෙන් අහැරුනා වාගේ...
@චේජනා: මතක් කලාට ස්තූතියි....
@ගල්මල්: හ්ම්ම් ඔබ හරි මිතුර... ඉසිඹුවක් සොයා ගන්නත් අමාරුවක් නෑ වාගේ...
@සුලා: ආයි ඉතින් මගේ බ්ලොග් එකේ විතරමයි නේ.... නමුත් දෙය්යනේ මේ සිරියාවතී කියන නම හොයාගත්තේ කොහොමද....??????? ඔය කියන හැම හැඟීමක්ම අපි විඳලා තියනවා මලේ... දෙන්නගේම අත් දෙකේ කරගැට ඒවාට ජීවමාන සාක්කි... පුදුම ලස්සන ගෙත්තමක් මල්ලි....
@ඉන්දික: සුලා ගේ සිතිවිලි අප්‍රාමාණිකයි....
@ප්‍රියන්ත: ආයිබෝං.... එනකල් බලං ඉන්නවා...
මේල් එහෙම බලන්නෙ නැතෙයි........ ? මේ ....... මම කවුද කියල අයියට මේල් බැලුවම තේරෙයි :D..... ෂ්ෂ්ෂ්.... මම කවුද කියලා මෙතන ඇවිත් කියන්න එපා ඉතින්..........
ReplyDeleteසෙල්ලම් කරන්න හදන්න එපා තිස්ස අයියා... මට ඔයා කියපු හැම වචනයක් ම මතකයි... කටුනායකින් ආපහු නගින්න නෙමෙ කැමක් වත් අපිට නොදි... කො කස්ටිය.. කවදද අපි එක තැනකට එකතුවෙලා හදවත් වල තියන ගඳ සුවද වචන වලින් විඳගන්නෙ.. තිස්ස අයියාගෙ හදගීපොතට කාලෙකින් ගොඩ වැදුනෙ..
ReplyDeleteසුන්දරයි ජීවිතේ ඉන්නෙ රන් විමානයේ...
ReplyDeleteඒ සතුට ඇස්දෙකෙන්ම දැක්ක...!
රන් විමානයේ ගත කරන්න ලැබුණු සුළු කාලයෙන් දිගු වෙලාවක් හිත-මිතුරු කමට වෙන් කලාට ගොඩක් පිං මචං!
විලඳ මී පැණී අමා... කිරිදියෙන් කවා පොවා....
රන් විමානයේ.... ඉන්න පෙරුම් පුරාගෙන බලාගෙන හිටිය ඒ රන්කිරිල්ලි, ගෙදර තනිකරල 'රත්තරන් කූඩුවේ, ඉන්නෙ රන් කිරිල්ලියේ.... දැන් ඔයාගේ දුකට සැපට ඉන්නෙ මං තමයි... ඉන්නෙ මං තමයි....' කිය කියා ගෙදර ඉන්නෙ නැතුව, සයිබරයේ යාළුවොත් එක්ක රෝනදෙ යන්න ඉඩ දීල බලාගෙන ඉන්න ඒ රන් කිරිල්ලිටත් ගොඩක් පිං!
Dear Tissa...
ReplyDelete"මෙ මොහොතෙ" ඉන්න වෙලාව ඈවිත්..
එය උපරිමෙටම භුක්ති විදින්න..
හෑබෑයි කල්පනාවෙන් ගොයියෝ..
@සුලා... අපුරු සන්කල්පනාව...
"සිරියාවති" පාලුවට, තනිකමට හිටියා වෙලාවට...
එයා නොහිටින්න හිතාගන්නත් අමාරුයි නේද?..
@Nethu...
Read your comments twice..
"රත්තරන් කූඩුව" was there once..
it is with you now, and..
It will be there, where ever you go..
It is all in your mind!
Don't you think??
මම
"මෙ මොහොත"
"The Present Moment"
තිසා මහත්මයා ඇතුළු සිය පවුල කොහෙනමුත් ගිහිල්ලා වෙන්ඩෑ.............සද්දයක් නැත්තෙ????කමක් නැහැ..අපි ඉතින් මේ පාළුව ඉවසාන ඉන්නම්කෝ........
ReplyDeleteසුලා..
@ තිස්ස අයියා - අනේ අයියෙ, අදම මෙහෙම සිංදුවක් මම දැක්කෙ ඇයි...
ReplyDeleteඔව් සුලා,
ඉවසාන ඉන්න ඕනි තමයි...
"ලෝකයේ වෙනස් උනේ මිනිහ දෝ දෙවියා දෝ ......."
ReplyDeleteතිස්ස අයියේ මෙහෙම සිංදුවක් තියනව නන් මට හොයල දෙන්නකො හදිස්සි නෑ පුලුවන් වෙලාවක හොයල දෙන්න.. මගෙ යාලුවෙකුට
මෙහෙම හරි සිංදුවක් හොයා ගන්න අයියෙක් ඉන්න එක ලොකු දෙයක් .......:D
pasan.maduranga85@gmail.com
Thanx....
තිස්ස නෑතිව අලුත් සින්දුත් නෑ...
ReplyDeleteමෙන්න මගේ ගානේ පරන සින්දුවක්...
තිස්ස තරහ වෙන එකක් නෑ...
http://www.youtube.com/watch?v=Mi8Z2o4f0m8
මම
"මෙ මොහොත"
"The Present Moment"
No of Comments.. 30
ReplyDeleteOba langa enna, langa enna mata wasana....
http://www.youtube.com/watch?v=YoQMK5nYy_E&feature=related