සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා...

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා...
ආදරයේ බිඟු යාද එමල හැර දාලා...
දුකදී ආදරයේ බිඟු යාද එමල හැර දාලා...

වනේ මලකට ලංවෙලා...
රහස් හෙමිහිට කොඳුරලා...
සීත සුලඟේ සැරි සරා...
පාමි පෙම් රැඟුමක් නුරා...

වැල්ල සිපගෙන ආදරේ..
රැල්ල පෙරැලේ සාගරේ...
නැද්ද බඹරෝ මාකෙරේ...
මුලදි පිදු ඒ ආදරේ...?

30 ප්‍රතිචාර:

නිශාචරයා Nishacharaya said...

සෑහෙන කාලෙකින් හද ගී පොත පැත්තේ ආවේ... කොහොමද තිස්ස අයියා? අහලා පුරුදුයි වගේ, මේ අමිතා වැදිසිංහ නේද?

සොඳුරු සිත said...

සින්දුව විතරක් එපා ,එපා,එපාමයි .............

ItalyDilan said...

තිස්ස අයියේ මේ ගීයට මේ පොටෝ එකේ සම්බන්දේ මොකද්ද

Buratheno said...

තිස්ස අයියා අම්බානක බිසී වගේ.. පෝස්ට් එන්නෙත් යලට මහට, පූර්විකාවත් නෑ.. කමක් නෑ, උන්න හැටියට මලා මදැයි කිවුවලු..

ට්‍රාන්ස්ෆෝමර් එකෙයි මේකෙයි සම්බන්දෙනං මටත් තේරෙන්නෙ නෑ නෙවැ.. :)

වන්නි said...

@ ItalyDilan
මචං මටත් ඉස්සර සෑහෙන ප්‍රශ්ණයක් වුනා තිස්සයියාගේ පිංතූර දැමිල්ල. මස්සේ මං සෑහෙන කල්පනා කරලා මොලේ පෙළලා පෙළලා මං හොයාගත්තා අර්ථය. සිරාවට කියන්නේ. ඒක කියලා දෙන්න තේරෙන්නේ නෑ.තිස්සයියා හිතන විදිහටම හිතන්න පුරුදු වෙන්න ඕන. මං ඔය පිංතූර අර්ථය හොයා ගත්ත දවසේ නිවං ගියා වගේ දැනුනේ. මං එදා කමන්ට් එකකුත් දැම්මා ඒ ගැන කියලා. මට මතක නෑ මොකද්ද සිංදුව/ලිපිය කියලා. සිංදුව මොකවෙතත් මොකක් හරි මෝටරයක් ද කොහෙද තිබ්බේ පිංතූරෙට :-)

පිස්සු හැදේ... ඒ නිසා උඹම හොයපං මචං. අනිවා උඹටම තේරෙයි සිංදුවෙයි පිංතූරෙයි සම්බන්දේ මොකද්ද කියලා... :-)

සොඳුරු සිත said...

හැඟීම් දැනීම් තියෙන විදිහට ආලය කරපු මනුස්ස ප්‍රාණියා, දැන් හැඟීම් විරහිත රොබෝවක් වෙලා ලු.....

හෙහ් හෙහ්...........

තිස්ස දොඩන්ගොඩ said...

නිශ් ඔව් මලේ ටික දවසකින්.. වැදිසිංහ මහත්මිය තමා...

හ්ම්ම්... කථාව එපා කීවට ඔය පින්තූරු කථාව අපූරුවට තේරුම් අරන් තියෙන්නේ වත්...

ඩිලන්සි / බුරා / වන්නි: බොලා දැන් ඉතින් මා අඳුනනවානේ... :-)
සෑම් අපූරුවට එහා මෙහා ගිය "බම්බල් බී" හිටිහැටියේ ට්‍රාන්ස්ෆෝමර් කෙනෙක් වෙයි කියලා සෑම් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති...

ජීවිතේ මල් said...

හිතට ගලකින් ගෑහව්ව වගෙ අයියෙ... ඒත් හරිම සුන්දර සින්දුවක්...

අයියගෙ පසුබිම් කතාව කෝ?????
ඒක නෑතුව පාලුවට ගෙහුන් පෝස්ට් එක....

සුමින්ද said...

පින්තූරෙත් එක්ක තියෙන සම්බන්ධෙනම් මටත් තේරුනේ නෑ.

Muthu Paba said...

සිංදුව විතරක්? කෝ අයියෙ ලිපිය?!?

Chandi said...

හැම දේම වෙනස් වෙන ලෝකයේ ආදරය වෙනස් නොවී තියේවිද? ලස්සන සින්දුව. ස්තූතියි!

තිස්ස දොඩන්ගොඩ said...

සුමී: ඔය පින්තූරේ අර ට්‍රාන්ස්ෆෝමර් කෙනෙක්ගෙ නෙව.. මිනිස්සුත් ට්‍රාන්ස්ෆෝම් වෙන්න ඒ හැටි වෙලාවක් දවසක් යන්නේ නෑ...

මුතු නගේ අද පින්තූරු කථාවක්..

චාන්දි: ඒක නම් ඇත්ත... ඒත් මානුෂික සම්බන්ධතා අනිත්‍යයටම බැර කරලා ඉන්න පුලුවන්ද..?

චේජනා said...

මැෂින් එකකට ට්‍රාන්ස්ෆෝම් වෙච්ච ප්‍රොසෙස් එක බ්ලොග් එකේ ඉතිහාසය බැලුවමත් බලාගන්න පුළුවන්. ;(

(හැමදාම සින්දුවක් දාපු එක, කොච්චර හේතු ගෙනාවද එක දවස් දෙකකට සැරයක් දාන්න, ඒත් දැන් ?)

සිතුවිලි නිහඬයි said...

නැද්ද බඹරෝ මා කෙරේ...
මුලදී පිදු ඒ ආදරේ.....
මෙන්න මේ ටික තමා හිතට වැදුන පද දෙපෙලිය...වත් අක්කා පැහැදිලි කළ නිසා පින්තුරෙත් සින්දුවෙත් අර්තේ තවත් හොදට තේරෙනවා

කතන්දර Kathandara said...

මේ සින්දුවට විකල්ප පද නැති එක හරිම පුදුමයක්!

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

කලින් අහපු නැති සිංදුවක්. බාගත්තා.. බොහොම පිං තිස්ස අයියා... මොලේ උලුක් වෙනකං කල්පනා කොරන්නේ මක්කටෙයි පල්ලෙහා තියෙන කමෙන්ටු ටික බැලුවා නං අහකයි නොවැ....

තිස්ස දොඩන්ගොඩ said...

චේජනා: කාලෙකින් පැටලෙන්නත් බැරිවිය...

සිතුවිලි නිහඬයි: ආයුබෝවන්ඩ... වත් ඔව්වට දස්සයා...!

කසූ: :-)

චතුර: චතුර අනිවා මේ පැත්තේ ඇවිල්ලා යනවා නේ..? ස්තූතියි

දුමී said...

ගොඩක් ඇහිච්ච සින්දුවක්, අද හොඳට අහලා රසවින්දා....!

කසු, විකල්ප වචන ගැන කියපු දේ නම් මට හොඳට තේරුනා....!

Anonymous said...

moris dahanayaka samaga swarnalatha kavishwara kiyana "ananda sriya wehe sangeetha rasaya pehe" kiyana sinduwat hoyala dannako, parana sinduwak

තිස්ස දොඩන්ගොඩ said...

ඔන්න මොරිස් දහනායක මහත්තයයි, ශ්‍රීමතී තිලකරත්න මහත්මියයි කියන "ආනන්ද ශ්‍රීය වෑහේ" කියන සින්දුව අප්ලෝඩ් කලා...
මෙතැනින් බාගන්න....
http://www.divshare.com/download/15358426-e8f

Anonymous said...

thank u very much,mama sinduwa download kragatta.huga dawasak edanm ahana asawen hitiya sinduwak.my best regards

Bindi said...

පමාවෙලා ආපු නිසා පින්තුරේ ප්‍රශ්නයක් නැහැ .

''බමරෙක් නම් එක මලකට හිමි නැති

නව මල් සොයමින් නිතරම පියඹති

රොන් සුනු වියැකී මල් පෙති ගිලිහෙති

මලකට සැමදා කඳුලක් උරුමැති ''

පන්සල් හංදිය said...

ලස්සන තේරුමක් තියන සිංදුවක් .......
ඔන්න මම ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා .........

Sapumal said...

Hi තිස්ස දොඩන්ගොඩ,

Mama me BLOG ekata awe first time.
Oya karanne jathika sewayak. Godak watinwa obage sewaya.

Puluwannam mee sindu dekath danta.

Saumaya Kumara Yapabandara
http://www.infolanka.com/miyuru_gee/rr/r355.ram
http://www.infolanka.com/miyuru_gee/ww/w540.ram

mathath one thram sindu hoyala denta puluwan..

Mama,
sapumalmoragoda@yahoo.com

තිස්ස දොඩන්ගොඩ said...

ස්තූතියි බොහොම සපූ...

"මී මැසි හඬ නැති නිසංසලේ...." ලස්සන සිංදුව නේද...?
ආයෙමත් ස්තූතියි මතක් කලාට...

ඔය දෙක "ඔබ කැමති ගී" පිටුවට දමන්නම්...!

RanDil said...

මට සිංදුවත් තේරුනා, රූපෙත් තේරුනා, නොකී කථාවත් තේරුනා, කථාව නොකිව්වේ ඇයි කියලත් තේරුනා අයියේ........... :(

Anonymous said...

:(

Anonymous said...

:(

Nethu

දුමී said...

තිසා, අළුත් සින්දුවක් නැත්තේ ඇයිදෝ.....?

නිසුපා said...

තිස්ස අයියේ මොකෝ සද්දයක් නැත්තේ??? වැඩ වැඩියිද මේ දවස් වල...

Post a Comment

 
Blogger Wordpress Gadgets