ආයේ මොන පෙරවදන්ද, හැම දෙයක්ම සින්දුවේ කියනවා... කාසි හොයාගෙන, දරුමල්ලන් දාලා මේ කතරට එන, කීයක් හරි අත මිට මොළවගෙන, ආපහු තමන්ගේ දරු මල්ලන් වෙත යන්න බලන් ඉන්න, අම්මලා තාත්තලා හැමෝම වෙනුවෙන්...
දෙදරු ලඳුනි මට නිදි නෑ....
තරු පෑයූ ගිනි කතරේ...
ඉඳි ගස් සෙවනේ...
වැලි හුලඟේ... කාසි නොවේ...
සිඹින්න බැරි දරු සුවඳයි පාවී එන්නේ...
උපන් බිමට දත නියවා...
රන් කාසිය මිට මොළවා...
සිත කකියන්නේ...
උන්නත් පෙර අප නොකා නොබී....
නවසි තැඹිලි ගස් සෙවනයි....
දැන් සිහිවෙන්නේ....
සැනසෙන්නට නුඹගේ කියා...
කටහඬවත් ඇහෙනවනම්...
ඉහ ඉද්දරිනේ, දැක ගන්නටවත් නුඹයි කියා...
හීනෙන් වත් පෙනෙනවනම් ...
ඇහැ පියවෙන්නේ...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න..
දෙදරු ලඳුනි මට නිදි නෑ....
තරු පෑයූ ගිනි කතරේ...
ඉඳි ගස් සෙවනේ...
වැලි හුලඟේ... කාසි නොවේ...
සිඹින්න බැරි දරු සුවඳයි පාවී එන්නේ...
උපන් බිමට දත නියවා...
රන් කාසිය මිට මොළවා...
සිත කකියන්නේ...
උන්නත් පෙර අප නොකා නොබී....
නවසි තැඹිලි ගස් සෙවනයි....
දැන් සිහිවෙන්නේ....
සැනසෙන්නට නුඹගේ කියා...
කටහඬවත් ඇහෙනවනම්...
ඉහ ඉද්දරිනේ, දැක ගන්නටවත් නුඹයි කියා...
හීනෙන් වත් පෙනෙනවනම් ...
ඇහැ පියවෙන්නේ...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න..
අද 2010 ජූලි 31 වෙනිදා.
ReplyDeleteආදරයේ උල්පත වූ අම්මා ගැනත්, දණගාද්දි ඇවිදින්නට අත දුන් තාත්තා ගැනත්, මලක් නෙලා ගෙනවිත් බුදු සාදුට පිදූ දියණිය ගැනත්, පිය මදහස මුව මුකුළු මවා, ආදරේ රන් බිඟුන් නැසූ, බිදුමතී හා කුන්ඩුමණී ගැනත්, බානෙන් බැඳ රජරට පෙදෙසින් ගෙනවිත් මරාදමන අහිංසක සතුන් ගැනත් හදවතට දැනෙන සුන්දර ගී රචනා කළ ඒ සංවේදී මිනිසා අකාලයේ දැයට අහිමිවී අදට වසර 21 ක් පිරේ.
කුරුල්ලන්ට ගී හදන්න හදේ තිබෙනෙ ආදරයයි කරුණාවයි වීසි කළ ඔහු, ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ විශිෂ්ඨ ගීත රචකයා හා මාධ්‍යවේදියායි. තමන්ට අත්විඳින්නට වූ විවිධ දුක් කම්කටොලු, තනිකම, වියෝව වැනි දේ තුලින් විශිෂ්ඨ ගී නිර්මාණ බිහිකළ දුලභ ගනයේ සුන්දර මිනිසෙකු වූ ඔහු, දුම්වැටියක් දල්වා එය දැවී නිමවන්නට ගතවන සුලු කාලය තුලදී, පරම්පරා ගණනාවක් පවතින ගීයක් නිර්මාණය කිරීමට තරම් දක්ෂයකු විය. තමන්ට එල්ලවන විවේචන හා කෙණෙහෙලිකම් හමුවේ වියරු නොවැටුනු ඔහු ඒ වෙනුවට "පාංකිරිත්තා", "අලුත් කලාවක් සොයාගත්තා මං" වැනි අමරණීය වූ උපහාසාත්මක නිර්මාණයන් බිහි කළේය.
ව්‍යක්තවත්, සරලවත් බස හසුරවමින් තුන්කල්හිම රස විඳිය හැකි අනගි නිර්මාණ බිහිකළ මේ සොඳුරු කලාකරුවා, ඔහු විසින් "සිත්වල ඇයි කළගුණ නොරැඳෙන්නේ" යැයි ඇසූ කළගුණ නොදත් ඒ මිනිසුන් විසින්ම 1989 ජූලි 31 වෙනිදා රාත්‍රියේ වෙඩිතබා මරා නොදමන්නට තවත් කොපමණ නම් අමරණීය නිර්මාණ ඔහු අතින් බිහිවන්නට ඉඩ තිබුණාද? ඔහුගේ අකල් සමුගැනීමෙන් පසු අප හමුවේ ඇතිවූ හිදැස යළි කවරදාකවත් පිරවිය හැකිවෙයිද?
නිරන්තරයෙන් ඔහුගේ නිර්මාණ අසමින් ගයමින් රස විඳින අපි සියලුදෙනාම එක්ව, දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ නොසිටියෙන් මෙවන් අකල් මරණයකට මුහුණ දෙන්නට වූ ඔහුට යළිත් සසර පුරාවට එවන් අවාසනාවන්ත මරණයන් උරුම නොවී නිවන් මග විවර වේවායි පතමු.
බොහොමත්ම ස්තුතියි මේ ගීයට...හදට වදින යථාර්තවාදී ගීයක්....ප්‍රේමකීර්ති නම් වූ ඒ සුන්දර මිනිසා ගේ මතකය ඔහුගේ නිර්මාණ තුල සදා කල් ජීවත් වනු ඇත....
ReplyDeleteතවම නම් මේ ගීතය මගේ හිත පතුලටම දැනේනේ නැහැ අයිය.. පසු කාළිනව දැනෙයි සමහර විට...
ReplyDeleteහැමදාම වගේම ලස්සන ගීතයක්.
පාලි සොයුරාණනි ප්‍රෙමකීර්ති ද අල්විස් නම් ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියා ගැන සටහනට තුති. මෙ මහා මිනිසා ගැන මතක කර (අද සිකුරාදා) පින් දුන්නෙමි. මොහුගේ ගීත රචනා ගැන පාලිගේ සටහනට වඩා එක් කරන්න දෙයක් නැත.
ReplyDeleteමෙ ගුවන් විදුලි මාධ්‍යවේදීයා හා සම්බන්ධ අපූරු මතකයක් ඇත. මොහු ජාතික ගුවන් විදුලියේ පලමුවන (දේශීය) සේවයේ සෙනසුරාදා රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව "සැරි සර ගුවන් විදුලි සඟරාව" නම් පැය භාගයක වැඩසටහනක් ඉදිරිපත්කරා. එය විවිධාංග ගනනාවකින් සමන්විත වඩාත් සිත්ගත්, 80 දශකයේ මුල් කාලයේ සිට අපි ඉතා අසාවෙන් නොවරදවා සවන් දුන් වැඩ සටහනක්.
ප්‍රේමකීර්ති නම් උතුම් මිනිසාගේ මතක් වෙන හැම වරම "සැරි සර" වැඩ සටහන අවසානයේ කියැවුන "ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, * වන මැදිරියේ පදිංචි දොන් ප්‍රෙමකීර්ති ද අල්විස් වන මා විසින් ප්‍රකාශයට පත් කරන ලදි" කියන එක එකෝ වී සවනින් ඉවත්වෙන ලස්සන, තවමත් රැව් දෙනවා.
(* මැදිරි අංකය මතක නැත )
තිස්ස සොයුරාණෙනී, ගීතය ගැන ලියන්න බොහෝ දේ ය, නොලියූවෙමි.
ReplyDeleteවිශිෂ්ඨයි.. පද රචනය ලූශන් බුලත්සිංහලයන්ගෙන්. සංගීතය වික්ටර් මහත්තයගෙන්මයි. අනේ මන්ද.. අපි ඔක්කොම රේස් එකක නෙව ඉන්නෙ. දිවීමක් තමයි තියෙන්න...
ReplyDeleteප්‍රේමකීර්ති මහත්තය ගැන ලියැවුණ පාලි ගේ සටහන ඉතාමත් අගේ කොට සලකමි. එතුමාගේ දිවි තොර වන විට මට යන්තම් වයස පහකි. (හුජ්ජ කොල්ලෙකි). රූපවාහිනියේ දුට එතුමාගේ රුව දැනුදු යන්තමට මතකයට ගත හැක.. පාලිගේ සටහන එලෙසම හෝ ඊට වැඩිමනත් කරුණු එක්කොට හෝ සම්පුර්ණ බ්ලොග් සටහනක් ලෙස කවුරුන්හෝ ඉදිරිපත් කරන්නේ නම් අගේ කොට සලකමි. ජය වේවා..
ReplyDeleteඇවිත් ගියා ........ :D
ReplyDelete"උන්නත් පෙර අප නොකා නොබී
ReplyDeleteනවසි තැඹිලි ගස් සෙවනයි.. දැන් සිහිවෙන්නේ.."
වෙන පෙරවදන් මොකටද.. හිතේ තියෙන හැම දෙයක්ම කිව්ව වගෙම විදිහටම වචනවල තියෙනවා...
අයියා.. නන්දා මාලිණීගේ "හීනෙන් මගෙ රටෙ නිදියන හැමදාම" සින්දුවත් පුලුවන්නම් දවසක දාන්ට.....
ඇත්තටම අද උදේම ඇහැ ඇරුනෙ ප්‍රේමකීර්ති සහර්දයාගෙ හඬ සවන් වැකෙත්ම කීවොත් නිවැරදියි...සිටි එෆ් එම් සේවයේ වැඩසටහනක් විකාශණයවුනා මෙතුමා ගැන...ගුවන් විදුලියේ මතක ගබඩාවෙ ඇති අතීතය හාරා අවුස්සන, ඒ දිනවල මං හිතන්නෙ අසූවෙ මැදභාගයේ විතර එතුමා විසින් මෙහෙයවපු වැඩ සටහනක්...ඇත්තටම අපූරුයි..චොකාබයිල කියවන අද එෆ් එම් ඩීජේලට මේවා අහන්න සලස්සලා භාශාව කොහොමද හසුරවන්නෙ කියලා උගන්වන්න ඕනෑ...
ReplyDeleteතිස්ස මහත්තයෝ මේ සිංදුව අහල තිවුනෙ නම් නැහැ...හරිම ලස්සන පද පෙළක්...විදේශගතව ඉන්න උඹ අපිවගේ අයවළුන්ට හිත පතුලටම කිඳා බහින වර්ගයේ පද පෙළක්...මහා ගාන්දර්ව වික්ටර් රත්නායකයන්ගේ අපූරු කටහඬ අපිව දැහැන්ගත කරවනවා...ගීය ගැන විචාරයක් වෙනමම ලියන්න කියලත් හිතෙනවා...ඒත් මේ කම්මැලි කම...!
සුලා..
මා විසින් මීට මාස කීපයකට ඉස්සර මේ අඩවිය හිමිකාරයන් විසින් පලකරන්නට යෙදුන "මා හිස පිරිමැද"යන ගීතයට යොමු කළ සටහන අදදින වූ විශේෂත්වය නිසාවෙන්ම නැවත යොමුකරන්න සිතුණා..
ReplyDeleteබලන්න ඔබටත් සොඳුරු මිනිසෙකු වෙනුවෙන් කඳුලක් හෙලන්න පුළුවනිද කියලා...
===================================================
ඝාතක “සහෝදරයාගේ පාපොච්චාරණය ( සමාවෙන්න …!මාතෘකාව අතරමඟදී වෙනස් කෙළෙමි..”ඇසින් දුටු සාක්ශිකාර සහෝදරයාගේ පාපොච්චාරණය” ලෙස වියයුතුය.මන්ද ..කෙසේ කීවත් මට ඝාතකයාගේ චරිතයට පන පොවමින් සමනලුන්ට ගිණි බිඳින්නට වන අකමැත්ත හා නොහැකිකම නිසාවෙනි )
----------------------------------------------------------
අද ජූලි 31……,මහම මහ මූසල රාත්‍රියක්.! මගේ පඔචස්ක්න්ධය උණුසුම්ව පැවතුනද දහස්වර මැරි මැරී උපදින රාත්‍රියකි මේ..පහුගිය විසිවසර මුළුල්ලේම හැම දින දසුනකම දින දසුනේ මෙම දිනය කටුගා දමන්නෙමි…අද මාසේ පෝයදිනයක් විය යුතුය..කෑලි කපන අඳුර දෙස ඔහේ බලා සිටි මගේ දෙසවන හරහා ගලාගියේ ගුවන්විදුලියේ ආරාධනා ගී දැහැන මෙහෙයවන නිවේදකයාගේ ගැඹුරු,භාවාත්මක එහෙත් සසළ වූ කටහඬින් කෙරෙන පූර්විකාවත් අවසන ඊයම්බරු මෙන් මහද විනිවිද ගිය පද පෙලයි…
“කුරුල්ලන්ට ගී ගයන්න…ගහට කොළට පාට වෙන්න..
වීසි කෙළෙමි හදේ තිබුණු ආදරයයි …කරුණාවයි….”
අවිඥානිකව හුනස්නෙන් නැගී සිටි මගේ දෙසවන් පුපුරා නොගියේ මන්දැයි උකටලීව දෙකන් තදින් වසාගෙන අඳුරට දිවගියෙමි…
ඕවිට අද්දර වූ පැණිවරකා ගහ දෙසින් ඇසුනු මා වවුලකුගේ හදපාරවන විලාපය නිසා ඉද්ද ගැසුවාක් මෙන් හිටිවනම අතීතාවර්ජනයක යෙදෙන්නට වන්නෙමි…
----------------------------------------------------------
මොනරාගල පැත්තේ මහා කැලයක් මැද වූ රහසිගත ස්ථානයක පැවැත්වූ අවසන් පන්තියටද සහභාගී වූ මම මහා විප්ලවයක කොටස්කරුවකු වන්නෙමැයි දැනුණු අභිමානයෙන් හදවත පුම්බා ගතිමි..මා වැනිම වූ බොහෝ තරුණන් පැමිණ සිටියද උනුනුන් එකිනෙකා ඇඟෑළුම් පෑම සඔවිධානයේ නීති රීතිවලට පටහැනි වූ බැවින් සිනහවකින් පමණක් සඔග්‍රහා කරගනිමින් ලැබුණු රහස්‍ය අඔකය පමණක් සිහිතබාගෙන අංක රහිත වූ ලොරිය තුලට රිංගා ගතිමි..මා වැනිම වූ තවත් මානවකයන් දෙදෙනෙකු මොනරාගල-කොළඹ මාර්ගයේ පාළු තැනකදී අතහැර දැමූ නායකයෙකු යැයි සිතියහැකි සහෝදරයා,විධානයක් ලැබෙනතුරු ආරක්ෂිතව සිටින්න යැයි අණ කොට හැල්මේ ඉගිල ගියේය……..
ඇනතුරුව මසක් පමණ ගතවුනද සංවිධානයෙන් කැඳවීමක් නොලද හෙයින් දෛනික කටයුතුවල යෙදුනෙමි…නමුත් පවුල,සමාජය පිළිබඳ වූ මාගේ මානුෂීය හැඟීම් වියළී ගොස් ඇතිබවත් සමාජයේ එක්තරා කොට්ඨාශයක් කෙරෙහි වෛරයක් මෝරා වැඩෙනුත් නිහඬව බලා සිටියෙමි..අගනුවර බෝඩිමක ලැගුම් ගෙනසිටි මට වුවමනා තරම් නිදහසක් වූ හෙයින් රට තොට ගැන සෙවිල්ලේ පසුවුනෙමි…කණින් කොණින් ඇසෙන ගෝනි බිල්ලන් පිළිබඳ කතා පුවත්ද,නොනිල ඇඳිරිනීතිය පිළිබඳ පුවත්ද,අතුරුදහන් විම්,තැන තැන වූ ටයර් සෑයවල් පිළිබඳ තොරතුරුද මහත් උවමනාවෙන් කියැවීමි…මා නරුමයකු වූ තරම..!
එක් රාත්‍රියක මම බලා පොරොත්තුවෙන් සිටි එම පණිවිඩය කිසියම් පාර්සලයක්ද සමඟින් මා අත තබා මඳකුදු පමා නොවී පණිවිඩකරු නොපෙනී ගියේය..නවාතැනේ දොරවසාගත් මම තුනට හතරට නමා තිබූ තනිරූල් කොළකැබැල්ලේ පැහැදිළි වටකුරු අකුරුවලින් ලියා තිබූ “හෙට………ස්ථානයේ අංක 102 හමුවන්න!” වැකිය දෙතුන්වරක් කියැවූයෙමි..අනතුරුව වහ වහා අත වූ පාර්සලය ලිහා බැලූයෙමි…පිස්තෝලයක්..! හදවතට තිගැස්මක් ඇතිවුනද පුහුණුව ලබා ඇති හෙයින් චකිතයකින් තොරව මූණිස්සම් බැරළයේ බහා කණ්නාඩියෙන් පෙනෙන මඟේ රුවට ඉලක්කය ගතිමි…
.........ඉදිරියට------------->
සුලා.
මධ්‍යම රාත්‍රියට ආසන්නවතිබූ හෙයින් අසල මාර්ගය පාළු ස්වාභාවයක් ගත්තද ඉඳහිට දුවන හමුදාවේ වාහනයක් හැරෙන්නට අයාලේයන බලු රැලක් එකිනෙකා කා ගන්නා හඬ පමණක් මාරයාගේ හෝරාවට ඉව අල්ලමින් සිටි සදෙනුකුගෙන් සමන්විත වූ කණ්ඩායමට අත්විඳින්නට හැකිවූයේ……..
ReplyDeleteනායකයාගේ සන් කිරීමෙන් ක්‍රියාත්මක වූ අප,ගොදුරට ඉව අල්ලමින් නිවස වට කොට ගතිමු..ශීතල මැඳැගිල්ල ගුලි කොට ඉදිරිපස දොරට තඩි බෑවෙමි…
අඩක් විවර වූ දොරෙන් වටකුරු එහෙත් ප්‍රියමනාප,දැක පුරුදු මුහුණක් එබී බලා නායකයා සමඟ කතා බහ කරනුත්,පිටුපස සිටි ඔහුගේ බිරිඳ යැයි සිතියහැකි කාන්තාවක් බිය මුසු මුහුණින් බලා සිටිනුත් දිටිමි..”මල්ලිලා කාලද ඉන්නේ..??? “ලෙන්ගතු වචන පෙලක් ඔහුගේ මුවින් පිටවෙනු මා සවන් වැකුනද එයට හදවතේ වසා ඇති සවේදී කොටසට ඇතුළුවීමට ඉඩ නොතැබූයෙමි…අනතුරුව නායකයා විසින් එළියට ගනු ලදුව ඔහු දෙපසින් කුදලාගෙන ගේ පේන මානයන් ඈත්වුනෙමු…
ඇයි මල්ලී මොනවද මගෙන් දැනගන්න ඕනේ.???
ඇයි උඹ අර අසවලාගෙ ස්ටේජ් එකට නැග්ගේ..??තහනම් කරල ලියුම් එවද්දිත් ඇයි ප්‍රවුර්ති කියන්න ගියේ.??......නායකයාගේ හරස් ප්‍රශ්ණ හා ඒවාට ලැබෙන පිළිතුරු ඇසුරින් මම ඔහු හැඳිනීමි..
“දෙයියනේ..මේ මොන අපරාධයක්ද?? …කුරුල්ලන්ට ගී කියන්නටත්,ගහ කොලවලට පණ ලබන්නටත් හිතේ තිබුණු ආදරය වීසි කළ,හිතේ පතුළේම තිබූ ආදරයේ උලපත මතුකරලන්නටද,ඔබ මා හමු වූ මේ නගරය හද තුල මවා සුසිනිඳුව ස්පර්ෂකළ,පුචි සමනල සමනලියන් පිරිවරනු ලදුව ළමා පිටියේ සුවහසක් කැකුළු මල් පුබුදුවාලූ ඒ සොඳුරු මිනිසා මා ඉදිරියේ,ජීවිතයේ අවසන් තත්පරයේ සිටිනු දැකීමෙන් මා කම්පාවට පත්වීමි…දැන් ප්‍රමාද වැඩි බව පසක්වූයේ නායක තැන විසින් ඔහුට ගිනි බිඳින්නැයි කළ නියෝගය නිසාවෙනි..සියොලඟම වෙව්ලාගියෙන් ගිනිබටය ඔහුගේ රත්තරන් හදවත දෙසට එල්ල කෙලෙමි..නමුත් පුහුණුවේදී දක්ෂ වෙඩික්කරුවකු වූ මට මෙහිදී ඇති වූ චිත්ත විපර්‍යශය හේතුවෙන් කොකා ගැස්විය නුහුණුයෙන් උරණ වූ නායක තැන මගේ අතින් පිස්තෝලය උදුරා “ධනපතියන්ට කත් අදින බල්ලා…උඹ මේ අතින්ද ලියන්නේ’යි කියමින් ඔහුගේ වම් අතට පළමු පහර එල්ල කලේය…අනතුරුව කිසිදු පමාවක් නොදී “උඹ මේ කටින්ද ප්‍රශස්ති කියන්නේ..??’යි කියමින් මුවට වෙඩි පහර කිහිපයක් හෙළුුයෙන් කපාලූ කෙසෙල් කඳක් මෙන් අර ආදරණීය මිනිසා ලාම්පුකණුව හා පැතිකාණුව අතර වූ බිම්කඩ මත දී මිහිකත සිප ගත්තේය…
---------------------------------------------------------
බල්ලෙකුගේ වේදනාත්මක උඩුබුරුලෑමෙන් නැවත පියවි සිහියට පැමිණියද මීට විසි වසරකට පෙර අද වැනිම වූ මූසල රාත්‍රියක..සිදුවූ මහා විනාශයේ ඇසින්දුටු එකම සාක්ෂිකරුවා මම වූ නිසාවෙන් යටිපතුලෙන් පටන්ගත් වේදනාව ඇට,ඇටමිඳුළු හරහා පපු කැවුතු දවා හළු කළ නිසාවෙන් අප්‍රමාන වේදනාව ඉවසාගත නොහී වියරුවෙන් සිනහසීමි…හිස පොඩිවී ලේ ගලෙන තෙක් අසල පොල්ගසෙහි බඳේ ගසා ගත්තෙමි..කෙමෙන් කෙමෙන් මගේ පියවි සිහිය නැති වී යනුද…ඔහේ පාවෙමින් තිබූ මගේ චිත්ත සන්තානය මහා ආගාධයකට ඇතුල්වනුද දුටුවෙමි…
..............ඉදිරියට----------->
සුලා.
This comment has been removed by the author.
DeleteSula, bohoma pin umbe satahana newathath kiyawanna selessuwata.....minisun merenawa..eka loka swabhawaya...eth nomerena minisun merena kota windhaganna amarui....owunwa maradamana kota???
ReplyDeletekeathi kenek me video balanna...
http://www.youtube.com/watch?v=_KaPVF6sc3w
http://www.youtube.com/watch?v=75XRdJyLiUs
අයියටනම් සැහෙන්න හිතට වදින සිංදුවක් වෙන්නඔනේ....
ReplyDeleteසින්දුවනම් ලස්සනයි..නමුත් සන්ගීතයේ මොකක්ද නොගැලපෙන ගතියක් මට දැනෙනවා ඒ කටහඩත් එක්ක.
ගීතය ගැන.... : තිස්ස අයියට පින් මේ ගීතය අහන්න Sඇලස්සුවට...හිතට දැනෙන ගීතයක්. රටින් පිට ඉන්න කෙනෙක්ට හුඟක්ම.
ReplyDelete"උන්නත් පෙර අප නොකා නොබී
නවසි තැඹිලි ගස් සෙවනයි.. දැන් සිහිවෙන්නේ.."
මේ කොටසට තමා හුඟක්ම කැමති මම....
සුලා : මේ සටහන කියවද්දි ඇඳ හිරි වැටිල ගියා...
පාලිත මහත්තයෝ..
ReplyDeleteඇත්තටම උඹගෙ හදවත සුන්දරයි..යාළු ..ඔබවිසින් අන්තර්ජාලයට නිදහස් කරල තියෙන ඇමුණුම් රසවිඳින ගමන්මයි මේ සටහන් ලියන්නෙ..අනර්ඝයි මගෙ සහෝදරයා....උඹගෙ සුන්දර හදවත ගාව මා කඳෝපැණියෙක්මැයි...!
සුලා..
මේ වගේ සිංදු ඇහෙනකොට උගුර හිර වෙනවා වගේ දැනෙනවා අයියේ,,,
ReplyDeleteවෙලාවක හිතෙනවා මොකටද මේ සල්ලි කියලා
මේ සින්දුව නම් නියමයි
ReplyDeleteඔන්න අයියේ සිංදුව ඇහුවා, රස වින්දා. කියන්න දෙයක් ඉතුරු නොකරම කට්ටිය සටහන් තබා ගිහින්. අර වත්ට වගේම මටත් හිත පතුලටම ගීතය දැනුනේ නම් නෑ. ඇයි කියන්න දන්නේ නෑ. ඒ කියා රස විඳන්න බාධාවක් නෑනේ. වික්ටර් රත්නායකයන්ගේ මියුරු හඬ කවදත් වගේ මගේ කන සනසනවා. නැවතත් ස්තුතිය සිංදුවට
ReplyDelete@සුලා: දැයක් පහන් කළ පතාක පහන් කණු එකින් එක නිවී ගොස් දිනෙන් දින පැතිරෙන ඝන අන්ධකාරයේ ඔබ මොබ සැරිසරන මාද කුඩා කදෝපැණියෙක්මි. සිය උදර පෝෂණය උදෙසාම තව තවත් අඳුර වපුරමින් වෙහෙසෙන එසේත් නැත්නම්, අඳුරට සාප කරමින් බැබළෙන්නට වෙරදරන සද්දන්තයෙකු වෙනවාට වඩා, ඒ අඳුර නිවන්නට පුංචි එළියක් හෝ දල්වාලන්නට තම තම හැකි පමණින් වෙහෙසෙන නුඹලා අතර තවත් පුංචි කදෝපැණියෙක් වන්නට ලැබීම මොනතරම් වාසනාවක්ද?
ReplyDelete@ගල්මල් : ස්තුතියි සහෝ. ඒ පුංචි මිනිහගෙ වියෝව තවත් අවුරුදු ගණනාවකටම අපට දැනේවි.
@වැම්පයර් : ස්තුතියි මලේ. හොඳ අදහසක්. බ්ලොග්කරණයේ යෙදෙන අයගෙ අවධානය යොමු වෙනවානම් මේ ගැන.
කියන්න ඕනෑ දෙවල් ගීතය ගැනත් රචකයා ගැනත් උඩ හැමෝම වාගේ කියලා තියෙනවානේ. මං කියන්නම්කෝ දැන් මෙතැන පල කරලා තියෙන කෙනා ගැන. අනේ අම්මේ ගිණි ජමරෙට හෝම් සික් වගෙයි. හෝම් සික් එක යාන්තම් ඉවර වුනාම ආයේ ඇවිල්ලා ආයේ හදාගෙන යන්න. මොනවද අප්පා හෝද හෝද මඩේ දානවා මඩේ දදා හෝදනවා.
ReplyDeleteඔය මොකුත් නැහැනේ මෙහෙට වෙලා හිටියා නම්. හෝම් සිකුත් නැහැ, දුකත් නැහැ, කවිත් නැහැ, සිංදුත් නැහැ හැබැයි හද ගී පොතත් නැහැ (ඒක නිසා ඔහෙට වෙලාම හිටපං බං අයියා)
@Randil: This is what I like you about most Randil... You ALWAYS think differently...! And rationally, practically... your comments are always worth to think again and again.. thanks nangi...
ReplyDeleteවාහ්...........වාහ්..........ක්‍යා බාත් හේ....
ReplyDeleteෂාහ්...........ෂාහ්.......... මගේ කට කනේ....
මොනවද අප්පා ඒ කියන්නේ...????
ReplyDeleteවාහ්...........වාහ්..........ක්‍යා බාත් හේ....
ReplyDelete(ඉන් හින්දි-මොන තරම් අගනා කියමනක්ද
ඉන් ඉංග්ලිෂ්- මොන තරම් අගනා නෑමක්ද-මෙතැනදි අදාල නොවේ)
ෂාහ්...........ෂාහ්.......... මගේ කට කනේ....
(ඉතිං ඒ අගනා කියමන නිසා මට සතුටු හිතිලා මගේ කට හිනාවෙන් පිරිලා දෙකෙලවර කන ගාවටම ගියා)
:D :D :D :D :D :D :D :D :D :D :D
ඔයාල ඔළුවෙන් ගත්තු තීරණ වෙනස් කරන්නවත්, වෙනස් කරන්න කියලා බල කරන්නවත් අයිතියක් අපට නෑ කියලා හොදින්ම දන්නවා අයියා...
ReplyDeleteඒත්.............
මම විශ්වාස කරන්නේ විවාහ වුනාට පස්සේ දෙන්නා එක වහලක්යට ඉන්න ඕනිමයි කියලා... ලියන්න දේවල් නම් අනන්තයි... ඒත් නොලියා ඉන්නෙ.... අර කෙල්ල මට කලින් හිනහවෙවී කියන්න ඕන දේ මූණටම කියල නිසා.....
මට හොඳාකරවම තේරෙනවා දෙන්නම කියන දේ... නමුත් දරුවොත් එක්ක දරුවන්ගේ අම්මා තියන්න තිබ්බ වුවමනාව නිසා අපිට එක අදායම් මාර්ගයයි ඉතුරු වුනේ... ලමයින් ටිකක් හැදෙන කල් අම්මා ලඟම ඉන්න ඕනෑ කියන එකට මම වඩා වැදගත් කමක් දෙනවා නංගිලා... උදේ ගෙදරින් ගිහින් හැන්දෑවට ගෙදර එන අම්මෙකුයි තාත්තෙකුටයි වඩා, අම්මා ලඟින්ම ඉන්න තාත්තා මස කිහිපයකට වරක්වත් ඉන්න එක හොඳයි කියලා හිතුනා...ඇරත් මගේ දරුවෝ මගේ හෝ ඇයගේ දෙමාපියන් විහින් වත්, වැඩ කාරයෝ ලවාවත්, ඩේ කෙයාර් වලින්වත් උස් මහත් කරවන්න අපි නොකැමැතිත් වුනා... ඒක අපි දෙන්නගේ දෑතින්ම කෙරුවා...
ReplyDeleteඔන්න අහ ගත්තා නේද කාලා වරෙක්කෝ කිව්වාලු. මං කිව්වා ඔය ටික කියන්න යන්න එපා කියලා.
ReplyDeleteකෝ කිව්වා ඇහුවාද?....... ඇහුවාද?....... ඇහුවාද?......
(විලි ලැජ්ජාවේ සංතෝෂේ බැහැ.
වාහ්...........වාහ්..........ක්‍යා බාත් හේ....
ඉන් ඉංග්ලිෂ්- මොන තරම් අගනා නෑමක්ද-මෙතැනදි අතීශයින් අදාල වේ)
මෙච්චර කල් නොපෙනුනු පැත්තක් තමයි අයියේ පෙන්නුවේ. ස්තුතියි
ReplyDeleteදරුවෝ හිනාගස්සන්න එපෝ.. මේක open office එකක්... මේක දිහා බලන් තනියම හිනාවෙන කොට මුන් සේරම බලනවා... පිස්සු අප්පා ඔයාටනම් රන්දිල්...ඔයා ගැන වෙනම පෝස්ට් එකක් දාන හිතෙනවා මට වෙලාවකට... හ්ම් මට සතුටුයි ඉතින් මෙහෙම යාලුවෝ ලැබෙනවට බ්ලොග් එක හරහා...
ReplyDeleteඉස්තරම් නෑමක් නංගියෝ....
ReplyDeleteකමක් නෑ කමක් නෑ... අයියා අතින් නේ....
ඉවසා වදාරමු...
:D ස්තුතියි අයියේ
ReplyDeleteඇත්තටමයි කියන්නේ මට මෙච්චර කාලෙකට ඒ වගේ දෙයක් කල්පනා වුනේ නැහැ. මට තේරෙනවා මම ආත්මාර්ථකාමියි. ඔය දෙන්නා ඒ අතින් ග්‍රේට්. දරුවෝ වෙනුවෙන් හිතලා ගත්ත තීරණයක් කියලා හොඳටම පේනවා දැන්නම්. ඒ කොච්චර පෙනුනත් වැඩක් නැහැ. ඔච්චර ග්‍රේට් වෙන්න මට බැහැ.
@Shadow/හේමලයා: අනිවා...
ReplyDelete@වත්: සමහර සින්දු එහෙම තියනවා නේ... රස වින්දනය බලෙන් කරන්නේ කොහොමද නේ...?
@ගල්මල්: මට වඩා මේකේ රස ඔබ හොඳින් දන්නවා කිය්ලා මම දන්නවා...
@වැම්පයර්: ස්තූතියි මල්ලි තොරතුරු වලට... මගේ අඩු පාඩුව නම් ඔය විස්තර නොදන්න කමයි...
@වැප් : ඒ හොඳටම ඇති මලේ... සින්දුව අහන එක තමා වටින්නේ....
@සුලා: ඔන්න ඇහුවමයි සුලාට කම්මැලියි කියනවා....
@පාලි: මට කරන්න තිබුනු දෙයක් කලාට බොහොම ස්තූතියි සහෝ...
@Grey: මම හිතන්නේ මල්ලි ඇරබික් මුසිච් මේකට දාලා තියෙන්නේ.. මටත් ඕකම දැනුනා...
@ පිස්සා පලාමල්ල: මාත් මලයෝ....
@හරී: ඔන්න ඕක තමා ප්‍රස්නේ... තැන නොතැන නොබලා හිතත් එක්කම උගුර හිරවෙන එක... කොහොම සම්බන්න්ධෙ වෙනවද මන්දා...?
@Cool Cartoon : ආයුබෝවන් සහ ඉස්තූතියි...
@priyantha ඒ.බී.: මමත් මේකේ තේරුමටම තම කැමතිV මලේ...