අනුනගේ බර ඔසවාගෙන යන්නට...

පද රචනය: ආර් ප්‍රේමදාස ශූරීන්
තනුව: ෂෙල්ටන් ප්‍රේමරත්න
ගායනය: විමල් ජේ ශ්‍රියාරත්න

අනුනගේ බර ඔසවාගෙන යන්නට, දෙවියන් මට සවි බල දෙන්නේ..
මගේ බර පමණක් දරා සිටින්නට, කවුරුද මට අවසර දුන්නේ...

මසිත සවන්දෙනු මගේ මේ වදනට, 
මාගැන පමණක් සිතිය නොහේ..
මගේ පැතුම් මල් අනුනගේ මිදුලේ, 
ඈත මෑත නිති පිපුණාවේ...

සීතල කරුණා හද උල්පතකින්, ලෝදිය කිසිදා නොමැත ගලන්නේ...
ලෝදිය උල් සීතල කරුණාවෙන්, හිම දිය විලසින් නොවෙද තිබෙන්නේ...


 

25 ප්‍රතිචාර:

prasanna86k said...

තේරුම හරිම ලස්සනයි...

ගල්මල්-Coral said...

මේ ගීතය කලින් අහලා ඇති බව නම් මතක නෑ.

ප්‍රේමදාස ශූරීන්ගේ තෙළිතුඩට තියෙන්නේ ගරුත්වයක්, අද උදේම එතුමන් ගැන සිහිකරා.

Anonymous said...

සීගිරි ගලේ ගී ලිව්වේ (නුඹයි පුතේ) “ඩෝල්ටන්”

Praසන්ன said...

තිස්ස අයිය කොහෙන් හොයාගන්නවද මංද මෙවුව.

Gimhani said...

ගීතයනම් ඇහුවේ පළමුවරට. අර්ථවත්.
ස්තුතියි෴

රූ.... said...

කම්කරු දිනේ ගැන හිතලද තිස්ස මේ සින්දුව දැම්මෙ?

Lishan Puwakowita said...

රට කරවූවෙක් ගේ තෙලිතුඩකින් ලියැවෙච්චි මේ පද පෙළ මොන තරම් කතා අපි ගැන අපට මතක් කරනවාද..?
ඇරත් එතුමාගේ අනුස්මරන දිනයදා..!

කලාකාරයා said...

කියන්න විලි ලැජ්ජයි.මහ ලොකු කලා කාරයා වුනාට අද තමයි මේක ඇහුවෙ

කතන්දර Kathandara said...

ළමයිනේ තෙලිතුඩ කියන්නේ පින්සලට නේද? ඒ කියන්නේ අර චිත්‍ර අඳින උපකරණේ!

මේ කවිය ලියපු හාදයා ලිව්වේ පෑන් තුඩඟින් වෙන්න ඕනෑ.

කතන්දර Kathandara said...

/* සීතල කරුණා හද උල්පතකින් ලෝදිය කිසිදා නොමැත ගලන්නේ...*/

හැබැයි බොක්කේ දඩමස් තියාගෙන හක්කෙන් බුදුරුස් විහිඳුවන්න පුළුවනි!

Bindi said...

සින්දුව අතීතයේදී අසා ඇත . දැන් ප්‍රචාරය වනවාද නොදනිමි . ඔහු ලියු එව්වා ඔහුගේ නොවෙන බව කටකතා පැතිර තිබුණි . අනික් කතා සමග එය එතරම් වැදගත්ද නොවිය . කෙනෙක් මල පසු හොඳ පමණක් සිහි කිරීම අපේ ගතිය නිසා මුකුත් නොකියමි . සින්දුව නම් ඉතාම ලස්සනය .

Dude said...

නැවතත් සුපුරුදු චෝදනාව. මොකද තිස්ස දැන් අර හැඳින්වීමට නොහොත් වැඩේට එන්ටර් වීමට මොකුත් නොලියා ගෙඩි පිටින්ම සින්දුව දාන්නෙ? මම කැමති ඒ කොටසට.
henryblogwalker the Dude

Podi Kumarihami said...

කවදාවත් අහලා නැති සිංදුවක්. ප්‍රේමදාස මහත්තයා සිංදුත් ලීවද?

කිනිර said...

ආර් ප්‍රේමදාස මහත්තයා පද රචනය කලාය කියන "සිතුවිලි" ගී තැටියේ මේ ගීතය තියෙන්නෙ. හැබැයි කවුරුත් දන්න රහසක් තමයි ඇත්තටම මේ ගීත ලිව්වෙ ඩෝල්ටන් අල්විස් ශූරීන් කියන එක.
මේ ගැන මම අහපු කතාවක්:
1988-89 ගනන්වල භීෂණ කාලේ, ඩෝල්ටන් අල්විස් ශූරීන් සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක් හවසක් පොඩි අඩියක් ගහලා, පම්ප් එකක් දමන ගමන් එක මිතුරෙක් සිංදුවක් කියන්න පටන් ගත්තා - "සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්" (සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ" ගිතයේ තනුවට කියලා. ඩෝල්ටන් අල්විස් මහත්තයා එක පාරට අර මිතුරාගේ කට වහලා ඇහුවලු "මම ටයර් උඩ යවන්නද හදන්නේ" කියලා.

කතන්දර Kathandara said...

මේක නං අවුල් ගොඩක් තියෙන පදවැලක්. ඩෝල්ටන් ලිව්ව එකක් වෙන්න බෑ.

කොහෙමා වුනත් පේමදාස කියන්නේ හොඳ නිර්මාණාත්මක හැකියාවක් තිබුණු කෙනෙක්. ඩෝල්ටන් ලා, අජන්තා රණසිංහ ලා එඩිටර්ස් ලා සහ උපදේශකයෝ වෙන්න ඕනෑ.

කතන්දර Kathandara said...

සීගිරි ගලේ කවි ලිව්වේ ඩොල්ටන් කියන එක ඇත්ත පත්තරේ ගිය රංචාගොඩ ළමයා ගේ කවියක අවසන් පදයයි.

Bindi said...

පොඩ්ඩි ..සින්දු විතරය ..පොතුත් ලිව්වනේ .

Bindi said...

Dude ..මාත් විරුද්දයි . මෙයා දැන් හරිම කම්මැලියි . අනික් බ්ලොග් එකක් කියවන්නෙත් නැහැ . තමන්ගේ එකත් ඕනවට එපාවට

Bandula - බන්දුල said...

ආරක්‍ෂක හේතූන්මත වැඩි විස්තර ලියා නැත....!

RanDil said...

මදැයි බර දරාගෙන යන්න ගිහින් එතුමාට වෙච්චි දේ...

ගල්මල්-Coral said...

පටලවාගත් වචනය නිවැරදිව කර පෙන්වා දුන් කතන්දරශූරීන්ට තුති.

හද ගී පොතින් අපි කවුරුත් බලාපොරොත්තුවෙන පූර්විකාවේ අඩුව ගැන තැන් කිහිපයකම සඳහන් වෙනවා. මගේ අදහස අඩවියේ ඇත්තන් කාසියේ පැත්තක් පෙන්වන රූපයෙන් එය කලාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

Chatura Wijekoon said...

ප්‍රේමදාස උන්නැහේට කවි ලියන්න, පොත් ලියන්න වගේම තව හුඟාක් දේවල් කොරන්න හැකියාවක් තිවුනා.. ඊටත් එහා උන්නැහේ ගේ බිරින්දෑට.. සිංදුත් කිවුවා නොවැ.. පුතන්ඩියත් අරින්නේ නෑ.. බයිලා කියනවා හිටු කියලා.. මේක පවුලේ ම කලා හැකියාවක්..

ලකී සිරි said...

ගීතය තනි නොකර තිස්ස දොඩංගොඩයන්ගේ පූර්විකාවත් තිබුනා නම් අගනේය. මැයි දින රාජකාරි වලින් වෙහෙසට පත් වී ඇති සෙයකි.

පොත් ගුල්ලා said...

මේ මා ළමා වියේ ඉතා ආසාවෙන් සවන් යොමුකළ ගීතයක්. හැබැයි ඒ දවස්වල මට අර්ථය හරිහැටි වැටහුනේ නැහැ. මොකද මට ගීතය ඇහුනේ 'අනුනගෙ බර ඔසවාගෙන යන්නට' කියල නෙමෙයි, 'කරුණාගෙ බර ඔසවාගෙන යන්නට' කියලයි. මම හිතුවේ 'කරුණා' කියන්නේ ගීතය ගයන චරිතයේ බිරිය කියලයි. ඉතින් මම අමුතුම තේරුමක් තමයි හිතා ගත්තේ. ඇත්තටම අද තමා හරි අරුත වැටහුනේ.

ඒ වගේම මේ ගීය ලියුවේ ප්‍රේමදාස මහතා බව දැනගත්තෙත් අදයි. ගීතය නිතර අසා තිබුනට රචකයාගේ නම හොඳින් සවනට වැකී තිබුනේ නැහැ. ප්‍රේමදාස මහත්මා කොහොම උනත් හොඳ රසිකත්වයක් තිබු පුද්ගලයකු බව අපි කාටත් අවිවාදයෙන් පිළිගන්න වෙනවා. ඔහු ලියූ ගී වෙනත් අයකු රචනා කළා විය හැකි නමුත් බොහෝ දුරට මුදලට ගත් කළා කරුවා සිය වදන් වලින් ගීයට නගන්නේ ප්‍රේමදාසයන් ගේ අදහස්. ඔහු ලියූ බැව් කියන මා අගය කරන තවත් ගී කිහිපයක් මේ,
"පෙරදිග අහසේ පෙරමුණ අරගෙන - සිතුවිලි නව හිරු කිරණ නැගෙයි" - ගායනය ජෝති
"උත්සාහය උක් දණ්ඩක් වැන්නේ - වැළඳු පසුවයි මිහිර දැනෙන්නේ" - ගායනය චන්ද්‍රිකා සිරිවර්ධන
අනෙක ඉතින් කව්රුත් දන්න, "දාගැප් මහා වැව් බැන්දේ නුඹයි පුතේ" - ගායනය වික්ටර් රත්නායක
ඔය ගී තුනම අදටත් සවන වැකෙන විට මගේ සිරුර හරහා මොකද්දෝ විදුලි ධාරාවක් ගමන් කරනව. ප්‍රේමදාස මහතා දේශපාලකයෙක් ලෙස මා වෙතින් ගව් ගණනක් දුරස්ථ උනත් කලාකරුවෙකු ලෙසින් හදවතට හුඟක් සමීපයි.

තිස්ස දොඩන්ගොඩ මහත්තයට ගොඩක් පිං!

තිස්ස දොඩන්ගොඩ said...

prasanna86k: ඔව් ප්‍රසන්න තනුවත් එහෙම්මමයි මටනම්..

ගල්මල් : ඔබතුමාගේ හිත මම දන්නව නෙව....

Praසන්ன : හිත ඇත්නම් සොයතෑකි මචෝ..

ගිම්හානී: ස්තූතියි ගිම්

රූ: ඔව් රූ නෝනේ - අකුරු රතු පාට වුණේ ඒකනේ - අනෙක් කාරණාත් සම්බන්ධයි

Lishan Puwakowita: ලීෂාන්ට අහුවුණා ලයින් එක හරියටම..!!!!

කලාකාරයා: හපොයි ලජ්ජ වෙන්නේ මොට ආයුබොවන්ඩ - නොදන්න දේ එමට අපි කොයි කවුරුත්

කතන්දර Kathandara : එහෙමයි එහෙමයි :-) උදාහරණම කොච්චර තියේද?

Bindi: මගේ අදහසද එයමය - එයට සතුට

Dude : ඔය පින්තූරය, රතු පාට, ගීයේ දායකත්වය - කථාව ඒකේ තියේ මචෝ - ආයේ ඇඟිල්ලෙන් ඇනලම කියන්නේ මක්කටද..

Podi Kumarihami අනේ අපව අන්දවන්න එපා පලිපාන මැතිනිය

කිනිර: අනේ මහත්තයෝ එව්වනම් ඉතින් මම දන්නේ නැ හරියටම - ඒත් තැටිය ගැන විස්තරේටනම් ස්තුති

කතන්දර Kathandara :
"කොහොම වුනත් පේමදාස කියන්නේ හොඳ නිර්මාණාත්මක හැකියාවක් තිබුණු කෙනෙක්"
එතුම රට පාලනය කාලේ වෙච්චි දේවල් හින්ද මගේ ජීවිතෙත් ගොඩක් පස්සට ගියා - ඒත් අද, ඔය කසූ කියල තියෙන විදිහට එතුමව දකින්න මම කමතියි - රෝහණ විජේවීරයන් ගැන කථාවද එසේමය..

Bandula - බන්දුල : දැන්නම් එව්වැයේ මකුළු දැලුත් බැඳිලා ඇති බන්දුල මහත්තයෝ...

RanDil: ඒකනෙවෙන්නම් සංදුක්කේ...

Chatura Wijekoon :-)

ලකී සිරි: දවස් තිහක් එක දිගටම වාගේ වැඩ කරන්න වුණා ලකී...

පොත් ගුල්ලා: මම කාගෙන් හරි යටිහිතෙන් බලාපොරොත්‍තු වන කොමෙන්‍ටුවක් - නුහුගුණ අමතක කරල යහගුණ මතක් කරණ එක, ඉස්මතු කරන එක නෙව අපේ කම - බොහොම ස්තූතියි ඔබට මෙව්ව මතක් කරල දුන්නට..

Post a Comment

 
Blogger Wordpress Gadgets