සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න...

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න...
පිපී පිපී නෙත් විල මැද බඹරා සනසන්න...

හැලෙන දොලෙන් ගලන ග‍ඟෙන්...
පිරි පෙණ පිඬු වෙන්නම්....
දෝත පුරා දිය බිඳ බිඳ...
බොනු දැක සැනහෙන්නම්....

සුසුම් වැලෙන් සුසුම් වැලට...
ඔබේ සුසුම් බොන්නම්...
ආදරයේ පණිවුඩ දී...
සුලඟක් වී එන්නම්....

සිහින වලාකුළු එවලා...
නිති සුව ගෙන දෙන්නම්...
ආශාවේ තොරණ් මැදින්...
ඔබ ජයගෙන ඉන්නම් ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

ගායනය නාලිනී රණසිංහ

39 ප්‍රතිචාර:

ගල්මල්-Coral said...

සුසුම් වැලෙන් සුසුම් වැලට...
ඔබේ සුසුම් බොන්නම්...
ආදරයේ පණිවුඩ දී...
සුලඟක් වී එන්නම්....

සින්දුව බොහෝ අගේය ලොක්කා...

freedom said...

සුදු අයියේ, ගීතය පමණක් රස විඳීම බොහෝ කඨෝරය. මේ ඔබ අප රවටන දෙවන වතාව නොවේද???

ප.ලි.
අක්කාගෙන් හසුන් පතක් පැමිණියේද? නැතහොත් නිවාඩු කල් ගියේද?

ඉලංදාරියා said...

ලස්සනයි අයියා...හරිම ලස්සන සින්දුවක්........

nethu said...

පොරොන්දු දීමක් වුණත් ශෝකී රසය තැවරිලා. සංගීතය එයට ගුප්ත බවක් එක්කරන බවක් දැනෙනවා. පූර්විකාව නැති අඩුව එක්වරම දැනුනත් එයම මට මගේ දෘෂ්ඨිකෝණයෙන් ගීය රස විඳීමට යම් නිදහසක් ලබා දුන්නා. නමුත් දුකෙත් සතුටක් තියෙනවා නේද? හුඟක් රස වින්දා.

Anonymous said...

It is a very soothing voice,just like in that "Mage sitha thanpathya" song.........(KASUN)

මාරයාගේ හෝරාව said...

හැමදාමත් වගේ අදත් ඇවිත් පද පෙළ බලලා යනවා ඇර බාන්න විදියක් නැහැ නෙව..
මොබිටෙල් අප සැමදා දුකේ..

මෙකට කොමෙන්ට් කොරන්න හදන හතරවෙනි පාර මෙ..
තුන් පාරක්ම සම්බන්ධය නැති වෙලා ගියා නේ..
මට එපා වෙලා තියෙන්නේ..

තිස්ස දොඩන්ගොඩ said...

@ ඔබේ කවිත් අපට ඒ වාගේ පවන් සලයි....

@freedom: නැත කිසිවකු රවටා කිසිදින අන් අය මෙන්...
කාරණා දෙකම විය...

@ඉලංදාරියා: ඒක හදවතිම කිවු දෙයක් වාගේ දැනුනා මට...

@නෙතු: දුකෙහි කිසිම සතුටක් මට නැත...

@Kasun: you look like a Nalinee Ranasinghe fan... I've already put that one in "ඔබ කැමති ගී"

@මාරයා...: අනේ මල්ලියේ අහන්නවත් හැටියක් නැද්ද...? ෂහ්... යම රජ්ජුරුවොම බලාගන්න ඕනෑ...

nethu said...

මම නම් අහල තියෙන්නෙ "කඳුල අතරින් සිනාසෙනු මැන" කියලා. දිගින් දිගටම හිනා වෙන්න බැරි කොට මම නම් කරන්නෙ ඒක...

තිස්ස දොඩන්ගොඩ said...

@නෙතු: මට නම් බැහැ...

වැප් said...

සින්දුව අසමින් ...........

[ සින්දුව හින්දා ලියන්න දෙයක් මතකෙට එන්නේ නැහැ .... ]

Buratheno said...

තිස්ස අයියා.., ඉඩපාඩු තියෙන වෙලාවක මට මෙන්න මේ සිංදුටික බාගන්න දානවද ඔයා ගාව ති‍යෙනවානං.. තවඑකක්, "ඔබ කැමති ගී" වලත් බාගන්න ලින්ක් එකක් දැම්මානං අගෙයි.. :)
1. වසන්ත දූතය වසන්ත දූතය - රූපා ඉන්දුමතී & ?
2. විදුලි දුම්රියේ - රූපා ඉන්දුමතී & ?
3. දම්පැහැ වීදුරු පුංචි වළල්ලක් - චන්ද්‍රානි ගුණවර්ධන

Bandula - බන්දුල said...

තිස්ස,
හද ගී පොත කියන්නේ අවිවාදයෙන්ම සමාජ මෙහෙවරක්. මේ බොහොමයක් ගීත අහන්න වෙන විදිහක් දැන් ඉතුරු වෙලා නෑ. ඒව අහනකොට අවුරුදු 'ගානක්' අතීතයට යනවා මතකය. ඒ ගීත ඇහිල ඇහිල හිත් පතුලේ තැම්පත් වෙච්චි සිත් අමන්දානන්දයට පත්වෙන හැටි හතලිහේ පනහේ කොල්ලො කෙල්ලො දාන කමෙන්ට් වලින් පේනවා.
ලස්සන වැඩේ ඒක නෙමේ, 'අනේ අයියෙ ලස්සන සිංදුව, අදමයි ඇහුවෙ' කියල සමහර 'නංගිලා' 'මල්ලිලා' කියන එකයි. 'අයියාගේ' ඒ නංගිලා මල්ලිලා අනිවා තුනවෙනි කැරැල්ලේ දරුවෝ. හරි ජොලි නේද දුවල පුතාල අයියේ අයියේ කියනකොට!

freedom said...

@තිස්ස අයියා,
හැබෑට රවටනව කියන එක වැරදියිනෙ. අපිව අමාරුවෙ දැම්ම කිව්වොත් හරි.
අනේ ඉතින් නිවාඩු කල් ගිය එක ගැන නම් මගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමි. මටත් පෙන්නන්න බැරිම වැඩේ තමා නිවාඩු ලැබෙනව කියල පස්සෙ කල් යන එක. ඇයි දෙයියනේ අපි අරහෙට මෙහෙට කතා කරල ට්‍රිප්ද ගැටිද අරවද මේවද ඔක්කොම සෙට් කරගත්තට පස්සෙ නිවාඩු නැති උනාම ආයෙ යාළුවොන්ට කතා කරනව බොරු. සැලෙන්න එපා. ඔව්ව ඔහොම තමා.

බන්දුල මහතාගේ කතාවට,
ඉතින් මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. හතලිහේ පනහේ අය කොල්ලො කෙල්ලො නම් ඉතින් තුන්වෙනි කැරැල්ලේ දරුවොත් අයියේ අයියේ නොකිය වෙන මොනව කියන්නද?

තිස්ස (අයියා/මාමා) ඇතුළු පිරිසට රිංගා ගැනීම සඳහා බිත්තර කට්ටක් කූරියර් කර එවන ලදී.

Bandula - බන්දුල said...

අප්පට උඩු! නිවාඩුව කල් ගියාද මචෝ?

දිල් said...

අනේ තිස්ස අයියේ..කෝ පූර්විකාව ?
පූර්විකාව නැතුව සින්දුව නිකම් අර ලුණු නැති හොදද වගේනෙ...

තිස්ස දොඩන්ගොඩ said...

@වැප්: හ්ම්ම් දැන් කවි මෝඩ් එකෙමයි නේ... මොකද ඒ පැත්තේ අපට කොමෙන්ට් කරන්න බැරි...

@Bratheno අනිවාර්‍යයෙන්ම මල්ලියාගේ ඉල්ලීම් දෙකම ඉ‍ටු කරනවා... කටක් ඇරලා උඹට බෑ කියන්නේ කොහොමද....?

@බන්දුල: හෙහ් හෙහ් හෙහ්... කියල වැඩක් නෑ ... ජොලිම තමා... ඒ වගේම ජොලි ඔබතුමාලා වගේ ඇසූ පිරූ තැන් ඇත්තන් මේ කරන සුලු වැඩේ අගය කරල කථා කරන කොට.... සුමානයක් දෙකක් කල් යයි මහත්තයෝ නිවාඩුව...

@දිල් : කොට්ටප්පරි රතනසාර... කුකුලා සහ කරමල වෙයි කියන බයත් තියනවා... එනිසා ඉඳහිට වෙනසක් කොරනවා.... එනකොට ලුණු ඇඹුල් ඩිංගක් අරන්ම ආවානම්...

වැප් said...

හිහි ........... මං ඉතින් පිටසක්වල එකානේ ... එහේ එහමෙ තමයි නො කෙමෙන්ට්

[ මේවට තමයි කියන්නේ උරගේ මාලු උගේ ඇගේ තියලා කපනවා කියාලා හිකිස් .... ]

තිස්ස දොඩන්ගොඩ said...

හෙහ් හෙහ් හෙහ් ...එල රිප්ලයි...! කොහොමද බං ඕවා සේරෝම ඔලුවේ තියෙන්නේ....?

Buratheno said...

@දිල්:
ඔයා ඔහොම කියන්නෙ ලුණු ඇඹුල් නැතුව හදන හොද්දෙ රහ ඔයා දන්නෙ නෑ. ඉදලා හිටලා මමනං හදනවා. ඔයත් ට්‍රයි කරලා බලන්නකො, පට්ට රහයි. හැබැයි කෑමට පෙර මොනවාහරි ගන්න ඕන.. :)

@තිස්ස අයියා:
තැන්කූ වේවා advance එකෙංම. හදිසියක් නෑ. නිවාඩු පාඩු වෙලාවක දාන්නකො..

යෝගී... said...

ඉස්කෝලේ යනකාලෙයි ෆොටෝ යි, කැම්පස් ‍එකේ තුවා ඇඳං ඉන්න ෆොටෝ යි Facebook එකේ දැම්මට තරුණ වෙන්ඩ බෑ නේ ... සත්‍යයට මුහුණ දෙන්ඩ වෙනව කවදහරි...‍‍

තිස්ස දොඩන්ගොඩ said...

එහෙමයි... එහෙමයි... බාප්පේ...!!

විහඟ ගීතය said...

සුපසන් ප්‍රේමයක පෙම්වතියක ගේ මුවින්
පුහුදුන් සිතක පෙම් සිතුවිළි ගලා හැලෙන්
ඇවිදින් සතපවන්නට ඔහු බැදුන් පෙමින්
ජයගන්නට තවත් කිසිවක් වෙද්ද වෙනින්

Pali said...

@යෝගී: මසුරං වටින කතාව. අර අවුරුදු 40 කට විතර කලින් ගත්තු ෆොටෝ ෆේස්බුක් එකේ දාලා මේ පොඩි කිරි සප්පයින්ට කියලා අයියා කියවා ගන්නව නේද?? :))

වැප් said...

@තිස්ස දොඩන්ගොඩ

හි හි ............... පිටසක්වල එහෙම තමයි එල කිරි රැම් තමයි තියෙන්නේ .... ඔක්කොම ලෝඩ් කරලා තියෙන්නේ ....

තිස්ස දොඩන්ගොඩ said...

@විහඟ ගීතය: සහතික ඇත්ත... ගීය හා සමානව වටී කවිය...

@Pali: අපේ වයස විතරයි බං වැඩි... කෙරුවාවෙන් අපේ බාප්පලා මුං... අපි මේ වෙනකොට කරලා තියන එව්වයින් වැඩිහරියක් මුං විස්ස වෙනකොට කරලා...

@වැප්: හනේ අම්මපා, උඹත් එක්ක එකට ඉන්න එවුන් නියම ‍රැගක් කනවා ඇති නේ..

වැප් said...

එකට ඉන්න එවුන් විතරයෑ .. දැන් මේ ගව් ගානක් ඈත් ඉන්න උබත් හොඳ කන්නේ ......... බන් අයියේ ...............

Anonymous said...

කලින් පලකළ ගීතය, ඇය දැකීමේ ව්‍යාධියෙන් පෙලෙන නොඉවසිලිවන්ත ඔහුගේ ගීතය නම්....
මේ වනාහී ඔහුව පිළිගැනීමට පුලපුලා බලාසිටින ඇයගේ ගීතය වියයුතුය...

තිසා මහත්තයෝ මං හරිය...???

සුලා..

තිස්ස දොඩන්ගොඩ said...

@සුලා: ගැඹුරු සුසුමකින් උත්තරය දිය හැක......

Anonymous said...

ඊයේ රාත්‍රියේ සිටම ඇද හැලෙන අනෝරා වැස්ස...දවස උදාවෙලා හෝරා තුනක් හතරක් ගතවීත් තවමත් තුරල් වන පාටක්නම් නැත...කෙසේවතුදු වැසි දිනවලට මඟේ සිත සතුටින් ඉපිල යයි..පුංචි සන්ධියේදී මහවැස්සේ තෙමෙමින් දඟවැඩ කරණු බලා මවගෙන් කෙසේවෙතත් ලොකු සහෝදරීගෙන් නම් බැණුම් අසාගත් වාර අනන්තය...
හිතට දැනුනු කුසීත බව නිසාම හෙමිහෙමින් තරප්පු පෙළ නැඟ ඉහළ මාලයේ මිටියාවත දෙසට වන්නට මුහුණලා වූ කවුළු පියන්පත විවර කෙළෙමි..වැහි බිඳිති පිස හමා ආ සිහිල් සුළං රැල්ල ගතේ හීගඩු පිපීමට සමත්වූ හෙයින් දෑත පොරවාගතිමි...ගෙවත්ත මායිමේ වූ හීන් දොළ පහර අද පෙණ පිඩු නංවමින් අතොරක් නැතිව හිනැහෙමින් ගලායනුද පහළින් වූ කෙත්යායේ ලියදි පුරා ජලයෙන් පිරී වී ඇතිවගද දර්ශණයවූයෙන් ඔබ්බෙහි පෙනෙන කඳු වලල්ල තෙක්ම දෑස් මෙහෙයවූයෙමි...හීන් මිහිදුමෙන් වැසී පැවතුනු කඳු වළල්ල මෙන්ම මා ප්‍රිය කරණ මේ පරිසරය අද නැවුම්ව හා සුන්දරව දිස්වන්නේ ඇයිදැයි කල්පනා කෙලෙමි..මවිසින් ඉදිරිපස පාත්තියේ ඉන්දවන ලද සුදු රෝස පඳුරේ පිපෙන්නට වෙරදරන පුංචි රෝස කැකුළියක් වූයෙන් ඇය සුළඟේ නැළවෙනු බලා විඳිමින්ම මේ දිනවල මගේ හිතේ ඇති වී ඇති විපර්‍යාසයනට හේතු භූත වූ කාරණා එකින් එක ගෙන කියවා බලන්නට වීමි..
යව්වනය ගෙවීයමින් තිබුණු හෙයින්ද පවුලේ සිටි දඩබ්බරම ගැහැණු දරුවා වූ හෙයින්ද මව් මාගේ විවාහය පිළිබඳ හැමවිටම කරදරයෙන් හුන් බව මා දනිම්..."මද්දූ එකියෙ මං නම් දන්නැහැ උඹට කොහෙං මනුස්සයෙක් හොයන්නද කියල...උඹ ගැන දන්න එකෙක්නම් එන එකක් නැහැ උඹව කැන්දන් යන්න.."දිනක් අවුරුදු උත්සවයකදී ඇතිවූ ගැටුමක් විසඳීමට යාමෙදී හයිරං පෑ කොළු ගැටයෙක් මා අතින් පදමට ගුටිකෑ බව ආරංචි වූ සුණංගුවේ කේන්තියෙන් බැනවදිමින් ඇය විස්සෝප වූවාය..නමුදු කාළය ගෙවුනෙන් මගේ වූ දඩබ්බර ගති පැවතුම් වියැකෙන්නට වූයෙන් මව් මා පිළිබඳ සිහිනදුටු බවද දනිමි...ගතවූ වසර පහ හය තුළ මනාලයන් කිහිප පොලක්ම මා බැලීමට පැමිණියද ඔවුන්ගේ කුමණ හෝ අඩුපාඩුවක් පෙන්වා මඟහැර සිටියෙමි.."ඈ බොංඩියෙ උඹට හරියන එකෙක් එහෙනං හොයාන වර...මගේ පණ යන්ඩ ඉස්සර.."යි වේදනාවෙන් කෑගසණු තවත් ඉවසනු නොහීයෙන් මීළඟට මා බැලීමට පැමිනෙන ඕනෑම ඉලව්වකට කැමතිවෙමියි සිතා ගතිමි..
මීට වසර එකහමාරකට පමණ පෙර සිදු වූ අපගේ මුල්ම හමුවීම වූයේ සුදු රෙද්දකින් වසා තිබූ ඉලත්තට්ටුවක් දෑතින් ගෙන සාලයේ වූ කවිච්චිය මත හිඳසිටි ඔහු ඉදිරියේ ප්‍රදර්ශණය වීමට යාමයි...සාමාන්‍යයෙන් මම කවුරුන් ඉදිරියේවුව කුළෑටි බවකින් තොරව වදන් තෙපලමි...දුටු පමණින් ඔහුනම් හමුදා සේවයේ යෙදෙන්නකු බව හැඟුණු හෙයින් ඒ දිනවල දරුනුවට සිදුවෙමින් පැවැති යුධ බිම තතු අභිරුචියෙන් කතා කලෙමු...ඔහු ක්‍රියාන්විතයේ යෙදෙමින් සිටින සෙබළෙකු බව දැන ගැනීමෙන් ඔහු පිළිබඳ මහත් ගවුරවයක් හද තුළ සටහන් වූයෙන් අප අතර බැඳීමට මුල් අඩිතාලම දැමුනේය..එවක් පටන් ගත් වූ අවුරුදු එකහාමාර තුළ අපි ඔවුනොවුන් හැඳින ගතිමු....ඔහු රණබිමේ සිටි දිනවල බෝහෝ රාත්‍රී යාමයන්හි මා අවදියෙන් සිටි බව මතකය...දඩබ්බර එකියක් ලෙසින් හංවඩුගැසී සිටි මාගේ මේ වෙනස්වීම සැමටම පුදුමයක් වූ බවනම් සැබවි...නමුදු ආදරයට වනාහි එවැනි වෙනස්වීම් සිදුකල හැකි බලසම්පන්න බැඳීමක්වන බව අද මට පසක් වේ..
යුධමය වාතාවරණය නිමවුණු මේ දිනවල මම ඔහුගේ පැමිනීම අපේක්ෂාවෙන් පසුවීම්...ඊයේ දින ලැබුණු හසුන්පත කීවේ හෙට දිනයේ මා දැකීමට මෙහි පැමිණෙන බවකි... මගේ සිත සතුටින් ඉපිලීයාමට ආසන්නම නිමිත්ත එයයි...
ඉදින්..මේ වස්සානය කෙලවර එළඹෙන වසන්තය ගැන සිහින මවමින් හද සන්තානයේ මතු වූ සන්දේශය සීතල සුළඟේ ඔහු වෙත පා කොට හැරියෙමි....


සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න...
පිපී පිපී නෙත් විල මැද බඹරා සනසන්න...

හැලෙන දොලෙන් ගලන ග‍ඟෙන්...
පිරි පෙණ පිඬු වෙන්නම්....
දෝත පුරා දිය බිඳ බිඳ...
බොනු දැක සැනහෙන්නම්....

සුසුම් වැලෙන් සුසුම් වැලට...
ඔබේ සුසුම් බොන්නම්...
ආදරයේ පණිවුඩ දී...
සුලඟක් වී එන්නම්....

සිහින වලාකුළු එවලා...
නිති සුව ගෙන දෙන්නම්...
ආශාවේ තොරණ් මැදින්...
ඔබ ජයගෙන ඉන්නම් ...

සුලා..

දුකා said...

මම තාම සිංදුව අහුවේ නෑ . . කමෙන්ට්ස් වල ආතල් ගන්නවා . .. හෙ හෙ හේ . .

මාතලන් said...

maara comments tika....

kohenda me sindu hoyaganne

තිස්ස දොඩන්ගොඩ said...

@සුලා: පිස්සුම හැදෙනවා බන්.... දන්නවද රේඩියෝ චැනල් එකක මහත්තයෙකුත් මට ලිපියක් දාලා තිබුනා... බලපන් විනාඩි පහක පොඩි ප්‍රෝග්‍රෑම් එකකට කියාපු සටහන නේ උඹේ... සින්දුව අගට දැම්මා නම්... බලමු ඒ මහත්තයා ආයේ සම්බන්ධ වෙයි ද කියලා... මෙව්වා කියවපුවහම පිස්සු හැදෙනවානේ බන්....

@මාතලන්: බෝතල් පත්තර කාරයෙක් වාගේ එකතු කරනවා මහත්තයෝ.. දැක්ක දැක්ක තැන... කමෙන්ට්ස් වලට එකතු වෙන කට්ටිය මට සින්දුව හා සමානවම සතුටක් ගේනවා...

wath said...

අනේ අයිය බැහැ නොකිය මම ඉල්ලන ගීතය ඕනි ඕනි මයි...

දීපිකා ප්‍රියදරශනී මහත්මියගේ

හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
තාරුණ්‍යයේ කඩඉමත් පසුවී යතත්

තිස්ස දොඩන්ගොඩ said...

දැනට පද... සින්දුව ඉක්මනටම....

හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
තාරුණ්‍යයේ කඩ ඉමත් පසුවී යතත් ඔබ ඔතැනමද
මම මෙතැනමද හැමදාම

දිය රළ පෙළකි ඇස කඳුළු හිත දවන
මහ සමුදුරක කිමිදී සෙනෙහෙ පුරන
රැයක් දවාලක් නොබලා
ඔබම සෙවූ පෙම්වතියයි මා - පෙම්වතාණෙනි

සඳ හිරු මැදද සිරවී තැවුල් විඳින
ඔබ අද එතැයි හෙට එතෙයි දින ගනින
තැනක් නිනව්වක් නැතුව
ඔබම සෙවූ පෙම්වතියයි මා - පෙම්වතාණෙනි

wath said...

අනේ ගොඩක් ස්කූතියි අයියා ෴

ගල්මල්-Coral said...

@සුලා: superb!

තිස්ස දොඩන්ගොඩ said...

@Wath: ඔන්න බාගන්න නංගියේ මෙතැනින්

Pali said...

නියමයි සුලා.......

nimanthi said...

ඔන්න සිංදුව නම් ඇහුවා තිස්ස අයියේ. ඉතිං බොහෝම ස්තූතියි...!!!
ඒත් ඉතිං කටවහගෙන නම් යන්න හිතෙන්නේම නැහැ මේ කොමෙන්ට්ස් දැක්කාම .
හැබෑට අද උදෙත් අර හිත පිරිසිදුවෙන්න කන පලතුරු කාලා අර අගනා වටිනා රූප පෙලදිහා බැලුවද අයියේ

Post a Comment

 
Blogger Wordpress Gadgets