"හලෝ... හලෝ ලීසා... සුභ සන්ධ්‍යාවක්.. කොහොමද.... මොනවද අලුත් තොරතුරු?"
"ඕ... සුභ සන්ධ්‍යාවක්... සුභ සන්ධ්‍යාවක්.. ඔබට ආයෙමත් මතක් වෙලා අපව... අලුත් තොරතුරු තිබෙනවා ඉතින්..."
"දිගටම කියන්න..."
"ම්ම්ම්... ඒකනම් ඉතාම අලුත් තොරතුරක්ම තමා... ඒත්..."
"ඇයි ආයෙමත් නවතන්නේ..."
"ඇයට භාෂාව නුහුරුයි... අලුත්කම නිසාම..."
"කමක් නැහැ... හෙට සෙනසුරාදා සති අන්තය.... මම දුර ගමනක් යනවා... ඊට කලින් මේ...."
"හොඳයි එහෙමනම්... ස්ථානයෙහි වෙනසක් නැතැයි සිතනවා...?"
"සුභ සන්ධ්‍යාවක් ඔබට...."
"සුභ සන්ධ්‍යාවක්... හා.... ලස්සන විසිත්ත කාමරයක්.... අපි කොතැනටද...??"
"එන්න මේ කාමරයට... එය තරමක් උණුසුම්... සීත සුලඟ කෙලින්ම වීදුරු වල වදින්නේ නෑ අනෙක් කාමරයේ මෙන්..."
"ඕ.... මේ ඇතිරිලි... ඉස්තරම්ම ඒවා....!! ඔබ තනිවමද මේ විසාල නිවසේ....??"
"ම්ම්ම්....ඔව්...ඔව්... මෙතැන නානකාමරය....."
"සමාවෙන්න..... පුද්ගලික තොරතුරු විමසුවාට....."
"නැහැ.. නැහැ ප්‍රශ්නයක් නැහැ... ඔබ අලුත් යැයි ලීසා කීවා..."
"අපට අමතර ඇතිරිල්ලක් ඕනෑ වේවි....."
"නැහැ.... අවශ්‍ය නෑ.... අනෙක් අයගෙන් මෙසේ ඉල්ලීමක් ලැබෙන්නේ නෑ...ඇයි මේ....?"
"අනේ කරුණාකර... කරුණාකර.... අමතර ඇතිරිල්ලක්..."
"ඔ... ඕ..... මේ මොකද....??"
"සමාවෙන්න.... මේ මගේ සිරුරේ හැටි.... මේ හැදුනාම සාමාන්‍යයට වැඩි දවසක් තිබෙනවා..."
"ෂහ්....... ලීසා දන්නවාද මේ බව..?"
"මම කොහොමද ඇයට කියන්නේ......... මට ආපිටම මගේ රටට යන්න වේවි..... ඇය මට ඉංග්‍රීසි භාෂාවත් උගන්වනවා..."
"හ්ම්ම්ම්ම්.... ඒකත් එහෙමද එහෙනම්...... "
"නෑ... නෑ... කරුණාකර නවත්වන්න එපා.... ලීසා මට හොඳටම දෙස් තබාවි... ඒ ඇරත්... ඇරත්.... මමත් මේ... ගොඩාක් කාලෙකට පස්සේ......."
"නැහැ... කමක් නැහැ... මගෙ හිත වෙනස් වුණා..."
"සමාවෙන්න ආයෙමත්... ඔබ ලීසාට කියන්නේ නැහැ නේද..?"
"නැහැ... නැහැ... බයවෙන්න එපා... ඔබ පිරිසිදු වෙන්න එහෙමනම්.... අතන තවත් අලුත් තුවායක් ඇති... අවශ්‍යනම් ඒකත් පාවිච්චි කරන්න..."
"ස්තූතියි..."
"ඔබට බොහොම මහන්සි පාටයි... ඔබ එනවිට මා ඔබව හොඳින් දුටුවේ නෑ... ඇයි මේ මහන්සි පෙනුම...?"
"අපි හයදෙනෙක් එකම කාමරයක නවාතැන් ගන්නේ... වාඩිවී හිඳින්නවත් තැනක් නෑ අපට..."
"ඔහ් එහෙමද... ඔබ චොක්ලට් පුඩිම් කන්න කැමතිනම්... තිබෙනවා... කාලා යන්න... කෝපි මැෂිමේ කෝපිත් තිබෙනවා.. තෙහෙට්ටුව නිවාගන්න... මෙන්න ලීසාට වූ පොරොන්දුව... මේක ඔබගේ, මෙය ඔබ තබාගන්න..."
"අනේ ඔබ හරිම කරුණාවන්තයි... මට කණගාටුයි... මට කණගාටුයි.... කරුණාකර මාව එක් වරක් වැලඳගන්න...."

"පුප්ඵානි හෙ'ව පචින්නතං - බ්‍යාසත්තමනසං නරං
අතීත්තං යේව කාමේසු - අන්තකො කුරුතේ වසං"
පඤ්චකාමයන් නැමැති මල් පමණක් රැස් කරන්නා වූ, විශේෂයෙන් එහි ඇලූණු සිත් ඇති මිනිසා, ඒ කාමයන්හී තෘප්තියට නොපැමිණ සිටි කල්හිම, මාර තෙමේ තමාගේ වසඟයට ගනී.
- ධම්මපදය: පුප්ඵ වග්ගය -
෴
෴
මම එක වෙන්න හිතාගෙන මේ කොමෙන්ටුව දාන්නේ. හරියටම තේරුනේ නැ කතාව නම්. සිංදුවත් අහන්න විදියක් නෑනේ ගෙදර යනකම්.
ReplyDeleteපස්සේ ආයේ මුල ඉඳල බලල අදහසක් දාන්නම්
නිමිත්ත...
Deleteනිමිත්ත බැලුවම අදහස හිතාගන්න පුළුවන්. තිස්ස අයියා වෙනස් පැත්තකින් බලල ලියල තියෙනවා
Deleteසුපුරුදු පරිදි සිංදුව නම් මුලින්ම ඇහුවේ අදමයි හෙහ් හෙහ්
සිත නිවන කතා.. හරියටම තේරුම් ගන්න නම් ඕඩියෝ එකත් අහන්න වෙයි වගේ.. දිග ඇරගන්න බෑ ඔෆීස් එකේ.. :)
ReplyDeleteනිවාගන්නටම වෙනව නිවන් යන්න නම් ;-)
Deleteපුෂ්ප වග්ගය නිසායි පන්සල් වල ඇඳ තිබෙන නාරිලතා රූප දැම්මේ...
පින්තුර උඩින් මවුස් එක එහා මෙහා කලහම කොහේ කොහෙ එව්වද කියා බලා ගත හැකි කල්‍යාණ්ජී!!
මේ ගීයේ පදවැල් ලියා තැබුවොත් හොඳයි තිස්ස, ගීයේ පදවැල් අමතක නිසාත් ගීය ඇහෙන විදියට වචන වෙනස් විය හැකි නිසාත් පදවැල් මෙහි තිබුණා නම් වඩා හොඳයි. ජය.
ReplyDeleteඔව් හොඳයි... ඒක කමෙන්ටුවක් හැටියට දමන්නම්
Deleteසිංදුව තේරුනා. කතාව ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරුනේ නෑ. කීවත් වගේ ගී පද වැල දැම්මා නම් හොඳයි කියලත් හිතුණා. :)
ReplyDeleteවිසංඛාර ගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා :-)
Deleteනිකං රොබෝ කෙනේක් කතා කරනවා වගේ දැනුනේ..
ReplyDeleteඇත්තටමත් රොබෝලා තමා මගෙහිතේ දේශ්!
Deleteටියුබ් ලයිට් එක නිවි නිවී පත්තු වෙනවා.
ReplyDeleteපොදු අත්දැකීම් වෙන්න තියන ඉඩ කඩ අඩු හින්දයි ඒ අපහසුව...
Deleteවිශේෂ දේවල් නමුත් හිත රිදෙන දේවල්...
තිස්ස අයිය තවත් දූවිල්ලෙන් වැහුන මිණි කැටයක් නැවත ඔප දාලා.අයිරින්ද අල්විස් මා ප්‍රිය කරන ගායිකාවක්. කතාව ලස්සනයි .
ReplyDeleteසින්දුව ලස්සනයි...
Delete"ආශා"ත් එක්ක යුගදිවි ගෙවන හැමෝම එයින් මිදෙන්න ඕනේ කියන එකයි මට හිතුනේ
වෙනදට වඩා වෙනසක් දැනුණා. :)
ReplyDeleteෆොන්ට් කලර්ස් තුන!
රතු ෆොන්ට් ගැන දුකයි. කළු ෆොන්ට් මහත්තයා මහත්තයෙක්. ජීවිතේ මෙහෙම තමයි. මිනිස්සුන්ට කොච්චර හොඳට ඉන්න පුළුවන් ද, උවමනා නම්?
සිංදුවට වඩා හිත ගියේ කතාවට. ඒක මගේ දුර්වලකමක්. සිංදුව වෙනම අහන්න ඕනෑ.
ස්තුතියි තිස්ස.
හපොච්චියේ එහෙමනම් අයියා ආවා ආයෙමත්..!
Deleteමනුස්සකමට හිත නැවෙන එක දුර්වල කමක් වෙන්නෙ කොහොමද සත්‍යා අයියේ...
මේ ඔක්කොම එකට පැටලිලා, බේරුම් කරගන්න ඇහැකි හිතෙන් එළියට ගිහින් හිත දිහා බලන්න පුලුවන් හිතකට...
"සසර පුරා සරණ තුරා - දුවන පනින දඟලන හිත - දමනය කර සුවපත් වෙයි - නුවණක් ඇත්නම්"
මේක නිකං ටිකක් බර වැඩියි වගේ.
ReplyDeleteඑනිවේ ඔන්න මගේ කොමෙන්ට් එකක්.
බරට කදේ රැගෙන යමී මං
Deleteවට්ටි පුරා කමෙන්ට් දමා ඇවිද යමී මං
ස්තූතියි මල්ලී!! :-)
නාරිලතා රූප ටික ඔක්කොම අරන් තියෙන්නේ දකුණු පළාතේ හා ආසන්න කළුතර දිස්ත්‍රික්කේ විහාර වලින්නේ
ReplyDeleteඒකනේ වැඩේ...
Deleteලංකාවම කාලාගාරයකි!
හෙළ බස ඔබ අත මැටි පිඬක් වැන්න. හිතු හිතු හැඩයට නෙක රටාවට ලියවෙන.
ReplyDeleteකවියක් කතාවක් දෙවරක් කියවා තේරුම් ගන්නට මට සිදු වෙන්නේ ඉතාම කලාතුරකින්. මේ ඒ කලාතුරකින් දකින ආකාරයේ ලියවිල්ලක්.
දෙතිස් කුණප.....
දැට් ඉස් එ සීරියස් කම්ප්ලිමන්ට්...
Deleteමේ ඇත්දැකීම් දුවන්නේ කුඩා කුලකයක
ඒ කුලකයේ එක් පසක් දෙතිස් කුණප සතපවනවා... අනෙක් පිරිස ජීවිකාවක යෙදෙනවා...
ඒ අතරතුර හැමට පොදු සිද්ධිත් හමුවෙනවා...
කතාව නොතේරුණත් ලස්සනට ලියල තියෙනවා. ඒ වගේම ගීතය ඇහුවා. මාර ලස්සන හඬක්. මම අදමයි ඔය සින්දුව ඇහුවෙ :). ඉතිං සිංදුව ගැන හොයල බැලුවම අයිරින් දි අල්විස් කියන ගායිකාව තමා ඒක කියල තියෙන්නෙ. තිස්ස අයියට පිං සිද්ද වෙන්න මට එතුමියගෙ තව සිංදු කිහිපයක්ම හොයාගන්න පුළුවන් උනා.
ReplyDeleteඔබට ස්තුතියි.
ජය වේවා!!!
දෑස පා සිනා කියපු රහස තේරුණා...!!
Deleteතරහ අවසර; හරියට ජපන් සෙන් කතාවක් වගේ යටි අරුත වටහගන්නට කල් ගිය නෙව
ReplyDeleteසුසර කරගන්න ඩිජිටල් තාක්ෂණය ඕනෑ
Deleteඅතින් කරකවන මීටර් වලින් අමාරුයි මේක අල්ලගන්න :-)
මම ඒත් කල්පනා කලේ මොකක්ද මේ භාෂා ශයිලිය කියලා.ගූ ගල් දෙයියො පරිවර්තනය කොරලා වගේ.. ඒත් නිමිත්තෙන් සැක දුරු උනා.මේක තමයි හරියනම හැසිරවීම.
ReplyDeleteමේ පැටලිලි ලෙහාගන්න නම්..
හෙහ් හෙහ් හෙහ්...
Deleteමේකට හැඟීම් වලින් මස් පුරවන්න ගියානම් ජී එල් මේකත් "අර" කථාවක්ම වෙන්න තිබ්බා..
මස් වියැලී, නහර වියැලී, ලේ සිඳුණු, ඇට සැකිල්ලම තිබ්බා කමටහනක්ම වේවා කියල...
පෝස්ට් එක කියෙව්වා, සින්දුව අහන්න උනේ නැහැ තිස්ස අයියේ. කොන්දේ අමාරුවක් නිසා බේහෙතක් ගන්න වරුවෙන් ඕෆ් වෙලා යන්න කියල හදන්නේ... තෙල් බෙහෙත්, පත්තු. හෙහ්...
ReplyDeleteසුව වී පැමිණි පසු ගීතය අසාම ඒ ගැන කතා කරමු...
හ්ම්ම්ම්. ඔබේ බසේ වියත් බව නොවෙන්නට මෙය අමු කුනුහරුපයක් වීමට ඉඩ තිබුනා
ReplyDelete