බෝසත් ගුණ ‍රැසින් යුත් මගේ පියුබන්ද...

බෝසත් ගුණ ‍රැසින් යුත් මගේ පියබන්ද...
මාවෙත් ඔබ එවූ පත ‍රැස් විරි ඉන්ද...
ඒ සිත් මහද සර ‍රැඳි සිරි පිරි කුන්ද....
පෑපත් කලේ හමුවට තත් එක බන්ද....

මනහර නුඹෙ පවර සිරි පිරි වත තඹර....
බොහො වරෙකින් නුදු‍ටුයෙන් මා නෙත් ඹමර...
කරදර කර හඬන විට නලවන අයුර...
නොවිසිර මට වහා දන්වන්නේ විතර....

පෝසත් නෙක සතර සිරි නැණ ගුණ කන්ද...
බෝසත් කිවි බසින් තොස කල මැති සන්ද....
ඒ සිත් මවෙත එවූ පත බස් බැඳි නන්ද....
මා සිත් අරම තුල විය දිවි එක බන්ද...

ඔබ දැන්වූ විලස මා වෙත දිනෙක පෙර...
එන මෙන් සිත සිතා පසුවෙමි දැන් නිතර....
නැතියෙන් අවසරක් වැඩි බැවිණි කරදර....
සතුටින් දැනුම් දෙමි යලි ඉඩ ලැබුණු වර....

එහෙනම් ටික දිනක් යන්නට පෙර යෙහෙල...
අවුදින් මෙහි යතොත් ඉන් සිදුවන සඵල....
මුවකින් මට කියා ලිය නොහැකිය මෙකල...
අමවන් එබස් සිහිකර වැඩ කලොත් දුල...

එන සෙනසුරු දිනෙහි ඇලපාතට පවර...
එන මෙන මහද පවතී අදහසක් තිර....
පිනවන සොබන මැති සඳ සිටියොත් මැදුර...
මන මෙන සතු‍ටු වෙණු හැකි සැම කුකුස් හැර...

ගීතය අහන්න... ඕන්නම් බාගන්න [download]...

ගායනය එඩ්වඩ් ජයකොඩි හා නන්දා මාලිනී...

23 comments :

  1. බෝසත් ගුණය නුඹ සිත නිති දැක්ක
    ලියනා පදය බැන්ඳද ම'හද නිතර
    කරනා කියන දේ ඉටු නොවෙනා කලට
    ලියනා දේද සුළඟට යනවා සබඳ

    ඇලපාත මුදලියි - ගජමන් නෝන යි ද අයිය මේ...

    කවදාවත් අහල නැහැ නෙ මම....

    ReplyDelete
  2. ගෙදර එන්න ලගයිනෙ.. නේද තිස්ස අයියා......? හිකිස්.......

    ReplyDelete
  3. 'මනහර නුඹෙ පවර සිරි පිරී වත තඹර
    බොහො කලෙකින් නුදුටුයෙන් මා නෙත් තඹර'

    කවදද තිස්ස අයියා ඔය පද දෙක කියන එක නවත්තන්නේ... මම නම් පළවෙනි විවාහ සැමරුමට දෙසැම්බර් 16 ලංකාවේ...

    ReplyDelete
  4. පික්ෂු හැ‍දෙනවා තිස්ස අයියා, කොහෙන්ද මේක හොයාගත්තෙ..?? මම අහලම නෑ..

    ReplyDelete
  5. ලස්සන ගීතයක්.. ස්තූතියි!

    ReplyDelete
  6. හප්පා.................. අර ලියුම් කවරෙයි පැන්සලයි ෆෝන් එකයි අරං දුවන් එන්නේ කවුද හැබෑටම? කෝ උඩු රැවුල?

    ;)

    ReplyDelete
  7. ගජමන් නෝනා ගැන මතකය කෙසේ වෙතත්... කැල්කියුලේටරය, පැන්සල් හා කවරයේ බහාලා ඇති ලියුමක්... මතකයට ආවේ සුලා මලයා මගේ පොස්ට් එකකට දාලා තිබුණ කොමන්ට් එකක් ගැන.

    http://galmal.blogspot.com/2010/10/blog-post.html

    ReplyDelete
  8. ගෙදර ගිහින් අහලම කියන්නම්කෝ කොහොමද කියල . .

    පේන විදිහට නම් අහලවත් නැති එකක්

    ReplyDelete
  9. හරිම ලස්සනයි ,මෙවන් දුර්ලභ ගීයක් අහන්න ලබා දුන්නාට ඔබට බොහෝ පින් ....!

    ReplyDelete
  10. අපූරූ ගීය. තිස්ස, මෙය අපට අහන්නට සැලැසූ ඔබට පිං.

    ReplyDelete
  11. අයියේ වැඩ වලින් හිරවෙලා. පස්සේ අහලම කොමෙන්ටුවක් දාන්නම්.

    ReplyDelete
  12. බොහොම පින්.

    ගජමන් පුවත නාට්‍යයේ අනික් ගීත සමහරක් නම් විටින් විට නැවත පටිගත වුණා. නමුත් මේ ගීතයේ නම් මම අහල තියෙන්නෙ මේ තැටිය විතරයි. අනිත් ගීත වලත් මුල් පටිගත කිරීම මේ වගේම දුර්ලභයි.

    මේ ගිතයේ විතරක් නෙමෙයි, දයානන්ද ගුණවර්ධන මහත්තයගෙ ගොඩක් නාට්‍යවල සංගීතය රෝහණ බැද්දගේ මහත්තයගෙ.

    ReplyDelete
  13. හරිම ලස්සනයි....සෑහෙන්න දුර්ලභ ගීතයක්.....බොහොමත්ම ස්තූතියි.....

    ReplyDelete
  14. දුර කතර වෙසෙනා,
    සබඳ තිස්සය නමිනා,
    දනු රිසිමි යෙහෙනා,
    පද රචක තෙමේ කවුදා,

    තිස්ස, දන්නවද මේ ගීයෙ පද රචකයා කවුද කියලා?

    නැත්නම් මේ ඇලපාත මුදලිගෙම කවිද?

    ReplyDelete
  15. සුන්දර ගීයක්..ලේසියෙන් හොයන්න නෑ වගේ...ගොඩක් ස්තුතියි තිස්ස අයියා///

    ReplyDelete
  16. කිව්වත් වගේ අහලා නැති ගීතයක් . .

    නන්දක්කගේ වොයිස් එකත් හෙනම ළාබාලයි වගේ .. .

    ReplyDelete
  17. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ආයේ මොනා කියන්නද අයියා.... උපරිමයි....
    අදමයි ඇහුවේ මේ ගීතය....මේවා දෙන්න ඉතිං අපිට ඉන්නේ වෙන කවුද ඉතිං....

    ReplyDelete
  18. @වත්: ඔය තියෙන්නේ නූතන ගජමන් ගේ තාලත් එක්කම...

    @අභීත: අනේ මන්දා බන්... ;-)

    @Jeew: නෑ ඒකියන්නේ හම්බ වෙත හැකිනෙව නේ අපිට...? එලස්

    @Buratheno: ඔව් බන් නැගලම යන එකක් තමා...

    @sameerausa: වෙල්කම් කීවා මලේ...

    @Randil: දුවං එන්නේ දොං සිරිසේන... මිනිහට ‍රැවුල නෑනෙව...

    @දුකා: උඹ අහලා නැති සින්දු...?!?!?!

    @Kumari: ජයවේවා..ආයේ එන්න මේ පැත්තේ...

    @නිලන්ත: ස්තූතියි නිලන්ත මහත්තයෝ...

    @priyantha එන එකත් මදැ අප්පා...

    @කිනිර: ඔබටත් බොහොම තුති උපන්දින තෑග්ගට... සහ තොරතුරු වලට...

    @Ravi:කිනිර මහත්තයා කියන විදිහට දයානන්ද ගුණවර්ධනයන් ගජමන් කවි ඇසුරෙන් හැදුවා වෙන්න පුලුවන... මගේ දැනුම නම් අල්පය රවි මහත්මයෝ...

    @තරුඅහස: තවමත් ලාබාලයි නෙව... ;-)

    @හසියා: වෙන කවුද...

    ReplyDelete
  19. මේක නම් මම මීට කලින් අහල නැහැ තිස්ස......හරිම අපූරුවට වචන හසුරුවමින් ලියලා තියෙන ලස්සන කවි පෙළක් නේද??

    @Randil : උඩු ‍රැවුල නැති වුණාට ඒ නහයමයි ;)

    ReplyDelete
  20. ඔන්න අද දෙපාරක්ම ගීතය රසවිඳලයි ලියන්නේ. හරිම අපූරුයි කාව්‍ය ආරකට ලියැවිච්ච සහ කියැවිච්ච ගීතය. වාද බයිලාවක වෙනත් හැඩහුරුවක්දෝ කියලත් හිතුනා. ඇත්තටම මීට කලින් අහලා නෑ. උපරිමයි. ඒ විතරක් නෙමෙයි අයියන්ඩි, පිංතූරෙන් දෙන අදහසත් එක්ක ගීතය සියුම්ව ගැලපෙනවා. එහෙම පිංතූර හොයාගන්න එකත් හැකියාවක් හරිය... අමුතුම රසඥතාවයක් තියෙන් කෙනෙක් බං උඹ අයියන්ඩි. ආව දොහක දොඩන්න දේ බොහොම බවයි පෙනෙන්නේ.

    ආව දොහක උඹ ලංකා පුර මෙවර...
    දොඩන්නට තිබේ දහසක් නැත ඉවර...

    ReplyDelete
  21. @කුෂාන්:
    ඒ සිත් මට දැනී හද නැග එයි මිහිර...
    හමුවී දොඩමු යහමින් මාගේ මිතුර...

    ReplyDelete
  22. @Ravi / @තිස්ස:
    ගජමන් පුවත පොතේ (ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන, 2001, රු. 160/=) මේ කවි ලිව්වෙ කවුද කියල සඳහනක් නෑ. නාට්‍යයේ සමහර කවි නම් ලිව්වෙ කවුද කියල යොමු (references) තියෙනවා. මේ කවි වල එහෙම දාල නැති නිසා මට හිතෙන්නෙ මේවා ලියල තියෙන්නෙ දයානන්ද ගුණවර්ධනයන් විසින්මයි.
    පහත පුරුක් බලන්න.
    http://220.247.209.129/gajaman-puwatha.pdf
    http://www.dayanandagunawardena.org/work/gajaman-puwatha

    @Ravi: හැබෑටම ඔබ ඉන්නෙ පැණිදෙණියෙද? මම වැඩ කරන්නෙත් ඒ කිට්ටුවම කම්මලක.

    ReplyDelete
  23. @කිනිර: ෂහ් හරිමා වටිනා ලින්ක් කිහිපයක් නෙව ඔබ එවා තියෙන්නේ... බොහොම තුති...
    රවීගේ ගමනම් කොහෙද මන්දා...හැබැයි දැන් ඉන්නේනම් මගේ හිතේ එහේ නෙමේ...!

    ReplyDelete

 
Blogger Wordpress Gadgets