මාළිගාවක රන් ලෙනේ....

මාළිගාවක රන් ලෙනේ....
හිමකුමරිය සේමා...
මා ලඟයි ඇය දැන් බිඳී...
අප වෙන්කල සීමා...
අප වෙන්කල සීමා...


අප හමුවී යළි වෙන්වූ....
පෙර දිනයේදී මා තැවුනා....
මතකයි... දවසක් දා...
පෙම් නගරේ... මල් වැරුනා...


කුරුළු පැටව් තුරුලුවෙලා....
අහස සිසාරා පියඹන දා....
පෙරදා විලස අපී...
හමුවෙමුදෝ පෙම් නගරේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න [Download]...

30 ප්‍රතිචාර:

Pali said...

d = r1 - r2 කරගන්න බැරිනම් අඩුමගානෙ d = r1 + r2 වත් කර ගත්තනම් වැඩේ ඉවරයිනෙ :)

තිස්ස දොඩන්ගොඩ said...

හහ් හහ් හහ්... පාලීයෝ මේ දවස්වල, d <<...<< r1+r2...

අභීත said...

මේ දවස්වල කොල්ලා පෙම් ගීමයි දෙන්නෙ ආ.......

Jeew said...

මාත් මේ බල බල ඉන්නේ....

හොඳා හොඳා ඔහොම යං....තිස්ස අයියගේ විද්‍යුත් ලිපිනය මොකක්ද දන්නෑ...?

තිස්ස දොඩන්ගොඩ said...

@අභීත: මට නාකයි ඈ...?

@Jeew: ඊරිසියා කරන්ට එපා අප්පලා... හෙහ් හෙහ් හෙහ්..
tissa1969@yahoo.com

සෝරෝ said...

හෆ්ෆේ කොල්ලගේ මූනේ තියෙන් පෙම් හිනාව........... :D

තිස්ස දොඩන්ගොඩ said...

මේං සොරෝ මල්ලියා...! මේ විභාගේ පොරි හැලෙන්න දුන්නද බං..?

මැණික්(සුළඟ) said...

Eucleadian distance එක පැත්තල තියලා වෙන විදියකට දුර හෙව්වොත් නරකද? අතාත්වික සංඛ්‍යාද දන්නෙත් නැහැනෙ.
මැණික්(සුළඟ)

තිස්ස දොඩන්ගොඩ said...

මැණික්(සුලඟ): දැන්නම් කොයියම්මහරි දුරක් තිබ්බද කියලාවත් අමතකයි...!

ගල්මල්-Coral said...

~ - වූ කල
මොටද මිනින්දෝරුවන්
:)

නිශ් said...

මේ දවස් වල D = 0 නේ

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

ඔන්න අදත් සිංදුව අහල ඉවර වෙලයි ලියන්නේ. අයියන්ඩිගේ පංතූර තේරීම නං උපරිමයි හො‍ඳේ...

Raven said...

මරු මරු.
දැන් ඉතින් ඉගිල එන්න තියෙන්නෙ පෙම් නගරය දිහාවට. :D

ඉලංදාරියා said...

ලස්සන් අසින්දුවක් අයියා නියමයි..හේ ...
"ප්‍රේමකතාවො......."

තරු අහස said...

අද දෙවනි වරටත් ගොඩවුනෙ ඔබේ අඩවියට.මුල සිටම පීරා බලන්න ඕන කියලා හිතුන නිසා අරුත් බර මට මෙතෙක් හමු නෙවුන ගීත කීපයකුත් මට හිමිවුණා.බොහොමයක් ගීත මගේ හිතේ නොයෙක් සිතිවිලි ජනිත කරා.දුක..සතුට..මේ අතරමැද මම දෝලනය වුනා.ලස්සන හෝරා කීපයක් මෙහි ගත කරන්නට පුළුවන් වීම සතුටක්.

෴ හසියා ෴ said...

තිස්ස අක්කට අයියා මේ දවස්ටිකේම චාටුපාර දනවා වගේ....හොදා හොදා....
නැතිවත් බෑනේ...ගෙදර ආපුවහම මෝල ගහක් ඇන්න පන්නන්න ගත්තොත් එහෙම නේද....(මෝල් ගහක් නැතිනම් ඉදලක් කොස්සක් ෂේප්.....)
හේහේහේ ඔයිට වඩා හොද නැද්ද කොල් පොල්ලක් දීලා කිව්වනම්
"සුදු හාමිනේ අපි කෝච්චියේ බදුලු යමුද එදා නුවර ගියා වගේ...."
හික්ස්‍ විත් ලොල්ස්

කිනිර said...

කාලෙකින් අහන්න බැරි වුන ගීතයක්. මතකය බොහොම ඈතට ගියා.

1979 විතර වගේ සින්ග්ලංකා ආයතනය ආරම්භයේදී එකපාරට එලියට දාපු කැසට් 25න් එකක මේ ගීය තියෙන්නෙ. ගීත ඔක්කොගෙම වගේ සංගීතය ටිකක් බටහිර ආරට හුරුයි. මේ ගීය ලිවුවෙ අජන්තා රණසිංහ මහත්තයා. ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයගෙ සංගීතය.

ටී. එම්. මහත්තය කියපු තවත් ගීතයක් ඒ ගමන් මට මතක් වුණා. හරිම සංවේදී වචන. ලිව්වෙ අජන්තා රණසිංහ මහත්තයා. ඒකටම හරියන සංගීතය කේමදාසයන්ගෙන්:
මා නෙත තවනා - දුක් පීඩා
ඔබයි සිතින් ගෙන ඉසිළුවේ..
මේ නිවසේ නැඟු සුසුමින්
ගෙපිල පහන් සිළු අඳුරු වේ
...
මා ඔබ හා යන - ගිරි දුර්ගේ
රන් පහන් ටැඹ - තව දුරයි
ජීවන ගමනේ - රණ මඩලේ
මගේ ජයබිම ඔබ ළඟයි
http://220.247.209.129/niwase.ogg

අර රතු පාටින් තියෙන පද වලින් කියන්නෙ නිවාඩුවකට ගෙදර ඇවිත් කියන එක වගේ. අනේ වාසනාවන්.

වෙනවට කියනව නෙමේ ... ඒත් බැරි වෙලාවත් පියොබන්ද පොඩ්ඩක් හිත රිදිල දුකෙන් ඉන්නව දැක්කොත් මේ සිංදුව අහන්ට සැලැස්සුවොත් සමහරවිට හරියයි.

දුකා said...

එදා අපි මරීනා ශොපින්ග් මෝල් එකට යද්දී අහ අහා ගිහින් ආපහු පාරක් බොක්කට වැදුනු එක දිගට සිය පාරක් විතර ඇහුවා කියපු සින්දුව ඔන්න ඔහොමලු එහෙනම් හදගී පොතට ආවේ ඈ . . එල එල නියමයි

තිස්ස දොඩන්ගොඩ said...

@ගල්මල්: ඔව් අප්පා....සහතික ඇත්ත...හෙහ් හෙහ් හෙහ්...

@නිශ්: absolutely correct.....

@කුෂාන්: ඉට්ටූතියි අප්පා ඉතින්...!

@Raven: සෝබමාන වේ සිහිල් මන්ද මාරුතේ...!!!

@ඉලන්දාරියා: තැන්කූ මලේ...

@තරු අහස: ඔහ් බොහෝම සතු‍ටුයි ගොඩවුනාට... ආයේ එන්න එහෙමනම්...

@හසියෝ: උඹටනම් පිස්සුම තමා හසියෝ...

@කිනිර: මහත්තයෝ ඔබත් මේ අඩවියට බොහොම හොඳ සම්පතක්... මගේ නොදැනීම ඔබ අතින් සපිරෙනවා... අවසන කියවන්න්නන්ට ගීය ගැන පසුබිමත් ඔලුවට යනවා...බොහොමත්ම තුති... "කම්මල" පැත්තේ ආ වෙලාවක හමුවෙමු....

රසික සූරියාඅරච්චි මහත්තයාගේ පියාගේ අභාවප්‍රාප්තවීම දන්නවායැයි සිතමි... අවසන් කටයුතු සඳුදා මකුලුදූවේදී - පිලියන්දල මහරගම පාරේ )

ගීයට බොහොම ස්තූතියි...මම අහලා තිබ්බේ නැ නෙව...
යෝජිත ප්‍රතිකර්මයත් මතු පාවිච්චිය සඳහා සු‍රැකිව තබාගමි...

තිස්ස දොඩන්ගොඩ said...

@දුකා: ඉතින් මේ සින්දුව මට නැවත හඳුන්වාදීමේ සම්පූර්ණ ගෞරවය යන්ට ඕනෑ උඹට... එදා ඉඳන් නිමිත්තක් නැතිව දාගන්නට බැරිවුන ගීයට නිමිත්ත ලැබුණා...උඹට ස්තූතියි...!!!

manik said...

It seems that you used "similarity measures". Fine.
Maenik(sulanga)

Grey said...

One of my all time favs. I love this song.
Thanks Thissa aiya.

Muthu Paba said...

Kawamadaaawath ahala nothibuna, lassanama lassana sinduwak.. Sthuthiyi !!

Thameera said...

අපි කොච්චර මේ සීමාවලට බැන්නත් සීමා නැති තැන ආතල් එකකුත් නැහැනෙ

Ansh Lucky Sri Jay said...

ඇත්තටම සුපිරි ගීතයක්..!!
ස්තූතියි තිස්ස අයියා අපිත් එක්ක බෙදා ගත්තට.

ජීවිතේමල් said...

වාසනාවන් ! :) :) :)
සතුට සෑනසුම තෙරුවන් සරණින් සදා රෑඳේවා !

sri said...

ඔයාට පුළුවන්නම් හොයලා දෙනවද මේ සින්දුව...plz....

එක යායේ කකා වැටී...
එකා වගේ එකට හිටී...
එක පවුලේ උපන් ලෙසින් කල ආරස්සා...
නාස් ලණුව දමනවාලු...
කරත්තයක බදිනවාලු...
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා...

Pali said...

Tissa, what's going on?? no post for a long ?????

mahima said...

anee mahaththayo ara amutu sindu kiyana sindu tika baganna widiyak set karala denna ko

තිස්ස දොඩන්ගොඩ said...

@මහිම: මෙතෙන්ට ගිහින් එකින් එක බාගන්න සොයුර...
http://www.divshare.com/download/11151774-2b6

Post a Comment

 
Blogger Wordpress Gadgets