කිසිවක් නොකියන, කිසිවක් නො අසන...

සුන්දර හැඟීමකින් තැබූ සටහන, මරණීය හැඟීමක් එක්ක වෙලෙයි කියලා, සටහන තැබූ වෙලේ නම් මට කොහොමනම් දැනෙන්නද...? අපි හැමෝම හිටියේ ඉස්කෝලෙත් විශ්ව විද්‍යාලයත් අතර ඉංග්‍රීසි පන්තියේ... මට මගේ ජීවිතය අරුත්බර කල නෙත් යුවල හමුවුනෙත් එතනදිමයි... ඒ කාලය හරිම සුන්දරම කාල වකවාණුවක් වුණා වුනා මගේ ජීවිතේම... මම බාගෙට කාපු රඹුටන් ගෙඩිය කටේ දමා ගත්තු මිතුරියත් හිටියේ ඒකෙමයි... ඒ අතරතුර මට තවත් අපූරු මිතුරෙක් මුණ ගැහුණා... මට වඩා බොහොම පෙණුමැති ඔහුත්, එතන පිපිච්ච තවත් ලස්සන මලක් නිසා කැළඹිලා හිටියේ... ඇයත් ඔහුත් දෙන්නම යන්න හිටියේ එකම විශ්ව විද්‍යාලීය අධ්‍යයණ අංශයකට... ඒ කාන්තා චරිතයේ අමුතුම ගති සොභාවක් තිබ්බ, සඳ වැනි උවනට අමතරව... මොකද්දෝ සඟවා ගත්ත ගුප්ත කාරණයක් හින්දා, අමුතු නිස්සද්ද ගතියකින් ඈ හිටියේ... සුන්දරම ගනයේ සිනහවක් තිබුණු ඈ, අපි හැමෝම කොක් හඬලා හිනාවෙනකොටත්, අත් දෙකින් මූන වහගෙන යන්තමින් හිනාවෙණවා විතරයි... මෙ ගීතයේ මුල් පදයේ ඇති නම වෙනුවට, ඇයගේ නම කදිමට ගැලපුණු නිසා, ඒක දාල ඇගේ සමරු පොතේ මම එය සටහන් කලා....

මගේ මිත්‍රයා හඬා වලපුණත්, නොකා නොබී හිටියත් ඇයගේ හිත ගලක්වාගේ තිබුනේ.... මා මිත්‍රයා පිස්සෙක් කරන්නට සමත් වුනේ, පාඨමාලාව අවසන් වෙන්න ලංවුණහම ඈ වෙනෙකෙකු ‍තෝරා ගැනීම නිසයි...මේ උමතුව මගේ හිතත් කම්පා කලා ඒ දිනවල... මම දවසක් ඔහුට දෙකක් අනින්නත් ගියා, ඉවසාගන්න බැරුව මේ අඳෝනාව... ඇයි දෙයියනේ පිරිමියෙක් වැලපෙන එකේ සීමාවක් තියෙන්නෙ ඕනෑ නේද...?

කොහොම නමුත් තුන්දෙනාම එකම අධ්‍යනාංශයට ගිහින්, දරුණු ගණයේ පාඨමාලවක් වන එය, ඉහලින්ම කරගෙන එයට අදාල වෘත්තියේ නියලෙන්න ගත්තා... මේ වකවාණුවේදී මට ඔවුන් තිදෙනා ගේ අන්තර් සම්භන්ධතාවය ගැන හරි හැටි තොරතුරක් ලැබුණේ නෑ... නමුත් මගේ මිත්‍රයා බලා ඉඳලා ඉඳලා තමන්ගේ දුරින් ඥාතියෙකු විවාහ කරගත් බවත් අනෙක් දෙදෙනාත් විවාහ වූ බවත් දැහනගත්තා... ඛේදවාචකය වෙන්නේ මගේ මිත්‍රයාගේ බිරිඳට පලමු දරු උප්පත්තිය වෙලා, රෝහලේ සිට අම්මටත් දරුවටත් ඇඳුම් ගෙනියන්න, ඔහු ගෙදර ආ වෙලාවේ... ‍රැක සිටි නන්නාදුනන්නන් උණ්ඩ හතක් ඔහුගේ හිස හරහා යවනවා, කුලුඳුල් දරුවගේ මුහුණ බලාගන්නම ඉඩක් නොතබා...

කිසිවක් නොකියන, කිසිවක් නො අසන, මුණිවත රකින ලඳුනි පබා...
කල්පිතයක් මැද තනිවූ පමණින්... මුව ගොලු ලා ගෙන හිඳිනු එපා..

කියාගන්න බැරි, දහසක් දේ ඇත ජීවිතයට...
හිතා ගන්න බැරි, දහසක් දී ඇත ඔබ අප වට...
එනමුදු කුමුදිනි... ඔබේ සිතත් මගේ සිතත්, එකම එකක් කළ අපට රහස් නැත...
මුව'ගුලු ලාගෙන හිඳිනු එපා...

තනිවුණු මොහෙතක, කුණා‍ටුවක් මැද සාගරයක..
එක් වුණු මොහොතක, තරුවියනක් යට මල් යායක...
ඉඳුනිල් ලෙළැසියෙ...
ඔබේ සිතත් මගේ සිතත්, එකම එකක් කළ අපට රහස් නැත...
මුව ගොලු ලාගෙන හිඳිනු එපා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

36 comments :

  1. මුණිවත රකින උදවිය අදුරගන්න හරිම අමාරුයි කියල මම කලිනුත් comment එකක ලීව වගේ මතකයි. කෑගහල සින්දු කියල තාලයක් නැතිව නටන දඟලන අය හඳුනාගැනීම පහසුයි...

    ගිතය ගැන සතුටු වෙන්න බැහැ.

    ඒ අයියගේ යහළුවගේ අකල් මරණය අපි කාටත් දුකක් නිසා...

    ReplyDelete
  2. මම මේ පදපෙළ කියවලා ගීතය අසද්දි වෙනමම කතාවකුත් මේකෙන් දැක්කා තිස්ස අයියා. ප්‍රේමයෙන් බැඳුන දෙදෙනෙක් සහ පෙම්වතා ගැන සැකයක් වැනි දෙයක් සිතීම නිසා ඉන් කල්පිතයක් මවාගෙන ‍මුනිවත රකින යුවතියක් සහ ඉන් පීඩා විඳින පෙම්වතෙක්.

    මිතුරා පිළිබඳ සටහන සිත සසල කලා..

    ReplyDelete
  3. Apoi deiyane... :(
    Seriously I'm very much shocked to about the thing happen to your friend.
    We all die someday but on such a day.... :'(

    ReplyDelete
  4. හ්ම්ම්ම් ! අර වත්සලා කිව්වා වගේ නිහඬව ඉන්න අයව තේරුම් ගන්න හරිම අමාරුයිනෙ තිස්ස අයියේ..හිත ඇතුලේ මොනා තියාගෙන ඉන්නවද කියලා දන්නේ කොහොමද ? වක්කඩ කැඩුව වගේ කියවන අය කණ්නාඩියක් වගේ කියනවනෙ..

    මොනා උනත් අර සහෝදරයට උන දෙය අහපුවම පුදුම දුකක් දැනුනේ...

    ReplyDelete
  5. මෙතනින් තවත් තොරතුරු සොයා ගත හැකි.....

    ReplyDelete
  6. තිස්ස අය්යෙ, මම ඔයාට ලියන්න හැදුව විතරයි මම මේ ඛේදවාචකය වතාවක් මීට කලින් අහල තියෙනව කියල.. මම මතක් කර කර හිටියෙ ඒ කොහොමද කියල විතරයි..
    සින්දුව ලස්සනයි... ඒත් විඳින්න පුළුවන් සංවේදි හිත ඔයා උදුරගෙන.... ඛේදවාචකයක් සමගින්..

    ReplyDelete
  7. ලස්සන ගීයක් ..හිතට දැනුනා

    ReplyDelete
  8. එනමුදු කුමුදිනි... ඔබේ සිතත් මගේ සිතත්, එකම එකක් කළ අපට රහස් නැත...
    මුව ගොලු ලාගෙන හිඳිනු එපා..

    meka thama aasama kella

    ReplyDelete
  9. සටහන හිතට දුකක් ගෙනාව අයියේ....

    ඒත් කොයි දේකත් දෙපැත්තක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ.......

    ගීතයනම් වෙනදා වගෙම කලින් ඇහුව එකක් නෙවෙයි........ හිතට ටිකක් මහන්සියි වගේ අයියෙ...... මේ බ්ලොග් වල එක දිගට දකින්න වුනේ හිතට දුකක් ගේන සිද්ධි.... පරාජිත ප්‍රේමයන්..... නාදුනන ඒ හිත් වෙනුවෙන් ඇහැට කඳුලක් ආව... සමා වෙන්න අද නම් ගීතය රස විඳින්න බැරි වෙයි.......

    ReplyDelete
  10. නාඳුනනා වෙඩික්කරුට
    ඔබ තවත් රුපියලක්
    කිරි පුසුඹ විහිදන ඈස් නොඈරිය කිරි බිළිදාටත්
    ආදරයේ තිළීණය දෝත දරා ගත් භාරයාවටත්
    ඔබ මහා මෙරක්
    කුළුදුලේ ලත් පැතුම
    ගෙවදින සතුට
    විදින්නට නොදීම
    පතොරම අරක්ගත් හදවත
    රුදිරයෙන් නොව
    මිනිස්කමින් පිරී ගිය බව දැක
    ඉකි ගසා හැඩුවේය පතොරම,
    කල වරද සිහිකර

    නාදුනනා ප්‍රිය සබද
    ඔබ වෙනුවෙන් මගේ පැතුම
    මේ (නො)මිනිස් ලොව නැවත නොයිපදේවා ....

    ReplyDelete
  11. පූර්විකාව අපේ හිත් ගොඩක් ඈතට අරන් ගියත් , ආපහු ආපු හිත , මේ පබා ලවා වචනයක් කතාකරවී‍මේ නොයිවසිල්ලෙන් හනි හනික ගලා යන මේ ගීතය ළඟ ම නතරඋනා.
    වෙනදාතරම් පූර්විකාව ගැන යමක් ලියන්නට සිත් නොදී හෝරා ගනනාවක් ම ගෙවී ගියා. එය තවත් අමානුෂික දුක්බර "සත්‍යකතාවක්" නිසා , ඒ ගැන කතා නොකරම හිඳින්නම්.

    -ජය

    ReplyDelete
  12. @Wath

    "ඉකි ගසා හැඩුවේය පතොරම,
    කල වරද සිහිකර"

    නියමයි !...

    ReplyDelete
  13. තිස්ස උඹ මේ කිව්වෙ වසන්ත ගැනද? මචෝ ඌ මගෙත් එක්ක එකට ශිල්ප කළ එකෙක්නෙ. උඹ කියන්නෙ වසන්ත ගැන නම් මේ සිද්ධිය මගෙත් හිත හොඳටම කම්පා කළ සිද්ධියක්. ඌ හරිම අහිංසක කොල්ලෙක්.

    ReplyDelete
  14. @පාලි: ඔව් පාලි ලක්ෂයකින් හොයාගන්න බැරි කොල්ලෙක් ... මා එක හරිම කිට්‍ටු සම්බන්ධ කමක් තිබුනේ... කවුරු මොකකට මේක කළාද කියලා අදටත් අභිරහසක්.... අර ත්‍රිකෝණ ප්‍රේම කතාවේ දිගුවක් නොවේවා කියලා හිතනවා...

    ReplyDelete
  15. අඩේ මචන්. . මම මේ සිංදුව දාපන් කියලා උඹට කියන්න ඕන කිය්ලා පෙරේදා හිතුවා . ..

    උඹට ටෙලිපති තියෙනවාද බං???

    ReplyDelete
  16. මචං පුංචි නිවැරදි කිරීමක් කළොත් හොඳයි කියලා හිතුනා.

    "මුව ගොලු" නෙවෙයි මට හිතෙන්නෙ හරි වචනය. ඒක "මුවගුලු" වෙන්න ඕනෙ නේද??

    මුව(mouth) + අගුලු (lock) = මුවගුලු

    ReplyDelete
  17. ඉංග්‍රීසි පන්තිය............ නෙත් යුවල........රඹුටන් , මේ වචන මගේ පැරණි මතකයක් අවදි කලා. බස් එකේ ගිණි ගන්න හදවත උඩ තිබුණු මගේ බෑග් එකේ තිබුණු රඹුටන් තැම්බිලා තිබුණා. පන්තියේ හැමෝම රඹුටන් තැම්බිලා කියල කියුවත් කෙනෙක් විතරක් ඒ ඔක්කොම ගෙදර අරන් ගියා. මගේ හදවත නම් ප්‍රථම ප්‍රේමයෙන් සිසිල් වෙලා තිබුනා. ඒත් ඒ සියල්ල කෙටි කලකින් මැකී ගියා. තවමත් අදුරු රැයකදි විරහ ගීයක් අහගෙන ඉන්නකොට දැනෙන හැගීම තේරුම් ගන්න අමාරුයි.

    මතකය නම් වු මලපොත පෙරලා මල ගිය ඉයෙ සිහිපත් කල මැන පතු පතුම් අත් මිට මොලවා ගත් දැතෙහි දසැගිලි දිග හැර ලනු මැන එහි මොනවද ඇත්තෙ . . . කිසිත් නැත හිස් බවකිය ඇත්තෙ . . . .

    මේ කතාව මගේ හිතට දුකක් එක් කලා.

    ReplyDelete
  18. ගීතය අසන්නට පෙර පූර්විකාව රූපමවයි කාලය අපස්සට කරකවමින්. දින ගනනාවක සිට මින් විසි වසකට පෙර අහිමි වූ ඉතා සමීප රොත්තක් ගැන හිත වැලපෙයි (උන්ව ගලවාගන ගත් උත්සාහයන් ව්‍යාර්ථ වුනේ ඇයි ද යන්න අදටත් පිලිතුරු නැති ප්‍රශ්ණයකි මට). ඒ උන්ගේ උණු ලේ පුදා සුරැකි පිරිසක් උන් නිසාම සුරැකිය යුතුව ඇති, උන්ගේ සිතුම්; ලෙව පැරණිම රැකියාවේ යොදවමින් වැජෙඹෙන නිසා ම වෙන්න ඇති.

    සිත්පිත් නැති උණ්ඩය ඇයි හැම විටම වැරැදි පැත්තට යන්නේ... මගේ සුපුරුදු ප්‍රශ්ණය නැවත නැවත වතුරේ හංගන රබර් බෝලයක් වැනිය, ඒත් ඒ යකා යන්නේ ගැස්සීමෙ බලයක තල්ලුවෙන්ම...

    සොයුරිය වත් ඔබේ සිතේ පිපුණ ඒ කව් මල නාදුනන සොයුරාට උපහාරයක් වේවා!

    ReplyDelete
  19. මගේ සිතට ආපු මුල් අදහස සමකෝණී ත්‍රිකොණය වෙන්න ඇති කියා.

    කෙසේ වෙතත් තවත් නන්නාදුනන තුවක්කු කරුවෙක්... බුලට් කිහිපයක්... ලේ විලක්...

    ReplyDelete
  20. මෙතැන උණ්ඩ තුනක් තියනවා... දෙකක් එක සමානයි.... මගේ මිත්‍රයාට ඒක තේරුම් ගන්න බැරිවුනාද... පසුකාලීනව ඇගේ හිත මෙලෙක් වුනාද...? එය අපේ අනෙක් මිත්‍රයාට දැනගන්න ලැබුනද...? එහෙම නැත්නම් ඒ හා සමාන වෙනත් පලහිලව්වක්ද...? නන්නාඳුනන තුවක්කුකරුට වැරදීමක් වුනාද...? රාජකාරියේදී අවංක කම නොම්මර එකට තැබු ඔහුගෙන් ජාවාරම් කරුවන්ට වෙන අලාභය දරාගන්න බැරිවුනාද...?

    පසු ගිය නිවාඩු කාලයේදී මම ඇයටත් ඔහුටත් කථාකලා අවුරුදු දහටකට විතර පස්සේ... ඔය ගැන අහන්න හිත බල කලත් මමත් ඒ සම්බන්ධව මුව'ගුලු (ස්තූතියි පාලි) ලාගෙන හිටියා..

    මිත්‍රයාගේ බිරිඳ නැවත විවාහ වෙලා...

    ගීතය ලිව්වේ බණ්ඩාර කේ විජේතුංග.... සංගීතය හා ගායන සනත් නන්දසිරි.....

    ReplyDelete
  21. විත්ති කූඩුවේ තවමත් සාක්ෂි දෙමින් රජයේ නීතීඥයාගේ හරස් ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් හුන් XXXXXXXXXXXX නැමැති සාක්ෂිකරුවාගේ සාක්ෂිය අදාල නඩුවට කෙතරම් ගෝචරවන්නේදැයි පූර්වාපර සන්ධි ගලපමින් අසා සිටියෙමි….උක්ත නඩු නිමිත්තට අදාල මරණය ගැන ස්මරණයක යෙදෙන ඔහු තම විශ්ව විද්‍යාල සොයුරාගේ ජීවිතයත් ත්‍රිකෝණික ආදර බැඳීමත් පිළිබඳ යම් යම් කරුණු හෙළි කලද මේ මරණය විෂයෙහි විශේෂ වැදගැම්මකට ඇති යමක් ඔහුගේ මුවින් පිට නොවෙන බව පූර්ව නිගමනයකට එළඹුනෙමි…..


    ඒ කෙරෙහි මාගේ වූ උනන්දුව ගිලිහුණු තැන උසාවියේ ලේකම් තැන විසින් 1බී. ලෙස සන්න යොදා මාගේ මේසය මත තබා ඇති නඩු භාණිඩ එකින් එක පිරික්ෂීමි…පොලිතින් කවරවල බහා සීල් තබා තිබූ මූණිස්සම් හතක්,ලේ තැවරුණු බිළිඳු ඇඳුම් කිහිපයක් ඒ අතර තිබෙනු දිටිමි…..ඒ අතර වූ රෝසපාට ගවොම් පොඩියත් ඊට සරිළන ලෙස වූල් යොදා ගොතා තිබූ හිස් වැස්මත් පා ආවරණ දෙසත් බලා සිටියෙමි….ඒවා අල්ලා බැලීමට සිත්වූයෙන් එකිනෙක ගෙන ඇඟිලිතුඩින් ස්පර්ෂ කළෙමි.මැදැඟිල්ලේ කෙළවර වූ ස්නායුවෙන් පටන් ගත් රිදුම හදවත පසාරුකර මගේ ආත්මය සිසාරා ගලනු දැනුණි…මන්ද මා ස්පර්ෂ කළ සිඟිති ගවොමේ හරියටම ඉදිරිපස වූ පාට නූලෙන් වැඩ දැමූ හා පැoචාගේ රුව ලේ පැල්ලමකින් නැහැවී තිබෙනු දුටු නිසාවෙනි….ක්ෂණයෙන් ඒ අඩoගු දෑ බහාලූ පොලිතින් කවරය තිබූ තැනම තැබිමි..



    1 ඒ. ලෙසින් නම් කොට තිබුණු පොලිස් ස්ථාන භාර නිළධාරී පෙරේරා විසින් ලබා දී ඇති සාක්ෂිය වියරුවෙන් මෙන් පෙරළීමි…තමා පරීක්ෂණ සඳහා සිද්ධිය වූ ස්ථානයට යන විට, අවුරුදු 30-35ක් තරම් වයසවූ තරුණයෙකු ඔහුගේම යැයි සිතියහැකි මෝටර් රථය අසල වැටී සිටිණු දුටු බවත් ඔහු අත්වූ ස්ටෙතස්කෝපය නිසාවෙන් ඔහු වෛද්‍යවරයෙකු බව නිගමනය කළ බවත් ,ඔහුගේ හිසට මාරාන්තික වෙඩි උණ්ඩ කිහිපයක් වැදීතිබුනබවත් සඳහන් කර තිබුණි…



    2 ඒ. දාතමින් නම්කර තිබූ අධිකරණ මරණ පරීක්ෂක තැනගේ වාර්තාවේ සඳහන් පරිදි මීටර පනහක් හැටක් පමණ දුරක සිට තැබූ මූණිස්සම් හතක් ඔහුගේ සිරුරේ දක්නට තිබූ බවටත් සඳහනක් විය..



    ඇවසන ඒ කිසිදු සාක්ෂියකින් නඩුවේ කෙළවරක් සොයාගත නුහුණු තැන මම මාගේ සිතිවිළි සමඟ පොරබදන්නට පටන් ගතිමි..තරුණියකගේ ප්‍රේමය ඉල්ලා සිඟමන් යදිමින් වසර ගනණාවක් සිටි මේ මානවකයා විවාහ වූ පසුවවත් එම මානසිකත්වයෙන් මිඳිනට හැකිවීද??,ඇයගේ හදවත ඇතැම්විට ඇයගේ විවාහ ජීවිතයේ හැල හැප්පීම් නිසා(කිසිවෙකු නොදත් ) තව දුරටත් ගොළු වීද??,මේ සියල්ලදත් ඇයගේ සැමියා සියල්ල ඉවසාදරා සිටියාද..??,සීමා මායින් ඉක්මවා ගියේද..??,එසේත් නැත්නම් පවුලේ වෙනත් ආරවුලකට තරුණයාගේ ජීවිතය බිළිගත්තේදැයි යන කාරණා එකිනෙක ගැටෙමින් මනස වියවුල් කළ හෙයින් නැවත පියවි ලොවට පැමිණියෙමි..



    අද්වකාත් වරුන්ගේ හරස් ප්‍රශ්ණ අසා නිමවී ඇතිබවත් උසාවියම මා දෙස දෑස් දල්වා බලා සිටින බවත් දුටිමි..තවදුරටත් මේ අසහනකාරී පරිසරයේ රැඳීසිටීමට හිත තුළ වූ නොකැමැත්ත නිසාවෙන් නඩුව ඊළඟ මස 18ට කල්දමන ලෙසත් මීලඟ නඩුවාරයේදී නැවත සිද්ධිය ඇසින් දුටු සාක්ෂි කැඳවන ලෙසත් පොලීසියට නියෝග කොට, මේසයට තෙවරක් අතකොළුවෙන් තඩි බා නැගී සිටියෙමි…



    “උසාවිය…නිශ්ෂබ්ධ වනු..!”



    තෝල්ක මුදළිගේ ගෝරනාඩුවෙන් නැගී සිට උසාවිය සිසාර නොබැලූ නමුත් විත්ති කූඩුවේ තවමත් රැඳී සිටින මානවකයා දෙස නෙතඟින් බැලීමි…ඔහුගේ දෙනෙත් තුල උණුසුම් කඳුළු කැට දෙකක් නලියනුද දුටිමි..ඒ..කඳුළු කැට වනාහි ඔහුගේ මියගිය යහළුවා වෙනුවෙන්ද නැතහොත් ජීවත්වන්නවුන් උදෙසාද එසේත් නැත්නම් හුදෙක් මානව සoහතිය උදෙසාම පහළවූවක්දැයි හඳුනගත නොහී මගේ කුටියට වන්නෙමි..



    මේ ….



    සුලා…

    ReplyDelete
  22. මහමෙරක් වගේ ආදරයක් හමුවේ ගොළු වෙලා ඉන්න මුණිවත රකින්න ගැහැණුන්ට තියෙන්න අපූරු දක්ෂකමක් අයියේ...... ඒ ඇයි කියලා නම් අහන්න එපා. ඒත් ඒ නිහැඩියාව තියෙන්නේ ආදරෙත් එක්කම ඒ ආදරෙත් එක්කම ලැබේවි කියලා බලාපොරොත්තු වන විස්වාසය සහ රැකවරණය කියන දේ ගැන ඇගේ හිතේ ස්ථීර පවුරක් ගොඩනැගෙනකල් විතරයි.....

    අයියාගේ යහළුවා ගැන හුඟක් දුකයි.... ඊටත් වඩා තාත්තාගේ සෙනෙහස අහිමි උනු ඒ පුංචි දරුවා ගැන දුකයි.......

    ReplyDelete
  23. @ සුලා
    හරියට මමත් උසාවියෙ ඉඳන් ඔබ හිත ඈතුල බලන් හිටිය වගේ මට දැනුනා.
    සැබැවින්ම මෙයට ප්‍රේමය සම්බන්ස නැතිව ඈති කියල මම හිතනව.( එහෙම හිතන්න කියල හිත බල කරනව)
    හුදෙක්ම මෙය වෙඩික්කරුට වූ වැරදීමක් හෝ ගසාකන්නන්නේ කොන්ත්‍රාත්තුවක් වෙනවා නම්....
    ඈත්ත එළිවෙනවා ලූ. ඒත් මේ තරම් ප්‍රමාද වෙලා ත්...

    ReplyDelete
  24. @සුලා: තිස්ස සොයුරා හිත්පිත් නැති වෙඩි උණ්ඩ ගිලගත් සොයුරෙක් හා ලේවිලක් අප සිත් තුල ඇන්දා... ඔබේ උසාවිය හා නඩු ඇසීම ඊට දෙවැනි නෑ. මොහොතක් අතරමං කලා, අතකොළුවේ හඬ ද තෝල්ක මුදලිගේ ගොරහැඬි හඬ ද මන්දා ආපසු මෙලොවට ගෙනැවිත් අතහැරියා.

    ReplyDelete
  25. @සුලා: අද උදේම විශ්මි නංගි දෑස් තෙත් කලා... දැන් හිරු අවරට යන්න ලංවෙලා උඹ මගේ ඇහේ හිරවෙලා තිබ්බ එව්වා සූරලාම එලියට ගත්තා... කූඹියෙකුට වත් වරදක් නැති මිනිහෙක් බං... එදා සිද්ධිය වුනු දින රෑ මට රටින් එලියට යන්න තිබුනා.... මගේ ගෙදර උදවිය මට ඔය විස්තරය TV එකේ අහන්න නොදී මට නොදැනෙන්න වැලැක්වූවා... අහම්බෙන් මේ වෘත්තියේ නියැලෙන කෙනෙකුට වෙඩි තියලා කියලා කණ වැකුණා.... එවෙලෙම දුරකථන ඇමතුමක් ගත්ත මට උන්හිටි තැන් අමතක වුනා බං.... මටත්, CID එකටත් මේක තාම අභිරහසක්.....

    ReplyDelete
  26. @Wath,

    හිතවත් සොයුරි.....
    අර පුවත්පතේ සඳහන් වූ පරිදි එහි කිසිම සාක්ෂියක් ඉතිරි කොට නැති බවක් හැඟුනි...නමුත් මේ සිද්ධියට "ප්‍රේමය" නම් වූ දිව්‍යමය මනුෂ්‍යය භාවය හේතුවක් නොවේවායි උඹේ පැතුමට මමත් එක්වන්නම්...

    @ගල් මල් -Coral,

    ලෙන්ගතු සොයුරානෙණි...

    මගේ සිත තුල පෙරළි කළ ඒ සිතිවිලි දාමයන් විමසා නොබලා එළියට දැම්මේ මගේ සිත නිදහස් කරගත යුතු හෙයිනි..ඉදින්..සහෝ..මට සමාවෙයන් උඹගෙ ඔය ලස්සන සිත පාළු හැඟීමෙන් පුරවා දැම්මාට..

    මේ..

    සුලා..

    ReplyDelete
  27. හිතවත් තිසෝ....

    මම හිතුවා හරියට හරි ......උඹ කතාව කියාගෙන විත් එකපාරටම පබා කෙනෙක් ගැන කතා කලාම උඹේ හිතේ දුක හිරවී ඇති බවක් දූටිමි.....එනිසයි..උඹේ නිදන් ගත ඒ තුවාලය පාරා සැරව ඉවත් කරන්නට සිතුයේ....ඒ තරමටම මම උඹේ හිත හැඳිනුවා..කෙසේ නමුත් හෙට දින උදාවන නවදිනයේ හිතේ නිදහස් බවක් උඹට දැනේවි....මට විශ්වාෂයි.....


    "කියා ගන්න බැරි,දහසක් දේ ඇත ජීවිතයට...
    හිතා ගන්න බැරි,දහසක් දී ඇත ඔබ අපවට"..

    මේ..

    සුලා...

    ReplyDelete
  28. මේ සිද්ධිය අහලා තියෙනවා. තිස්ස අයියගෙ සටහනේ නොසන්සුන් ගතියක් තියෙනව අද. ඒත් එකට අකුරු කරපු සහෘදයෙක්ගෙ මෙවන් වූ වියෝවක් කොහොම සම සිතින් විඳින්නද?
    සුලා ලියන එව්වා අපූරුයි. එක පිම්මෙ කියවන් යතෑකි. අද නම් නිදියන්න දෙන්නෙම නැහැ. හැමෝම මරණය ගැනම ලියලා.(විශ්මිත්)

    ReplyDelete
  29. ඉතින් කැනඩාවේ ඉන්නවා කියලා පෙන්නුවට වෙලාව පාන්දර නේද...?

    ReplyDelete
  30. හිතවත් තිස්ස,

    ස්තුතියි, විහඟ ගී බලන්න ( අහන්න) අවාට, මම ඔබේ කැදල්ලටත් ගොඩ වුනා අලුත් දෙයක්.. තිබුන ගීත ටික ඔක්කෝම රස වින්දා.

    තිස්ස ඔබට මතකද මේ ගීතය,

    එදා මෙන්ම අද ඈත අහසේ
    පහන් තාරකා දිඳුළන මොහොතේ
    ඔබ මට පෙන්වූ කුරුලු පෙම්වතා
    කටරොලු මල් අතු අග සැඟවේ...

    මම ආසා කරණ සිංඳුවක්, හැමතැනම හෙව්වා
    පුලුවන්නම් හොයල බලන්න.. මම ඉතින් මේ පත්තෙ එන යන නිසා අහන්න පුලුවන්

    බොහෝම පිං

    සි.එස් බණ්ඩාරනායක

    ReplyDelete
  31. මේ සිංදුව නම් මම අහලා තියනවා.
    කථාව හරිම දුක හිතෙනවා.ඒක කියවගෙන යද්දිම මට පද ටිකක් ගැලපුනා..
    ඒත් එහෙම නොවේවා කියල හිතුව නිසා අද මෙතනින් ඒ පද ටික ලියන්නේ නැහැ.
    ස්තූතියි බොහොමත්ම..!!!වැඩ අධික අද දවසේ දී විනාඩි කීපයකින් කවියක් ලියවෙන්න තරම් සංවේදීව ලියපු මේ පූර්විකාවට.

    ReplyDelete
  32. සින්දුවනම් කැමතිම එකක්. පූර්විකාව හරිම සංවේදී සටහනක්.

    ReplyDelete
  33. හා හා එහෙනම් ඒක දැන ගත්තා... වෙන මොනවද ඉතින් දන්නෙ...

    ReplyDelete
  34. This is a realy sensitive song,Lyrics are great,but the best part is the melody as I think.

    ReplyDelete
  35. @TISSA - අර ත්‍රිකෝණ ප්‍රේම කතාවේ දිගුවක් නොවේවා කියලා හිතනවා.. that's a very bad and un-necessary comment on the living souls...I know them all very well - and ITS NOT AN EXTENSION OF THEIR OLD STORY. All 3 were very good human beings who does/did justice to their profession - don't even think about such a scenario.

    ** I heard certain stories about this murder from the news paper reporters-who were attached to criminal sections of their news papers (who were close to me those days - 'cos of a post i was holding) . According to them this act was done on a contract given by a notorious one (who was in the same profession), who is now a senior adviser to the POWERS of the country.

    **The alleged reason for the contract was that W has had an affair (sexual) with the culprit's wife - who was again notorious among the circles of that profession - (so we were expecting more deaths - 'cos she had a "list")

    **W's family, 'cos of the above reason/rumor didn't really follow up investigations - as i understand.

    **I haven't personnely verified any of above - but guess they shed reasonable light to this mystery.

    **We shouldn't be judgmental without knowing the facts as it can do more harm to living people.

    (DON'T TRY TO GUESS WHO I AM )

    ReplyDelete
  36. හිතවත් "සුවෙ"... තවමත් මේ හැංගිලා මෙව්වා ලියන්නේ කාට බයේදැයි නොදනිමි... මෙතන ඇත්තේ නොවේවා යන ප්‍රාර්ථනය පමණයි... කවි ලිව්වා කියා කයිවාරු ගැසුවාට සිංහල අවබෝධ කරගනීමේ ශක්තිය අඩු බව හැ‍ඟේ... වෘත්තීය ගැන උජාරුවෙන් කිව්වාට ඒ දරුවාට වුනු දේ ගැන සොයාබලන්න පසුවටවත් වත් ඔය වෘත්තිකයින් කවුරුත් නැති බව දනිමි... උනට පිහිට වුනේ නෑදෑයන් පමණි...

    ReplyDelete

 
Blogger Wordpress Gadgets